Categories
තොරතුරු තාක්ෂණය

සේල් සේල් සේල්! ඇමතුමක් රුපියල් 2යි!

Sri Lanka Telecom Mobitel

ආ… මෙන්න නියම ආරංචියක්! මේ ආරංචිය මොබිටෙල් පෙර ගෙවුම් පාරිභෝගිකයන්ටයි! අද (16) මධ්‍යම රාත්‍රී දොළහෙන් පසු අලුත් මිල ගණන් යටතේ ඔබට දුරකථන ඇමතුම් ලබාගැනීමට හැකිවේවි! මාත් උපහාර ‍එකෙන් ආපහු Pre-Paid වලට මාරු වෙන්න හිතුවා. මෙන්න මෙහෙමයි ගාස්තු.

පිටතට ගන්නා ශබ්ද හා වීඩියෝ ඇමතුම් (පැය 24 පුරාවට) – පළමු අවුරුද්ද
මොබිටෙල් වෙත – රුපියල් 2යි
වෙනත් ජාල සඳහා – රුපියල් 2.50යි

පිටතට ගන්නා ශබ්ද හා වීඩියෝ ඇමතුම් (පැය 24 පුරාවට) – දෙවන අවුරුද්ද
මොබිටෙල් වෙත – රුපියල් 1.80යි
වෙනත් ජාල සඳහා – රුපියල් 2.25යි

පිටතට ගන්නා ශබ්ද හා වීඩියෝ ඇමතුම් (පැය 24 පුරාවට) – තෙවෙනි වසරේ සිට ඉදිරියට
මොබිටෙල් වෙත – රුපියල් 1.60යි
වෙනත් ජාල සඳහා – රුපියල් 2යි

ලැබෙන ශබ්ද හා වීඩියෝ ඇමතුම් සියල්ලම නොමිලේ!

කෙටි පණිවිඩ සඳහා ගාස්තු
මොබිටෙල් වෙත – ශත75යි
වෙනත් අංක සඳහා – රුපියලයි!

කෙටි පණිවිඩ සඳහා ගාස්තු – දෙවෙනි අවුරුද්ද
මොබිටෙල් වෙත – ශත68යි
වෙනත් අංක සඳහා – ශත90යි

කෙටි පණිවිඩ සඳහා ගාස්තු – තෙවෙනි වසරේ සිට ඉදිරියට
මොබිටෙල් වෙත – ශත60යි
වෙනත් අංක සඳහා – ශත80යි

විදේශයන් සඳහා කෙටි පණිවිඩ ගාස්තුව එක් පණිවිඩයක් සඳහා රුපියල් 5කි

MMS සඳහා ගාස්තු
මොබිටෙල් වෙත – රුපියල් 2යි
වෙනත් ජාලයන් සඳහා – රුපියල් 5යි
විදේශයන් සඳහා – රුපියල් 10යි

MMS සඳහා ගාස්තු ‍- දෙවෙනි අවුරුද්ද
මොබිටෙල් වෙත – රුපියල් 1.80යි
වෙනත් ජාලයන් සඳහා – රුපියල් 4.50යි

MMS සඳහා ගාස්තු ‍- තෙවෙනි වසරේ සිට ඉදිරියට

මොබිටෙල් වෙත – රුපියල් 1.60යි
වෙනත් ජාලයන් සඳහා – රුපියල් 4.00

GPRS සඳහා කිලෝ බයිට් එකකට එක් ශතයක් පමණි!

මීට අමතරව M Best Friend අංකය සඳහා ගන්නා ශබ්ද සහ වීඩියෝ ඇමතුම් සඳහා ගාස්තුව රුපියලක් පමණි. කෙටි පණිවිඩ සඳහා ගාස්තුව ශත 50ක් පමණි.

මෙම පැකේජය ක්‍රියාත්මක කරගැනීම සඳහා #111# යොදා SEND කරන්න.

මේක නම් සුබම සුබ ආරංචියක්. දැන්නම් Airtel, Dialog වලට මිල හොඳටම අඩුකරන්න වේවි වගේ. ඇත්තටම ලංකා‍ව ලෝකයේ අඩුවෙන්ම දුරකථන ගාස්තු අයකරන රටක්. මට හිතෙන විදිහට ඉදිරියට ස්ථාවර දුරකථන හා CDMA දුරකථන භාවිතා වී‍මේ ප්‍රතිශතය අඩුවෙන්න පුලුවන්. SLT වලට නම් ADSL සඳහා ස්ථාවර දුරකථනයක් අවශ්‍යයි නමුත්, ඔවුන් ඉදිරියට දුරකථන පහසුකම් ලබාගැනීමෙන් තොරව සෘජුවම ADSL පහසුකම ලබා ‍දෙනවානං ඒක පාරිභෝගිකයන්ට වාසියක් වේවි. ම්… තාම හැබැයි ADSL ගාස්තු පරණ පාරිභෝගිකයන්ට අඩුවෙන පාටක් නෑ. ආරංචි විදිහට විදුලි සංදේශ නියාමන කොමිසම ඔවුන්ගේ මිල ගණන් සඳහා අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කරලාලු. ඒක ඇත්තනම් පාරිභෝගිකයන්ට තමයි කෙළවෙන්නේ!.

යාවත්කාලීන කිරීම  – ඔන්න කියලා කට ගන්න ලැබුනේ නෑ. ටෙලිකොම් පරණ පාරිභෝගියන්ටත් මිල අඩු කරලා. වැඩි විස්තර

වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

Categories
අන්තර්ජාලය තොරතුරු තාක්ෂණය විවිධ

ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනය අදයි…

අන්තර්ජාල පරිශීලකයින් වශයෙන් මෙන්ම, දුරකථන, ජංගම දුරකථන භාවිතාකරුවන් ලෙසින් අද අපට සුවිශේෂී දිනයක්. මාතෘකාවේ යොදා ඇති ලෙසින්ම අද (2008 මැයි මස 17 වැනිදා) ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනයයි.

කෙසේවෙතත් ලංකාවේ තොරතුරු සන්නිවේද‍නයේ වේගවත් භාවය හා නිති පතා වර්තාවෙන සබඳතා බිඳ වැටීම් නිසාවෙන් බොහෝ පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. නමුත් විදුලි සන්දේශන සේවයේ වැදගත්ම අංශය වන අන්තර්ජාල පහසුකම පිළිබඳව නම් යම්තාක් දුරකට (100% ක් නොවේ) සෑහිමකට පත්විය හැකියි.

දිවයින පුරා නැනසළවල් බිහිකිරීමේ ව්‍යාපෘතිය ඉන් වැදගත් දෙයක්. ඒ වාගේම දකුණු ආසියාවේ වේගවත්ම HSDPA ජාලය ශ්‍රී ලංකාව සතුවීමද එක්තරා ජයග්‍රහණයක්. ඒ වාගේම දැනට ලංකාව තුල සාපේක්ෂව ADSL, WiMAX, DSL මෙන්ම චන්ද්‍රිකා රූපවාහිනී/අන්තර්ජාල සේවාවන් ව්‍යාප්ත වී තිබීම වැදගත්. නමුත් එයින් නිසි ප්‍රතිඵල ලබාගන්නේදැයි යන්න සැකයක්. උදාහරණයක් ලෙස පාසල් පරිගණක විද්‍යාගාර තුල අන්තර්ජාල පරිශීලනය වැඩි වශයෙන් සිදුවන්නේ නැති බවයි වාර්තාවන්නේ. නිසියාකාර ‍ෆිල්ටර් (පෙරහන්) භාවිතා කරමින් නුසුදුසු වෙබ් අඩවි ‍වලක්වාලමින් අන්තර්ජාල භාවිතා කිරීමට අවස්ථාව සිසුන්ට සැලැස්වීම වැදගත්. එමෙන්ම ලංකාවේ බ්ලොග්කරුවන්ගේ ප්‍රමාණය හා වෙබ් අඩවි නිර්මාණය වීමේ වර්ධනයකුත් දක්නට ලැබෙනවා. අන්තර්ජාලයට සිංහල යුනිකේත සම්මතය ආගමනය නිසාවෙන් එහි ‍අගය දෙගුණ තෙගුණ වී ඇති බව අතිශයෝක්තියක් නම් නොවෙයි. එමෙන්ම මෙම සේවා සපයන්නන්ගේ පාරිභෝගික සේවාව පිළිබඳවත් සෙවිය යුතුයි. නිසියාකාර පාරිභෝගික සේවාවක් ලබානොදීම නිසා හැමදේම අතඇරලා දාන්න තරම් පාරිභෝගිකයින්ට සිතෙනවාත් ඇති (මට නම් හොඳටම අත්දැකීම් තියෙනවා ඒ ගැන) ශ්‍රී ලංකාව තුල ප්‍රමුඛතම විදුලි සංදේශ ‍සේවා සම්පාදකයන් වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් හා ටෙලිකොම් අනුබද්ධිත මොබිටෙල් යන සේවාදායකයින් ගැන කතාකරන්නම ඕනේ. ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන සේවා සම්පාදකයින් සේවාවන් සපයන්නේ එකිනෙකට අනුබද්ධිතවයි. පාරිභෝගික සේවා සැපයීම පිළිබඳව නම් විවිධ විවේචන ඇති නමුත් ‍සේවාව අ‍නිකුත් සේවා සම්පාදයකටයින් වඩා සාපේක්ෂව අඩු මුදලකට ලබා ගැනීමට හැකිවීම සහනයක්. නමුත් මොබිටෙල් Broadband පරිශීලකයින්ට මොඩමය වෙනුවෙන් රු 20,000කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවීමත්, සීමාසහිත බෑන්ඩ්විඩ්ත් එකත් (දත්ත පරාසය) නිසා මඳ අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. ඩයලොග් Broadband සඳහා භාවිතා කරන්නේ WiMAX තාක්ෂණයයි. සීමා රහිත බෑන්ඩ්විඩ්ත් එකක් ලබාදුන්නත්, ඔවුන්ගේ Fair Usage Policy නිසා පාරිභෝගිකයින් තුළ යම්කිසි සැකයක් ඇති වෙලා තියෙනවා. ඒකට ‍හේතුව තමයි ඔවුන් වැඩිපුර දත්ත භාවිතා කරන්නන්ගේ කුලකයට ඇතුල්වීමට සිදුවු‍නොත් වේගය ඩයල්අප් සම්බන්ධතාවයකටත් වඩා අඩු වෙන බවට මතයක් ඉදිරිපත් වීමයි. එහි ඇත්ත නැත්ත නම් මා දන්නේ නෑ. මේ කතාව මට දැනගන්නට ලැබුනේ, ලැබුනු විද්‍යුත් ලිපි වලින් හා අන්තර්ජාල ‍ෆෝරම මාර්ගයෙන්. ඉ

තින් ඔන්න ඕක තමා තත්වේ. අන්තර්ජාල සම්බන්ධතා කෙසේවෙතත් මේ වන විට සේවා සපයන්නන් තුල ධනාත්මක තරඟයක් ඇතිවී තිබීම පාරිභෝගිකයින්ට නම් වාසියක් වේවි කියලා තමයි මගේ බලාපොරොත්තුව නම්. ඔබ මොනවාද අපේ විදුලි සන්දේශ සේවා ගැන හිතන්නේ? ප්‍රතිචාරයක් සටහන් කරන්න නම් අමතක කරන්න එපා…