සුදාරකගේ අන්තර්ජාල සටහන » මරණය

තවත් සියදිවිනසාගැනීමක්!
වෙනද වගේ සංගම් වැඩවලට පන්තියේ වැඩ අතපසු කරගන්නෙ නැතුව හොඳ ළම‍ය වගේ කලාතුරකින් පන්තියට වෙලා ඉන්නකොට, පන්තියේ යාළුවෝ කතා වෙන දෙයක් එක පාරටම කනට වැටුන. කනට වැ‍ටුනෙ නම් එච්චර සුබ ආරන්චියක් නෙවෙයි. මේක තවත් සිය දිවි නසාගැනීමක්!

සියදිවි නසාගෙන ඇත්තේ පාසල් ශිෂ්‍යයෙක්. නම ගම වයස මම කියන්නෙ නම් දන්නේ නැහැ. නමුත් මරණයට මුල්වූ සිද්ධිය, එහෙමත් නැත්නම් සියදිවි නසාගැනීමට හේතුවක් වුන කාරණය නම් මගේ යාළුවන්ගේ කතාබහෙන් දැනගන්න ලැබුන. ඒ කතාව කෙටියෙන් කිව්වොත්; තමන් ආදරය කරපු තමන්ගේ පෙම්වතිය. තමන්ව අතඇරලා තමන්ගේ හොඳම යාළුවෙකුගේ පෙම්වතිය වීමයි මේ අවාසනාවන්ත සියදිවි නසාගැනීමට හේතුව.

පහුගිය වර්ෂයේ එක්තරා විශේෂ සහගත සියදිවි නසාගැනීමේ සිද්ධියකින් පස්සෙ, ජනමාධ්‍යවලට විකිණීමට සුදුසු මට්ටමෙන් ඉහළ ගියපු ප්‍රවෘත්ති ඉල්ලුම වුනේ සියදිවි නසාගැනීම් පිළිබඳ ඉල්ලුම. සියදිවි නසාගැනීමක් පිටිපස්සෙ බොහෝ සංවේදී කතා රැසක් ‍ගොනු වෙලා තියෙන නිසා තමයි, බොහෝ දෙනා නිරායාසයෙන්ම මේ වගේ ප්‍රවෘත්ති පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නට ඇත්තෙ.‍ කොහොම වුනත්, මනෝවිද්‍යාත්මක සාධක මත සියදිවි නසාගැනීම් පිළිබඳ ප්‍රවෘත්ති දැන් වාර්තා වෙන්නේ නැහැ.

කොහොමහරි තවමත් සියදිවි නසාගැනීම් වෙනව. ඒක තවත් වැඩිවෙන ප්‍රතිශතයක් මිසක්, අඩුවෙන ප්‍රතිශතයක් ගැන නම් හිතාගන්න බැහැ. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය අතින් ඉහළම රට ජපානය. ළඟදි නිකුත් වුන “ත්‍රී ඉඩියට්ස්” චිත්‍රපටිය යටින් යන්නෙත් සියදිවි නසාගැනීම පිළිබඳ කෙරෙන වි‍වේචනයක් හරහා. සියදිවි නසාගැනීම් සියයට සියයකින් නවත්වන්න නම් බැරිවෙයි. ඒත් අවාසනාවන්ත සියදිවි නසාගැනීම් එකක් දෙකක් හෝ නවත්වාගන්න හැකි‍වුනොත්, මේ ලෝකය තවත් ලස්සන වෙන්න පුලුවන්.

මීට කාලයකට පෙර සිසු සිසුවියන් කණ්ඩායමක්ම සියදිවි නසාගත්තේ තම ගුරුවරයා විසින් තමන්ගේ නිවෙස් වලට තමන්ගේ පෙම් සම්බන්ධාව එළිදරව් කියනවා කෙ‍රුනු තර්ජනය උඩ. සියදිවි නසාගැනීම් සඳහා මුල් වෙන ප්‍රධානම සාධකය අද ආදරය කියන මාතෘකාව වෙලා.

ආදරය සුන්දර නම්, ඇයි ආදරය නිසා සියදිවි නසාගන්නෙ?

මේක බරපතළ කාරණයක්. ආදරය තරම් දරුණුවට දැනෙන තවත් දෙයක් නැති බව මමත් පිළිගන්න කාරණයක්. මමත් මේ වෙනකොට පෞද්ගලිකව සමහර දේවල් ගැන ගොඩක් හිතන්න බලන්න පුරුදු වෙලා තියෙන කෙනෙක්. ආදරය සුන්දර නිසා, ආදරය නිසා සියදිවි නසාගැනීමට පෙළබෙන්නෙ, ඒ ආදරයේ සුන්දරත්වය තමන්වෙත අහිමි වීමේ විරහවෙන්ද? තමන්ට තමන් පිළිබඳ අවතක්සේරුවක්, එහෙමත් නැත්නම් තමන්ගේ හිත ඇතුළෙ විශාල රික්තයක් නිර්මාණය වෙලා, ඒ රික්තයේ පුපුරායාමක් විදිහට මේක දකින්නත් පුලුවන්.

තමන් ආදරය කරන්නේ සාපේක්ෂව කියන කාරණය මම බොහෝ විට කියල ඇති. ‍ඉතින් තමන් ආදරය කරන කෙනාගේ සිතැඟි තේරුම්ගෙන ඇයට හෝ ඔහුට කැමති තෝරාගැනීමක් කරගැනීමට ඉඩදීම උපේක්ෂාවෙන් භාරගැනීමට අර මුලින් කියපු කතා නායකයාට හැකියාවක් තිබුනානම්, ඒ අවාසනාවන්ත මරණය නවත්වාගැනීමට හැකියාව තිබුනා වෙන්න පුලුවන්. ඒත් අපි කියන තරම් මේ කාරණය ලෙහෙසි පහසු කාරණය නෙවෙයි. හුදෙක් ආදරය, බොහෝවිට ආත්මාර්ථකාමය වෙන්නත් පුලුවන්. මේ ආත්මාර්ථකාමය මගේ, ඔබේ කාගෙහරි හිතක හොර රහසේ සැඟවිලා ඉන්න පුලුවන්. අපි මොනව කිව්වත්, අපි පෘතග්ජන මිනිස්සු.

තවත් දෙයක්, බොහෝ දෙනෙක් ආදරය කළත්. ආදරයේ සොබාවික නීති පද්ධතිය අඳුනගෙන ඉන්න එක වැදගත්. ඉතින් මේ දේවල් අපේ පාසලේ සිලබස් එකේ නැහැ. තියෙන තරගකාරී සමාජය ඇතුළෙ මේ දේවල් අඳුරගන්න මටත් බැරිවෙලා තියෙනව. මොනදේ වුනත්, ඔබ ආදරය කරන කෙනා එක්ක විවෘතව කතා කරන්න. ආදරය කරන කෙනා අඳුරගන්න. සමහර විට ඔබේ ආදරය අවුරුදු 5ක් 10ක් වෙන්නත් පුලුවන්. ඒත් අපි නොදන්න පැති ගොඩක් තියෙන්න පුලුවන්. ‍බොහෝවිට වර්තමානයේ පෙනෙන දෙයක් තමයි අවුරුදු ගාණක් පෙම් සම්බන්ධතා පවත්වාගෙන ඉඳල, විවාහ වෙලා ටික දවසකින් තමන්ගෙ විවාහ ජීවිතය කටුගාන අය.

ආදරය හා ලිංගිකත්වය කියන්නෙ සෑහෙන සීරියස් දෙයක්. අපේ වැරදි ගොඩක් තියෙනවා වෙන්න පුලුවන්. ඒ වැරදි අවබෝධ කරගෙන ඉදිරියට යන්න. කවදාවත් තමන්ගෙ ගමන සියතින් නසාගන්න උත්සාහකරන්න එපා. පුලුවන්තරම් ඔබේ යහළුවන්, මිතුරු මිතුරියන්, පෙම්වතා හෝ පෙම්වතිය එක්ක ඇතිතරම් කතාකරන්න. ප්‍රශ්න විසඳගන්න. තත්වය දරුණු නම් හෝ පාලනය කරගැනීමට නොහැකි නම් කරුණු අවබෝධයෙන් යුතුව දෙපාර්ශවයම සතුටෙන් වෙන්වෙන්න. හැබැයි, අමතක කරන්න එපා! තමාට තමාවත් විශ්වාස කරගන්න බැරි ලෝකයකයි අපි ඉන්නෙ.

විශ්වාසය ගැන අතුරු කතාවක් මේ මාතෘකාව ඇතුළටම ගේන්නම්. කවදාවත් ජනමාධ්‍ය විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම ලංකාවෙ ජනමාධ්‍ය. කවුද ඇත්ත කියන්නෙ, කවුද බොරු කියන්නෙ කියල තේරුම්ගන්න බැරි ලෝකයක් මේක. එහෙම කවුරුවත් තේරුම්ගන්න බැරිවෙන ලෝකයක ඉන්න අපි, සියදිවිනසාගන්නේ අපිට කවුරුවන්වත් විශ්වාස කරන්න බැරි නිසාද? ලෝකෙ අපිට විශ්වාස කරන්න පුලුවන් කවුරුත්ම නැද්ද?

අපි අසරණයි.

අධ්‍යාපනේ – එළ!
කාලයත් සමඟ අපද මහත් බලාපොරොත්තු තබා කඩේ ගිය ඊනියා නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයේ ටයි පටියෙන් ගෙල සිර වී මැරී ගියේ එක් ශිෂ්‍යාවක් නොවේ. අපද ශිෂ්‍යයින් වශයෙන්භෞතිකව හා  මානසිකව මිය යමින් සිටිමු. අවශ්‍යකරනු ලබන ප්‍රතිශක්තිය අධ්‍යාපනය තුළින් නොලැබෙන අවස්ථාවේ සිතන්නට ප්‍රතිශක්තිය නොලැබෙන රාමුගත අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුළද… සිසුවෙක් වශයෙන් ප්‍රසිද්ධියේ ගෙල වැලලා මිය යාමට සිතුන වාර අනන්තය. නමුත් මියයාම ගැටලුවට විසඳුම නොවේ….

තවමත් පැරණි සම්ප්‍රදායේ කටපාඩම් අධ්‍යාපනික සංස්කෘතිය රාමුවෙන් මතවාදී ලෙසින් ඉවත්වෙමින් කටයුතු කිරීමට ඇති හැකියාව ඇත්තේ ඉතාමත් අල්ප ප්‍රමාණයකට පමණි. සත්‍යවශයෙන්ම එක්තරා පන්තියකට පමණි. නිසිපරිදි පුස්තකාල අධ්‍යයනකින් ‍තොරව අධ්‍යාපනය වඩාත් හරවත් ආකාරයෙන් ලබාගැනීමට නොහැකියාවකට මුහුනදෙමින් අපි සිටිමු. විශේෂයෙන්ම උසස් පෙළ සිසුවා නිදහස් විය යුතුය. මහ හඬින් අප මෙය පැවසුවාට අපිට ලැබෙන, අප ලැබූ මෙතෙකැයි යැයි නිදහසක් නම් නොවේ…

අධ්‍යාපනය රසවත් විය යුතුය. නිරායාසයෙන් අධ්‍යාපනික මානසිකත්වයක් හා අධ්‍යාපනික සංවාද නිර්මාණය වන්නේ රසවත් වූ අධ්‍යාපනයක් තුළිනි. පවතින ක්‍රමය අනුව කටපාඩම්ගත ශිෂ්ටාචාරයකට උරුමකම් කියන අපි තවදුරටත් එම ශිෂ්ටාචාරයට අනුගත වීමෙන් පමණි පවතින අධ්‍යාපන රාමුවෙන් වෙන්විය හැක්කේ, නමුත්… එම රාමුවෙන් මිදුන කල්හීද පෙර රාමුවටත් වඩා බැරෑරුම් තුච්ඡ-අධම-නිහීන රාමුවකට අප කොටුවන්නේ නිරායාසයෙනි. එහෙයින් පාසල් සිසුවෙක් වශයෙන් මා තුළ විශාල බියක් නිර්මාණය වන්නේ එනිසාවෙනි.

පසුගිය වසරේ මුහුනදුන් සාමාන්‍ය පෙළ ගණිත අර්බුදයද, ඉන් අනතුරුව උසස්‍ පෙළ විෂයන් තෝරාගැනීමේදී මා මුහුන දුන් ගැටලුවද මා වෙත සිහිගන්වන්නේ ඉතාමත් බැරෑරුම් අනාගතය පෙර සලකුණකි. පසුදින එහෙන්-මෙහෙන් ඇසෙන්නට වූ ප්‍රශ්න පත්‍ර අර්බුදය මුවට සියුම් සිනහවක් නැගූවත්, එයින්ම පෙන්වන්නේ බියකරු අනාගතයක පෙර සලකුණක් නොවේද?

සිසුවියගේ මරණයට වැරදිකරුවා මරණයේ හිමිකාරිය වූ එම ශිෂ්‍යාවියද, ඇගේ පෙම්වතාද, ජංගම දුරකථනයද, ශිෂ්‍ය නායිකාවන්ද, ගුරුවරයින්ද, විදුහල්පතිතුමියද, ටයි පටියද, වැසිකිලියද නොව… පවතින ක්‍රමයයි. පවතින අධම, අක්‍රමවත්, නිහීන අධ්‍යාපන ක්‍රමයයි… ඉතින් ක්‍රමයට බැන බැන අපටද ක්‍රමයට අනුගත වීමට සිදුවීම දෛවයේ (සීරියස්) සරදමකි. ඉතින් අපට මරණයෙන් පසු නිවන් සුව ලැබෙවා! අධ්‍යාපනයට ජය වේවා!

අධ්‍යාපන ක්‍රමය වඩාත් රසවත්, වඩාත් නිර්මාණශීලී හා සිසුන් වඩ වඩාත් දැනුවත් කෙරෙන ක්‍රමයක් වූයේ නම් අපට තව ටික කාලයක් හෝ ජීවත් වීමට වරම් ලැබෙනු ඇත. සහෝදර සිසු සිසුවියනි, ජීවත්වෙන්නට අවශ්‍යනම්, පවතින අධ්‍යාපන ක්‍රමය තුළ තම තමන්ගේ ක්‍රමයන් නිර්මාණය කරගනිමින් නිදහස්ව අධ්‍යයනයේ යෙදී, පවතින ක්‍රමයේ අධ්‍යාපන විභාග කඩඉම් සමත්වී ක්‍රමය අතික්‍රමණය කරනු මැනවි.

හමුවෙමු අපි මතු සසරක – අලුත් උදෑසනක
රාත්‍රිය නිසලමුත්,

සිත තාම චංචලයි.

මිනිස් කය නිසලමුත්,

සිත තාම චංචලයි.

සුදෝ සුඳු සඳ රිදී රළ පෙළ

කවුළුවෙන් ඇස තුළට

වැදී තෙරපී හඬා…

කළෙත් මා සිත අවදි,

සිත කෙළේ කය අවදි.

සුරත් ගත් මිතුරු පන්හිඳ,

සරත් සුදු පත්ඉරුව මත.

සිපගනිමින්…

නමුත් සොඳුරිය, වත නුඹේ ඔය,

නොලද්දෙමි අවසර සිඹින්නට.

නමුත් මා සිත තුළ ‍නුඹේ වත රුව,

සිතින් පමණක් සිප සැනහෙන්නට,

ලදිමි අවසර ආදරේ නා‍මෙන්…

නමුත් එය ආදරය නම් නොව,

අඩක් පිරවූ – අඩක් හිස්වූ,

සොඳුරු පැහැදිලි අති අංකෘත,

බි‍ඳෙන සුළු බඳුනක් ය. වීදුරු.

අහෝ…

වැටුනි වීදුරුව බිම,

හදවතද කඩාගෙන,

බිඳුනි සීසීකඩ වැටෙන්නට.

සියුම් තුඩු සම කපා යද්දී..

හදවතට ඇනුනා මහමෙරක් මෙන්.

රුධිර ධාරා ගලා නොමයයි.

කඳුළු දහරා ගලා යයි.

රුධිර දහරා නොම ගලන්නට,

ඇදිමි සියුම් වීදුරු කැබලිති.

එකින් එක ගෙන ඒ කැබැල්ලෙන්,

සැදුවෙමි අලුත් වීදුරුවක්.

අහෝ…

පතුලේ සියුම් සිදුරකි.

සෙවූමුත් සැමතැනම වීදුරු කැබැල්ල,

නොමැත මා හට හමුවුනේ.

හදවත කෙවෙන කල…

විදුලි පන්දම ගෙන අතට,

ගැසුවා ආලෝක ධාරා හදවතට.

දිලිසි දිලිසී මුතු මැණික විලසින්,

හද වතේ මැදටමම සිරවී,

කුරිරු විලසින් මා වෙත සිනාසුනි.

වීදුරු කැබැල්ල…

“මට ඉන්න දීපං උඹේ හදවතත් එක්ක,

ගැලොව්වොත් හදවතින් මාව,

අලුත් වීදුරුවක් හැදුවත් වැඩක් නෑ…

මා ගලවා දැමු සැනින්…

රුධිර දහලා ගලාවි එළියට!”

අහෝ…

මා තැනූ මගේම වීදුරුව,

මගේ ආදරයෙන්ම පිරවූ…

මටම එරෙහිව – මටම මරණය,

කැඳවන්නටයි මේ හදන්නේ.

එපා හදවතේ කෙවෙන්නට…

රිදෙයි මට මරණයටත් වඩා එය.

එහෙයින් මා අසුරු සැනින්,

නුඹ ගලවා ඉවත් කරමි!

ඉතින් ආයුබෝවන්…

හමුවෙමු අපි මතු සසරක

තවත් අලුත් පන්තියක…

තවත් අලුත් උදෑසනක…

නමුත්,

මීට වඩා උදෑසනින්…

අතුරු කතා: රචකයාට කඳුළු කඩාහැලෙයි…