සුදාරකගේ අන්තර්ජාල සටහන » සරසවිය

අකුරු දිගේ පියමනින්න – එන්න අකුරු මංපෙතට
මේකත් කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවරකරගන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද දැනටමත් දෙක තුනක් ලියලා මකලා ආයෙත් ලියලා ඉන්න නිසා වැඩේ අතෑරලා දාලා ඉන්නකොටයි මේ ආනන්දවර්ධන මාමා එක්ක සංවාදගත වෙලා ඉන්නකොට ලියලා ඉවර කරන්න ඕනෙයි කියලා අදහස ආවේ.

ඊයේ තිබුන භෞතික විද්‍යා පංතිය අකමැත්තෙන්ම කට් කරලා දාන්න වුනේ (හෝව්! ගෙදර අයට සිංහල යුනිකෝඩ් නැති නිසා හොඳයි. ඔන්න ඉතින් ගෙදරට මාට්ටු කරලා කැත වැඩ එහෙම කරනවා නෙවෙයි!) මේ අකුරු මංපෙතට එන්න ඕන නිසාමයි. මොකද මේ පාර අකුරුමංපෙත හරි විශේෂයි. මොකද මේ පාර කතාවට ගැනෙන්නේ අටවක පුත්තු පොත වෙච්ච නිසයි. ආයෙමත් අමුතුවෙන් අටවක පුත්තු ‍පොත ගැන කියන්න අවැසි නැහැනේ. මේ පොත ජීවිතේ වෙනස් කරපු සංධිස්ථානයකට පැටලිලා තියෙන නිසා පොත ගැන තියෙන්නේ පුදුම ඇල්මක්. ඉතින් එහෙව් එකේ පොත ගැන කෙරෙන කතාවක් කොහොම කියලා මඟ අරින්නද. ඉතින් අන්න ඒ කාරණේ නිසා එක දවසකට වුනත් භෞතික විද්‍යාවට වාරණයක් දාගත්තු එක ලොකු පාඩුවක් නම් නෙවෙයි. පාඩුවක් තමයි. ඒත් ඉතින් මොනවාමහරි දෙයක් ලබාගන්න මොනවාමහරි දෙයක් කැපකරන්න වෙනවා නෙව.

මේ පාර අකුරු මංපෙතේ කියවන්න ගැනෙන්නේ අටවක පුත්තු පොත කියලා ඇහිච්ච ගමන්ම යන්න ඕනේ කියන අදහස ඔලුවේ තිබුනත්. එච්චර කික් එකක් තිබුනේ නැත්තේ වෙලාව ප්‍රශ්නය නිසා. නුගේගොඩ ඉඳලා සැලකිය යුතු ඩොටේ දුරකින් ගෙදර පිහිටලා තියෙන නිසාත්, යායට පායනා පෝදා හඳ වගේ භෞතික විද්‍යාවට පායන ‍පුරහඳ බලාගන්න තිබුන අවශ්‍යතාව නිසාත්… කොහොමත් ‍මේ වගේ කාලෙක රෑ ජාමේ තනි පංගලමේ මං වගේ කොල්ලෙක් යන එකේ විශාල අවුලක්   (මට නෙවෙයි, ගෙදර අයට) තිබුන නිසාත්. යන්නමයි කියලා ඔළුවට බලපෑමක් ආවේ නෑ. ඔන්න ඔය අතරේ තමයි අර කලින් එකමත් එක පිටරටක කවි පොත කියවලා ලියපු සටහනට අපේ පාලිත සහෝදරයා එකතු කරපු ප්‍රතිචාරයෙන් කියවුනු විදිහට මේ පොත් කියැවිල්ලට ලියනගේ අමරකීර්ති සූරීනුත් සහභාගී වෙනවා කියන කාරණේ දැකලා, අර අකුරු මංපෙතට යන්න ඕනේ කියලා හිතට ආපු අදහස තහවුරු වුනා. ඉතින් මං විතරක් මේකට තනියම යන එක හරි නෑ නෙව. කතා කරා ‍මාත් එක්ක අටවක පුත්තු බෙදාගත්තු අංජුට. අංජුට පස්සේ අපේ නිමේෂ්ට. ඒ වගේම අපේ ඉද්දාට. ඒ වගේම අපේ සාහිත්යේ සභාපති තුමාටයි, ලේකම් තුමාටයි දෙන්නාටමත් එන්න කිව්වා.

ඉද්දාට නං ‍ඉතින් ගෙදරින් සම්බාධක පනවලා යුධ මුක්ත කලාපයකට හිර කරලා තිබුන නිසාත්, හමුදාව වගේ පස් බැමි බිඳගෙන යන්න බැරි නිසාත් ඉද්දාව අතාරින්න වුනා. ඉද්දාටත් වැඩසටහන අතාරින්න වුනා. ඒ වගේම නියම වැඩේ කියන්නේ, අපේ ‍සභාපති තුමා හිතාගෙන තියෙන්නේ සරසවිය කිව්වාම විශ්ව විද්‍යාලේ කියලා. අන්තිම මොහොතේ සරසවියට ඇවිල්ලා ඒ අය ආපහු හැරිලා ගිහිල්ලා කියලා තමයි මට දැනගන්න ලැබුනේ. ඔන්න දැක්කාද වැඩිපුර සමාන පද දැනගෙන හිටියාම වෙන වැඩ?   අන්තිමේ සභාපති තුමා අහලා තිබුනා…

තෝ අපිට පොල්ල තිබ්බා නේද?

මොනවා කරන්නද ඉතින්… මායි, අංජුයි, නිමේෂුයි, අපේ ලේකම් ලහිරුයි අපේ කණ්ඩා‍යමෙන් අකුරු මංපෙතට සහභාගී වුනා. ආරංචි විදිහට මේ පස්වැනි කියැවීම. අපේ පළවෙනි කියැවීම. අපි පහයි හතළිස් අට වෙනකොට සරසවිය ඇතුළේ. එතකොට කට්ටිය ඇවිල්ලා හිටියා වුනාට පටන් ගෙන තිබුනේ නෑ. ඔය අතරේ කවුරුහරි මට එක්තරා පුද්ගලයෙක් පෙන්නලා කිව්වාට අර තමයි ලියනගේ අමරකීර්ති කියලා… මට හිතාගන්න බැරිවුනා. ඒ අතින් පුද්ගලයින් අඳුනාගැනීම කියලා විෂයක් උසස් පෙළට තිබුනොත් අනිවාර්යයෙන්ම මට සෙකන්ඩ් ෂයි එක… අඩුගානේ තර්ඩ් ෂයි එකවත් කරලා තමයි නවතින්න වෙන්නේ. වැඩසටහන පටන්ගත්තාමයි දැනගත්තේ ඒ තමයි මම අදහන අටවක පුත්තු පොතේ කර්තෘ ලියනගේ අමරකීර්ති ශුරීන් කියලා…

ආරම්භය ඉතාමත් හෙමින් වුනාට… ටික ටික – ටික ටික වැඩේ නැගලා යන්න පටන් ගත්තා. මුලින්ම ලියනගේ අමරකීර්ති සූරින්ගෙන් පටන්ගත්ත කියැවීම් වාරය, එතුමා පොතේ කැමති තැන් වලින් කියවන්න පටන් අරගත්තා. එතුමා කියපු විදිහටම. පොතේ කැමති තැන් කියවන්න ගියා නං… මුලු පොතම කියවලා තමයි නතර කරන්න වෙන්නේ. ඔහොම පටන් ගත්ත අටවක පුත්තු කියැවීම ඊට පස්සේ අපේ රටේ දේශපාලනය, සමාජය වගේ තැන් කියවන්නටත් පටන්ගත්තා. ඒ කියැවීම ඉතාමත්ම ආශ්වාදජනක වුනා කියලා තමයි පස්සේ අපේ ගැන්සියේ අයත් එක්ක කතා කරනකොට මටත් තේරුනේ. ඉක්මනට ගෙදර යන්න ඕනේ නැත්තං අම්මාගෙන කේස් වැටෙයි කියලා කලින් යන්න සෙට් වෙලා හිටපු අපේ නිමේෂුත් සරසවියේ ටයිල් උඩ අපි වගේම කතාවට වහ වැටිලා ටයිල් වලට ඇලවිලා හිටියා. ඒ අර දෙල් ගෙඩිය, දමයන්තගේ ඔළුට උඩ‍ට ගෙනආපු, එහෙමත් නැත්තං ලියනගේ අමරකීර්තී සූරීන් කියපු විදිහට එතුමාගේ ඔළුට උඩටත් දෙල් ගෙඩියක් ගෙන ආපු ගුරුත්වාකර්ෂණය නිසා නෙවෙයි. එතන තිබුනේ අකුරුමංපෙතාකර්ෂණය කියලා තමයි දැන් මේ ලියන වේලාවේ මට හිතුනේ. සංවාදය නම් අටවක පුත්තු පොත වගේම හරිම රසවත්. පොතේ කතාව විග්‍රහ වෙද්දී, එතනට එකතුවෙලා හිටපු තවත් මහත්මයෙකුත් දැන් සමාජය ගැන අදහස් දැක්වීමක් ඉදිරිපත් කරපු වෙලාව හුඟක් හිතට වැදුනා…

මේ අලුත් පරම්පරාව. පොෂ් විදිහට ඇඳුම් අඳින මොබයිල් ෆෝන් අතේ තියාගෙන රසාස්වාදයෙන් ඈත් වෙලා ජීවත් වෙනවා කියලා තමන් හිතාගෙන හිටපු මතේ මෙතනට ඇවිල්ලා තමන්ට අමතක වුන බව කිව්වාම අපිට ඇතිවුනේ සියුම් සතුටක්.

ඒ වගේම කියන්න ඕනේ කාරණයක් තියෙනවා. මතය 50%ක් හෝ, 75%ක් විතර සාධාරණීයකරණය කරන්නත් බැරි කමක් නෑ. මොකද මේ තියෙන ක්‍රමයක් එක්ක එහෙම කට්ටිය තමන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිරවෙලා. ඉතින් එහෙම අයට අදකාලේ අකුරු මංපෙත ඒ හිරවෙච්ච බැම්ම කඩාගෙන එළියට එන්න හොඳ තෝතැන්නක් වේවි ඉස්සරහට.

වෙලාව කියන දේ හැමදේටම සීමාවක් තියන නිසා අකුරුමංපෙත නවත්තන්න වුන එක ගැන හරිම කණගාටුවක් අන්තිමට දැනුනේ. ලියනගේ අමරකීර්ති සූරීන් වගේම එතනට එකතු වෙලා හිටපු අනිත් අයත් දැන අඳුනාගන්න‍ ලොකු ආසාවක් තිබුනා වුනාට. තවත් වෙලා එතන හිටියොත් ම‍ගේ වගේම අපේ ගැන්සියේ අයගේ වෙලාව නරක අතට හැරෙන නිසා දුකෙන් වුනත් අපි  ගැන්සිය එන්න පිටත් වුනා. ඉතින් අපිට සමාවෙන්න ඕනේ තවදුරටත් එතන රැඳිලා හිටියේ නැති වුනාට. පස්සේ දවසක නැවතත් හමුවෙමු!

හැබැයි ‍ලොකු චෝදනා පත්‍රයක් මට තියෙනවා සංවිධායකින්ට එල්ල කරන්න.

වෙලාව අන්තිම නරකයි

වෙලාව නරක නිසා කතා කරලා විසඳගන්න ලැබෙන කාලයත් අඩුයි

ලොකු කිව්වාට ලොකුම නෑ, පේලි දෙකක් විතරයි. ඒත් ඉතින් අප්පා පුංචි පහේ අපි අකුරු මංපෙතට ගිහිල්ලා ගෙදර යන‍කොට ගෙදර උන්දැලා කැති-පොලෝ-මුඟුරු-මන්න-අරවා-මෙව්වා උස්සගෙන යුධ ප්‍රකාශ කරලා පවුලෙන් නෙරපලා ඇරියොත් කාට කියන්නද… තොපි ගිහිල්ලා රොටරි කැන්ටිමෙන් කාලා සරසවියෙම පුටුවක් උඩ බුදියගනිං කිව්වොත් කාට කියන්නද… නිදහස් නිස්කලංක හවසක් හරි… විශේෂයෙන්ම උදැසනක් හරි මේකට යොදාගත්තා නං අගේ කියලා නිමකරන්න බෑ. සතිඅන්ත (ඉරිදා) උදයක් වුනානං මරු. වෙලාවත් ඇති තරම් තියෙනවා නෙව. කට්ටිය දහම් පාසල් යන්නෙත් නෑ නෙව   මොනවා වුනත් ඉතින් අපි දන්නවා. කට්ටියට වැඩ තියෙනවා තමයි. ඉතින් අපේ පැත්තෙන් චෝදනාව ඒක තමයි. ඉතින් විත්තිකරුවෝ සලකා බලත්වා. අපිට රසවත් අත්දැකීමක් දුන්නාට බොහොම ස්තූතියි!

ෂහ්. පුදුමයි. මේක ලියැවිලා ඉවරයි නෙව. මට දැන් ලොකු ලෙඩක් තියෙනවා වගෙයි පේන්නේ. මොකද ලියනවා කියලා හිතාගෙන ලිව්වොත් ලියවෙන්නේ නෑ. වෙන වෙලාවක ඔන්න අහම්බෙන් පටන්ගත්තොත්… මෙන්න බොලේ ලියැවෙනවා!

බස් එකේ එන ගමන්…
[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!]

අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් හැම දවසම වගේම සුවිශේෂී දවසක් වුන නිසා. උදේ 7ට පටන් ගත්තු ගණිතය අතිරේක ත්‍රිකෝණමිතිය පන්තිය අද කලින්ම ඉවරවුනේ දවල් එකොළහට. හික්! ඔව්, කලින් තමයි! ඕක නතර කරන්න තිබුනේ දොළහට   ඉතින් ඉබ්බා දියේ දැම්මා‍ම ඇන්නෑවේ කියාපි. යාලුවෝ දෙන්නෙකුත් ඇදගෙන ගියා සරසවියට. එකෙක් නං කිව්වේ…

අ‍පෝ… බෑ බං… පොත් කියවන එක නං මට එපා වෙලා… තියෙන්නේ…. යමුකෝ KFC… ගිහිල්ලා ඉන්න එකත් සැපයි බං. උඹ දන්නෑ, එකදවසක් එතනට ආපු ප්‍රසිද්ධ නෝනා කෙනෙක් දුන්නා නෙව ප්‍රසිද්ධියේ කොල්ලාට කිස් එකක්!

(නීති හා රෙගුලාසි මත එම වාක්‍යය සභ්‍ය වන පරිදි සංස්කරණය කර ඇත – ළඟදීම KFC එකටත් ලෑලි ගහලා වහයිද දන්නෑ මේක දැකලා. නෑ නෑ. එක්කෝ එව්වා එක පැලැන්තියකට විතරක් සීමා වෙච්ච ඒවා නිසා. එහෙම වෙන එකකුත් නෑ…)

මෙන්න මෙහෙ වරෙන් බං යන්න. සරසවියත් ඒසී කරලා තමයි තියෙන්නේ. අනික ඒකටත් එනවා හොඳ හොඳ ගෑනු ළමයි…

අර මතකද දන්නෑ පරණ බුද්ධෝත්පාද කාලේ කතාවක් තියෙනවා එක්තරා සිටු පුත්‍රයෙක් තමන්ගේ පුත්‍රයාට බණ අස්සවන්න පුත්‍රයාට බණ අහගෙන එන්න කියලා. ඒ බණ පාඩම් කරගෙන ආවාම පොඩි ගානක් අතට දෙන කතාවක්? (නම් ගම් නං මතක නෑ, දැන් අපි බුද්ධාගම ඉගෙන ගන්නේ නෑ නෙව   )

ඉතින් මේකත් ඒ වගේ තමයි, මුන්ට ඉතින් ගෑනු කිව්වොත් වෙන කවුරුත් ඕන්නෑ. ඕක ඉතින් කාටත් සාධාරණයි. මාත් පඬියා වගේ කිව්වාට මාත් ඉතින් එහෙම තමයි   නැත්තං ඉතින් අපිත් රහත් වෙලා ඉන්න ඕ‍නේ.

හරි. ඇති! බණ දහම් ගැන කතා කරා හොඳටෝම ඇති.

සරසවියේ ඇතුලේදී ෂෝක් ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා උසස් පෙළ අලුත් නාට්‍ය හා රංග කලාව සිලබස් පොත් තියෙනවාද කියලා හොය හොය ඉන්නවා දැක්ක වෙලාවේ මාත් රහසිං අපේ යාලුවොන්ට කිව්වේ, නෑ නෑ මගේ කටින් කියවුනේ…

අඩේ, අපරාදේ! ආර්ට් කරන්න තිබුනේ බං…

හැබටම. උඹ ආර්ට් කරන්න යනවා කිව්වා නේද බං? මොකෝ වුනේ?

හික්. මම ගියා බං ආර්ට් කරන්න. ආර්ට් සෙක්ෂන් එකේ හිටියේ දවස් දෙකයි! මෙන්න කොල්ලා ආපහු මැත්ස් පංතියේ ඊළඟ දවසේ!   Sectional Headගෙන් ඇහුවා බං නැති වෙන්න.

උඹටත් තියෙන්නේ පුදුම පිස්සු තමයි බං.

සරසවි‍ය ඇතුළට වෙලා පැයක් එකහමාරක් හිටපු අපි, ඊළඟට පොඩි කඩේකින් මොනවාහරි කටේ ඔබාගෙන ආපහු පිටත් වුනේ අපේ ආදරණීය පිසික්ස් පංතියට. උදේ පාන්දරම මට කෙලවපු මගේම ආදරණීය භෞතික විද්‍යා පංතිය.

ෂහ්, උදේ පාන්දරින් නැගිට්ට නිසා අම්බානකට නිදි මතක් දැනුනේ පංතිය පටන්ගත්ත ගමන්මයි. ගුරුතුමා උගන්නනවා. මම නිදිකිරා වැටෙනවා. ‍ගෑනු ළමයි බල බල

හොරෙන් හිකි හිකි ගාලා හිනා වෙනවා වගේ හීනෙන් දැක්ක නිසා ඔන්න ආපහු පියවි සිහියට ආවා. කොහොමහරි මම පර්යේෂණාත්මකව අත්හදා බලපු දෙයක් තියෙනවා. ඒ තමයි නිදිමතේ වුනත් ඇහෙන එක පොතේ ලියාගන්න පුලුවන්ද කියන දේ. කොහොමහරි සමහර දවස්වලට නං අවුලක් නැතුව ලියවෙනවා. ඒත් අද නං ටිකක් විතර චාටර් වුනා. ගුරුතුමා පැහැදිලි කර කර ලියන්න දීපු නිසා මම ඇහැ ඇරලා බලනකොට පොතේ ලියලා තියෙන්නේ වෙන මඟුලක්. ගුරා ක්‍රිකට් පිත්තක් ගැන මොකක්දෝ කියනවා වගේ මතකෙත් තිබුනා.

පන්දුව = ආවේගය x කාලය

ආවේගය = ක්‍රිකට් ගම්‍යතා වෙනස

පිසික්ස් පොත නිකං සීගිරි කුරුටු ගී‍ පොතක් ව‍ගේ වෙලා ති‍යෙනවා දැක්කාම මං ගැන මටම හිත ඇතුළෙන් හිනා. වෙන එවුන් දැකගනියි කියලා ලැජ්ජාවට පොතේ අනිත් හිස් පිටුව පෙරලලා තියාගත්තා. මෙන්න මම ආයෙත් නිදි!

ආ ආයෙත් තව එකක්. සාමාන්‍යයෙන් අපි චැට් එකේ දී සිංහල වචන ඉංග්‍රීසියෙන් ගහනවා නෙව. මම පොතේ දඬු කියන වචනේ තැන් කිහිපයකම ලියලා තිබුනේ දණ්ඩු කියලා (මූර්ධජ ණයන්නත් එක්කම තමයි   ) ඒ අර චැට් එකේ සඤ්ඤක පුරුද්දටම වෙන්න ඇති. අපි දඬු කියන එක dandu කියලා ටයිප් කරනවා නෙව. මොනවා වුනත්, යටි හිත හැම‍ වෙලේම වැඩ!

මොනවා වුනත් පො‍තේ නෝට් එක නං පොඩි පොඩි අඩුපාඩුවක් නැතුව වුනත් සම්පූර්ණයෙන් ලියාගෙන. ෂහ්! මේකට තමයි කියන්නේ නියම දක්ෂතාව කියලා!

හරි. හරි. දැන් කට්‍ටිය බලනවා ඇති මොකක්ද මේ මාතෘකාවේ තියෙන්නේ කියලා. බස් එකක් ගැන කියලා මූ රට වටේ අපිව එක්ක යනවා කියලා කට්ටිය හිතනවා කියලා මං දන්නවා. හරි හරි. කලබල වෙන්න එපා… අපි මාතෘකාවට එමු.

පන්ති ඉවරවෙලා බස් එකට නැග්ගේ ගෙදර එන්න. මට එපා කරපුම දේ තමයි බස් එකේ යද්දී රේඩියෝව අහන එක. වි‍ශේෂයෙන්ම රෑට යන කණාමැදිරි රාත්‍රිය අහන්න මං මං මහාම මහා පව්කාරකමක් කරලා තියෙන්න ඕනේ. ගිය ආත්මේ කාගේ හරි කනට ගහලා නිසා වෙන්න ඕනේ මට මේකට මුහුන දෙන්න වෙන්න ඇත්තේ. මොකද එහෙම කියන්නේ, බස් ගාලේ නවත්තලා තිබ්බ අනිත් බස් වල දාලා තියෙනවා ඇහුනේ විස්සයි-විස්ස ත‍රගේ විස්තර විචාරය. මාත් හිතුවේ රේඩියෝව දානවානං ඒකම දායි කියලා…

මොන මඟුලක්ද… බස් එක ඉස්ටාට් කොරා විතරයි කන පලාගෙන කණාමැදිරි රාත්‍රිය!

සාමාන්‍යයෙන් අටවක පුත්තු පොතෙන් ලැබුන උත්ප්‍රේරකය නිසා මම දැං ගමනක් යනකොට පොතක් කියවන එක තමයි වැඩේ. විශේෂයෙන්ම මම එන කොට-කොට බස් ගමන නිසාම මේකට පුරුදුවෙන එක මහලොකු කජ්ජක් වුනේ නෑ. ඉතින් මේ දවස්වල අතේ තියෙන්නේ මහගම සේකරයන්ගේ “ප්‍රබුද්ධ”. ඉතින් අර බස් එක කොටන ජරමරයයි, කණාමැදිරි රාත්‍රියේ විලාප හඬයි දෙක අතරමැද වුනත් ටිකෙන් ටික හිත පොතට එකඟ කරගන්න ලැබුනා.  පොත කියවන අතරතුරේ හිතට ආපු කවි සිතිවිලි ටිකක් ලියාගන්න විදිහස් හොය හොය ඉන්නකොට අත ගියේ සාක්කුවට. සාක්‍කුවේ තිබ්බ ෆෝන් එකට. ෂහ්! දැන් මොකටද කොල කෑලි? නව තාක්ෂණයේ උපරිම ඵල ‍ප්‍රයෝජන නෙලා ගැනීම තමයි අපේ (වි)ජාතික වගකීම!

‍මේකෙන් එක කවියක් (කවි පේලියක්, එහෙමත් නැත්තං නිසඳැසක්) ලියලා ඉවරවෙනකොට හරියටම ග‍මනෙන් බාගයක් ඉවරයි. ඊළඟ කවිය ලියලා ඉවරවෙනකොට බහින තැනටමත් නොදැනීම ඇවිල්ලා. ෂහ්. බස්සෙකේ යන ගමන් කවි ලියන එකෙත් සිරාම ආතල් එකක් තියෙනවා!

අර්ධ්‍යාසත්‍යගත කරන ලද ආදර සංක්ෂිප්තය

ඔන්න එක දවසක්

පාන්දර පන්තියක්

ගියේ මම පාන්දර,

අල්ලගන්නට තැනක්.

හිටියා බලාගෙන,

එනකන් අනිත් එවුනුත්.

පන්ති‍යේ ‍‍ද්වාරයෙන්,

දිටී මම සඳවතක්

අහම්බෙන්,

හදවතද ගොළු විය,

කාලයද ලත් තැනම ලොප් විය.

අනේ මම බැලුවා,

“හඳ කොහොමද මෙතෙන්ට ආවේ?”

වුනා මහ වෙනසක්,

නුදුටුවෙමි අන් කිසිදු වතක් සත්සර හදක්.

අපි දෙන්නා පරස්පරයි,

ඇත්තටම “සාපේක්ෂව වෙනස්!”

පුලුවන්ද මිනිහෙක්ට

කරන්නට ආදරය තවමත් නොහඳුනන ලස්සන ගෑනු ළමයෙක්ට?

කුමරා කුමරි‍යගේ

හඳවත නොහැඳිනී…

ආලයෙන් අඳ වුනී…

මෙය නොදත් කුමරිය,

කීවේ ඇගේ සහපිරිවරට

“මූ නං පොඩි එකෙක් වගේ”

අහෝ එක උදයක්,

ආවේ ෆේස්බුක් හසුනක්,

කුමරියට නොකරනු කරදරයක්.

රජුන්ගෙන් පණිවිඩයක්!

ඇය රාජසන්තකය,

කුමරුන්ට ඇගේ සෙනෙහස නොලද හැක.

කුමරිය රජ සතු විය

කුමරාට කෙල විය

පායයි සැමදාම පංතියට පුන්සඳ,

ඒත් ඇයි අද අමාවක?

හරි අපූරු ‍නුගේගොඩ

එකමත් එක රටක,

එකමත් එක උදයක,

ගොඩබැස්සෙමි මමත්,

එකමත් එක නුගේගොඩකට

අරුම පුදුම නගරයකි නුගේගොඩ

ආධුනික පෙම්වතුන් මුනගැසෙන

අරුම පුදුම හන්දියකි,

හන්දිය නුගේගොඩ

උස මිනිස්සු

කොට මිනිස්සු

අත පය හතර ඇති මිනිස්සු

අත පත නැති මිනිස්සු

අන්ධ මිනිස්සු

අන්ධ වගේ ඉන්න මිනිස්සු

හදවතක් ඇති මිනිස්සු

හදවතක් නැති මිනිස්සු

අත දිගුකර රුපියල් සත ඉල්ලන මිනිස්සු

විරිඳු පද බෙදන හරි අපූරු කලාකාමී මිනිස්සු

ළඟම ඇති කේ ඇෆ් සියෙන් කන්න පෙරුම් පුරන මිනිස්සු

බත් කඩ දැක දැකත්,

කන්න පින නැති අසරණ මිනිස්සු.

මිනිස්සු වෙන්න ඉන්න,

පුංචි පහේ මිනිස්සු.

ලස්සන ප්‍රාණියෝ

දැක්කෙමි තරුණ ජෝඩුවක්,

බත් පැකට් අරගෙන

බෙදන අර මිනිසුන්ට.

අන්න හොඳ ලස්සන මිනිස්සු!

එක එක විදිහේ හරි අපූරු මිනිස්සු.

හරිම ලස්සන නගරයකි නුගේගොඩ

ඇයි වියදම් කරන්නෙ යන්න දෙහිවල?

එන්න මේ නුගේගොඩ…

හරි අපූරු ‍නුගේගොඩ

එකමත් එක පිටරටක – ලියනගේ අමරකීර්ති
හැම ශනිදාවකම පන්ති ඉවරවෙලා සරසවියට ගොඩවදින්න ඇබ්බැහි වෙලා ඉන්නේ සරසවියේ පොත් සුවඳ විඳින්න. වෙනදානං පන්තිය ඉවරවෙලා කාගෙහරි පස්සෙන් ගියා තමයි. ඒත් දැන් එව්වා නෑ. කොහොමහරි ඒ පස්සෙන් යාම වෙනුවට ඊට වඩා වැදගත් දෙයක් ජීවිතේට ආදේශනය වෙලා. කොටින්ම කිව්වොත් ගෑනු ළමයෙක් එක්ක පෙමින් වෙලෙනවාට වඩා හොඳයි සරසවියට ආදරය කරන එක. අනික මේක ආදරය මරණ දඬුවම් ලැබිය හැකි කාලයක් නෙව. සමහර වි‍ට ඉස්කෝලෙන් අස් කෙරෙන්නත් පුලුවන් නෙව. (ඒ අතුරු කතාව ගැන ළඟදීම ලියන්නම්). පොත් ගැන කතා කරොත් ඉතින් ඒකත් එක්තරා ආතල් එකක මාතෘකාවක්. එක තැනකින් පටන් අරගෙන ගියාට පස්සේ මොකද මෙන්න තව තව අතුරු මාතෘකා. හොඳයි. මාතෘකාවට බහිමුකෝ…

මාතෘකාවේ තියෙන විදිහටම මේක පොතක්. පොතක් කිව්වාට මේක කතා පොතක් නෙවෙයි. මේක කවි පොතක්. සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන අයට නම් අමතක නොවෙන චරිතයක් වෙන්න ඕනේ මේ ලියනගේ අමරකීර්ති ශූරීන්. ඔව්. අර අටවක පුත්තු පොත ලියපු කෙනා තමයි මේ. නුගේගොඩ සරසවි‍යට ඇතුළු වෙනවාත් එක්කම වම් අත පැත්තෙන් තියෙන පඩිපෙළත් එක්ක තියෙන්නේ අලුත් සිංහල පොත් රාක්ක දෙකක්. ඒකෙන් එකක තියෙන්නේ ටිකක් බරපතල පොත්. එක එක කරුණු කාරණා සම්බන්ධ විෂය සංවේදී පොත්. අනිත් පැත්තේ තියෙන්නේ රසාස්වාදනය සඳහා පොත්. ඉතින් හැමදාම ඕක දිහා අනිමිස ලෝචනයෙන් පටන්ගන්න සරසවි සංචාරය පටන්ගන්නේ එතැනින්. පොත් ටික දිහා බලාගෙන බලාගෙන යනකොට දැක්කා පොතක්. පොතේ නම එකමත් එක පිටරටක. පොතේ කර්තෘ ලියනගේ අමරකීර්ති.  පොත අතට ගන්න හිතනකොටයි දැනගත්තේ දැනටමත් ‍අත තියෙන්නේ පොතේ බව. ලියනගේ අමරකීර්ති අටවක පුත්තු පොතෙන්, පොත් අල්ලන්න දුන්නු උත්ප්‍රේරකය තාම අතට අමතක වෙලා නෑ කියලා හිතුනේ ඒ වෙලාවේ තමයි.

ෂහ්, මේක මරු කවි පොතක් නෙව. සාමාන්‍යයෙන් මම වැඩිපුර කවි කියවන ජාතියේ කෙනෙක් නම් නෙවෙයි. ඒ වුනාට ළඟකදී ඉඳලා කියැවෙනවා වැඩියි. කවි ලියන්න ඕනේ නං පුතෝ කවි කියවලා ඉන්න ඕනෙයි කිව්වේ අපේ මේ ආනන්දවර්ධන මාමා. එතකොටයි තේරුනේ හැබෑම නේන්නං කියලා. ඉතින් අර කවි ලියන්න. ලියැවීම සඳහා කියවන්න තිබුන ආසාව හරියටම හිතට ආවේ ‍මේ වෙලාවේ තමයි. ඉතින් ළඟ තිබුන දෙසීයක් වියදම් කරලා. පල්ලෙහා තට්ටුවෙන් රුපියල් සීයකට ත්‍රිකෝණමිතිය පොතකුත් උස්සගෙන එළියට බහිනකොට හරියටම සරසවි‍ය ඇතුළේ පැය එකහමාරක් විතර ඉඳලා. සරසවියේ සිංහල පොත් තියෙන හතරවෙනි තට්ටුවේ ඉඳලා පොත් තොගේක සුවඳ විඳිනකොට දන්නෙම නැතුව පැය එකහමාරක් විතර ගිහිල්ලා ඉවරයි. හතරවෙනි තට්ටුව කිව්වේ පාතාලේ තියෙන තට්ටුව අංක එක විදිහට අරගෙන. අධ්‍යාපනික පොත් පාතාලෙටම දාලා තියෙන එක ලොකු දෙයක්. මොකද ඒ තරමටම අපට වද දෙනවා නෙව. මං දැක්කා අම්මා කෙනෙක් පුතාට මාස්ටර් ගයිඩ් පොත් ප්‍රකාශන සේරම අරගෙන දෙනවා. එක කතා පොතක්වත් තිබුනාද කියලා සැකයි. මොනවා කරන්නද… ත‍රගේ නෙව. මට ඉතින් ‍පොඩි‍ එකා ගැන දුකත් නොහිතුනා නෙවෙයි. පොත් වල සුවඳ දෙවෙනි වෙන්නේ ගෑනු ළමයින්ගේ සුවඳටද කොහෙද කියලා මට නිකන් හිතුනේ හතරවෙනි තට්ටුවේ ඉඳගෙන පොත් අතරේ කරකැවෙනකොට. සමහර විට ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. ඒ ඒ වෙලාවට සාපේක්ෂව නෙව එහෙම දැනෙන්නේ…   පොත් ප්‍රදර්ශනෙත් ළඟ නිසා කැරකි කැරකි ඉඳලා පොත් ටිකක් හිතට දාගත්තා.

පොත් ටිකත් අරගෙන බස්සෙකේ එනකොට කියවන්න අතට ගත්තේ එකමත් එක පිටරක පොත. ඕන්නං ඇතුළේ ඉඳගෙන වුනත් මේක කියවලා ඉවරකරන්න තිබුනා. ඒත් මේක ළඟ තියාගෙන කැමති කැමති වෙලාවට බලන එක ඊට වඩා හොඳ නිසයි බැලුවේ.  අම්මපා මට හිතයි කවි ඔක්කොම උපුටලා දාන්න. ඒ වුනාට ඒක හරි නෑ නෙව. කට්ටිය වෙලාවක මේ පොත අරගෙන බලන්න. මං හිතන්නේ රුපියල් දෙසීය අපතේ යන එකක් නැති වෙයි.

එක කවියක් දාන්නද, එපාද කියලා හිතුනත් හිත බල කරනවා එක කවියක් උපුටලා දාන්නම කියලා. මේක කවියක් කිව්වාට මේක කවි පන්තියක්. කවි පන්තියම උපුටලා දානවාද නැද්ද කියලා තාම කල්පනා කරනවා… කමක් නෑ… දාමු!

මේක තමයි තියෙන පළවෙනිම කවි පන්තිය. මේක ඇත්තටම කිව්වොත් නිසඳැසක්… හපොයි. මම දැන් කවිය කිව්වා, කවි පන්තියක් කිව්වා, අන්තිමේ නිසඳැසක් කියලත් කිව්වා… අනේ මන්දා කියවන අය ඕනේ එකක් හිතාගන්න. මෙන්න මම දැම්මා!

අතිනත ගත් පොත්

පතින් පත පෙරලා

පොතින් පොත අර ගන්න

පොතක් අල්ලන්නටම

මැවුනා වැනි

අතකි

පැහැපත

සිහිනි

දිග

ඇඟිලිය

පිලිඹිබු විය හැකිද

රසික මත

සුමුදු අතැඟිලි

තුඩු මත

මල් පෙතිවලින් මුද්‍රිත පොතද

නොරිදා පෙරලිය හැකි

අපේ අත් පොත් මත

එක ලඟ නතර වූයෙය

අහා මේ මනරම්

හිමිදිරි උදය සුවඳකි

මතු වන්නට හැකිය කවියක රස

රසිකාවියක සුවඳ ලෙස?

අපේ අත් නැවතින

අපේ ඇස් එක් විය

පොතපතට කල ඇල්මෙන

පින් කල බව දැනින

මේ නම් රසික දෑසකි

හොඳම කවි කියවා ඇති

සිංදු පද උඩ පාවෙන

නංගියෙකුට වැඩිය

මට පෙන්නුවා ඈ

උකුල උනුහුම රැඳි

ඇගේ කැමතිම පොත්

ඈට පෙන්නුවා මම

තාම හද ගැස්ම රැන්දුන

මගේ කැමතිම පොත්

අපේ අත් නැවතින

සිව් ඇස මුන ගැසින

හද කවි නටන්නට විය

අප දෙදෙනාගේ හදගත්

පොත් දෙක දෙක බැගිනි

මනාවට ගැලපෙන

ගත් මෙනිය අතිනත්

අපේ හිත්ගත් පොත්

එක සාහිත්‍ය මාසෙක

මනහර සැඳෑවකි

පොත්සල රසික යායකි

එකම ඉරනම් කවි පොතක් මත

අපේ අත් මුන ගැසින

අපේ ඇස් එක් විය

මා එදින කිව්වේ

කලක් මා සිත ගෙතූ කියුමකි:

“අකමැතිද අපි දෙන්නම

පොතකින් එකක් විතරක් ගන්න?”

ඇගේ මුව ගොලු විය

ඇස් බිමට යොමු විය

මා හද මතක කවි

හුදු වාර්තා බවර පෙරලින

එහෙත් ඒ අත එසවින

වලලු වීනා ගෑවෙය

දෙදෙනාම අත තැබූ

පොත මවෙත දිගු වින

“එහෙනං

ඔයා කියවලා මටත් දෙන්න”

ඒ මිහිරි ලජ්ජා මදහස

මහරුම හයිකු කවියකි

සාමකාමී උදයක

විහ‍ඟෙකු ගැයූ ගීයකි

සුලඟක අහම්බෙන් ආ

සමන් මල් සුවඳකි

තිබෙයි අපෙ ගෙදර දැන්

පොත් වලට වෙන් වූ කුටියක්

දල්වන ඈ සැඳෑ කල

බුදු සාදුටද පහනක්

තිබෙයි අප හද මැදුරුවල

ඒ ‍පොත් මුන ගැසුන දවසක්

වෙනමම රාක්කෙක

තිබෙයි පොත් වගයක්

එකින් දෙක දෙක පිටපත්

ගෙදර කරදර ඇති

හිතේ පීඩා ඇති

සමහර දවස්වල

ඒ රාක්කේ පොත්

වෙන වෙනම ගෙන කියවමු

තනි තනිවම නිහඬව

අපට වෙන් වූ තැන්වල

ඇගේ පොත්වල

සහ මගේ පොත්වල

අපේ පොත්වල නැති මිහිරකි

සුලඟක අහම්බෙන් ආ

සමන් මල් සුවඳකි

සිනාවක් වැනි උදයක

විහ‍ඟෙකු ගැයූ ගීයකි

මා සොඳුරට හොරෙන්

ඒ පිටු සිඹින කල

විඳින්නේ කවි උපන් දවසකි

එහෙත් එක් දවසක

ඒ පොත් රාක්කය අස

පොතක් දෝතින් ගෙන

ඈ සිඹින බව දැක

මා හද කපා ගිය හීයකි

එහෙත් සුහදිනි එය

කවියක් කරන රිදුමකි

අරුතක් සහිත විඳුමකි

ලියනගේ අමරකීර්ති

එකමත් එක පිටරටක