Categories
Uncategorized

ආනන්දය…

[youtube=http://www.youtube.com/watch?v=xHwOjXXwJjc&hl=en_US&fs=1&]

පසුගිය දිනෙක රාජකීය විද්‍යාලය වෙත කඩාවැදුනු ආනන්ද විද්‍යාලයීය (ශිෂ්‍ය) මැරයන් සිය ආනන්දය සපුරාගත්තේ මේ ආකාරයෙන්. තත්වය‍ ගෞරවනීයව සමනය කිරීමට පැමිණි රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් දෙදෙනෙකුට බරපතළ තුවාල කරල තමන්ගේ ආනන්දය සපුරා ගත් ආනන්දයීයන් ගැන අපිට තියෙන්නෙ පුදුම කණගාටුවක්. සැමට සහෝදර ප්‍රතිපත්තිය අනුගමනය කරන රාජකීය විද්‍යාලය, ආනන්ද මල්ලිලාගේ මේ දඩබ්බර වැඩේ ඉවසලා මල්ලිලාට සමාව දීමයි කළ යුත්තෙ. අපි-අපි වගේ වෙලා, ආනන්ද වගේ නොවී ඉමු කියලයි කියන්න තියෙන්නෙ. ආනන්ද විද්‍යාලයට එරෙහිව අවි එසවීමෙන් වැලකෙන්න. රාජකීයත්වය රැකගන්න. රාජකීයයන් රාජකීය සම්ප්‍රදාය රකින්නේ අතින් පයින් නෙවෙයි. ආනන්ද විද්‍යාල‍‍යේ මේ ක්‍රියාකාරීත්වයට එරෙහිව ලෝක ප්‍රජා‍වගේ ඇස් අරින්න නම්, හැමවෙලාවෙම සාමකාමීව කටයුතු කරන්න. මේ වේලාව නිහඬව සිටි අප හැමදෙනාගේම හඬ අවදි කරන්නයි. ආනන්ද විද්‍යාලයට වඩා බුද්ධිමත්ව කටයුතු කරමු. ශ්‍රේෂ්ඨ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයින්ට නම් අපිට කියන්න තියෙන්නෙ බොහොම කණගාටුයි කියල විතරයි. මේක හරියට උඩ බලාගෙන කෙල ගහගත්ත වගේ වැඩක්.

ආනන්දය ආනන්දනීයයි…

81 replies on “ආනන්දය…”

හ්ම්.. මමත් දැක්කා. අරෙහෙන් මෙහෙන් ආරංචි වුනා.

ගහන මැච් එකක් ගහලා ආතල් එකක් දාලා ගෙදර යනවා මිසක් මේවගෙන් ගන්න ආතල් මොනවද? ආයෙත් ගහගන්න යන එකේ තේරුමක් නැහැ තමයි.

ඕක කිව්ව යාළුවෙක්ට කිව්ව දේ තමයි දැනුත් කියන්න තියෙන්නේ. පිස්සෝ කොහෙත් ඉන්නවා. ආනන්දෙ වැරැද්ද නෙවෙයි. ඉන්න පිස්සොන්ගෙ වැරැද්ද.

[said:පිටස්තරයා]
පිස්සෝ කොහෙත් ඉන්නවා. ආනන්දෙ වැරැද්ද නෙවෙයි. ඉන්න පිස්සොන්ගෙ වැරැද්ද.
[/said]

සීයට දෙසීයක් එකඟයි.

නමුත් මෙතන පාසල් නිල ඇඳුමින් සැරසුනු පිරිසකුත් ඉන්නවා. පාසල් පවත්වන වේලාව තුළ යම් පාසලක නිල ඇඳුමින් යමෙක් යම් තැනක සිටිනවා නම්, ඔහු එතැන සිටින්නේ පාසලේ අනුමැතිය ඇතිව බව සලකන්න වෙනවා!

මේකට සම්බන්ධ වුනු අයට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් නොගන්නවානම්, පාසලක් හැටියට ආනන්ද විද්‍යාලයත් මේ ක්‍රියාව අනුමත කළා වෙනවා. බලමු පාසල් පරිපාලනය ගන්න පියවර මොනවද කියලා.

කාට කාටත් තමන්ගෙ ඉස්කෝලෙ ලොකුයි. ඒක රාජකීයයන්ට, ආනන්දීයයන්ට විතරක් නෙවෙයි ගමේ ඉස්කෝලෙ සිසුවෙකුටත් පොදුයි. තමන්ගෙ ඉස්කෝලෙ “කලර්ස් පෙන්නන්න” පාරෙ බැහැල රැලියක් යන්න, චියර් කරන්න කවුරුත් කැමතියි. හැබැයි තවත් පාසලකට පැනලා මේ වගේ තත්වයක් උද්ගත කරගන්න එක ලැජ්ජ නැති වැඩක්.

දැන් මේ කරපු වැඩෙන් උං බලාපොරොත්තු වුනේ මොකක්ද, “යකෝ අපි රෝයල් එකට ගිහිල්ල ගහල ආව, අපේ එකෙකුට ගහන්න උන්ට බැරි උනා!” කියල කියන්නද? ඒකද ඉස්කෝලෙකට අවශ්‍ය වන ගෞරවය? දැන් ඔය කියන පිස්සෝ ටික තමන්ගෙ පාසලට ගෞරවයක්ද අරන් දීල තියෙන්නේ?

අයියා බම්බා පැත්තේ රවුමක් දැම්මනම් ඕනාතරම් නිළ ඇඳුමෙන් ඉන්න කොල්ලො බලාගන්න පුළුවන්.පාසල් වෙලාවෙදි ඒ පැත්තේ තියෙන ඕනා pool parlor එකක පාසල් සිසුන් ඉන්නවා.ඕවා හදන්නනම් ලංකාවම අනිත් පැත්ත ගහන්න වෙනවා.අයියා මම එක කාරණයක් කියන්නම්,මගේ යළුවෙක් ගුටිකාලා හිටුපු තමන්ගේ මිතුරෙක්ට උදවු කරන්න ගියපුවාම ටික වෙල්ලාවකට පස්සේ ආව පොලිස් ජීප් එකක් ඒ දෙන්නම රැගෙන ගියා.පස්සේ නඩු දැම්මා .කිසි වැරැද්ද්ක් නොකරපු මගේ යළුවත් උසාවි ගියා.ඒකේ හිටපු මහෙස්ත්‍රාත්වරිය මගේ යාළුවට දුන්න අවවාදය වුනේ එවැනි වෙලාවක තමන්ගෙ හොඳම යළුවා බිම වැටිලා හිටියත් අහක බලාගෙන යන්න කියපු එක.
මම මේ ගැන ඉදිරියේදි සම්පූර්න විස්තරයක් මගේ බ්ලොග් එකේ දාන්නම්.

මේ වැඩේ හොඳ වැඩක් නොවන බව කාටත් තේරෙනව…
ඒත් කීප දෙනෙක් කල වැරැද්දකට මුලු පාසලටම මඩ ගහන්න හදන එකත් හොඳ වැඩක් නෙමෙයි නේද?

තවත් පොඩි එක්කහු කිරීමක් කරන්න තියනව 🙂
මට මතකයි ඉස්සර Royal එකේ කොල්ලො සෙට් එකක් ආනන්දෙ කොල්ලො දෙන්නෙක් පාරෙදි අල්ලගෙන Royal කොඩියට වඳින්න කියල තිබ්බ. වැන්දෙ නැති උනාම ගහල තිබ්බ…
පස්සෙ පොඩි පොඩි වලිත් ගියා…

ඒ ගැන කට්ටිය මොකද කියන්නෙ?

මමත් ආනන්දේ !!! මේක කළේ අපේ පාසලේම ඉන්න නහරකාරයෝ ටිකක් තමා !! ; මම සම්පුර්නයෙන් එදා අපේ එවුන් කරපු වැඩේ නම් අනුමත කරන්නෙත් නෑ , අනික ඒකට ගොඩක් විරුද්ධයි !!! , නමුත් මල්ලි දාලා තියන විදිහට මට ටිකක් විරුද්ධ වෙන්න වෙනවා (වෙන මොනවටවත් නෙවෙයි ඉන්න නහරකාරයෝ ටික කරපු වැඩේට , මුලු පාසල් ප්‍රජාවටම (ආනන්ද) බැනිම වැරදි නේද ??). මොනා උනත් මල්ලිගේ කතාව 100% ඇත්ත !!! : (“සම්ප්‍රදාය රකින්නේ අතින් පයින් නෙවෙයි” ; “හැමවෙලාවෙම සාමකාමීව කටයුතු කරන්න”).

මුලු පාසල් ප්‍රජාවටම බැන වදින්න හේතු කාරණා වෙන්නෙ තමන්ගෙ පාසලේම සිසුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අඩුමතරමේ ශිෂ්‍ය නායකයන්ටවත් ක්‍රියා කරන්න තිබුනා නේද කියන කාරණය නිසා. කොහොමත් මෙතන වෙලා තියෙන වැඩේ දැක්කොත් සෘජුවම මේ වැඩේ කරල තියෙන්නෙ ආනන්ද විද්‍යාලයේ නාමයෙන්. ඉතින් එහෙම වෙනකොට ආනන්ද විද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන්ම ඇඟිල්ල දික්වෙන එක නවත්තන්න බැහැ.

හරි හරි එහෙම හිතුවොත් අපි විතරක් නෙවෙයි , ඔයාලා , හැමෝම මේවගේ වැඩ කරනවා (මේක ඉතින් මැච් ගැහිල්ලේ ආතල් තමා , කට්ටියකගේ මෝඩ ක්‍රියා වලට සමස්ත ප්‍රජාවම පලි නෑ) , අනික මට අන්තිමට කියන්න තියන්නේ පිටස්තරයා කියුවා වගේ “ඕක කිව්ව යාළුවෙක්ට කිව්ව දේ තමයි දැනුත් කියන්න තියෙන්නේ. පිස්සෝ කොහෙත් ඉන්නවා. ආනන්දෙ වැරැද්ද නෙවෙයි. ඉන්න පිස්සොන්ගෙ වැරැද්ද.” කියලා.

අනික බොහෝ වෙලාවට මේක ගැන මම කරන අන්තිම කොමෙන්ට් එක වෙන්න පුලුවන් , අනික අපි මේක ගැන නිකන් මෙතෑන විවාද කරන එකේ තේරුමකුත් නැ මල්ලි (ඕකෙන් වෙන්නේ නිකන් අපි දෙන්නගේ ලේ නරක් වෙන එක විතරයි) .

@අශාන්- අපි පුද්ගලිකව තරහ ඇතිකරගන්න අවශ්‍ය නැහැ. දෙපැත්තෙම වැරදි ඇති. කරන්න ඕනේ ඒ විදිහට වැරදි වෙන්නෙ නැතුව සහයෝගයෙන් වැඩකරන්න පුලුවන් වෙන විදිහට ආකල්ප වෙනස් කරන්න බලපෑමක් ඇතිකරන එකයි. ඒකයි අපි ලියන්නෙ. Thumbs Up 🙂

අපේ කාලෙ මියුසියස් එකට පැනල කෙල්ලො බය කරපු රෝයල් කොල්ලන්ව සුද්ද කරන්න ඕනි නෑ. ඔක්කොම ඉස්කෝල එකයි ඕක වයසෙ වැරැද්ද.

බාලිකා පාසල් වලට පැනල කරන දේවල් ගැන කතා ගොඩක් තියෙනව. ඒත් මෙතන තියෙන වි‍ශේෂත්වය ආනන්ද විද්‍යාලය සහෝදර පාසලක‍ට කඩා වදින එකයි.

ඇත්ත. වයසෙ වැරැද්ද තමයි. ඒත් ‍මේ වයසෙ වැරැද්ද ගැන මොකද කියන්න තියෙන්නේ? පාසලකට කඩා වැදිල පාසලේ ශිෂ්‍ය නායකයින්ට බරපතළ තුවාල සිදු කිරීම?

ඉලන්දාරි වයසෙ ඉන්න පිරිමි ලමයි විදිහට බාලිකා පාසලකට පනිනව කියන එක ස්වාභාවිකයි. ඒත් තවත් පිරිමි පාසලකට පනිනව කියන්නෙ??? මට මතකයි ඔය පාසලෙම 7 වසරෙ ශිෂ්‍යයෙක් 6 වසරෙ ශිෂ්‍යයෙක් එක්ක ආනන්දයක් ලබන්න ගිහින් අර 6 වසරේ ලමයට මැහුම් 6ක් දාගන්න උනා කියල පුවතක් ගියා… හරිම අස්වාභාවිකයි මේගොල්ලන්නෙ හැසිරීම.

අපෝ ආනන්දෙ අයියල නම් හරිම කැත විදියට තමයි අපෙ පාසලට ඇවිත් හැසිරුනෙත්.ඔය විදියටම ර්c එකට කියන්න තියෙන සේරම කැත කතා ටික කියල යන්න ගියා.තමන්ගෙ සත්ව ගති තමන් විසින්ම පෙන්වදීමක් තමයි මෙතනදීත් කරන්නෙ.ඇයි ඔය හැමොටම මීට වැඩිය සාමකාමි වෙන්න බැරි????????

සමවෙන්න ඔනෙ දෙවෙනිපාරටත් ලියනවට.කොල්ලො trucking එන්නෙ උන්ගෙ උවමනවා නිසත්,කෙල්ලන්ගෙ උවමනාව නිසත් කියලයි මටනම් හිතෙන්නෙ.ඔය හැම ඉස්කෝලෙම මේ වගෙ පිස්සු පොරවල් ඉන්නව,ඉදලත් තියෙනව.අද ලන්කාදීපෙ බැලුවනම් මේක තේරුම්යයි.එත් මෙතන case එකේදී AC වරදි වගේ නේද

Trucking කතාව වෙනම සංකල්පයක්. ඒක මෙතනදී සාධාරණීකරණය කරන්න අමාරු දෙයක්. මෙතන වෙලා තියෙන දෙය කණගාටුදායකයි. Trucking කතාවයි, මේ කතාවයි සන්සන්දනය කරන්න බැහැ.

mekai otana wela tiyenne, kalin dawase RC kollo tikak AC kollanta gahala.video eke tiyenne AC kollange return eka. thts d story.depattama waradi..

need to correction. eta kalin dawase nemei, ekama dawase tamai waliya gihin tiyenne. RC kollo gahapu gaman AC kolloth gihin gahala. waradda mulin karala tiyenne RC kollo.AC aya return eka dunne nattam tamai watinne. monawa karannada ,degollantama Big match sic ne

ආහ්, ඒ කතාව ඇත්තනං ඒකෙත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොනව වුනත් රාජකීය ‍වේවා, ආනන්ද වේවා බුද්ධිමත්ව වැඩකරන තරමට තමයි හොඳ. ඕනෙම තැනක මේ වගේ වලිමුණිල ඉන්නව. මේක අඩුකරගන්න ඕනෙ. නැත්තං ආයෙත් මතුවෙන්නෙ නැහැයි නැහැයි කියන ත්‍රස්තවාදයම තමයි.

ඒක තමයි…

තමන් මුලින් ගැහුවට පස්සෙ Return එක හම්බ වෙන බව දැනන් හිටපු නිසා කට්ටිය Video Record පාරක් දාන්න ලෑස්ති පිටයි ඉඳල තියෙන්නෙ….

😀

මේක ඉතින් සිරි ලංකාවනේ. මෙහෙම කලේ නැත්තන් ඉතින් අවුරුදු 2553 මාස 9 ශ්‍රේෂ්ඨ සයින්ස්කෘථිය රැක ගන්නේ කොහොමද. ඉස්කෝල ලමයි සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ උනහම කවුද අනාගතේ මේ රටේ මිනි මරනව, ස්ත්‍රී දුෂණ, කුඩු ගෙන්වීම සහ බෙදා හැරීම, හොර මැරකම් වගේ entrenched සංස්කෘතිකාංග රැක ගන්නේ..

මටත් ආරංචියෙ හැටියට මේක පටන් අරන් තියන්නෙ RC කොල්ලො ටිකක් තමයි. ඒත් මම නම් මේක මහ ලොකු ප්‍රශ්නයක් විදිහට දකින්නෙ නැහැ.. අනික මේ ඉස්කෝල දෙක වලි යන්න පටන් ගත්තෙ අද ඊයෙ නෙමෙයිනෙ.
ඉස්කෝලෙ යන කාලෙ මේව කරන්නෙ නැතුව වෙන කවදා කරන්නද?

මොනා උනත් ඉස්කෝලෙටම ඇවිත් ගහලා ගිහාම නෝන්ඩි නේද?
උබලත් ඉතිං මරදානට ඇවිත් ආනන්දෙට ගහපන්කො….. (පුලුවන්නම්)

ඉස්කෝලෙටම ඇවිල්ල ගහල ගියපු එක ‍අන්තිමේ නෝන්ඩියක් වුනේ අදාළ පාසලටමයි.‍ හේතුව, පාස‍ලේ ශිෂ්‍ය නායකයින්, විදුහල්පති තුමා සහ ගුරු මණ්ඩලය පාසලේ ශිෂ්‍යයෙන් මේ ගැටුමට එකතුවෙන එක වලක්වාගන්න උත්සාහගත්තු එහෙන් විශාල ගැටුමක් මඟඇරුනා. ආයෙමත් මරදානට ගිහින් ගහන එක කෙසේවෙතත්, මේකෙන් ආනන්ද විද්‍යාලයට විඳගන්න වෙන අපහාසය හා උපහාසය ඊට වඩා දරුණුයි කියලයි හිතෙන්නෙ.

හරි රාජකීයයො ටිකක් එහෙම දෙයක් කරා කියල කියමු… ඒකට ඔය වගේ වලි පාලනය කරන්න උත්සහ කරන ශිෂ්‍ය නායකයෝ දෙන්නෙකුට අයි.සී.යූ. එකට යන්න ගහන එක මහා වීර ක්‍රියාවක් ද? සමහරවිට ඒ සිසුන් දෙන්නා දක්ෂතා පිරි ලමයි දෙන්නෙක් වෙන්න පුලුවන්. ඒ ලමයින්ගේ ජීවත වලට මොනා හරි උනොත් ඔය “බල්ලො බල්ලො” කිය කිය කෑගහපු උත්තමයො වග කියනවද?

ඇයි මතක නැද්ද 95දි මරදානටම දුවන්න ගැහුවා…අමතක නම් පින්සිපල්ගෙන් අහන්න

හික්ස්! 😀 😀 මරදානටම යන්න ගැහුව? විකාර කියවන්න එපා! කවුද දන්නෙ නැහැ ඒ දවස්වල ඉස්කෝළෙ වටේටම STF ගාඩ් දාගෙන බයේ හිටියෙ!

මේව කොළු කාලෙ කොළුකමට කරන වැඩනෙ!

the biggest issue happened in 1990 where Nalanda had consecutively won 10 matches under the captaincy of Kumara Dharmasena and Royal was captained by Nigel Fernando. This match was played at the Royal grounds and Nalanda was tipped to win this match as they had already beaten St Thomas,Trinity, St Sebastians, St Peters etc those formidable teams. when Nigel fernando’s wicket fell as the 3rd wicket at 20 runs on the board, all Royal students who were near the boundary came to the field and grabbed the wickets forcing Kumar Dharmasena and the team run to the pavillion to evade being attacked. The match was abondoned and Police had to take Nalanda team out of Royal with protection and the repurcussions started as a result of that continued for almost 02 weeks where Royal,Ananda,Nalanda schools had to be closed and the govenment appointed a peace making committee comprised of the great old boys of the 03 schools to settle this. Royal students had to go on hiding and this even Spread to tution classes in Nugegoda Rotary, Railway Avenue etc.Ananda-Nalanda got together and started attacking Royalist who could not meet the numbers of this coalition. Actually Nalanda could not set up a record but equalled the most outright wins held by Ananda which was 10 (this was tipped to be their 11th win)This is just to highlight the facts only without mentioning who was right or wrong for those who don’t know about the past of the origin of these clashes among these 03 schools. I was there in 90 witnessing the match and put this on record for those who don;t know about the origin of this issue.

Yes, That was the beginning! Everybody forgot the past as usual. Don’t just blame Anandians. It was your crops and this is your harvest!

මචන් මෙතන අනන්දෙට විතරක් වැරැද්දක් කියන්න බෑ…..මොකද වැඩේ පටන් ගත්තෙ උඹලගෙ එවුන්….හැබැයි ඉතින් එහෙම කියල වැරැද්දෙන් බේරෙන්න බෑ….ඒත් උඹ මේ post එක ටිකක් සාධාරණ විදියට දැම්මොත් හොඳ නැද්ද…

හරි, මේක මම රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදිහට පක්ෂග්‍රාහී වෙන්න පුලුවන්. ඒත් මේකයි ප්‍රශ්නෙ. මුලින් රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් ගිහිල්ල ආනන්ද විද්‍යාල‍යේ ශිෂ්‍ය පිරිසකට ප්‍රහාරයක් එල්ල කරනව. එතකොට ආනන්දයේ ශිෂ්‍ය පිරිස තමන්ගෙ ගැටලුව බේරාගන්නෙ රාජකීය විද්‍යාලයේ ‍මේ කිසිවකට සම්බන්ධ නැති ශිෂ්‍ය නායකයින්ට අසාධ්‍ය වන ලෙස පහරදීමෙන්ද? ආනන්ද විද්‍යාලයේ ධජ අරගෙන එන මොවුන්ගෙන් නියෝජනය වෙන්නේ ඒ පාසලම නෙවෙයිද? එතකොට කවුද අසාධාරණ?

සිද්ධිය වෙන වෙලාවේ මම එතන තිබ්බ බස් එකක හිටියේ.මම ඉද්දි ආනන්ද සිසුන් මෙන්ම රාජකීය සිසුනුත් පාරේ හිටියා.ඒ නිසා මම හිතුවේ පාසල් දෙක ගහගෙන කියලා,දැන් තමා සිද්ධිය හරියට දැනග්ත්තේ.ඕනෑම පාසලක එවැනි සිසුන් ඉන්නවා(ඔබලගේ රාජකීයත් ඇතුලුව ).මේක ඉතින් හැමදාම වෙනවනේ.කොච්චර කිවුවත් වැඩක් නැහැ.මුළු නුගේගොඩම බලන් ඉද්දි මම ඇතුළු සිසුන් 20 විතර ගිය 138 පුද්ගලික බස් රථයක් කුඩු වෙනකන් ගැහුවත් කවුරුත් මොනවාවත් කලේ නැහැ.ඒවා එක්ක බලද්දි ඊයේ සිද්ධිය ගැන මම පුදුම වෙන්නෙත් නැහැ.

ඔව්. ඕනෙම තැනක ටිකක් සටන්කාමී කට්ටිය ඉන්න පුලුවනි. ඒක මමත් පිළිගන්න කාරණයක්. ඒත් සටනකදී හැසිරෙන විදිහට කිසිසේත්ම අදාළ නැති විදිහටයි මේ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ හැසිරීම පෙනෙන්න තිබුනේ. සටනට කිසිසේත්ම අදාළ නැති තමන්ගේ පාසලේ කොඩි අරගෙන සටනට කිසිසේත්ම අදාළ නැති රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින්ගේ ‍ලේ සෙලවීම?

සිංහල බෞද්ධ අන්තවාදී ත්‍රස්තවාදයේ තිඹිරිගෙය වන ආනන්දයේ හැසිරීම මීට වඩා හොඳ වේ යැයි කියා හිතන්න බෑ. මේ රටේ හැම තැනම ඉන්නේ ආනන්දේ හිටපු ශිෂ්‍යයෝනේ. ඉතින් මේ රට නීතියක් නැති මහ කාලකන්නි රටක් විදියට ලෝකය දකින එක වලක්වන්න බෑ. ඕකේ නායකත්වය අරගෙන ආපු එක්කෙනාට රජා ගාවට යන්න කියන්න. උපදේශක කමක් ගන්න පුළුවන්.

මල් මාමා මෙකට සිංහල බෞද්ධ ගාව ගන්න එපා.මේක පාසල් දෙකක ගැටුමක්.

තව දවස් ටිකකින් කියයි මේක ජාතීන් දෙකක් අතර ගැටුමක් මේකටත් ත්‍රස්තවාදය ගාවගන්න එපා කියලා. මම මෙතන කියලා තියෙන්නේ සිංහල බෞද්ධ මූලධර්මවාදීන්ගේ ප්‍රචන්ඩත්වයට ඇති නැඹුරුවයි. ඕකම තමා මේ රට විනාශය කරා ගෙනිච්චේ !

@මල් මාමා,

/සිංහල බෞද්ධ අන්තවාදී ත්‍රස්තවාදයේ තිඹිරිගෙය වන ආනන්දයේ හැසිරීම …/

බැලූ බැල්මට මෙසේ පෙනුනාට මෙය යථාර්ථය නෙවෙයි. රටේ ප්‍රමුඛ සිංහල අන්තවාදීන් අතුරින් ආනන්දයෙන්/නාලන්දාවෙන් බිහිව ඇත්තේ ගුණදාස අමරසේකර, තිලක් කරුණාරත්න වැනි අතළොස්සක් පමණයි. අනෙක් බොහෝ පාසල් වලින් (ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පවා) මීට වඩා වර්ගවාදීන් බිහිවී තිබෙනවා.

එසේම වර්ගවාදීන් බිහිකිරීමේ සුවිශේෂ ගෞරවයක් රාජකීය විද්‍යාලයට හිමි වෙනවා නලින් ද සිල්වා නැමැති වියරු මිනිසා නිර්මාණය කිරීම තුළින්. බ්ලොගවකාශයේ වර්ගවාදියකු වූ දොස්තර මිගාර වීරක්කොඩි බිහිවන්නේද රාජකීය විද්‍යාලයෙන්.

මේ නිසා ‘සිංහල බෞද්ධ’ ලෙස ලේබල් ගසා ගත්තාටම ආනන්දයෙන්, නාලන්දාවෙන්, ධර්මරාජයෙන් හෝ රාහුලයෙන් පමණක් වර්ගවාදීන් බිහිවෙතැයි කියන කතාවේ ඇත්තක් නෑ.

නමුත් ඔය තත්වය ඇති කිරීමට පහසුකම් සැපයීමක් රාජකීය විදුහලෙන් සිදු වෙන්නේ නෑ. නමුත් මම හොඳින් දන්නා පරිදි ආනන්ද- නාලන්ද විදුහල් වලදී වර්ගවාදී ත්‍රස්තවාදී හැඟීම් පෝෂණය කිරීමට විශාල රුකුලක් ලැබෙනවා.

මේ නිගමනය මුළුමනින් වැරදි යැයි මම නොකියමි. නමුත් තත්ත්වය මෙතරම් කළු-සුදු නැත.

කොළඹ ඇති සියළුම පාසල් අද විශේෂිත කුලක මඟින් බද්දට ගෙන ඇත. ඒ දේශපාලනයක් නිසා නොව තමන්ගේ දරුවන් දාගැනීමටය. ආනන්ද / නාලන්දා / මහින්ද / ධර්මරාජ / රාහුල / විශාකා / මියුසියස් ආදී සියළු පාසල් වල ‘සිංහල බෞද්ධත්වය’ ඉස්මතු කිරීමට ආදියෝ කටයුතු කරමින් සිටිති. ඒ මේ කුලකයට අයත් නොවන දරුවන් විදුහලට ඇතුළුවනු වැළකීම සඳහාය. මීට සමගාමීව රාජකීය විද්‍යාලයේ Royal College Union එක නිතර එය ධනවත්, ඉංගිරිසි උගත් ඉහළ මධ්‍යම පාංතිකයින්ගේ විදුහල බවට පත් කිරීමට වෑයම් කරයි. මේ කිසිවක ගැඹුරු දේශපාලනයක් නැත. මේවා ඉතාම සරල ආත්මාර්ථකාමී ක්‍රියාය.

සිංහල බෞද්ධ පරිසරයක හැදුණු පමණින් කෙනකු අනිවාර්යයෙන් වර්ගවාදියකු වන්නේ නැත. වර්ගවාදය සහමුලින් පිළිකෙව් කරන වික්‍රමබාහු කරුණාරත්න ආනන්දයේද සිරිතුංග ජයසූරිය මාතර රාහුලයේද ආදි ශිෂ්‍යයෝය.

ආරූඩ නමකින් හැන්ගිලා මිනිස්සුන්ට අපහාස කරන නපුන්සකයෙක් නොවී තමන්ගෙ නමින්ම ඇවිල්ලා ඔය අපහාස කලානම් නේද වැදගත් කම.

ආරූඩ නමකින් හැන්ගිලා මිනිස්සුන්ට අපහාස කරන නපුන්සකයෙක් නොවී තමන්ගෙ නමින්ම ඇවිල්ලා ඔය අපහාස කලානම් නේද වැදගත් කම. ඒ මිනිස්සුන්ට කොන්දක් තියනවා තමුන්ගෙ මතවාදය තමුන්ගෙ සැබෑ නමින් සමාජය ඉස්සරහට ඇවිත් කියන්න.

සැමට සාධාරන එක විදියට සලකන නීතියක් තියන රටක ඕක ඔය කියන විදියට කරන්න තිබ්බා. මහත්තයට මතක නැතුව ඇති මේ රටේ මාධ්‍යවේදීන් 119ක් ජීවිතාරක්ශාව පතා රටින් පිට ගිහින් තියනවා කියලා.

මහත්තයෝ….ඕක ඔහේගෙ දේශපලන මතවාඩය. ඕක මේකෙ තියන හැම බ්ලොග් එකේම කොට කොට යන්න එපා. පොඩ්ඩක් සාපේක්ශව හිතන්න 80 ගනන් වල තිබ්බ වගේමද අදත් කියල. මාද්ය නිදහසයි වල්බූරු නිදහසයි පටලව ගත්තහම කොහොමත් වැඩේ අවුල් වෙනවා. මම කියන්නෙ ඒක නෙමේ. මතවාද එක්ක ගැටුනාට විවේචනය කලාට කමක් නෑ. නමුත් පෞද්ගලික ජීවිතයත් එක්ක අරන් මඩ ගහන මේ ටැබූ කියන එකාගෙ පොන්න කමයි මෙතන ප්‍රශ්නෙ. තමුන් අනිත් අයගෙ පෞද්ගලික ජීවිතේ අවුස්සනවනම් තමන් කවුද කියල ඉස්සෙල්ල කියන්න ඕනෙ. නැත්නම් ඒ මඩ වදින අයට අසාදාරනයි. මොකද මේ ටැබූ කියන එකාගෙ පෞද්ගලික ජීවිතෙ මොනවගේද කියල ලෝකෙට කියන්න බැරි නිසා. බලන්න මේකා තමන්ගෙ බ්ලොග් එකෙන් කොච්චර මඩ ගහනවද කියල තමන්ට විරුද්ද මත දරන අයගෙ පුද්ගලික ජීවිතේ ගැන. ඒ පහත් වැඩෙයි මම විවේචනය කරන්නෙ.

ඔහොම නීතියක් තිබ්බා..සාපරාදී අපහාස නීතිය. දන්න විදියට දැන් ඒක නෑ. තිබ්බනම් තමයි හොද. කොහොමත් ඔබතුමායි ටැබූ තුමයි හිතන පතන විදිහ ටිකක් එකවගේ. අර උගෙ අනන්යතාව දන්න හත් ආ දෙනෙක් ඉන්නවා කිව්වන්නෙ…එයින් එකෙක්ද ඔබතුමා…හහ්..හහ්…හා

@Taboo

You are talking about the prominent racists who studied at these schools. I think mal maama is talking about the ordinary past pupils and their views.

උන්ට මොනව තිබුණත් මොලේ කියල එකක් නම් නැති බව ඔප්පු කරල තියෙනව. නැත්තම් මේ වීඩියෝ එක ඉන්ටර්නෙට් එකට දාල වැරදි කාරයෝ ඔක්කොම එලි කරයිද?

දැන් ඕකෙ මූණත්තහඩු ටික වැටිල තියෙන උන් මුලින්ම කරන්න ඔනේ ඔය විඩෙඔ එක ගත්ත එකාටයි..ඒක ඉන්ටර්නෙට් එකේ දාපු එකාටයි…දෙන්නටම ගහන එක… තමන්ව ප්‍රසිද්ධියෙ නිරුවත් කලාට… පව් වැඩේ පාව දෙන එක මෙගොල්ලන්ගෙ පුරුද්දක්ද කොහෙද?

මන් දන්නෙ නැ මල්ලිගෙ වයස…නමුත් මේ දේවල් අද ඊයෙ උන දේවලුත් නෙමෙයි… මේවගේ ඉතිහාසෙ බැලුවොත් පෙනෙයි මුල කාගෙද කියල. දැන්නැත්නම් 96 වල වගේ හිටපු කෙනෙක්ගෙන් අහල බලන්න. ඒකෙන් කියන්නෙ නෑ කරපු දේ නිවැරදි කියල. එත් රාජකීයන්ගෙ රාජකීය වැඩ දැකපු අපිට මේක එතරම්ම දේකුත් නෙමෙ.
අපි ලග ඒ කාලෙ කැමරා සහිත ජංගම දුරකතන තිබුනනම් මේ වගේ ඒවා ඔන තරම් දාන්න තිබ්බා..(දැනටත් කිහිපයක් තියෙනවා) ඒත් අපි කිහිප දෙනක්ගෙ වැඩ වලට පාසලක නම දාල ඒ නම වෙනුවෙන් බනින්න තරම් කුහක නෑ. ඒ වගේම පිටස්තරයා කියපු දේ තමා ඇත්ත…

@බුධාජීව: “නමුත් මෙතන පාසල් නිල ඇඳුමින් සැරසුනු පිරිසකුත් ඉන්නවා. පාසල් පවත්වන වේලාව තුළ යම් පාසලක නිල ඇඳුමින් යමෙක් යම් තැනක සිටිනවා නම්, ඔහු එතැන සිටින්නේ පාසලේ අනුමැතිය ඇතිව බව සලකන්න වෙනවා!”

මේ කියන කතාව ගැන එකග වෙන්න අමාරුයි ලොක්කා… මොන පොතේද මේක කියල තියෙන්න. කොල්ලො දඩාවතේ ගියාට ඉස්කොලෙ පළි නෑ…

කොහොම උනත් මල්ලි රාජකීය වගේම , ආනන්දය කියන්නෙ මේ රට ජාතිය වෙනුවෙන් අනුපමය සේවයක් කරපු, කරන, තැනක්… කරුණාකරම මෙවන් නමක් හේඩින් එකක යොදනකොට පොඩක් හිතන්න. අනික හරි වැරදි නොදැන ලියන්න පුලුවන් පමණින්ම ලියන්න යන්න එපා…

අපි ආනන්දේ වෙනුවෙන් කතා කරන්නෙ අතීතය, වර්තමානෙ දැනගෙන.. කිහිපදෙනෙකු නිසාවෙන් ජාතියක් කෙලසන්න එපා…

ස්තූතියි..

ඕනෑම පාසලක ඉන්න ශිෂ්‍යයන්ගේ හැසිරීමේ වැරදි තියෙනවා. ඒක ඔබත් මමත් පිළිගන්න කාරණයක්. අපිට ඕනෙ මේ කට්ටියගෙ ආකල්ප වෙනස්කරන්න. අපිට කාගෙවත්, අඩුම තරමේ මේ ගහන්න කඩාගෙන පැනපු අය එක්කවත් කිසිම පුද්ගලික ගැටලුවක් නෑ. ආනන්ද විද්‍යාලය කියන්නෙ මම පුද්ගලිකව ගෞරව කරන පාසලක්.

මෙතනදී වෙලා තියෙන්නෙ වෙනස්ම ආකාරයේ කතාවක්. පාසල් වේලාවේ පාසල් ඇඳුමින් සැරසී, පාසල් ධජ රැගෙන තවත් පාසලකට කඩාවැදීම සහ, පුද්ගලිකව පාසල් අතර තැන තැන කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීම කාරණා දෙකක්.

කිහිප දෙනෙක්ගෙ වැඩ නිසා පාසලේ නම කැතවෙන එක අද ඊයෙ වුන දෙයක් නෙවෙයි. ඒක හැම පාසලකටම පොදුයි. මෙතන තියෙන්නෙ නිහඬව කඩා වැදීමක් නොවෙන බව තේරුම්ගන්න අවශ්‍යයි. පාසලේ ධජ රැගෙන පැමිණ පහරදීම සෘජුවම පාසල නියෝජනය කරමින් කරපු දෙයක්. එහෙම නැතිනම්, මේ අය මෙහෙම දේවල් කරන්න කලින් හිතන්න ඕනෙ.

අනිත් එක මේ හැමදේම පටිගත කරල අන්තර්ජාලයට එකතු කරල තියෙන්නෙත් ඔවුන්මයි.

“mal mama” ge comment eke tiyenne wenama adahasak.eka buddhist kenek widayata mama reject karanawa. Ananda collage ekata buddhist aya wenuwen godak wada karapu history ekak tiyenawa. ekata samaharunge loku tarahakuth tiyenawa.. bt eka metanata gawa ganna epa. metendi une RC kollo awilla AC kollanta gahuwa, AC kollo return eka dunna. kauda waradi? degolloma ne daa? ai AC eka witarak waridi wenne?

තව දෙයක් පසුවට එකතු කරන්නම්,
දැන් වුන දේ ඉවරයි. අවශ්‍ය‍ වෙන්නෙ වැරදි හදාගෙන ඉදිරියට යන එකයි. ඒ පහරදීමට පැමිණි පාසල් සිසුන්ට හොඳින් කරුණු අවබෝධ කරදී නැවතත් මෙවැනි දෙයක් සිදුනොවීමට අවශ්‍ය වාතාවරණය ඇතිකිරීම සිදුවිය යුතුයි. එහෙම නැතිනම් ඇති වෙන්නේ ශෝචනීය තත්වයක්. මෙවැනි ක්‍රියා නිසා පාසලෙන් අස් කිරීම වැනි දේවල් කිරීම අනුමත කරන්න බැහැ. මේක ඒ අයගේ නොදැනුවත්භාවය නිසා සිදුවුන සිදුවීමක් කියල අපිට කියන්න පුලුවන්. (තවම පොඩි අයනෙ)

පාසලක් තවත් පාසලකට ප්‍රසිද්ධියේ කරනු ලබන අගෞරවය, රටක් තව රටකට අ‍ගෞරව කරනවා වගේ බරපතළ කාරණයක්. ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුගේ පුතෙක් රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නත්, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය‍යින්ගේ නැණැස පාදන්නත් කටයුතු කරනවා වෙන්න පුලුවනි. මේ යථාර්ථය තේරුම්ගැනීමයි අවශ්‍ය.

රාජකීය විද්‍යාලය වශයෙන් අපට අවශ්‍ය මේ පිළිබඳව හඬක් නැගීම, අන්තර්පාසල් සහයෝගීතාව වර්ධනය කරගැනීම කියන කාරණා වගේම ශිෂ්‍ය ප්‍රජාවේ ධනාත්මක පිබිදීමක් දකින්නට අපිට අවශ්‍යයි.

ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒත් මොන ගැටුම් මැද්දෙ වුනත්, එකම තැනක ඉඳගෙන පාසල් හැමඑකකටම සතුටින් තම ක්‍රියාකාරකම්වලින් එකමුතුවීම වැදගත්.

හිහි… දැන් ඉතින් හැමෝම එකතුවෙලා කරන්නෙ ආනන්දෙට දෙහි කපන එක… රෝයල් එක කිසි වරදක් කරල නැහැ… 100% රාජකීය විදුහලක්… අනෙ මගෙ කට :පී… අපි නොදන්න රෝයල්… ඔය වගේ සිද්දි ආනන්දෙ විතරක් නෙමෙයි වෙන ඉස්කෝල අතරෙත් සිද්ද වෙලා තියෙනවා… මට මතක විදිහට ඩී. එස් එකෙනුත් එකපාරක් ඇවිත් නාලන්දෙ ගේට්‍ටුව කඩල ගියා… රෝයල් එක වුනත් ඉතින් ඔච්චරයි.. මහ ලොකුවට රාජකීය කියල හිතාගෙන හිටියට වචනෙන් විතරයි රාජකීය… ඕක ඔච්චර ලොකු කරගෙන දැඟලුවට තව මාස දෙක තුනකින් ඕක අමතකයි… ඕක තමයි ස්වභාවය.

මම ඔය සිද්ධියට අදාල පාසල් දෙකෙන් එකකටවත් සම්බන්ධයක් නෑ. නමුත් අපිත් වලි ගැන දන්නවා හොඳට.

මේකේ කීප තැනකම සඳහන් වෙලා තියන පාසල් ධජ රැගෙන වලියට යෑම ගැන කතා කලොත් කියන්න තියෙන්නේ මේ දවස් වල ධජ ඕනේ තැනක පහසුවෙන් හොයාගන්න පුළුවන්(Big match season නිසා ).ඒ නිසා ඕන කෙනෙක්ට පුළුවන් ධජ නම් අරන් යන්න. ධජ අරන් ගිය පමනින් පාසලේ අනුග්‍රහයක් ලැබුනා යයි කීම නම් අමු මුසාවක්.

ඕන පාසලක ඉන්නවා කැහිල්ල වැඩි උන් ටිකක්. උන් තමා ඉස්කෝල කන්නේ.

තව දෙයක්,
“සැමට සහෝදර ප්‍රතිපත්තිය අනුගමනය කරන රාජකීය විද්‍යාලය” කියන වාක්‍යයේ සත්‍ය/ අසත්‍යතාව ගැන නම් කොළඹ පාසල් වලට යන බොහෝ අය දන්නවා ඇති . :p

ආනන්ද, රෝයල් කෙසේ වෙතත් මෙහි ඇත්තේ ප්‍රාථමික මොබ් මෙන්ටලිටියයි.
කකා

හරියටම හරි, මේ post එකට කට්ටිය comments වලින් මරා ගන්න හැටියෙන්ම ඒක prove වෙනවා.

රටේ නීති කඩන අයට නඩු නැත්තේ ඇයි. එතනයි මූලික වරද!
අනේවාසික

First, as an old Anandian, I was shocked and ashamed to see this video. Having not read the papers for few days, I am not fully aware of the incident; participation of such a student crowd suggests more a ‘return’ but that is no excuse for this shameless behavior. Minor incidents have always been common among Colombo schools, but certainly not at this level.

Ananda principal must take fully blame. I hope he will take the right disciplinary action. In a similar incident in 1981 (it was only internal) then principal had the courage to suspend ten students, even risking his position. The student leader’s father was then examinations commissioner, but he did the right thing and gone within few months. It wouldn’t do Ananda any good if the culprits go free.

Having said that, this is only a reflection of a larger problem. Sadly, Ananda is currently (mis)guided by wrong people. That is the price we have to pay for having few ‘distinguished’ old boys. Same thing happened to Matara Rahula during the last regime but they could come out of it. I hope Ananda survives this turbulence.

@ චානුක Wattegama,
ඔබ 1983 දී ආනන්දයේ සිටියාද? ජූලි කලබල වලදී ආනන්දයේ සිසුන් ගේ ක්‍රියාකලාපය ගැන ඔබේ මතකය කෙසේද?
අනේවාසික

@Anewasika,

I was in Grade 10 in 1983. I do not think Anandians, as students, had any role in the riots. On July 25th I (with few friends) walked from school to home at Battaramulla. We saw the worst from Borella to Rajagiriya. Maradana was relatively calm. Perhaps because of less Tamil population.

මල්ලී කියලා තියෙන කථාවට මගෙ කිසිම විරුද්ධත්වයක් නැහැ… ඒත් මෙහෙම දෙයක් තියෙනවා… මම හිතනවා මේ බ්ලොග් සටහනේ ටෝන් එක ටිකක් වෙනස් වුනා නම් හොදයි කියලා…. මමත් ප්‍රව්ඩ ආනන්දීයයෙක්… ආනන්දීයයෙක් විදියට මමත් මේ වගේ පාසෑල් අතර ගැටුම් අනුමත කරන්නේ නැහැ.. මගේ තර්කය නම් මේ වගේ අවස්ථාවක් පාදක කරගෙන පාසැලට චෝදනා එල්ල කිරීම වැරදි බව… මල්ලි හැම පාසලකම ඔය වගේ කලු පැල්ලම් තියෙන බව ඉතිහාසය කියා දේවි.. ඒත් හිතලා බලන්න ආනන්දයෙනුත්, රාජකීයයෙනුත් රටට සේවයක් වෙලා නැද්ද කියලා… ඒ වගේම හිතලා බලන්න ඇයි අපි අද මේ සින්හලෙන් බ්ලොග් ලියන්නේ? අපි මෙතන ඉන්න බහුතරයක් හීන දකින්නේ ලස්සන රටක්… ලස්සන ලෝකයක්… සහෝදර සහෝදරියන් ජීවත් වෙන ලෝකයක්…ඒ නිසා අපි තත්වය වරදවා වටහා ගැනීම අපිටම අවාසියි… මම හිතනවා සුදාරක මල්ලි මේ කථාව හරියටම වටහා ගනීවි කියලා… අද ශ්‍රී ලාන්කික අපි පුරුදු වෙලා ඉන්නේ හැගීම් වලින් තීරණ ගන්න… අද අපි මේ ගැන fact and figures වලින් හිතමු…

@ මල් මාමා

පක්ෂ දේශපාලනය සහ මේ ප්‍රශ්නය පටලවා ගන්න එපා… ආනදය ගැන විතරක් නෙවෙයි, ඕනෙම පාසලක් ගැන මීට වඩා වගකීමෙන් සහ ගවුරයවයෙන් කථා කරන්න…ආනන්දයේ පාසැල් පුනරුත්ථාපන වැඩසටහන්වලින් වැහෙන්න නොදී බේරාගෙන උදවු උපකාර කල දුෂ්කර පාසල් වල දරුවෝ අදටත් අපිට කථා කරලා පින් දෙනවා… ඕනම පාසලක් ශ්‍රේෂ්ඨයි…

@ පාසල වලට බණින හැමෝටම…

කුහක වෙන්න එපා.. මේ වගේ අවස්ථාවකදී ඇරියස් කවර් කරන්නත් එපා.. හීනමානයන් එළිදක්වන්නත් එපා… අපි හැමෝම තමන්ගේ ආදරණීය පාසලෙන් ජීවිතයට පුරුෂාර්ථ එක් කරගත්තා නම්, තමන්ගේ පාසලට ලෙන්ගතුයි.. මම පුහු අපහාසයට විරුද්ධයි…

අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ දෙයක් වුනාට පස්සේ ‘ඔයාලත් ඉස්සර මෙහෙම කරලා තියෙනවා’ කියන එක පළක් නැහැ.. ඒත් මේ සිදුවීම අනුමත නොකරන අපි හැමෝම වගකීමෙන් හිතන ලස්සන මිනිස්සු වෙමු…

@ Pathum Punchihewa
මෙතන පක්ෂ දේශපාලනයක් ගැන කථා කරලා නෑ. සිංහල බෞද්ධ වර්ගවාදය ගැන නම් කතා කරලා තියනවා

@ මල් මාමා

මල් මාමා ඉතිහාසය තව පාරක් කියවලා බලන්න… ආයීමත් මම මතක් කරනවා… කරුණු සහ කාරණා සමගින් කථා කරන්න…. ඔබේ කතාව කිසිසේත්ම ගවුරවාන්විත නොවේ… මම ආනන්දයේ සිසුවෙක් නොවුනත් මට ඔබට කීමට ඇත්තේ එපමණයි…

@ මල් මාමා

තවපාරක් හිතලා බලන්න ඔබ ගම කරන අදහස පුහු පක්ෂ දේශපාලනයම පමණක් නොවේද කියලා… නොවේද කියා… ආනන්ද නාලන්ද විදුහල් සිහළ බොදු අන්තවාදය නියෝජනය කරණ බව සාධක සහිතා මෙහි ලියන්න…

@මල් මාමා,

සිංහල බෞද්ධ වර්ගවාදය ප්‍රචාරණය කිරීමේ ඒකාධිකාරය තවදුරටත් ‘සිංහල බෞද්ධ’ පාසල් කිහිපයකට සීමාවී නැත. මේ වන විට රටේ හැම අධ්‍යාපන ආයතනයක්ම (සරසවි ඇතුළුව) මේ කාර්යය භාරගෙන ඇත.

ශ්‍යාම් සෙල්වදොරෙයිගේ ‘The Funny Boy’ කියවන්න. ඔහු නිරූපනය කරන්නේ අසූව දශකයේ මැද භාගයේ රෝයල් එකය. කතානායක අර්ජුන් තම මව්බස වන දෙමළෙන් ඉගෙන නොගෙන සිංහල පංතියකට ඇතුළු වීම ආනන්තරිය පාපකර්මයක් වන හැටි බලන්න. අද ඉතාම ජඩ වර්ගවාදියකු වී සිටින මාලින්ද සෙනෙවිරත්න නම් කුලී ලියන්නා බිහිවන්නේ මේ පරිසරයෙන් නොවේද?

සිංහල බෞද්ධ වර්ගවාදය මේ වන විට අපේ සමාජයේ ඇට මිඳුළු දක්වා ගමන් කොට ඇත. දැන් මේ විස පොවනු ලබන්නේ මව් ඇකයේදීමය. ඊට පාසලකින් යමක් එකතු කරන්නට නැත. ගහේ කටු අමුතුවෙන් උල් කළ යුතුද?

@සුපුන් සුදාරක: සමාවෙන්න ඕන මචෝ අදාල නැති කමෙන්ට් එකක් දැම්මට ඒත් මේක දැක්කම නොලිය ඉන්න බැරි උනා
@Taboo :
“සිංහල බෞද්ධ වර්ගවාදය මේ වන විට අපේ සමාජයේ ඇට මිඳුළු දක්වා ගමන් කොට ඇත”
යම් දුරකට හෝ නොතිබ්බානම් අද වනවිට ලංකාවේ සිංහල බෞද්ධයො කියල ජාතියක් නෑ.
Taboo කියන්නේ සිංහල බෞද්ධයෙක් නෙවෙයි නම් ගැටලුවක් නෑ එහෙම නොවනව නම් ඔබේ සහ ඔබේ පියාගේ ලේ සන්සන්දනයක් කරල බලන්න කියල කියන්න ඕන……

Taboo කියන්නෙ සිංහල බෞද්ධයෙක් නෙවෙයි. ඒකනෙ Taboo කියන්නෙ. නැත්නම් ‘තාබුවංශ’ වෙන්ට එපායැ! හරිනෙ. දැන් ප්‍රශ්නයක් නෑනෙ.

මේවගේ දෙවල් වලට ඉරිසියාවත් මුල් වෙනව… ගොඩක් අම්මල තාත්තල තමන්ගෙ ලමයා 3 වසරට පිවිසෙන කොට “රෝයල්” සිහිනයක් මවනව..මවල ශිෂ්‍යත්ව විභාගෙට මරවනව…ඒත් රාජකීය විද්‍යාලයට ශිෂ්‍යත්වයෙන් ගන්නෙ 150ක් වගේ පිරිසක්. ඒකට යන්න ලකුණු මදිනම් ඊලඟට ආනන්දෙ… ඉතින් රාජකීයට ලකුණු එකක් දෙකක් මදි වෙන ලමයින්ට තමන්ගෙ බලාපොරොත්තු කඩවීම තුල රාජකීය විදුහල ගැන යම් ඉරිසියාවක්, වෛරයක් ගොඩ නැගෙන්න හැකියාවක් තියෙනව… ඒ වගේ දෙවලුත් මෙවට හේතු වෙන්න පුලුවන්

ආනන්ද විද්‍යාලයට වඩා බුද්ධිමත්ව කටයුතු කරමු.. මේ කතාවට නම් මම විරුද්ධයි. ආනන්ද විද්‍යාලය කියන්නෙ රාජකීය විද්‍යාලය වගේම මිනිස්සු බිහිකරපු තැනක් ඒ වගේට බාලිකා පාසල් වලට පැනලා ජෝගි නටන එක සාධාරණීකරණය කරලා මේක අසාධාරණයි කියලා මාරු වෙන්නත් බෑ. මම හිතන්නේ ඔතන ඔය නහරකාරයෝ පිරිසෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් ආපු මිනිස්සු ඉන්නෙ අතලොස්සක් කියලා මට මගේ අත්දැකීමෙන් කියන්න පුළුවන්. තවත් පාසලකට ගිහින් ගහලා එනවා කියන එක ඊර්ෂ්‍යාව යටතේ වර්ග කරන්න බෑ. ඔතන යොවුන් වියේ ඇතිවන් ආවේගශීලි තත්වයන් එක්ක මිශ්‍ර වුන පාසල් බෙදීම් කියන එක මූලිකව බලපානවා. අපිත් ඒ කාලෙ රාජකීය විද්‍යාලයේ ඉන්නකොට ඔය ප්‍රශ්නෙට විසඳුම් හෙව්වා ඒත් ඒක අසාර්ථක වෙන්නෙ ඒ වගේ දේවල් වලට අපිත් එක්ක වෙනත් පාසල් වලින් සම්බන්ධ වෙන සිසුන් මේ වගේ දේවල් වලට මැදිහත් වෙන්නේ නෑ අන්න එතනදී තමයි ඔය ශිෂ්‍යත්ව කතාව වෙනස් වෙන්නෙ. මේකට සම්බන්ධ වෙන්නෙ කවුද සම්බන්ධ වෙන්නෙ ඇයි කියන එක වෙනම කතිකාවතක් ඇතිකරන්න පුළුවන් ප්‍රශ්ණයක්.

ගණන් ගන්න එපා මල්ලී… මෙතන වයසෙ වැරද්ද විතරයි තියෙන්නේ..
ගිය සතියෙ අසෝක, ආනන්ද බස් එකකට නාලන්දෙ මැ‍රයො ගහපු කතාව මල්ලි දන්නෙ නැද්ද
ඊ‍ට පස්සෙ පොලී‍සියෙන් ගු‍ටි කාපු පාසල් වල ළමයි‍ට ඇවිත් කි‍ව්ව ගහපු අයට මෛත්‍රී කරන්න කියල 😛

ඔය වගේ කතා බ්ලොග් වල ලියන්න ගියොත් සින්ඩියත් පිරෙවි. ඒ තරම් තියෙනව

This rivalry between these colleges existed for many years. I can remember when we were in school also the Anandians and the Nalandians almost ‘hated’ anything Royal. The reason they gave for this hate was that their schools were Sinhala Buddhist schools as against our almost foreign school. They think they are superior because they only have students of one race and religion (mostly) and because their school was started by a so-called buddhist American. Of course the only reason we could think of was jealousy. Its the same kind of jealousy we see everywhere.

To be quite frank and blunt, quite a few of these fellows would have wanted to get into Royal but had to settle with the ‘second choice coffee brand’. Most are now envious and this is a sour grapes reaction.

Sorry for breaking the pacifist tone of the comments but I think this is the truth.

ආගම බෞද්ධ වුණත් ගම මරිය කඩේනෙ නේද?

අනන්ද සහ නාලන්දා විද්‍යාලවල ඉගෙන ගන්නා (?) සහ ඉගෙනගත් (?) අය හිතා ඉන්නෙත් කියන්නෙත් මේ රට ජාතිය බුද්ධාගම බේරාගෙන පෝෂණය කළේ කරන්නෙ ඒ අය ය කියල නෙ. අනිත් අතට රාජකීය විද්‍යාලයය කියන්නෙ ඔවුන්ගෙ මතය අනුව ක්‍රිස්තියානි පරිසරයක් ඇති විජාතික ගැති පුද්ගලයන් බිහි කළ, කරන තැනක් නෙ. ඉතින් මේ බුද්ධාගම බේරගත්ත වීරයන්ගෙ බෞද්ධ දරු කැල පොළු මුගුරු අරගෙන බල්ලෝ කිය කිය කෑ ගගහ කළ මොට්ට වැඩේම රාජකීය විද්‍යාලයයෙ සිසුනුත් මෙයට පෙර කරල තියෙනව කියන එක මේ සිද්ධියට අදාළ වෙන්නෙ කොහොමද උපාසක මහත්තයො? තමන්ට වරදක් කළ පුද්ගලයෙකුටම වුණත් පහර දීම, බල්ලා බූරුවා කියා අපහාස කිරීමට තැත් කිරීම බුදුරජාණන් වහන්සෙ අනුදැන වදාළෙ කොයි සූත්‍ර දේශනාවෙදිද කියල ඔය උපාසක මහත්තයම පැහැදිළි කළොත් හොඳයි.

එහෙමනම් මේකට හේතුව උප්පත්ති දෝෂයක්වත් ද? ආගම බුද්ධාගම වුණත් ගම මරියකඩේ නෙ නේද?

මම නම් දන්න තරමින් ලංකාවෙ වෙනත් පලාත් වලත් ‘බිග් මැච්’ අමාරුව තියෙන කාලෙට ඔය වගෙ දේවල් සිද්ධ වෙනවා. කොළඹට ආවේණික දෙයක් නෙමෙයි.

Tho thawa dawas 2k athulatha me post eka remove kale nethnam umbawa hoyanna umbe amma thaththata wath beri wei.. honda welawata muunath dala thiyenne..

aye ithin nokiuwai kiyannepa

Mulin mama meka dakke yaluwekge gedaradi.
mata sinhala fonts na.
parakku wela hari
prarthana karanawa sudharaka obata pakshak grahi novi adahas pala kirimata haki wewa kiyala.
namuth mewan siduweemakadi Ananda desa balana dushti konaya wenas kala yuthui neda?
Apa danna widiyata Anandaya obe pasalata mewan deyak kale hethuwak nomathiwa JOLIYATA nowe.. mehi yatagiya siduweem api nodannemu.
namuth Anandayata pamanak agilla esaweema waradi neda.
mata sinhala fonts na.
parakku wela hari
prarthana karanawa sudharaka obata pakshak grahi novi adahas pala kirimata haki wewa kiyala.
namuth mewan siduweemakadi Ananda desa balana dushti konaya wenas kala yuthui neda?
Apa danna widiyata Anandaya obe pasalata mewan deyak kale hethuwak nomathiwa JOLIYATA nowe.. mehi yatagiya siduweem api nodannemu.
namuth Anandayata pamanak agilla esaweema waradi neda.

Leave a Reply to Chanuka Wattegama Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.