Categories
විවිධ

අපි නොදන්න අපේ අනාගතය

මම නම් ඉතින් කවි ලියන්න එච්චර දක්ෂ නෑ. ඒත් ඔය ඉඳලා හිටලා මොකක් හරි හිස් කොලයක් අතට ලැබුනොත් මොකක් හරි කුරුටු ගාන එක තමයි වැඩේ. ඒත් ඉතින් එක තැනක කියලා තියාගෙන ඉන්නේ නෑ. මේ ඊයේ ලියපුවා අද වෙද්දී කොහේ අන්තරස්ධාන වෙලාද කියලා මටම හොයාගන්න බෑ.

කොහොමින් කොහොමින් හරි වාසනාවට ලැබිච්ච දින දෙකේ නිවාඩුවෙන් පස්සේ අදයි ඉස්කෝලේ ගියේ. ඉතින් ‍අද අපේ කොමර්ස් (වාණිජ) පීරියඩ් එකේ මිස් ආපු නැති නිසා, අපිටත් රජ මඟුල්! කට්ටියට පොඩි කාලේ මතක් වුනා!! කට්ටියම කොළ ගුලි ගහගන්න පටන්ගත්තා. මාත් වැඩේට සෙට් වුනත් ඉතින් මටත් අම්බානකට කන්න වුනා. ඔය අතරේ අපේ පන්තියට ගුරුවරයෙක් කඩා පැන්නා. බයටම එක එක තැන්වල වාඩි වෙච්ච එක තමයි කළේ. මගේ අතේ තිබ්බා ගහන්න ගත්තු කොලයක්. ළඟ පාතක තිබ්බ පෑනකුත් ඇහිඳගත්ත මම ඉතින් මෙන්න මේ නිසඳැස ලියාගෙන ගියා… බ්ලොග් එකේ ලියන්නත් එක්ක කොල කැල්ල සාක්කුවේ දාගෙනම ආ‍වා නැතිවෙන්න කලින් දැන්මම ලියනවා… බලන්න හොඳද කියලා… (හැබැයි කලින් කිව්වා වගේ මම එච්චර කවි ලියන්න දස්ස නෑ හොඳේ…)

සුපිරි තරු බිහිවෙතියි
ඇතිවෙතියි නැතිවෙතියි
යකාගේ පෙට්ටියයි
ජීවිතේ ගතවෙතියි

බැඳ කම්බි හතර වට
වෙන් කරත් පර්චසේ
ජාලයේ අපිට වට
කර හැකිද පර්චසේ

විශ්වයම ඉදිරියේ
බලු වෙලා ජී‍විතේ
පරිගණක ඉදිරියේ
කරවෙලා ජීවිතේ

ලෝකයම එක් වෙලා
කනට කන ලංවෙලා
ඒත් අපි ‍නොදැනීම…
අනේ අපි වෙන් වෙලා… … ..