Categories
Social Media තොරතුරු තාක්ෂණය බ්ලොග්

බ්ලොග්?

මේක මේ සිංහල භාෂාව හා තොරතුරු තාක්ෂණය සම්බන්ද කතාවක්. දැන් උසස් පෙළටත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීම් කෙරෙනවා නෙව. ඔය අතරෙ මුනගැහෙනවා මෙලෝ රහක් නැති සිංහල වචන. උදාහරණයක් විදිහට ROM එකට කියන්නෙ පඨන මාත්‍ර මතකය. පඨන මාත්‍ර මතකය කිව්වම ROM එකක් මැවිල පේනවාද?

නෑනෙ.

වචනයක් වුනාම ඒකෙන් අර්ථ දක්වන රූපය මවාගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඉතින් ඒ මවාගැනීම පහසුවෙන තරමට භාෂාව සරල වෙනවා වාගේම ඉගෙනීමේ ක්‍රියාවලියත් පහසු වෙනවා.

අටවක පුත්තු පොතේ මෙහෙම තියෙනවා. [SPOILER ALERT]

රෙජින නෝන බයිසිකලයෙන් බැහැලා මං ලඟට ඇවිත් “ගං මෙහාට ඕකගෙ මැනික් කටුව” කිව්වා. ඔය මැනික් කටුව කියන්නේ අපේ ඇඟේ තියෙන විකාරම තැන. කකුලෙ එහෙම තැනට වලලු කර කියලා අතේ එහෙම තැනට මැනික් කටුව කියන්නේ මොකද? සිංහල භාශාව හදපු එකා භාශා විද්‍යාව මොනව දැනගෙන හිටියත්, පාශාන විද්‍යාව ගැන මොන මඟුලක්වත් දන්නෙ නෑ. ඒ විතරක්යැ. පෝෂන විද්‍යාව ගැන උගේ දැනුමත් ඔහොම තමයි. නැත්තන් අර කකුලෙ අහවල් තැනට බත් කෙන්ද කියයියැ? කකුලෙ කොහෙද බත්?

ඉතින් ඔය වගේ සිංහල භාෂාවේ සමහර වචන හරිම පැටලිලි සහගතයි. ඉතින් “බටහිර දැනුම” ඉගෙනගන්නවා නම්, මුලින් ඉංග්‍රීසි දැනුම තියෙනවානම් එතනින් එහාට ඒ දේවල් ඉගෙනගැනීම හරි පහසුයි.

වටින් ගොඩින් කියාගෙන ආවෙ මට මේ ළඟදි ඉඳලා “බ්ලොග්” කියන වචනය අල්ලන්නෙ නැතුව ගියා. සිංහල පත්තර වල “බ්ලොග්” ගැන ලිපි දැක්කාම කියවන්න හිතුනෙත් නෑ. බ්ලොග් වලට වඩා සරල සිංහල වචනයක් යොදාගන්න බැරිද කියන ප්‍රශ්නෙ තමයි මට දැන් තියෙන්නේ. මුලින් ඕකට “වියුණ” කියන වචනය පාවිච්චි කරමු කියල යෝජනාවක් ආවත්, ඒක එහෙම්ම නැති වෙලා ගියා. ආණ්ඩුවෙනුයි මයික්‍රොසොෆ්ට් එකෙනුයි එකතුවෙලා මුද්‍රණය කරපු තොරතුරු සන්නිවේදන තාක්ෂණ වදන් මාලාවෙත්, බ්ලොග් කියන වචනය නිල වශයෙන් පිළිඅරගෙන තිබුනා. ඒත්… මේ බ්ලොග් කියන වචනය… සාමාන්‍ය පාඨකයන්ට ළඟා කරවන්න පුලුවන් වචනයක්ද කියලා හිතේ ප්‍රශ්නයක් තියෙනවා.

බ්ලොග්, බ්ලොග්කරුවෝ, බ්ලොග් ලියන්නෝ, බ්ලොග්කරණ තරගාවලිය වගේ ලියැවීම් ජුගුප්සාජනක (මෙලෝ රහක් නැති) හැඟීම් ඇති කරන්නේ මට විතරක්ද?

14 replies on “බ්ලොග්?”

ඔය බ්ලොග් කියන වචනේ ‘ලො’ කියන අකුර ලොප් කරලා ‘බොග’ කියලා දෑම්මොත් අවුල්ද?

ඉස්සර ඔය වචනෙ අවුලක් තිබුනෙ නැ බං. මේ ඔය බොග්* කාරයො ටිකම තමා වචනෙත් එක්කම එපා කරලම දැම්මෙ 😀

එක්තරා විදිහකට ඔය බ්ලොග් කියන වචනේ ප්‍රචාරය කරන්න දායක වෙච්ච එකෙක්ටම එහෙම හිතෙන එකක් ටිකක් අවුල් 😀

මට නං මෙච්චර කාලෙකට හම්බුන සිරාම වචනයක් තමා බ්ලොග් කියන්නේ.., ඕක නිසා මම ගොඩක් “මිනිස්සු” අඳුණාගත්තා..!

“උදාහරණයක් විදිහට ROM එකට කියන්නෙ පඨන මාත්‍ර මතකය. පඨන මාත්‍ර මතකය කිව්වම ROM එකක් මැවිල පේනවාද?

නෑනෙ.”

බ්ලොග් කියන එකට වෙන වචනයක් දැම්මම බ්ලොග් කියන එකක් මැවිලා පේනවද? නෑනේ!

සුදාරකට වගේක තව කාට හරි ROM කියන වචනේ අල්ලන්නැතිව ගියොත් මොකද කරන්නේ? පඨන මාත්‍ර මතකය කියනවද? 😉

මැවිලා පේන උදාහරණෙ දෙකටම අදාළ කරගන්න එපා. පූසා කියන කතාවෙ ඇත්තක් තියෙනවා තමයි. ඒත් මට මේ වචන දෙකම (ROM, BLOG දෙකට අදාළ සිංහල වචන) අල්ලන්නෙ නැතුව ගිහින් 🙂

පුහ් මෙයාට සැබෑ වෙනසක් වෙලා වගේ මොනවා නමුත්…..
මට කියන්න තියෙන්නෙත් අර මරේ උඩින් කියපු දේමයි. බොටත් ඔහොම හිතෙනවා නම් හොඳටම පරක්කුයි….

අපිවත් මේ මඩ ගොහොරුවට ඇද දාලා සේරම කරලා අත පිහිද ත් ගත්තට පස්සේද හරි නෑ කියලා හිතුනේ… ! අනේ සුදෝ මේ වෙලාවට තමයි ඇගේ මාළු ගගේ නටන්න පටන් ගන්නේ හරිද!

“බ්ලොග්” වන නෙවෙයි අවුල. මට මේ වචනෙ ටිකක් අවුල් හිතුනා. එච්චරයි. ඒ වුනාට ඕක පාවිච්චි කරනවා. වෙන ඔප්ෂන් එකක් නෑනෙ. 😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.