Categories
කාලීන

අපි වරද්දගන්න තැන.

රජයේ විශ්වවිද්‍යාල වලට යන හැමෝම රැග් කරන අය නෙවෙයි. ඒ වගේම ප්‍රයිවෙට් කැම්පස් යන හැමෝමත් මෝඩයෝ නෙවෙයි. උසස් පෙළ පාස් වුනා කියල ඌ මේ ලොකෙ ඉන්න ලොකුම බුද්ධිමතත් නෙවෙයි. උසස් පෙළ ෆේල් වුනා කියන්නෙ ඌ මේ ලෝකෙ වැඩ බැරි හරකෙකුත් නෙවෙයි. පොලීසියේ ඉන්න හැම එකාම පගා ගන්න උනුත් නෙවෙයි.

හැබැයි අපි මේ වෙනකොට හැම එකාවම ජෙනරලයිස් කරගෙන. දෙගොලෝලො දෙපැත්තට වෙලා ගහගන්න වෙලාවෙ බදු වැඩිවෙලා, කැලෑ වල ගස් කපලා, උෂ්ණත්වය අංශක 40ට නැගලා.

මේ වෙනකොට ජනාධිපතිතුමාට තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ රටට කෙලවෙලා ගියත් තමන්ගෙ බලය පක්ෂයේ තහවුරු කරගන්න එක. හිටපු ජනාධිපතිට තියෙන ලොකුම ප්‍රශ්නෙ මෛත්‍රීට කෙලවන එක. පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීලට තියෙන ලොකුම ප්‍රශ්නෙ මහින්දට ආරක්ෂාව සලසන එක. ජවිපෙට තියෙන ලොකුම ප්‍රශ්නෙ දිවයින පත්තරේට කොහොමහරි කෙලවන එක. රනිල්ට තියෙන ප්‍රශ්නෙ කොහොමහරි තව අවුරුදු තුනක් ෂේප් එකේ ආණ්ඩුවත් රැකගෙන, ඊළඟ ඡන්දෙන් ආයෙ එජාපය දිනවගන්න.

රටේ ජනතාව රටටම පොදු ප්‍රශ්න ගැන කතා කර කර වෙලාව නාස්ති කර කර ඉන්න අතරෙ, රටේ ප්‍රශ්න ගැන හිතන්න ඕනෙ එවුන් තමන්ගෙ බලය රැකගන්න එකට තියෙන බලපෑම් ගැන හිත හිත වෙලාව නාස්ති කරනවා.

මේක වෙන්න ඕනෙ අනිත් පැත්තට නේද?

3 replies on “අපි වරද්දගන්න තැන.”

“රටේ ජනතාව රටටම පොදු ප්‍රශ්න ගැන කතා කර කර වෙලාව නාස්ති කර කර ඉන්න අතරෙ”

Aththatama api katha karanne ratatama podu prashna ganada?? Na neda

මාත් නිකන් ජෙනරලයිස් කරන්න ගියාද මන්දා. කියන්න ඕනෙ වුනේ අපි අපේ වැඩක් බලාගෙන රටේ දියුණුවට දායක වෙන්නෙ නැතුව එක එක කතා වල නිකරුනේ වාද කරගන්නවා කියන එක. 🙂

රටේ නාලිකා වල යන වැඩ සටහන් ටික දැක්කාම හිතා ගන්න පුළුවන් නේද මිනිසුන්ට මෙහෙම පාලකයො ලැබෙන්න හේතුව? කිසිම වැදගැම්මක් නැති කතා කියන එක වීර කමක් කියල හිතන මිනිස්සු ගොඩ්ක ඉන්නවනේ. ඒ අයනේ වැඩි, ඒ වගේම මැටි පොලිස්ලා වැඩියි, ඒ වගේම රැග් ලැදි නූනත් රැග් එකට විරුද්ධව කිසි දෙයක් කරන්න ඕන නෑ කියලා හිතන අය වැඩියි. බලෙන් අනුගත කරවගන්න බලය යෙදීම හරි කියන තැනක තමා උගත් ය කියන පිරිසත් ඉන්නෙ. ඒ හැම එකෙකම තියන්නෙ සුලුතරය පුද්ගලිකත්වය සහ සුවිශේෂී බව පාගා දැමීම. එහෙම වුනාම බිහි වෙන්නේ නෑ අමුතු දේවල්, මොකද අමුතු දේවල් හිතන අයව ගෙදරින්, සමාජයෙන් විතරක් නෙවෙයි සරසවියෙනුත් කොන් කරනවා.
මේ රටේ සම්පූර්ණ පාලක යාන්ත්‍රණය පවතින්නේ එක්කෝ බටහිර වන්දනීය මිත්‍යාව උඩ නැත්තම් රාවණා, හෙල, දේව මිත්‍යාව මත, ඒවා කැමති කැමති අය ඒවා පිලි නොගත්තාට කමක් නෑ, ඒත් අමු අමුවේ විරුද්ධ මතය පාගනවා. පාගන්නේ තමන්ගේ කෙනෙක් නම් පෑගෙන්නේ උන්ගේ කෙනෙක් නම්, කටවහගන ඉන්නවා.
මෙහෙම දෙබිඩි ස්වයං වින්දනීය ජනතාවක් එක්ක මෙහෙමවත් රට තියන්නෙ එක්කො දලදාවේ, ජේසුගේ හෝ අල්ලාහ් ගේ පිහිටෙන්ම වෙන්න ඕන නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.