Categories
ජීවිතේ

ස්ලිට් එකේ කතා


සුදාරකට පොඩි කාලෙ ඉඳල ඕනෙ වෙලා තිබුණා කැම්පස් එකකට යන්න. ඒ කියන්නෙ කැම්පස් වටපිටාවක ඉගෙනගන්න. මේ කාරණේ නිසා වෙන්න ඇති සුදාරක උසස් පෙළ පටන්ගත්ත ගමන් “කැම්පස් වන්දනා කිරීමේ ගාථාව” ලියන්නේ. කොහොම වුනත් සුදාරකට රජයේ විශ්ව විද්‍යාලයකට නම් යන්න ලැබෙන්නෙ නෑ, බාහිර උපාධියක දෙවෙනි අවුරුද්දෙ හිටියත්.

සුදාරක යන්නෙ ස්ලිට් එකට. ඒ, කලින් කිව්ව වගේ කැම්පස් වටපිටාවක ඉගෙනගන්න ඕනෑකම තිබුන නිසා. ඉතින් පසුගිය නොවැම්බර් 19වෙනිදා සුදාරක ස්ලිට් එකේ ජීවිතේ පටන්ගත්තා.

කතා ලියන්න තරම් සුදාරක ස්ලිට් එකට අලුත් වැඩියි. තාම සතියයි. තාම ඉන්නෙ නම්නීකරණ පියවරේ දේශන වල. ස්ලිට් එකේ දේශණ වල තත්වය ඉහළයි සහ දේශණ කරන ආචාර්යවරු නව උපක්‍රම භාවිතා කරන්නට බොහෝ පෙළඹීමක් දකින්න පුලුවන්. කොහොමහරි තාම ඉස්කෝලෙ පුරුද්දට ආචාර්යවරු දැක්කම ආයුබෝවන් කියන්න හිතෙනවා. 🙂

නම්නීකරණ වැඩසටහනේ ගණිතය පිළිබඳ දේශණ කරන්නේ බොහොම සැර ආචාර්යවරියක්. උසස් පෙළට ගණිතය කරපු අයට බනින හැටි නම් අහගෙන ඉන්න අමාරුයි. 😛 ඒ වගේම රාජකීය විද්‍යාලයෙන් ඉගෙනගත්තු අයවත් පෙන්නන්න බෑ. ඒකට හේතුව නම් තවම දන්නෙ නෑ. ඒත් දේශණ සහ ඉගැන්වීම් බොහොම හොඳයි. ශිෂ්‍යයෝ ශිෂ්‍යාවෝ නම් මැඩම්ට කැමති වැඩිපුර රාජකීය විද්‍යාලයට බනින නිසා වෙන්න ඇති. කොහොමහරි දේශණ වල ඉඳිද්දී සහ ස්ලිට් එක ඇතුළෙ ඇවිදිද්දී නම් 3 Idiots චිත්‍රපටිය නිතරම මතක් වෙනවා. 😛 (විශේෂයෙන්ම වීඩියෝවේ 0:07)

[youtube=https://www.youtube.com/watch?v=Hy3rPcoC2vA]

ස්ලිට් එකේ නවක වදය නම් නැහැ. මම ස්ලිට් එකට එනවා කියල දැනගත්ත වෙලාවේ ඉඳල කට්ටියගෙන උපදෙස් ලැබුනෙ ස්ලිට් එකට දේශපාලනේ නම් ගේන්න එපා කියල. කොහොමවුනත් අපි හැමෝටම පුද්ගලිකව දේශපාලනයක් තියෙනවා වුනත් (ලංකාවේ) කැම්පස් ඇතුළෙ කණ්ඩායම් හදාගෙන දේශපාලනය කිරීම, කරන ආකාරය පිළිබඳව මගේත් එච්චර කැමැත්තක් නැහැ.

ස්ලිට් එකත් ප්‍රාථමික වශයෙන් අනෙක් හැම විශ්ව විද්‍යාලයක් වගේම තමයි. ශිෂ්‍ය සංගමයකුත් තියෙනවා. ඒ වගේම පොඩි සම්ප්‍රදායන් කිහිපයකුත් තියෙනවා වගෙයි පේනේනෙ… අලුත් සිසුන්ට නම් ඉංග්‍රීසි පිළිබඳව නම් පොඩි ගැටලුවක් තියෙනවා වගේ. මම ඒ අයත් එක්ක සිංහලෙන් කතා කරනකොට ඒ අයට සෑහෙන්න අවුල්. (තාම)

ප.ලි: ඒ අස්සෙ ගෑනු ළමයෙක් මට බයවෙලා මම එයාට කැමතියි (වගේ පෙන්නපු) නිසා. කොහොමවුනත් මගේ අදහස නම් ඉගෙනගන්න තැනින් නම් ඒ වගේ මුකුත් සම්බන්ධයක් නොතියාගන්න. නැත්තන් මට ඕකෙ ඉන්න හම්බවෙන්නෙ නෑ. මම මේ කල්පනා කරන්නෙ අර ගෑනු ළමයව ෂේප් කරගන්නෙ කොහොමද කියල. Any Tips? මම බැලුවෙ ආයෙ කතා නොකර ඉන්න. 😀

23 replies on “ස්ලිට් එකේ කතා”

රාජකීය විද්‍යාලයට බනින ඒක ඉතින් කවුරුත් චිරාත් කාලයක් ඉඳලා කරන දෙයක් නේ…….

එව්වට මට නම් හිතෙන්නේ පව් කියලා. රාජකීය මාවතේ පා නගන්න තරම් වාසනාව නැති වෙච්චි අයගේ ඉරිසියාව තමයි එකෙන් පෙන්වන්නේ….

අනිවා අපේ සුදාරක මලයා නිකන් බෝ පැලේ වගේ කියල… මේ කෙල්ලෝ තමා මලයව නරක කරන්නේ 🙂

මම නම් කියන්නේ ස්ලිට් වගේ ඒවා 10ක් වත් ඕනේ ලංකාවට. NSBM එකෙත් අලුත් Campus එක හෝමාගම කරපුවාහම රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් හොඳ තරඟයක් දෙන්න පුළුවන් වෙයි.
මචන් ආදර සම්බන්දතා ගැන මම දරන්නේ උබට සමාන මතයක්.. අවුරුදු 3ක් ඉන්න ඕනේ තැන නේ.. දැන්ම නම චා කර ගන්න හොඳ නැහැ.

ඇත්ත. හැබැයි ලංකාවෙ හැමතැනම කැම්පස් දාන එක ගැනත් වෙනම කතාවක් තියෙනවා. දැනටමත් පෞද්ගලික විශ්ව විද්‍යාල රාජ්‍ය විශ්ව විද්‍යාල වල තත්වය එක්ක කරට කර ඉන්නවා. විශේෂයෙන්ම ස්ලිට්. අනිත් කාරණේ ගොඩක් පෞද්ගලික ව්‍යවසායකයින් පෞද්ගලික විශ්ව විද්‍යාල වල සිසුන්ට තරමක් තැන දීමේ ප්‍රවණතාවකුත් තියෙනවා.

අපේ කොම්පැනියේ මම විතරද කොහෙද රජයේ විශ්ව විද්‍යාලයක උපාධියක් තියන කෙනෙකෙට ඉන්නේ

හ්ම්ම්ම්… මමනම් හිතුව මල්ලි කොලඹට හරි කටුබැද්දට හරි යාවි කියල…
අපේ ඉස්කෝලෙට බනින එකනම් මදෑ රැග් එක දෙන්නෙත් එහෙම තක්සේරුවකින්
අනේ මන්ද ඔව්වනම්…

අර කේස් එක නම් ශේප් කරගන්න ඒ වර්ක් ගෲප් එකටම වැටුණනම් හරි
මල්ලිගෙ වැඩ දැක්කම පිස්සු වැටෙයි 😉

කටුබැද්දට හරි කොළඹට හරි යන්න නම් ලොකු උවමනාවක් තිබුණා තමයි, ඒත් ඉතින් ඒකට යන කාලය එනකොට මට හොඳටම වයස ගිහින් තියෙයි නිසා තමයි ස්ලිට් තෝරගත්තෙ. ඉස්කෝලෙට බනින කතාව නම් එහෙම තමයි. මිනිස්සුන්ගෙ හැටි.

ඒක නම් මාත් හිතුව, බලමු.. 😀

අර කිවේ චන්ද්‍රිකා මිස් ගැන වෙන්න ඇති මගේ හිතේ.. 😛 අහන්නත් ආසයි තාමත් ඉන්නවා කියල… මමනම් හරිම කැමති මිස් කෙනෙක්…

මගේ එහෙම තරහක් හරි අකමැත්තක් හරි නෑ. හොඳට උගන්වනවා, ඒත් කිසිම හේතුවක් නැතිව ඉස්කෝලෙ බාල්දු කරන එකට මම කැමති නෑ.

ඇත්ත… මම කීවෙත් උගන්වන එක ගැන… කොහමත් අපි යන කලේ නම් ස්කෝල වලට බැන්නේ නැ … බැන්නෙම කෙල්ලන්ට… කොල්ලෝ මොනවා කලත් හොදයි මිස්ට. 🙂

අප්පා සුදාරක දැන් ලොකු ළමයෙක් වෙලා නේද එහෙනම් ඈ?

ඒ කියන්නේ දැන් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආන්ඩුවේ විශ්ව විද්‍යාල වලට වඩා හොඳයි වගේද?
මොනවා කොහේ උනත් කමක් නෑ ඉගෙනගන්න එකයි ඕනේ. ඔය ගෑණු ළමයි හෙම දිහා ඕනෙවට වඩා නොබලා ඉන්නත් එපා. නැථ්නම් අපිට ෆේස්බුක් එකේ ට්විටර් එකේ නොයිසි ස්ටේටස් එකක්වත් කියවන්න වෙන එකක් නෑ නේ.

ලොකු ළමයෙක් නේන්නම්! 🙂
කොහොමත් පෞද්ගලික විශ්ව විද්‍යාලවල පහසුකම් රජයේ විශ්ව විද්‍යාල වලට වඩා හොඳයි, විශේෂයෙන්ම ජවිපෙ බලපෑම් නැති නිසා ඉගෙනගන්නෙ අයගෙ මානසිකත්වය බොහොම විවෘතයි සහ නිරවුල්.
ගෑනු ළමයි ගැන නම් ඉතින් මෙහෙමයි, ඉගෙනගන්න තැන නිසා එතනින් ගෑනු ළමයෙක් සෙට් කරගන්නවා කියන්නෙ වහ කනව වගේ වැඩක්. 😀

මචං උබට ඉතින් ගෑනු ළමයි බය වෙන එකත් අහන්න දෙයක් යෑ ….
SLIIT එක ගැන කියනවා නම් මාරු බන් ඒ ලයිෆ් එකත් (මාත් අලුත් නිසා වැඩිය තේරුමක් නෑ ඉතින්).

මල්ලි SLIIT එකට අලුතෙන් වගේ… 🙂 මාලබේද? කොල්ලුපිටියෙද? සාදරයෙන් පිළිගන්නවා… 🙂

SLIIT එකේ අයියා මොනවද හදාරන්නේ?

අඩේ ස්ලිට් එකේ අපි එක්ක උන් ටික මේ පාර උපාධි ගත්තා. අපි රජයට පැන්නානෙ ඉතිං. රිසල්ට් එනකං ඉතිං ජොලිම කාලෙ ස්ලිට් ගිය කාලෙ තමා. රාජකීය මිස් නම් අපිට පේන්නත් බෑ. එයා ව අතෑරපු කොල්ලෙක් ඇති රාජකීයෙ. කෝම නමුත් මමත් බොට දේශපාලනේ එපා කියපු සෙට් එකේ ඉන්නවානෙ. තව එකක්, සාමාන්‍ය සම්ප්‍රදාය ටික නම් නියමයි. ඒවා තව හැඩ වෙයි සෙකන්ඩ් ඉයර් එකේ ෆ්‍රෙෂාලා ආවාම. ඔව් ඉගෙන ගන්න තැන කෙල්ලො නම් එපා මල්ලි. හැබැයි කතා නොකර ඉන්නෙපා. හෙමින් Friendly වෙන්න. නැත්තම් කරුමෙට හරි ප්‍රසන්ටේෂන් වලට සෙට් වුණොත් සොරිම වෙයි…මොකද හැම වෙලාවෙම සෙට් එකට අපිට තෝරාගන්න බෑ.

Leave a Reply to Madura Balasooriya Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.