සුදාරකගේ අන්තර්ජාල සටහන » දේශපාලනය

විදූගේ කතාව.
පහුගිය අඟහරුවාදා දවසේ කොළඹ රීගල් සිනමාශාලාවට යන්න සුදාරකට අවස්ථාවක් ලැබුනෙ අශෝක හඳග‍මගෙ නවතම අධ්‍යක්ෂණය වන “විදූ” චිත්‍රපටියේ මුහුරත් උළෙලට විශේෂ  දර්ශනයකට සහභාගී වෙන්න. චිත්‍රපටය නරකම නෑ. වැඩිහිටි තේමාවක් රැගත් ළමා චිත්‍රපටියක්!

චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ ළමයෙක් කේන්ද්‍ර කරගෙන. තමන්ගෙ මවට, තමාගෙ අනන්‍යතාව තහවුරු කරන්න නොහැකි නිසා පාසල් යන්න නොහැකි වෙන මේ ළමය ඉගෙනගන්නෙ තමන්ගෙ ජීවන අත්දැකීම් වලින්. මෙතන පැහැදිලි බෙදීමක් පෙන්නුම් කෙරෙනව. ලංකාවෙ පාසල් යන සිසුන් තමන්ගෙ ජීවිතයට අත්දැකීම් එකතු කරගන්නෙ පොත පතින්, පාසල් නොයන ළමයෙක් ඉන්නවානම්, ඔහු ඉගෙනගන්නෙ ප්‍රායෝගිකව. මේ දෙකම එකතුවෙන තැනක් ලංකාවෙ ඇතුළෙ තියෙන්නෙ කොහෙද කියලත් හිතෙන තරම්.

එතකොට සිද්ධාන්ත සහ ප්‍රායෝගික අත්දැකීම් එකතුකරගැනීමේ උවමනාව තියෙන්න ඕනෙ තමන්ටමයි.

චිත්‍රපටිය බලන්න ගියේ, අශෝක හඳගම කියන නිර්මාණකරුවා පිළිබඳව ගොඩනගාගෙන තියෙන ආකල්ප ගොඩක් ඔළුවෙ තියාගෙන නිසා… චිත්‍රපටියෙන් ඒ ආකල්ප ඇතුළෙ හිටපු අශෝක හඳගම දකින්න ලැබුනෙ නැහැ. චිත්‍රපටිය කරේ අශෝක හඳගම කියල නාමිකව නොදැනගෙන හිටියානම්, චිත්‍රපටිය කරේ ‍අශෝක හඳගම නොවන වෙන ඕනෑම කෙනෙක් කියල හිතෙන තරමටම මේ චිත්‍රපටිය අශෝක හඳගමගෙ වෙනත් චිත්‍රපටි එකක් සසඳන්න බැහැ. එක අතකට මේක අශෝක හඳගමගෙ දක්ෂතාවක්. ලංකාවෙ බහුතර ප්‍රේක්ෂක පිරිසෙ ඉල්ලුම හඳුනාගෙන, ඉල්ලුම‍ට සරිලන සැපයුම සපයන්න ඔහු සමත්!

චිත්‍රපටිය ලංකාවෙ වාණිජ චිත්‍රපටි අතර සැසඳීමේදී බොහොම ඉදිරියෙන්. ඒක බොහොම සාර්ථක ලක්ෂණයක්. හැබැයි සමහර කැමරා රාමු වලට නළු නිළියන් අනුගත වෙන්නෙ නැහැ. චිත්‍රපටියෙ ෆැන්ටසිමය අවස්ථා නිර්මාණය කිරීමට උත්සාහ කරල තිබුනත්, ඒ තැන් නිරුත්සාහයෙන්ම නළු නිළියන්ගෙන් නිරූපනය වෙන්නෙ නැති ගතියක් චිත්‍රපටියෙ මුල භාගයේ තිබුනත්, ටිකෙන් ටික ඒ ගතිය නැතිවෙලා යනව.

චිත්‍රපටියෙ සංගිතය සහ තාක්ෂණය භාවිතය‍ ‍බොහොම හොඳින් කෙරිල තියෙනව. ඒ වගේම කතාව ‍නිදහසේ ගලාගෙන යනව. චිත්‍රපටියෙ රඟපෑමට සම්මානයක් දෙනවානම්, මම තෝරාගන්නෙ ළමා නිළියව. ඇගේ රඟපෑම වයසට හරියන්න, උපරිමයි වගේම ආකර්ශනීයයි! කොහොම නමුත් මේ සින්දුවත්, ඒ රූප රාමුවත් මට නම් ගැලපෙන්නෙ නැහැ. සින්දුව අහනවානම්, ඇස් ව‍හගෙන සින්දුව අහන එක රසවින්දනයට හොඳ වේවි.

“විදූ” චිත්‍රපටිය ජුනි මාසයේ මැදදි CEL මණ්ඩලයේ සිනමා ශාලා වෙත පැමිණේවි. ‍ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය නරඹන්න. කතාව සරලව ගත්තොත්, ඉදිරි අනාගත අභියෝග වලට මුහුනදීමට ළමයි‍න්ගෙ අධ්‍යාපන ක්‍රමය හැඩගස්සවන්න අවශ්‍ය බව පෙන්වීමත් ඒ සඳහා කරන පෙළඹවීමක් ලෙසත් චිත්‍රපටිය හඳුන්වන්න පුලුවන්. ඒ වගේම ළමයින්ව පෙන්වලා, ඒ යටින් ගෙනියන වැඩිහිටියන්ගෙ මහෝඩි වැඩ ගැනත් හිතන්න ඔබව පොළඹවාවි. චිත්‍රපටිය සමහර සංකේත එළිපිටම, සෘජුවම පෙන්වනව. ඒ සංකේත බලන්න නම්, චිත්‍රපටිය නරඹන්නම වේවි.

විදූ චිත්‍රපටියේ නිල වෙබ් අඩවිය

පීර පීර මං හෙව්වා… මගේ ලෝකයට වීරයෙක් !!

Asoka Handagama is BACK with a ǝɔuǝɹǝɟɟıD.. !

විදූ : කෝ හඳයා? | Vidhu

මගේ ලෝකයට වීරයෙක් – Download MP3

සිස්ටම් එක සහ තවත් කතා
කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් ලිපියක් ලියන්නෙ. කොච්චර ලියන්න හැදුවත් මට මුකුත් ලියවෙන්නෙ නැති තරම්. මේ සිස්ටම් එක ඇතුළෙ වෙලාව යනව කියන දේ තේරෙන්නෙ නැති එක ‍‍සමහර වෙලාවට සහනයක්. සමහර වෙලාවට අසහනයක්. ‍ලංකාවෙ මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් ඉවරවෙනකොට තවත් ට්‍රෙන්ඩ් එකක්. බොහෝ වෙලාවට මේ ට්‍රෙන්ඩ් එක නිර්මාණය කරන්න කෙලින්ම දායකත්වය දෙන්නෙ ජනමාධ්‍ය. ඒ මට හිතෙන විදිහ. අලුත්ම ට්‍රෙන්ඩ් එක මේ ලංකාවෙ සිස්ටම් එක ඇතුළෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ‍මට මතක ඇති කාලයක ඉඳල හැමදෙනාම තමන් බලයට පත් වුනේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල කියාගෙන. ඒත් කෙරුන අහෝසි කිරීමක් නැහැ තවත් ඒ තනතුරේ අධිපතීත්වය වැඩිවෙනව ඇරෙන්න. ඉතින් මං නං කියන්නෙ මේ සිස්ටම් එක ඇතුළෙ තමන්ගෙ ඡන්දයට එච්චර ‍ලොකු වටිනකමක් නැහැ කියන එකයි. දැන් ඔය සටන්වදින පාර්ශව වලට ඔය කියල ලොකූ උවමනාවක් තියෙනවනං විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, ඒක මහලොකු අමාරු දෙයක් නෙවෙයි. මෙතන තියෙන්නෙ තනිකර බලය පිළිබඳ ප්‍රශ්නයක්.

අපේ අම්ම සපෝර්ට් කරන්නෙ එක පාර්ශවයකට

අපේ තාත්ත සපෝර්ට් කරන්නෙ ඒකෙ විරුද්ධ පාර්ශවයට.

ඉතින් මම අහගෙන දෙන්නාගේ විවාද…

දේශපාලනය ගැන ගේ ඇතුළෙ කතාවක් ගිහිල්ල තාත්ත මගෙන් අහනව…

“එහෙම නේද?”

කියල…

මම ඔළුව වනනව.

අම්ම මගෙන් අහනව…

“එහෙම නෑ නේද?”

මම ඔළුව වනනව.

මට දැන් මේ සිස්ටම් එක ඇතුළෙ ඔළුව වනල එපා වෙලා… ප්‍රතිපාදනය සපයන ආයතන දෙක තරහ කරගත්තොත්, මාත් ඉඳල ඉවරයි නෙව.

මම නං කියන්නෙ තමන්ගෙ ඡන්දය ප්‍රතික්ෂේප කරන්න කියල. ලංකාව වගේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී “රාජ්‍යයක්” ඇතුළෙ ඡන්දය පාවිච්චි කරනවා කියන එකත් විහිළුවක්. ඔය ඡන්ද වලට වියදම් කරන සල්ලි වලින් මේ රටේ පුංචි එවුන්ට පොතක් පතක් දෙන්න, එඩ්යුකේෂන් සිස්ටම් එක හදන්න ට්‍රයි එකක් දුන්නොත්. අපිටත් දවසක ඉර පායාවි.

ඒක තමයි සිස්ටම් එක ඇතුළෙ අපේ කතාව. මම තීරණය කළා සෑහෙන්න කාලයක් යනකං (ඡන්ද බලය ලැබුනාම) ඡන්දය පාවිච්චි නොකර ඉන්න.

අකුරු දිගේ පියමනින්න – එන්න අකුරු මංපෙතට
මේකත් කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවරකරගන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද දැනටමත් දෙක තුනක් ලියලා මකලා ආයෙත් ලියලා ඉන්න නිසා වැඩේ අතෑරලා දාලා ඉන්නකොටයි මේ ආනන්දවර්ධන මාමා එක්ක සංවාදගත වෙලා ඉන්නකොට ලියලා ඉවර කරන්න ඕනෙයි කියලා අදහස ආවේ.

ඊයේ තිබුන භෞතික විද්‍යා පංතිය අකමැත්තෙන්ම කට් කරලා දාන්න වුනේ (හෝව්! ගෙදර අයට සිංහල යුනිකෝඩ් නැති නිසා හොඳයි. ඔන්න ඉතින් ගෙදරට මාට්ටු කරලා කැත වැඩ එහෙම කරනවා නෙවෙයි!) මේ අකුරු මංපෙතට එන්න ඕන නිසාමයි. මොකද මේ පාර අකුරුමංපෙත හරි විශේෂයි. මොකද මේ පාර කතාවට ගැනෙන්නේ අටවක පුත්තු පොත වෙච්ච නිසයි. ආයෙමත් අමුතුවෙන් අටවක පුත්තු ‍පොත ගැන කියන්න අවැසි නැහැනේ. මේ පොත ජීවිතේ වෙනස් කරපු සංධිස්ථානයකට පැටලිලා තියෙන නිසා පොත ගැන තියෙන්නේ පුදුම ඇල්මක්. ඉතින් එහෙව් එකේ පොත ගැන කෙරෙන කතාවක් කොහොම කියලා මඟ අරින්නද. ඉතින් අන්න ඒ කාරණේ නිසා එක දවසකට වුනත් භෞතික විද්‍යාවට වාරණයක් දාගත්තු එක ලොකු පාඩුවක් නම් නෙවෙයි. පාඩුවක් තමයි. ඒත් ඉතින් මොනවාමහරි දෙයක් ලබාගන්න මොනවාමහරි දෙයක් කැපකරන්න වෙනවා නෙව.

මේ පාර අකුරු මංපෙතේ කියවන්න ගැනෙන්නේ අටවක පුත්තු පොත කියලා ඇහිච්ච ගමන්ම යන්න ඕනේ කියන අදහස ඔලුවේ තිබුනත්. එච්චර කික් එකක් තිබුනේ නැත්තේ වෙලාව ප්‍රශ්නය නිසා. නුගේගොඩ ඉඳලා සැලකිය යුතු ඩොටේ දුරකින් ගෙදර පිහිටලා තියෙන නිසාත්, යායට පායනා පෝදා හඳ වගේ භෞතික විද්‍යාවට පායන ‍පුරහඳ බලාගන්න තිබුන අවශ්‍යතාව නිසාත්… කොහොමත් ‍මේ වගේ කාලෙක රෑ ජාමේ තනි පංගලමේ මං වගේ කොල්ලෙක් යන එකේ විශාල අවුලක්   (මට නෙවෙයි, ගෙදර අයට) තිබුන නිසාත්. යන්නමයි කියලා ඔළුවට බලපෑමක් ආවේ නෑ. ඔන්න ඔය අතරේ තමයි අර කලින් එකමත් එක පිටරටක කවි පොත කියවලා ලියපු සටහනට අපේ පාලිත සහෝදරයා එකතු කරපු ප්‍රතිචාරයෙන් කියවුනු විදිහට මේ පොත් කියැවිල්ලට ලියනගේ අමරකීර්ති සූරීනුත් සහභාගී වෙනවා කියන කාරණේ දැකලා, අර අකුරු මංපෙතට යන්න ඕනේ කියලා හිතට ආපු අදහස තහවුරු වුනා. ඉතින් මං විතරක් මේකට තනියම යන එක හරි නෑ නෙව. කතා කරා ‍මාත් එක්ක අටවක පුත්තු බෙදාගත්තු අංජුට. අංජුට පස්සේ අපේ නිමේෂ්ට. ඒ වගේම අපේ ඉද්දාට. ඒ වගේම අපේ සාහිත්යේ සභාපති තුමාටයි, ලේකම් තුමාටයි දෙන්නාටමත් එන්න කිව්වා.

ඉද්දාට නං ‍ඉතින් ගෙදරින් සම්බාධක පනවලා යුධ මුක්ත කලාපයකට හිර කරලා තිබුන නිසාත්, හමුදාව වගේ පස් බැමි බිඳගෙන යන්න බැරි නිසාත් ඉද්දාව අතාරින්න වුනා. ඉද්දාටත් වැඩසටහන අතාරින්න වුනා. ඒ වගේම නියම වැඩේ කියන්නේ, අපේ ‍සභාපති තුමා හිතාගෙන තියෙන්නේ සරසවිය කිව්වාම විශ්ව විද්‍යාලේ කියලා. අන්තිම මොහොතේ සරසවියට ඇවිල්ලා ඒ අය ආපහු හැරිලා ගිහිල්ලා කියලා තමයි මට දැනගන්න ලැබුනේ. ඔන්න දැක්කාද වැඩිපුර සමාන පද දැනගෙන හිටියාම වෙන වැඩ?   අන්තිමේ සභාපති තුමා අහලා තිබුනා…

තෝ අපිට පොල්ල තිබ්බා නේද?

මොනවා කරන්නද ඉතින්… මායි, අංජුයි, නිමේෂුයි, අපේ ලේකම් ලහිරුයි අපේ කණ්ඩා‍යමෙන් අකුරු මංපෙතට සහභාගී වුනා. ආරංචි විදිහට මේ පස්වැනි කියැවීම. අපේ පළවෙනි කියැවීම. අපි පහයි හතළිස් අට වෙනකොට සරසවිය ඇතුළේ. එතකොට කට්ටිය ඇවිල්ලා හිටියා වුනාට පටන් ගෙන තිබුනේ නෑ. ඔය අතරේ කවුරුහරි මට එක්තරා පුද්ගලයෙක් පෙන්නලා කිව්වාට අර තමයි ලියනගේ අමරකීර්ති කියලා… මට හිතාගන්න බැරිවුනා. ඒ අතින් පුද්ගලයින් අඳුනාගැනීම කියලා විෂයක් උසස් පෙළට තිබුනොත් අනිවාර්යයෙන්ම මට සෙකන්ඩ් ෂයි එක… අඩුගානේ තර්ඩ් ෂයි එකවත් කරලා තමයි නවතින්න වෙන්නේ. වැඩසටහන පටන්ගත්තාමයි දැනගත්තේ ඒ තමයි මම අදහන අටවක පුත්තු පොතේ කර්තෘ ලියනගේ අමරකීර්ති ශුරීන් කියලා…

ආරම්භය ඉතාමත් හෙමින් වුනාට… ටික ටික – ටික ටික වැඩේ නැගලා යන්න පටන් ගත්තා. මුලින්ම ලියනගේ අමරකීර්ති සූරින්ගෙන් පටන්ගත්ත කියැවීම් වාරය, එතුමා පොතේ කැමති තැන් වලින් කියවන්න පටන් අරගත්තා. එතුමා කියපු විදිහටම. පොතේ කැමති තැන් කියවන්න ගියා නං… මුලු පොතම කියවලා තමයි නතර කරන්න වෙන්නේ. ඔහොම පටන් ගත්ත අටවක පුත්තු කියැවීම ඊට පස්සේ අපේ රටේ දේශපාලනය, සමාජය වගේ තැන් කියවන්නටත් පටන්ගත්තා. ඒ කියැවීම ඉතාමත්ම ආශ්වාදජනක වුනා කියලා තමයි පස්සේ අපේ ගැන්සියේ අයත් එක්ක කතා කරනකොට මටත් තේරුනේ. ඉක්මනට ගෙදර යන්න ඕනේ නැත්තං අම්මාගෙන කේස් වැටෙයි කියලා කලින් යන්න සෙට් වෙලා හිටපු අපේ නිමේෂුත් සරසවියේ ටයිල් උඩ අපි වගේම කතාවට වහ වැටිලා ටයිල් වලට ඇලවිලා හිටියා. ඒ අර දෙල් ගෙඩිය, දමයන්තගේ ඔළුට උඩ‍ට ගෙනආපු, එහෙමත් නැත්තං ලියනගේ අමරකීර්තී සූරීන් කියපු විදිහට එතුමාගේ ඔළුට උඩටත් දෙල් ගෙඩියක් ගෙන ආපු ගුරුත්වාකර්ෂණය නිසා නෙවෙයි. එතන තිබුනේ අකුරුමංපෙතාකර්ෂණය කියලා තමයි දැන් මේ ලියන වේලාවේ මට හිතුනේ. සංවාදය නම් අටවක පුත්තු පොත වගේම හරිම රසවත්. පොතේ කතාව විග්‍රහ වෙද්දී, එතනට එකතුවෙලා හිටපු තවත් මහත්මයෙකුත් දැන් සමාජය ගැන අදහස් දැක්වීමක් ඉදිරිපත් කරපු වෙලාව හුඟක් හිතට වැදුනා…

මේ අලුත් පරම්පරාව. පොෂ් විදිහට ඇඳුම් අඳින මොබයිල් ෆෝන් අතේ තියාගෙන රසාස්වාදයෙන් ඈත් වෙලා ජීවත් වෙනවා කියලා තමන් හිතාගෙන හිටපු මතේ මෙතනට ඇවිල්ලා තමන්ට අමතක වුන බව කිව්වාම අපිට ඇතිවුනේ සියුම් සතුටක්.

ඒ වගේම කියන්න ඕනේ කාරණයක් තියෙනවා. මතය 50%ක් හෝ, 75%ක් විතර සාධාරණීයකරණය කරන්නත් බැරි කමක් නෑ. මොකද මේ තියෙන ක්‍රමයක් එක්ක එහෙම කට්ටිය තමන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිරවෙලා. ඉතින් එහෙම අයට අදකාලේ අකුරු මංපෙත ඒ හිරවෙච්ච බැම්ම කඩාගෙන එළියට එන්න හොඳ තෝතැන්නක් වේවි ඉස්සරහට.

වෙලාව කියන දේ හැමදේටම සීමාවක් තියන නිසා අකුරුමංපෙත නවත්තන්න වුන එක ගැන හරිම කණගාටුවක් අන්තිමට දැනුනේ. ලියනගේ අමරකීර්ති සූරීන් වගේම එතනට එකතු වෙලා හිටපු අනිත් අයත් දැන අඳුනාගන්න‍ ලොකු ආසාවක් තිබුනා වුනාට. තවත් වෙලා එතන හිටියොත් ම‍ගේ වගේම අපේ ගැන්සියේ අයගේ වෙලාව නරක අතට හැරෙන නිසා දුකෙන් වුනත් අපි  ගැන්සිය එන්න පිටත් වුනා. ඉතින් අපිට සමාවෙන්න ඕනේ තවදුරටත් එතන රැඳිලා හිටියේ නැති වුනාට. පස්සේ දවසක නැවතත් හමුවෙමු!

හැබැයි ‍ලොකු චෝදනා පත්‍රයක් මට තියෙනවා සංවිධායකින්ට එල්ල කරන්න.

වෙලාව අන්තිම නරකයි

වෙලාව නරක නිසා කතා කරලා විසඳගන්න ලැබෙන කාලයත් අඩුයි

ලොකු කිව්වාට ලොකුම නෑ, පේලි දෙකක් විතරයි. ඒත් ඉතින් අප්පා පුංචි පහේ අපි අකුරු මංපෙතට ගිහිල්ලා ගෙදර යන‍කොට ගෙදර උන්දැලා කැති-පොලෝ-මුඟුරු-මන්න-අරවා-මෙව්වා උස්සගෙන යුධ ප්‍රකාශ කරලා පවුලෙන් නෙරපලා ඇරියොත් කාට කියන්නද… තොපි ගිහිල්ලා රොටරි කැන්ටිමෙන් කාලා සරසවියෙම පුටුවක් උඩ බුදියගනිං කිව්වොත් කාට කියන්නද… නිදහස් නිස්කලංක හවසක් හරි… විශේෂයෙන්ම උදැසනක් හරි මේකට යොදාගත්තා නං අගේ කියලා නිමකරන්න බෑ. සතිඅන්ත (ඉරිදා) උදයක් වුනානං මරු. වෙලාවත් ඇති තරම් තියෙනවා නෙව. කට්ටිය දහම් පාසල් යන්නෙත් නෑ නෙව   මොනවා වුනත් ඉතින් අපි දන්නවා. කට්ටියට වැඩ තියෙනවා තමයි. ඉතින් අපේ පැත්තෙන් චෝදනාව ඒක තමයි. ඉතින් විත්තිකරුවෝ සලකා බලත්වා. අපිට රසවත් අත්දැකීමක් දුන්නාට බොහොම ස්තූතියි!

ෂහ්. පුදුමයි. මේක ලියැවිලා ඉවරයි නෙව. මට දැන් ලොකු ලෙඩක් තියෙනවා වගෙයි පේන්නේ. මොකද ලියනවා කියලා හිතාගෙන ලිව්වොත් ලියවෙන්නේ නෑ. වෙන වෙලාවක ඔන්න අහම්බෙන් පටන්ගත්තොත්… මෙන්න බොලේ ලියැවෙනවා!

අභියෝගයක අවසානය, අභියෝග රැසක ආරම්භය
සුදාරක ඊයේ උදේම නැගිටලා අති විශේෂ වැඩක‍ට ඉස්කෝලේ යන්න පාරට බැස්සාම තමයි දැක්කේ පාර දිගටම ජාතික කොඩි. ජාතික කොඩි යටින් ඇවිදගෙන යනකොටනම් දැනුනේ පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරු වුනත්. ඒක දේශාභිමානී හැගීමක් තමයි කියලා සුදාරක තහවුරු කරගත්තා. මග දිගට ජාතික කොඩි මේ උදේ පාන්දර. නැගෙනහිරින් පායාගෙන හිරුත් එක්ක තාමත් පහවෙලා නොගියපු උදෑසන මීදුමත් එක්ක සුදාරකට ජාතික කොඩි පෙනුනේ තවත් හිරු දහසක ආලෝකයෙන්. ජාතික කොඩියේ සිංහයා සුදාරකට අත වැනුවා. බෝපත් ලෙළදුන්නා. කොළපැහැති තීරුවෙන් මුස්ලිම් ජාතිකයෙක් සුදාරක ළඟට ඇවිත් “අපි නිදහස්” කිව්වා. තැඹීලි පැහැති තීරුවෙන් දමිළ ජාතිකයෙක් ඉදිරියට ඇවිත් “අපිත් නිදහස්” කිව්වා. සුදාරක, “ඔව්, අපි හැමෝම නිදහස්” කිව්වා.

ඔව්, වසර තිහකට ආසන්න කාලයක් පුරාවට හිඟන්නාගේ තුවාලය පාරමින් බෙහෙත් අරගන්න එක එක විදේශයන්ගෙන් ආධාර උපකාර ඉල්ලුවා. විදේශ මුදලාලිලා තුවාලයට බෙහෙත් දීලා සුව වෙනකොට ආයෙත් ඇඟිල්ලෙන් ඇනලා හිඟන්නාගේ තුවාලය පෑරුවා. රට ණය බරින් මිරිකුනා. හිඟන්නාට මරණ බියක් ඇතිවුනා. ඒත්… එක්තරා නි‍මේශයකදී මේ හිඟන්නා අලු ගසා දමමින් නැගිට්ටා. මිට අවුරුදු ගානකට කලින් තිබ්බ ප්‍රතිශක්තිය නැවතත් ලබාගත්තා. විදේශ මුදලාලිලාට පයිං ගහලා එලවලා දැම්මා. තුවාලය ආපහු සුවවෙන්න පටන්ගත්තා. ඇඟිලි ගහන්න ආපු උන්දැලාට සිද්ධ වුනේ ආපහු තමන්ගේ ඇඟිල්ල අරගෙන තමන්ගේ නිවෙස් කරා පියාඹන්න. තාමත් අපි ආර්ථික වශයෙන් හිඟන්නෝ. තාමත් අපිගාව තියෙන්නේ පරණ කළා නිර්මාණ. තාමත් අපිට ඉතුරුවෙලා තියෙන්නේ පරණ ඇල වේලි. බෙහෙත් ගන්නයි, අරවා මේවාටයි ගත්තු ණය ගොඩගැහිලා. අම්මලාට තමන්ගේ සැමියන් නෑ. පුතාලාට තාත්තලා නෑ. මේ වගේ තවත් ඥාති සම්බන්ධතාවන් විශාල ප්‍රමාණයක් අපි දන් දුන්නා…

අවුරුදු 30ක් පුරාම හිඟන්නාගේ ඇඟ උඩ වාඩිවෙලා හිඟන්නාව පාලනය කරන්න “හදපු” උදවිය… බෑ බෑ… අපිට මේ තුවාලේ සුව කරන්න බෑ. අපි තුවාලේ ගලවලා කකුල අත පහ කපලා හිඟන්නාව බෙදමු කියලා කෑ ගැහුවා. ඉතින් දැන්… ඒ සුව කරන්න බැරි වුන තුවාලය සුව වෙලා. නිකම්ම නෙවෙයි. විශාල කැපකිරීම් රැසකුත් එක්කයි ඒ තුවාලය සුව කරන්න වුනේ. ඒ තුවාලය මුලු සිරුර පුරාම ඔඩු දුවන්න පටන්ගත්තු නිසයි.

සුදාරක ඊයේ ඉස්කෝලෙට ගිහින් එන ගමන් මගේදී, මුලු පාර පුරාවටම මතුවුනේ වෙඩි බෙහෙත් ගඳ නෙවෙයි. රතිඤ්ඤා ගඳ.   වෙඩි බෙහෙත් ගඳ මැකිලා ගිහින් කියලා සුදාරකට හිතුනා. කන ළඟින් පත්තුවෙන රතිඤ්ඤා සද්දෙට ගෑනු ළමයි ගැස්සිලා ගියා සුදාරක දැක්කා. ජාතික කොඩිය මිනිස්සු තමන්ගේ ගෙවල්වල, ආයතනයක ඔසවනවා සුදාරක බලාගෙන. සමහරු ජාතික කොඩිය තමන් අතේම තියාගෙන සීරුවෙන් ‍වගේ නැගිටලා හිටියත් සුදාරක දැක්කා. ජාතික කොඩිය ඔසවාගෙන එහේ මෙ‍හේ දුවමින් තමන්ගේ සතුට ප්‍රකාශ කරනවාත් සුදාරක දැක්කා. බෝම්බ බයකුත් මීට කාලෙක‍ට කලින් ඇතිවෙලා තිබුන නිසා සුදාරකගේ හද ගැස්ම වැඩි වුනේ බැරි වෙලාවත් මේ සද්ද බද්ද අතරින් බෝම්බ සද්දයක්වත් ඇහේවි කියලා මර බියෙන්. ඒත් වාසනාවට එහෙම වුනේ නෑ. එහෙම වෙන එකකුත් නෑ. සුදාරකට හිතුනා.

අපිට දැන් සම්පූර්ණ රටක් තියෙනවා. මේ රට දියුණු කරන්න අපට පුලුවන්. සියලු සම්පත් සියළු ජාතීන් අතර බෙදිලා යන. සියළුම ජාතීන් රටේ දියුණුව උදෙසා කැපවන රටක් අපිට ඉදිරි‍යේදී ලබාගන්න අවශ්‍යයි. ඒක ‍විශාල අභියෝගයක් නෙවෙයි. ශ්‍රී ලංකාව තමන්ගේ මව් භූමිය කියන හැඟීමකුත්. සියල්ලෝ අප ‍සහෝදරයෝ සහෝදරියෝ යැයි හැඟීමකුත් පමණකුයි අපට අවැසි. පරාද කරන්න බෑ කියපු ත්‍රස්තවාදය පරාද කරපු අපිට ඕකත් මහ ලොකු කජ්ජක්ද?

සිංහල කතා කරන මිනිහා සිංහල සාහිත්‍යත්, දෙමළ කතා කරන මිනිහා දෙමළ සාහිත්‍යත්. චිත්‍ර පට කලාවත් දියුණු කරලා මිනිසාට හැඟීම් කාවද්දන්න අවශ්‍යයි. සාහිත්‍ය දියුණුවකින් තොර හු‍දෙක් භෞතික දියුණුවකින් ඉදිරියට ගියොත් ආයෙත් කවදාහරි පීඩිත පංතියක් නිර්මාණය‍ වෙන එක වලක්වන්න අමාරුවෙයි. ඉදින්, සියල්ල මනාව සැලසුම්කරන ලද වඩාත් මානව හිතවාදී ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි. සියලු ජනයා අතර තම අදහස් හුවමාරු කරගැනීම වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා හැකියාවන්ද දියුණු කිරීමේ වගකීම භාර ගත යුතුයි.

මිනිසත්කමින් පිරුණු සමාජයක් නිර්මාණය කරමු. දියුණුවේ රන් දොරටු විවෘත කරමු. තුවක්‍කුවෙන් නොව හදවතින් කතා කරමු. තම හැකියාවන් හරහා මේ මුලු අභිමානවත් දේශයම අවදි කරමු…!

අපි “ත්‍රස්තවාදයෙන්” නිදහස්!

මෙවන් වූ උතුම් නිදහසක් අප වෙත ලබාදීමට සිය දිවි දෙවැනි කොට කැපවූ අති උතුම් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට හා දේශපාලනික නායත්වය ලබාදුන් අතිගරු ජනපතිඳුන්ට ජාතියේ උත්තමාචාරය!

අටවක පුතාලයි-මායි
පහුගිය බදදා දවසක පන්තියට වේලාසනින් ගියේ එක්තරා ආකාරයේ වැඩකට වුනත් කවුරුවත්ම පන්තිය ළඟ හිටපු නැති නිසා කෙලින්ම සරසවියට ගි‍යේ පොතක් දෙකක් ගන්නම හිතා ගෙන නම් නෙවෙයි. හුඟ කාලෙකට කලින් ඉඳලාම “ආනන්දවර්ධන” මාමා විසින් රෙකමදාරු කරලා තිබ්බ “අටවක පුත්තු” පොතයි “මාස්ටර් සහ මාගරීටා” පොතයි දැකලා ඒක ගන්නමයි කියලා හදවත වද දුන්නා. ළඟදී තිස්ස ඉඳලා යාලුවෙකුගෙන් උස්සගෙන ආපු මැක්සිම් ගෝර්කිගේ “මගේ විශ්ව විද්‍යාල”‍‍ පොත හේතුවකටද අහේතුවකටද මන්දා කියවාගන්න බැරි වෙලා තිබ්බ නිසා ආපහු පොතක් කියවාගන්න පුළුවන් වෙයිද කියලා දෙගිඩියාවෙන් වුනත් පොත් දෙක අතට ගත්තාම පොත් දෙක අතේ ඇලුනේ, “අනේ බං මාව ගෙදර ගෙනියපන්” වගේ. ඒ ඉල්ලීම අහක දාන්න බැරි නිසා එක්තරා පුද්ග‍ලයෙක්ට දුරකථ‍නයෙන් ඇමතුමක් දීලා වැඩ තව දුරටත් තහවුරු කරගෙන පර්ස් එකෙන් සැලකිය යුතු ගානක් සෘණ කරලා වෙනත් වියදම් ගිණුමට හර හෝ බැර (මට දැන් ආර්ථික විද්‍යාව මතක නෑ!)  කරන කොට නම් මට ටිකක් අප්සට් වුනාට පස්සේ වෙලාවක පොත කියවද්දියි තේරුනේ “වෙනත් වියදම්” ගිණුමට බැර කරාට වඩා හොඳයි “ප්‍රාග්ධන වියදම්” ගිණුමට හර/බැර කරානං හොඳයි කියලා. මේක කියවන ආර්ථික වි‍ශේෂඥයෝ සමාවෙලා මේකේ වාච්‍යාර්ථය විතරක් තතේරුම් ගනියි කියලා හිතලා ඔන්න මං නැවතත් මාතෘකාවට බහින්නයි මේ සූදානම.

මාතෘකාවට බහින්න කලිං තව දෙයක්. පොත් වල ගණං නම් ටිකක් නෙවෙයි හුඟාක්ම වැඩියි කියලයි සුදාරකගේ පර්ස් එක නම් කියන්නේ. ගෙදරින් කෑගැහුවා ඔයිට වඩා හොඳයි නේ ඕයි උසස් පෙළ ගණිතයට පොත් හතරක් පහක් ගත්තානං හොඳයි කියලා. “ඒකත් ඇත්ත” කියලා යටහත් පහත්ව කියනගමන් සුදාරක හිමීට හිමීට පොතේ පිටු පෙරලන්න ගත්තා…

දෙවෙනි පාරටත් මාතෘකාවට බහින්නයි මේ සූදානම…

ලියනගේ අමරකීර්ති ශූරීන් විසින් කර්තෘභාගය හිමි කරගෙන ඉන්න මේ පොතේ නම ආපහු කිව්වොත්, නමින් “අටවක පුත්තු”. මට නම් මෙ‍තුවක් කාලෙකට මෙහෙම සිංහල පොතක් නම් අහු‍වුනේ ඕං. පොත නම් ලියැවිලා තියෙන්නේ නනලල භේදය නොසලකා හැරලා. මං කියන්න හැදුවේ මේ නණළල භේදය ගැනයි. ව්‍යාකරණ වලින් අක්ෂර වින්‍යාසයෙන් මට කිසි ප්‍රශ්නයක් නැති නිසා කතාවට විතරක් හිත යොමු කරලා කියවන අතරේ වුනත් සමහර තැන් වලදී මතක් වුනා මේ තැනට එ‍න්නේ “මේ” අකුර නෙවේයැ කියලා.

“උඹ නං මොකෙක්ද මන්දා… කතාව කියෝපං ඕයි!” අඬහදයා මට පොඩි සත්තමක් දැම්මා. ඒක නිසාම ආයෙත් මුකුත් නොහිතා පොත කියෙව්වා.

අනේ මන්දා… මං විචාර ලියන්න එච්චර දන්නේ නෑ. අර සාපෙට (සාමාන්‍ය පෙළට) තියෙන සිංහල පේපරේට ලියපු විදිහට විචාර ලියන්න ගියොත් නං ඉතින් මුලු පොතම ලියන්න වෙනවා. මුලු පොතම ලියන්න වුනොත් හෙන වෙලාවක් යතුරු ලියනය කරන්න වෙන නිසාත්, ඒ නිසා මේ සටහන කියවන අයට පොත කියවන්න හිතක් ඇති නොවේයැයි කියලාත් හිතුන නිසා. අටවක පුත්තු මට මොකක්ද කරේ කියලා කියන්නයි මේ උත්සාහය. පොත කියවන, පොත ගැන හිතන අතරෙයි තේරුනේ කව්දෝ එක්කෙනෙක් දුරින් ඉඳගෙන “මේ ‍පොත් ගැන හිතන්නේ නැතුව”… ඒ “අහවලා” ගැන හිතන්න කියලා කෑ ගැහුවා ඇහුනා වුනත් එයාට ඕන කුදයක් ගහන්න කියලා මම පොත ගැන. මං ගැන. චරිත ගැන හිතුවා…

පොත කියවපු මට මේක ඇත්ත කතාවක්ද? නැත්තං මනඃකල්පිතයක්ද? නැත්තං වෙන ක්ද? කියලා හිතගන්න බැරි වෙච්ච එක තමයි මුලින් වුනේ. නැත්තං මේක අර පොතේ පිටි පස්සේ ලියලා තියෙන විදිහට මේ පොතේ තියෙන්නේ කතාව ආදර කතාවක්ද?  රහස් පරීක්ෂක කතාවක්ද? නැත්තං කල වයස එළැඹීම ගැන කතාවක්ද? හුදෙක් විශ්ව විද්‍යාල කතාවක්ද? කියලා පඹගාලක පැටලෙන්න වුනා. කතාවට පාදක වෙච්ච 1956 ඉඳලා සුදාරක බබා උක්කුං වුන කාලේ වෙනකන් තියෙන මේ කතාව ලංකාවේ මෑත කාලීන ඉතිහාසය කියන අන්ධකාරේ පැටලිලා උන්නු සුදාකට විදුලි පන්දම් ආලෝකයක් වුනා කිව්වොත් නිවැරදි වෙන්න ඕනේ. “ඔව්. ඒක නිවැරදියි” දමයන්ත කිව්වා. කවුද මේ දමයන්ද?

දමයන්‍තගේ ඔළුවට දෙල් ගෙඩියක් වැටිච්ච නිසයි මේ සේරම ගිණි විජ්ජුම්බර පටන් ගන්නේ. පොඩි කාලේ ඉඳලා තමන්ගේ මැදි විය වෙනකන් කතාව පිටු ගානකට ගොනු කරන්න ඔහුගේ තිබ්බ දස්සකම දැකලා සුදාරකට හිතුනා දමයන්ත වගේ වෙන්න. නෑ… පස්සේ වෙලාවක හිතුනා රවී වගේ වෙන්න. ඒවා ඕනේ නෑ තමා තමා වුනාම හොඳටම ඇති කියලා. “තමා” කවුද කියලා බලනකොටයි තේරුනේ මේ කතා පොතේ ඔක්කොම චරිත සමාජේ පේන්න ඉන්න අය වගේ තමයි කියලා. එහෙම බලාගෙන යනකොටයි තේරුනේ බුදු හාමුදුරුවෝ වදාලපු “තමා” යැයි කියා දෙයක් මේ ලෝකේ නෑ කියනෙකේ තේරුම.

මේ පොත අද කියවලා ඉවර කරපු පාඨකයා කියවලා ඉවරවෙන්නත් කලින් පාඨකයාව වෙනස් කරපු මේ කතා පොතින් අතක් මතුවෙලා මට පෙන්නුවා වෙනස් වෙන හැටි. මේක තමයි යථාර්ථය කියලා පෙන්නුවා. දාගෙන හිටපු කණ්ණාඩිය කුඩු පට්ටම් කරලා දැම්මා. උපතින්ම හැමෝගෙන්ම එන දේශප්‍රේමය, දේශපාලනීකරණය කරන්නෙපා කියලා කිව්වා. එතකොටයි මට පෙනුනේ මේ වචන දෙකම “දේ” යන්නෙන් පටන්ගන්නවා කියලා. එතකොට දිල්කි කිව්වා. “අකුරු වල බැඳීම නෙවෙයි වචනේ දෙකේ තේරුම විතරක් හොයාගන්න එකයි හොඳ” කියලා. පොතකටයි ඒ පොත කියවලා ඒකෙන් උපමා උපමේය අරගෙන තව තැනක ‍ඉන්න කෙනෙක් ගැන හිතපු මට තේරුනා මේ දෙක මාව වෙනස් කරන්න හදනවා කියලා… වෙනස් වීම කියන්නේ වෙන්න ඕනේ දෙයක් නිසා ඔන්න ටික ටික වෙනස් වෙන්න හදනවා… වෙනස් වීම කෙසේ වෙතත් හොඳ පැත්තට වෙනස් වෙන්න කියලා “නන්ද” කිව්වා…

පොත තනියම කියවලා සතුටක් විඳිනාතුරේ (විඳින+අතරතුරේ) මට හිතිච්ච දෙයක් තමයි…

“අ‍‍ඩෝ ‍මේ පොත වෙන එවුන්ටත් දීලා ආතල් එක බෙදාගනින්! වෙනස්කරපං!” කියලා…

ඉතින් එහෙම පොතක් කියවලා විඳින්න පුලුවන් ග‍මෙන් ආපු යාළුවෝ සෙට් එකක් කොළඹ හත කේන්ද්‍ර කරගෙන විසිරිලා ඉන්නවා කියන දේ පුදුමාකාර වාසනාවක් කියලත් හිතුනා. පොත බෙදන ගමන්. අන්න “අරූ” වගේ මගේ “සොඳුරු සිතුවම්” පොත ගල්ටික් නොකර මේක වෙන එවුන්ටත් දීලා ආතල් එක බෙදාගෙන වෙනස් වෙයන් කියන්න සුදාරක නම් අමතකරන්නේ නෑ! නෑමයි…!!!

ඉතින් මගේ බ්ලොග් එක කියවන අයගෙන් එක අතඟ ඇඟිලි ගානකටක් වඩා අඩු ගානකට විතරක් පොත දෙන්න පුලුවන් නිසා සුදාරකගේ මේ සටහන කියවන අයට කියන්න තියෙන්නේ වහාම! හැකි ඉක්මනින්!! මේ දැන්!!! පුටුවෙන් නැගිටලා කොහේ හරි තැනකින් මේ පොත උස්සන් එන්න කියන එකයි… කියවලා ආතල් එකක් අරගෙන කැමතිනම් වෙනස් වෙන්න කියලයි! මේ ආතල් එක කියන්නේ අපේ සාමාන්‍ය භාෂාවෙන්. සතුටක් විදින්න කියලයි සුදාරක ඒකෙන් කිව්වේ. නැතුව “කුණු සතුටක්” විඳින්න නම් නෙවෙයි

හෝව්! යන්න කලින් කමෙන්ටෙකක් ලියලාම යන්න…

විකාර
ඔව්… මේ දවස්වල විකාරයි තමයි. ඔන්න ඔහේ බකන් නිලාගෙන ඉඳිද්දී නිදාගන්න යන්න ඕනෙයි කියලා නිකම් පුරුද්දට වගේ ලියැවුනා Facebook එකේ තවත් විකාර status message එකක්. ඒ මොකක්ද ඒ? මේ… තියෙන්නේ ඒක.

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් කොස් කොටන්න දාලා යුද්දෙට නැති කඩුව උනු හින්දා බොන්න බැරි නිසා බලල්ලු ලවා කොස්සැට බෑව්වා…

කිසිම තේරුමක් නෑ… හරියට නිකම් රම්බරී සින්දුව වගේ නේ…

ඉතින් ඕක ඔළුවේ තියාගෙන නිදාගන්න යනකොට ඇඳ ළඟ තියෙන මේසෙ උඩ ගණං හදන්න කටු කොලයක් විදිහට ගත්තු Tuition ක‍ඩ ගැන තියෙන කොලේක තව තව එව්වා ලියන්න හිතු‍නේ නිකමට…

යුද්දෙට නැති කඩුව කොස් කොටන්න අරගෙන වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුනාම කටුස්සාගේ කරේ රත්තරන් බැඳලා දවල් වැටුන වලේ රෑ වැටිලා කබරගොයා තලගොයා කරගෙන ඌරෝ කැකුන තලන්න ගත්තා…

විකාරයි වගේ නේ… මෙන්න නිකම්ම ලියැවෙන්න ගත්තා… තව එකක්!

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා බෝක්කුවක් උඩ ඉන්නකොට දුන්න දුනුගමුවේ ඊතල කිතලගමුවේ කියාගෙන ආපු මනුස්සයෙක් රම්බරී කියපං උඹේ නොම්‍බරේ කියලා පාරේ යන ගෑනු ළමයෙක්ට කෝචොක් පාරක් දැම්මා…

මෙලෝ තේරුමක් නෑ… ඒත් පොඩියක් ගතියක් තියෙනවානේ…

පිටුවේ ගණං හදලත් තිබ්බ නිසා… ඒ පිටුව ඉවරයි. ආපහු පොඩ්ඩක් කැරකිලා ඇවිල්ලා වාඩි වුනාමයි දැක්කේ තවත් කොල කෑල්ලක්…

නිකන් තියෙන කොලේ මෙන්න මේකත් ලියවුනා…

මල් පිට මල් වැටෙන දිගු මාවතේ වාහනේ එළවාගෙන යනකොට දිය මත පිය තබමින් හිනැහෙන නුඹ දැකපු මගේ සුක්කානම හුරු දෑතට දහ අට වංගුව මතක් වෙලා වගේ, ගාල කඩාගත්ත හරකා වගේ වාහන් එළවලා දඩයක් කන්න වුනා…

අන්න ඒකේ නම් යම්කිසි තේරුමක් තියෙනවා නේ… ඔළුවට ආපු ගී පද දෙකක් එකතු කරලයි ඒක නම් ලියැවුනේ. ඒ… අමල් පෙරේරා කියන ගායකයා‍ කියන “මල් පිට මල්” සින්දුවයි, “එක හිත නැති උඹේ හිතත් දහඅට වංගුව වාගේ” (මේකේ ගායකයා නම් මතකෙට එන්නේ නෑ   ) කියන සින්දු දෙකේ පද ඇරගෙනයි…

මෙන්න තව එකක්… ඒකෙ‍ත් ඉතින් ඒ හැටි තේරුමක් නෑ හැබැයි… කො‍හොම නමුත් හොඳ ‍හොඳ තේරුම් තියෙන ඒවා පස්සේ පස්සේ ලියැවෙන්න ගත්තා… ඔහොම ඉස්සරහට කියවාගෙන යන්නකෝ…

නිකන් දෙන අස්සයාගේ දත් ගනින්න එපා කිව්වාම උගේ වයස දැනගන්න දත් ගනින්න කට ඇරියාම ඌ හිනාවෙලා මට අනිත් පැත්ත හැරිලා පයින් දෙකක් දුන්නාම ආලෝක වර්ෂ ගානක් එහාට පෙනිච්ච තරු ඔළුව වටේ කැරකැවෙන්න පටන්ගත්තා…

හෙ‍හ්… රෑට ඔළුවට එන විකාර නේ… අප්පා…

මෙන්න සිරාම තේරුමක් තියෙන එකක්. කසුන් කල්හාරගේ “ආදර මල්වල” කියන සින්දුවෙන්… පොඩි උපුටාගැනීමක්…

උදේ පාන්දර ආදර මල්වල පාට හොයන්න ගිහිල්ලා ඇස් නිලංකාර වුනාමයි, කරපු වැරදි තේරුනාමයි මතක් වුනේ අස්සයා පැනලා ගිහාට පස්සේ ඉස්තා‍ලේ වහලා යරියන්නේ නම් නෑ කියලා…

මෙන්න මෙතැනින් පස්සේ තමයි ලියැවුනේ සිරාම ටික. නොකඩවා කියවාගෙන යන්නකෝ එහෙනං…

ගමේ තිබිච්ච අවුරුදු උත්සවේ කොට්ටා පොර ගහන්න ගිහිල්ලා ගමේ ගෑනු ළමයෙක් ඉස්සරහා එක ඇහැක් පියවුනාම කොහෙන්දෝ කඩා පාත් වෙච්චි සද්දන්තයෙක් කොට්ට 4ක් 5ක් සයිස් සද්දන්ත හස්තයෙන් ඔළුවට නෙලනකොටයි මතක් වුනේ තාම තර‍ඟේ පටන් ගත්තේ නෑ කියලා…

සොයන්නාට සම්බවේ කියලා කියාපු නිසා දහ අතේ රට වටේ හොය හොය ඉන්නකොට පිටට තට්ටු කරපු එකෙක් ඇහුවා “මොනවාද හොයන්නේ?” කියලා… එතකොටයි මතක් වුනේ මාත් වැඩකරලා තියෙන්නේ “කළුවා මාරපන් ගියා වගෙයි” කියලා…

අවුරුදු ගානක් කට්ට කාලා ඉගෙනගත්තු දේවල් පේපරේ ලියන්න පැය 5ක් මදි නිසා අවුරුද්දෙන් අවුරුද්දට එක ප්‍රශ්නෙට උත්තරේ ගානේ ලියන ‍මගේ මේ පස් වෙනි අවුරුද්ද…

පවතින ක්‍රමේ ඉඳගෙන පවතින ක්‍රමේට බැන බැන ක්‍රමේ කඩාගෙන බිඳගෙන එන්න දඟලන එවුන් පවතින ක්‍රමේ  විසින්ම තලා පෙලා පොඩිකර දාන අපූරුව…

විද්‍යා‍වේදී එකෙක් කියපු දේ තව එකෙක් බොරු කරලා, ඌ කියපු දේ තව එකෙක් බොරු කරලා මෙහෙම බලාගෙන යනකොට විද්‍යාව කියන්නේ පට්ටපල් බොරු!

මහ නගර සභාවෙන් අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා කුණු ගොඩ අස් කරනකොටයි තේරුනේ අපි ජීවත් වෙලා ඉන්නේ කුණු ලොරියකය කියලා…

නිවුටෝනියානු යාන්ත්‍රණේ අයින්ස්ටයින් මාමාගේ සාපේක්ෂතාවාදයෙන් ‍බොරු වෙලා යනකොට අපිට තාම උගන්නන්නේ නිවුටෝනියානු යාන්ත්‍රණයමයි. හැබැයි සූත්‍ර වලින් එන උත්තර ආසන්න වශයෙන් සමානයිලු. ඒත් ඉතින් හත්තිලව්වේ අපි ඉගෙනගන්නේ බොරුමනේ…

අයිසෙක් නිව්ට‍න්ගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටෙන්නේ නැතිව පොල් ගෙඩියක් වැටුනානං අපි මෙච්චර දුක් විඳින්න ඔනේ නෑ කියලා කවුද එකෙක් කියනකොට, එහේ ඒ ‍කාලේ පොල් තියෙන්නේ නැතුව ඇති කියලා ප්‍රති උත්තර දුන්නාට මගේම යටි හිත කියනවා මගේ ඔළුවට පොල් ගෙඩියක් වැටුනානං ලෝකෙම වෙනස් කරන්න තිබුනා කියලා… ඔච්චර පොඩි ඇපල් ගෙඩියක් ඔහොම ඔළුවට වැටිලා ඔච්චර දෙයක් හොයාගත්තානං ඔළුවට ‍හොඳවයින් පොල් පරාලයක්, යගුලියක් හරි තඩි කලු ගලක් හරි වැටුනානං මොනවා කරන්න තිබුනාද කියලා කාටද කියන්න පුලුවන්?

ඇහැට නොපෙනෙන ‍ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන ඉගෙනගෙන හිරෝෂිමාවට බෝම්බ දාලා ලක්ෂ ගණනින් මරණවාට වඩා හොඳ නැද්ද තමුන්ගෙම කියලා කුඹුරක් කොටාගෙන දෙ‍තුන් දෙනෙක් ජීවත් කරන එක?

ධන වාදය, සමාජ වාදය, නාසි වාදය, අර වාදය මේ වාදය ගැන වාද කර කර හිටපු කාලේ වෙන වැඩකට යොදාගන්න පුලුවං වුනානං දහස් ගානක ජීවිත බේරන්න තිබුනා. පරිසර දූෂණේ නැති කරන්න තිබුනා… සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තිබුනා…

හික් හික් තව තව එව්වා ලියැවුනා… ඒවායේ නං කිසි වැදගම්මක් ඇති දේවල් නෙවෙයි… බලන්නකෝ ‍ප්‍රස්ථාව පිරුළු වලින් පටන්ගෙන ඉවරවෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා… මට නං හොඳටම විකාර! මං යනවා නිදාගන්න   මේවා හීනෙනුත් පෙනෙයිද මන්දා…

ඇයි මේ සිම්පල් ප්ලෑන් එකකට හිර වෙලා?
ඇයි මේ දවස්වල පුද්ගලික දේවල්ම ලියන්නේ? හැබෑටම වෙන දෙයක් ගැන කතාකරන්නේ නැත්තේ? සිරස ගැන? දේශපාලනේ ගැන? ඉතිහාසය ගැන අඩුගානේ ෆිල්ම් එකක් ගැනවත් ලියන්නේ නැත්තේ ඇයි? ඇයි මේ සිම්පල් ප්ලෑන් එකකටම හිර වෙලා? සංකීර්ණ ප්ලෑන් එකකට ගියොත් නරකද?

ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නේ…

මේ දවස්වල මම හිතන්නේ මේ පහුගිය සටහන් වල සිද්ධ වෙච්ච දේවල් ගැනම නෙවෙයි. ලොකු ප්ලෑනක් හිතේ තියාගෙන හෙන ගේමකට ලෑස්ති වෙමිනුයි ඉන්නේ. ඒ ගැන ළඟදීම දැනගන්න ඔන්න පුළුවන් වේවි. ඔය බ්ලොග් කියවන, බ්ලොග් ලියන කාට කාටත් වැඩක් ඇති වැඩක්!

දේශපාලනේ ගැන නම් කියලා වැඩක් නෑ! ඔන්න බස්නාහිර පළාත් සභා ඡන්දයටත් තියෙන්නේ තව දවස් කීපයක් නෙව. අපි ඉතින් තාම වැඩිහිටියෝ නෙවෙයි නෙව. 18 පනින්න එපැයි ඡන්දේ දාන්න. ඒ වුනාට කිවුවාට මොකද පුංචි අපිත් ඔය ඡන්ද ගැන හෙන උනන්දුයි. මේ දවස්වල ප්‍රවෘත්ති වලට යොමු කරලා තියෙන අවධානයේ නම් කිසි අඩුවක් නෑ!. මැතිවරණ වේදිකාවේදී ඒ ඒ අය කියාගන්න කතා ඇහුවාම ඉතින් බිම පෙරළි පෙරළි සිනාසෙනවා ඇරෙන්න වෙන ‍මොනවා කරන්නද?

ඒ වගේම බ්ලොග් ලියන, එකම දේශපාලකයා වන අධිනීතිඥ අජිත් පී පෙරේරා මහත්මාත් අමතක කරන්න බෑ. බ්ලොග් ලියන අපිටත් ආඩම්බරයක්.  ඔන්න මගෙන් එතුමාට උණුසුම් සුභපැතුම්…

මේ අතරේ ලෝකයේ එක එක අර්බුද. ජල අර්බුද, බලශක්ති අර්බුද… ආ ඇයි ඒ විතරක්ද? දේශපාලනික අර්බුද? ආර්ථික අර්බුද? ඔව් ඒවත් නොසෑහෙන්න තියෙන කාලයක් තමයි මේක. ඉදිරි අනාගතය ගැන හිතන්නේ නැතිව අද ගැන හිතලා වැඩ කරන එක ඇඟට ගුණයි. නිකමට හිතලා බලන්න… වතුර නැතිවුනොත්? අතේ රුපියලක් නැතිවුනොත්? ගෙදරට ලයිට් නැතිවුනොත් මොනවායින් මෙනවා වෙයිද කියලා? පිස්සු හැදෙයි ‍නේ? මානව ශිෂ්ඨාචාරය නැවතත් ගල් යුගයටම යයි නේ. මෙන්න මේ වගේ කාරනා නිසා ඒ අංශ වලින් අනාගතය ගැන හිතන්න දෙන්නේ නැතිව හිතට වාරණයක් දාලායි මේ දවසේ ඉන්නේ. ඒක නිසා හරියට මුකුත් ලියැවෙන්නෙත් නෑ.

ආ… අපේ බ්ලොග් සහෘදයෙක් මට අලුත් නමක් දාලා තිබුනා දැක්කා. මොනවා වුනත් ඒක සිරා නම… හික්! ගල්බනිස් සදාචාර…   මම කැමතියි ඒකට!

අනාගතයෙන් කතාවක් – කෙටි කතාවකි.
මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ. කිසිදු වර්තමාන දේශපාලන පක්ෂයක් පිළිබඳ විවරණක් මෙහි අන්තර්ගත නොවේ. ඉදිරි අනාගයේ සිදුවිය හැකි යැයි අනුමාන කර හැකි කරුණු කිහිපයක් එකතු කරමින් මෙම පරිකල්පනය ඉදිරිපත් කර ඇත…

ඒ සමස්ත ලෝකයම තියුණු ආර්ථික අවපාතයකට ළඟා වෙමින් පැවති යුගයයි. බල්ලන් මරා‍ හෝ මුදල් සෙවීමට මිනිසා පෙළඹී සිටි ඒ යුගයේ සිදුවූ මේ ආදර අන්දරය ඔබ ඉදිරියේ දිග ඇරීමට ලියන්නා වන මට අවසර.

ඔහුගේ නම ඔවට අවැසි නැතැයි සිතමි. මෙහි ඔබට අවශ්‍ය වන්නේ ඔහු හා ඇය යන සංකේත නාමයන් යුගලය පමණි. හුදෙක් නාමයන් භාවිතා කොට මෙම කතාව තවදුරටත් වියවුල් කර දැමීමට මා හට අවැසි නැත.

ඔවුහු සත්‍ය ප්‍රේමවන්තයෝ වූහ. එකිනෙකාට එකිනෙකා ආදරය කළහ. ඔහු ත්‍රීරෝද රථ රියදුරෙකු විය. ඇය ඒ වන විට උසස් පෙළ ශිෂ්‍යාවක වී සිටියාය…

අහස දෙදරා වර්ෂාව ඇදහැලෙන්නට විය. පාරේ කුණු කාණු අතුරින් රන්වන් මඩ වතුර ගලා යද්දී, මාර්ගයේ කඩතොලු අතර සිරවී තිබූ මඩ වතුර පිටාර ගලමින් තිබූ අතර මහා මාර්ගය දිස්වූයේ තාවකාලික වාරිමාර්ගයක් ලෙසිනි. ත්‍රීරෝද රථ ගාලේ නවතා තිබූ ත්‍රීරෝද රථයට වූ ඔහු දෑස් පියාගෙන නිහඬව කල්පනාවෙහි නිමග්නව සිටියේ තම ජීවිකාව ගෙන යන අයුරුය. තම පියා අන්ත්‍රා වී දැනට අවුරුදු 5ක් ගතවී ගොසිනි. තම නංගී මල්ලි දෙදෙනාගේ අධ්‍යාපනය නගාසිටුවන්නේ කෙසේද යන්න ඔහුගේ හිස මත වූ මහා බරක් විය. මවද රෝගාතුරු වී ලෙඩ ඇඳට වී දැන් මාස ගණනකි.

ආණ්ඩුවෙන් තෙල් මිල අඩුකළත් එයිනුත් මහා සහනයක් නොවීය. සෑම දිනෙකම තම ගාස්තුවට කේවල් කරන තම මගීන්ගෙන් එල්ලවන ගැරහුම් නින්දා මධ්‍යයේ මෙම ජීවිකාව ගෙනයාම දැන් ඔහුට අසීරු වී ඇත. එක්වරම තම ත්‍රීරෝද රථයේ වූ හදිසී ගැස්සීමෙන් නෙත් විවර කරගත් ඔහු දුටුවේ… මිහිබට දෙවඟනකි. ඔහු දුටුවේ ඇය යමක් ඔහුට පැවසීමට යම් උත්සාහයක් ගන්නා බවයි. පියවි ලෝකයට පිවිසීමට ඔහු වැඩිකාලයක් ගන්නා බව පෙනීමට තිබිණ. ඔහුට යමක් ඇසෙන්නට විය…

“අයියේ, මාව ගෙදරට ගිහිල්ලා බස්සවන්න. මේ ළඟ. ඉක්මන් කරන්න. මං එනකන් අම්මා බලාගෙන ඇති.”

“හරි”

ඔහු තම ත්‍රීරෝද රිය පණගැන්වූයේ ය. තමා ඉදිරිපස වූ කණ්ණාඩියෙන් ඔහු තම පාරිභෝගිකයා නිරීක්ෂණය කරන්නට විය. ඇය වර්ෂාවට හසුවී තෙතබරි වී සිටියා ය. ඇගේ දෑස් කියා පෑවේ ඈ තුල වූ අහිංසකත්වයයි. ඇගේ සුන්දර වතින් දිස්වූ‍යේ හදවතේ වූ පිවිතුරු බව යැයි ඔහුට හැඟිණි. තෙත් වී තිබූ ඇගේ ‍සුන්දර කේෂ කලාපය දුටු ඔහුට ඇය‍‍ගේ සුන්දරත්වය වඩාත් ඉස්මතුවී පෙනිණ. කතා කරන්නදෝ, නැත්දෝ යන්න ඔහුගේ හදවතේ රැව් පිළිරැව් දෙමින් පැවතිණ. අවසානයේ ඔහු කතාව ඇරඹීය.

“අද හරියට වැස්ස නේද?”

“හ්ම්…” ඒ ඇගේ පිළිතුර විය.

“නංගී මේ කොහේ ගිහින් එනගමන්ද?”

“පංති”

ඇය තම ‍පොත් මිටිය තුරුල් කරගත්තාය. ඇයගෙන් ලැබුනේ එතරම් උද්යෝගිමත් පිළිතුරක් නොවන බව ඔහුට හැඟී ගොස් තිබිණ.

“ආ… උසස් පෙළ?”

“ඔව්”

ඇයගෙන් සෑම විටම ලැබුනේ කෙටි පිළිතුරකි. ඇය තරමක් ලජ්ජාශීලි බව ඔහුට හැඟිණ.

“මේ අවුරුද්දෙද?”

“ඔව්”

“ආ… එහෙනම් මේ නංගි කෙනෙක් නෙවෙයි නේ”

“ආ… ඇයි? ඔයා ඉස්කෝලේ යන්නේ නැද්ද?”

“නෑ… මම සාමාන්‍ය පෙළ කරාට පස්සේ ගෙදර නැවතුනා”

“අපරාදේ… ඇයි ඒ? ප්‍රතිඵල මදි වුනාද?”

“නෑ. මට ඒ නවයයි. මට තව ඉස්සරහට ඉගෙනගන්න සල්ලි තිබුනේ නෑ.”

“අහ්. අපරාදේ නේ? වෙන රස්සාවක් හොයාගන්න බැලුවේ නැද්ද?”

“මේ කාලේ කාටද රස්සා දෙන්නේ? තියෙන අයටත් පයිං ගහලා එළියට දානකොට?”

“ඒක ඇත්ත තමයි”

කතාවෙන් කතාවෙන් සිය ගමනාන්තය වෙතට ළඟාවෙමින් සිටින බව දත් ඇය, නැතවත් හඬ අවදි කරන්නීය.

‍”ඔය… ඔතනින් නවත්තන්න.”

“ආ. හරි”

“ඇය සිය අත් බෑගය වෙතට අත ගෙනියනු දුටු ඔහු ඇයව නැවැත්වීය.”

“සල්ලි එපා. මම කොහොමත් මේ පාරෙන්මයි යන්නේ”

ඇය සිනාසුනා පමණකි. තම නිවස වෙතර හැරුණු ඕ ඉදිරියට පියමැන්නා ය.

ඔහු පැවසුවේ මුසාවකි. ඔහු දන්නා කිසිවකු ඒ මාවතේ නොවීය. නමුත් දැන්, ඔහු දන්නා හඳුනන තැනැත්තියක සිටී.

රාත්‍රියේ නිවසට පැමිණෙන විට නිවසේ සියල්ලන්ම නින්දට ගොසිනි. අන්ධකාරයේ වෙලී තිබූ නිවසේ කුප්පි ලාම්පුවක් දැල්වූ ඔහු සිය විඩාව නිවාගැනීමට බිත්තියට ‍හේත්තු කර තිබූ පැදුර බිම එළා එහි දිගා වුණි. ඔහුට නොදැනුවත්වම යටි සිතේ යමක් සිදුවෙමින් පවතින මව ඔහුට හැඟිණ. දෑස පියාගත් වහාම අඳුර අතුරින් ඔහුට මැවී පෙනුනේ සන්ධ්‍යා යාමයේ තම ත්‍රීරෝද රියට නැඟි ඒ දෙව්දුවයි. ඇයේ රූපශ්‍රීය, අහිංසකත්වය හා කතා විලාශය ඔහුගේ සිතට තදින් කාවැදී ඇති බවක් ඔහුට දැනෙන්නට විය.

කෙමෙන් කෙමෙන් දින, සති, මාස ගෙවීයන්නට විය ගතවන සෑම දිනයක් පාහේ ඔහුගේ හා ඇයගේ ආදරය මෝරන්නට පටන්ගෙන තිබිණි. ඇය මධ්‍යම පාංතික තරුණියක් විය.  දිනෙන් දින ආදරයේ බැම්ම ශක්තිමත් වනවාත් සමඟම දිනෙන් දින සිය ආර්ථික තත්වයන් පහළට යමින් පවතින බව ඔහුට දැනී ගොස් තිබිණ. ඇයගේ පවුලේ තත්ත්වයද එසේම විය. ඇයගේ මව හා පියා විශ්‍රාමගත වී සිටි අතර උසස් පෙළ විභාගයෙන් ඇය සමත් වූ නමුත් සරසවි වරම් ඇයට හිමි වූයේ නැත. මේ වන විට රජය දැඩි ණය බරින් මිරිකෙමින් ගිරයට අසුවූ පුවක් ලෙල්ලක් මෙන් ලෝකය සහ සිය ඡන්ද දායකයන් ඉදිරියේ අසරණ වී ගොසිනි. ලොව පුරා තෙවැනි ලෝක යුද්ධයක් පිළිබඳ බියක් ඇතිවී ඇති සෙයකි. මෙවන් දැඩි ආර්ථික හා දේශපාලනික තත්ත්වයක් හමුවේ මෙවුන් දෙදෙනාගේ පවුල් වල ආර්ථික තත්ත්වය ගැන කවර කතාද? මේ අතරතුර දිවයින පුරා ඇතිවී ඇති ආර්ථික අර්බුධය හමුවේ, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ලාභදායී ආර්ථික නිෂ්පාදනයක් ලෙසින් වෙළඳපොල ආක්‍රමණය කරමින් පැවතින. ආර්ථික අර්බුධයෙන් පීඩා විඳි ජනයා කාන්තා පිරිමි භේදයකින් තොරව සිය පීඩනය වියැකී යනු පිණිස සිය වින්දනය උදෙසා මත්ද්‍රව්‍ය භාවිතය අරඹා තිබිණ. මේ කාලානුරූපීව අප කතානායකයාගේ චරිතයද වෙනසක් වූයේ නැ. පරම පිවිතුරු කතා නායකයන් මේ යුගයේ සොයාගැනීම කළුණික සොයන්නාක් වැනි විය. ඔහුද මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී සිටියේ ය. කෙසේ නමුත් ඔහු ඇයට ඉමහත් ආදරයක් දැක්වීය. ආදරයට කාල සීමාවක් නැත. එයට හොඳම උදාහරණය මේ යුවලයි. ඇයගේ හා ඔහුගේ මේ සම්බන්ධතාවට බාධා කිරීමට තරම් ශක්තියක් ඇයගේ දෙමාපියන්ට නොවී ය. ඒ තරමටම මධ්‍යම පංතිය හා අන්ත දුප්පත් පංතිය අතර පංති පරතරය බිඳවැටී ගොසිනි. ‍මේ අර්බුධ මධ්‍යයේ නිදහස් වෙලාවක, ඔහු පියවි සිහියෙන් සිටි අවස්ථාවක ඇය හා පෙම් බස් දෙඩවීමට මුහුදු වෙරළේ එක්තරා ස්ථානයක ඉඩ වෙන්කරගත්තේය. මමද ඔවුන්ට හොර රහස් සවන් දුන්නෙමි…

“මේක මහා භයානක කාලයක් නේද?” ඒ ඇයගේ හඬයි.

“හ්ම්…”

“මට ඔයාගැන බය හිතෙනවා අනේ.”

“ඇයි මං ගැන බය හිතන්නේ? මං ‍බොන නිසාද?”

“හ්ම්… මට දැනෙනවා ඔයා මගෙන් දුරස් වෙනවා වගේ.”

“මම? ඔයාගෙන්? දුරස් වෙන්න? ඒක කවමදාකවත් වෙන දෙයක් නෙවෙයි”

“ඊයේ අපේ අල්ලපු ගෙදර මිනිහා බීලා ගෙදරට ඇවිල්ලා ගෑනිට හොඳටම ගහනවා මං අහගෙන”

“ඉතින්? ඔයා හිතනවා මාත් ඔයාට කවදාහරි දවසක මාත් එහෙම ගහයි කියලා… එහෙමද?”

“ම‍ට එහෙම දැනෙනවා”

“අහ්… ඒක කවමදාකවත් වෙන්නේ නෑ. මම පොරොන්දු වෙනවා මගේ මේ අත් දෙකින් එක අතක් හරි ඔයාට ඉස්සුවොත් මම ඒ අත කපාගන්නවා කියලා”

ඇයි දිගු හුස්මක් හෙලුවාය.

“මට ඔයා ගැන බයක් නෑ…” ඇය ඔහුගේ සුරත වටා තම දෑත් යවා පටලවා ඔහු වෙත තවත් ලං වූවා ය.”

“අපි බඳිමුද?”

ඇගේ යෝජනාව ඔහුගේ සිත එක්වරම කම්පනය කිරීමට සමත් විය. නමුත් පසුව තම සිත කිසියම් ආලෝකයක් කරා ඇයි යන බවක් ඔහුට දැනෙන්නට විය.”

“ඔව්. අපි බඳිමු.”

“එහෙනම් මට තව පොරොන්දුවක් වෙන්න…”

“ඒ මොකක්ද?”

“ආයේ බොන්නේ නෑ කියලා…”

“අප්පා… ඒක නම් පොරොන්දු වෙන්න බෑ”

ඔවුන් දෙදෙනාගෙන් ඈතට යමින් සිටි මට ඔවුන් දෙදෙනාගේම මඳ සිනහ හඬ හිමින් සීරුවේ ඇසෙන්නට විය. ගිනියම් වූ සූර්යයා සිය සූර්ය රාජ්‍යය රත් පැහැ කරවමින් හිමින් සීරුවේ මහ සාගරය තුලට කිඳා බසිමින් පැවතිණ.

දින දින ගතවෙමින් තවත් මාස කිහිපයක් ඉදිරියට ගමන් කර තිබිණ. ඔවුන් පොරොන්දු වූ පරිදිම විවාහ දිවියට එළැඹිණ. විවාහ රෙජිස්ටාර්වරයා ගෙන්වා සිය විවාහ සහතිකය ලියවාගත් පසු ඔවුන් දෙදෙනා නීත්‍යානුකූල සැමියා හා බිරිඳ බවට පත්විය…

කඩදාසි කැබැල්ලක බලයක මහිම…

තවත් දින, සති, මාස ඔවුන්ට නොදැනීම ගතවී යන්නට විය. මේ අතරතුර ලෝක දේශපාලනය කැළඹී යමින් පැවතින. ලොව පුරා ලෝක‍ යුද්ධයක පෙර සලකුණු මතු වෙමින් පැවතිණ. ලෝක මහා බලවතුන් එකිනෙකාට විරුද්ධව යද්ධ ප්‍රකාශ කරන ලද අතර, ලොව සුළු ජාතීහු විශාල අර්බුධයකට මුහුනපා සිටියහ. සිංහල, දෙමළ මේ දෙපිරිසටම ලොව මහා බලවත් සුදු අධිරාජ්‍යයකට සහ හින්දු අධිරාජ්‍යයකට යට වෙමින් සිටියහ. ශ්‍රී ලංකාව තුලට කඩාවැදුනු විදෙස් හමුදාවෝ මිසයිල පද්ධතියක් උතුරු ප්‍ර‍දේශයේ පිහිටුවමින් සිටියහ. මේ අතරතුර ශ්‍රී ලංකාව හරහා තම රාජ්‍යයට එල්ල විය හැකි ප්‍රහාරයකින් මිදීමට ඉන්දියාව ශ්‍රී ලංකාව දෙසට ඉලක්ක කරමින් තම ආයුධ ස්ථානගත කරන්නට විය. මේ අතරතුර ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශවල තවත් එක්තරා බලවේගයක් නැගෙමින් පැවතින. මේ සියලු දේශපාලනික අර්බුධ මධ්‍යයේ ශ්‍රී ලංකාව යුධ මර්මස්ථානයක් වී පැවතිණ.

ඒ අතරේ අප කතා නායකයාගේ සහ නායිකාවගේ පුංචි පවුලට සිඟිත්තියක් එක්වී මුළු පවුලම ආලෝකමත් වී තිබිණ. ඇයට රැකියාවක් නොවීමෙන් ඇයට සිදුවූයේ සිහිනෙන්වත් නොසිතූ රැකියාවක් වෙතට යොමුවීමටය. ඇය ලොව පැරණිම වෘත්තියේ වෘත්තිකයක වූවා ය. එයට හරස්වන්නට ඔහුටද ශක්තියක් නොවී ය. ගණිකා වෘත්තිය මෙකළ සාමාන්‍ය වෘත්තියක් වී තිබීම එයට ‍හේතු විය. ආගම ධර්මය පසෙකලා ලොව සියලුම තත්ත්වයේ රටවල් ශ්‍රී ලංකාවට වඩා අන්ත පහත් තුච්ඡ තත්ත්වයකට පත්වී තිබිණ. සාරධර්ම අතින් යම් තාක් දුරකට හෝ සාපේක්ෂව ඉදිරියෙන් සිටි‍යේ ශ්‍රී ලංකාව පමණි. එසේ එසේ නම් අන් රටවල් ගැන කවර කතාද? ඇය තම ජීවිකා වෘත්තියේ නියැලුනේ සිය කැමැත්තකින් නොවන බව ඔබට අමුතුවෙන් පැවසීමට අවැසි නොවනු ඇත. ආර්ථික හා දේශපාලනික අර්බුධ සාමාන්‍ය ජන ජීවිතයට සිදු කරන ලද බලපෑම සෑම කාන්තාවකටම එක‍සේ බලපා තිබිණ. ධනපතියන්ට නම් ආර්ථික බලපෑමක සේයාවක්වත් නොවීය. ධනපති මහතුන්ගේ විඩාව සංහිඳුවීමට අන්ත දුගී පන්තියේ කාන්තාවන්ට සිදුවිය. එයින්ද ඔවුන් ඉපැයූවේ සොච්චම් මුදලක් පමණි. එදා වේල පිරිමහගැනීමටවත් මදිය.

තම සිඟිත්තියගේ අනාගතය ගැන බියෙන් පසුවන ඔහු හා ඇයට සිඟිත්තියගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට තඹ දොයිතුවක් නොවීය. එතෙක් නිහඬව තිබූ සොඳුරු නිවහන මහ දවා‍ලේ ගිනියම් වූයේ දැඩි අව් රශ්මියෙන් පමණක් නොවේ…

“බලනවා… තමුසේ මේ බොන්න කරන නාස්තිය මම මහන්සියෙන් හොයන දේත් තමුසේ නාස්ති කරලා දාන හැටි”

“අනේ මං නොදන්න උඹේ මහන්සිය…රෑට රෑට වෙන මිනිස්සුත් එක්ක ලැගලා එනවා මෙතන මහන්සියක් ගැන කතා කරන්න.”

තත්වය දරුණු වෙමින් පැවතින. එක්වරම ඉදිරියට පැනගත් ඔහු සිය සුරත ඉහළට එසවූයේ ඇයගේ කම්මුල ඉලක්ක කරගනිමිනි. එක්වරම ඉහළට ගත් අත ඔහුට ‍නොදැනීම පණ නැතිවාක්ම මෙන පහළට කඩා වැටිනි. තම අතීත සිදුවීම් සිනමාපටියක විලාසයෙන් තම සිහියට නැගෙමින් පැවතින. එකෙනෙහිම බිම බලාගත් ඔහු එක්වරම අනෙක්පසට හැරී නිහඬවම නිවසේ… සත්‍ය වශයෙන්ම ලෑලි මුඩුක්කු නිවසේ පසු පසට සක්මන් කළේය.

ප්‍රවෘත්තියක්…

අමානුෂික මිනීමැරුමක්!

…. ප්‍රදේශයේ මුඩුක්ක් නිවසක් තුල අමානුෂික මිනී මැරුමක් හා සියදිවි නසාගැනීමකින් යුවල් ජීවිතක්ෂයට පත්වී ඇත. සිය සැමියාගේ දකුණු අත කපා දපා ඔහුගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇන මරා දමා ඉන් අනතුරුව තමාටම ඇනගනිමින් සියදිවි හානිකරගෙන මියගොස් ඇත. මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගැනීමට ඇමතූ ප්‍රදේශයේ පොලිස් නිලධාරියා පැවසූවේ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි. සියදිවි හානි කරගත් කාන්තාව ගණිකා වෘත්තියේ නියැලෙන්නියක බවද, නිවසේ සිටි ඔවුන් දෙදෙනාගේ මාස කිහිපයක් වයසැති බිළිඳිය එම නිවස අවට වෙසෙන වෙනත් කාන්තාවක් විසින් හදාවඩා ගැනීම සඳහා බාරගෙන ඇති බවද වැඩි විස්තර සෙවීමෙදී අපට දැනගැනීමට ලැබිණි.

සත්‍ය වශයෙන්ම සිදු වූයේ එය නොවේ. තම මුළුතැන්ගෙයට ඇතුලු වූ ඔහු පිහියක් ගෙන සිය දකුණත කපාගත්තේය. ඒ වේදනාවෙන් හා බීමත්කමින් පියවි සිහියට එළැඹීටම අපහසුව සිටි ඔහු තම හදවත පසාරු කරගෙන යන්නාවූ අයුරින් පපු ප්‍රදේශය‍ට පිහිය ඇනගත්තේය. නිවසේ පිටුපසින් ඇසුනු තම සැමියාගේ විලාපයෙන් බියට පත්ව මුළුතැන්ගෙයට ඇතුලත් වූ ඇය දුටුවේ ලේ විලක් මැද වැටි සිටි තම ආදරණීය සැමියාගේ මළ සිරුරය. මළ සිරුරෙන් ඉහළට ඇදගත් පිහිය තම හදවත හරහා යවාගත්තේ වියරුවෙන් මෙනි…

ඔහුගේ හා ඇයගේ ආදර කතාව එහින් නිමාවට පත් විය. අසරණ සිඟිත්තිය හදාවඩාගත් කාන්තාවද ලොව පැරණිම වෘත්තියේ නියැලෙන්නියක වූවාය. ඒ සිඟිත්‍තියගේ කතාවට උපමා උපමේයන් අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.

නිමි.

11.11.11 හා ර‍ටේ දියුණුවට හිට්ලර් ව‍ගේ කෙනෙක් අවශ්‍යද?
දැන් බලයි මේ මොකක්ද කියන්නේ කියලා. හරිනම් 08.08.08ට පස්සේ එන්න ඕනේ 09.09.09 වගේ එකක් නේ. මේ එහෙම දෙයක් නෙවෙයි. මේක වෙනම දෙයක්. අපේ ඉද්දා ඉන්නේ මාත් එක්ක දැන් එකොළහේ පන්තියේ නේ. ඒ ව‍ගේම සිංහලෙන් බ්ලොග් ලියපු බුධාජීවත් ඉන්නේ එකොළහේ පන්තියේනේ. කොහොම කොහොමහරි අපේ ඉද්දා මගේ ඔළුවට වදින අළුත් සටහනක් දාලා තිබ්බා. ඒක තමයි…

ලංකාවට හිට්ලර් වගේ කෙනෙක්?

මම මේ පහතින් ලියලා තියෙන සටහන ඇත්ත‍ටම ඒ සටහනට ලියපු comment එකක්. ඉතින් මගේ ඒ comment එක දිග වැඩි නිසා මගේ බ්ලොග් එකේ දානවා. මම හිතන්නේ ඉද්දා තරහවෙන එකක් නැතිව ඇති. ඉතින් මගේ comment එක එයාගේ බ්ලොග් එකෙනුත් කියවන්න පුළුවන්. මම මෙතැන ඒ comment එක දැම්මේ ඒක ටිකක් දිග වැඩි නිසා. කියවන්න එපා වෙයි කියලා හිතලා වෙන වෙලාවක නිවාඩු පාඩුවේ මගේ බ්ලොග් එක පැත්තේ ආපු කෙනෙකුට කියවලා යන්න පුළුවන් වෙන්නයි. ඉතින් මගේ පහත සටහන කියවන්න කලින්, ඉද්දාගේ සටහන මුලින් කියවලා ඉන්න.

ඉද්දා‍ගේ කතාවටයි, බුධාජීව‍ගේ කතාවටයි දෙකටම තමයි මේ ප්‍රතිචාරය සුදාරකගෙන්.

රටක් දියුණුවෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ රටේ පාලනය බලසම්පන්න වෙන්න ඕනේ. ඒකාධිපති පාලකයෙක් හිටියත් වැඩක් නැහැ අර ඉද්දා කියනවා වගේ බුද්ධියක් නැති එකෙක් හිටියොත්. ඒකාධිපති වුනත්, පාර්ලිමේන්තු කණ්ඩායමක් වුනත්, බුද්ධියක් නැතිවුනොත් වැඩක් නෑ. ලංකාවේ ඒකාධිපති පාලකයන් සිටියා කියන කතාව නාමිකයි. ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව කාල වලදී තමයි අපි ඔය කියන ‍ඒ කාලේට සාපේක්ෂව ලංකාවට දියුණූවක් ලැබී තිබුණේ. නමුත්, ඒ කාල වලදී ඒකාධිපති පාලනයක් තිබුනේ නැහැ. ඔවුන් තමන්ගේ රට පාලනය කරදී ඔවුන්ටත් අමාත්‍ය මණ්ඩලයක් සිටියා. ඒ වගේම ර‍ටේ ආගමික නායකයින්ගෙන් අනුශාසකත්වය අනිවාර්යයෙන්ම එම පාලකයින්ට ලැබුනා වගේම ඒ පාලකයින් කිසිම විරුද්ධත්වයකින් තොරව ඒ උපදෙස් අනුශාසනා ලබා ගත්තා. ඒත් කාලීනව රාජධානි විතැන් වුනා. එසේ රාජධානි විතැන් වීමත් සමඟම ඒ හා සමකාලීනව ලෝකයේ විශාල දේශපාලනික හා ආර්ථික වශයෙන් විශාල වෙනස්වීම් රැසක් සිදුවුනා. ඒත් එක්කම ලංකාවට මුස්ලිම් වරුන්, පෘතුගීසීන්, ලන්දේසීන් හා අවසාන වශයෙන් ඉංග්‍රීසින් ලංකාවට ආක්‍රමණ හා සංක්‍රමණ ක්‍රම වලින් ඇතුල් වුනා. අර මුලින් කී සමකාලීන දේශපාලනික හා ආර්ථික වශයෙන් සිදුවුනු වෙනස්කම් වල‍ට සමගාමීව රට තුල වෙනස්කම් සිදුකරගැනීමට අර රාජධානී වල පාලකයන්ට අවශ්‍යවුනේ නෑ. ඔවුන්ට අවශ්‍ය වුනේ රට තුල තමන්ගේ බලය රැක ගැනීමට. අන්න ඒ විදියට අර යුරෝපා ප්‍රදේශ බලවත් වෙද්දී එයට මුහුණදීමට වටපිටාවක් ලංකාව තුල තිබුනේ නැහැ. ලංකාවේ ඒ කාලය වෙන කොට තිබ්බේ බල අරගලයක් පමණයි. ඒ බල අරගලය නිසා ඒ ඒ කොට්ඨාස වලට තමන්ගේ බලය, ගොඩ වැඩි කරගැනීමට අවශ්‍ය වූ නිසා ඒ හා සමකාලීනව බලවතුන්ගෙන් ආධාර ඉල්ලුවා. මේ වෙනකොට ඉන්දියාවත් බිඳ වැටී තිබුනේ. ඔවුනුත් මුස්ලිම් වරුන්ගේ ආගමනය හමුවේ කොටස් වශයෙන් කැඩී බිඳී වෙන් වී ගියා. මෙන්න මේ අකාරයෙන් ලංකා‍වේ කොටසක් පෘතුගීන්ගෙන් ආධාර ඉල්ලන අතරේ අනෙක් කොටස මුස්ලිම් වරුන්ගෙන් ආධාර ඉල්ලුවා. පෘතුගීසීන් දැනගෙන හිටියා ලංකාව කියන්නේ ආසියා මහද්වීපයේ ආර්ථික මර්මස්ථානයක්. ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර මුහුදු වෙරළ පාලනයට, කුරුඳු ලබාගැනීමට නිධානයක් මෙන්න මේ කරුණ සිතේ තමා ගමින්. ලංකාව‍ට ‍උදව් කරන මුවාවෙන් පෘතුගීසින් ලංකාව‍ට ඇතුලත් වුනා. ඒ පෘතුගිසින්ගේ වෙඩි පහරකින්ම (සමහරුන් කියනවා අත් වැරැද්දක් කියා) ඔවුන්ට ලංකාවට ආරාධනා කරන ලද පුද්ගලයාද මිය ගියා.ඔන්න ඔය ආකාරයට ලංකාව තුල විශාල දේශපාලනික් බෙදීම් ඇතිවුනා. ඉඟුරු දී මිරිස් ගන්නත් ලංකාවේ දේශපාලනික උරුමක්කාරයින් පියවර ගත්තා. ඒ අතරේ මධ්‍ය ලංකාවේ පාලනය නායක්කාර් වංශිකයන්ට නතුවුනා. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගමින් ලංකාවේ ස්වදේශිකයන්ට උදව් කරන මුවාවෙන් ලංකාව සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ අණසකට යටත් කරගත්තා.

මම මේ කතාව කිව්වේ ඔබේ මාතෘකාවට ලංකාවේ දේශපාලනය ‍ගොඩ නැගිලා තියෙන ආකාරය පහදා දීලා ඒ තුලින් ලංකාවට ඒකාධිපති පාලනයක් අවශ්‍යද? නැතිනම් ඒ කෙසේද? අවශ්‍යනම් ඒ කෙසේද? කියා මතයක් ගොඩ නගන්නටයි.

ලංකා‍වේ පාලනයක් හිමිකරගත් ඉංග්‍රීසින් ඔවුන්ගේ පාලන ක්‍රමය, එනම් පාර්ලිමේන්තු ක්‍රමය අප රටට හඳුන්‍වා ‍දුන්නත්, එය මා මුලින් කී අනුරාධපුර‍, පොළොන්නරු පාලන ක්‍රමයට‍ බොහෝ සමානාත්මයක් දක්වනවා. ඒ අනුව ඔවුන් අපට හඳුන්වාදුන්නේ අළුත් දෙයක් නෙවෙයි. ඒත් අවුරුදු 60ක් ගිහිල්ලත් තාම අපිට බැරිවුනා ඒක ලංකාවට අවශ්‍ය විධියකට හදාගන්න. ලංකාව කියන්නේ ඉන්දියාව වගේ ලොකු රටක් නෙවෙයි. ඒක නිසා ලංකාව පළාත් වශයෙන් බෙදලා පාලනය කරන එකේ කිසිම අවශ්‍යතාවක් නෑ කියලයි මම නම් හිතන්නේ. මේ පුංචි ලංකාව තමයි මම හිතන විදිහට ලෝකේ ‍බෙදීම් වැඩිම රට. රටක‍් වර්තමාන තත්ත්වයක් එක්ක

ියුණු කරන්න නම්, ඒකාධිපති පාලනයක් ව‍ගේම ඔහුට උපදෙස් ලබාදීමට හා ඔහුගේ උදව්වට බුද්ධිමත් කණ්ඩායමක් සිටින්න අවශ්‍යයි. ඒ ක්‍රමය ලංකාවේ තියෙනවා වගේ. ඒත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් සෙට් එකට වඩා හොඳට පාලනය කරන්න පුළුවන් ස්වර්ණවාහිනියේ විකාශය වන ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ ඉන්න නළුවන්ට පුළුවන් ඒ ‍මොකද ඒ නළුවෝ දන්නවා පාලකයන්ටත් වඩා (පාල‍කයෝ නොදන්නා තරම්. දන්නවානම් ඉතින් හදාගන්න බැරියැ) පාලකයන්ගේ තියෙන වැරදි. ඉතින් ඒ වැරදි හදාගෙන ගොඩ යන්න පුළුවන්. ලංකාව හැම වෙලාවේම තියෙන්නේ දියුණු කරන්න පුළුවන් වටපිටාවක තවම. දියුණු වෙන්න තරම් අවශ්‍ය ස්වාභාවික සම්පත්. යහපත් පාරිසරික සාධක මේ හැම එකක්ම. ස්වභාවධර්මය ලංකාවට ආශිර්වාදයක්. රටක් පාලනය කරද්දී ඒ රට තුල එකිනෙකට විරුද්ධ මත ගොඩනැගෙන්න ඕන. වෙන්න ඕනේ ඒ මත වලින් නිවැරදි මතය තේරුම් ගෙන ක්‍රියාත්මක කිරීමයි. ඒක ඔය ඒකාධිපති ක්‍රමයකින් කරන්න බැහැ. ඒක නිසා තමයි අන්තිමේදී හිට්ලර්ට සියදිවි නසාගන්නත් වුනේ. විරුද්ධ මත සලකා බලලා. රටේ දියුණුවට ක්‍රියාත්මක වුනානම් අද ලෝක බලවතුන්ගෙන් සුවිශේෂි ස්ථානයක් ජර්මනියට ලැබෙනන්න තිබුණා. අහලා තියෙනවානේ ගුරුන්ටත් අකුරු වරදී කියලා.

ඉතින් වෙන්න ඕනේ මේකයි. ඒකාධිපති පාලනයක් විතරක් තිබිලා රටක් ගොඩනගන්න බැහැ. ඒ රටට අවශ්‍ය කරන බුද්ධිමතුන් කොට්ඨාසයක්, රටට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තුවට එකතු වෙන්න ඕනේ. දේශ හිතෛශීත්වය තිබිලා ‍වැඩක් නැහැ බුද්ධිය නැතිනම්. බුද්ධිය විතරක් තිබිලා වැඩක් නෑ දේශය ගැන කැක්කුමක් නැත්නම්. රටක දේශපාලනයේදී මේ දෙක එකට ගැට ගැහිලායි තියෙන්න ඕනේ. ඒත් ලංකාවේ? තමන්ගේ මතය වැරදියි කියලා අනිත් අය කිව්වොත් හැපි හැපී අඬනවා. අනිත් අයගේ මතයට ගරහනවා. ඒක නෙවෙයි වෙන්න ඕනේ. ඒ වගේම රටක දියුණුව බලාපොරොත්තු වෙනවා නම්, අනිත් අයගේ මතයක් එක්ක ගැටෙන්න ඕනේ. ඒ තුවක්කු පිස්තෝල ඇරගෙන නෙවෙයි බුද්ධියෙන්. අනිත් අයගේ මතයට ගරහන්න යන්නේ නැතිව තමන්ගේ මතය හා අනිත් අයගේ මතයේ තියෙන වැරදි හඳුනාගනිමින්. රටක් තුළ දේශපාලනය ගෙනියනවා නම් කිසිම වැරද්දක් නැහැ. ඒත් ලංකාවේ වෙන්නේ මේක නෙවෙයි. තමන්ගේ මතය පරාද වුනොත්, කරන්න ඕනේ ජෝර්ජ් බුෂ් අයියා ළඟට යන එකවත්, දිනලා තියෙන මතය ගෙනයාමට ඉඩ නොදී බාධක දැමීමත් නොවේ. සමහරු දේශ හිතෛශීන් කියලා අනිත් අයගේ කැමරා උදුරගෙන ජෝගි නටනවා. පිස්සු කෙලිනවා. දැන්‍ ලෝකේ හරිම දියුණුයි. මේ වගේ දේවල් ඒ සිදුවූ සැනින්ම ලෝකය පුරා ප්‍රචාරණය වෙනවා. මෙන්න මේකෙන් ප්‍රතිවාදීන් ප්‍රයෝජන ඇරගෙන එක දෙක කරලා ප්‍රචාරණය කරනවා. මෙන්න මේ වගේ දෙයක් ‍ඒ අයට තේරුම් ගන්න බැරිනම්, ඒ අයගෙනුත් ලංකාවට වැඩක් නෑ. ලෝකේ පුරාම තමන්ගේ මව් රටේ අඩුපාඩු කියාගෙන අඬ අඬා ගියාට කිසිම වැඩක් නෑ. ඒ යක්කුන්ට දේශ හිතෛශීත්වය අවශ්‍යයි. තමන්ගේ රටේ අර්බුධ තමන්ගේ රටේම විසඳගන්න. බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියෙනවා ඇතුලත ගිනි පිටතට නොදෙන්න, පිටත ගිනි ඇතුලට නොගන්න කියලා. ඉතින් ‍ඒ දේ නොතේරුම් ගන්න වර්තමාන බෞද්ධයෝ සෙට් එකෙන් විපක්ෂය, ඇතුලත ගිනි පිටතට ගෙනි යද්දී, මෙහේ බඩගින්නෙන් මිනිස්සු පීඩා විඳිද්දී. ලෝකේ අන්ත දුප්පත්ම හා දේශපාලනික අස්ථාවර බවින් මිරිකිලා ඉන්න රටවල් අටක් කෝටි ගානක් වියදම් කරලා මෙහාට ගෙනල්ලා පිටත ගිනි ඇතුලට ගෙනැල්ලා දාගන්නවා. ඔන්න ඕකයි තත්ත්වේ. x කණ්ඩායම y කණ්ඩායම කියන දේ අහන්නේ නෑ. y කණ්ඩායම x කණ්ඩායම කියන දේ අහන්නේ නෑ. ‍ඔහොම ගිහිල්ලා ඇමරිකාවෙන්, චීනයෙන්, ඉන්දියාවෙන් න්‍යෂ්ටික බෝම්බ, පරිප්පු අහසෙන් දානකන් අපේ උන් දන්නේ නෑ. හෙන ගැහුවාද කියලා දන්නෙත් නෑ. සැප පවුල් වල ඉපදිලා හොඳ හැටි කාලා බීලා, සැප පුටු වල වාඩි වෙලා දුප්පත් මිනිස්සු ගැන තීරණ ඇරගන්නවා කියලා කරන්නේ උන් උන් ගැනම තීරණය ගන්නවා විතරයි. පාර්ලිමෙන්‍තුවේ වාද විවාද ඉවරවෙලා ආ මචං උඹ ක

ෑවද කියලා අහගෙන කරට කර අත දාගෙන මේ මිනිසුසු මාලිගා වලට ගිහිල්ලා සුර සැප විඳිද්දි අපේ රටේ දුප්පත් මිනිස්සු අර එවුන් වෙනුවෙන් ගහමරා ගන්නවා.

ඔන්න ඕකයි තත්ත්වේ. එහෙනම්, ලංකාව දියුණු කරන්න නම්, ලංකාවට බුද්ධිමත් හා දේශහිතෛශී විධායකයෙක් අවශ්‍ය අතරම, බුද්ධිමත් හා දේශ හිතෛශී පක්ෂ විපක්ෂ කණ්ඩායම් දෙකක් සිටිය යුතුයි. ‍(මතක තියාගන්න මේක ඇමරිකාව වත්, රුසියාව වත්, ඉන්දියාව වත් නෙවෙයි!, මේක ලංකාව)

බුධාජීව සහෝදරයා, ඉංග්‍රීසියෙන් බ්ලොග් ලියන එකේ කිසි වරදක් නෑ. දැක්කා නේද ඔයා සිංහලෙන් ලියපු රචනාව බ්ලොග් එකේ දාන්න මතක් වෙනකොට වැඩේ පහුවෙලා කියලා. මම නම් කියන්නේ භාෂා දෙකෙන්ම ලියන එක හොඳයි. අර ව‍ගේ පෝස්ට් එකක් ලියලා අනාගන්නවාට වඩා. පෝස්ට් එකේ අවසා‍නේට දීපු ප්‍රතිඥාව කඩන්න වෙනවා නේද? කවුරුවත් කියවන්න එන්නේ නැති එක නම් තියෙන ප්‍රශ්නේ, ඒක තමයි බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නකොට කාටත් ඇති වෙන ගැටළුව. ඉද්දායි මායි එක පන්තියේ නිසා මම දන්නවා එයා එයාගේ බ්ලොග් එකට කට්ටිය මුලදී ආවේ නැති නිසා එයා ටිකක් දුකින් හිටියේ. ඒත් එයා දැන් එයාගේ සිංහලෙන් ලිවී‍මේ හැකියාව පාවිච්චි කරලා අපි තුන්දෙනාට කියලා කොමන්ට් තුනකුත් ලියවගත්තා. ඒ ‍‍වගේ තමයි එක පාරට බුදු වෙන්න බෑනේ. පෙරුම් පුරන්න ඕ‍නේ. සිංහල භාෂාවෙන් අපි ලියලා කරන්නේ. සිංහල භාෂාවෙන් අදහස් හුවමාරු කරගන්නකොට ඇති වෙන සුහදත්වය පෙන්නුම් කරන්නයි. සිංහලෙන් තවත් බ්ලොග් සාහිත්‍යයක් ගොඩනගන්නයි. සිංහල කියලා භාෂාවක් තියෙනවා කියලා පෙන්වන්නයි. ලංකාවේ ඉඳගෙන සිංහලෙන් බ්ලොග් කරන්න දැන් අපිට තාක්ෂණිට වටපිටාවක් තියෙද්දී, ඇයි අපිට අපේ හැඟීම් අපේ මව් භාෂාව සිංහල භාෂාවට හරවලා හුවමාරු කරගන්නේ නැත්තේ? සමහර විට ඔයා ඔය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න පටන් ඇරගන්න නිසා, තව දුරටත් comment අඩු වෙන්න පුළුවන්. මොකද දැනටමත් සිංහල සින්ඩිකේටරේ ලංකාවේ ගොඩක් දෙනෙක් බලනවා. එතකොට ‍ඒකේ තියෙන බ්ලොග් සටහන් කියවන්න ගොඩක් දෙනා සිංහල බ්ලොග් වලට සින්ඩිකේටරේ හරහා ඇදිලා එනවා. ඔබ ඉංග්‍රීසියෙන් විතරක් ඉදිරියට ලියන්න ඉන්න නිසා සින්ඩිකේටරෙන් ඔබව අයින් කරන්නට ඇති. ඒක නිසා ‍ඔබේ පාඨකයන් විශාල පිරිසක් ඔබට ම හැරෙන්නට ඇති. දෛනිකව මගේ බ්ලොග් පෝස්ට් කියවන්න දැන් සෑහෙන්න පිරිසක් එනවා. ඒ වගේම ඉද්දාටත් ‍එහෙමයි. සින්ඩිකේටරේ ඉන්න ගොඩක් සිංහල බ්ලොග් ලියන්නන්ට එහෙමයි. ඒක නිසා වෙනදා දුකෙන් හිටපු ඉද්දා දැන් සෑහෙන්න සතුටින්, තෘප්තියකින් බ්ලොග් එකේ සටහන් ලියනවා. අන්න ඒකයි වෙන්නේ. අධෛරයමත් වෙන්න එපා. සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ලියන්න. එතකොට ඔබට ඔබේ අදහස් විශාල වශයෙන් සමාජගත කරන්නට හැකිවෙනවා නියතයි.

දෙදෙනාටම ජය!

(ආ කියන්න අමතක වුනා! මාත් 11හේ තමා!)