Categories
ඉතිහාස ගවේෂණ විවිධ ශ්‍රී ලංකා

පණ්ඩුකාභය කතාව මහාවංශයේ මුසාවක්ද?

සුදාරකගේ සටහන

කාලෙකට පස්සේ ඉතිහාසය ගවේෂණය කරන්න වෙලාව ඇවිල්ලා. ඒත් මේ දවස්වල විභාග කටයුතු නිසා මොකක්වත් කරන්න වෙලාව නෑ. ඉතින් අවධානය යොමු කරන්න අවශ්‍ය සටහනට කලින් පොඩි ශීර්ෂ සටහනක් යොදලා ඉන්නම්.

මහාවංශය කියන්නේ ලංකාවේ දැනට පිළිගැනෙන විශේෂය ඉතිහාසමය මූලාශ්‍රය. ඒ වුනත් මහාවංශය කියනේ සම්පූර්ණ වශයෙන් දේශපාලන ඉතිහාසයක් අන්තර්ගත මධ්‍යස්ත කෘතියක් නොවේ. ඒ වගේම බොහෝ දුරට කතෲ හිමිනමට අවශ්‍ය වූ දේ ඉස්මතු කරලා පෙන්නන්නත්, කතෲ හිමියන් අකමැති වූ කරුණු යටගහන්නත් උත්සාහ කරලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා අද බොහෝ දෙනෙක් මහාවංශයේ ඉතිහාස කරුණු සමඟ ඝට්ඨනයක් ඇතිවෙලා තියෙනවා. ඉතිහාසය ගැන දැනගන්න මගේ තියෙන අවශ්‍යතාවය (මේකට කියන්නේ අතීතකාමය කියන වචනේද දන්නේ නෑ) මෙවර උච්ජත්වයට පත්කරේ මෙවර රිවිර පුවත්පතේ ලිපියක්. ඇත්තටම අපි ‍නොදන්න ගොඩක් දේවල් අපේ ඉතිහාසයේ හැංගිලා තියෙන පාටයි. සිංහල යන ජාතියේ මූලාරම්භය සිදුවන්නේ කෙසේද කියන දේ ගැන ලොකු කුතුහලයක් තමයි මගේ තියෙන්නේ. ඉතින් කොහොමින් හරි වැඩි අටුවා ටීකා නැතිව, ඔබව රිවිර පුවත්පතේ සටහනට යොමු කරන්නම්.

http://www.rivira.lk/2008/07/13/rividahara1.htm

ඔබත් පිව්සි‍ලා නිවාඩු පාඩුවේ කියවලා බලන්න. ඉතිහාසය ගැන හිතේ කුතුහලයක් තියෙන අයට කියාපු ලිපිය.

හෙට (2008.07.14) අපිට සාමාන්‍ය පෙළ විභාගයට ළකුණු එකතු වෙන දවසක් ඒ කියන්නේ හරියට සා.පෙ පටන්ගත්තා වගේ තමයි. හෙට අපිට තියෙනවා නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණය. ඒත් එක්කම දෙවැනි වාර විභාගෙත් පටන්ගන්නවා. ඒක නිසා VHOST වල පාරිභෝගිකයන්ට දුරකථනයෙන් පාරිභෝගික සහාය ටික කාලයකට ලබාදෙන්නනම් බැරිවේවි. කොහොම වුනත් ගිණූමේ ගැටළුවක් මතුවුනොත් cs@vhost1st.com වෙතට ලිපියක් යොමු කරන්න. කාල සටහනේ හැටියට අනිවාර්යයෙන්ම පිළිතුරු ලබාදෙන්න උත්සාහ ගන්නම්.

එහෙනම් මම ගියා! නැවතත් සුදාරකගේ අන්තර්ජාල සටහනෙන් හමුවෙමු.

අහ්! තව එකක් කියන්න අමතක වුනා. සිංහල බ්ලොග් අවකාශයේ හැම දෙනාම දන්න අඳුරන කෙනා තමයි මලින්ත කියලා කියන්නේ. හෙට මලින්ත අයියාගේ උපන්දිනේ! සුභ උපන්දිනයක් වේවා මලින්ත අයියේ!

🙂

Categories
ශ්‍රී ලංකා

නිදහසට 60යි!

Sri Lanka Flag

කැමිලස්ගේ සිරිබිරිස් කාටූනය

ශ්‍රී ලංකාවේ “නාමිකව පමණක්” සමරන 60වැනි නිදහස් උළෙළ යෙදී ඇත්තේ 2008 පෙබරවාරි මස 4වන දිනටයි. නිදහස ලංකාව ලැබෙන විට ලංකාවේ තිබූ ආර්ථිකමය හා දේශපාලනමය තත්ත්වය පිළිඹිඹු කෙරෙන මගේ සිත්ගත්ම කාටූනයක් මෙවර රිවිර පුවත්පතේ පලවුනා (කවුරුවත් හිතන්න එපා මම රිවිර පුවත්පතම මාර්කටින්ග් කරනවයි කියලා. අපේ ගෙදරට ඉරිදාට ගේන්නේ රිවිර පත්තරේ, එක නිසයි රිවිර පත්තරේ තියෙන ඒවා ගැනම කියන්නේ). එම කාටූනය මගේ මේ සටහනටත් එකතු‍ වෙනවා. එම කාටූනයේ සියළුම අයිතිය රිවිර පුවත්පත සතුවන බව මතකයේ තබාගන්න.‍ කාටූනයක් වුනාට මෙහි මතුපිට ඇත්තේ සම්පූර්ණ සත්‍යයක්. නිදහස ලැබෙන විට තිබූ තත්ත්වය අනුව මේ වන විට අප නිදහස ලබා‍ ගෙනත් කරමින් සිටින්නේ කුමක්ද යන්න විශාල ගැටළුවක්. අපිට පිටුපසින් සිටි සිංගප්පූරුව වැනි රටවල් ලංකාව පසු කරලා ගොඩක් දුර ගිහිල්ලා. මේවාට හේතු මොනවාද? කවුද මේවාට වගකියන්නේ? මේවා ගැන කතාකරන්නත් එපා වෙනවා. නිදහසට විවිධ අර්ථකථන තියෙන්න පුළුවන්. ඒත් රටේ ගැටළුවලට දෙන්න පුළුවන් නිවැරදිම අර්ථකතනය නම් රට කරවු, දේශපාලඥයින්ගේ වැරදි නිසා තමයි මේ රටට වෙලා තියෙන්නේ. රට ස්වයංපෝෂිත කරන්න ඕන තරම් පියවර මීට කලින් ගන්න ඕන තරම් නිදහස තිබුනා. ඒත් දැන් තමයි කට්ටියට මතක් වෙලා තියෙන්නේ “අපි වවමු රට නගමු” වගේ වැඩ පියවරවල් ‍ගන්නේ. පරක්කු වෙලා වුනත් කරන වැඩේ නම් හොඳයි. ඒත් අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු අවුලක් තියෙනවා. කට්ටියට මොකක් හරි හොඳ දෙයක් කරන්න මතක් වෙන්නේ විනාශ වෙලා ඉවර වුනාට පස්සේ. ඉතින් ඊට පස්සේ අපේම අය කියනවා අනේ ඉතින් මෙහේම කරානම් හොඳයිනේ අරකයි මේකයි කියලා. ඉතින් අපි 60වෙනි නිදහස සමරන මේ මොහෝතේදීවත් හිතාගමු. රටට මොකක් හරි ‍හොඳ වැඩක් කරලා මේ රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩ අරගන්න උදව් වෙමු කියලා. පෑනෙන් පුළුවන් අය පෑනෙන්, උදැල්ලෙන් පුළුවන් අය උදැල්ලෙන්… ඒ විතරක් නෙමෙයි කී බෝර්ඩ් එකෙන් පුළුවන් අය කී බෝඩ් එකෙන් වැඩ කරලා, ජාති බේද, කුළ බේද වලින් අයින් වෙලා එක ධජයක් යටතේ එකමතුව වැඩ කරලා අපේ රට සම්පූර්ණයෙන්ම නිදහස් කරගනිමු!