Categories
විවිධ

කිරුළට කිරුළක්!

“මේ රාජකීය විද්‍යාලයේ මාධ්‍ය  ඒකකයේ නිල ප්‍රකාශනයයි. මෙය අප ඒකකයේ නිරන්තර සාකච්ඡා වලින් මතු වූ අදහස් වලින් පෝෂිත වූවකි. පාසල් මාධ්‍ය ඒකකයක් සතු වගකීම වන්නේ ශිෂ්‍යයින් සැබෑ මාධ්‍ය ක්‍රියාවලියකට යොමු කිරීමයි. බොහෝ සහෝදර පාසල් මාධ්‍ය සංස්කෘතිය නගා සිටුවන්නට කරන උත්සාහයට ගරු කරන නමුත් අප දකින හැටියට එය නිවේදන තරග වලට සීමා වූ වචන පමණි. මාධ්‍ය  අර්ථකථනය කිරීමේදී ඓතිහාසික ව බොහෝ පාසල් මාධ්‍යකරුවන් වරද්දාගත් අතරම ඒ වරද සවිඥානිකවම බොහෝ දෙනා පිළිපදිති. ඒ පිළිබඳ ව කිරුළ තුළින් ම කතා කරන්නට අප සූදානම්.”

ඒ කිරුළ සඟරාව. කිරුළ සඟරාව කොළඹ රාජකීය විද්‍යාලයේ නිල ප්‍රකාශනය. තවත් පාසල් සඟරාවක් නෙවෙයි. මේක සිරා සඟරාවක්.

එහෙම කියන්න හේතු ගොඩක් තියෙනව. ඒ හේතු එකින් එක විස්තර කරන්න මට වේලාව මදි. අනික හේතු කිව්වාම ඇති ගතියකුත් නැහැ. තමන්ම සඟරාව අතට අරගෙන තමන්ගේම හේතු අහේතු නිර්මාණය කරගැනීමයි වැදගත්.

සිස්ටම් එකත් එක්ක අන්ත පීඩිත ශිෂ්‍ය ප්‍රජාවේ ශිෂ්‍ය හඬ ගැන දැනගන්න විඳගන්න අවශ්‍ය  නම් කිරුළ සඟරාව අතට අරගෙන කියවන එක ඔබේ වේලාව නාස්ති කිරීමක් නොවෙයි. ඒ වගේම ඒ සඟරාව වෙනුවෙන් කරන වියදම ඔබට ආයෝජනයක් වේවි. අලුත් දෙයක් ගැන හිතන්න. කිරුළ සඟරාව උත්ප්‍රේරකයක් වේවි.