Categories
විවිධ

මෙන්න ප්‍රවෘත්ති!

ප්‍රවෘත්ති පිළිබඳ දැඩි ඌණතාවකින් පෙළෙන හුදී ජන පහන් සංවේගය උදෙසා ක්‍රියාත්මක වන අප හිතවත් ජනමාධ්‍ය වර්තමානයේ අන්තර්ජාලය භාවිතාවෙන් සිදුවන අකටයුතුකම් වාර්තා කරමින් සිටියි.

මේ දුටු හද කම්පිත ජනතාවගේ අනාගත නායකත්වය උසුලන පාසල් සිසුන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රවනතාව උච්ඡත්වයට පත් වෙමින් පවතින මේ මොහොතේ ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා ඔවුන්ව දැනුවත් කිරීමට ප්‍රථමයෙන් ක්‍රියාත්මක නොවී, ඊටත් වඩා අති සාර්ථක වූ ක්‍රමෝපායන් මඟින් පාසල් සිසුන්ගේ සියදිවි හානි කරගැනීම වලක්වාගනු ලැබේ.

‍මේ සඳහා වූ අති සුවිශේෂී ක්‍රියාමාර්ග මෙසේය…
පාසල් තුළට ප්‍රථමයෙන් ජංගම දුරකථන රැගෙන ඒම තමනම් වන අතර ඒත් සමඟම පාසල් තුළ ප්‍රධාන වශයෙන් ටයි පටි තහනම් කෙරෙනු ලබයි. එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි වැසිකිලි වසා දැමීමට කටයුතු කළ යුතුය. පාසල් තුළ වීදුරු බෝතල් හා විද්‍යාගාර උපකරණ වහාම ඉවත් කළ යුතු අතර. ආපන ශාලා සහ විද්‍යාගාර ලෑලි ගසා වසා දමන්නේ නම් මැනවි. අවසාන වශයෙන් පාසල් ගේට්ටුවද වසා දමා. පාසල් භූමිය බහු ජාතික සමාගමක විකුණා දැමීම ඉතාමත් යෝග්‍ය කරුණකි.

මෙම මරණ ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු සහගත වන ප්‍රේම සම්බන්ධතා ඇතිවීම වලක්වා ගැනීමට බල කෙරෙනු ලබන අතර. ඒ සඳහා පිරිමින්ට කාන්තාවන් නොපෙනෙන, කාන්තාවන්ට පිරිමින් නොපෙනෙන ඇස් කණ්ණාඩි “හැරී ‍‍පොටර් සහ ඔහුගේ පුත්‍රයෝ” සමා‍ගමෙන් මේ වන විටත් ඇනවුම් කර ඇත. එමෙන්ම දැනට විවාහ වී සිටින පවුල් නැවතත් ලියාපදිංචි කෙරෙනු ලබන අතර. ඔවුන් විවාහ වූ ක්‍රමය එහි සටහන් කිරීමට අත්‍යවශ්‍ය වේ. එහි,

ආදර විවාහයක් ලෙසින් සටහන් වී ඇත්නම් ඔවුන්ව වෙනම ලැයිස්තු ගත කොට පසුව දික්කසාද නඩු දමා දික්කසාද කරවනු ලැබේ. එමෙන්ම දික්කසාද කරවනු ලබන පුද්ගලයින් එලෙස දික්කසාද කරවනු ලැබූ වෙනත් පුද්ලයින් සමඟ කසාද බන්දවනු ලැබේ.

සෑම විවාහ සම්බන්ධතාවක්ම යෝජනා විවාහ විය යුතු අතර. මංගල දැන්වීම් පුවත්පත්වල හෝ “අනුමත” කරනු ලැබූ වෙබ් අඩවි වල මුදල් ගෙවා ප්‍රචාරය කර, මඟුලක් සොයා ගත යුතුය. ජනතාව ගමන් කරනු ලබන පදික මාර්ග තුළ සෑම පුවත්පතකම මංගල දැන්වීම් අතිරේකය නොමිලයේ බෙදා හරිනු ලැබේ. පුද්ගලික මංගල කපුකම් ආයතන දිරිගන්වනු පිණිස ඔවුන්ට ණය හා වෙනත් දීමනා ලබාදේ.

අවසාන වශයෙන් ජංගම දුරකථන භාවිතා කරනු ලබන පුද්ගලයින්ට තිර පහසුකම් නැති “ගඩොල් භාග” ලෙසින් හැඳිවෙන දුරකථන භාවිතයට දිරිගන්වනු ලබන අතර. දැනට භාවිත දුරකථන වලට “ග‍ඩොල් භාග” හුවමාරු කරනු ලැබේ. කාන්තාවන්ගේ ආරක්ෂාව පිණිසඳ ගඩොල් භාග වැනි “ගඩොල් භාග” දුරකථන වක්‍රකාරයෙන් ප්‍රයෝජනවත් බැවින් SLS සහතික යට‍තේ විවිධ හැඩයෙන් යුක්ත ගඩොල් භාග සියරට තුළම නිෂ්පාදනය කරනු පිණිස කර්මාන්ත ශාලා බහුජාතික සමාගම් විසින් සිය ප්‍රාග්ධනය යොදවා ඇති කරනු ලැබේ.

මේ සමඟ මිල ඉහළ යන ගඩොල් සෑදීමේ අමුද්‍රව්‍ය මිලට ස්ථාවර මිලක් යෝජනා කරනු ලැබේ.

අද ප්‍රවෘත්ති මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට සියදිවි හානිකරගැනීමකටවත් දිවියක් නොමැති සුභ දිවියකට සුභාසිරි!


ක්ෂණික පුවත් වැඩිදුරටත් – http://micro.sudaraka.com

16 replies on “මෙන්න ප්‍රවෘත්ති!”

ඉඟිය ‍තේරුම්ගන්න – ජනමාධ්‍ය මෙතන ලොකු බලපෑමක් කරමින් සිටිනවා 😉

@ප්‍රවීන් ඉන්ද්‍රනාම- හැබැයි උන් බලපත්‍ර තියාගෙනත් සියදිවි හානික‍රගත්තොත්? 😀

එහෙම කරයිද? ලයිසන් තියෙනවනං බයවෙන්න දෙයක් නැති නිසා නහින්න හදන එකක් නෑ නේද? ගුරුවරුන්ටත් ලේසියි. ෆෝන් එකක්, ලියුමක් අහුඋනාම කෙලින්ම අහන්න තියෙන්නේ “ඔය ලමයට ලයිසන් තියේද?” කියලා 😀

දිගින් දිගටම මෙහෙම බුද්ධිමත් තීරණ අරගෙන මහන්සි නැද්ද මන්ද..කොහොම උනත්,

ආයුබෝවේවා මහ රජාණනී!! 😛 😛

වෙස්පොත හෝ එවැනි සමාජ ජාලවල සාමාජිකත්වය ගැනීමට පෙර රැපියල් දෙසීයයක ආපසු නොගෙවන රිසට්පතයක් ගත යුතු අතර එම ජාලවල ජායාරූප දැමීමට පෙර ශ්‍රාම නිලධාරිතුමාගේ අනුමැතිය සහිත අත්සනය සමඟ පල කළ යුතු අතර සියලු බාලිකා විදුහල් වල සිසුවියන් තමා ළඟ එම රිසට් පත්‍රය ළඟ තබා ගන්නා ලෙස ජනමාධ්‍ය ඇමති *************** පවසනු ලැබුවා.

හරි ඇත්තටම මොකක් ද යෝජනා කරන්නෙ ?

නවතම “ලයිසොං” ක්‍රමය හඳුන්වාදීමෙන් පසු, ව්‍යාජ ලෙස ලයිසන් මුද්‍රණය කරන මුද්‍රණාල වැටලීමට දිස්ත්‍රික් මට්ටමින් විශේෂ පොලිස් කණඩායම් පත් කෙරේ… 🙂

Taboo හිටිය නම් මේ සිද්ධිය ගැන හොඳ පෝස්ට් එකක් කියවන්න තිබුණා. ඒත් දැන් Taboo නිහඬ නිසා ඒ අවස්ථාව නෑ. ඇත්තටම Taboo ට මොකද වුණේ? කවුරුත් දන්නවද?

නියම සටහනක්. අනාගත ශ්‍රී ලංකාව ගැන ෙහාද ෙපරනිමිත්තක්….

බොහොම හොදයි..! ඔය ක්‍රමය යටතේ හිතලා බැලුවම රැකියා ප්‍රශ්ණය හා ජනගහණය වැඩිවීම උනත් හොදට පාලනය කරන්න පුළුවන්.

I am very serious මචන්.

If she was my daughter I will kill the principle and the teacher and prefect….i promise U….really…i am very very sad…

නියම තීරණයක්! මේ නීති මේ විදිහට අකුරටම පිළිපදින එකයි තියෙන්නෙ. 😀

හොද ලිපියක්
කැකිල්ලේ රජ්ජුරුවංගේ පරම්පරාවේ අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වීම අපිට මහත් (අ)ගෞරවයක්

Leave a Reply to ප්‍රවීන් ඉන්ද්‍රනාම Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.