ඇති යාන්තම් ඕන්න අද තමයි අපේ ගෙදරට ඒ. ඩී. ඇස්. ඇල් ලැබුනේ. කියලා වැඩක් නෑ දැන් නම් පුදුම සනීපයක් තියෙන්නේ. ටෙලිකොම් එකට කතා කරලා කරලා කටත් රිදෙනවා. කොහොමහරි ඉතින් ප්‍රතිළුල සාර්ථකයි නේ. 😉 කෝ ඉතින් කට්ටියම සුභ පතන්නකෝ! නෑ! නෑ!! මට නෙවෙයි! ටෙලිකොම් එකට. මාත් ඔවුන්ට සුභ පතන්න ඕනේ මාස 4ක් වැනි කෙටි කාලයක් තුලදී මාව තම්බ තම්බ ඉඳලා අවසානයේ ස්ථාවර දුරකථනයයි. ඒ. ඩී. ඇස්. ඇල් සම්බන්ධතාවය ලබා දීපු එකට 😀 😀
Month: May 2008
Categories
හීන තටාකෙට – පට්ට කොපිය
කවුරුත් දන්නවා ඇති චිලී ගැන. එයා තවත් එක් නව රැල්ලේ එසේත් නැත්නම් නව පරපුරේ ගායකයෙක්. මේ ළඟදී එයාගේ හීන තටාකෙක ගීතයට මියුසික් වීඩියෝ එකක් එළිදැක්වුනා. හැබැයි ඒක දැක්කාම පට ගාලා මතක් වුනේ හින්දි චිත්‍රපටියක්. ඒක තමා පසුගිය වසරේ වැඩිම ආදායම් වාර්තා තැබූ හින්දි චිත්‍රපටිය. වෙන මොකක්වත් නෙවෙයි! ඒ චිත්‍රපටිය තමයි “ඕම් ශාන්ති ඕම්” ! මියුසික් වීඩියෝවේ 100%ක්ම දර්ශන ඕම් ශාන්තී ඕම් චිත්‍රපටියේ ගීතවලින් උපුටාගන්නා ලද්දක්. හැබැයි කොපි කිරීමත් කිසිම අඩුපාඩුවක් නැතිව කරලා තියෙනවා දැකීමත් සතුටත් 😀 හැබැයි මේක ශාරුක් ඛාන් දැක්කොත් එල්ලිලා මැරෙනවා! 😀
මෙන්න “හීන තටාකෙක” මියුසික් විඩීයෝව
මේ තියෙන්නේ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියේ ඇතුලත් ගීත වල වීඩියෝ!