Categories
තොරතුරු තාක්ෂණය විවිධ

පුළුල් පරාස (Broadband) ගැන දනගන්න – ලර්න් ඒශිආ / සර්වෝදය වැඩ මුළුව

ඔබේ ඉන්ටර්නෙට් සබඳතාවය කෙතරම් වේගවත්ද? ඔබ අපේක්ෂිත වේගය අත් විඳින්නේද?

වසර කිහිපයක සිට කලාපීය පුළුල් පරාස ඉන්ටර්නෙට් සේවාවන් ගැන පර්යේෂණයන්හි නිරතව සිටින ලර්න් ඒශිආ (LIRNEasia) ආයතනය පුළුල් පරාස ඉන්ටර්නෙට් වේගයන් (Broadband speed) නීර්ණය කළ හැකි AT-Tester යෙදුම හඳුන්වා දෙයි.

මෙය නිදහස් මුදුකාංග (Open Source software) උපයෝගී කර ගෙන සකස් කොට ඇත. Spedtest.net හා Speedtest.com බඳු යෙදුම් නොසපයන ආකාරයේ තොරතුරු සපයන්නකි.

ලර්න් ඒශිආ / සර්වෝදය එක්දින වැඩ මුළුව (නොවැම්බර් 25, 2008)

(සහභාගිත්වය අය කිරීමකින් තොරව )

උදෑසන 8.30 සිට 11.30 දක්වා මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේදී

කොළඹින් බැහැර සිට පැමිනෙන්නන් උදෙසා පෙර දින රැය සර්වෝදය මූලස්ථානයේදී නවාතැන් පහසුකම් සැපයිය හැක.

මීට සහභාගි වීමට නම් ඔබ:

මාස තුනක් වත් පවත්වාගෙන ගිය බ්ලොග් සටහනක හිමිකරුවකු හෝ වසරක වත් පළපුරුද්ද ඇති නැණසල/ටෙලිසෙන්ටර් ක්‍රියාකරුවකු විය යුතුයි.

වැඩි විස්තර සඳහා දුරකථන අංකයක් සමඟ විමසන්න:

චානුක වත්තේගම chanuka(ඇට්)hotmail.com

3 replies on “පුළුල් පරාස (Broadband) ගැන දනගන්න – ලර්න් ඒශිආ / සර්වෝදය වැඩ මුළුව”

Leave a Reply to ඩනිෂ්ක Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.