සුදාරකගේ අන්තර්ජාල සටහන » විකාර

ඉස්කෝලෙදී…
මේ දවස්වල කට්ටියම තම තමන්ගෙ උසස් පෙළ ඉතාමත් ඉහළින්ම සමත්වෙන්න පුදුම උත්සාහයක. ඔය එක එක වැඩවලට ගණිත පංති ළඟින් යනකොට ඒවාටත් හොට දාගෙන යන‍කොට සමහර පන්ති වල ගුරුවරු නැති වුනත්, කට්ටිය කිසි සද්දයක් බද්දයක් නෑ. ඔළුව නවාගෙන ගණං හදනවා. ටියුට් බලනවා… එක එක වැඩ. හැබැයි තාම ඔය ලෙ‍ඩේ අපේ පන්තියට නම් බෝ වෙලා නෑ. අපේ පන්තියේ කට්ටිය මේ දවස්වල ක්‍රිකට් ගැනයි කතාව. එංගලන්තෙ ගැන මහලොකු බලාපොරොත්තු තියාගෙන හිටියෙ අපේ ටීම් එක ගැන බලාපොරොත්තුවක් නැති නිසා වෙන්න ඕනෙ. දැං ටික කාලයක ඉඳල ක්‍රිකට් වලට තිබ්බ ආසාව අඩු වුන නිසා වැඩිය ක්‍රිකට් නොබලන නිසා මාත් ඉතින් මොකෙක් හරි ක්‍රිකට් ගැන ඇහුවම හරක වගේ ඔළුව වනලා නිකං ඉන්නවා මිසක් වැඩිය ක්‍රිකට් ගැන කතාවක් නෑ. පන්තිය ඇතුළෙ ඉන්නකොට හෙනම කම්මැලියි. ඉතින් මං කරන වැඩේ කවි ලියන එක. මේ තියෙන්නෙ ලියපු කවි දෙකක්. නිකන් ඔහේ ඕනෑවට එපාවට ලියපු කවි දෙකක්. හොඳද මන්දා…

ගඟක් නම් ගලන්නේ

ඇඹරි – ඇඹරී

පෙරැළි – පෙරැළී

හැමදාම – හැමදාක

මහ සයුර බලාගෙන

හිරුට පෙර අවදි වී

නිදිමතින් – වැනි වැනී

හෝදගෙන මුහුන කට

ගෙයින් එළියට එන්නෙ

සිප් සතර බලාගෙන

උඹ යන්නෙ දිය පාරෙ

මං යන්නෙ මහ පාරෙ

ඇඹරි – ඇඹරී

තෙරපි – තෙරපී

ලෙවල් නැති මහ පාරෙ

කවදාක ‍කෝ උඹට

හමුවේවි මහ සයුර

එයයි උඹෙ ඉලක්කය

උඹ දුවයි එදෙස වෙත

උඹේ තනියට

උඹත් එක්කම

ලොකු මාළු – පොඩි මාළු

ඒ නිසා උඹට නං

තනියකුත් නැතිව ඇති

මං එක්ක මහපාරෙ

යන උන් බලන්නෑ

කතාවට එන්නෙ නෑ

උන් හැල්මෙ දුවනවා

ඔහෙ බලා-ගත්තු අත

බලාගෙන ඉන්නවා

නැතිනම් දුවනවා.

නිව්ටන්ගේ පළමු නියමය:

“යම් වස්තුවක් මත

බාහිර අසංතුලිත බලයක්

නොයෙදේ නම්,

එය නිශ්චලතාවේ

හෝ

ඒකාකාර ප්‍රවේගයෙන්

සරල රේඛාවක

චලිතය වෙමින් පවතී”

ග‍ඟේ උඹ කවදාද

උඹෙ ගමන ඇරඹුවේ

තාමත් නිමක් නැති

උඹේ මහ ලොකු ගමන

කවදාක ඉවරයක්

කරන්නේ නැද්ද උඹ?

මාත් දැං උඹ වගේ

මගෙ ගමන ඉවර නෑ

මඟ දිගට ගලනවා

නැවතුනොත් ඇනෙනවා

මහ මඟක, හංදියක.

උඹ යනව

මං යනව

අපි යනව

ඉවර නෑ.

අපි යන්න – තව යන්න

ඉලක්කය දුර යනව

ළං වේවි හිතාගෙන

දුවනවා දුවනවා…

මට – දැං – හති

ෆේස්බුක් -  ඉස්කයිප්

යාහු චැට් – ජී‍-මේල්

ඇහැට ඇහැ දැක්කෙ නැති

අ‍පි අපේ ආදරයෙ

නුඹට මං පේන්නෑ

මට උඹව පේන්නෑ

සිපගන්න ඉඩක් නෑ

අතින් අල්ලන්න නෑ

පැය යනව දන්නෙ නෑ

එළි වෙනව දන්නෙ නෑ

නුඹ ඔහේ

මම මෙහේ

අපිට අපි පේන් නෑ

ඒත් අපි හදවතින්

ආදරය කරනවා.

මගේ ගැන නුඹෙ හිතේ

තියෙන දේ ෆේස්බුක්

ගියොත් දැකගත්ත හැකි

නුඹ ලියල හැමතැනම

අපි දෙන්නාගෙ ලව් එක

බලන අය ඉරිසියාවෙන්

පැලනවා… ඇති මෙහෙම

“පිස්සු,

මෙහෙම ලව් කරනවද?

අතින් අල්ලන්නෙපැයි

ළඟින් ඉන්නට එපැයි

බදාගන්නට එපැයි

ඇඟිල්ලෙන් ආදරෙන්

අනින්නත් බැරි හැඩයි.”

ඇප්ලිකේෂන් තියෙනව

මෙන්න නුඹ බදාගන්නව

මෙන්න නුඹ ඉඹිනව

මෙන්න අතිනුත් අදිනව

මෙන්න උපන්දින තෑගි

අරගන්න බය නැතුව

කිසි වියදමක් නෑ

අතුරු ආබාධ නෑ

අපි අපේ පාඩුවේ

ෆේස්බුක් එක ඇතුළෙ

ඊ-මේල් එක ඇතුළෙ

ආදරේ කරනවා

කරපු ගොං විහිලුවට

හිනාවක් නොගියාට

දෙතිත සහ D අකුර

මූනට හිනා ගේනව

නුඹ මාව දැකල නෑ

මම නුඹව දැකල නෑ

නුඹ මාව නොදැක්කත්

මම නුඹව නොදැක්කත්

ඉතින් මොකටද අපිට

අපි අපිට ආ‍දරේ නං

විකාර
ඔව්… මේ දවස්වල විකාරයි තමයි. ඔන්න ඔහේ බකන් නිලාගෙන ඉඳිද්දී නිදාගන්න යන්න ඕනෙයි කියලා නිකම් පුරුද්දට වගේ ලියැවුනා Facebook එකේ තවත් විකාර status message එකක්. ඒ මොකක්ද ඒ? මේ… තියෙන්නේ ඒක.

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් කොස් කොටන්න දාලා යුද්දෙට නැති කඩුව උනු හින්දා බොන්න බැරි නිසා බලල්ලු ලවා කොස්සැට බෑව්වා…

කිසිම තේරුමක් නෑ… හරියට නිකම් රම්බරී සින්දුව වගේ නේ…

ඉතින් ඕක ඔළුවේ තියාගෙන නිදාගන්න යනකොට ඇඳ ළඟ තියෙන මේසෙ උඩ ගණං හදන්න කටු කොලයක් විදිහට ගත්තු Tuition ක‍ඩ ගැන තියෙන කොලේක තව තව එව්වා ලියන්න හිතු‍නේ නිකමට…

යුද්දෙට නැති කඩුව කොස් කොටන්න අරගෙන වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුනාම කටුස්සාගේ කරේ රත්තරන් බැඳලා දවල් වැටුන වලේ රෑ වැටිලා කබරගොයා තලගොයා කරගෙන ඌරෝ කැකුන තලන්න ගත්තා…

විකාරයි වගේ නේ… මෙන්න නිකම්ම ලියැවෙන්න ගත්තා… තව එකක්!

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා බෝක්කුවක් උඩ ඉන්නකොට දුන්න දුනුගමුවේ ඊතල කිතලගමුවේ කියාගෙන ආපු මනුස්සයෙක් රම්බරී කියපං උඹේ නොම්‍බරේ කියලා පාරේ යන ගෑනු ළමයෙක්ට කෝචොක් පාරක් දැම්මා…

මෙලෝ තේරුමක් නෑ… ඒත් පොඩියක් ගතියක් තියෙනවානේ…

පිටුවේ ගණං හදලත් තිබ්බ නිසා… ඒ පිටුව ඉවරයි. ආපහු පොඩ්ඩක් කැරකිලා ඇවිල්ලා වාඩි වුනාමයි දැක්කේ තවත් කොල කෑල්ලක්…

නිකන් තියෙන කොලේ මෙන්න මේකත් ලියවුනා…

මල් පිට මල් වැටෙන දිගු මාවතේ වාහනේ එළවාගෙන යනකොට දිය මත පිය තබමින් හිනැහෙන නුඹ දැකපු මගේ සුක්කානම හුරු දෑතට දහ අට වංගුව මතක් වෙලා වගේ, ගාල කඩාගත්ත හරකා වගේ වාහන් එළවලා දඩයක් කන්න වුනා…

අන්න ඒකේ නම් යම්කිසි තේරුමක් තියෙනවා නේ… ඔළුවට ආපු ගී පද දෙකක් එකතු කරලයි ඒක නම් ලියැවුනේ. ඒ… අමල් පෙරේරා කියන ගායකයා‍ කියන “මල් පිට මල්” සින්දුවයි, “එක හිත නැති උඹේ හිතත් දහඅට වංගුව වාගේ” (මේකේ ගායකයා නම් මතකෙට එන්නේ නෑ   ) කියන සින්දු දෙකේ පද ඇරගෙනයි…

මෙන්න තව එකක්… ඒකෙ‍ත් ඉතින් ඒ හැටි තේරුමක් නෑ හැබැයි… කො‍හොම නමුත් හොඳ ‍හොඳ තේරුම් තියෙන ඒවා පස්සේ පස්සේ ලියැවෙන්න ගත්තා… ඔහොම ඉස්සරහට කියවාගෙන යන්නකෝ…

නිකන් දෙන අස්සයාගේ දත් ගනින්න එපා කිව්වාම උගේ වයස දැනගන්න දත් ගනින්න කට ඇරියාම ඌ හිනාවෙලා මට අනිත් පැත්ත හැරිලා පයින් දෙකක් දුන්නාම ආලෝක වර්ෂ ගානක් එහාට පෙනිච්ච තරු ඔළුව වටේ කැරකැවෙන්න පටන්ගත්තා…

හෙ‍හ්… රෑට ඔළුවට එන විකාර නේ… අප්පා…

මෙන්න සිරාම තේරුමක් තියෙන එකක්. කසුන් කල්හාරගේ “ආදර මල්වල” කියන සින්දුවෙන්… පොඩි උපුටාගැනීමක්…

උදේ පාන්දර ආදර මල්වල පාට හොයන්න ගිහිල්ලා ඇස් නිලංකාර වුනාමයි, කරපු වැරදි තේරුනාමයි මතක් වුනේ අස්සයා පැනලා ගිහාට පස්සේ ඉස්තා‍ලේ වහලා යරියන්නේ නම් නෑ කියලා…

මෙන්න මෙතැනින් පස්සේ තමයි ලියැවුනේ සිරාම ටික. නොකඩවා කියවාගෙන යන්නකෝ එහෙනං…

ගමේ තිබිච්ච අවුරුදු උත්සවේ කොට්ටා පොර ගහන්න ගිහිල්ලා ගමේ ගෑනු ළමයෙක් ඉස්සරහා එක ඇහැක් පියවුනාම කොහෙන්දෝ කඩා පාත් වෙච්චි සද්දන්තයෙක් කොට්ට 4ක් 5ක් සයිස් සද්දන්ත හස්තයෙන් ඔළුවට නෙලනකොටයි මතක් වුනේ තාම තර‍ඟේ පටන් ගත්තේ නෑ කියලා…

සොයන්නාට සම්බවේ කියලා කියාපු නිසා දහ අතේ රට වටේ හොය හොය ඉන්නකොට පිටට තට්ටු කරපු එකෙක් ඇහුවා “මොනවාද හොයන්නේ?” කියලා… එතකොටයි මතක් වුනේ මාත් වැඩකරලා තියෙන්නේ “කළුවා මාරපන් ගියා වගෙයි” කියලා…

අවුරුදු ගානක් කට්ට කාලා ඉගෙනගත්තු දේවල් පේපරේ ලියන්න පැය 5ක් මදි නිසා අවුරුද්දෙන් අවුරුද්දට එක ප්‍රශ්නෙට උත්තරේ ගානේ ලියන ‍මගේ මේ පස් වෙනි අවුරුද්ද…

පවතින ක්‍රමේ ඉඳගෙන පවතින ක්‍රමේට බැන බැන ක්‍රමේ කඩාගෙන බිඳගෙන එන්න දඟලන එවුන් පවතින ක්‍රමේ  විසින්ම තලා පෙලා පොඩිකර දාන අපූරුව…

විද්‍යා‍වේදී එකෙක් කියපු දේ තව එකෙක් බොරු කරලා, ඌ කියපු දේ තව එකෙක් බොරු කරලා මෙහෙම බලාගෙන යනකොට විද්‍යාව කියන්නේ පට්ටපල් බොරු!

මහ නගර සභාවෙන් අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා කුණු ගොඩ අස් කරනකොටයි තේරුනේ අපි ජීවත් වෙලා ඉන්නේ කුණු ලොරියකය කියලා…

නිවුටෝනියානු යාන්ත්‍රණේ අයින්ස්ටයින් මාමාගේ සාපේක්ෂතාවාදයෙන් ‍බොරු වෙලා යනකොට අපිට තාම උගන්නන්නේ නිවුටෝනියානු යාන්ත්‍රණයමයි. හැබැයි සූත්‍ර වලින් එන උත්තර ආසන්න වශයෙන් සමානයිලු. ඒත් ඉතින් හත්තිලව්වේ අපි ඉගෙනගන්නේ බොරුමනේ…

අයිසෙක් නිව්ට‍න්ගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටෙන්නේ නැතිව පොල් ගෙඩියක් වැටුනානං අපි මෙච්චර දුක් විඳින්න ඔනේ නෑ කියලා කවුද එකෙක් කියනකොට, එහේ ඒ ‍කාලේ පොල් තියෙන්නේ නැතුව ඇති කියලා ප්‍රති උත්තර දුන්නාට මගේම යටි හිත කියනවා මගේ ඔළුවට පොල් ගෙඩියක් වැටුනානං ලෝකෙම වෙනස් කරන්න තිබුනා කියලා… ඔච්චර පොඩි ඇපල් ගෙඩියක් ඔහොම ඔළුවට වැටිලා ඔච්චර දෙයක් හොයාගත්තානං ඔළුවට ‍හොඳවයින් පොල් පරාලයක්, යගුලියක් හරි තඩි කලු ගලක් හරි වැටුනානං මොනවා කරන්න තිබුනාද කියලා කාටද කියන්න පුලුවන්?

ඇහැට නොපෙනෙන ‍ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන ඉගෙනගෙන හිරෝෂිමාවට බෝම්බ දාලා ලක්ෂ ගණනින් මරණවාට වඩා හොඳ නැද්ද තමුන්ගෙම කියලා කුඹුරක් කොටාගෙන දෙ‍තුන් දෙනෙක් ජීවත් කරන එක?

ධන වාදය, සමාජ වාදය, නාසි වාදය, අර වාදය මේ වාදය ගැන වාද කර කර හිටපු කාලේ වෙන වැඩකට යොදාගන්න පුලුවං වුනානං දහස් ගානක ජීවිත බේරන්න තිබුනා. පරිසර දූෂණේ නැති කරන්න තිබුනා… සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තිබුනා…

හික් හික් තව තව එව්වා ලියැවුනා… ඒවායේ නං කිසි වැදගම්මක් ඇති දේවල් නෙවෙයි… බලන්නකෝ ‍ප්‍රස්ථාව පිරුළු වලින් පටන්ගෙන ඉවරවෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා… මට නං හොඳටම විකාර! මං යනවා නිදාගන්න   මේවා හීනෙනුත් පෙනෙයිද මන්දා…

කොටම කොට නිසඳැස් දෙකක්…
Physics පන්තිය ඇතුලේ නිකන් ඉන්නකොට ලියැවිච්ච විකාර නිසඳැස් දෙකක්…

නුඹට කියන්නට…

සැමඳා බලා ඉන්නට නොහැකි නිසාම

සිතින් විඳවන්නට නොහැකි නිසාම

කියන්නට යමක් ඇත නුඹට…

ඒ…

නිදහස

ආකලනය, විකලනය

වන සිතුවිලි

අංග විකල නොවන ලෙස

ප්‍රකාශනයට

මේ දවස්වල මුකුත් හරියට ලියැවෙන්නෙත් නෑ අප්පා. දන්නවානේ ඉතින් කේස් එක   ඉතින් ඒ කොහොම වුනත් මේ දවස්වල එක පැත්තකින් පන්ති වලට. අනිත් පැත්තෙන් ව්‍යාපෘතියකට. තව පැත්තකින් මගේම හිතට හිරවෙලා…   අලි මදිවට හරක් කියනවා වගේ බ්ලොග් අඩවියටත් සම්බාධකයක් පැනවුනා. ඔන්න සම්බාධක බිඳගෙන නැවතත් සුදාරකගේ අන්තර්ජාල සටහන ලියැවෙනවා.

සස්රුත ගැන ලිපියක් ලියන්නත් තියෙනවා… සමාවෙන්න ඕනේ ප්‍රමාද වෙනවාට. මට මේ දවස් වල කට කපලා වැඩ