සුදාරකගේ අන්තර්ජාල සටහන » ශ්‍රී ලංකාව

අම්මලාගේ සහ දුවලාගේ වැඩිහිටි කතා…
සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම තැනක මව් පදවියට හිමිවන්නේ විශාල තැනක්. ඒ වගේම කාන්තාවන්ට උසස් ආකාරයෙන් සැලකිය යුතුයි, කාන්තාවන්ට තැනක් ලබාදිය යුතුයි, යන මතය එන්න එන්නම ලෝකයේ ස්ථාපිත වෙමින් පවතින යුගයක් මේ.

කොහොමවුනත් කාන්තාවන්ට සම තැන හෝ නිසි තැන ලබාදීම අතින් ලංකාවට කිසියම්ම වූ ගෞරවයක් තිබෙන බව අමතක කළ යුතු කාරණයක් නොවෙයි. ශ්‍රී ලංකාවෙ බහුතර දෙනාගේ ආගම, එහෙම නැතිනම් රාජ්‍ය ආගම බුදු දහම, බෞද්ධ දර්ශනය ඇතුළෙත් පැහැදිලිව කාන්තාවන්ගෙ නිදහස තහවුරු කර තිබීම එක් අතකට ලංකාවේ ආඩම්බරයට කාරණයක්.

මේ කතාව කාන්තාවන්ට සම තැන හෝ නිසි තැන ලබාදීම පිළිබඳව නෙවෙයි. මේ තත්වය බොහොම බැරෑරුම්ව කතිකාවට ලක්කළ යුතු දරුණු මාතෘකාවක්.

අපි කවුරුත් කැමති නෑ කාගෙහරි අම්මකෙනෙක්ට මොනවහරි වැරදි දෙයක් කියන්න. කොටින්ම කිව්වොත් අපේ අම්මට කවුරුහරි මොනවහරි කිව්වොත්, අපිට තරහයනව. ඒක ස්වභාවිකයි. එහෙම නොවුනොත් තමයි පුදුමෙ.

හැබැයි. හැම අම්ම කෙනෙක්ම උතුම් නෑ. හැම අම්ම කෙනෙක්ම උතුම් කියල හිතාගෙන ඉන්නවනම්, මේ ලිපිය කියවල ඉවරවෙනකොට ඔබ කම්පනයට පත් වෙලා තියෙයි. කියවලා ඉවරවුනාට පස්සෙ කියන්න එපා මම මුලින් අනතුරු ඇඟෙව්වෙ නෑ කියලක්!

මේ මව් පදවියේ උතුම්කම නොදත් මව්වරුන්ගෙ එක පැත්තක්. මේක සම්බන්ධ වෙලා තියෙන්නෙ ගණිකා වෘත්තියත් එක්ක.

කෙනෙක් ගණිකා වෘත්තිය තෝරගන්න හේතු කිහිපයක් තියෙනව. බොහෝ විට මුදල් ප්‍රශ්න, එහෙම නැතිනම් යම් කිසි කෙනෙකුගේ පෙළඹවීම මත හා බලහත්කාරකම මත යම්කිසි කෙනෙක් ගණිකා වෘත්තියට පෙළඹෙනව. හැබැයි, තමන් ගණිකාවක් වීම නිසා තමුන්ගෙ දුවත් ගණිකාවක් කරන්න ඒ මව පෙළඹෙනවානම්, මොකද කරන්නෙ? මුදල් ප්‍රශ්න නිසා තමන්ගෙ දරුවාගෙ යහපත වෙනුවෙන් තමන් ගණිකා වෘත්තිය තෝරාගෙන ඒ දරුවාට කවල පොවල අධ්‍යාපනය දීල ඒ දරුවට යන්න පාර හදල දෙනව වෙනුවට මමත් ගණිකාවක්, උඹත් ගණිකාවක් වෙයන් කියල අර ගෑනු දරුවාව ගණිකාවක් වෙන්න වැඩකටයුතු සලසන එක හොඳ වැඩක් නෙවෙයි නේද? ඒ දුව ස්ව කැමැත්තෙන්ම ගණිකා වෘත්තිය තෝරාගැනීම වෙනම කතාවක්. ඒත් බලහත්කාරයෙන්?

බොහෝවිට මේ පෙළඹවීම කරන්නෙ ඒ පවුලෙම තවත් පිරිමි කෙනෙක් අතින් අර ගැහැණු දරුවාව පෙළඹවීමට ලක්කිරීමෙන් සහ පූර්ණ ලිංගිකව හෝ අර්ධ ලිංගිකව දූෂණයෙන්. ඊට පස්සෙ අර ගැහැණු දරුවා මානසිකව වැටෙනව. තමන් ගැන තේරුම්ගන්න පුලුවන් එකම කෙනා විදිහට තමන්ට තමන්ගෙ අම්මව පේනකොට ඒ අම්මගෙන් උපදෙස් පතල අම්මත් ඒක ගණන් නොගෙන හිටියොත් මොකද වෙන්නෙ? අන්න එතනින් තමයි බොහෝ දේවල් පටන්ගන්නෙ.

ඒක තමයි බොහොම සුලබ පැතිකඩ. අනිත් එක බොහෝ දෙනා නොදකිනා පැත්තක්. මේක ඉහළ පන්තියේ පවුල් වලටත් වඩා වැඩියෙන් සිද්ධ වෙන්නෙ සමහර ඉහළ මධ්‍යම පන්තියේ පවුල් වල. දුව යන්නෙ ඉහළ පාසලකට සහ මවත් සෘජුව ගණිකා වෘත්තියේ නොවන රැකියාවක් කරනවා. මේ මව සෙල්ලක්කාර චරිතයක්. තමන්ගෙ වයසට බොහොම අඩු, පිරිමි ළමුන් පොළඹවාගැනීම සහ ඔවුන් සමඟ #බලධාරියා-විසින්-කපාහරින ලදී#. මේ කාන්තාව අර තමන්ගෙ දුව සෝෂල් කිරීම, සමාජගත කරනු පිණිස ගෙදර කවුරුත් නොමැති වෙලාවට අර තමන් එක්ක ඉන්න පිරිමි ළමයෙක් ගෙදර එවල දුවට අත්දැකීම් ලබාදෙන්න පටන්ගන්න පුලුවන්. ඒක තනිකරම වෙන්නෙ දුවගෙ කැමැත්තෙන් නොවෙයි. තමන්ගෙ අම්මයි තාත්තයි අතර ඇතිවෙලා තියෙන අනිත් ආරවුල් මදිවට දැන් තමනුත් පත්වෙලා ඉන්න තත්වය නිසා තවත් පවුලේ ආරවුල් ඇතිකරන්න කැමති නැති දුව නිහඬ ජීවිතයක් ගතකරන්නත්. අර පෙළඹවීම් සහ ලිංගික පීඩනයට යටත් වෙන්නත් පටන්ගන්නවා. ඒ වගේම අර මව විනෝද චාරිකා යනකොට අර ගෑනුළමයාව ගිහින් තවත් පිරිමි ළමයෙක් ළඟින් අසුන්ගන්වනවා… මේ හැමදේම කරන්නෙ මව වගේ දුවක් බිහිකිරීමට. තමන් කැමැත්තෙන් පිරිමි ළමයෙක් ළඟින් අසුන්ගැනීම සහ මව විසින් ප්‍රසිද්ධියේ…

“ආ ඔයා මේ අයිය ළඟින් වාඩි වෙන්න දුව.”

කිව්වාම අර ගෑනු ළමයාට එතනින් වෙන තැනකටත් යන්න බැරි මානසික ගැටුම්කාරී තත්වයක් උදාවෙනවා නේද?

විනෝද චාරිකාවේ මුකුත් නොවුනත්, අර පිරිමි ළමයා ගෙදරට එන්න පටන්ගන්නවා. ඊට පස්සෙ ගෙදර කවුරුත් නැතිවෙලාවට. ඊට පස්සෙ… බලහත්කාරකම්.

අර දියණිය, ඊට පස්සෙ තමන්ගෙ හැම වේදනාවක්ම සඟවගන්නවා. ඒ වගේම සමහර විට ඇගේ ජීවිතයට පෙම්වතෙක් ඇතුල්වෙන්නත් පුලුවන්. ඒත් මේ ප්‍රශ්න නිසා ඒ ආදරය කඩා වැටෙන්න අරගෙන තවත් ආරවුල් රැසකට මුලපුරන්න ගන්නව. පෙම්වතාගෙ ජීවිතයත්, අනාගතයත් එයින් පසු අනතුරේ!

අපිට මේක වලක්වන්න ගන්න පුලුවන් පියවර මොනවාද?

ඇත්තටම මේක ළමා හා කාන්තා කාර්යාංශයට නවත්වන්න පුලුවන් දෙයක් නෙවෙයි. මොකද බොහෝ දෙනා කැමති නැහැ තමන්ගෙ අම්ම ගැන එහෙම කතා කරන්නත්, තමුන්ගෙ පවුල් ආරවුල් ගැන පිටට දෙන්නත්. හැබැයි ළමා හා කාන්තා කාර්යාංශය සහ පොලිසීය මේ වගේ දේවල් පිළිබඳව උපදෙස් දෙන්න පුලුවන් රහස්‍යභාවය ආරක්ෂා කරන උපදේශන සේවාවක් පවත්වාගෙනයාම හා ඒ පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත්.

ලිංගිකත්වය බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් අනිසි පෙළඹවීම් මත, විශේෂයෙන්ම මවගේ හෝ පියාගේ පෙළඹවීම් මත? ඒකනම් භයානක තත්වයක්. හැම අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් එහෙම නොවෙයි කියල මතක තියාගන්න. මේ තත්වය බොහොම සුලුතර තත්වයක් වුනත්, අර දියණිය සහ අර දියණියගෙ අනාගතය? ආදරය? තමන් විසින්ම තමාව විනාශ කරගැනීම අපිට නොසලකා හරින්න පුලුවන් කියමු. ඒත් අනුන්ගේ, විශේෂයෙන්ම තමන් ආදරය කරන අයගේ පෙළඹවීම මත අනවශ්‍ය ගැටලුකාරී තත්වයකට පත්වීම?

ආදරය, රාගය, විවාහය (සහ සංස්කෘතිය)
මේ මාතෘකාව ගැන ලියන්න මම වයස මදිද කියල මම දන්නෙ නැහැ. මම ලියනව. කියවන්නෝ කියවනව. ඉතින් ම‍ගේ වයසේ සුදුසුකම තීරණය කිරීම ඔබේ අතේ.

කෙලින්ම මාතෘකාව යන්න කලින් කතාවට අවශ්‍යකරන පදනම දාලාම කතාව ඉදිරියට අරගෙන යන්නම්. ලංකාව කියන්නෙ විශේෂයෙන්ම සංස්කෘතික රාමුවකින් විශේෂයෙන් කොටුවූ රාජ්‍යයක්. රාජ්‍යයක් ඉදිරියට යාමට, රාජ්‍යයේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමට මේ සංස්කෘතිය කියන රාමුව අවශ්‍යයි. උදාහරණයක් විදිහට ඇමරිකාවටත්, ඇෆ්ගනිස්ථානයටත් ඒ රටටම අනන්‍ය වුන සංස්කෘතික රාමුවක් ගොඩනගාගෙන තියෙනව. ඇමරිකාවෙ නිරුවතින් පෙළපාලි කරොත් හොඳයි, හැබැයි ඇෆ්ගනිස්ථානෙ නිරුවත තියා අඩ නිරුවතවත් බැහැ.

සාමාන්‍යයෙන් ලංකාවෙ පුරවැසියන් විදිහට අපි සමීපවෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ සංස්කෘතියත් එක්ක. ශ්‍රී ලංකාවෙ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විකෘති වුන සංස්කෘතියක් කියල පේන්නෙ අපිට ඒ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම නිසා. අනික ඕනෑම රටක සංස්කෘතිය සම්මත කරන්නෙ ඒ රටේ ආගමික පූජකවරුන්, රදළයන් (දේශපාලකයන්) වුනත්. ඒක පොතක පතක ලියැවෙන දෙයක් නෙවෙයි. සංස්කෘතිය සම්මතවෙන්නේ සමාජයේ පුද්ගලයන්ගේ භාවිතයත් එක්කයි.

එතකොට සංස්කෘතිය මිනිසුන්ගේ නිර්මාණයක්. ඒක කාලයෙන් කාලයට වෙනස්වෙනව. සංස්කෘතිය පේන්න තියෙන භෞතික දෙයක් නෙවෙයි. ඒක තියෙන්නෙ විවිධ මිනිසුන් හිතන පතන විදිහෙන්.

එතකොට රාජ්‍යයක් නිර්මාණය වෙන්නෙ එක විදිහට හිතන පතන මිනිසුන්ගෙන් නිසා, මිනිසුන් හිතන පතන ආකාරයේ සංස්කෘතියේ බහුතරයක් සමාන වෙනකොට එතන රාජ්‍යයක් උපදිනවා.

එතකොට ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ඇතුළෙ සංස්කෘතික බිඳීම් හරිම විකෘති සහගතයි.

සංස්කෘතිය ගැන වැල්වටාරම් කියාගෙන ආවෙ, අදාළ තැනට එන්නයි. මේ මාතෘකාව අදාළ තැන වෙන්නෙ; ආදරය, රාගය හා විවාහය කියන තැනයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ දේවල් ගැන කතාවෙන්නෙ රහසිගතව, පුද්ගලිකව. එහෙමත් නැතිනම් ‍තරුණයන් අතර ‍මේ දේවල් ගැන කතා නොවෙනා තරම්. තරුණ තරුණියන් බොහෝවිට එකතුවුනාම කතාවෙන්නෙ තමන්ගෙ විරුද්ධ පාර්ශවයේ අයගේ හැසිරීම, ලාලිත්‍ය පිළිබඳව මිසක්, ඒ හැසිරීමෙන් ඔබ්බට යන මේ සංකීර්ණ මාතෘකා ගැන කතා කිරීමට නොපෙළෙඹෙන තරම්.

මූලික වශයෙන් අපි මේ කතාකරන ආදරය (අතුරු කතා: මේ ආදරය, දෙමාපිය-දූදරු ආදරය වැනි දේ සමඟ පටලවා ගත යුතු නැහැ. මේ කතා කරන්නෙ ස්ත්‍රී-පුරුෂ රෝමාන්තික ආදරය ගැනයි) ඇතිවෙන්නෙ දෙන්නෙක්ගෙ පෙනුම මත, කතාබහ කරන විලාශය අනුව වගේ සරල දේවල් වලින්. ‍මම ආදරය

ගැන කතාකරන්නෙ මූලික වශයෙන් සමාජයේ බහුලව පෙනෙන ආදර සම්බන්ධතා පදනම් කරගෙන. ආදරයේ තවත් සංකීර්ණතා තියෙන්න පුලුවනි.  ඒ ගැන කතාකිරීමට මම කැමැත්තක් දක්වන්නෙ නැහැ. (උවමනා කෙනෙකුට කතාකරන්න පුලුවනි) මේ ආදරයට තවත් කල්යද්දි බොහෝවිට එකිනෙකාගේ රුචිඅරුචිකම් අනුව රාගය ලිංගික ආශාවන් එකතුවෙන්න පුලුවනි. ඒ වගේම ලංකාවෙ බොහෝ දෙනෙක් මුලින්ම හිතන දේ තමයි, ආදරය සම්බන්ධතාවකට මුලපුරන්නෙ ලිංගිකත්වය, ලිංගික ආශාවන් මත පදනම් වෙලා කියල, ඒක වැරදියි. මෘදු සිපගැනීම්, සැහැල්ලු බදාගැනීම් (Hugging) වලින් එහාට යන දේවල් තියෙන්න පුලුවනි. ඒත් ප්‍රථමයෙන් ආදරයක් ඇතිවෙන්නෙ එහෙම දෙයක් සඳහා නෙවෙයි. ඔබට එහෙම දෙයක් පිළිබඳ සිතිවිල්ලකින්, එය ඔබට ආදරයක් කියලා හැඟුනොතිත්, ප්‍රවේශමෙන්! ආදරය සහ රාගය දෙකක්!

සරලම උදාහරණය:

ආදරය කියන දේ විකුණන්න බැහැ.

රාගය විකුණන්න පුලුවනි

ඉතින් මේ දෙක දෙකක්.

ආදරය හරහා රාගය ඇතිවීම සාමාන්‍ය දෙයක්. ආදරය හරහා අන්‍යේන්‍ය ආකාර්ශනයක් තුළින් රාගික සිතිවිලි ඇතිවීමට පුලුවනි. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. එහි අතුරු කතා පසුවට!

ආයෙත් සංස්කෘතිය සම්බන්ධවෙන්නෙ මෙතනට, ලංකාවෙ සංස්කෘතික රටාව ඇතුළෙ, මේ දේ ගැන තේරුම්ගන්න තරුණයෙකුට, තරුණියකට අවකාශ හිමිවෙන්නෙ නැහැ. ඒ ගැන ලියවුන පොතක් ‍සාමාන්‍යයෙන් පහළ පන්තියේ, පහළ මධ්‍යම පන්තියේ තරුණ තරුණියකට හිමිවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තරුණයන්ට නිසි උපදේශනයක් නැහැ. ඉතින් පුද්ගලිකව මේ අත්දැකීම් වලට එකතුවීමෙන් තමයි, තමන්ට මේ පිළිබඳව‍ තේරුම්ගන්න වෙන්නෙ. ඉතින් එහෙම වෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි. ඒ වගේම, මේ ගැන ඒ අත්දැකීම් ලැබුන අය වුනත් විවෘතව කතාකරන්නෙ නැත්තෙ ඇයි කියන එකවුනත්, සෑහෙන්න ලොකු ගැටලුවක්. ඒ විවෘතභාවය නැතිවෙලා තියෙන්නෙ මේ තියෙන සංස්කෘතික රාමුව නිසාවෙන්.

මනුෂ්‍ය ආදරය ඇතිවෙලා තියෙන්නෙ, තම පරම්පරාව ගෙනියාම කියන ප්‍රාථමික අවශ්‍යතාව ඉදිරියට ගෙනයාමට පදනමක් විදිහෙනුයි. හැබැයි, ආදරය හරහා බැඳීම ඇතිවුනත්, තම පරම්පරාව ගෙනියාමට අවශ්‍ය පාර නිර්මාණය වෙන්නෙ රාගයෙනුයි, ලිංගික ආශාවන් තුළිනුයි. මේක ස්වභාවික දෙයක්.

එතකොට ලංකාවෙ සංස්කෘතියට සාපේක්ෂව ආදරය කරන්න නියමිත වයස වෙන්නෙ පාසළෙන් පිටවුනාම වයසයි. ඒ මොකද, ලංකාවෙ මිනිස්සුන් ආදරය ගැන හිතන්නෙ, ආදරය කරන්නෙ රාගය මූලික කරගෙන කියන මතයත් එක්ක නිසාවෙන්. (ප්‍ර‍යෝගික ලෝකෙදි, 99%ක්ම එහෙමම තමයි) ඒ වුනාට ප්‍රයෝගිකව, ආදර සම්බන්ධකම් පාසල් වයසේම ඇතිවෙනව-නැතිවෙනව. සමහරුන් තමන්ට ආදරයක් නෑ කියා දුකෙන් ඉන්න අතරෙ, සමහරු තමන් ආදරය කියලා, ඇති කරගත්ත බැඳීම නිසා දුක්වෙනව.

ඉතින් විවාහය කියන මාතෘකාවට ඇතුළත්වෙන්නෙ දැන්. විවාහය කියන්නෙ සංස්කෘතිකමය වශයෙන් නීත්‍යානුකූල ඇතිවෙන බැඳීමක්. මේකෙන් ආදරය කරන දෙන්නාගේ එකට ජීවත්වීමේ අයිතින සංස්කෘතිය (aka: සමාජය) විසින් සම්මත කරනව. එතකොට මංගල රාත්‍රිය වැදගත්වෙන්නෙ එතනදි. රාගය හරහා ඇතිවෙන අන්‍යෝන්‍ය ආකර්ෂණය නිසාවෙන් විවාහය ස්ථාවර වෙනව.

ආදරය කරන්න දෙන්නා අතර අන්‍යෝන්‍ය අවබෝධය තිබීම ප්‍රමාණවත්. ඒත්,

(http://kawuluwa.blogspot.com/2010/05/blog-post_04.html ලිපිය සඳහා ප්‍රතිචාරය:)

මෙහෙමයි, ඕකෙ එක එක ‍මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක කාරණා නැතුවා නෙවෙයි. විශේෂයෙන්ම ඔය සම්බන්ධයක් තියෙන්න මූලිකවම දෙන්නාගේ අවබෝධයක් තියෙන්න ඕනෙ කියන කතාව මම පිළිගන්නවා වුනත්,

අවුරුදු 10ක් 15ක් ආශ්‍රය කරපු අය කසාද බැඳල, අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන වෙලාවලුත් තියෙනව.

වයස ගැන මතවාද ගොඩක් හැදිල තියෙන්නෙ ‍මේ ලෝකෙ ආරම්භ‍යේ ඉඳලම එක එක අයගෙ අත්දැකීම්, ආගමික මතවාද සහ එක එක වැඩවසම් වරප්‍රසාද ලත් පැලැන්තියේ (උදා: බමුණන්, රජවරු) අයගෙ උවමනාවට හදාගන්න එක එක මතවාද එක්ක.

ඉතින්,

විවාහය කියන එක සෑහෙන්න සීරියස් දෙයක්. දෙන්නට දෙන්න ජීව විද්‍යාත්මකවත්, මනෝ විද්‍යාත්මකවත් ගැලපෙන්න ඕනෙ.

‍කොච්චර දෙන්නාව තේරුම්අරගෙන තිබුනත් විවාහ‍යේදී ජීව විද්‍යාත්මකව කරුණුත් බලපානව.

උදාහරණයක් විදිහට තමාට වඩා වයසින් වැඩි කාන්තාවක් විවාහයේදී පිරිමියාට වඩා ඉක්මනින් කාන්තාව වයසට පත්වීම නිසා එක එක ගැටලු නිරායාසයෙන්ම ඇතිවෙන්න පුලුවනි. (හැබැයි වයස කොච්චර ගියත්, ඒ ආසාවන්, හැකියාවන් ඒ විදිහට රැක‍ගැනීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව)

ඔය කවුරු බණ දේශනා කරත්, ප්‍රායෝගික ලෝකෙදි නොයෙකුත් ප්‍රශ්න එනව.

ආදරය කියන සංකල්පයත්, විවාහයත් පටලවාගත යුතු නැහැ. විවාහය ගොඩනැගෙන්නෙ ආදරයත් රාගයත් එකතු වෙලා එතනින් තමන්ගෙ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න.

ඒත්, ආදරය කියන්නෙ වෙනම මතවාදයක්.

ඕනෙම කෙනෙකුට ආදරය කරන්න පුලුවනි. ඒත් ආදරයත් රාගයත් එකතුකරගත්තොත්, එතනදි ඒක වෙන්නෙ විවාහවීමේ අපේක්ෂාවත් එකතුකරගෙන නොබිදිය හැකි බැඳීමකුත් එකතුවෙලා.

රාගය අවශ්‍ය වෙන්නෙ විවාහය රැකගන්න.

මේ කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. තමන්ට හොඳයි, ගැලපෙනවා කියල හිතෙනවනම්, ඒ ‍දේ කරන්න ඕනෙම කෙනෙකුට අයිතිය තියෙනව.

සංස්කෘතික රාමුවලින් එළියට යෑමේ අවසරය ඕනෑ කෙනෙකුට තියෙනව. මොකද ලංකාවෙ සංස්කෘතිය නෙවෙයි ඇමරිකාවෙ.

පසු ලිවීම: මේක මාතෘකානුකූල රචනාවක් නෙවෙයි. සිතිවිලි දහරාවක එකතුවක්.

බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව
පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා දර්ශනය අනුව තෝරාගත් බ්ලොග් ලිපියක් පළ වුනා හැර, ලංකාව තුළ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයක බ්ලොග් සඳහා ඉඩක් නොමැති වූ තරම්.

ඒත් අද (2010.01.10) ඉරිදා , ලක්බිම පුවත්පතේ 18වෙනි පිටුවේ සිංහල බ්ලොග් අවකාශයේ පළ වන බ්ලොග් අඩවි තුළින් තෝරාගත් බ්ලොග් ලිපි ප්‍රමාණයක් පළ කරලා!

මේ ආකාරයෙන් තෝරාගෙන ඇත්තේ, (පහත දැක්වෙන) බ්ලොග් ලිපි හයක්. කොහොමවුනත් තවම ලක්බිම පුවත්පතේ වෙබ් අඩවිය නම් සිංහල යුනිකේත භාවිතා කිරීමට යොමු නොවී ඇති හැඩයි.

‍කැටපත් පවුර – එළුවාගේ සවුදම

සිතූගේ සිතුවිලි – නිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා…

මනුසත් උයන – අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් . . . හෆොයි . . .!

අරුණි ශපිරෝ වෙතින් – ගෙම්බාගේ දෘෂ්ටාන්තය

SANKALPANA – ඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු සගවනා රත්තරනේ..

අච්චාරු – මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි

බ්ලොග් අවකාශයේ ඉන් එහාට බ්ලොග් ලියන්නන් වෙත ප්‍රධාන පෙළේ සම්මත ජනමාධ්‍ය තුළ වේදිකාවක් නිර්මාණය වීම ඉතාමත් වැදගත් කාරණයක්. මෙහි සාධනීය පැති බොහොමයක් තියෙනවා. සිංහලෙන් බ්ලොග් ලියන්නන්ට තමන්ගේ බ්ලොග් අඩවිය තුළම වේදිකාව ඉබේම නිර්මාණය වීමත්, තමන්ගේ ලිපි තුළ ගුණාත්මක බව වැඩි‍වුනොත් බ්ලොග් අවකාශයෙන් එහාට තමන්ගේ ලිපි ප්‍රචාරණය කිරීමටත් අවකාශ ලැබෙන නිසා දැන්, බ්ලොග්කරණ අවකාශය තවත් ඉහළ මට්ටමට ගොඩනැගෙන්න පුළුවන්. පසුගිය අවුරුදු දෙක තුළ අලුතෙන්ම නිර්මාණය වුන සහ ක්‍රියාශීලි බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සිංහල බ්ලොග් සින්ඩිකේටරයේම ප්‍රදර්ශනය කරන ආකාරයෙන් ක්‍රියාශීලී බ්ලොග් අඩවි ප්‍රමාණය 587ක්! (2009.10.10 – 12:00) මාස තුනක් තුළ ක්‍රියාශීලී නොවන බ්ලොග් අඩවි සින්ඩිකේටරයෙන් ඉවත් වීම නිසා සමස්තයක් විදිහට අන්තර්ජාලය තුළ පවතින සිංහල බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! මේ වසර අවසානය වන විට එම බ්ලොග් අඩවි ප්‍රමාණය දෙගුණ තෙගුණ වනු ඇති!

මේ ආකාරයෙන් බ්ලොග් අවකාශය වෙත අවධානය ක්‍රම ක්‍රමයෙන් අවධානය ලබාගැනීමට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළ බ්ලොග් අවකාශය සඳහා ඉඩක් ලැබීම වැදගත්. එවිට පුවත්පත් පාඨකයින් හා, පුවත්පතකට ලිපියක් ඇතුළත් කරගැනීමට වෙහෙස වන පිරිස විකල්ප මාධ්‍යයක් වශයෙන් බ්ලොග් අවකාශය භාවිතා කිරීමට පෙළඹේවි. ඒ ආකාරයෙන් වක්‍රව බ්ලොග් අවකාශය ප්‍රසාරණය වීම අනාගත ජනමාධ්‍යකරණ යුගයට සාමාන්‍ය ජනතාව සූදානම් කරනු ඇති. ශිෂ්‍යයින්, වෘත්තිකයින්, ගුරුවරුන්, නළු නිළියන්, වෘත්තීය ජනමාධ්‍යකරුවන්, දේශපාලකයින් ඉතාමත් පහසුවෙන් බ්ලොග් අවකාශය වෙත විවෘත වීම නිසා ඔවුන්ගෙන් බ්ලොග් අවකාශයටත්, බ්ලොග් අවකාශය නිසා ඔවුන්ටත් අන්‍යෝන්‍ය වශයෙන් වටිනාකම් එකතු කරගැනීමට පුළුවන්. වි‍ශේෂයෙන්ම බ්ලොග් අවකාශයේ සැරීසැරීම සුවිශේෂී අත්දැකීම් රැසක් එකතුකරගැනීමක්!

කොහොම නමුත් බ්ලොග් අවකාශය, බ්ලොග් අවකාශය විදිහටම හඳුනාගැනීම වැදගත්. 90%ක්ම බ්ලොග් අඩවි ලියවෙන්නෙ පෞද්ගලික උවමනාවන් මත. ඒක නිසා ගල්, මුල්, මල්, මඩ, බාල්දි මේ හැම එකක්ම අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අපිට පුද්ගලික සිතුම්පැතුම් වලට වැට බඳින්න බැහැ. ඒක නිසා, කියන්නා කෙසේ කීවත්… අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!

බ්ලොග් අවකාශයට වැඩ බැඳිමේ හැකියාවක් තියෙනවානම්, ඒ ප්‍රාදේශීය මට්ටමෙන් විතරයි. ඒ wordpress, bloggger වැනි සේවාවන් අවහිර කිරීමෙනුයි. ඉදිරි අනාගතය ගැන අපිට දැන්ම කියන්න බැහැ. පුවත්පත් හරහා විවෘත වන අවධානය නරක පැත්තටත් යොමුවෙන්න හැකියාව තියෙනවා කියන දේ ගැන අවධානයෙන් සිටීමයි වැදගත්!

එහෙමනම්,

සිංහල බ්ලොග් අවකාශයට ජයවේවා!

ලංකාවේ අධ්‍යාපනයට නව මුහුනුවරක් අවශ්‍ය ඇයි…
අධ්‍යාපනික වශයෙන් යල් පැනගිය ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන රටාව කාලානුක්‍රමිකව වෙනස් වීමේ තදබල අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතින ශිෂ්‍ය අසහනය පිළිබඳව සලකා බැලීමේදී මතුවූ තදබල අවශ්‍යතාවකි. වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැටලු. විශ්ව විද්‍යාලයන්ට ඇතුළත් වීමේදී ශිෂ්‍යයින්ට මුහුනපාන්නට සිදුවන ගැටලු සහ වාර විභාග වලට මුහුනදීමට නොහැකිව සියදිවි නසාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය ඉහළ යමින් පවතින යුගයකි මේ. නිසි බලධාරීන් නිසි පියවර නොගතහොත් අඳුරට යැවෙන්නේ මේ රටේ අනාගතයයි. මේ රටේ ශිෂ්‍ය ප්‍රජාවයි. සියලුම අංශ හී වගකීම රජයකට, ආණ්ඩුවකට පැවරීම වර්තමානයට නොගැලපෙන කරුණකි. අවශ්‍යවන්නේ රජය අවශ්‍ය කරනු ලබන ප්‍රතිපාදන නිසි ලෙසින් නිසියාකාරව සපයා වඩාත් ශක්තිමත් අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය වීමට ඉඩහසර සැලසීම ය. ර‍ටක, එසේත් නැතිනම් යම් කිසි භූගෝලීය වපසරියක් තුළ අනාගතය පදනම් වන්නේ එරට අධ්‍යාපනික පදනම හරහා වේ. එබැවින් වඩාත් ඉහළ ගුණාත්මක බවකින් යුතු පාසල්, විශ්ව විද්‍යාල නිර්මාණය වීම අත්‍යවශ්‍ය කරුණකි. පාසල් තුළ පවතින ශිෂ්‍ය අසහනකාරී තත්වයන් උදා වීමට ප්‍රධානතම හේතුව කාලානුක්‍රමිකව යාවත්කාලීන නොවන ගුරු පද්ධතියක් සිටීම සහ විෂය නිර්දේශයක් නිර්මාණය වී තිබීම ය.

අධ්‍යයන අවකාශයක් තුළ ශිෂ්‍යයා වඩාත් නිදහස් පුද්ගලයෙක් බවට පත් නොකර විෂය නි‍ර්දේශයකට පමණක් සීමා කරවීම නිසා ශිෂ්‍යයා පත්වන අපහසුතාව මෙතෙකැයි කිය නොහැක. උදාහරණයක් වශයෙන් උසස් පෙළ ශිෂ්‍යයා, උසස් පෙළ විභාගයට මුහුනදීම සඳහා 80%ක පාසල් පැමිණීම සටහන් කළ යුතු ය. මෙයින් ශිෂ්‍යයා තව දුරටත් විෂය නිර්දේශයටම සහ පාසල් භූමියටම සීමා කිරීම පමණක් සිදුවන අතර එයින් බලාපොරොත්තු විය හැකි යහපතක් නොමැත. පවතින විභාග ක්‍රමය තුළ ඉහළට යාමට නම් බහුතරයක් උප‍යෝගී කරගන්නා ක්‍රියාමාර්ගය වනුයේ පොතෙහිම ඇලී ගැලී බාහිර කාල්පනිකත්වයකින් තුරුව විෂය නිර්දේශ අධ්‍යයනයෙහි නියැලීම ය. එය වූ කලී සීමිත පිරිසකට පමණක් යෝග්‍ය වන කරුණක් මිසක විවිධ වූ දක්ෂතාවන්ගේ නිරත පාසල් සිසුන්ට සිදුවන අසාධාරණයකි. වි‍ශේෂයෙන්ම ශිෂ්‍යයාගෙන් ශිෂ්‍යයාට ආවේණික වූ අධ්‍යයන ක්‍රමවේදයක් ඇත. එලෙස ගත් කල මේ ක්‍රමය හරහා බිහිවන්නේ තවදුරටත් ආත්මාර්ථකාමීත්වයට යොමු වූ සමාජයට වෛර කරන “බුද්ධිමත්” “උගත්” ප්‍රජාවක් පමණි.

ඒ ආකාරයෙන් වර්තමාන අධ්‍යාපන රාමුවෙන් මිදී තමාටම ආවේණික ක්‍රමයන් හරහා ඉදිරියට පැමිණි පිරිස් සැලකිල්ලට ගැනීමේදී එයින් බහුතරයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පිරිසකි. ඔවුන් තමන්ට ලැබෙන අධ්‍යාපනික අවකාශය පිළිබඳ දැනීම සහ අතැති මුදල් නිසාවෙන් අනෙකුත් අධ්‍යාපනික මූලාශ්‍රයන් හඹායෑමේ සමත්කම් දක්වයි. වර්තමානයේ කොළඹින් බැහැර පෙදෙස්වලින් ඉදිරියට පැමිණ ජීවිතය ජයගනු ලබන්නේ සැලකිය යුතු සුලු පිරිසක් පමණි.‍ ඒ තමන්ගේ ඇති ආසාව නිසාම පමණක් මිස වෙනත් උත්ප්‍රේරකයක් නිසා නොවේ.

සත්‍ය නම් අධ්‍යාපනික රාමුවෙන් මිදී පැමිණීමට ස්වෝත්සාහය අවශ්‍ය බවයි. නමුත්. එලෙස ස්වෝත්සාහී වීමට පවතින අධ්‍යාපනය ක්‍රමයෙන් උත්ප්‍රේරක ලැබෙන්නේද?

නැත. කිසිසේත්ම නැත. පාසලේ ඉගැන්විය යුතු නිසා ගුරුවරුන් උගන්වන අතරතුර ඉගෙනගත යුතු නිසා සිසුන් ඉගෙනීමෙහි නිරත වෙයි. වඩාත් ලෝකයට විවෘත විය යුතු උසස් පෙළ සිසුවාද සංවෘත කරදමන්නේ අධ්‍යාපන ක්‍රමයයි. අවසානයේ බිහිවන්නේ පෙර කී පරිදි සමාජයට වෛර කරන ප්‍රජාවකි.

මෙය 100%ක්ම සාධාරණීයකරණය කිරීමට නොහැකි වූවත් අවම වශයෙන් 85%ක ප්‍රතිශතයකින්වත් සාධාරණීයකරණය කළ හැකි තත්වයකි. වහාම මේ ක්‍රමයන් වෙනස් නොවන්නේ නම් ඉදිරියේදී රටක් වශයෙන් සහ භූගෝලීය බිම් ප්‍රදේශයක් වශයෙන් මුහුන දීමට සිදුවන අපහසුතාව ගණනය කළ ‍නොහැක.

‍‍මේ සඳහා තවදුරටත් කෑ ගැසීමෙන් ඇතිවන ප්‍ර‍යෝජනයක් නැත. අප අපම හැකි පමණින් විසඳුම් ඉදිරිපත් නොකළහොත් මේ සඳහා පියවරක් කා හටවත් තැබීමට නොහැකි වනු ඇත. පුළුන් කොට්ට මත මොළය තබා ඒ මත වාඩි වී සිහිල් වායු සමීකරණ සුළං රැල්ලෙන් සිත සනහා තීන්දු තීරණ ගන්නා යුගයක. අප අපම වහ වහා විසඳුම් යෝජනාකරමින් පතුරුවා හැරිය යුතු ය. ඒ තුවක්කුවෙන් නොවේ. අවිහිංසකවාදී ප්‍රතිපත්තිමය විලාශයෙනි. එවිට අපට නොමැති වුවත් අපගේ ඉදිරි පරම්පරාව‍ට එයින් යම්කිසිම හෝ ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකි වනවා නියත ය.

ශිෂ්‍යත්වයේදී සමත්කම් නොපෑ ශිෂ්‍යයා සාමාන්‍ය පෙළ දී සමත්කම් ප්‍රදර්ශනය කළ හැක. එසේත් නැතිනම් උසස් පෙළ මට්ටමේදී සමත්කම් ප්‍රදර්ශනය කළ හැක. නොඑසේනම් පසුකාලීනව තම හැකියාවන් ඉදිරිපත් කරනු ඇත. මේ බව තේරුම්ගනිමින් එක්තරා සීමාවකට කොටු නොකර. ශිෂ්‍යයින් සියල්ලන්ම එකම මට්ටමකැයි නොසලකා නිදහස් අධ්‍යාපනික වාතාවරණයක් නිර්මාණ කළ යුතු ය. විෂය නිර්දේශයකට අනුකූලව ඉගැන්වීමෙහි සහ ඉගෙනීමෙහි නිරත විය යුතු ය. නමුත් ශිෂ්‍යයා එයට කොටු නොකළ යුතු ය.

සත්‍ය වශයෙන්ම අතිරේක පන්ති ශිෂ්‍යයාගේ අධ්‍යාපනය අවකාශය සීමා කර දමනු ලබයි. අතිරේක පන්ති වලින් ලබන්නේ අතිරේක දැනුමක් නොව විෂය නි‍ර්දේශයටම සීමා කරන ලද දැනීමකි. පාසලේ ඉගැන්වෙන දෙය ඊට පෙර ඉගෙන යාමට අවශ්‍ය කරනු ලබන කටයුත්ත එයින් ඉටුවනවා පමණක්ම මිස ‍ඇතිවන විශේෂ දැනුමක් නොමැත. අතිරේක පන්ති වලට යොමුවන්නේ පාසල තුළ ඉගැන්‍වීම් නිසියාකාරයෙන් සිදුනොවෙතැයි යන සිතුවිල්ලෙනි. එනිසාවෙන් අතිරේක පන්ති වෙත යොමු නොවී පාසල තුළම සහ එයින් බාහිරව අන්තර්ජාලය හා පොත් පත් ඇසුරින් දැනුම ‍සොයා යාමේ ක්‍රමවේදයක් නිර්මාණය වී යුතු ය. ශිෂ්‍යයා වඩාත් දැනුවත් වෙන්නේ එකතැන හිඳිමින් ඉගෙනීමෙන් නොව දැනුම සොයා යාමෙනි.

තවත් කරුණක් නම් ඇතැම් පාසල් වල ගුරුවරුන්ගේ සහ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ ක්‍රියා කලාපයයි. පාසල ක්‍රියාත්මක විය යුත්තේ අධ්‍යාපනික වශයෙන් මිස පාසල පවුල් සහ සමාජ සම්බන්ධතා වෙත අත නොදැමීමේ බලවත් අවශ්‍යතාව මේ වන විට මතු වෙමින් පවතී. පසුගිය දිනෙක තම පෙම් සම්බන්ධතාව පාසලට ආරන්චි වී තම දෙමව්පියන් පාසලට කැඳවන්නට යැයි ලැබූ නියෝගයත් සමඟ අත්තන ඇට කා සිය දිවි නසාගත් පුවතක් වාර්තා විය. සමාජ සම්බන්ධතාවන්ට අත දැමීම බරපතල කරුණකි. එය අධ්‍යාපනය සම්බන්ධ ගැටලුවක් නොව හැඟීම් හා දැනීම් සම්බන්ධ ගැටලුවකි. පාසල විසින් එලෙස දෙමාපියන් කැඳවන්නටැයි නියෝග කිරීමද, සියදිවි නසාගැනීමද අතිශයින්ම පිළිකුල් සහගත කරුණු බව නැවත නැවතත් සිහිකැඳවිය යුතු නැත. සියදිවි නසාගැනීමට මෙහිදී මුලික හේතුව නිසි සමාජ දැනීමක් නොමැති වීමද, නිසි සමාජ දැනීමක් නොමැති වීමට හේතුව වන්නේද පෙර කී පරිදි විෂය නිර්දේශයන්ට සහ පාසලට පමණක් සිසුවා කොටු කර තැබීම ය. සමාජ අවබෝධය ඇතිවන්නේ සමාජය සමඟ කටයුතු කිරීමෙනි. එය විෂය නි‍ර්දේශයකින් ඉගෙනිය නොහැක. එය ඉගෙනගත හැක්කේ සමාජය සමඟ ගැටීමෙන්, සාහිත්‍ය කලා අධ්‍යයනයෙන්, නව කතා – කෙටි කතා පරිශීලනයෙනි. නමුත් එලෙස වටපිටාවක් වර්තමානයේ නිර්මාණය වී නොමැති බව පවසන්නට සිදුව ඇත්තේ කණගාටුවෙනි. මේ මිය යන්නේ රටේ අනාගතයයි.

සියදිවි නසාගැනීමේ ප්‍රවෘත්තිය පිළිබඳ දැනුවත් කළ සුපුන් බුධාජීව සොහොයුරාට තුති.

අපට ඇත ගොඩනගන්නට රටක්
රාවණ රජු එදා විසූ රටක්,

චුම්බක බලයෙන් ගුවන් ගමන් ගිය රටක්,

තෙවරක් උතුම් ගෞතම බුදුන්ගේ පහස ලැබූ රටක්,

පණ්ඩුකාභය වැනි රජුන් ගොඩනැගි රටක්,

දහසක් මහා වැව් බැඳි රටක්,

නිර්මල උතුම් බුදු දහම රැකි රටක්,

හතුරා‍ටත් රජෙකු සේ සැලකූ දුටුගැමුණුගේ රටක්,

අහසින් වැටෙන එක් දිය බිඳක් නික‍රුනේ මුහුදට ගලා නොගිය රටක්,

පෘතුගීසීන්ට පෙරදිගදී හිමිවූ විශාල පරාජය හිමිකරදුන් රටක්,

ඔබට ඇත මෙරට වෙනුවෙන් කරන්නට යමක්,

කරව එය නොකර අඳුර‍ට සාපයක්,

අපට ඇත ගොඩනගන්නට රටක්,

යළි ගොඩනගමු අපේම ශක්තිමත් රටක්…

හෙට තියෙන ඉතිහාස පේපරේ ගැන උදේ බස් එකේ යන ගමන් හිත හිත යනකොට නිකන් අහම්බෙන් මේ සිතුවිලි පහළ වුනා. මම ඉතින් කොහොමත් කවි, නිසඳැස් එහෙම ලියන්න නම් දස්සයා නෙවෙයි. ඒත් ඉතින් ආපු සිතිවිලි වලින් ප්‍රයෝජනයක් ඇරගන්නේ නැතිව නිකන් ඕහේ අමතක වෙලා යන්න නොදී ගෙදර ආවාම බ්ලොග් එකේ ලියන්න, මාත් පහන් අයියාගේ බ්ලොග් ලියන ක්‍රමෙන් ප්‍ර‍යෝජනයක් ගත්තා.

අහසින් වැටෙන එක ජල බිඳුවක් වත් ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන්න නොදී රට සහළින් ස්වයංපෝෂිත කරපු පරාක්‍රමබාහු රජතුමාව ආදර්ශයට ඇරගෙන, හිතට නැගෙන එක සිතුවිලි බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන ඔහේ අමතක වී යන්න නොදී ප්‍රයෝජනයක් ගන්න නම්…

සිංහල බ්ලොග් නියම තැන!

නිදහසට 60යි!
ශ්‍රී ලංකාවේ “නාමිකව පමණක්” සමරන 60වැනි නිදහස් උළෙළ යෙදී ඇත්තේ 2008 පෙබරවාරි මස 4වන දිනටයි. නිදහස ලංකාව ලැබෙන විට ලංකාවේ තිබූ ආර්ථිකමය හා දේශපාලනමය තත්ත්වය පිළිඹිඹු කෙරෙන මගේ සිත්ගත්ම කාටූනයක් මෙවර රිවිර පුවත්පතේ පලවුනා (කවුරුවත් හිතන්න එපා මම රිවිර පුවත්පතම මාර්කටින්ග් කරනවයි කියලා. අපේ ගෙදරට ඉරිදාට ගේන්නේ රිවිර පත්තරේ, එක නිසයි රිවිර පත්තරේ තියෙන ඒවා ගැනම කියන්නේ). එම කාටූනය මගේ මේ සටහනටත් එකතු‍ වෙනවා. එම කාටූනයේ සියළුම අයිතිය රිවිර පුවත්පත සතුවන බව මතකයේ තබාගන්න.‍ කාටූනයක් වුනාට මෙහි මතුපිට ඇත්තේ සම්පූර්ණ සත්‍යයක්. නිදහස ලැබෙන විට තිබූ තත්ත්වය අනුව මේ වන විට අප නිදහස ලබා‍ ගෙනත් කරමින් සිටින්නේ කුමක්ද යන්න විශාල ගැටළුවක්. අපිට පිටුපසින් සිටි සිංගප්පූරුව වැනි රටවල් ලංකාව පසු කරලා ගොඩක් දුර ගිහිල්ලා. මේවාට හේතු මොනවාද? කවුද මේවාට වගකියන්නේ? මේවා ගැන කතාකරන්නත් එපා වෙනවා. නිදහසට විවිධ අර්ථකථන තියෙන්න පුළුවන්. ඒත් රටේ ගැටළුවලට දෙන්න පුළුවන් නිවැරදිම අර්ථකතනය නම් රට කරවු, දේශපාලඥයින්ගේ වැරදි නිසා තමයි මේ රටට වෙලා තියෙන්නේ. රට ස්වයංපෝෂිත කරන්න ඕන තරම් පියවර මීට කලින් ගන්න ඕන තරම් නිදහස තිබුනා. ඒත් දැන් තමයි කට්ටියට මතක් වෙලා තියෙන්නේ “අපි වවමු රට නගමු” වගේ වැඩ පියවරවල් ‍ගන්නේ. පරක්කු වෙලා වුනත් කරන වැඩේ නම් හොඳයි. ඒත් අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු අවුලක් තියෙනවා. කට්ටියට මොකක් හරි හොඳ දෙයක් කරන්න මතක් වෙන්නේ විනාශ වෙලා ඉවර වුනාට පස්සේ. ඉතින් ඊට පස්සේ අපේම අය කියනවා අනේ ඉතින් මෙහේම කරානම් හොඳයිනේ අරකයි මේකයි කියලා. ඉතින් අපි 60වෙනි නිදහස සමරන මේ මොහෝතේදීවත් හිතාගමු. රටට මොකක් හරි ‍හොඳ වැඩක් කරලා මේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩ අරගන්න උදව් වෙමු කියලා. පෑනෙන් පුළුවන් අය පෑනෙන්, උදැල්ලෙන් පුළුවන් අය උදැල්ලෙන්… ඒ විතරක් නෙමෙයි කී බෝර්ඩ් එකෙන් පුළුවන් අය කී බෝඩ් එකෙන් වැඩ කරලා, ජාති බේද, කුළ බේද වලින් අයින් වෙලා එක ධජයක් යටතේ එකමතුව වැඩ කරලා අපේ රට සම්පූර්ණයෙන්ම නිදහස් කරගනිමු!