Categories
විචිත්‍ර විවිධ හින්දි චිත්‍රපටි

හීන තටාකෙට – පට්ට කොපිය

කවුරුත් දන්නවා ඇති චිලී ගැන. එයා තවත් එක් නව රැල්ලේ එසේත් නැත්නම් නව පරපුරේ ගා‍ය‍කයෙක්. මේ ළඟදී එයා‍ගේ හීන තටාකෙක ගීතයට මියුසික් වීඩියෝ එකක් එළිදැක්වුනා. හැබැයි ඒක දැක්කාම පට ගාලා මතක් වුනේ හින්දි චිත්‍රපටියක්. ඒක තමා පසුගිය වසරේ වැඩිම ආදායම් වාර්තා තැබූ හින්දි චිත්‍රපටිය. වෙන මොකක්වත් නෙවෙයි! ඒ චිත්‍රපටිය තමයි “ඕම් ශාන්ති ඕම්” ! මියුසික් වීඩියෝවේ 100%ක්ම දර්ශන ඕම් ශාන්තී ඕම් චිත්‍රපටියේ ගීතවලින් උපුටාගන්නා ලද්දක්. හැබැයි ‍කොපි කිරීමත් කිසිම අඩුපාඩුවක් නැතිව කරලා තියෙනවා දැකීමත් සතුටත් 😀 හැබැයි මේක ශාරුක් ඛාන් දැක්කොත් එල්ලිලා මැරෙනවා! 😀

මෙන්න “හීන තටාකෙක” මියුසික් විඩීයෝව

මේ තියෙන්නේ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියේ ඇතුලත් ගීත වල වීඩියෝ!