සුදාරකගේ අන්තර්ජාල සටහන » සිරස
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…
උපදෙස්: ඉදිරියට කියවාගෙන යන්න කලින්, සින්දුව අනිවාර්යයෙන්ම රසවිඳල ඉන්න. ඊට පස්සෙ සැහැල්ලුවෙන් කියවාගෙන යන්න
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…
අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…
ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…
මා ගැන මතකය ගුලි කර, මහවැලියට දමන්න…
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…
ගායනය: අමරසිරි පීරිස්
පද රචනය: ධම්මික බණ්ඩාර
සංගීතය: විශාරද ඩෙනිස්ටර් පෙරේරා
සාමාන්‍යයෙන් සුදාරක සින්දුවක් ගැන බ්ලොග් සටහනක් නොලියාම ඇති තරම්. සුදාරක කවි/ගීත විචාරයට එතරම් දක්ෂ පුද්ගලයෙකු නොවුනත්, රූප පෙට්ටියේ සුපිරි(/සිහින)තරු පිළිබඳ දැන්වීමක් අතරමඟදි සිහිනතරුව‍ක‍ගේ හඬින් ඇහුන අමරසිරි පීරිස් ගායකයාගේ හඬින් ගායනා වෙන “හන්තානට පායන හද” ගීතයේ මුල් පද පේලි ඇහුන විගසින්ම ගීතයට ආකර්ෂණය වුනා කිව්වොත් හරි. සාමාන්‍යයෙන් ගීතයේ මුල් පදයෙන්ම ගීතයට ආකර්ෂණය වෙනවානම්, ඒ ගීතයේ තමන්ගෙ ජීවිතයට සම්බන්ධ දෙයක් කොහේහරි ඇති කියල මගේ හිත කියනව. එහෙම වෙන එක පැහැදිලි කරගන්න නම් අතුරු කතාවක් කියන්න වෙනව. සාමාන්‍යයෙන් පන්ති ඉවරවෙලා යැවෙන සරසවියේ සිංහල පොත් තියෙන උඩුමහලේ මම දැක්ක එක පොතක්. ඒ පොත එක පාරටම අතට ගත්තාට මම වැඩිය කියෙව්වේත් නැහැ. කොහොම හරි මේ පොත මට ආපහු තිබුන තැනින් තියන්න හිතුනෙම නැහැ. අන්තිමේ පොත අරගෙන කියවලා බලද්දි, මට තේරෙනව මේකෙ සමහර තැන් මගේ ජීවිතයත් එක්ක සසඳන්න පුලුවනි කියල. ඒක හරි පුදුමාකාර කතාවක්! ඒ කියන්නෙ, විශ්වාස කරනවනම් විශ්වාස කරන්න. නැතිනම් නිකන් ඉන්න!
හරි, ආයෙත් මාතෘකාවට එමුකො. මේ ගීතයේ පළමු ‍පේලියෙන්ම ගීතයට ආකර්ෂණය වුනාට පස්සෙ, අන්ත‍ර්ජාල පිහිටෙන් සින්දුව හොයාගත්ත. මුළු සින්දුවම, සින්දුවේ ආකාරයෙන් නොවුනාට සීයට සීයේ ප්‍රතිශතයෙන්ම ජීවිතානුබද්ධයි. ඒකයි සීරියස්ම කතාව.
ගීතයෙන් කි‍යවෙන්නෙ හරිම සරල කාරණයක්. ගීතය ගායනා කරන්නා පෙම්වතා නම්, අපිට ඉතිරි ටික සැහැල්ලුවෙන් ආදේශ කරගන්න පුලුවනි. මේ ගීතය පෙම්වතා කියන්නෙ, උසස් පෙළ හොඳින් සමත්වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න සමත්වුන තමන්ගෙ පෙම්වතියට. හන්තාන තියෙන්නෙ පේරාදෙණිය සරසවිය ආසන්නයේ නෙව. ඉතින් මෙතන හන්තාන කිව්වත්, හන්තාන කියන ‍එකෙන් අදහස් කරන්නෙ පේරාදෙණිය සරසවියමයි.
හන්තානට පායන හ‍‍ඳේ ලස්සන පෙම්වතාට බලන්න බැරිවෙන්නෙ පෙම්වතාට උසස් පෙළ සමත්වෙන්න බැරි ‍වීම හේතුවෙන් පේරාදෙණිය සරසවියට එන්නට නොහැකිවීම හේතුවෙනුයි. සමහරවිට අපිට මෙහෙම හිතන්නත් පුලුවනි උසස් පෙළ කෙසේවෙතත්, ඔහුට පේරාදෙණියට එන්න නම් කිසිම හැකියාවක් නැහැ. පේරාදෙණිය කියන්නෙ, පේරාදෙණිය සරසවියට.
සරසවි ජීවිතය හරිම සුන්දරයි, හරියට සිනිඳුවට කඩාගෙන වැටෙන වැස්සක් වගේ. ඒ වගේම සරසවි ජීවිතයෙ කටුක දේ ‍නැත්තෙම නැහැ. මේ කතාව ගීතයෙ හරි අපූරුවට ව්‍යංගයෙන් කියල තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.
අඳුරෙන් සරසවියෙ කටුක ජීවිතය නියෝජනය කෙරෙනවා නම්, වැස්සෙන් සුන්දර සරසවි ජීවිතය නියෝජනය කරනවා වෙන්න පුලුවනි.
ඉතින්, මේ ජීවිතයෙදි තමන් ළඟින්ම තමන්ට දුක සැප බෙදාගෙන ඉන්න කෙනෙක් ළඟ ඉන්නව නම්, ඒක ගොඩක් වටිනව. ඉතින් ‍ඒකයි පෙම්වතා කියන්නෙ…
අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…
දුරස්ථ ආදරයකදි, දෙන්නට දෙන්න නොපෙනෙන එක අර්බුදකාරී අවස්ථාවක ලොකු ගැටලු මතුකරන තැනක්. කොහොමනමුත් තමන් ආදරය කරන කෙනෙක් දුර හිටියත්… සමහර වෙලාවට දුකෙන් ඉන්න වෙලාවට ආරක්ෂාව රැකවරණය ඒ දුර ඉන්න කෙනාගෙන් ලබාගැනීමට හරි අසීරු දෙයක්. ඒ කියන්නෙ, ප්‍රායෝගික නැති කාරණයක්. ඒකයි පෙම්වතා කියන්නෙ,
කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…
ඒ මුලින් ඇතිවෙන රාගයෙන් තොර ආදරය. ළඟදි හොයාගත්ත වචනයක් වන ප්ලේටොනික ආදරය. එතනින් එහාට යන ඊළඟ තැන… රාගයත් එක්ක එකතු වුන ආදරය. මහවැස්සෙ තනියම ‍නොයා අලුත් පෙම්වතාගෙ ආරක්ෂාව යටතෙ ය‍‍නකොට, දෙන්නටම තනිවෙන්න තැන් ලැබේවි. ඒ අවස්ථාව මඟඅරින්න එපා, මගෙන් නොලැබෙන දේ ලැබෙනවා නම්… මා ගැන මතකය හිතෙන් අමතක කරල දාන්න. අලුත් ජීවිතයක් ආරම්භ කරන්න… දුක්විඳිනවාට වඩා සතුටට, නිවීමට පත්වෙන්න. ඒකයි වැදගත්. කාලය නමැති මහවැලි ගඟ මාවත් ඇදගෙන ගහගෙන යාවි.
සිරසක් නැති සිරස!
ඕන ඉතින් ආයු‍බෝවන් කිව්වා. කාලේකට පස්සේ දීර්ඝ ලිපියක් ලියන්න හිතුවා. ලිපියට මාතාකාව කරගන්න හිතුනේ වැඩි දෙනා අතර කතා බහට ලක් වෙලා තියෙන, එක එක නමින් හැඳින්වෙන (ජනතාවගේ නාලිකාව, කොටි සිරස, ත්‍රිකෝණ වාහිනිය, කොටි හඬ හා තවත් නම්…) සිරස TV නාලිකාව ගැන. මුලින්ම අන්තර්ජාලයේ අහු මුළු වලින් හම්බවෙච්ච දේවල් ටිකක් පෙන්නලා ඉන්න හිතුනා.
ඉතින් ඔන්න ඕකයි තත්ත්වේ. කොහොමහරි සිරස නාලිකාව ගැන මේ වෙනකොට විශාල කතිකාවතක් නිර්මාණය වේගෙන යනවා. සිරස සුපර් ස්ටාර්ස්, ඩාන්සින්ග් ස්ටාර්ස් වගේ දේවල් ගැනත්, සිරසේ ප්‍රවෘත්ති ප්‍රකාශ ගැනත් විශාල කතාබහක් නිර්මාණය වේගෙන යනවා. කොහොමින් කොහොමින් හරි මේකෙන් වෙන්නේ ඒ නාලිකාවට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙන එක තමයි. ඒත් කරන්න දෙයක් නෑ කතා කරන්නම වෙනවා. මෙන්න මේකයි මගේ මතය.
කතා දෙකක් නෑ සිරස තමයි දැනට ලංකාවේ තියෙන විශාලම වාණිජ ජාලයකට අයත් රූපවාහිනී නාලිකාව. කොහේ හරි නෑ ගෙදරකට, යාළුවෙකුගේ ගෙදරකට ගොඩවුනත් දැන් රූපවාහිනියේ දාලා තියෙන්නේම සිරස නාලිකාව තමයි. ඒකට එක හේතුවක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ජනතාව ඉල්ලන යම්කිසි රසාස්වාදයක් (ඔවුන් බො‍හෝ දෙනෙකුට මහා ලොකු දැනුමක්, සම්භාව්‍ය දෑ පිළිබඳ දැනුමක් නෑ කියන දේ පිළිගන්න වෙනවා) මේ නාලිකාවෙන් ලබා දෙනවා. ඇත්තටම කාටූන් වලට වයස් පරතරයකින් තොරව කැමතියි කියන එකත් අපිට ‍පිළිගන්න වෙනවා. මම හිතන විදිහට දැනට ලංකාවේ සූරපප්පා, දඟයා, ස්කූබි ඩූ වගේ කාටූන් නොබලපු සාමාන්‍ය පුරවැසියෙක්, පොඩි ළමයෙක් නැත්තේම නැතිව ඇති. ඒ වගේම අපි නොදන්න ලයිව් වැඩස‍ටහනත් ඉතාම ජනප්‍රිය වැඩසටහනක් (Season 2 එකට නම් දැන් වැඩිය හිනා යන්නේ නෑ. ඒක වෙනම කාරණයක්). ඔය විදිහට කියාගෙන ගියොත් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම කෙලින් කතාව (ඇත්තටම මේක CNN වල Larry King Live වැඩසටහනේ කොපියක්. ඒත් Larry King Live වැඩස‍ටහනේ ලංකාවේ අය සිංහලෙන් සංවාදයට ‍ඇරගෙන එන්නේ නෑනේ…) වැඩසටහන නම් මාත් අනිවාර්යයෙන්ම බලනවා. ඔය ආකාරයට සිරස නාලිකාව ලංකාවේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන් ඉල්ලන රසාස්වාදයත් ලබාදෙනවා.
මම දන්න අඳුරන එක්කෙනෙක්ගෙන් මම ඇහුවා, ඇයි ඔය මහගෙදර, ප්‍රවීනා වගේ හින්දි නාට්‍ය බලන්නේ? ඒවායේ කිසි තේරුමක් නෑනේ?
එතකොට එයා දීපු උත්තරේ තමයි මේක,
ඇත්තටම ඒකේ ගන්න දෙයක් නෑ තමයි. ඒත් ඉතින් ඒක ඉන්න නිළියන්ගේ රඟපෑම බලන්නයි වැඩිපුරම මහගෙදර, ප්‍රවීනා බලන්නේ. ඇත්තටම ඒ වගේ ලස්සනට අපේ නිළියන්ට රඟපාන්න පුළුවන්ද?
ඔන්න ඕකයි තත්වේ. සිරස නාලිකාව සාමාන්‍ය රූපවාහිනි ප්‍රේක්ෂකයා ඉල්ලන (පහත්) රසාස්වාදයක් අර මුලින් කියපු මහගෙදර, ප්‍රවිනා හා, හින්දි අනුකාරක සිංහල නාට්‍ය හරහා ලබාදෙනවා. මේක නිසා සිරස නාලිකාව සාමාන්‍ය රූපවාහිනී ප්‍රේක්ෂයන්ගේ මානසිකත්වය ආක්‍රමණය කරලා.
දැන් මේ වගේ නාලිකාවකට සාමාන්‍ය මිනිස්සු ඇදිලා යන කරුණක් තියෙනවා. එකක් තමයි දැන් මේ වර්තමානේ ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වය. බෝම්බ, අපරාධ ගැන ප්‍රවෘත්ති වලින් හෙම්බත් වෙලා. තමන් කරන රස්සාවෙන් හෙම්බත්‍ වෙලා, මෙන්න මේ වගේ කරුණු නිසා මේ රූපවාහිනී නාලිකාවට ගොඩක් සාමාන්‍ය රූපවාහිනී ප්‍රේක්ෂකයන් ඇබ්බැහි වෙලා කිව්වොත් වරදක් නෑ.
සුපර්ස්ටාර්ස් වගේ දේවල් වලිනුත් අර විදිහට හෙම්බත් වෙලා ඉන්න ප්‍රේක්ෂකයින්ට සින්දුවක් දෙකක් අහන්න සලස්වලා. ගායක ගායිකාවන්ට ඇඳුමක් දෙකක් අන්දලා පොඩි කික් එකක් දෙනවා. ඒකට ගොඩක් ප්‍රේක්ෂකයින් කැමතියි. ඒක නිසාම අපේ අයත් ඇඟිල් කැඩෙනකන්, රීලෝඩ් කර කර, සල්ලි නාස්ති කරගෙන කෙටි පණිවිඩ යවන්නත් පෙළඹිලා. ඒ අතරට ආපු සිරස කුමරිය. දැන් මෑතකදි අහවර වෙච්ච ඩාන්සින්ග් ස්ටාර්ස් වගේ ඒවායිනුත් කරේ  පොඩ්ඩක් මිල අඩු, රෙදි අඩු ඇඳුමක් දෙකක් අන්දලා ප්‍රේක්ෂකයන්ට පොඩි කික් එකක් දෙන එක තමයි. (ඇත්තටම මේ වැඩසටහන් සිරස විසින්ම නිර්මාණය කරපු දේවල් නෙවෙයි. ඒ වැඩසටහන් බටහින American Idol, Dancing with Stars වැනි වැඩසටහන් වල අනුකාරක වැඩසටහන්. ඒත් ඒ වැඩසටහන් වල මොකෝ සිංහල සිංදු කියනවා වත්, ලංකාවේ නළු නිළියෝ නටනවා වත් යැ?) ඔන්න ඕකයි සිරස වින්දනාත්මක පැත්ත.
දැන් එන්නේ පොඩ්ඩක් අන්තරාදායක පැත්තටයි. ඒ තමයි මේ නාලිකාවේ දේශපාලනික ක්‍රියාකාරීත්වය (ඇත්තටම මේ බ්ලොග් අඩවියෙන් දේශපාලනය ගැන මගේ දැක්ම කතා කරන්න කැමති නෑ. ඒත් කතා කරන්න වෙනවා අවස්තාව අනුව) දැන් ලංකාවේ පවතින තත්ත්වය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනේ. ටිකක් යුධමය වාතාවරණයක්. ඒත් මේ සිරස නාලිකාව අර උතුරේ අපේ හමුදාවන් කෙරෙන සටන් ගැන කියවෙන ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නේ මතු පිටින් පොඩ්ඩක් කියලා විතරයි. අනිත් ප්‍රවෘත්ති ‍හොයාගෙන උඩ පැනගෙන යන මේ නාලිකාව, ඇයි මේ වගේ යුධමය ප්‍රවෘත්ති වාර්තාක‍රණයෙන් ඉවත්වෙලා ඉන්නේ කියන එක ටිකක් සැක සහිතයි. ඒ වගේම මේ නාලිකාවේ ආර්ථික තත්ත්වයත් ශක්තිමත්. ඉතින් මේ නාලිකාව ඔවුන්ගේ ආර්ථික තත්ත්වය හරහා ලංකාවේ දේශපාලනයත් අත ගහනවා කියන දේත් ප්‍රසිද්ධ රහසක්. ඇත්තටම දැන් වර්තමානයේ ත්‍රිවිධ හමුදාව සිදු කරන්නේ යුගයේ අවශ්‍යතාවයක්. ඒත් ඇයි මේ වගේ නාලිකාවක් ‍ඒක තේරුම් නොගන්නේ? ඒක ඔවුන්ගේ රහසිගත දේශපාලනික උපක්‍රමයක්වත්ද? ඒ වගේම මේ ළඟදී කතාබහට ලක්වෙච්ච‍ දෙයක් තමයි ඔවුන් රුධිර මධ්‍යස්ථානය පිළිබඳ වාර්තා කරන ලද අසත්‍ය ප්‍රවෘත්තිය. ඒ වගේම තවත් දෙයක් තියෙනවා ඔවුන් මුලින් ඔවුන්ගේ ප්‍රවෘත්ති සඳහා යොදාගත්ත ආදර්ශ පාඨය තමයි, We Report You Decide කියන වදන් වැල. නමුත් ඒකත් ඔවුන්ගේ ආදර්ශ පාඨයක් නො‍වේ. ජාත්‍යන්තර ෆොක්ස් නාලිකාවේ ආදර්ශ පාඨයක්. ඉතින් ඔය විදිහට කියාගෙන ගියොත් සිරස කියන්නේ හරියට ෆොටෝ කොපි මැසිමක් වගේ නාලිකාවක්. ඇයි මේ නාලිකාවට බැරි තමන්ගේම දෙයක්. තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න. ඇත්තටම ඔවුන්ගේ දැන් පාඨය වෙලා තියෙන්නේ “TV අළුත් කරන සිරස” කියන එකයි. ඉතින් මේක මෙන විහිළුවක්ද? හැම පිටරට වැඩසටහනක්ම මෙහාට ගැලපෙන අයිසින් දාලා ප්‍රචාරය කරත්, කරන්නේ පරණ දේම නේද? ඉතින් මේක හරි විහිළුවක් නේද? හැබැයි මහජනයා ඇත්ත දැනගන්න කාලය ඇවිල්ලා. දැන් සිරසේ වැඩ ගැන හැමදෙනාම කතා වෙනවා. සිරසට ඕන ඕන විදිහට නටන්න බැරි කාලයක් දැන් ඇවිල්ලා තියෙනවා. කෙලින්ම කිව්වෙත් සිරස‍ට විරුද්ධව ගොඩක් තැන්වල කතා බහ ඇතිවෙලා තියෙනවා. ඔබ පොඩ්ඩක් ElaKiri වෙබ් අඩවියේ ෆෝරමය සෝදිසි කරලා බැලුවොත් ඒක තේරුම්ගන්න පුළුවන් වේවි.
ඒ වගේම පහත සටහන් කියවන්න අමතක කරන්නත් එපා!
ලේ-සිරස-ආණ්ඩුව හා යුද්ධය (සඳගිර බ්ලොග් අඩවිය)
සදාචාරය, සභ්‍යත්වය හා එල්.ටී.ටී.ඊ වාහිනිය (ආදරණීය අඩවිය)
මේ ගැන ඔබ මොනවාද හිතන්නේ? ඇත්තටම සිරස දේශ ද්‍රෝහී නාලිකාවක්ද? නැත්නම් ඒක නිකම්ම නිකන් නාලිකාවක්ද? සංවාදයට විවෘතයි!
තරු පෙනෙන තරු
සුපිරි තරු සිහිනය සැබෑවූ වගයි!
ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගෙන් 80%ක් පුල පුලා බලා සිටි දෙවැනි අදියරේ පළමු සුපිරි තරුව ලෙස ඊයේ (2007ක්වූ ඔක්තෝම්බර් මස 27 වෙනි දින) අපේ දොස්තර පුතා හෙවත් ප්‍රදීප් රංගන අභිෂේක ලැබුවා. ගණනය කළ නොහැකි විවෘත හා පෞද්ගලික පැසසුම් ගැරහුම් මධ්‍යයේ දැන් දෙවැනි සුපිරි තරුවද තෝරා අවසන්. මීළඟ සුපිරි තරුව වන්නේ ඔබද මමද? මමත් ඊළඟ සුපිරි තරුව තේරීමේ තරඟයට ඉල්ලුම් පත්‍රයක් යවන්නයි ඉන්නේ… මගේ පළමු වටේ තියෙන දවසට ජාතික සත්තු වත්තෙන් ආවොත් ශ්‍රී ලංකාවට ආවේණික ගැරඬි විශේෂ ඉතාමත් පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් වේවි (සමහරවිට). ගණන් ගන්න එපා විහිළුවක් කරේ (හිනාගියාද දන්නේ නෑ). ඔන්න ඔන්න ට්‍රැක් එකෙන් පිට ගියා. හරි හරි ආපහු මෙවර සුපිරි තරුව ගැන කතාකරමු. ඇත්තටම මට මේ සිරස සුපර් ස්ටාර්ස් 2වැනි අදියර (Season 2) පළමු අදියරට වඩා අති සාර්ථක යැයි හැ‍‍ෙඟනවා. මම නම් මුල ඉඳලම හිතුවේ සුරේන්ද්‍ර පෙරේරා සුපිරි තරුව වේවි කියලා. ඒත් ඉතින් අපි හිතන දේ හැම වෙලාවෙම වෙන්නේ නෑනේ මම මේ ජායාරූප උපුටා ගත්තේ සිරස මාධ්‍ය ජාලයේ ඊතලය වෙබ් අඩවියෙන් එහි සුපිරි තරු අතර දිදිලූ තරු 11ක ජායාරූප තියෙනවා. ඇයි එක්කෙනෙක්ගේ විතරක් නැත්තේ? සුපිරි තරු අනුශූරයා වූ සුරේන්ද්‍ර පෙරේරා ගැන කිසිම සඳහනක් නෑනේ. හිතට නම් ටිකක් දුකයි. මොනවා කරන්නද? සුපිරි තරුව වූ ප්‍රදීප් රංගන අනාගතයේ හදවතට (භෞතිකමය හදවත නොවෙයි) වෙද කම් කරන හදවතේ දොස්තර කෙනෙක් වෙන බවට නොඅනුමානයි. ඔහු දැන් තාරුණ්‍යයේ අයිතමයක් වී හමාරයි. මගෙන් ඔහුට උණුසුම් සුභ පැතුම් තවත් රස බර සිරස සුපර් ස්ටාර්ස් අදියරක් එන තෙක් මා හදවතේ දෑස් නොවසා බලාගෙන ඉන්නවා
ගීතමය දෙයක් පිළිබඳ කතාවක ඉඳිද්දී කාව්‍යමය අදහස් ඉබේම නැගෙනවා. මේ පහතින් මා දක්වා ඇත්තේ මාත් මලින්තත් [ඔහුගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න] අතර ඇතිවූ ජාලගත සංවාදයක (Online Chat) කොටසක්
Supun: කෙසේද සැපදුක්?
malinthe: වරදක් නැත දැන්
Supun: ඇසීමත් වේය සතුටක්
සුපිරි තරුව ගැන ඔබේ අදහස්?
Supun: කිසිවෙක් පැරදුනේ නැත බං
Supun: මාත් කරනව බ්ලොග් එකක් දැන්
http://www.ssudaraka.blogspot.com
malinthe: සිංහලද?
Supun: නැතුව නැතුව…
malinthe: හොඳා
හිතුවේ නෑ ප්‍රදීප් දිනයි කියා
Supun: මාත් එසේමැයි
සිතූ දේ නොම වේය සැමවිට
ගැසුවා කෙ.ප.සේ 4ක් (පසුව එකතු කරමි – කෙ.ප.සේ කියන්නේ කෙටි පණිවිඩ සේවය හො‍‍ඳේ)
වැඩක් නම් නොම වුනේ
අපරාදේ රු20ක්
malinthe: අපි යැව්වා ප්‍රදීප්ට විසිපහක්!
Supun: මට නම් නැතේ එච්චර මුදල්
ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ක්‍රියාකාරීත්වය මගේ ඇසින්.
ශ්‍රී ලංකාව තුළ මේ වන රූපවාහිනී නාලිකා (චන්ද්‍රිකා මඟින් පමණක් විකාශය වන නාලිකා හැර) ආසන්න වශයෙන් 13ක් පමණ සිය විකාශන කටයුතු එකිනෙකා පරයමින් කරගෙන යනු ලබන අතර, එම නාලිකා වලටම සුවිශේෂී වැඩසටහන් මෙන්ම වෙනත් රටවල නාලිකා වල වැඩසටහන් වලට අයත් මොඩල යොදාගනිමින් නිර්මාණය වූ වැඩසටහන්ද ඔවුන් විකාශනය කරනු ලැබේ.
ශ්‍රී ලංකාව තුළ මාගේ ඇසට ගෝචර වූ නාලිකා 13 පහත පරිදි වේ.
ජාතික රූපවාහිනී
නේත්‍ර ටී.වී
චැනල් අයි
ස්වාධීන රූපවාහිනී
සිරස ටී.වී
T. N. L (ටෙලිෂාන් නෙට්වර්ක් ලංකා)
ස්වර්ණවාහිනී
මැක්ස් ටී.වී
දෙරණ
චැනල් වන් එම්. ටී. වී
ඊ.ටී.වී
ටී. වී ලංකා
ආ(ර්)ට් ටී.වී
මෙම නාලිකා අතුරින් චැනල් අයි හා නේත්‍ර ටී. වී එකම නාලිකාව තුළ නාළිකා 2ක් ලෙස මේ වන විට ක්‍රියාත්මක වන අතර. මෙයින් නේත්‍ර ටී. වී තුළ දෙමළ මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වන අතර චැනල් අයි තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩසටහන් ක්‍රියාත්මක වේ. මේවාට අමතරව දෙමළ මාධ්‍යයෙන් ක්‍රියාත්මක වන නාලිකාවක් ලෙසින් ශක්ති T. V. පෙන්වා දිය හැක. ඉංග්‍රීසි මාධ්‍ය‍යෙන් විකාශනය වන නාලිකා ලෙස ඊ. ටී. වී (ETV), ආ(ර්)ට් ටී. වී. (ART TV) හා Channel One MTV හැඳින්විය හැක. අනිකුත් සියළුම නාලිකා සිංහල භාෂා මාධ්‍යය ‍ඔස්සේ සිය වැඩසටහන් විකාශනය කරනු ලබයි.
මෙම නාලිකා ප්‍රධාන වශයෙන් කොටස් 2ක කට පැහැදිලිව වෙන් කිරීමට හැකි අතර ඒවා නම්,
රජයේ මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍ය වේ. ජාතික රූපවාහිනී, Channel Eye, Nethra TV හා ස්වාධීන රූපවාහිනී ප්‍රධාන වශයෙන් රජයේ මාධ්‍ය ලෙස පැහැදිලිව වෙන් කිරීමට හැකියාව ඇති අතර අන් සියළුම නාලිකා පෞද්ගලික නාලිකා වේ.
ජාතික රූපවාහිනී නාලිකාව පිළිබඳ…
ජාතික රූපවාහිනිය මීට කාලයකට පෙර අති උසස් අන්දමින් සිය වැඩසටහන් විකාශනය කරන ලද අතර, මේ වන විට සිය තත්ත්වය පහත මට්ටමකට ගෙන ගොස් ඇති අතර මේ වන සිය ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහත වැටීමකට ලක්වී ඇති බව එක් එක් සමීක්ෂණ වාර්තා වලින් පැහැදිලි වේ. රට පුරාම පැහැදිලිව නැරඹීමේ හැකියාව ඇති වීම විශේෂත්වයක් වන අතර, සාමාන්‍යයෙන් මෙම නාලිකාව වැඩි වශයෙන් නරඹනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර වූ වැඩිපුර නාගරීකරණයට ලක් නොවූ දිස්ත්‍රික්ක වල වේ. තාක්ෂණය යොදා ගෙන ඇසට ප්‍රිය අන්දමින් වැඩසටහන් ඉදිරිපත් කිරීමට තරම් හැකියාවක් නොමැති බව පෙන්නුම් කරන අතර එනිසා වෙනත් නාලිකා වලට සැලකිය යුතු පිරිසකගේ යොමුවීම නිසා එය ඔවුන්ගේ ග්‍රාහකයින් අඩු වීමට තවත් එක් හේතුවකි. නමුත් මෑතකදී තිරගත වූ චිත්‍රපටි ඔවුන්ගේ නාලිකාව තුළින් විකාශනය කිරීම ප්‍රේක්ෂකයින්ගේ සතුටට කාරණයකි. කලකට පෙර ඔවුන්ගේ ළමා වැඩසටහන් වල තිබූ ගුණාත්මක භාවය මේ වන විට ගිලිහී ගොස් ඇති අතර, එම ‍පෙර තිබූ ගුණාත්මක භාවයට සම කළ හැකි කිසිදු වැඩසටහනක් දැන් පවතින් අනෙකුත් නාලිකා වල පවා විකාශය නොවීම තවත් එක් විශේෂ කරුණක් වේ. එමෙන්ම මෙම නාලිකාව දැඩි ලෙස (ඕනෑවටත් වැඩියෙන්) රජයට පක්ෂපාතී ලෙසට ඔවුන්ගේ වැඩසටහන් සියල්ලම හසුරුවයි.
මෙම නාලිකාවෙන් ඉදිරිපත් වූ හා ඉදිරිපත් වන වැඩසටහන් අතුරින් මා සිත් ගන්නේ…
මීට වසර කීපයකට පෙර විකාශය වූ ප්‍රවෘත්ති වැඩසටහන්.
මායා බන්ධන (1 හා 2 කොටස්)
රොබින් හුඩ් (සිංහල උපසිරැසි)
කද මල්ල
නවයයි පහ
පිස්සූ පූසා (කාටූන් – සිංහල හඬ කැවීම්)
දොස්තර හොඳ හිත (කාටූන් – සිංහල හඬ කැවීම්)
හසරැලි රසාර (මපට් ෂෝ)
X-Files Series (සිංහල උපසිරැසි – මේ වන විට නම් විකාශය වන්නේ නැවත විකාශයන් ලෙසය)
බදාදා සැඳෑ නිම්නය (3to5ලෙස මීට වසර කිහිපයකට පෙර විකාශය වූ)
සෙනසුරාදා (ශනිදා) හා ඉරිදා ආයුබෝවන් වැඩසටහන් (මීට වසර 4කට පමණ පෙර විකාශය වූ)
ඉලක්කය
නමුත් මේ ලියන අවස්ථාව වන කාලයට පෙර ගතවී ගිය වසර 2 තුළම “ඉලක්කය” වැඩසටහන හැර කිසිදු අළුත් ගුණාත්මක වැඩ සටහනක් ‍දැක ගැනීමට නොහැකි විය.
නේත්‍ර ටී. වී හා චැනල් අයි නාලිකා පිළිබඳ…
මෙම නාලිකා ඉහත කී ශ්‍රී ලංකා රූප‍වාහිනී ආයතනයට අනුබද්ධ නාලිකා 2ක් වන අතර රූපවාහිනී නාලිකාවේ කලින් විකාශය වූ වැඩසටහන්ද විකාශය කෙරේ. කිසිදු සිත් ගත් වැඩසටහනක් නොමැත.
ස්වාධීන රූපවාහිනී පිළිබඳව…
ස්වාධීන රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාවේ පැරණිතම රූපවාහිනී නාලිකාවයි. මෙම නාලිකාව මේ වන විට සීඝ්‍ර වර්ධනයක් ලබා ගැනීමට හැකිවී ඇති නමුත්, රජයට දැඩි ලෙස පක්ෂපාතී වන නිසාවෙන් ඔවුන්ගේ අති විශිෂ්ටම දේශපාලනික වැඩ සටහන වූ “තුලාව” දේශපාලනික වැඩටහන රජයේ නියෝජිතයින්ට පමණක් සීමා වීම අතිශය කණගාටුදායක කාරණයකි. ජනතා විමුක්ති පෙරමුණෙහි නියෝජිතයින්ද මෙම ‍වැඩසටහනට එකතු කරගන්නේ නම් ඒද ජනතා විමුක්ති පෙරමුණ රජයට පක්ෂපාතී වන අවස්ථාවකදී පමණකි. UNP එකේ කුමන හෝ නියොජිතයෙක් දැක ගැනීම හරිම අපහසු කාරණයකි. ඒ අනුව “තුලාව” වැඩසටහනෙහි ඇති ගුණාත්මක භාවය 100%කින් පහතට හෙලී ඇත. කෙසේ නමුත් “දොරමඬලාව” සංවාද වැඩසටහන එදත් අදත් මගේ සිත් ගත් වැඩසටහනක් වන අතර එහි ඇති ගුණාත්මක භාවය, වටිනාකම දිනෙන් දින ඉහලට යාම ඉමහත් සතුටකි. ප්‍රවෘත්ති වලින් විකාශය වන දේශීය ප්‍රවෘත්ති වලින් 75%ක්ම යුධමය හා ආරක්ෂක ප්‍රවෘත්ති වීම විශේෂයක් වේ. නව තාක්ෂණය යොදාගනිමින් ඇසට ප්‍රිය ලෙස වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ ඇති හැකියාව ඇගයීමකට ලක් කළ යුතුය.
සිත් ගත් වැඩසටහන්…
දොරමඩලාව
මීට වසර කිහිපයකට පෙර විකාශය වූ “තුලාව” වැඩසටහන්
අටපට්ටම
සිරස නාලිකාව පිළිබඳ…
සිරස නාලිකාව යනු ලාංකීය සම්ප්‍රදායට, සංස්කෘතියට දැඩි ලෙස බලපෑම් කරන ලද බටහිර නාලිකා අනුගමනය හෝ අනුකරණය (මේ වචන 2න් ඕනෑම වචනයක් යොදාගත්තත් ගැටළුවක් නැත) කරමින් ලාංකීය ප්‍රේක්ෂකයින්ට දැඩි ලෙස බලපෑම් කරන ලද, දේශපාලනික වශයෙන් වැදගත් මාධ්‍යක් වූ නාලිකාවක් වන අතර. බොහෝ පිරිස් ඉහත කී කරුණු නිසාම එල්. ටී. ටී. ඊ සංවිධානයට මෙම නාලිකාව සම්බන්ධ බවට චෝදනා එල්ල කරයි. ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත භූමිකාවක් හොබවන මෙම නාලිකාව අනුකරණය හෝ අනුගමනය කිරීමටද සමහරක් නාලිකා පෙළඹී ඇත. ඇත්ත වශයෙන්ම මෙහි විකාශය වන වැඩසටහන් වෙනත් බටහිර නාලිකා වල වැඩසටහන්වල මොඩලයන් භාවිතා කරමින් සිය වැඩසටහන් ඉදිරිපත් කරයි. උදාහරණයක් වශයෙන් American Idol වැඩසටහන “Sirasa Super Stars” ලෙසත්, Larry King Live සංවාද වැඩසටහන “කෙලින් කතාව” ලෙසත් ශ්‍රී ලංකාවට ගැළපෙන ලෙස ඉදිරිපත් කරයි. විවිධ සමීක්ෂණ වාර්තාවන් අනුව වැඩියෙන්ම නරඹන රූපවාහිනී නාලිකාව ලෙස සිරස වාර්තාගතවී ඇත. මෙම නාලිකාව වැඩි වශයෙන් නරඹනුයේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු වෙනත් නාගරීකරණය වූ ප්‍රදේශ වල බව නොරහසකි. මොවුන්ගේ බහුතරයක් වැඩසටහන් Reality ආකාරයෙන් විකාශනය වීම නිසා වැඩි ප්‍රේක්ෂක ග්‍රහනයක් ලබා ගැනීමට සමත් වී ඇත. කෙසේ වෙතත් ඉන්දියාවේ නිෂ්පාදනය වන බොළඳ ලාබාල වර්ගයේ ටෙලි නාට්‍ය විකාශනය කිරීම නම් කිසිසේත්ම මා අනුමත නොකරන නමුදු කිසිදු රසඥතාවකින් තොර හින්දි මෝස්තර දැක බලාගැනීමට කැමති (විශේෂයෙන්ම කාන්තාවන්ගේ) අයගේ සිත් ඇදගැනීමට මෙම නාට්‍ය සමත්වී ඇත. මෙම නාට්‍ය වලින් දේශීය නාට්‍ය වලට එල්ල වූ තරඟකාරීත්වය නිසාවෙන් දකුණු ඉන්දීය ටෙලි නාට්‍ය ශිල්පීන් ගෙන්වා ලංකාවේ රංගන ශිල්පීන් යොදා ගනිමින් දීර්ඝ කතා පෙළක් සහිත නාට්‍ය නිපදවීමට වෙනත් නාලිකා යොමුවීම අ‍පගේ දේශීය නාට්‍ය ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල කරනු ලැබේ.මෙම නාලිකාව තුළ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබඳව විකාශය වීම අවම ප්‍රතිශතයක් ගන්නා නමුත් රජයට විපක්ෂ අදහස් කෙරේ වැඩි යොමුවීමක් දක්නට ලැබේ. ප්‍රවෘත්ති යම් කිසි ගුණාත්මක භාවයකින් ඉදිරිපත් කරන නමුත් ඔවුන්ගේ සමබර භාවය පිළිබඳව ගැටළු පැන නැගී ඇත. බොහෝ විට අපට දැක ගත හැකි විශේෂයක් වන්නේ මෙම නාලිකාවට ආචාර්ය මර්වින් සිල්වාගෙන් එල්ලවන චෝදනා ප්‍රමාණයයි. සමහරු මෙම නාලිකාව වෙත බැඳී ඇති අතර සමහරු වෙනත් නාලිකාවල නැරඹීමට යමක් නැති නිසාවෙන් හෝ මෙම නාලිකාවට බැන බැනම මෙම නාළිකාවන නැරඹීම තවත් විශේෂත්වයක් වේ. එමෙන්ම මෙම නාලිකාව දේශපාලනික වැඩසටහන් පිළිබඳව වැඩිපුර අවධානය යොමු කර නැති අතර විනෝදාස්වාදය සඳහා සිය විකාශන කාලය වැඩි වශයෙන් යොදාගනී.
සිත් ගත් වැඩසටහන්…
කෙලින් කතාව
සිරස සුපර් ස්ටාර්ස්
සූර පප්පා (සිංහල හඬ කවන ලද කාටූන්)
News 1st
විවාද
ආර්ට් එක
T. N. L. (ටෙලිෂාන් නෙට්වර්ක් ලංකා) නාලිකාව පිළිබඳව…
මෙම නාලිකාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නාලිකා අතුරින් සිය වැඩසටහන් සිය ග්‍රාහකයන්වෙත ගෙනයාම සඳහා ‍තාක්ෂණය අවම වශයෙන් යොදා ගන්නා නාලිකාවක් වේ. දේශපාලනික වැඩසටහන් සමබර ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳව නම් මෙම නාලිකාවට විශේෂ ගෞරවයක් හිමි විය යුත්තේය. ‍‍”ජන හඬ” දේශපාලනික වැඩසටහන ඉතා උසස් ගණයේ දේශපාලනික වැඩසටහනක් ලෙස නම් කළ හැක.
සිත් ගත් වැඩසටහන්…
ජන හඬ
ස්වර්ණවාහිනී නාලිකාව පිළිබඳ…
ආදරණිය ස්වර්ණවාහිනිය ලෙස තමන්වම හඳුන්වාගන්නා මෙම නාලිකාව දේශපාලනික වශයෙන් සමතුලිත භාවයක් පෙන්වන, රසවින්දනාත්තමක වැඩසටහන් වල ගුණාත්මක භාවයක් පෙන්වන හා විටෙක අසාර්ථක වූ රසවින්දනාත්මක වැඩමටහන් ප්‍රචාරණය කරන ලද, කිරීමට ඉඩ තිබෙන නාලිකාවක් වේ. ඔවුන්ගේ සාර්ථක හා අසාර්ථක වූ වැඩසටහන් දෙස විමර්ශනාත්මක ඇසකින් ලබන විට පෙනෙන්නේ මෙම නාලිකාව විවිධ පරීක්ෂණ සමීක්ෂණ හරහා සිය ප්‍රේක්ෂක ප්‍රමාණය අඩු හා වැඩි කර ගන්නා බවයි. තරඟයට නිර්මාණය කරන ලද “ශක ලක බේබී”,”ගෞතමී”හා “ෆ්‍රෙන්ඩ්ස්” යන ටෙලි නාට්‍ය අසාර්ථක ගණයට වැටුනු නමුත් “නිලංජනා” ටෙලි නාට්‍යය හරහා යම් කිසි සාර්ථකත්වයක් ලැබීමට සමත් විය. නව තාක්ෂණය උපරිම ලෙස යොදාගනිමින් ආකර්ෂණීය ග්‍රැෆික් නිර්මාණය කිරීම හා කාල සටහනකට තමන්ගේ වැඩසටහන් විකාශනය කිරීම නිසා මෙම නාලිකාවට ජනතා ප්‍රසාදය වැඩි වශයෙන් හිමිවී ඇත. “රතු ඉර” දේශපාලනික වැඩසටහන ඉතාමත් සමබර දේශපාලනික වැඩසටහනක් වන එය වැඩසටනට උපරිම ජන ප්‍රසාදය හිමිවී ඇත.කෙසේ වෙතත් මෙම නාලිකාව විසින් විකාශනය කරනු ලැබූ බහුතරයක් දේශීය ටෙලි නාට්‍ය වලට ජනතා ප්‍රසාදය හිමිවී ඇත.
සිත් ගත් වැඩසටහන්…
රතු ඉර
ඇන්ඩ් කොම්පැණි
නාන කාමරේ
ෆැමිලි ඩොක්ටර්
Live @ 8
පරණ හපන් පැදුර
හත්දින්නත් තරු
මහා සිංහලේ වංශ කථාව
මැක්ස් ටී. වී පිළිබඳව…
මෙ ලියන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ නවතම නාලිකාව වනුයේ මැක්ස් ටී. වී නාලිකාව වේ. වැඩි විස්තර මෙම නාලිකාවට පිළිබඳව පැවසීමට නැතත් සුභ අනාගතයක් ඇති නාලිකාවක් ලෙසට පැවසීමට කිසිදු පැකිලීමක් නම් මගේ නොමැත. එයට හේතුව ඔවුන්ගේ වැඩසටහන් අතුරින් දේශපාලනික වශයෙන් වැදගත් වන “හතරවෙනි තට්ටුව” වැඩසටහන හා රසාස්වාදය, වින්දනය පිළිබඳ සැලකීමේදී ” Cinemato” වැඩසටහන පිළිබඳව ප්‍රසාදයක් මසිත තුළ ඇති අතර, විචාරක් කිරීමට තරම් ඔවුන්ගේ නාලිකාව පරිණත නොවන බැවින් විචාරයෙන් වැලකී සිටිමි. කෙසේ වෙතත් යම් කිසි අළුත් දෙයක් කළ හැකි නවකයින් පිරිසක් හා චමුදිත සමරවික්‍රමගෙන් සන්නද්ධ ව මේ නව නාලිකාව පිළිබඳව මැදහත් සිතින් බලා සිටීම මේ අවස්ථාවේ කිරීමට ඇති එකම දෙය වේ.
සිත් ගත් වැඩසටහන්…
හතර වෙනි තට්ටුව
Cinemato
දෙරණ නාලිකාව පිළිබඳ…
වෙනත් නාලිකාව වල විකාශය වූ වැඩසටහන් ඔවුගේම නවමු ආකාරයකින් ඉදිරිපත් කරන මෙම නාලිකාව මේ වන විට ප්‍රේක්ෂකයින් ඉතාමත් සීඝ්‍රයෙන් ග්‍රහණය කර ගැනීමට සමත් වී ඇත. ඔවු‍න්ගේම අනන්‍යතාවයකින් යුතුව විකාශය වන වැඩසටහන් ලෙස සැලකිය හැක්කේ “සිකුරු සෙනසුරු” ජෝතිෂමය වැඩසටහන, තවත් ජෝතිශමය වැඩසටහනක් වන “පාර කියන තාරුකා” වැඩසටහන හා “Colombo Fashion Show” යන වැඩසටහන් වන අතර, “වාද පිටිය”, “Star in minute” වැනි වැඩසටහන් මෙන්ම “360″ සංවාද වැඩසටහන වෙත දැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමුවී ඇත. එමෙන්ම “අද දෙරණ” නමින් ගෙන එන ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශයට තාක්ෂණය මුසු කරමින් සිය ග්‍රාහකයින්ට ළඟා වීමට ඔවුන්ට හැකිවී ති‍බීම විශේෂයක් වේ. සාපේක්ෂව අළුත් නාලිකාවක් වුවත් ඔවුන්ගේ විකාශයන් සිදුවූ කාලය තුළ ඉතාමත් ඉහල මට්ටමකට පැමිණීම විශේෂත්වයකි.
සිත් ගත් වැඩසටහන්…
අද දෙරණ
Bid 2 Win
වාද පිටිය
360
වාණිජ විත්ති
හනු මෑන්
වැ‍ටෙන් එහා ටෙලි නාට්‍යය
අනෙකුත් නාලිකා 4 පිළිබඳව පැවසීමට යමක් නොමැති බැවින් ඒ පිළිබඳව ලිවීමට කාලය යොමු නොකොට මෙම නාලිකා වලට මවිසින් ලබා දෙන ළකුණු පහත පරිදි වේ.
දෙරණ – 85%
සිරස – 83%
ස්වාධීන රූපවාහිනී – 79%
ස්වර්ණවාහිනී – 79%
චැනල් වන් MTV – 75%
ජාතික රූපවාහිනී – 73%
ශක්ති TV – 70%
MAX TV – 69%
T. N. L – 68%
Channel Eye සහ Nethra TV – 60%
ETV – 58%
ART TV – 55%
TV ලංකා – 55%
සුපුන් සුදාරක – http://blog.sudaraka.com