Categories
ජන මාධ්‍ය විවිධ

තරු

උඩ බැලුවත් තරු
බිම බැලුවත් තරු
කොහෙ බැලුවත් තරු
තරු පෙන්වන තරු

රෑ පායන තරු
ගී ගයනා තරු
ලව් කරනා තරු
අපි අඬවන තරු

සෙවනැලි රන් තරු
සුපිරි කොමඩි තරු
අපි දිනවන තරු
අප පරදන තරු

බැටරි තියෙන තුරු
credit තියෙන තරු
බිල වැඩි වෙන තුරු
තරු රජවන තුරු

හික්! මං මේ අද ඉස්කෝලේ යන ගමන් දැක්කා පත බිල් බෝඩ් එකක් දෙරණ නාලිකාවේ. උඩ බැලුවාම තරු පේනවා කිව්වේ ඒකට තමයි. ඉස්සර කාලේ පඳුරකට පයින් එකක් දුන්නාම විසිවෙන්නේ සාම විනිසුරුවරු. හැබැයි දැන් කාලේ තාලේ වෙනස්. දැන් පඳුරකට පයින් දෙයක් දුන්නොත් සුපිරි තරු දුසිම් ගණන් විසිවෙනවා. (මාසේ අන්තිමේ ෆෝන් එකේ බිල දැක්කාම තරු විසිවෙන එක වෙනම කාරණයක්) මට මෙන්න මේ වෙලාවේ පරණ කවියක් මතක් වෙනවා.

…එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු…

ඇත්තටම අපිට පුළුවන්නේ මේ තරු වෙනුවට චන්ද්‍රයෙක් හදන්න…

සුපිරි චන්ද්‍රයා

(දවාලේ පායන චන්ද්‍රයා… මෙයි ආවා… මෙයි ආවා…)

හික්! 😀


මේ මම කලින් ලිව්වා මතක ඇතිනේ ෆේස්බුක් එක සම්බන්ධ කරලා “ප්‍රවෘත්ති පිට ප්‍රවෘත්ති” කියලා ලිපියක්. ඉතින් මම කියලා තියෙනවානේ මට පොඩි දෝශාරෝපණයක් ඇවිල්ලා කියලා. එයා ඒක කියලා තියෙන්නේ විහිළුවටලු. ඉතින් ඒක ප්‍රසිද්ධියෙ පළ කරයි කියලා අදාල කෙනාට පොඩ්ඩක් හිතේ අමාරුයි. ඉතින් මම මේක අවස්ථාව කරගන්නවා එයාගෙන් සමාව ඉල්ලන්න යම් කිසි අපහසුතාවයක් වුනානම්.

හපොයි! මේ කියෙව්වා ඇති! නැත්තන් හෙට බුද්ධා‍ගම පේපරේ ලියනකොට මට තරු පෙනෙයි! 😉