Categories
විවිධ

ඇයි Google ලංකාවට මෙහෙම කරන්නේ?

ඔව්, කතා දෙකක් නෑ දැනට ලෝකේ තියෙන හොඳම වෙබ් අඩවියයි Google කියන්නේ, භාවිතා කිරීමට පහසු, ඒත් සංකීර්ණ ක්‍රමලේඛණ යොදාගනිමින් නිමවා ඇති Google වෙබ් අඩවියෙන් ලබාදෙන සේවාවන් අතුරින්, Google Mail (GMail), Google Docs, Google Apps, Blogger වැනි ‍සේවාවන් වැදගත් වෙනවා. ඒ අතුරින් වෙබ් අඩවි නිර්මාණකරුවන්ට මුදල් ලබාදෙන (Google Adsense) සේවාවත් ඉතාම ජනප්‍රියයි. ඒත් වාර්තාවන විදිහට දැන් මේ Google Adsense සේවාව සිංහල භාෂාවෙන් (සිංහල යුනිකේත) නිර්මාණය කරන වෙබ් අඩවි හා බ්ලොග් අඩවි වලට ලබා දෙන්නේ නෑ. ඒ වගේම ලංකාවේ අයට Adsense for Videos කියන පහසුකම ලබාදෙන්නේත් නෑ. ඒ වගේම Google Summer of codes හි ඉදිරියෙන්ම සිටියෙත් ලංකාවේ අය බවත් ඔබ දන්නවා ඇති. (දන්නේ නැතිනම් පිවිසෙන්න) ඉතින් ඇයි ගූගල් අපිටම මෙහෙම කරන්නේ ආ…?

5 replies on “ඇයි Google ලංකාවට මෙහෙම කරන්නේ?”

ඔයා හරි මටත් ඔය වැඩේ වුණා. මමත් register වුණාම ඊ මේල් එකක් එවලා තිබුණා “a unknown language” කියලා. මොනවා කරන්නද අපේ පව

This has nothing to do with our language or we being Sri Lankans. Their ads are content sensitive. When your content is in Sinhala, how can they match it with their ads, which are mostly in English?

මම මගෙ එකට දාල තිබ්බ. ඒත් එහෙම අවුලක් ආවෙ නෑනෙ. ඒත් මගෙම ක්ලික්කිරීම නිසා අයින් කලේ

@ suranga – මම ඉඟියකින් අදහස් කරේ මේකයි. ගූගල් ඇඩ්සෙන්ස් අපේ වෙබ් අඩවියේ තියෙන text වලටයි sensitive ඒක නිසා අපි සිංහලෙන් ලියන පෝස්ට් වල අතරමැදට ඉංග්‍රීසියෙන් මොනවාහරි ලියලා දැම්මොත් Google Adsense ඒ පිළිබඳව සලකලා අර ඉංග්‍රීසියෙන් දාපු වචන වල‍ට සම්බන්ධ දැන්වීම ලබා දෙනවා. ඒත් සිංහලෙන් බ්ලොග් ලියන අයට කලින් ගැටළුවක් ඇතිවුනේ නෑ. මගේ බ්ලොග් අඩවියේ කලින් ගූගල් ඇඩ්සෙන්ස් තිබ්බා. ඒත් දැන් ඒ අය කියනවා, වෙනත් භාෂා (උදාහරණයක් වශයෙන් සිංහල) වලන් තියෙන වෙබ් අඩවි වල ඇඩ්සෙන්ස් දැන්වීම් දැම්මොත්, ඇඩ්සෙන්ස් ගිණුම තහනම් කරන බවට. ඉතින් ඒ බයටම මගේ සිංහල බ්ලොග් අඩවියේ දැන්වීම් අයින් කරා. ඉතින් ඒක ටිකක් අසාධාරණයි වගේ පේනවා නේද? අනික මම තවත් දෙයක් කියන්න උත්සාහ කළා, Google Summer of codes වගේ ඉසව්වකදී ශ්‍රී ලංකාවෙන් ලැබිච්ච සහයෝගය ගැන වත් හිතලා ලංකාවට යම් කිසි අවධානයක් යොමු කරන්න Google එකට හැකියාවක් තිබුණා කියලා කියන්නයි මට ඕන වුනේ.

කොහොම වුනත්, Google තමයි මම කැමතිම වෙබ් අඩවිය.
😀

කොහොම උනත් අපේ අයගේ හොර ක්ලික් නිසා මේක නැත්තටම නැතිවෙන්නත් බැරිනෑ… තන්හාය ජායතී සෝකෝ කියනවනේ 😀

Leave a Reply to මාලින්ද Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.