සුදාරකගේ අන්තර්ජාල සටහන » india

"බබාටත් අයිඩෙන්ටියක්" සමඟින් තවත් බොහෝ දෑ!
මුලින්ම පොඩි හිනාවක් දාලා පටන්ගන්නම්. මම කියලා තියෙනවානේ මට විභාග පීඩනයෙන් මිදෙන්න ‍කරන්න පුළුවන් හොඳම දේ බ්ලොග් ලිවිල්ලයි හින්දි චිත්‍රපටි බැලිල්ලයි කියලා. ඔව් ඔව් මං දන්නවා ඔයා අහන ප්‍රශ්නේ! ඉන්න මංම අහලා මංම උත්තර දීලා ඉන්නම්

තමුසේ ඉන්දියානු මැදිහත්වීමට විරුද්ධ නම් ඇයි ‍යකෝ හින්දි චිත්‍රපටි බලන්නේ?

ආ… ඒක මගේ රසවින්දනය පිළිබඳ ප්‍රශ්නයක් නම් තමයි. ඒත් මම කලින් සටහන් කරේ ඉන්දියාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳව දැනුවත් කරන්න. අනික ගොඩක් අළුතෙන් එන හින්දි චිත්‍රපටි පරණ හින්දි චිත්‍රපටි වගේ මල් ගස් වටේ දුව දුව ආ‍ද‍රේ කරන ඒවාත් නෙවෙයි. අන්න ඒකයි මම හින්දි චිත්‍රපටි බලන්නයි හින්දි ගීත අහන්නයි කැමති. දැන් හින්දි චිත්‍රපටි බලලා බලලාම හින්දි භාෂාවත් ටිකක් විතර පුළුවන්   ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් හින්දි චිත්‍රපටි හරහාත් බ්‍රේන්‍ වොෂ් කරන්න පුළුවන් කියලා. ඔව් ඒක හරි. ඒත් ගොඩක් හින්දි චිත්‍රපටි නිර්මාණය වෙන්නේ වාණිජ පරමාර්ථයක් එක්ක නිසා වැඩිපුර එහෙම දේවල් නිර්මාණය වෙනවා අඩුයි. ඒත් මට හිතෙනවා‍නම් චිත්‍රපටියක බ්‍රේන් වොෂ් කරන ගතියක් තියෙනවා කියලා චිත්‍රපටිය බලලා රසවිඳිනවා විතරයි. ඒකෙන් ඔළුව පුරවගන්න හිතන්නේ නෑ. හරියට මේ කනෙන් අහලා අනික් කනෙක් පිට කරා වගේ.

හොඳයි. දැන් මාතෘකාවේ ප්‍රධාන කාරණාවට බහිමු

මම කලින් සටහනක කිව්වානේ මට ජාතික හැඳුනුම්පතක් ගන්න ප්‍රමාදවෙනවා කියලා. ඉතින් මම හිටියේ තැපැල් හැඳුනුම්පතක් ගන්නනේ. ඒ වුනත් ජාතික හැඳුනුම්පතක් නැතුව හිතට මදි වගේ   ඉතින් මොකද කරේ එක් දින සේවාවෙන් හැඳුනුම්පතක් ගන්න හිතුවා. මුලින්ම ජාවත්ත තියෙන්නේ ‍කො‍හේද කියලා හොයාගන්න ඕනේ වුනා. ඉතින් ඉස්සෙල්ලාම අන්තර්ජාලයේ හෙව්වා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හොයාගත්තා. (http://www.rpd.gov.lk) හොයාගෙන. වෙබ් අඩවියේ නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි දැක්ක ගමන්ම පුෂ්පේ පැන්නා   ඒ මොකද කියලා කිව්වොත් ඒකේ පුවත් හා සිදුවීම් කියන අංශයේ තියෙන්නේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවන පාසල් සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් කියලානේ. ඉතින් පුෂ්පේ පනින්නේ නැතිව තියෙයියැ?

ඊට පස්සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලිපිනයත් බලලා. ගත්තා 1919ට ඒක තමයි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. ගත්තේ නිකන් ආතල් එකකටත් එක්ක. ගත්තේ දවසෙන් හැඳුනුම්පත හදාගන්නේ කොහොමද කියලා දැනගන්න. ම්… වරදක් නෑ සතුටුදායකයි. ඒකෙනුත් ඉතාමත්ම සතුටුදායක විදිහට ප්‍රතිචාර ලැබුනා. දැන් තිබ්බ එකම ප්‍රශ්නේ තමයි කොහොමද දැන් ඕක තියෙන තැන හොයාගන්නේ කියලා! හික්! ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ… තියෙන්නේ කොළඹ 5 නිසා ගිහිල්ලා බැස්සේ කිරුළපණ. වැඩේ කියන්නේ උදේ ඉඳලාම වර්ශාවෙන් බාධා. මහවැලි ගඟ කොළඹට හැරෙව්වා ව‍ගේ තමා මහාමාර්ගය ගැන අතිශයෝක්තියෙන් කියනවානම්!   ඉතින් ඊට පස්සේ නැග්ගා බස් එකක. ඒකෙන් ආවා නාරාහෙන්පිටට. නාරාහෙන්පිටින් නැග්ගා 173ක. කිව්වා පු.ලි.දෙ එක ලඟින් බස්සන්නයි කියලා. හුටා! කොන්දා කියාපි මේ පාරන් නම් පු.ලි.දෙ ළඟට යන්න බෑ. හැබැයි කෙටි පාරක් තියෙනවා එතනින් බස්සන්නම්. ඒ පාරෙන් යන්න කියලා. හරි ඔන්න දැන් එතැනින් බැස්සා කියමු‍කෝ… ගියා පාර දිගටම මල ‍කෙළියයි. මේ ගහලා තියෙන්නේ පුද්ගලික පාරකි කියලා නේ! දැන් මොකද කරන්නේ? ආවා ආපහු හැරිලා… ඔන්න ඔහොම ආපහු ‍එනකොට හම්බවුනා ත්‍රී රෝද රථ ‍සහෝදරයෙක්. එයා කිව්වා හරි හරි එය ගියපු පාරම තමයි කෙලින්ම යන්නයි කියලා. හරි ඉතින් ආපහු හැරිලා ගියා. යනකොට ඉතින් මුළු සප්ත මහා සාගරයම පාර්. වැහැලා වැහැලා මඩවෙලා!   ඉතින් ඔන්න කොහොම කොහොම හරි ළඟා වුනා කියමුකෝ. වැස්සයි, රවුම් ගහන්න වුන නිසයි හොඳටම හෙම්බත් වෙලා තමයි හිටියේ. ඉතින් ඔන්න ඇතුලට ගියා. මම හිතේ මවාගෙන හිටපු අකාර්යක්ෂම ‍සේවය ගැන තිබ්බ අදහස නම් පොඩ්ඩක් අඩුවුනා මොකද එතන තියෙන විමසීම් කවුළුවෙන් පරිගණක ආශ්‍රිත දත්ත පද්ධතියකින් හැඳුනුම්පතේ අයදුම්පත පිළිබඳ විස්තර ලබාගන්න පුළුවන්. ඊට පස්සේ ගියා ඇතුලට හැබැයි එතන කට්ටියනම් පොඩ්ඩක් විතර කදේ දාගෙන හිටියේ කොහොමහරි මොකද පරක්කු‍ වෙන්න හේතුව කියලා හොයාලා බැලුවාම වැඩේ මාට්ටු වුනා. බැලුවාම වැරැද්ද තිබිලා තියෙන්නේ අපේ ඉස්කෝලේමයි. ප්‍රමාද වෙලා අයදුම්පත් ටික පු.ලි.දෙට බාර දීලා ඒ වැරැද්ද වහගන්න අපිට එක් දින සේවයෙන් අයදුම්පත් ගන්න කියලා. හොඳ වෙලාවට මම කලින් සටහනේ බැන්නේ නැතුව පස්සට කල් දැම්මේ.

දැක්කානේ…

හැමදේම වෙන්නේ හොඳටයි කියලා කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි

එක්දින සේවාව ලබාගන්න පළවෙනි කවුළුවට සල්ලි දිලා පැය 2ක් විතර බලන්න ඉන්න වුනා. ඒක නිසා කම්මැලි කම යන්නත් එක්ක ෆෝන් එකට ඊ බඩී දාගෙන මලින්ත අයියාත් එක්ක පොඩි සංවාදයකට සෙට් වෙලා හැඳුනුම්පත හදලා දෙනකන් බලං හිටියා. හරියටම පැය එකකුත් විනාඩි 45කින් විතර යන්තම් හැඳුනුම්පත ලබාගන්න පුළුවන් වුනා.

ඔන්න ඔහොමයි බබාට අයිඩෙන්ටිය හම්බවෙලා රටට වගකිවයුතු ‍මහ එකෙක් වුනේ!

ඔන්න පහුවදා ඉස්කෝලේ යනකොට අපේ ඉස්කෝලේ ලංවෙද්දී ලාවට වගේ දැක්කා කැප්පෙටිපොල මාවත කියලා පුවරුවක්. ඒත් එක්කම ව‍ගේ ඒ ළඟ තිබ්බ කඩේක පුවරුවකටත් ඇහැ යොමු වුනේ ‍පුදුම විදිහට. හුටා! කොළඹ 05!! මල කෙළියයි දැන් තමයි වැඩේ සුසර (Tune) වුනේ! ඊයේ එතකොට මම පු.ලි.දෙට යනවා කියලා රවුමක් ගහලා නෙව. බලනකොට මම හරියට පු.ලි.දෙ.ට ගිහිල්ලා තියෙන්නේ…

පරංගියා කෝට්ටේ ගියා වගේ නේ!

ඔන්න එතකොට වැහි අඳුර තිබ්බ නිසා වහලා තිබ්බ බස් එකේ මගේ ඔළුවට උඩින් තිබ්බ ලයිට් එක ආපහු දැම්මා! බලන්නකෝ ඒකෙත් ගැලපීම! කාටූන් බලනවානම් ඔයාලා දන්නවා ඇතිනේ මොකක් හරි කාටූන් චරිතයකට අදහසක් හරි නුවණක් හරි පහල වුනාම ඔළුවට උඩින් දැල්වුනු බල්බ් එකක් මතු වෙනවා. ඉතින් මේක පුදුම සම්බන්ධයක්නේ! මට ඉතින් තනියම හිනා. මෙච්චර මේ පාරේ ඇවිදලා අදම මේ බෝඩ් එකට අවධානය යොමු වෙච්ච එක මාර පුදුමයක්නේ! හික්! පාරේ යනකොට හොඳට අවධානයෙන් යන්න ඕනේ කියන්නේ ඒක තමයි. ඔන්න ඕකට තමයි කියන්නේ…

ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියලා!

මටත් ඉතින් මේ වගේ මරු වැඩ තමා වෙන්නේ!

හරි මේ ඊළඟ කතාව. අපේ නෑ වෙන අයියා කෙනෙක් මේ ළඟදී අපේ ගෙදර ආවා. ඉතින් ඒ ගමන් එයා සී. ඩී එකක් දුන්නා බලන්න. බලපු ගමන්ම තිබ්බ හින්දි පිස්සුව ඩබල් වුනා. මේක ‍පොඩි ළමයි හින්දි සින්දු කියන තරඟයක්. හරියට සුපර්ර්ර් ස්ටාර්ස් වගේ…

මේ අයත් ලොකු අයත් එක්ක හරි හරියටම ගැලපෙනවා වගේ! කියලා වැඩක් නෑ!! මාර ලස්සනයි. මේකේ නම තමයි Little Champs. සී. ඩී එකේ තිබ්බ ඒවායින් විතරක් සතුටු වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි මම නම්! කෙලින්ම ගියේ යූ ටියුබ් එක පැත්තට ගිහිල්ලා Little Champs කියන සෙවුම් වදන දාලා හොයලා බැලුවා… අප්පේ ‍මේක නම් එපා වෙන්නේ නෑ. පිස්සු හැදෙනවා!

මෙන්න මට අල්ලලා ගියපු වීඩියෝ ටිකක්!

මේ ඉන්නේ තන්මේ චතුර්වේදි‍ මෙයා මගේ අංක එක! හැබැයි තරඟයෙන් තුන් වෙනියා. බලන්නකෝ මේ පොඩි ‍කොල්ලා සින්දු කියන ලස්සන. එකක්! හින්දි වචන තේරුනේ නැති වුනාට අහලා බලන්න. මොකද සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්නේ…

මුජ්සේ ෂාදී කරෝගී?

මෙරෙ සප්නොකි

දු පට්ටා මෙරා…

මෙයානේ නම වෛශාලි. මෙයාත් මාර ලස්සනට සින්දු කියනවා. කියලා වැඩක් නෑ බලන්නම ඕනේ මේකනම්!

පියා රේ…

මේ වෛශාලි‍ගේ දස්කම් වල එකතුවක්. මෙයාට අවසානය දක්වාම තරඟයේ ඉන්න බැරි වෙච්ච එක නම් දුකයි.

ආ… මේ තව එකක් තියෙනවා… මාර ශක්තිමත් හඬක් නොවැ මෙයාට තියෙන්නේ…

මේ බාබී… මගේ ඩ්‍රීමි ගර්ල්…   ෂහ්! මෙයා නම් මාර ලස්සනයි… මං කිව්වේ සින්දු කියන එක ගැන හොඳේ…

මේ තව එකක්… පිස්සු හැදෙනවා!

ෂෝරී කී ආදත්… (මේකටත් පිස්සු හැදෙනවා)

මේ තියෙන්නේ එයාගේ දස්කම් වල එකතුවක්

මෙයාත් එළම තමා! මාර කට හඬක්. මේ ආමීර් හෆීස්…

මම කැමතිම චිත්‍රපටියේ කැමතිම සින්දුවක්…

මස්තී… මස්තී… මස්ති කලන්ඩර්…

චා…න්ද් චුපා…

ජාදු….

තව වීඩියෝ තියෙනවා YouTube වල ‍හොයලා බලන්න. කොහොමද කට්ටිය? ලංකාවෙත් මේ වගේ එකක් තියෙනවා තමයි! ඒකෙත් හොඳ අය නැතිවා නෙවෙයි. ඒත් මේ අය නම් සින්දු කියාගෙනම ඉපදිච්ච අය වගේ. අද සටහනෙන් යම් කිසි සතුටක් ලැබුවා කියලා හිතන ගමන් අදට නවතින්නයි හදන්නේ… නැවත හමුවෙමු!

ඔන්න… මාතෘකාව දැකලා…

උඹ බබා!

කියලා කියනවා එහෙම නෙවෙයි!   ආ ඒක නෙවෙයි! කොහොමද මගේ රූඪි, ප්‍රස්ථාව පිරුළු පාඩම එහෙම?

ලංකාවට අත නොතබනු! (වර්තමාන ඉන්දියන් සාධකයට එරෙහිව!!)
ශ්‍රී ලංකාවට ආසන්නම රට ඉන්දියාව කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් මෑතකදී ත්‍රස්තවාදයට එරෙහිව ලබාගන්නා ලද සුවිශේෂී ජයග්‍රහණයන් හමුවේ, එක් ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අවසන් ශ්‍රී ලංකා නිදහස් සටන ගෙනියන මේ වෙලාවේදී, ඉන්දියාව තමන්ගේ අනිසි මැදිහත්වීම ලංකා ආණ්ඩුව වෙතට එල්ල කරන බව ඔබ අප සැම දෙනා දැන් දන්නා කරුණක්. මේ පිළිබඳව දේශපාලන ලෝකයේ විවිධ කතාවන් නිර්මාණය වෙලා තියෙද්දී, සාමාන්‍යයෙන් අපි අපි අතරත් කතා බහ සිදුවෙනවා. මේ මැදිහත්වීම නිසාම දැන් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අවබෝධ වෙලා තියෙන කරුණක් වන්නේ අප සැම දෙනාම එකම ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් එකතුවිය යුතු බව. කෙ‍සේ නමුත් ලෝක ආර්ථික හා දේශපාලන වශයෙන් බල‍වතෙක් වෙමින් නැඟී සිටින ඉන්දියානු මහා පොදු සාධකය නිසාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුධය විසඳා ගැනීමේ ගැටළු රාශියකට මුහුන දීමට සිදු වෙලා තියෙනවා.

ලංකාව‍ට ඓතිහාසිකව එල්ලවූ ඉන්දියානු බලපෑම් මුලින්ම හඳුනාගනිමු.

මහාවංශය, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ප්‍රධානතම මූලාශ්‍රය. උතුරු ඉන්දියානු ආර්ය ජනකොට්ඨාශයකින් පැවත එන සිංහබාහු පරපුරේ ඊළඟ පුරුක වූ විජය කුමරු ලංකාවට පැමිනෙන්නේ අහම්බෙන්. අහම්බෙන් පැමිණි නමුත් කුවේණිය සමඟින් කරන ලද රාජ්‍ය කුමන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාවේ බලය යක්ෂ ගෝත්‍රයෙන් ලබාගැනීමට සමත්වනවා. නමුත් ලංකාව ඉන්දියාවේ පාලනයට යටත් වන්නේ නැති බව මෙහිදී අවධාරණය කළ යුතු කාරණයක්. කෙසේ නමුත් උතුරු ඉන්දියානු ආර්ය ගෝත්‍රය සමඟින් සම්මිශ්‍රණය වූ ස්වදේශික ජනතාව එක්සත් වී සිංහල නමැති ඒකීය ජාතිය පිහිටුවාගැනීමට පණ්ඩුකාභය රජු දවස සමත්වීම නිසාවෙන් ලංකාවට ඉන්දියාවෙන් එල්ලවූ බලපෑම යම්තාක් දුරකට සමනය වූවත්, දක්ෂිණ ඉන්දියා‍වේ බලවත් වූ ද්‍රවිඩ රජ පරපුර සිය දමිළ රාජ්‍යය ව්‍යාප්ත කිරීම සඳහා ලංකාවට විවිධ ආක්‍රමණ දියත් කරන නමුත් ශ්‍රී ලාංකීය යක්ෂ ගෝත්‍රයේ හා ආර්ය සම්මිශ්‍රණයේ ජානමය බලපෑම හමුවේ ආක්‍රමණ සාර්ථක කරගැනීමට ‍නොහැකි වනවා.

කෙසේ නමුත් අපි සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ…

ශ්‍රී ලංකාව යනු ඉන්දියාවෙන් වෙන්වූ පැවැත්මක් ඇති ඒකීය ‍ස්වෛරී රාජ්‍යයක් වන බවයි.

චණ්ඩාශෝක නමින් විරුධාවලිය ලත් අශෝක නම් වූ ඉන්දියානු අධිරාජ්‍යයා සිය අධිරාජ්‍ය පුළුල් කිරීමේ පරමාර්ථය වෙනුවෙන් ඇප කැපවෙමින් කටයුතු කරනු ලැබූ අතර අවසානයේ සිය දිග්විජය ප්‍රතිපත්තිය වෙනු‍වට ධර්ම විජය ප්‍රතිපත්තිය දියත් කරන ලද්දේ අන් කිසිවක් සඳහා නෙවෙයි. අපි දන්නවා යම් කිසි ජනකොට්ඨාශයක් සිය පැවැත්මට අනුගත කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ගේ මොළ ගුද්ධ කිරීමක් අවශ්‍ය බව (බ්‍රේන් වොෂ් කිරීමක් – Brain Wash) ඉතින් ඉන්දියානු අධිරාජ්‍යාත් ඒ අවස්ථාවේදී බුදු දහම ලංකාවට හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාව තමන්ට අනුගත ආකාරයට නම්‍යශීලි කරගනු ලැබුවා. තිස්ස රජතුමා දේවානම්පිය යන මුල් නාමය එකතු කරගැනීම. ඉන්දියාවෙන් රාජ කකුධ භාණ්ඩ ගෙන්වාගනිමින් නැවත රාජාභිෂේකය ලබාගැනීම හරහා වක්‍රාකාරයෙන් ඉන්දියානු බලපෑමට ලංකාව නතු වුනා.

මෙය මෑත කාලීන ඉතිහාසයට මේ ආකාරයෙන්ම සම්බන්ධ කරන්නම්. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ සීතල යුධ සමයේදී ලෝක බලවතුන් ලෙසින් නැඟි ආ අමෙරිකානු එක්සත් ජනපදය සිය ධනවාරී ආර්ථික ක්‍රමයට ලෝකයා අනුගත කිරීමට උත්සාහ දැරීම සහ, එයට සමගාමීව සෝවියට් රුසියාව සමාජවාදී ආර්ථික ක්‍රමයකට ලෝකයා අනුගත කරගැනීමට උත්සාහ ගැනීම. මෙහිදී යම් කිසි රටකට එරෙහිව යුධමය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. නමුත් සිදුවන්නේ බ්‍රේන් වොෂ් කිරීමක්. එය යුද්ධ කිරීමට වඩා බරපතල දෙයක්. ඒ වගේම ඊටත් පෙර ඉතිහාසයේ; ඉස්ලාම් රාජ්‍ය බිහි කිරීම, එක්සත් ක්‍රිස්තු ලෝකයක් බිහි කිරීම වැනි දෑ සිද්ධ වුනා. එයද එක්තරා ආකාරයකට බ්‍රේන් වොෂ් කිරීමක්.

මා උත්සාහ කළේ ලංකාවේ බෞද්ධාගම ස්ථාපිත වීම හෑල්ලු කිරීමට නොවෙයි. දේශපාලන උපක්‍රම පිළිබඳව ඔබට දැනුමක් ලබාදීමටයි. කෙසේ නමුත් බෞද්ධාගම ස්ථාපනය කිරීම නිසා ඇතිවූ බ්‍රේන් වොෂ් කිරීම නිසාවෙන් ලංකාවේ ඒකීය භාවය පසුකාලීනව සුරැකීම විශේෂත්වයක් වගේම, ඉන්දියාව හා ලංකාව අතර විශාල සම්බන්ධතාවයක් ඇති බවට විශ්වාස කිරීමට මිනිසුන්ව පෙළඹුවා.

ඒ ඉන්දියාව සහ ලංකාව අතර ඇතිවූ දේශපාලනමය සම්බන්ධතාවයයි. කෙසේ නමුත් ඉන්දියාවේ බෞද්ධාගම සිඳී යාමත්, හින්දු ආගමේ නැඟී සිටීමත් සමඟම ශ්‍රී ලංකා – ඉන්දියා සමාජ සම්බන්ධතාවයන්ගේ නූල දිරායන්ට පටන්ගත්තා. මේ නිසාම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව ගැලවීමක් ලැබීම සතුටට පත්විය යුතු කාරණයක්. එසේ නොවුනානම්, වර්තමානයේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම වලක්වන්නට නොහැකි වනවා නිසැකයි.

ඒ ඉන්දියාවත් ලංකාවත් අතර ඓතිහාසිකව ඇතිවු දේශපාලනික හා සාමාජීක සම්බන්ධාවයන් පිළිබඳ කෙටි කරුණු ඉදිරිපත් කිරීමක් පමණයි. තවත් වැඩි විස්තර ඒ සම්බන්ධයෙන් අවශ්‍යනම් ලංකා ඉතිහාසය අධ්‍යයනය කරන්න. එතකොට ඔබට මේ ‍වගේ තවත් සුවිශේෂී දේශපාලනික හා සාමාජීය සම්බන්ධතා රැසක් සපයාගන්න හැකිවේවි.

දැන් අපි මෑත ඉතිහාසය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගමු.

ඉන්දියානු නිදහස් සටනේදී එක්සත්ව ක්‍රියාකරන ලද හින්දු, මුස්ලිම් සහ දමිළ ජනතාව අතුරෙන් මුලින්ම මොහොමඩ් අලි ජින්නා ප්‍රමුඛ මුස්ලිම් ජාතිය ඉන්දියාවෙන් වෙන්වූ පැවැත්මක් සහිත පකිස්ථානු රාජ්‍යය නිර්මාණය කරගනු ලබන්නේ තමන්ට ස්වයං තීරණ අයිතියක් ලබාගැනීම සඳහායි. නමුත් පකිස්ථානය වෙන් වීමටත් ප්‍රථමයෙන් දමිළ ජනයාද ඉන්දියාවෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් සඳහා වූ “අපි දෙමළ” නම් වූ ව්‍යාපාරය දියත් කරා. නමුත් ඔවුන්ට එය නිදහසට පසුව වූවත් සිදු කරගැනීමට නොහැකි වීම හා ඔවුන් කොපමණ උත්සාහ කරත් අති බහුතරයක් වූ හින්දු ජනයාගෙන් ඒ සඳහා ඉඩක් ලැබුනේ නැහැ. මේ කාරණය නිසා ඔවුන් ලංකාවේ වෙනම රාජ්‍යයක් නිර්මාණය කරගැනීම සඳහා ඩී. එස් සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරණායක වැනි ප්‍රබල ශ්‍රී ලංකා දේශපාලඥයින් සමඟින් සාකච්ජා පැවැත්වූවත් බණ්ඩාරණායක මහතා එයට කැමැත්ත ප්‍රකාශ නොකරමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගැනීමත් රාජ්‍ය බලය ලබාගැනිමත් නිසාවෙන් ඒ අරමුණ ඉටු කරගැනීමට ඔවුන්ට ‍නොහැකි වනවා. මෙන්න මේ නිසා ඉන්දියාව තුළ කැකෑරෙන ගිනි බෝලයක් හිමින් සීරුවේ නිර්මාණය වීම ඇරඹුනා. මෙසේ කැකෑරෙමින් පැවැති අර්බුධය ඉන්දියාවට ඉමහත් හිසරදයක් වෙමින් පැවතුනා.

ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ධූරය හොබවන ලද ජේ. ආර් ජයවර්ධන මහතා විසින් ගෙනියන විදේශ ප්‍රතිපත්ති පිළිබඳව මීළඟට අවධානය යොමු කිරීම වැදගත්. 1977දී ධනවාදී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ලංකාවට හඳුන්වාදීම ඉන්දියාවේ ඇහේ කටු අනින්න‍ වගේ වුනා. එවකට සෝවියට් රුසියා හිතවාදී රටක් වුනු ඉන්දියාවට මෙන්ම රුසියාවටද මෙය දරාගැනීමට අපහසු වුනා. එමෙන්ම ජයවර්ධන ජනාධිපතිතුමා අමෙරිකාව සමඟින් සමීප සම්බන්ධකම් පැවැත්වීම හා ‍ශ්‍රී ලංකාවේ හොඳම මිතුරා පකිස්ථානය බව පැවසීම නිසා ඉන්දියානු හොඳ හිත පළුදු වීම සිද්ධ වුනා. මේ හේතුව නිසාවෙන් ඉන්දියානු රහස් ඔත්තු සේවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය හමුදාවටත් වඩා හමුදා බටයින් විශාල සංඛ්‍යාවක් එල්. ටී. ටී. ඊ සංවිධානයට පුහුණු කරදෙමින් එල්. ටී. ටී. ඊ සංවිධානය ඇති කරාක් මෙන්ම යුද්ධයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සියළුම අනුබලදීම් එල්. ටී. ටී. ඊ සංවිධානයට ලබාදීම සිදු කරා. ඉන්දියාව බලාපොරොත්තු වූ ආකාරයෙන් පළමු ඊළාම් යුද්ධය නිර්මාණය වූ අතර ඉන්දියාව එහි අවසානයට ළඟා වෙමින් තිබියදී අහසින් පරිප්පු දමමින් බාධාවන් රැසක් එල්ල කරමින්, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති‍ගේ අතින් අඹරා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරගැනීමට සමත්වුනා. වර්තමාන අර්බුදයට ඉන්දියානු මැදිහත්වීමේ ආරම්භය එයයි

ඉන් අනතුරුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් පසුව පත්වූ සියලූම ලංකා රාජ්‍ය නායකයින්ට ඉන්දියාවට හිස නැමීමට සිදු වීම අවාසනාවට කරුණක්. කෙසේ නමුත් මෙතෙක් ලංකාවේ නොතිබූ තරමේ ඊළාම් අර්බුධයක් නිර්මාණය කිරීමට ඉන්දියාව සමත්වුනා. ඒ තුලින් ලංකාවේ සාමාජීය, ආර්ථික තත්ත්වයන්ට විශාල බලපැමක් එල්ලවූ අතර එහි අනිටු පළවිපාක වත්මන් පරපුර විඳිනු ලබයි.

ඉන්දියාව ඉන් අනතුරුව ධනවාදී ආර්ථික ක්‍රමයකට යොමු වෙමින් ශ්‍රී ලංකාව පිළිබඳ දෙබිඩි විදේශ ප්‍රතිපත්තියක් ප්‍රදර්ශණයක කරා. ලංකා‍වේ සියළුම සොබාවික සම්පත කප්පමක් වශයෙන් ලබාගැනීමටත්, ඉන්දියාවේ වෙළඳපළ ලංකාවේ නිර්මාණය කිරීමට ඉන්දියානු බලධරයන් සමත්වන අතර, ඔවුන් ත්‍රස්තවාදයට අනුබලදීම් රාශියක් සිදු කරා. ලංකාවට යුධමය ආධාර ලබාදීමට එකඟ වුනේද ඉතාමත් සැක සහිත ආකාරයකින්. ඔවුන් පැවසුවේ ලංකාවට අපි ලබාදෙන්නේ ප්‍රහාරාත්මක අවි නොව ආරක්ෂක අවි පමණක් බවයි. ප්‍රහාරාත්මක අවි වලින් තොරව ඇති ආරක්ෂක අවි වලින් කුමක් කරන්නද? එය ‍කඩුව නොමැතිව පළිහ පමණක් රැගෙන යුධ පිටියට ගියාක් හා සමාන වන්නක් නොවේද? අවසානයේ පළිහ දරා පස්සෙන් පස්සට තල්ලූ වී හිරවී මියායම පමණයි නේද සිදුවන්නේ? එයින්ම පැහැදිලි වන ආකාරයට පෙනෙනුයේ එය ඉන්දියානු බලධරයන් සිදුකරන ලද්දේ ඔවුනට ලබාගැනීමට අවශ්‍ය ආර්ථික වාසි වෙනුවෙනුයි. එමෙන්ම ඉන්දියාව තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකිරිමට ඔවුන් ලංකාවේ ත්‍රස්තවාදී අර්බුධය දඩමීමා කරගනු ලැබුවා. ඉන්දියාව තුළ ඊළාම් යුද්ධයක් ඇතිවනවා වෙනුවට දමිළයන්ට ලංකාව තුළ ස්වයං පාලන අයිතියක් ලැබෙන බවත් එනිසා ඉන්දියාව තුළ ගැටුම් ඇති නොකරගත යුතු බවත් යන්න පෙන්වමින් ඉන්දියාවේ දමිළ ප්‍රජාව විසින් ඇතිකරනු ලැබීමට නියමිතව තිබූ නිදහස් සටන ලංකාවේදී ඉතාමත් අසාධාරණ තත්ත්වයන් යටතේ ඇතිවුනා. (ලංකාව යනු දමිළයන්ගේ නිජභූමිය නොවේ. ඉන්දියාව දමිළයන්ගේ නිජභූමියයි. එනිසා ඔවුන්ට සිය නිජභූමිය පිළිබඳව අයිතිවාසික ප්‍රකාශ කර හැක්කේ ඉන්දියාව තුළදී පමණි. ලංකාව තුළදී දමිළයන් යනු ශ්‍රී ලාංකීය ජාතියේ කොටසකි. එවිට ඔවුන් සිතිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් විදියටයි.)

වර්තමානයේදී යුද්ධයේ අවසානයේ ආසන්නයටම පැමිණ ඇත.

එසේනම්,

යුද්ධය අවසන්වීම ඉන්දියාවට බලපාන්නේ මේ ආකාරයෙනි

තමිල්නාඩුව තුළ නිදහස් අරගලයක් නිර්මාණය වීම

ලංකාව ඉන්දියාවට ආර්ථිකමය වාසි ලබාදෙන, ඉන්දියාවේ පදේට නැටීමට සූදානම් ඔවුන්ගේ ආර්ථිකම ප්‍රාන්තයක් බවට පත් වීම වැලැක්වීම නිසා ඉන්දියාවට ලෝක බලවතෙකුගේ තත්වයට පැමිණීම ප්‍රමාද වීම

ඉන්දියාවට ආසන්නයේ ශක්තිමත් ඒකීය ජාතික රාජ්‍යයක් නිර්මාණ වීම හරහා. සොබාවික සම්පත් වලින් අනූන වූ ශක්තිමත් ආර්ථිකයකින් යුතු රටක් නිර්මාණය වීම ඔවුන්ගේ ආර්ථිකයට බලපෑම් එල්ල කිරීමට සමත් වීම.

මීට අමතරව සමස්ථ ලංකාවම ඉන්දියානු ප්‍රාන්තයක් කරගැනීමේ යටි අරමුණ ඉටු කරගැනීමට නොහැකි වීම යන කරුණු පෙන්විය හැකියි. ඉතින් ජාතියක් වශයෙන් අප සියළු‍ දෙනාම එකතු විය යුතුයි. ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් බවට ලංකාව පත් වෙනවාට ඔබ කැමතිද? එසේත් නැතිනම් අ‍‍පේ සියළුම සොබාවික සම්පත ඉන්දියානු ආර්ථික හස්තයට හසු‍වනවාට ඔබ කැමතිද? ඔබ අකමැති වනවාට කිසිදු සැකයක් නැහැ. එනිසා දැන් දැන්ම එකතු වෙමු හඬක් නඟමු! ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් එකතු වෙමු!

අවසාන වශයෙන් ඔබට තවත් මෙවැනිම ඉතිහාස සාධයකයක් පෙන්වීමට සිතුනා. ඒ අමෙරිකා එක්සත් ජනපදයයි. ඔවුන්ගේ මුල් බිම වූයේ මහා බ්‍රිතාන්‍යයි. නමුත් ඔවුන් සිය නිදහස් නිවහල් භාවය වෙනුවෙන් සිය මව් රට වූ බ්‍රිතාන්‍ය සමඟින්ද සටන් කරා!. දැන් බලන්න ඔවුන් කෙ‍තරම් දියුණු වී ඇත්ද? ජාතික රාජ්‍යයක් ගොඩනගාගැනීම තුළින් ලෝක බලවතෙකු තත්ත්වයට පත්වූ ආකාරය බලන්න. ඉදින්, ඉන්දියාව එවන් තත්වයක් අපෙන් ඇතිවීම වලක්වන ආකාරයක් ඔබට නොපෙනෙන්නේද?

ඇමරිකානු නිදහස් සටන පිළිබඳ වැඩි විස්තර –  http://en.wikipedia.org/wiki/American_Revolution

ඉන්දියාව මේ සම්බන්ධව කුමන මතයක් ලෝකයාට පෙන්වූවත් තිත්ත ඇත්ත එයයි. තමිල්නාඩුව වර්තමානයේ ප්‍රදර්ශණය කරන්නේ මධ්‍යම ආණ්ඩුවේ උවමනාවයි. ඒ බව අප තේරුම්ගත යුතුය.

එන්න, එක්සත්ව එක්සිත්ව ඒකීය ස්වෛරී ජාතික රාජ්‍යයක් නිර්මාණ කිරීම උදෙසා හඬනඟන්න!

(මෙම සටහනට පදනම් වූයේ 2008.10.20 දින ටී. එන්. එල් රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “ජන හඬ” දේශපාලානාත්මක සංවාද‍යයි. එම වැඩසටහනට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා වන විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ජාතික හෙළ උරුමය නියෝජනය කරන ලද ස්වාමීන් වහන්සේට මාගේ විශේෂ ස්තූතිය.)

ජබ් වී මෙට් (Jab We Met)
ඔන්න මීට කලින් සැලසුම් කරපු විදිහටම ජබ් වී මෙට් (Jab We Met) චිත්‍රපටිය ඊයේ (2008.04.12) රාත්‍රී 9.30ට ස්වර්ණවාහිනියෙන් සිංහල උපසිරැසි සමඟින්ම නැරඹීමට හැකියාව ලැබුනා. ඇත්තෙන්ම මේ චිත්‍රපටිය සරල, එහෙත් ආකර්ෂණීය සිනමා නිර්මානයක් ලෙස සැලකීමට හැකියි. චිත්‍රපටියේ ගීත සියල්ලම ඉතාමත් වින්දනීය ආකාරයෙන් නිර්මාණය කර තිබෙන ඇති අතර එහි සියළුම ගෞරවය හිමිවන්නේ මෙම චිත්‍රපටියට සංගීතයෙන් දායකත්වය දැක්වූ “ප්‍රීතම්” , “සන්ජෝයි චවුද්‍රි” හා “ඉර්ෂාඩ් කමිල්” වෙතටයි.

මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වන්නේ…

ආදිත්‍ය කාශ්‍යප් (සායිඩ් කපූර්) – තරුණ ව්‍යාපාර හිමියෙකු වන මොහුගේ පි‍යාගේ අභාවයෙන් පසු මුළු ව්‍යාපාරයම කඩාවැටෙනවා. ඒ අතර තම පෙම්වතියද තමාගෙන් ඉවත්වී ‍අන් පුද්ගලයෙකු විවාහ කරගැනීම නිසා මානසික වශයෙන් ඇද වැටීමකට ලක් වනවා නමුත් ගීත් ගේ අහඹු මුනගැසීමෙන් පසු සියල්ලම වෙනස් වනවා. ඔහුගේ සියළුම ව්‍යාපාර තිබූවාටත් වඩා හොඳින් ගොඩනැගීමට ඔහුට හැකිවනවා.

ගීත් දිලොන් (කරීනා කපූර්) – ජීවිතයම ක්‍රීඩාවක් කරගත් ඇත සියල්ල සරලව, යහපත්ව සිදුවේයැයි විශ්වාස කරන්නාවූ කටකාර තරුණියක්.  ඇය නිසා ආදිත්‍යගේ ජීවිතය වෙනස් වූ නමුත් ඇය විශාල ඇදවැටීමකට ලක්වෙනවා. නමුත් නැවතත් ආදිත්‍යගේ හමුවීම නිසාවෙන්ම ඇගේ ජීවිතය ආලෝකමත් වෙනවා.

මෙහි තවත් චරිත කීපයක් එක් එක් අවස්ථාවලදී ඉස්මතු වූවත් ඉහතින් දැක්වූ චරිත 2වටා පමණක් චිත්‍රපටියේ කතාන්දරය ගලා යැවීමට මෙහි අධ්‍යක්ෂකවරයා වශයෙන් ඉමිතියාස් අලී සමත් වී තිබෙනවා. එමෙන්ම මේ චිත්‍රපටියේ කැමරාකරණය වෙනත් හින්දි චිත්‍රපටි වලට වඩා ස්වල්ප වශයෙන් වෙනසක් තිබෙනවා.

ස්වර්ණවාහිනියේ මේ චිත්‍රපටිය නැරඹීමට ඔබට නොහැකි වුනානම් DVD හෝ VCD එකක් හරහා මේ චිත්‍රපටිය රසවිඳින්න අමතක කරන්න එපා. චිත්‍රපටිය සිනමාහල්වල ප්‍රදර්ශනයට පැමිණි මුල් කාලයේ මෙම චිත්‍රපටිය ආදායම් වශයේ යම් සාර්ථකත්වයක් ලැබූවත් අතිවිශිෂ්ට නිර්මාණයක් වූ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටිය හා සාවරියා චිත්‍රපටිය මේ කාලයේම ප්‍රදර්ශනයට පැමිණීම නිසා එම මහා පරිමාණ නිෂ්පාදන සමඟ තරඟවැදීමට අපහසු වීම නිසා සිනමාහල් වලින් චිත්‍රපටිය ඉවත් වුනා. නමුත් මෙම චිත්‍රපටියේ ඇති සුන්දර බව නිසාම මෙම චිත්‍රපටිය සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබීමට සමත් වුනා. ඒ අතර…

2007 හොඳම නිළිය ෆිල්ම් ෆෙයාර් සම්මානය (කරීනා කපූර්)

2007 හොඳම දෙබස් සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය (ඉමිතියාස් අලි)

2007 හොඳම නිලිය සඳහා HT Café සිනමා සම්මානය (කරීනා කපූර්)

ප්‍රධාන වෙනවා. මේ සම්මාන ත්‍රිත්වයට අමතරව තවත් සම්මාන කිහිපයක්ද සම්මාන සඳහා නිර්දේශිත නාම අතරටද මෙම චිත්‍රපටිය පැමිණීමට සමත් වි තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතයකට පන පොවන කරීනා කපූර්ගේ සිනමා දිවියේ එක් සන්ධිස්ථානයක්ද මෙම චිත්‍රපටියෙන් සනිටුහන් වෙනවා. මෙම චිත්‍රපටියෙදීත් සත්‍ය ජීවිතයේදීත් පෙම්වතා වූ සායිඩ් කපූර්වත් අත්හැරීයේද මේ චිත්‍රපටියෙන් පසු වීමද තවත් විශේෂත්වයක්. මෙම චිත්‍රපටියේදී සිය රංගනයෙන් සාර්ථකත්වය ලැබීම නිසා මේ දිනවල ඉන්දියාවේ නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙක් ඇය පස්සෙන් යන බවනම් හැමෝටම ආරංචි ඇති. එමෙන්ම කරීනා කපූර් තමයි මේ දිනවල වැඩියෙන්ම ගාස්තු අය කරන බොලි‍වුඩ් නිළිය.

එතකොට සායිඩ් කපූර්?

සායිඩ් කපූර්ට නම් වැඩිය සම්මාන ලැබිලා නෑ. නමුත් මේ දිනවල ඔහුගේ රසිකාවියන්ගෙන් ලැබෙන පැසසුම් නම් එන්න එන්නම වැඩිවෙනවා කියලා තමයි ආරංචිය. කෙසේ වෙතත් චිත්‍රපටියට ඔහුගෙන් ලැබෙන රංගන දායකත්වයේ නම් කිසිම අඩුපාඩුවක් නම් මා දකින්නේ නෑ. කෙසේ වෙතත් සායිඩ් කපූර් තමයි මේ චිත්‍රපටියේ මේ චරිතයට ගැලපෙනම නළුවා කියලා තමයි මගේ විශ්වාසය.

වෙනදා වගේම චිත්‍රපටියේ කතාව නම් මම කියන්නේ නෑ. ඔබම මේ චිත්‍රපටිය නරඹලා රසවිඳින්න. දැනට ජබ් වී මෙට් ගැන මෙපමණයි. ඊළඟ සටහන ලියන තෙක් මේ චිත්‍රපටියේ “නගාඩා නගාඩා” පන්ජාබ් ගීතය රසවිඳින්න…

වෙනත් යොමු: විකීපිඩියා – නිල වෙබ් අඩවිය