Categories
විවිධ

කාලෙකට පස්සේ…

අප්පේ… බ්ලොග් එක දැකපු කල්… මගේ මොනිටරේට කෙළවෙලා ගියා නෙව. ඒ අතරේ පන්ති වල වැඩ වැඩිවෙනවා හිටු කියලා. අපේ ගණන් සෑර් ගණන් ටියුට් එකක් දීලා කියනවා. ඔන්න පුතේ ගණන් එකසිය හැට හුටාමාරක් තියෙනවා හදාගෙන එන්න කියලා. ගෙයින් එළියට බහින්න එපා පුතේ අහල පහළ ගෙවල් වල ඉන්න අයත් එකතු කරගෙන ගණන් ටික හදාගෙන එන්න පුතේ. ඔන්න හරියටම තව දවස් හතක් තියෙනවා කියලා මේ සෑර් කියනවා ඕං. මෙන්න මෙයා ඒ පාර අහනවා…

ෂෝ‍ක් නේ?

දන්න අය දන්නවා කවුද ‍මේ සර් කියලා… මටත් ඉතින් මළ. මොනා කරන්නද… මේ දවස්වල ඕක කරගෙන යන එක තමයි වැඩේ. හැබැයි ගණන් පංතිය විතරක් නම් මදෑ. අලි මදිවට හරක් කිව්වාලු. භෞතික විද්‍යා පන්තියත් ඊට හපන්. උදේ හතේ ඉඳලා දවල් දොළහා වෙනකන්. “සැප කනේ”.!!!

මේ දවස්වල ADSL පාරිභෝගිකයන්ට Peo TV රුපියල් 1000ට දෙනවා. මාත් ඉතින් කහනවාට ගත්තා නෙව… හපෝයියා! නිකං දුන්නත් ගන්න එපා කියලා තමයි මට නං කියන්න වෙන්නේ ඩයලොග් ටීවි ‍මීට වඩා හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ. සිරාවටම Peo TV නම් චාටර්ම චාටර්. ඔන්න MTV එකේ ඇඩ් එකක් ගියා පහුගිය ඉරිදා රෑ අටට Filmfare awards පෙන්නනවා කියලා. හැබැයි Peo TV වල Filmfare awards පෙන්නන චැනල් එක. ඒ කියන්නේ SET (Sony Entertainment) කියන චැනල් එක දෙන්නේ නෑ. ඉතින් අපි පාරිභෝගික සහයට කතා කරලා බැලුවා මේ SET කියන චැනල් එක ගන්න පුලුවන්ද කියලා. ‍කෝ… ඒ අක්කා කියාපි… නෑ එහෙම චැනල් නෑ. එහෙම එකක් ඉදිරියට දෙන එක ගැන කියන්න බෑ කියලා… ඉතින් අපිත් හිත හදාගෙන වැඩේ අතෑරලා හිටියා.

මෙන්න බොලේ ඊට පහුවෙනිදා උදේ SET චැනල් එක එකතුකරලා!!! දෙන්න හිතෙනවා!!!! මේ ටෙලිකොම් එකනම් මහා ජරා යක්කු ඕන වෙලාවට කිසි දෙයක් කරගන්න බෑ කියලා මට හිතුනා… හැබැයි ඔන්න අප්‍රේල් 10වෙනිදා ඉඳලා IPL නම් බලන්න පුලුවන් වෙයි. ඒත් මේක හිතුනොත් දීලා දානවා. දැන් දවසක දෙකක ඉඳලා මේක අම්බානකට හිරවෙනවා. ඉතින් මෙලෝ ‍මඟුලක් බලාගන්න බෑ. ඉතින් බලනවාට වඩා හොඳයි නිකන් ඉන්න එක. මේකේ තියෙන එකම වාසිය තමයි Time Shifting TV කියන එක. ඒ කියන්නේ මේ දවස් තුනක් පරණ වැඩසටහන් බලන්න පුලුවන් සේවාවක් නේ. හැබැයි ඒත් සීමිත චැනල් ගානක් විතරයි පුලුවන්. ලංකාවේ චැනලුයි. BBC වලටයි අල් ජසීරා වලටයි විතරයි මේ පහසුකම තියෙන්නේ. ගන්න හිතන් ඉන්නවානං ගන්න එක ගැන නොහිතා වෙන අතක් බලාගන්න කියලා තමයි මටනං කියන්න වෙන්නේ. ‍මේකේ චාටර්ම වැඩේ කියන්නේ සමහර චැනල්වලට වෙනම සල්ලි ගෙවන්න වෙන එක. උදාහරණයක් විදිහට SET චැනල් එකයි… SET MAX එකටයි රුපියල් 50ගානේ දෙකටම රුපියල් 100ක් ගෙවන්න වෙනවා. HBO චැනල් 4ට රුපියල් 400යි. HBO වලට නම් කමක් නෑ කියමු. ඒත් ඇයි මේ? SET චැනල් දෙකට? ඒවායේ වෙළඳ දැන්වීම් පුරවලා. ‍හොඳ ෆිල්ම් එකක් බල බල ඉන්නකොට ඒ අතරමැද දාන දැන්වීම් ටික බලාගෙන යනකොට චිත්‍රපටියේ අන්තිමට බලපු ටිකත් අමතක වෙලා යනවා කියලා තමයි මගේ යාලුවා කියන්නේ නම්…

ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ… පංති යනවා… වැස්සේ තෙමිගෙන ගෙදර එනවා. ලයිට් නැති දවසකට Peoත් නෑ Computer එකත් නෑ. ඒවා නැති එක කමක් නෑ කියමු. වතුරත් නෑ… අව්වට තෙමෙනවා… වැස්සට වේලෙනවා…. නෑ… අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා. ‍ඒ මදිවාට දැන් සෙම්ප්‍රතිශ්‍යාව. දත් වලත් මොකක්දෝ ලෙඩක්ද කොහෙද…

අයියෝ…!!!!