සුදාරකගේ අන්තර්ජාල සටහන » පොත්

කාලය සහ අවකාශයෙන් මිදීම නොහොත් (දෙවෙනි වතාවට) දිව්‍ය ලෝක ගත වීම
ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ගොනා හැරෙනකොට වගේ දන්නවා ඇති ‍මොකක් ගැනද මේ ලියන්න යන්නෙ කියලා. දිව්‍ය ලෝකය, සැප්තැම්බර් මාසයත් එක්ක බ්ලොග් එකත් එකතු වුනාම නිර්මාණය වෙන්නේ අමුතුම බ්ලොග් සටහනක් (කලින් එක) කියලයි මටනං හිතෙන්නෙ.

ඔව්. ඔන්න මම මේ අවුරුද්දෙත් ගිය අවුරුද්දෙ වගේම (ජාත්‍යන්තර) පොත් ප්‍රදර්ශනය බලන්න ගියා කියමුකෝ. ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දිව්‍ය ලෝකයක්ම තමයි. දිව්‍යලෝකයෙන් මිහිබට සුරංගනාවෝ පොත් තෝරනවා. අපි සුරං‍ගනාවෝ තෝරනවා. වැඩේ හරියන්නෑ. සුරංගනාවොත් එක්ක දෙවිවරුත් ඇවිල්ලා. ඉතින් අපිට නෝ චාන්ස්. දැකීමෙන් පමණක් සිත් පහන් කරගෙන. ඔන්න පොත් සමඟ සුරංගනාවෝ තෝරන්න පටන්ගත්තා.

යන්න හිටියේ ඉරිදා දවසේ වුනත්. අදම යන්න හිතිලා… අදම ගියා නෙවෙයි යැවුනා. මේ පාර ගියේ තනියම. තනියම ගියේ තනියම යන්න ඕනේ කියලා අදහසකින් නෙවෙයි. අපේ ගැන්සියේ එක්කෙනෙක්ට සම්බාධක. අනිත් කෙනාත් ලෙඩ වෙලා. අනිත් කෙනා නුවර ගිහිල්ලා. ඉතින් මං විතරයි. තනියම ඉන්න එකේ, තනියම ගිහිල්ලා බලන එක නරකද කියලා හිතලා ‍ඔන්න ගියා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. පොකට් එක සඳහා අනුග්‍රහය අමාරුවෙන් අම්මාටයි, තාත්තාටයි කියලා පාස් කරවගෙන රුපියල් දහයක ටිකට් එකකුත් අරගෙන ඇතුල් වුනා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට.

මට මේ පොත් ප්‍රදර්ශනයට “ජාත්‍යන්තර” කියලා කියන්නේ ඇයි කියලා තිබුනේ ලොකුම අවුලක්. මට ඉතින් කිසි ජාත්‍යන්තර ගතියක් දැනුනේ නෑ හේතුවකට හරි ‍අහේතුවකට හරි. ඒත්, ඇයි ජාත්‍යන්තර කියලා කියන්නේ කියලා පොඩි අදහසක් නම් ඔළුවට ආවා. සමහර විට සාහිත්‍යකාරයෝම එකතු වෙලා සංවිධානය කෙරෙන ඉසව්වක් නිසා… ව්‍යංගාර්ථයෙන්ම ජාත්‍යන්තර කියලා නම් කරන්න හේතුවක් තියෙන්න ඕනෙ.

ජාත්‍යන්තර කියලා කියන්නේ, ඔය ජාතීන් අතර කියන එකනේ. ඉතින් මෙතනට එන්නෙත් එක එක ජාතියේ අය තමයි.

කොටට ඇඳපු අය

දිගට ඇඳපු අය

ඩෙනිම් ගහපු අය

සරම ඇඳපු අය

රැවුල වවපු අය

රැවුල කපපු අය

රැවුල වැවෙන්න ඉන්න අය

වයසක අය

තරුණ අය

අත දරුවො

අම්මල

තාත්තල

අයියල

අක්කල

නංගිලා

දේශප්‍රේමී අය

දේශද්‍රෝහී අය

ක්ලාස් ගිහිල්ල එන අය

ක්ලාස් කට් කරල එන අය

ක්ලාස් යනවා කියල එන අය

පොත් බලන්න එන අය

ගෑනු ළමයි බලන්න එන අය

පොතුයි ගෑනු ළමයිතුයි බලන්න එන අය

උදේට කාලා එන අය

දවල්ටත් එක්කම කාලා එන අය

ඉතින් ඔය එක එක විදිහේ ජාතීන්ට අදාල නිසා. මේකට ජාත්‍යන්තර කියලා කියන එකෙත් ඇති වැරැද්දක් නෑ කියලා තමයි ඉතින් මටත් හිතෙන්නෙ. පොත් අඩුවට දෙන එකම විතරයි මටනං මේපාර වි‍ෙශ්ෂයක් කියලා දැනුනේ. මොකද ගිය පාර තිබුන පොත් ප්‍රදර්ශනයම තමයි මේ පාරත්. මටනං දැනුනෙ එහෙම. කට්ටියට පොතක් නිද‍හසේ තෝරගන්න කියවලා බලන්න නොලැබීම ලොකුම පාඩුවක්. අනික කඩු පොතක ගාන දැක්කාම කඩුවක දෙපැත්තෙ කඹ දෙකක් ගැටගහල කොහේ හරි එල්ලගෙන සිය දිවි නසාගන්න හිතෙන තරම්. කඩුවෙන් කපාගන්න එක ඒ තරම්ම ගණං!

තනියම යන එකේ ලොකු නිදහසක් ලැබෙනවා. මොකද පොත් ප්‍රදර්ශනේට යන්නේ පොත් ගන්නවාමයි කියන අදහසකින් යනවානං. මොකද කිව්වොත් සාපේක්ෂව නිදහසේ පොත් තෝරන්න ලැබෙනවා නෙව.

මේ පාර අධ්‍යාපනික වැදගත්කමකින් තියෙන පොත් වලට වඩා හිත ගියේ ටිකක් සාහිත්‍යයට බර පොත් වලට. ප්‍රියතම ලේඛකයා වෙන ලියනගේ අමරකීර්ති සූරීන්ගේ මුල් කාලයේ පොත් හෙව්වත් හොයාගන්න නම් ලැබුනෙ නැති එක ලොකු දුකක්. සමහර විට තියෙන්නත් ඇති. ඒත් මඟඇරෙන්න ඇති. ලියනගේ අමරකීර්ති සූරින්ගෙන් හොයපු පොත් ලැයිස්තුවේ තිබුනේ…

‍මානව භක්තිය හා සිත්තරා, රළ, නන්දන උයන, මම දැන් නිදමි, විල සහ මල කියන කෙටි කතා පොත් වගේම මහකන්ද පාමුල කියන නවකතාව. ඒ ටික තිබ්බානං අනිවාර්යයෙන්ම අනිත් පොත් ටික අඩුකරලා ඒ ටිකම තමයි අරගන්නෙ.

ඒ වගේම… හොය හොය හිටපු මංජුල වෙඩිවර්ධනයන්ගේ බත්තලංගුණ්ඩුව පොතත් අරගන්න ලැබුනා. ඒක ලොකු දෙයක්. ඊළඟට මහගම සේකර සූරීන්ගේ බෝඩිම, හෙට ඉරක් පායයි, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත, මක්නිසාද යත් කියන කාව්‍යමය ප්‍රබන්ධ පොත් ටිකත් අරගන්න ලැබුනා. ඊළඟට දෙ‍දාස් අට (2008) අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනපු කවි පොත වෙන ලක්ශාන්ත අතුකෝරලයන්ගේ “යටි වියන” පොතත් අරගන්න ලැබුනා.

කවි කියවන්න ඇතිවුන පෙළැඹවීමත් නිසාම තමයි කවි පොත් වලට මේ පාර වැඩිපුර අවදානයක් යොමු වුනේ ඉබේටම. ඊළඟට බූන්දියේ කට්ටිය ප්‍රකාශයට පත් කරා කියලා දැනගන්න ලැබුනු “අක්ෂර සෙනඟ” පොතටත් හිත ගියේ අන්තර්ජාලයේ අපේ කට්ටියගේ කවි ටිකක්, කෙටි කතා ටිකක් ළඟ තියාගන්න තිබුන අවශ්‍යතාව නිසයි. ඊළඟට සුනිල් විජේවර්ධනයන් විසින් රචනා කෙ‍රුන රත්නවල්ලි නාට්‍යයේ පොතටත් හිත ගියා.

නවකතා නම් හතරයි අරගන්න ලැබුනේ. මේ පාර. මේ අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනපු නවකතාව වෙන සුනේත්‍රා රාජකරුණානායක සූරිනියගේ “පොදු පුරුෂයා” පොතත්, උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ “සරසවි දියණියෝ” පොතත්, සත්‍යජිත් රායි විසින් ලියැවුනු ගුණතිලක මැටිය‍ගනේ අතින් පරිවර්තනය වුන “මම භූතයෙක්මි” කියන පොතත් අවසාන වශයෙන් තාරකා වාසලමුදලිගේ “දෙහි” පොතත් අරගන්න ලැබුනා. මං ආසාවෙන් හිටියේ තාරකා වාසලමුදලිගේ පොත් කියවන්න. ඉතින් ‍ඒකට පළවෙනි පියවර විදිහට තමයි මේ පොත.

ඔන්න චන්දන මෙන්ඩිස් මේ අවුරුද්දෙත් ෂර්ලොක් හෝම්ස් පොතක් නිකුත් කරලා තියෙනවා දැක්කා. හැබැයි මේ පාර නං අතට අරගෙන උඩින් පල්ලෙන් බලලා ආයෙත් තිබ්බ තැනම තිබ්බා මිසක් ගන්න හිතක් පහල වුනේ නෑ. වෙනද පුරුද්දට ‍වගේ ෂර්ලොක් හෝම්ස් පොතක් ගත්තත්. දැන් ෂර්ලොක් හෝම්ස්වත් කණගාටුදායක ලෙස එපාකරවලා තියෙන නිසා මේ පොත ගන්න ගියේ නෑ. ඉස්සරහට එන එව්වා ගන්නෙත් නෑ කියලා හිතාගත්තා. කොහෙන්හරි හම්බවුනොත් කියවනවා කියලා විතරක් හිතාගෙන.

කොහොමහරි පොතුයි- ගැනුළමයිතුයි-කොකාකෝලයි-මායි ඔක්කොම එකට ඇඹරිලා දවල් මඤ්ඤං වෙලා ඉන්නකොට. අපේ යාලුවෝ ටිකකුත් පොත් ප්‍රදර්ශනේට සේන්දු වුනා. ඒ අයත් එක්කත් කතාවෙන් කතාවෙන් හතර වටේ ඇවිදිනකොට…

අන්න සිරා පොතක් පොතක්!

නෑ බූරුවො! ඒ කෙල්ලෙක් කෙල්ලෙක්!

හුටා. පොතුයි ගෑනුයි දෙගොල්ලෙම පැටලිලා ගිහිල්ලා

තව ඉතින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය වෙන ග්‍රීක දර්ශනය ගැන පොතකුයි, රාජ්‍ය ගැන ලියවුන පොතකුයි, සුභාශිතයයි, ලෝවැඩ සඟරාවයි අරගෙන ගෙදරට එන්න පිටත්වුනා.

බස් එකේ එනකොට හිතිච්ච දේ තමයි ටිකක් පොත් රාක්ක අතර දුර වැඩිවුනානං හොඳයි කියන එක

පසු ලිවීම:

1. ඔය විකීපීඩියා ලිපි වලට දාලා තියෙන යොමු මට නිකං ඉන්න බැරුව හිටිය වෙලාවක පටන්ගත්ත පිටු ටිකක් (මහගම සේකර පිටුව ඇරෙන්න අනිත්වා). ඔන්න පුලු පුලුවං අය ඒවා සංස්කරණය කරන්න අමතක කරන්න එපා!

2. මේ ලිපියේ සමහර තැන් වලට (ගෑනු ළමයි ගැන) ලියලා තියෙන එව්වා මනඃකල්පිතව සටහන ලස්සන‍ වේවි කියලා හිතලා කුළුබඩු විදිහට එකතු කරපු එව්වා. මටනං දැන් ගෑනු ළමයි එපා වෙලා තියෙන්නේ!

අකුරු දිගේ පියමනින්න – එන්න අකුරු මංපෙතට
මේකත් කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවරකරගන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද දැනටමත් දෙක තුනක් ලියලා මකලා ආයෙත් ලියලා ඉන්න නිසා වැඩේ අතෑරලා දාලා ඉන්නකොටයි මේ ආනන්දවර්ධන මාමා එක්ක සංවාදගත වෙලා ඉන්නකොට ලියලා ඉවර කරන්න ඕනෙයි කියලා අදහස ආවේ.

ඊයේ තිබුන භෞතික විද්‍යා පංතිය අකමැත්තෙන්ම කට් කරලා දාන්න වුනේ (හෝව්! ගෙදර අයට සිංහල යුනිකෝඩ් නැති නිසා හොඳයි. ඔන්න ඉතින් ගෙදරට මාට්ටු කරලා කැත වැඩ එහෙම කරනවා නෙවෙයි!) මේ අකුරු මංපෙතට එන්න ඕන නිසාමයි. මොකද මේ පාර අකුරුමංපෙත හරි විශේෂයි. මොකද මේ පාර කතාවට ගැනෙන්නේ අටවක පුත්තු පොත වෙච්ච නිසයි. ආයෙමත් අමුතුවෙන් අටවක පුත්තු ‍පොත ගැන කියන්න අවැසි නැහැනේ. මේ පොත ජීවිතේ වෙනස් කරපු සංධිස්ථානයකට පැටලිලා තියෙන නිසා පොත ගැන තියෙන්නේ පුදුම ඇල්මක්. ඉතින් එහෙව් එකේ පොත ගැන කෙරෙන කතාවක් කොහොම කියලා මඟ අරින්නද. ඉතින් අන්න ඒ කාරණේ නිසා එක දවසකට වුනත් භෞතික විද්‍යාවට වාරණයක් දාගත්තු එක ලොකු පාඩුවක් නම් නෙවෙයි. පාඩුවක් තමයි. ඒත් ඉතින් මොනවාමහරි දෙයක් ලබාගන්න මොනවාමහරි දෙයක් කැපකරන්න වෙනවා නෙව.

මේ පාර අකුරු මංපෙතේ කියවන්න ගැනෙන්නේ අටවක පුත්තු පොත කියලා ඇහිච්ච ගමන්ම යන්න ඕනේ කියන අදහස ඔලුවේ තිබුනත්. එච්චර කික් එකක් තිබුනේ නැත්තේ වෙලාව ප්‍රශ්නය නිසා. නුගේගොඩ ඉඳලා සැලකිය යුතු ඩොටේ දුරකින් ගෙදර පිහිටලා තියෙන නිසාත්, යායට පායනා පෝදා හඳ වගේ භෞතික විද්‍යාවට පායන ‍පුරහඳ බලාගන්න තිබුන අවශ්‍යතාව නිසාත්… කොහොමත් ‍මේ වගේ කාලෙක රෑ ජාමේ තනි පංගලමේ මං වගේ කොල්ලෙක් යන එකේ විශාල අවුලක්   (මට නෙවෙයි, ගෙදර අයට) තිබුන නිසාත්. යන්නමයි කියලා ඔළුවට බලපෑමක් ආවේ නෑ. ඔන්න ඔය අතරේ තමයි අර කලින් එකමත් එක පිටරටක කවි පොත කියවලා ලියපු සටහනට අපේ පාලිත සහෝදරයා එකතු කරපු ප්‍රතිචාරයෙන් කියවුනු විදිහට මේ පොත් කියැවිල්ලට ලියනගේ අමරකීර්ති සූරීනුත් සහභාගී වෙනවා කියන කාරණේ දැකලා, අර අකුරු මංපෙතට යන්න ඕනේ කියලා හිතට ආපු අදහස තහවුරු වුනා. ඉතින් මං විතරක් මේකට තනියම යන එක හරි නෑ නෙව. කතා කරා ‍මාත් එක්ක අටවක පුත්තු බෙදාගත්තු අංජුට. අංජුට පස්සේ අපේ නිමේෂ්ට. ඒ වගේම අපේ ඉද්දාට. ඒ වගේම අපේ සාහිත්යේ සභාපති තුමාටයි, ලේකම් තුමාටයි දෙන්නාටමත් එන්න කිව්වා.

ඉද්දාට නං ‍ඉතින් ගෙදරින් සම්බාධක පනවලා යුධ මුක්ත කලාපයකට හිර කරලා තිබුන නිසාත්, හමුදාව වගේ පස් බැමි බිඳගෙන යන්න බැරි නිසාත් ඉද්දාව අතාරින්න වුනා. ඉද්දාටත් වැඩසටහන අතාරින්න වුනා. ඒ වගේම නියම වැඩේ කියන්නේ, අපේ ‍සභාපති තුමා හිතාගෙන තියෙන්නේ සරසවිය කිව්වාම විශ්ව විද්‍යාලේ කියලා. අන්තිම මොහොතේ සරසවියට ඇවිල්ලා ඒ අය ආපහු හැරිලා ගිහිල්ලා කියලා තමයි මට දැනගන්න ලැබුනේ. ඔන්න දැක්කාද වැඩිපුර සමාන පද දැනගෙන හිටියාම වෙන වැඩ?   අන්තිමේ සභාපති තුමා අහලා තිබුනා…

තෝ අපිට පොල්ල තිබ්බා නේද?

මොනවා කරන්නද ඉතින්… මායි, අංජුයි, නිමේෂුයි, අපේ ලේකම් ලහිරුයි අපේ කණ්ඩා‍යමෙන් අකුරු මංපෙතට සහභාගී වුනා. ආරංචි විදිහට මේ පස්වැනි කියැවීම. අපේ පළවෙනි කියැවීම. අපි පහයි හතළිස් අට වෙනකොට සරසවිය ඇතුළේ. එතකොට කට්ටිය ඇවිල්ලා හිටියා වුනාට පටන් ගෙන තිබුනේ නෑ. ඔය අතරේ කවුරුහරි මට එක්තරා පුද්ගලයෙක් පෙන්නලා කිව්වාට අර තමයි ලියනගේ අමරකීර්ති කියලා… මට හිතාගන්න බැරිවුනා. ඒ අතින් පුද්ගලයින් අඳුනාගැනීම කියලා විෂයක් උසස් පෙළට තිබුනොත් අනිවාර්යයෙන්ම මට සෙකන්ඩ් ෂයි එක… අඩුගානේ තර්ඩ් ෂයි එකවත් කරලා තමයි නවතින්න වෙන්නේ. වැඩසටහන පටන්ගත්තාමයි දැනගත්තේ ඒ තමයි මම අදහන අටවක පුත්තු පොතේ කර්තෘ ලියනගේ අමරකීර්ති ශුරීන් කියලා…

ආරම්භය ඉතාමත් හෙමින් වුනාට… ටික ටික – ටික ටික වැඩේ නැගලා යන්න පටන් ගත්තා. මුලින්ම ලියනගේ අමරකීර්ති සූරින්ගෙන් පටන්ගත්ත කියැවීම් වාරය, එතුමා පොතේ කැමති තැන් වලින් කියවන්න පටන් අරගත්තා. එතුමා කියපු විදිහටම. පොතේ කැමති තැන් කියවන්න ගියා නං… මුලු පොතම කියවලා තමයි නතර කරන්න වෙන්නේ. ඔහොම පටන් ගත්ත අටවක පුත්තු කියැවීම ඊට පස්සේ අපේ රටේ දේශපාලනය, සමාජය වගේ තැන් කියවන්නටත් පටන්ගත්තා. ඒ කියැවීම ඉතාමත්ම ආශ්වාදජනක වුනා කියලා තමයි පස්සේ අපේ ගැන්සියේ අයත් එක්ක කතා කරනකොට මටත් තේරුනේ. ඉක්මනට ගෙදර යන්න ඕනේ නැත්තං අම්මාගෙන කේස් වැටෙයි කියලා කලින් යන්න සෙට් වෙලා හිටපු අපේ නිමේෂුත් සරසවියේ ටයිල් උඩ අපි වගේම කතාවට වහ වැටිලා ටයිල් වලට ඇලවිලා හිටියා. ඒ අර දෙල් ගෙඩිය, දමයන්තගේ ඔළුට උඩ‍ට ගෙනආපු, එහෙමත් නැත්තං ලියනගේ අමරකීර්තී සූරීන් කියපු විදිහට එතුමාගේ ඔළුට උඩටත් දෙල් ගෙඩියක් ගෙන ආපු ගුරුත්වාකර්ෂණය නිසා නෙවෙයි. එතන තිබුනේ අකුරුමංපෙතාකර්ෂණය කියලා තමයි දැන් මේ ලියන වේලාවේ මට හිතුනේ. සංවාදය නම් අටවක පුත්තු පොත වගේම හරිම රසවත්. පොතේ කතාව විග්‍රහ වෙද්දී, එතනට එකතුවෙලා හිටපු තවත් මහත්මයෙකුත් දැන් සමාජය ගැන අදහස් දැක්වීමක් ඉදිරිපත් කරපු වෙලාව හුඟක් හිතට වැදුනා…

මේ අලුත් පරම්පරාව. පොෂ් විදිහට ඇඳුම් අඳින මොබයිල් ෆෝන් අතේ තියාගෙන රසාස්වාදයෙන් ඈත් වෙලා ජීවත් වෙනවා කියලා තමන් හිතාගෙන හිටපු මතේ මෙතනට ඇවිල්ලා තමන්ට අමතක වුන බව කිව්වාම අපිට ඇතිවුනේ සියුම් සතුටක්.

ඒ වගේම කියන්න ඕනේ කාරණයක් තියෙනවා. මතය 50%ක් හෝ, 75%ක් විතර සාධාරණීයකරණය කරන්නත් බැරි කමක් නෑ. මොකද මේ තියෙන ක්‍රමයක් එක්ක එහෙම කට්ටිය තමන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිරවෙලා. ඉතින් එහෙම අයට අදකාලේ අකුරු මංපෙත ඒ හිරවෙච්ච බැම්ම කඩාගෙන එළියට එන්න හොඳ තෝතැන්නක් වේවි ඉස්සරහට.

වෙලාව කියන දේ හැමදේටම සීමාවක් තියන නිසා අකුරුමංපෙත නවත්තන්න වුන එක ගැන හරිම කණගාටුවක් අන්තිමට දැනුනේ. ලියනගේ අමරකීර්ති සූරීන් වගේම එතනට එකතු වෙලා හිටපු අනිත් අයත් දැන අඳුනාගන්න‍ ලොකු ආසාවක් තිබුනා වුනාට. තවත් වෙලා එතන හිටියොත් ම‍ගේ වගේම අපේ ගැන්සියේ අයගේ වෙලාව නරක අතට හැරෙන නිසා දුකෙන් වුනත් අපි  ගැන්සිය එන්න පිටත් වුනා. ඉතින් අපිට සමාවෙන්න ඕනේ තවදුරටත් එතන රැඳිලා හිටියේ නැති වුනාට. පස්සේ දවසක නැවතත් හමුවෙමු!

හැබැයි ‍ලොකු චෝදනා පත්‍රයක් මට තියෙනවා සංවිධායකින්ට එල්ල කරන්න.

වෙලාව අන්තිම නරකයි

වෙලාව නරක නිසා කතා කරලා විසඳගන්න ලැබෙන කාලයත් අඩුයි

ලොකු කිව්වාට ලොකුම නෑ, පේලි දෙකක් විතරයි. ඒත් ඉතින් අප්පා පුංචි පහේ අපි අකුරු මංපෙතට ගිහිල්ලා ගෙදර යන‍කොට ගෙදර උන්දැලා කැති-පොලෝ-මුඟුරු-මන්න-අරවා-මෙව්වා උස්සගෙන යුධ ප්‍රකාශ කරලා පවුලෙන් නෙරපලා ඇරියොත් කාට කියන්නද… තොපි ගිහිල්ලා රොටරි කැන්ටිමෙන් කාලා සරසවියෙම පුටුවක් උඩ බුදියගනිං කිව්වොත් කාට කියන්නද… නිදහස් නිස්කලංක හවසක් හරි… විශේෂයෙන්ම උදැසනක් හරි මේකට යොදාගත්තා නං අගේ කියලා නිමකරන්න බෑ. සතිඅන්ත (ඉරිදා) උදයක් වුනානං මරු. වෙලාවත් ඇති තරම් තියෙනවා නෙව. කට්ටිය දහම් පාසල් යන්නෙත් නෑ නෙව   මොනවා වුනත් ඉතින් අපි දන්නවා. කට්ටියට වැඩ තියෙනවා තමයි. ඉතින් අපේ පැත්තෙන් චෝදනාව ඒක තමයි. ඉතින් විත්තිකරුවෝ සලකා බලත්වා. අපිට රසවත් අත්දැකීමක් දුන්නාට බොහොම ස්තූතියි!

ෂහ්. පුදුමයි. මේක ලියැවිලා ඉවරයි නෙව. මට දැන් ලොකු ලෙඩක් තියෙනවා වගෙයි පේන්නේ. මොකද ලියනවා කියලා හිතාගෙන ලිව්වොත් ලියවෙන්නේ නෑ. වෙන වෙලාවක ඔන්න අහම්බෙන් පටන්ගත්තොත්… මෙන්න බොලේ ලියැවෙනවා!

එකමත් එක පිටරටක – ලියනගේ අමරකීර්ති
හැම ශනිදාවකම පන්ති ඉවරවෙලා සරසවියට ගොඩවදින්න ඇබ්බැහි වෙලා ඉන්නේ සරසවියේ පොත් සුවඳ විඳින්න. වෙනදානං පන්තිය ඉවරවෙලා කාගෙහරි පස්සෙන් ගියා තමයි. ඒත් දැන් එව්වා නෑ. කොහොමහරි ඒ පස්සෙන් යාම වෙනුවට ඊට වඩා වැදගත් දෙයක් ජීවිතේට ආදේශනය වෙලා. කොටින්ම කිව්වොත් ගෑනු ළමයෙක් එක්ක පෙමින් වෙලෙනවාට වඩා හොඳයි සරසවියට ආදරය කරන එක. අනික මේක ආදරය මරණ දඬුවම් ලැබිය හැකි කාලයක් නෙව. සමහර වි‍ට ඉස්කෝලෙන් අස් කෙරෙන්නත් පුලුවන් නෙව. (ඒ අතුරු කතාව ගැන ළඟදීම ලියන්නම්). පොත් ගැන කතා කරොත් ඉතින් ඒකත් එක්තරා ආතල් එකක මාතෘකාවක්. එක තැනකින් පටන් අරගෙන ගියාට පස්සේ මොකද මෙන්න තව තව අතුරු මාතෘකා. හොඳයි. මාතෘකාවට බහිමුකෝ…

මාතෘකාවේ තියෙන විදිහටම මේක පොතක්. පොතක් කිව්වාට මේක කතා පොතක් නෙවෙයි. මේක කවි පොතක්. සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන අයට නම් අමතක නොවෙන චරිතයක් වෙන්න ඕනේ මේ ලියනගේ අමරකීර්ති ශූරීන්. ඔව්. අර අටවක පුත්තු පොත ලියපු කෙනා තමයි මේ. නුගේගොඩ සරසවි‍යට ඇතුළු වෙනවාත් එක්කම වම් අත පැත්තෙන් තියෙන පඩිපෙළත් එක්ක තියෙන්නේ අලුත් සිංහල පොත් රාක්ක දෙකක්. ඒකෙන් එකක තියෙන්නේ ටිකක් බරපතල පොත්. එක එක කරුණු කාරණා සම්බන්ධ විෂය සංවේදී පොත්. අනිත් පැත්තේ තියෙන්නේ රසාස්වාදනය සඳහා පොත්. ඉතින් හැමදාම ඕක දිහා අනිමිස ලෝචනයෙන් පටන්ගන්න සරසවි සංචාරය පටන්ගන්නේ එතැනින්. පොත් ටික දිහා බලාගෙන බලාගෙන යනකොට දැක්කා පොතක්. පොතේ නම එකමත් එක පිටරටක. පොතේ කර්තෘ ලියනගේ අමරකීර්ති.  පොත අතට ගන්න හිතනකොටයි දැනගත්තේ දැනටමත් ‍අත තියෙන්නේ පොතේ බව. ලියනගේ අමරකීර්ති අටවක පුත්තු පොතෙන්, පොත් අල්ලන්න දුන්නු උත්ප්‍රේරකය තාම අතට අමතක වෙලා නෑ කියලා හිතුනේ ඒ වෙලාවේ තමයි.

ෂහ්, මේක මරු කවි පොතක් නෙව. සාමාන්‍යයෙන් මම වැඩිපුර කවි කියවන ජාතියේ කෙනෙක් නම් නෙවෙයි. ඒ වුනාට ළඟකදී ඉඳලා කියැවෙනවා වැඩියි. කවි ලියන්න ඕනේ නං පුතෝ කවි කියවලා ඉන්න ඕනෙයි කිව්වේ අපේ මේ ආනන්දවර්ධන මාමා. එතකොටයි තේරුනේ හැබෑම නේන්නං කියලා. ඉතින් අර කවි ලියන්න. ලියැවීම සඳහා කියවන්න තිබුන ආසාව හරියටම හිතට ආවේ ‍මේ වෙලාවේ තමයි. ඉතින් ළඟ තිබුන දෙසීයක් වියදම් කරලා. පල්ලෙහා තට්ටුවෙන් රුපියල් සීයකට ත්‍රිකෝණමිතිය පොතකුත් උස්සගෙන එළියට බහිනකොට හරියටම සරසවි‍ය ඇතුළේ පැය එකහමාරක් විතර ඉඳලා. සරසවියේ සිංහල පොත් තියෙන හතරවෙනි තට්ටුවේ ඉඳලා පොත් තොගේක සුවඳ විඳිනකොට දන්නෙම නැතුව පැය එකහමාරක් විතර ගිහිල්ලා ඉවරයි. හතරවෙනි තට්ටුව කිව්වේ පාතාලේ තියෙන තට්ටුව අංක එක විදිහට අරගෙන. අධ්‍යාපනික පොත් පාතාලෙටම දාලා තියෙන එක ලොකු දෙයක්. මොකද ඒ තරමටම අපට වද දෙනවා නෙව. මං දැක්කා අම්මා කෙනෙක් පුතාට මාස්ටර් ගයිඩ් පොත් ප්‍රකාශන සේරම අරගෙන දෙනවා. එක කතා පොතක්වත් තිබුනාද කියලා සැකයි. මොනවා කරන්නද… ත‍රගේ නෙව. මට ඉතින් ‍පොඩි‍ එකා ගැන දුකත් නොහිතුනා නෙවෙයි. පොත් වල සුවඳ දෙවෙනි වෙන්නේ ගෑනු ළමයින්ගේ සුවඳටද කොහෙද කියලා මට නිකන් හිතුනේ හතරවෙනි තට්ටුවේ ඉඳගෙන පොත් අතරේ කරකැවෙනකොට. සමහර විට ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. ඒ ඒ වෙලාවට සාපේක්ෂව නෙව එහෙම දැනෙන්නේ…   පොත් ප්‍රදර්ශනෙත් ළඟ නිසා කැරකි කැරකි ඉඳලා පොත් ටිකක් හිතට දාගත්තා.

පොත් ටිකත් අරගෙන බස්සෙකේ එනකොට කියවන්න අතට ගත්තේ එකමත් එක පිටරක පොත. ඕන්නං ඇතුළේ ඉඳගෙන වුනත් මේක කියවලා ඉවරකරන්න තිබුනා. ඒත් මේක ළඟ තියාගෙන කැමති කැමති වෙලාවට බලන එක ඊට වඩා හොඳ නිසයි බැලුවේ.  අම්මපා මට හිතයි කවි ඔක්කොම උපුටලා දාන්න. ඒ වුනාට ඒක හරි නෑ නෙව. කට්ටිය වෙලාවක මේ පොත අරගෙන බලන්න. මං හිතන්නේ රුපියල් දෙසීය අපතේ යන එකක් නැති වෙයි.

එක කවියක් දාන්නද, එපාද කියලා හිතුනත් හිත බල කරනවා එක කවියක් උපුටලා දාන්නම කියලා. මේක කවියක් කිව්වාට මේක කවි පන්තියක්. කවි පන්තියම උපුටලා දානවාද නැද්ද කියලා තාම කල්පනා කරනවා… කමක් නෑ… දාමු!

මේක තමයි තියෙන පළවෙනිම කවි පන්තිය. මේක ඇත්තටම කිව්වොත් නිසඳැසක්… හපොයි. මම දැන් කවිය කිව්වා, කවි පන්තියක් කිව්වා, අන්තිමේ නිසඳැසක් කියලත් කිව්වා… අනේ මන්දා කියවන අය ඕනේ එකක් හිතාගන්න. මෙන්න මම දැම්මා!

අතිනත ගත් පොත්

පතින් පත පෙරලා

පොතින් පොත අර ගන්න

පොතක් අල්ලන්නටම

මැවුනා වැනි

අතකි

පැහැපත

සිහිනි

දිග

ඇඟිලිය

පිලිඹිබු විය හැකිද

රසික මත

සුමුදු අතැඟිලි

තුඩු මත

මල් පෙතිවලින් මුද්‍රිත පොතද

නොරිදා පෙරලිය හැකි

අපේ අත් පොත් මත

එක ලඟ නතර වූයෙය

අහා මේ මනරම්

හිමිදිරි උදය සුවඳකි

මතු වන්නට හැකිය කවියක රස

රසිකාවියක සුවඳ ලෙස?

අපේ අත් නැවතින

අපේ ඇස් එක් විය

පොතපතට කල ඇල්මෙන

පින් කල බව දැනින

මේ නම් රසික දෑසකි

හොඳම කවි කියවා ඇති

සිංදු පද උඩ පාවෙන

නංගියෙකුට වැඩිය

මට පෙන්නුවා ඈ

උකුල උනුහුම රැඳි

ඇගේ කැමතිම පොත්

ඈට පෙන්නුවා මම

තාම හද ගැස්ම රැන්දුන

මගේ කැමතිම පොත්

අපේ අත් නැවතින

සිව් ඇස මුන ගැසින

හද කවි නටන්නට විය

අප දෙදෙනාගේ හදගත්

පොත් දෙක දෙක බැගිනි

මනාවට ගැලපෙන

ගත් මෙනිය අතිනත්

අපේ හිත්ගත් පොත්

එක සාහිත්‍ය මාසෙක

මනහර සැඳෑවකි

පොත්සල රසික යායකි

එකම ඉරනම් කවි පොතක් මත

අපේ අත් මුන ගැසින

අපේ ඇස් එක් විය

මා එදින කිව්වේ

කලක් මා සිත ගෙතූ කියුමකි:

“අකමැතිද අපි දෙන්නම

පොතකින් එකක් විතරක් ගන්න?”

ඇගේ මුව ගොලු විය

ඇස් බිමට යොමු විය

මා හද මතක කවි

හුදු වාර්තා බවර පෙරලින

එහෙත් ඒ අත එසවින

වලලු වීනා ගෑවෙය

දෙදෙනාම අත තැබූ

පොත මවෙත දිගු වින

“එහෙනං

ඔයා කියවලා මටත් දෙන්න”

ඒ මිහිරි ලජ්ජා මදහස

මහරුම හයිකු කවියකි

සාමකාමී උදයක

විහ‍ඟෙකු ගැයූ ගීයකි

සුලඟක අහම්බෙන් ආ

සමන් මල් සුවඳකි

තිබෙයි අපෙ ගෙදර දැන්

පොත් වලට වෙන් වූ කුටියක්

දල්වන ඈ සැඳෑ කල

බුදු සාදුටද පහනක්

තිබෙයි අප හද මැදුරුවල

ඒ ‍පොත් මුන ගැසුන දවසක්

වෙනමම රාක්කෙක

තිබෙයි පොත් වගයක්

එකින් දෙක දෙක පිටපත්

ගෙදර කරදර ඇති

හිතේ පීඩා ඇති

සමහර දවස්වල

ඒ රාක්කේ පොත්

වෙන වෙනම ගෙන කියවමු

තනි තනිවම නිහඬව

අපට වෙන් වූ තැන්වල

ඇගේ පොත්වල

සහ මගේ පොත්වල

අපේ පොත්වල නැති මිහිරකි

සුලඟක අහම්බෙන් ආ

සමන් මල් සුවඳකි

සිනාවක් වැනි උදයක

විහ‍ඟෙකු ගැයූ ගීයකි

මා සොඳුරට හොරෙන්

ඒ පිටු සිඹින කල

විඳින්නේ කවි උපන් දවසකි

එහෙත් එක් දවසක

ඒ පොත් රාක්කය අස

පොතක් දෝතින් ගෙන

ඈ සිඹින බව දැක

මා හද කපා ගිය හීයකි

එහෙත් සුහදිනි එය

කවියක් කරන රිදුමකි

අරුතක් සහිත විඳුමකි

ලියනගේ අමරකීර්ති

එකමත් එක පිටරටක

අටවක පුතාලයි-මායි
පහුගිය බදදා දවසක පන්තියට වේලාසනින් ගියේ එක්තරා ආකාරයේ වැඩකට වුනත් කවුරුවත්ම පන්තිය ළඟ හිටපු නැති නිසා කෙලින්ම සරසවියට ගි‍යේ පොතක් දෙකක් ගන්නම හිතා ගෙන නම් නෙවෙයි. හුඟ කාලෙකට කලින් ඉඳලාම “ආනන්දවර්ධන” මාමා විසින් රෙකමදාරු කරලා තිබ්බ “අටවක පුත්තු” පොතයි “මාස්ටර් සහ මාගරීටා” පොතයි දැකලා ඒක ගන්නමයි කියලා හදවත වද දුන්නා. ළඟදී තිස්ස ඉඳලා යාලුවෙකුගෙන් උස්සගෙන ආපු මැක්සිම් ගෝර්කිගේ “මගේ විශ්ව විද්‍යාල”‍‍ පොත හේතුවකටද අහේතුවකටද මන්දා කියවාගන්න බැරි වෙලා තිබ්බ නිසා ආපහු පොතක් කියවාගන්න පුළුවන් වෙයිද කියලා දෙගිඩියාවෙන් වුනත් පොත් දෙක අතට ගත්තාම පොත් දෙක අතේ ඇලුනේ, “අනේ බං මාව ගෙදර ගෙනියපන්” වගේ. ඒ ඉල්ලීම අහක දාන්න බැරි නිසා එක්තරා පුද්ග‍ලයෙක්ට දුරකථ‍නයෙන් ඇමතුමක් දීලා වැඩ තව දුරටත් තහවුරු කරගෙන පර්ස් එකෙන් සැලකිය යුතු ගානක් සෘණ කරලා වෙනත් වියදම් ගිණුමට හර හෝ බැර (මට දැන් ආර්ථික විද්‍යාව මතක නෑ!)  කරන කොට නම් මට ටිකක් අප්සට් වුනාට පස්සේ වෙලාවක පොත කියවද්දියි තේරුනේ “වෙනත් වියදම්” ගිණුමට බැර කරාට වඩා හොඳයි “ප්‍රාග්ධන වියදම්” ගිණුමට හර/බැර කරානං හොඳයි කියලා. මේක කියවන ආර්ථික වි‍ශේෂඥයෝ සමාවෙලා මේකේ වාච්‍යාර්ථය විතරක් තතේරුම් ගනියි කියලා හිතලා ඔන්න මං නැවතත් මාතෘකාවට බහින්නයි මේ සූදානම.

මාතෘකාවට බහින්න කලිං තව දෙයක්. පොත් වල ගණං නම් ටිකක් නෙවෙයි හුඟාක්ම වැඩියි කියලයි සුදාරකගේ පර්ස් එක නම් කියන්නේ. ගෙදරින් කෑගැහුවා ඔයිට වඩා හොඳයි නේ ඕයි උසස් පෙළ ගණිතයට පොත් හතරක් පහක් ගත්තානං හොඳයි කියලා. “ඒකත් ඇත්ත” කියලා යටහත් පහත්ව කියනගමන් සුදාරක හිමීට හිමීට පොතේ පිටු පෙරලන්න ගත්තා…

දෙවෙනි පාරටත් මාතෘකාවට බහින්නයි මේ සූදානම…

ලියනගේ අමරකීර්ති ශූරීන් විසින් කර්තෘභාගය හිමි කරගෙන ඉන්න මේ පොතේ නම ආපහු කිව්වොත්, නමින් “අටවක පුත්තු”. මට නම් මෙ‍තුවක් කාලෙකට මෙහෙම සිංහල පොතක් නම් අහු‍වුනේ ඕං. පොත නම් ලියැවිලා තියෙන්නේ නනලල භේදය නොසලකා හැරලා. මං කියන්න හැදුවේ මේ නණළල භේදය ගැනයි. ව්‍යාකරණ වලින් අක්ෂර වින්‍යාසයෙන් මට කිසි ප්‍රශ්නයක් නැති නිසා කතාවට විතරක් හිත යොමු කරලා කියවන අතරේ වුනත් සමහර තැන් වලදී මතක් වුනා මේ තැනට එ‍න්නේ “මේ” අකුර නෙවේයැ කියලා.

“උඹ නං මොකෙක්ද මන්දා… කතාව කියෝපං ඕයි!” අඬහදයා මට පොඩි සත්තමක් දැම්මා. ඒක නිසාම ආයෙත් මුකුත් නොහිතා පොත කියෙව්වා.

අනේ මන්දා… මං විචාර ලියන්න එච්චර දන්නේ නෑ. අර සාපෙට (සාමාන්‍ය පෙළට) තියෙන සිංහල පේපරේට ලියපු විදිහට විචාර ලියන්න ගියොත් නං ඉතින් මුලු පොතම ලියන්න වෙනවා. මුලු පොතම ලියන්න වුනොත් හෙන වෙලාවක් යතුරු ලියනය කරන්න වෙන නිසාත්, ඒ නිසා මේ සටහන කියවන අයට පොත කියවන්න හිතක් ඇති නොවේයැයි කියලාත් හිතුන නිසා. අටවක පුත්තු මට මොකක්ද කරේ කියලා කියන්නයි මේ උත්සාහය. පොත කියවන, පොත ගැන හිතන අතරෙයි තේරුනේ කව්දෝ එක්කෙනෙක් දුරින් ඉඳගෙන “මේ ‍පොත් ගැන හිතන්නේ නැතුව”… ඒ “අහවලා” ගැන හිතන්න කියලා කෑ ගැහුවා ඇහුනා වුනත් එයාට ඕන කුදයක් ගහන්න කියලා මම පොත ගැන. මං ගැන. චරිත ගැන හිතුවා…

පොත කියවපු මට මේක ඇත්ත කතාවක්ද? නැත්තං මනඃකල්පිතයක්ද? නැත්තං වෙන ක්ද? කියලා හිතගන්න බැරි වෙච්ච එක තමයි මුලින් වුනේ. නැත්තං මේක අර පොතේ පිටි පස්සේ ලියලා තියෙන විදිහට මේ පොතේ තියෙන්නේ කතාව ආදර කතාවක්ද?  රහස් පරීක්ෂක කතාවක්ද? නැත්තං කල වයස එළැඹීම ගැන කතාවක්ද? හුදෙක් විශ්ව විද්‍යාල කතාවක්ද? කියලා පඹගාලක පැටලෙන්න වුනා. කතාවට පාදක වෙච්ච 1956 ඉඳලා සුදාරක බබා උක්කුං වුන කාලේ වෙනකන් තියෙන මේ කතාව ලංකාවේ මෑත කාලීන ඉතිහාසය කියන අන්ධකාරේ පැටලිලා උන්නු සුදාකට විදුලි පන්දම් ආලෝකයක් වුනා කිව්වොත් නිවැරදි වෙන්න ඕනේ. “ඔව්. ඒක නිවැරදියි” දමයන්ත කිව්වා. කවුද මේ දමයන්ද?

දමයන්‍තගේ ඔළුවට දෙල් ගෙඩියක් වැටිච්ච නිසයි මේ සේරම ගිණි විජ්ජුම්බර පටන් ගන්නේ. පොඩි කාලේ ඉඳලා තමන්ගේ මැදි විය වෙනකන් කතාව පිටු ගානකට ගොනු කරන්න ඔහුගේ තිබ්බ දස්සකම දැකලා සුදාරකට හිතුනා දමයන්ත වගේ වෙන්න. නෑ… පස්සේ වෙලාවක හිතුනා රවී වගේ වෙන්න. ඒවා ඕනේ නෑ තමා තමා වුනාම හොඳටම ඇති කියලා. “තමා” කවුද කියලා බලනකොටයි තේරුනේ මේ කතා පොතේ ඔක්කොම චරිත සමාජේ පේන්න ඉන්න අය වගේ තමයි කියලා. එහෙම බලාගෙන යනකොටයි තේරුනේ බුදු හාමුදුරුවෝ වදාලපු “තමා” යැයි කියා දෙයක් මේ ලෝකේ නෑ කියනෙකේ තේරුම.

මේ පොත අද කියවලා ඉවර කරපු පාඨකයා කියවලා ඉවරවෙන්නත් කලින් පාඨකයාව වෙනස් කරපු මේ කතා පොතින් අතක් මතුවෙලා මට පෙන්නුවා වෙනස් වෙන හැටි. මේක තමයි යථාර්ථය කියලා පෙන්නුවා. දාගෙන හිටපු කණ්ණාඩිය කුඩු පට්ටම් කරලා දැම්මා. උපතින්ම හැමෝගෙන්ම එන දේශප්‍රේමය, දේශපාලනීකරණය කරන්නෙපා කියලා කිව්වා. එතකොටයි මට පෙනුනේ මේ වචන දෙකම “දේ” යන්නෙන් පටන්ගන්නවා කියලා. එතකොට දිල්කි කිව්වා. “අකුරු වල බැඳීම නෙවෙයි වචනේ දෙකේ තේරුම විතරක් හොයාගන්න එකයි හොඳ” කියලා. පොතකටයි ඒ පොත කියවලා ඒකෙන් උපමා උපමේය අරගෙන තව තැනක ‍ඉන්න කෙනෙක් ගැන හිතපු මට තේරුනා මේ දෙක මාව වෙනස් කරන්න හදනවා කියලා… වෙනස් වීම කියන්නේ වෙන්න ඕනේ දෙයක් නිසා ඔන්න ටික ටික වෙනස් වෙන්න හදනවා… වෙනස් වීම කෙසේ වෙතත් හොඳ පැත්තට වෙනස් වෙන්න කියලා “නන්ද” කිව්වා…

පොත තනියම කියවලා සතුටක් විඳිනාතුරේ (විඳින+අතරතුරේ) මට හිතිච්ච දෙයක් තමයි…

“අ‍‍ඩෝ ‍මේ පොත වෙන එවුන්ටත් දීලා ආතල් එක බෙදාගනින්! වෙනස්කරපං!” කියලා…

ඉතින් එහෙම පොතක් කියවලා විඳින්න පුලුවන් ග‍මෙන් ආපු යාළුවෝ සෙට් එකක් කොළඹ හත කේන්ද්‍ර කරගෙන විසිරිලා ඉන්නවා කියන දේ පුදුමාකාර වාසනාවක් කියලත් හිතුනා. පොත බෙදන ගමන්. අන්න “අරූ” වගේ මගේ “සොඳුරු සිතුවම්” පොත ගල්ටික් නොකර මේක වෙන එවුන්ටත් දීලා ආතල් එක බෙදාගෙන වෙනස් වෙයන් කියන්න සුදාරක නම් අමතකරන්නේ නෑ! නෑමයි…!!!

ඉතින් මගේ බ්ලොග් එක කියවන අයගෙන් එක අතඟ ඇඟිලි ගානකටක් වඩා අඩු ගානකට විතරක් පොත දෙන්න පුලුවන් නිසා සුදාරකගේ මේ සටහන කියවන අයට කියන්න තියෙන්නේ වහාම! හැකි ඉක්මනින්!! මේ දැන්!!! පුටුවෙන් නැගිටලා කොහේ හරි තැනකින් මේ පොත උස්සන් එන්න කියන එකයි… කියවලා ආතල් එකක් අරගෙන කැමතිනම් වෙනස් වෙන්න කියලයි! මේ ආතල් එක කියන්නේ අපේ සාමාන්‍ය භාෂාවෙන්. සතුටක් විදින්න කියලයි සුදාරක ඒකෙන් කිව්වේ. නැතුව “කුණු සතුටක්” විඳින්න නම් නෙවෙයි

හෝව්! යන්න කලින් කමෙන්ටෙකක් ලියලාම යන්න…