Categories
Uncategorized විශේෂ නිවේදන

කුමුදු පින්තු බ්ලොග්කරුවාගේ අභාවය පිළිබඳව…

බ්ලොග් කියවන පාඨකයන්ගේ වැඩි අවධානයක් දිනාගත් බ්ලොග් අඩවි අතර නම ගිය බ්ලොග් අඩවියක් වුන “තම තම නැණ පමණින්” බ්ලොග් අඩවියේ කතෘ කුමුදු පින්තු මහත්මාගේ අභාවය සමස්ත සිංහල බ්ලොග් අවකාශයම ශෝකයෙන් පිරවූ ප්‍රවෘත්තියක් වුණා. කෙසේ හෝ ප්‍රවෘත්තිය දැන ගැනීමෙන් පසු මිතුරකු සමඟ ඔහුගේ නිවසට යාමට අවස්ථාව හිමිවුවත් අවාසනාවට ඔහුට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමි නොවූයේ තවමත් ඔහු නිවසට පැමිණ නොසිටි නිසාවෙන්.

එතුමාගේ අවසන් කටයුතු ජූලි 28වැනි බදාදා දින සවස කොළොන්නාව පොදු සුසාන භූමියේ පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහෘද ඔබගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ ඔහුගේ නිවසේ ලිපිනය: 129/1, මීතොටමුල්ල, වැල්ලම්පිටිය.

ඔබට නිවන් සුව අත්වේවා! සිංහල බ්ලොග් අවකාශයට ඔබගෙන් වූ සේවය අප සිත් තුළ සදා නොමැකෙනු ඇත.

9 replies on “කුමුදු පින්තු බ්ලොග්කරුවාගේ අභාවය පිළිබඳව…”

මගේ හදවතින්ම නැගෙන දුක, සෝකය, කනගටුව, ප්‍රකාස කරනව. ඔහුට මොක්සුව ලැබේවා!

කුමුදු පින්තුව 70 ගණන්වල මැද කාලයේ දී සිට වසර දහයක් පමණ සෑම ඉරිදාවකම පාහේ දැක තිබුණු මා නැවතත් ඔහු හමුවූයේ “තම තම නැණ පමණින්”ය. ඔහු ජීවිතය ජයගත් අසහාය පුද්ගලයෙකි. මිනිසුන් අතර සුහද හා සොඳුරු හදවතක් ඇත්තෙකු විය. ඔහුගේ නාමයෙන් ඔහු සේවය කළ අධ්යාපපන ආයතනයේ ඉගෙන ගන්නා දරුවෙකුට මුදලින් ශිෂ්යකත්වයක් ආරම්භ කිරීමට මම කැමැත්තෙමි. කුමුදු පින්තු නාමය සදා බැබලේවා!

අද ඔබ නික්ම ගිහින්… ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය….. ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය…. ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්….

කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

Leave a Reply to arunishapiro Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.