Categories
විවිධ

එව්වා මෙව්වා…

අප්පා ඇති යාන්තං… ගණිත ප්‍රශ්න පත්තරෙත් ඉවරයි. මේ පාර පේපරේ පට්ට ලේසියි. ඒ පාර මේ පේපරේ ලේසියි, ටියුෂන් ගුරුවරයෙක්ට වුනත් හදන්න පුලුවන් කියලා අවලංගු කරලා ආයිත් පාරක් තියයිද දන්නේ නෑ 😀 එදා ගජිනි බලන්න ගිහිල්ලා, හෝල් එක ළඟ තිබ්බ කඩේකින් කාපු ඒවා වැඩකරනවා ‍වගේ. මොනා කරන්නද? ගත්ත සිද්ධාලේප අසමෝදගම්! 😀 ඔන්න උසස් පෙළ කරන්න පරණ නේවාසිකාගාර යාලුවෝ දෙන්නෙකුත් අපේ ගෙදර නැවතුනා. ඔන්න ඒ දෙන්නත්, ළඟදීම බ්ලොග් අවකාශයට එකතු වේවි. ඒ දෙන්නා එක්ක එකතු වෙලා නෝමල් එකේ YuthMAX අඩිවයත් නිකන් විනෝදාංශයක් විදිහට කරගෙන යන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ ඉස්සරහට… ආ ඒක නෙවෙයි, මට එයා ටෙල් ගැන කතා කරන්න බැරි වුනා නෙව. මේ දවස්වල ‍මේ පැත්තේ හැමෝගෙම ෆෝන් වලට ‍කෝල් එකක් ආවාම ඇහෙන්නෙම එයාටෙල් tone මයි. හැබැයි බැලුවාම එක්කෝ connection එක මොබිටෙල්, එහෙම නැත්තම් ඩයලොග්. විලි ලැජ්ජාවේ සන්තෝ‍සේ බෑ කියලා මාත් දාගත්තා ෆෝන් එකට එයාටෙල් ටෝන් එකක්. ඒක මාර ලස්සනයි අප්පා. ගොඩක් Airtel ටෝන් හදලා තියෙන්නේ A. R. Rahman කියලා තමයි ආරන්චි. ආ… A. R. Rahman කිව්වාමයි, මතක් වුනේ. A. R. Rahman විසින් සංගීත නිර්මාණයෙන් දායකවුනු Slumdog Millionaire චිත්‍රපටියත් ඔස්කාර් සම්මාන 10ක් සඳහා නිර්දේශ වෙලා කියලයි ආරන්චි. ඒ සම්මාන 10න් 3ක් සඳහා නිර්දේශ වෙලා තියෙන්නේ A. R. Rahman ම තමයි. ඔව්, මේ චිත්‍රපටියේ තමයි, මෑතකදී අන්තර්ජාලයේ කතාවට ගැනුනු MIA නම් ගායිකාගේ Paper Planes ගීතයත් ඇතුලත් වෙලා තියෙන්නේ. ඔව්,සංගීත නිර්මාණය A. R. Rahman ගේ තමයි. හ්ම්… මම සින්දු ටික නම් ඩවුන්‍ලෝඩ් කරලා බැලුවා. ඒත් තාම හිතට වැදුනේ නෑ. සමහර විට ‍චිත්‍රපටිය බැලුවාට පස්සේ ‍තේරුම්ගන්න පුලුවන් ‍වේවි සින්දු ටික නම්. මේ… ඒක නෙවෙයි. මොකද කියන්නේ? Age of empires online play කරමුද? 😉