සුදාරකගේ අන්තර්ජාල සටහන » තොරතුරු තාක්ෂණය

විවාහය
මාතෘකාවයි, බ්ලොග් අඩවියේ නමයි දෙක දැක්ක ගමන්ම මේක කියවන්න ආපු අයගෙ ඔළුවට එන්න ඇත්තෙ ඡන්ද බලය වත් තාම අතේ නැති මේ මනුස්සයට දැන්ම විවාහයක් ඔළුවට ගහල කියල වෙන්න ඕනෙ කියල මට 100%ක් විශ්වාසයි.

නෑ. ඒක එහෙම නෙවෙයි. ඕක හරි ලස්සන මාතෘකාවක්. කතා වෙන්න දේවල් නම් එමටයි. මම මේ බැලුවේ ගොඩක් අය කැමතියි තමන්ගෙ විවාහය අමුතු විදිහට සංවිධානය කරල කරගන්න. හරිම උත්සවශ්‍රීයෙන්. ජීවිතයට එකපාරක් විතරයි බොහෝ වෙලාවට උත්සවශ්‍රීයෙන් විවාහය කරගන්නෙ. ඉතින් විවාහය කියන්නෙ මං නං හිතන්නෙ ‍දැං කාලෙ කෙනෙක් උසස්‍ පෙළ ලිව්වට පස්සෙ මුහුනදෙන භයානකම කඩඉම.

මං මේ කියාගෙන ගියේ ගොඩක් අය උත්සවශ්‍රීයෙන් තමන්ගෙ විවාහ උත්සවේ කරන්න කැමතියිනෙ. ඔය අතරෙ ඉන්නව අමුතු අමුතු විදිහට තමන්ගෙ විවාහ උත්සවය සංවිධානය කරගත්තු අය. සමහරක් උත්සව බලන්න ආසයි. සමහරක් උත්සව බලන්නත් හිරිකිතයි.

පිටරටින් ලංකාවට ආපු පෙම්වතුන් යුවලක්, ලංකාවෙ දේශීය ඇඳුමෙන්… ඒ කියන්නෙ මනාලය සරමයි බැනියමෙන් සහ මනාලිය සාරියෙන් හැඩවෙලා බක්කි කරත්තයෙන් කැන්දගෙන ගියපු විවාහ උත්සව ගැන පත්තරවලින්, රූපවාහිනියෙන් බො‍හෝ විට දැකල ඇති.

දේශීය විදිහෙන් විවාහය කරගත්තු
විදේශීය පෙම්වත්තු

ඒ වගේම ලංකාවෙ ඉපදිලා විදේශීය ඇඳුමින් විවාහ උත්සවය පවත්වලා කාර් එකෙන් කැන්දගෙන ගිය විවාහ උත්සවත් තියෙනවානෙ. ඒ කියන්නෙ,

විදේශීය විදිහෙන් විවාහය කරගත්තු
දේශීය පෙම්වත්තු

ඒ වගේම තව තව අය එක එක විදිහෙන් තමන්ගෙ විවාහ උත්සවය සංවිධානය කරල තියෙනව. අහසෙ ගමන් කරන ගුවන් යානා වල නැගගෙන විවාහ වෙලා පැරෂුට් වලින් (යහතින්) බිමට පැනපු මනාල යුවල් ගැන ආරන්චි වෙනව.

ඔය කාටත් ඕනෙ අමුතු දෙයක් කරන්න. ඉතින් මාත් හිතුව අමුතුම ආකාරයේ විවාහ උත්සවයක් සංවිධානය කරන්න. මෙහෙම හිටියට මාත් innovative පාසලක පාසල් ශිෂ්‍යයෙක්නෙ.

මුලින්ම කරන්නෙ ෆේස්බුක් වෙබ් සයිට් එකේ event එකක් හදන එක. හදල හැම කෙනාටම මගේ මඟුලට ආරාධනා කරනව.
මගේ මනාලියගෙ ගෙදරයි, මනාලයා වන මගේ ගෙදරයි වෙබ් කැම් දෙකක් සවි කරල, live video stream දෙකක් අන්තර්ජාලයට මුදාහරිනව.
එහෙම කරල අර live video stream වෙන වීඩියෝ දෙක එක වෙබ් පිටුවකට සම්බන්ධ කරල, ඒකට chat room එකකුත් එකතු කරනව.
ඔන්න ඒකට live radio එකකුත් සෙට් කරනව.
ඉතින් නියමිත වෙලාවට අර මම හදල තියපු ඉවෙන්ට් එකේ පිටුවෙන් ආරාධනා ලබපු කට්ටිය. මේ වෙබ් පිටුවට එකතු වෙනව.

ඔන්න දැන් මගේ මඟුල යනව.
රේඩියෝ එකෙන් ඉතින් එක එක මඟුල් සින්දු වාදනය වෙනව.

ඉතින් ඔන්න මගේ මගුල යනව. මම මගේ වෙබ් කැම් එක ඉස්සරහ මගේ ගෙදර, මගේ මනාලිය එයාගෙ ගෙදර එයාගෙ වෙබ් කෑම් එක ඉස්සරහ. තව එතකොට යාලුවො දෙතුන් දෙනෙකුට ලයිව් රේඩියෝ එකේ වැඩේ බාරදෙනව.

ඉතින් ඔන්න පවුලේ ජ්‍යෝතිෂවේදියාට කියල කලින් බලාගත්තු නැකතට අනුව. (නිකම් පෝරු හදන්න සල්ලි නාස්ති කරන්නෙ ඇයි කියල) මම නගිනව පුටුව උඩට. මනාලිය නගිනව පුටුව උඩට… ඉතින් ඊට පස්සෙ මුදු මාරු කරන වෙලාවට. මම මගේ මනාලියට facebook application එකක් හරහ මුද්ද යවනව. මනාලියත් එහෙම්මම කරනව. අර ගාථා කියන වෙලාවට. කලින් රෙකෝඩ් කරගත්තු ගාථා ටික වෙලාවට වාදනව කරනව. ජයමංගල ගාථා ටිකත් ඒ විදිහටම කියල දානව. අලුත් මනාල යුවලට ලැබෙන තෑගි බෝග ඔක්කොම දෙන්නෙ facebook එක හරහ. සල්ලි එහෙම දෙනවනං paypal වුනත් පාවිච්චි කරන්න පුලුවන්. ඒකට links මම අර හදනවයි කියලු වෙබ් පිටුවට එකට එකතු කරන්නංකො.

පස්සෙ අපි දෙන්න විවාහය රෙජිස්ටාර් කරන්නෙත් අලුත්ම විදිහට. අපි විවාහ රෙජිස්ටාර්ට හදල දීපු වෙබ් සයිට් එකට ගිහිල්ල, ඒකෙ තියෙන වෙනම web form එකක් පුරවල. තමුන් තමන්ගෙ මනාලියව / මනාලයාව ජීවිත කාලය පුරාම බාරගන්නව කියල තියෙන එකට හරි ලකුණෙන් ටික් කරල. web form එක සබ්මිට් කරනව. ඊළඟ පිටුවෙන් විවාහ සහතිකය මුද්‍රණය කරගන්නත් පුලුවන්!

ඉතින් ඔහොම තමයි විවාහය සිද්ධ වෙන්නෙ. පස්සෙ අපේ වැඩත් එක්ක ලැබෙන නිවාඩු දවසක බස් එකකට නැගල, මධුසමය ගත කරන්න යන්න බැරියැ.

ලංකාව වගේ (සිරා) ආර්ථික, සමාජයීය, දේශපාලනික වටපිටාවක් තියෙන (සිරා ආතල්) රටක ඉන්න අපිට. මේ වගේ ලස්සනට මඟුල් උත්සවයක් සංවිධානය කරගන්න පුලුවන්නම්, ඒක කොච්චර වටිනවද? කන්න බොන්න දෙන්න ඕනෙත් නැහැ. සල්ලි වැඩිපුර වියදං වෙන්නෙත් නැහැ. අනික ඉතින් බොන්න දෙන්නෙත් නැති නිසා…

මතට තිතටම තිත!

සමාජයීය සංවර්ධනය උදෙසා තොරතුරු තාක්ෂණයේ භාවිතය.
වර්තමානයේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වන මාතෘකාවකි තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණ භාවිතයේ ගුණාත්මක භාවය ශ්‍රී ලංකාව වැනි රටක් තුළ කෙසේ සිදුවන්නේද යන්න පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය යුතු කාලයකි මේ. සාකච්ඡාව, සංවාදය තුළින් වඩාත් යහපත් තොරතුරු තාක්ෂණ භාවිතය සඳහා භාවිතාකරුවන් පෙළැඹවීම තුළින් තොරතුරු තාක්ෂණ භාවිතා‍ව පිළිබඳව පොදුජන මතය තව දුරටත් ශක්තිමත් කරලීම තුළින් ශ්‍රී ලංකාව තුළ වඩාත් නිවැරදි සහ ඵලදායී තොරතුරු තාක්ෂණ භාවිතයක් ඇතිකිරීම මෙම ලියවිල්ලේ මූලික අරමුණයි.

තොරතුරු තාක්ෂණයේ ප්‍රධානතම අංගයක්. උප සංස්කෘතියක් වන අන්තර්ජාලය වර්තමානය වන විට සීඝ්‍ර දියුණුවක් අත්කරගනිමින් සිටිනා බව ඔබ අප සැම සියලුම දෙනා දන්නා කරුණක්. තරගකාරී ගෝලීයකරණ ආර්ථික පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ පුරවැසියන් අන්තර්ජාලය වැනි ශක්තිමත් පුළුල් පරාසයක් තුළ විහිදුනු ආර්ථික උපාය මාර්ග භාවිතා කිරීම පිළිබඳව මඳක් පසුගාමී තත්වයක් අනෙකුත් රටවල් හා සසඳන කල්හී නිරීක්ෂණයට ලක්වන කරුණක්. කෙසේ නමුත් අන්තර්ජාල සම්බන්ධතාවන් ලබා ගැනීමේ විවිධ තාක්ෂණික ක්‍රම ශිල්ප ශ්‍රී ලංකාව පුරා ඉතාමත් සීග්‍රයෙන් පැතිරීයාමත් සමඟ අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමේ පුද්ගලයින් සංඛාව දිනෙන් දින ඉහළයමින් පැවතීම ඉතාමත් සාධනීය කරුණක්. නමුත්, මෙම සාධනීය ලක්ෂණය වඩාත් ඵලදායී ආකාරයකින් ඉහළ යනවාද යන කාරණය සංවාදගත විය යුතු බවයි අදහස.

බොහෝ දෙනා අන්තර්ජාලය හුදෙක් විනෝදාස්වාදය සපයන උපකරණයක් ලෙසින් සහ සමාජ ජාල අනුගත කෙරෙන අංගයක් ලෙසින් පමණක් දැකීම ඉතාමත් අභාග්‍ය සම්පන්න කරුණක්. අන්තර්ජාලය වඩාත් ඵලදායී ලෙසින් භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව ඔවුන්ගේ මනසට කාවැද්දීම තුළින් භූගෝලීය දේශ සීමාවක් තුළ රටක් වශයෙන් සිය ආර්ථික හා සාමාජයීය වටිනාකම් ඉහළට ගැනීමට හැකි බව පරිශීලකයින්ට අවබෝධ කරලීම වැදගත්.

ආර්ථික, සමාජීය, දේශපාලනික, සාහිත්‍යික සහ අධ්‍යාපනික වටිනාකම් අන්තර්ජාලය තුළ සැඟවී ඇති බව අවබෝධ කරවීම තුළින් සාමාන්‍ය පුරවැසියා තොරතුරු තාක්ෂණය හරහා බලාත්මක කිරීම තුළින් විශාල සංවර්ධනයක් පුද්ගලික වශයෙන්ද, කණ්ඩායම් වශයෙන්ද අවසාන වශයෙන් රටක් ලෙසින්ද ලබාගැනීමට හැකියවනවා නියතයි.

ඉංග්‍රීසි භාෂාව පමණක් නොව වෙනත් භාෂාවන් සමඟ ගනුදෙනු කිරීමේ විනිවිදයාමේ හැකියාවන් ඉස්මතු කරගැනීමට අන්තර්ජාලය හරහා ලැබෙනුයේ ඉතාමත් විශාල පිටිවහලක්. එමෙන්ම, පුළුල් පරාසයක් තුළ පැතිරෙන දැනුම් සම්භාරයක් එක්කර ගැනීමටද අන්තර්ජාලය හරහා එහි පරිශීලකයින්ට අවස්ථාව හිමිවනවා. එමෙන්ම එක දැනුම අතරට අපගේ දැනුමද එක්රැස් කිරීමේ හැකියාවද හිමිවීම නිසා තමන් තුළ පුද්ගලික වටිනාකම් ගොඩනගා ගැනීමට‍ හැකිවීමද සුවිශේෂී ලක්ෂණක් විදහා දැක්වෙනවා.

සරල උදාහරණයක් වශයෙන් විකීපිඩියා අන්තර්ජාල විශ්වකෝෂය ‍තුළ ඉතාමත් පුළුල් පරාසයක් තුළ විහිදී යන දැනුම් සම්භාරය ගබඩා වී තිබීම පිළිබඳ කරුණ ඔබට අමුත්තක් නොවෙයි. විද්‍යාත්ම දැනුම, සමාජයීය දැනුම සහ සාහිත්‍යමය දැනුම කේන්ද්‍රගත වූ ස්ථානයක් ලෙසින් විකීපීඩියා අන්තර්ජාල විශ්වකෝෂය හැඳින්වීමට හැකියි. එහි විශාල අන්තර්ගතයක් ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වී තිබීම සාමාන්‍ය ග්‍රාමීය ජනතාව වෙතට තොරතුරු ගෙනයාම පිළිබඳ අභියෝගයක් වන නමුත්, එම අභියෝගය ජය ගැනීමට අවශ්‍ය කරනු ලබන උත්ප්‍රේරක ඔවුන් වෙත ගෙනයාම වැදගත්. එවිටයි මේ සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීම අවශ්‍යවන්නේ. දිවයින පුරා නැණසල මධ්‍යස්ථාන බිහි වී තිබීම සහ නොයෙකුත් ව්‍යාපෘති හරහා තොරතුරු තාක්ෂණය සමාජගත කරවීමට ඒ හරහා ලැබෙන පිටිවහල අවතක්සේරු නොකළ යුතුයි. නමුත් ඒවායෙහි ගුණාත්මක බව තවදුරටත් ඉහළ යා යුතුයි.

ස්වදේශීය භාෂා අන්තර්ගතයන් අන්තර්ජාලය‍ට එකතු වීම අත්‍යවශ්‍ය කාරණයක්. ස්වදේශීය භාෂා හරහා තවත් විශාල පිරිසක් අන්තර්ජාලයට විවෘත වනවාක් මෙන්ම ඒ හරහා ඔවුන් විශාල අවබෝධයක් ලබා ගන්නවා ඇති. එමෙන්ම එම අන්තර්ගතයන් වැඩිවීම තුළින් Google Translate වෙත සිංහල හා ‍දමිළ භාෂාවන් එකතු වීම නිරායාසයෙන්ම සිදුවනු ඇති. ඒ හරහා පුද්ගලයින් විවිධ භාෂා අධ්‍යයනට නිරායාසයෙන් යොමු වනු ඇති අතර පොදුවේ ග්‍රාමීය මට්ටමේ සහ අර්ධ වශයෙන් නාගරික මට්ටමේ පොදු ගැටලුවක් වන ඉංග්‍රීසි භාෂා දැනීමේ අඩුව මින් පුරවාලිය හැකිවනවා ඇත. ස්වයං අධ්‍යනය හරහා වඩාත් නිදහස් අවකාශ‍යක් ලෙසින් අන්තර්ජාල භාවිතය තුළින් වඩාත් ඵලදායී ලෙසින් අධ්‍යයන කටයුතු වල නිරත වීම තුළින් දැනුමෙන් සන්නද්ධ වීමට පරිශීලකයාට අවස්ථාව හිමිවනු ඇති.

නමුත් සාමාන්‍ය පරිශීලකයාට මෙම දැනුම ගෙනයාමට ඇති අන්තර්ගතයන් ඒ ඒ භාෂාවෙන් සංවර්ධනය වීම සඳහා ඒ ඒ භාෂාවන්ගෙන් ඒ ඒ විවිධ වූ අංශ පිළිබඳව ප්‍රවීණත්වයට පැමිණි පිරිස් අන්තර්ජාලයට එකතු වීම වැදගත්. බොහෝ විට උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි, හින්දි, චීන (මැන්ඩරින්) වැනි භාෂා දත් ප්‍රවීනයන්, විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්, ආචාර්ය-මහාචාර්යවරුන් සහ ශිෂ්‍යයින් අන්තර්ජාලය තුළ විකීපීඩියා හෝ ‍වෙනයම් අනෙකුත් වෙබ් අඩවි බ්ලොග් අඩවි හරහා දැනුමෙන් සන්නද්ධ අන්තර්ගතයන් ඉදිරිපත් කිරීම දැකිය හැකියි. නමුත් ස්වදේශීය භාෂා‍වන්ගෙන් දැනුම අන්තර්ගතයන් එකතු වීම පවතින්නේ ඉතාමත් අඩු මට්ටමකින්. එයට ප්‍රධාන හේතුව සම්පත් දායක පුද්ගලයින් අවම වීම සහ සා‍පේක්ෂව ඉහත කී භාෂා භාවිතාකරුවන්ට සාපේක්ෂව ස්වදේශීය භාෂා භාවිතාකරුවන් අවම වීම. නමුත් මෙය අඩුවක් කරගත යුතු නැහැ. එම අඩුවම අභියෝගයක් බවට පත්කරගැනීම තුළින් ඉදිරියට යා හැකි බවයි විශ්වාසය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් සහ පාසල් සිසුන්ට මේ සඳහා දැනුවත්ව හෝ නොදැනුවත්වම දායකත්වය දැක්වීමට හැකියි. නමුත් එලෙස දායකත්වය දක්වන්නේ කී‍යකින් කී දෙනාද? අවම වශයෙන් තොරතුරු තාක්ෂණ පීඨ වල සිසුන් සමස්තය අතුරින් බ්ලොග් අඩවි ලියනු ලබන සිසුන් ප්‍රමාණය කවර ප්‍රතිශතයක්ද?

ඒ සඳහා ප්‍රධාන හේතුව ඔවුන් දැනුම ගවේෂණයට පෙළැඹිමේ ප්‍රවනාතව අවම අගයක් ගැනීම. ඔවුන්ට සරල භාෂාවකින් පැවසු‍වහොත් “වෙන වැඩ” තිබීම මෙහි හේතුවක් ලෙසින් ගත හැකියි. දැනුම සොයා යාමට නිදහස් අවකාශය ලංකාව වැනි පරිසරයක් තුළ නොමැති වීම කණගාටුවට කරුණක්. සරල උදාහරණයක් උසස් පෙළ සිසුවකු වශයෙන් මා තුළින්ම ගත හැකියි. විභාග ඉලක්කයක් කේන්ද්‍ර කරගනිමින් ඉතාමත් සුවිශාල වැඩකොටසක් මා මෙන්ම මාගේ මිතුරන් සතුවත් පවතිනවා. ඔවුන්ට නිදහස් මනසකින් යුතුව ගීයක්, චිත්‍රපටියක්, නවකතාවක් හෝ අඩුම තරමින් බ්ලොග් අඩවියක් හෝ රසවිඳීමට අවකාශ හිමිවන්නේ නැහැ. මේක ඉතාමත් අවාසනාවන්ත සමාජයීය වටපිටාවක්. මේ විභාග සමත් කරවීමේ ක්‍රියාදාමය කිසිලෙසකින්වත් ශ්‍රී ලංකාවේ ඉදිරිගමනට බල නොපාන බවයි මගේ නම් විශ්වාසය.

ඉතින් අපිට දෙවියන්ගේම පිහිටයි!

කෙසේ නමුත් තොරතුරු තාක්ෂණ භාවිතය සංවර්ධනය කිරීම පිළිබඳව සංවාදය තව දුරටත් ඉදිරියට ගෙනයාම අත්‍යවශ්‍ය කරුණක්. ලංකාවේ විශ්ව විද්‍යාලයක වෙබ් අඩවියක් දකින විටත් ඇති වන්නේ සරල සංවේගයක්. අන්තර්ගතය කෙසේ වෙතත් නිමාව පිළිබඳව අර්බුදයක් පරිශීලක මනසේ ඇතිවනවාට කිසිදු සැකයක් නැහැ. w3school වැනි වෙබ් අඩවියක් හරහා කිසිදු මූලික දැනුමකින් ‍තොරව වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව දැනීම ලබාගැනීමට හැකි මෙවන් යුගයක, විශ්ව විද්‍යාල සිසුන්ටම එක්වී සරල නමුත් ආකර්ශනීය ආකාරයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කර නොහැකිදැයි ප්‍රශ්නයක් ඇති වීම සාධාරණයි. w3school සහ තවත් නොයෙකුත් වෙබ් අඩවි හරහා ඉතාමත් පහසුවෙන් වෙබ් අඩවි නිර්මාණ සහ ග්‍රැෆික් නිර්මාණය පිළිබඳව ඉගෙනීමේ හැකියාව දැන් අන්තර්ජාලය හරහා ඔබට හිමිවනු ලැබීම ඉතාමත් වාසිදායක දෙයක්. ස්වයං අධ්‍යයනය තුළින් ඉගෙනීමට හැකිවීම හරහා ඔබට වැය වනු‍යේ අන්තර්ජාල සම්බන්ධතාවට අදාල ගාස්තුව සහ කාලය පමණයි. ඒ හරහා ලැබෙන දැනුම තුළින්ම අන්තර්ජාලය තුළ විවිධාකාරයේ රැකියා කිරීම තුළින් යම්කිසි ආදායමක් ලැබීමටද හැකියි. එලෙස මුදල් උපයන වෙනත් රැකියාවන් නොකරන තරමේ පිරිසක්ද බිහිවී තිබෙනවා. අන්තර්ජාලයෙන් මුදල් සංයුක්ත තැටි වලට නොරැවටී තමන්ගේම ක්‍රම හරහා අන්තර්ජාලය ජයගැනීමට හැකියාව දැන් ඔබ සතුයි. එබැවින් මේ පිළිබඳව අවධානයෙන් සිටින්න.

අන්තර්ජාලය තොරතුරු තාක්ෂණයේ එක් උපක්‍රමයක් පමණයි. විවිධ උපක්‍රම විවිධාකාරයෙන් අත්හදා බලමින් පුද්ගලික වශයෙන් වටිනාකම් එක්රැස් කරගැනීමට අමතක කරන්න එපා. බ්ලොග්කරණයේ නියැලීමත් තවත් එක් අංගයක්. ඒ හරහා උප සංස්කෘතියක් නිර්මාණ වෙමින් පවතින බවත් ඔබේ අවධානයට ලක් කිරීමට කැමතියි. ඔබගේ ලිවීමේ හැකියාවන් දියුණු කරගැනීමට බ්ලොග් අඩවි සුවිශාල පිටිවහලක්!

සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය සාකච්ඡාව දා… සහ තවත් අතුරු කතා
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “අසෙනිය කුසුම” භාෂා හා සාහිත්‍ය කළා උළෙල හා සමගාමීව පැවැත්වෙන  සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය  සාකච්ඡාව හා සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත් ලබාදීම පසුගිය බ්‍රහස්පතින්දා දින (2009 මැයි මස 24 වැනිදා) පැවැත්වුනා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පූර්ණ අනුග්‍රාහක මේ සඳහා හිමිවීම තවත් සුවිශේෂී කරුණක්. මෙම අවස්ථාව ‍කොළඹ රාජකීය විද්‍යාලයේ ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් වනවාට කිසිදු සැකයක් නැහැ.

මෙම අවස්ථාව සඳහා සහභාගී වු කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක තිෂ්‍ය වික්‍රමසිංහ විසින් පැමිණ සිටි පිරිස පිළිගත් අවස්ථාවයි මේ…

කොළඹ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පති උපාලි ගුණසේකර මැතිඳුන් මාධ්‍ය ඇමතූ අවස්ථාවයි මේ…

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ සභාපති ලක්පති විජේසේකර සොහොයුරා සභාව අමතමින් මෙහි අරමුණ හා ඉදිරිදැක්ම ප්‍රකාශ කළ අවස්ථාවයි මේ දැක්වෙන්නේ…

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය වෙනුවෙන් සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ව්‍යාපෘති නිලධාරී සුපුන් සුදාරක (මම   ), සිංහල බ්ලොග්කරණ තරඟාවලිය පිළිබඳ ‍තොරතුරු හා පැහැදිලි කිරීම් ඉදිරිපත් කරනු ලැබුවේ මේ ආකාරයටයි…

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සන්නිවේදන හා ජනමාධ්‍ය අංශයේ වැඩසහන් ප්‍රධානී, අතුල පුෂ්පකුමාර මහතා මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙහි පූර්ණ අනුග්‍රාහකත්වය ලබාගැනීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සිදුකරනු ලැබුවා… ඒ, මේ ආකාරයටයි…

ඉන් අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය භාර ආචාරිණී ඉන්ද්‍රා මාදුගොඩ ගුරුතුමිය මාධ්‍ය ඇමතුවේ මේ ආකාරයෙන්.

අවසාන වශයෙන් සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ ලේකම් ලහිරු වික්‍රමසිංහ සොහොයුරා මාධ්‍ය අමතමින් මෙම අවස්ථාව සඳහා සහභාගි වූ සියලුම දෙනා වෙනුවෙන් තම ස්තූතිය පුදකරනු ලැබුවා.

මේ එම අනුග්‍රාහක චෙක්පත සංකේතාත්මකව ලබාදුන් අවස්ථාවයි…

හරි. ඒ ප්‍රධාන කතාව. දැන්…. අතුරු කතාව.

මේ කටයුත්ත පිටිපස්සේ තවත් බොහෝ පිරිසක් ඒක රාශී වෙලා සිටිනවා. දැනට බ්ලොග්කරණයේ නියැලෙන කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් වන අන්ජු ජයතිලක, වරුණ ඉද්දමල්ගොඩ, කසුන් කපුරුබණ්ඩාර යන සොහොයුරන්ගෙන් මේ සඳහා ලැබෙන්නේ නොමඳ සහයෝගයක්. ඔවුන් නැතිනම් මෙම කටයුත්ත ඉතාමත් දුෂ්කර කාර්යයක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලය තුල සිසුන් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන LE ROYALE නිදහස් මාධ්‍ය ඒකකයත් අමතක කළ ‍නොහැකි මාතෘකාවක්. සිසුන් සිය ස්වේච්ඡාවෙන් පාසලේ සිදුවන සියලුම කටයුතු සඳහා පුළුල් ප්‍රචාරණයක් අන්තර්ජාලය තුල ගෙනයමින් පවතිනවා. මෙය ඉතාමත් සුවිශේෂී, එමෙන්ම භාරදූර කාර්යයක්. වගකීමක්. මෙම අවස්ථාවත් ඔවුන්ගේ ආවරණයට ලක් කර අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අපගේ නොමඳ ස්තූතිය පුද කෙරෙන බව දැන්වීමට කැමතියි.

මෙයට අමතරව මෙම කටයුත්ත සඳහා අනුග්‍රාහකත්වය සපයන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නි‍යෝජිතායතනය සුවිශේෂීයි. මේ සඳහා අවශ්‍ය කරන සියලූම තාක්ෂණික දැනුම, තාක්ෂණික පහසුකම් ලබාදෙමින් ඔවුන් ලබාදෙන සහයෝගය මෙම කටයුත්තේ සාර්ථකත්වය සඳහා ඉතාමත් වැදගත්. ඔවුන්ගේ ආයතනය අපට විවෘත කරමින් දින දෙකක් ඇතුලත ඉතාමත් ක්ෂණික සංවිධානය වු මෙම මාධ්‍ය සාකච්ඡාවට උපකාර කරමින් ඔවුන් දැක්වූ සහයෝගය අපට අමතක කළ නොහැකියි. විශේෂයෙන්ම ප්‍රියංක ආරියසුමන මහතා සහ ශාමෙන් පි‍ල්ලේ මෙනෙවිය මෙ‍හිදී අමතක කළ නොහැකි සුවිශේෂී චරිත දෙකක්. සෑම අවස්ථාවකම අපට උපදෙස්, පහසුකම් සපයමින් ඉතාමත් සුවි‍ශේෂී කාර්යභාරයක් ඉටු කරන ලද චරිත දෙකක් ඒ…

සිංහල බ්ලොග්කරණ තරගාවලිය ජුනි මස සිට අ‍ගෝස්තු මාසය දක්වා කාලය තුල පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනඒමට අප www.sahithya.lk වෙබ් අඩවිය හරහා සුදානමින් සිටින බව ඔබට මෙයින් දැනුම්දීමට කැමතියි. තරඟාවලිය පිළිබඳ තොරතුරු ඔබට ‍මේ හරහා ලබාගැනීමට හැකියි. අප මාධ්‍ය නිවේදනය ලබාගැනීමට මෙම වෙබ් පිටුවට පිවිසෙන්න.

සිංහල බ්ලොග්කරුවනි, සූදානමින් සිටින්න!

තරගාවලිය පිළිබඳ තොරතුරු www.sahithya.lk වෙබ් අඩවිය හරහා බලා පොරොත්තු වන්න.

ඩනිෂ්කගේ දින පොත – සාහිත්‍ය.lk

දෙබස – Podcast episode 01 – පළමු වැඩසටහන : sahithya.lk සහ වෙනත් කතා

Lakpathy’s Blog – Press Release

ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් 'විජය පරිගණක' සඟරාවද නොවන්නේය
අද විජය පරිගණක සඟරාව නොදන්නකු නැති තරම්ය. මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි. එහෙත් මේ දීර්ඝ ගමනද 1997 ජූලි මාසයේදී ආරම්භ වූයේ තනි කුඩා පියවරකිනි. එහි මුල්ම කාර්ය මණ්ඩලයේ වූවෝ දෙදෙනෙකි. එක් කෙනක් ඒක පුද්ගල කතෘ මණ්ඩලය වූ මමය. අනෙකා දින කිහිපයකට පෙර අපෙන් වියෝ වූ ප්‍රගති මහීලාල්ය. ප්‍රගතිගේ රාජකාරිය වූයේ ලිපි ලිවීම හැරුණු විට අනෙක් සියළුම දේවල්ය. වෙළෙඳ දැන්වීම් සොයා ගැනීම, මුද්‍රණය, බෙදාහැරීම පමණක් නොව මට අවශ්‍ය පොත්පත් සොයා පොත්හල් ගානේ රස්තියාදුවීමද ඒ අතර විය.

“කළු මහත ළමයෙක්. කඩියා වගේ වැඩ!” මේ ලංකාදීප ප්‍රධන කතෘ සිරි රණසිංහයන් දෙවැකියකින් මට ප්‍රගති හඳුන්වා දුන් හැටිය. සහතික ඇත්ත. ප්‍රගති කඩියෙකි. වැඩක් බාරගත් මොහොතේ සිට සාර්ථකව ඉවර කරන තුරු ඔහුට නිවනක් නැත. උදේ සිට රෑ වනතුරු කළේ ඒ වෙනුවෙන් දුවන එකය.

මුල්ම පරිගණක සඟරාව එළි දක්වන්නට අප දෙදෙනාට මසක කාලයක් ලැබිණි. (මෙය ‘විජය පරිගණක’ වූයේ පසුවය. කලින් පුරුද්දට මට තවමත් එය කියැවෙන්නේ ‘පරිගණක’ සඟරාව හැටියටය.) අද නම් එවැන්නක් සතියකින් කළ හැකිය. එදා එය විශාල අභියෝගයකි. වසර දොළහකට පෙර පරිගණක තාක්ෂණය ගැන හොඳ ලිපියක් සරල භාෂාවෙන් ලියන්නට පවා කෙනකු නොවිණි. ලියූවන් ලිව්වේද එක්කෝ බාග ඉංගිරිසියෙනි. නැතිනම් පාඨකයන්ට තියා ලේඛකයාටවත් නොතේරෙන භාෂාවකිනි. නිසි වදන් නැතිවීම තවත් අඩුවක් විය. (බොහෝ වදන් බන්දුසීල, එඩ්වින් ආරියදාස වැනි වියතුන්ගේද සහාය ඇතිව අපි තනා ගතිමු. ‘වෙබ් අඩවි’, ‘බා ගත කිරීම’, ‘ජව ගැන්වීම’,'සංගත තැටි, ‘තැටිති’ අප එදා නිර්මාණය කළ යෙදුම් කිහිපයකි.) ‘සිංහලෙන් ඕවා ලියන්න පුළුවන්ද?’ ඇසුවෝත් වූහ. එඩ්වින් ආරියදාස, මහාචාර්ය වී. කේ සමරනායක වැනි සුළු පිරිසක් අප දිරිමත් කළද ඔවුනගේ අදහස වූයේද සිංහල මාධ්‍ය පරිගණක සඟරාවකට පිටපත් දස දහසකට වඩා අළෙවියක් නැති බවය. මේ කතා කරන්නේ 1997 ගැනය. දහයකින් කෙනකුවත් පරිගණකයක් දැක නොතිබිණි. රටේ භාවිතා වූ මුළු ජංගම දුරකථන සංඛ්‍යාව ලක්ෂයකට අඩුවිය. වෙනෙකක් තියා මුළු ලංකාදීප කතෘ මණ්ඩලයටම එකම පරිගණකයක් වත් තිබුනේ නැත.

විජය පුවත්පත් සමාගමේ පාලනාධිකාරියෙන් අපට සඟරාව පළ කරනවාට අමතරව තවත් අභියෝගයක් ලැබුණේය. ඒ සමාගමේ සියළුම ප්‍රකාශනවල පිටු සැකසීම පරිගණීකරණය ආරම්භ කරන ලෙසය. ඒ වන තුරුම විජය පුවත්පත් සමාගමට සිංහල පිටු සැකසීම් අංශයක් කියා දෙයක් නොතිබිණි. සිටියේත් පිටු සැකසීම් ශිල්පීන් නොව පරිගණක යතුරු ලියන්නන්ය. ඔවුන් කොලම් මහතට යතුරු ලියා දෙන ලිපි පරණ විදියට සුදු කඩදාසියේ ඇළවීමෙන්ය පිටු සකසා ගත්තේ. පේජ් මේකර් හා ෆොටෝ ෂොප් පරිගණකයන්හි ස්ථාපනය කොට තිබුනද භාවිතාවක් නොවීය. පළමු වරට ඒවා භාවිතා කළේ පරිගණක සඟරාව වෙනුවෙනි. අද මතක් වන විට සිනා පහළ වුවත්, වැඩි වැඩ නැතිව පළමු පිට සකසා ගැනීමට මටත් චන්දන, ගුණතිලක දෙසොහොයුරන්ටත් පැය තුනකට ආසන්න කාලයක් ගතවිය.

මේ දීර්ඝ අටුවාව ලීවේ ප්‍රගතිත් මාත් භාරගත් අභියෝගයේ තරම කියන්නටය. මම ප්‍රගතිගේ බොස් වීමිද, නැතහොත් ප්‍රගති මගේ බොස් වීද මම අදත් නොදනිමි. එවැන්නක් සිතීමට වත් අවකාශයක් වූයේ නොවේ. අගෝස්තු 12 වැනිදා ලංකාදීප පුවත්පත සමඟ නිකුත් වීමට නියමිත පළමු පරිගණක කලාපයේ වැඩ කටයුතු අප නිමා කළේ ඉන් පෙරදිනය. මුද්‍රණයට යන්නට පැයකට පෙරත් ප්‍රගති පිටු මාරුවක අවුල් ඇරියා මතකය. මුල්ම සඟරාව මුද්‍රණය වී එනතුරු විජය පුවත්පත් ආයතනයේ පහළ මහලේ බලා සිටීම ප්‍රගතිටත් මටත් නවමු අත්දැකීමක් විය. අපේ උත්සාහයේ මිහිර විඳ ගැනීමට ලැබුනේ පසුවදා පාරේ තැඹිලි විකුනන්නන්ද පරිගණක සඟරාව කියවනු දැකීමෙනි.

ප්‍රගති ගැනත් පරිගණක සඟරාව ගැනත් මට තවත් බොහෝ මතකයන් ඇත. එහෙත් ඒ වෙනුවට අප දිනාගත් දේ ගැන කතාකිරීම වඩාත් අවස්ථෝචිතය. 1999දී තනිව නැඟී සිටීම ආරම්භවූ පරිගණක සඟරාවට මුලදී දස දහසක මාසික අළෙවියක් වත් නොතිබිණි. මගේ මතකය නිවැරදි නම් දෙවැන්න කලාප 6,000 කටද, තෙවැන්න 5,000 කටද පහත වැටුණේය. මේ වනවිට අපේ උත්සාහය ගැන අපටම සැක පහළ වුවද අවසාන මොහොත දක්වා සටන අත නොහැරීමට අපි අධිෂ්ඨාන ශීලී වීමු. මාසයකට දහස දෙදහස ගණනේ අළෙවිය ඉහළ නැංගේය. 2001 ආර්ථික අවපාත සමයේ වෙනත් බොහෝ ප්‍රකාශනවල අළෙවිය වැටෙද්දී අපි නොකඩවා ඉහළ නැංගෙමු. අවසානයේ ප්‍රගති හා මා 2004 දී ඉන් ඉවත් වන විට විජය පරිගණක සඟරාවේ මාසික අළෙවිය 42,000 ඉක්මවා තිබුණේය. අපෙන් පසු ඒ කටයුත්ත භාරගත් පාලිත අමරසුරිය සොහොයුරා දැන් එය එමෙන් කිහිප ගුණයක් ඉහළ නංවා කිසිම තරගයක් නැතිව එය වෙළෙඳපළ නියමුවා කොට ඇත.

මීට අමතරව විජය පරිගණක සඟරාව මඟින් අපි ශ්‍රී ලංකාවේ පළමු වරට ජාතික මට්ටමේ පරිගණක සම්මේලන පැවැත් වූයෙමු. පදනම් ආයතනයේ විශාල ශාලාව පිරෙන්නට මේවාට සෙනඟ එක් රැස්වූ බව මට මතකය. පළමු සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා වුයේ එවකට ජනමාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායකය. මහාචාර්ය වී. කේ සමරනායක, මහාචාර්ය ගිහාන් ඩයස්, ආචාර්ය බන්දු රණසිංහ, ක්‍රිශාන්ත සිල්වා (දැනට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති ), ගාමිණි ගුණවර්ධන, එස්. එම්. බන්දුසීල, ටී. එම්.ජී. චන්ද්‍රසේකර (ඔහුගේ ‘අන්තර්ජාලය ඔබේ නිවසට’ වැඩසටහන එවකට අතිශය ජනප්‍රිය විය.) හා නාලක ගුණවර්ධන  මේවාට සම්පත් දායකයින් සේ සහභාගි වූයේ සතයක් වත් නොගෙනය. මෙහි සම්පූර්ණ ගෞරවය යායුත්තේ ප්‍රගතිටය. ඔහුගේ අපූර්ව සංවිධාන ශක්තිය නොවීනම් මේ කිසිවක් සිදුවිය නොහැකිව තිබිණි.

වෘත්තීය සගයකු හැටියට ප්‍රගති සමඟ තරම් පහසුවෙන් මම වෙනත් කිසිවකු සමඟ කටයුතු කළේ යැයි නොසිතමි. සාමාන්‍යයෙන් මා සමඟ වැඩ කිරීම කෙනකුට පහසු නැත. මාධ්‍ය ජීවිතයේදී එය වඩාත් දැනේ. එහෙත් ඔහු සමඟ කටයුතු කළ දීර්ඝ කාලය තුළ වරක් හෝ අප අතර වාදයක්, උනුසුම් කතාබහක් නොවීය. අප දෙදෙනා එකකු ලෙස හැපුණේ අනුන් සමඟය.

විජය පරිගණක සඟරාව පිළිබඳ බොහෝ කටයුතු මා කළේ නිර්නාමිකව හෝ ආරූඪ නම් වලිනි. විවිධ නම් විසි පහකට වැඩි සංඛ්‍යාවකින් මම ඊට ලියා ඇත්තෙමි. හේතුව මාධ්‍ය භාවිතාව මගේ අනෙකුත් රැකියා කටයුතු වලට බාධාවක් වීමය. මට සේම ප්‍රගතිටත් ඒ වෙනුවෙන් ලැබුනේ සොච්චමකි. එහෙත් ඒ ගැන අප දෙදෙනාටම අවංකව සතුටුවීමට කරුණු කාරණා තිබිණි. අද අපට හමුවන පරිගණක ක්ෂේත්‍රයේ දැනුමැති යව්වනයෝ ජීවිතයේ එක්තරා වයසක විජය පරිගණක සඟරාවෙන් එක්තරා මට්ටමකට උගැන්මක් ලැබූවෝය. ඔවුන් ඒ මට්ටමට ගත්තේ අපයැයි මම නොකියමි. එහෙත් අප ඔවුනට රුකුලක් වී නම් ඒ ගැන අවංකව සතුටු විය හැකිය.

පරිගණක සඟරාවෙන් ඉවත් වූ පසු ප්‍රගතිගේත් මගෙත් සන්නිවේදනය එක්තරා මට්ටමකට සීමා විය. එය වසර ගණනාවකට පසු මෑතක යළි අළුත් වූයේ ඔහු ‘ඩේලි මිරර්’ පුවත්පතෙහි වෙළඳ දැන්වීම් කළමනාකාර ධුරයට පත්වීම සමඟය. බොහෝ කාලයකට පසුව රැකියාවේ ධනාත්මක වෙනසක් වන්නට යෑම ප්‍රගතිට සුභ ආරංචියක් විය. (පරිගණක සඟරාවෙන් ඉවත් වීමෙන් පසු ඔහු කළේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩි අභියෝගයක් නැති වැඩ කටයුතුය.) කෙසේවෙතත්, ආර්ථික අර්බූදයක් ඉදිරියේ තබාගෙන රැකියාවේ වෙනසක් වීමේ අවදානම ගත යුතුද යන්න ඔහුට ගැටළුවක් විය. ප්‍රගති ගැන දන්නා මම ඊට දිරි දුනිමි. ප්‍රගතිට අවශ්‍ය වූයේ අභියෝගය. අභියෝග නැති තැන ඔහු උදාසීන වෙයි. අළුත් රැකියාව ඔහු දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ අභියෝගය ඔහුට ලබා දෙනු ඇතැයි මම කල්පනා කළෙමි. ඒ සති කිහිපයකින් ඇසෙන්නට යන අසුභ ආරංචිය නොදැනය.

ප්‍රගති ‘පරිගණක’ පවුලේ අපට අහිමි වූ පළමුවැන්නා නොවේ. අප මුලින් සෝපත් කළේ PC Quest හි ආරම්භක කතුවරයා වූ ඇන්තනි ඩේවිඩ් රාජුය. ප්‍රගති සේම ඩේවිඩ්ද මියගියේ අඩු වයසිනි. ඩේවිඩ් පසට යටකළ ඒ අවාසනාවන්ත උදෑසන අපි ප්‍රගති සමඟ කඳුළ බෙදා ගතිමු. අද ප්‍රගතිද අප හැර ගොසිනි. අපි ඔහුද ඩේවිඩ් සේම දෙව් මව් තුරුළට යවමු.

“ප්‍රීතිමත් කුමාරයානෙනි – ඔබට සුභ රාත්‍රියක්” මේ ඩේවිඩ් වෙනුවෙන් අප මින් වසර දහයකට කලින් ලියූ ලිපියක මාතෘකාවය. ප්‍රගති වෙනුවෙන්ද එය භාවිතය නුසුදුසු යැයි මට නොසිතෙයි.

චානුක වත්තේගම

ආරම්භක සංස්කාරක (1997-2004)

‘විජය පරිගණක’

මේ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වසරයි!
2009 අවුරුද්දත් ලැබුවා එහෙනම්. අලුත් අවුරුද්දේ කරන්න නම් වැඩ‍ කෝටියයි. ඔන්න ‍මේ අවුරුද්ද එසේ මෙසේ අවුරුද්දක් නම් නෙවෙයි. ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කරන අවුරුද්ද තමයි මේක. ඒ විතරක් නෙවෙයි, මේ අවුරුද්ද තමයි තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි ප්‍රවර්ධන වසර. ‍ඉංග්‍රීසි ප්‍රවර්ධනය හොඳයි තමයි, ඒ වුනත් ඕක මෙහෙම වුනානම් හොඳයි කියලා මට හිතෙනවා. ‍”තොරතුරු තාක්ෂණ හා ත්‍රෛභාෂා, පරිශීලන හා ප්‍රවර්ධන වසර. ඇයි ඒ ත්‍රෛභාෂා කිව්වේ. ඔව් ඔව්, ත්‍රෛභාෂා කිව්වේ සිංහල, දමිළ, ඉංග්‍රීසි තමයි. මම අදහස් කරේ… ලංකාවේ අන්තර්ජාලය භාවිතා වෙන්නේ වැඩිපුරම ඉංග්‍රීසියෙන් නේ… ඒක නිසා ඉංග්‍රීසි ප්‍රවර්ධනය කිරීම වැදගත් වගේම. මව් භාෂාවනුත් අන්තර්ජාලය හා අනෙකුත් තොරතුරු තාක්ෂණ උපක්‍රමත් එක්ක බද්ධ කරොත් හොඳයි කියලයි. හැබැයි ඉතින් දැන් ඕක වෙනස් කරන්න මට බෑනේ. කොහොමින් කොහොමින් හරි මේ වගේ වසරක් ප්‍රකාශ කරපු එකට අපි ස්තූතිවන්න වෙන්න ඕනේ, අන්තර්ජාල තොරතුරු ප්‍රචාරණ බ්ලොග්කරුවන් විදිහට. හැබැයි මේක නම් කරාට විතරක් මදි. ක්‍රියාවට නං වන්නත් ඕන. ඉතින් හැබෑටම කොහොමද මේක ක්‍රියාවට නංවන්නේ? ඒක නම් ප්‍රශ්නයක්.

තොරතුරු තාක්ෂණය, එහෙමත් නැත්නම් IT (මේ IT අකුරු දෙක තමයි වැඩිපුර භාවිතා වෙන්නේ) කිව්වාම ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන්නේ පරිගණකය, ගේම් ගැහිල්ල, වර්ඩ් වලින් ලියුමක් ටයිප් කරන එක විතරයි කියලා තමයි මටනම් හිතෙන්නේ. ඒත් ඒක වැරදියි. මුලින්ම මේක පිළිබඳ අවබෝධයක් ලබාදීම වැදගත් වෙනවා. Internet, Web, E-Mail, Chatting, Video Conferencing, Social Networking, Web Based Job Market (වෙබ් පදනම් කරගත් රැකියා වෙළඳ පොළ) හා ක්ෂණික තොරතුරු සම්ප්‍රේෂණය වගේ දේවල් පිළිබඳ වගේම ලංකාවේ නව ප්‍රවණතාවය වෙන Blog ගැන හැඳින්වීම් ඇතුලත් අංග සම්පූර්ණ දේශණ පවත්වන්න අවශ්‍යයි. මේක හරි ලේසියි. ICTA එකේ ඉන්නේ සම්පත් දායකයන්ට ඉතාමත් පහසුවෙන් පුලුවන්. පාසල් ග්‍රහණය කරගන්න. අවුරුද්දට දින 365ක් තියෙනවා නෙව. ඒකෙන් අවම වශයෙන් දින 222ක්වත් පාසල් පැ‍වැත්වෙනවා. ඉතින් මේ එක දවසකට පාසල් 10කට වත් තමන්‍ගේ එක නියෝජිතයෙක්වත් (ඇත්තටම එක නියෝජිතයෙක් ඇති) යවලා පොඩි සම්මන්ත්‍රණ, වැඩමුළු වගේ දේවල් පවත්වන්න පුළුවන්. හැබැයි පරහක් තියෙනවා. සමහර පාසල් වලට විදුලිබල පහසුකම් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට හරි හැටි ශාලාවක් නැතිවෙන්න පුළුවන්. මෙන්න ‍මේ නිසා, වහාම වගකිව යුතු පුද්ගලයින් එකතුවෙලා, ඒ පහසුකම් යම් වශයෙන් හරි සපුරාලන්න අවශ්‍යයි. එහෙම කරලා, ඊට පස්සේ අර නියෝජිතයාට ගිහිල්ලා තමන්ගේ වැඩමුළුව පවත්වන්න පුළුවන්. ඒ වගේම Schoolnet එක පුළුල් කරන්න අවශ්‍යයි. ළමයි අනවශ්‍ය වෙබ් අඩවි වලට යනවා කියලා හිතෙනවානං (එහෙම යනවා තමයි   ) සුදුසු පෙරහන් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒක 100%ක්ම සාර්ථක නෑ. ඒක නිසා සුදුසු මඟ පෙන්වන්නෙක් අවශ්‍ය කරනවා. ඇත්තම තත්ත්වය කිව්වොත්, 90%ක් පාසල් ගුරුවරුන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ තේරුමක් නෑ කියලයි මට හිතෙන්නේ. ඒක නිසාම තමයි, සමහර පාසල් වල කොම්පියුට‍ර් ටික විදුහල්පති වරයා‍ගේ කාමරේ හරි, නැත්තන් වෙන කාමරේක හරි හිර කරලා තියන්න සමහරු පෙළඹුනේ. මෙන්න මේ කරුණ නිසා, ICTA හෝ, වෙනයම් ආයතනයකින් පුහුනුවලත් දැනුම් තේරුම් ඇති පිරිසක්, අවම වශයෙන් 3ක්වත් එක් පාසලකට ලබාදීම වැදගත්. එතකොට ලංකාවේ රැකියා ප්‍රශ්නයටත් සැලකිය යුතු විසඳුමක් ලැබේවි. මේ කියන්නේ බැරි ‍වැඩක් නෙවෙයි කියලයි මට නම් හිතෙන්නේ. තමන්ට ඇත්තටම තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධනය කරන්න අවශ්‍යනම්, මේ දේවල් මහලොකු වැඩ‍ නෙවෙයි. ඊළඟට සෑම ගමකටම සියළුම සන්නිවේදන පහසුකම් ඇතුලත් නැණසළක් තියෙනවානම්, ඒක ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම SLT, Mobitel, Dialog වගේ ආයතනවලට තමන්ගේ සේවාවන් පුළුල් කරන්න අවස්ථාව ලබාදෙන්න ඕනේ වගේම, ඔවුන් තමන්ගේ සේවාවන් තදාසන්න ප්‍රදේශවලින් බැහැරට ගෙනියන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් සම්පාදනය කරගන්න උනන්දුවෙන්න ඕනේ. රටපුරා විහිදෙන ප්‍රකාශ තන්තු ජාලයකින්, Wi-Fi ජාලයකින්, Wi-Max, 3G ජාලයකින් හෝ HSDPA ජාලයකින් පහසු, ලාභදායි ජාලකරණ ක්‍රමයක් නිර්මාණය කරන්න අවශ්‍යයි. මේ සඳහා සුදුසු පියවර ගැනීම වැදගත්. ග්‍රාම සේවක වරුන්ට, තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනීමක් තියෙනවානං හොඳයි තමයි, ඒත්… ‍ගොඩක් ග්‍රාමසේවක වරු මේ සම්බන්ධයෙන් උනන්දුවක් නෑ. උනන්දුවක් තියෙන අය නැතිවාම නෙවෙයි. ඒ වුනාට බහුතරයකට නෑ කියලා තමයි මට හිතෙන්නේ. මේ උනන්දුව නැති නිසාම ග්‍රහණය කරගන්න එක අමාරු වෙයි IT කියන දේ. මොකද තමන්ගේ උනන්දුව තියෙනවානං ඉතාමත් පහසුවෙන් තොරතුරු තාක්ෂණය අල්ලගන්න පුළුවන්. තොරතුරු තාක්ෂණයේ ගැඹුරටම යන්න අවශ්‍ය නෑ. මූලික‍ ‍දේවල්, ඒ කියන්නේ ඔෆිස් මෘදුකාංග, අන්තර්ජාලය වගේ ‍‍දේවල් දන්නවානං විශාල සේවාවක් සපයන්න ග්‍රාමසේවක නිලධාරීන් හරහා පුළුවන් වේවි. ග්‍රාම සේවක නිළධාරීන් හරහා ‍ගොවීන්ට, ගෘහනියන්, ශ්‍රමිකයන් සහ අනෙකුත් අයව එකතු කරගන්න පුළුවන්. ඒ ව‍ගේම පාසල් වල තොරතුරු තාක්ෂණ සංගම් පිහිටුවීම වැදගත් දෙයක් වේවි.

ඊළඟට ඉංග්‍රීසි. ඉංග්‍රීසි විතරක් නෙවෙයි භාෂා තුනම ප්‍රවර්ධනය කරා නං තමයි හොඳ. එතකොට දුර බැහැර, ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයට ඉතාමත් පහසුවෙන් අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන් වේවි. අන්තර්ජාලයට එකතු වුනාම. ඒ අය සිංහල භාෂා අඩවි වල විතරක් හිර වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අඩවි වලටත් පිවිසෙනවා. ඒත් එක්කම ඒ අයට තේරේවි ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය බව. ඉතින් ඔන්න ඒ අයත් ඉංග්‍රීසි දැනුම හඹා යාවි. දමිළ භාෂාව නං ප්‍රවර්ධනය කරන්න දෙයක් නෑ. මං‍ මේ කිව්වේ අහිතකින් නෙවෙයි. අපි පිළිගන්න ඕනේ ලෝකයේ දමිළ භාෂාව කතා කරන පිරිස, සිංහල භාෂාව කතා කරන පිරිසට වඩා වැඩි බව. ඔවුන් බොහෝ විට අන්තර්ජාලයේ දමිළ භාෂාව භාවිතා කරනවා. ඉතින් අමුතුවෙන් දමිළ භාෂාව ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය නෑ තමයි. ඒ වුනත්, ලංකාවේ දමිළ භාෂාවෙන් වැඩ කරන අයට අන්තර්ජාලයේ දමිළ භාෂාවට ඇති ‍තැන පෙන්නා දීලා, අන්තර්ජාලයට එකතු කරන එක වැදගත් එතකොට මුලින් කිව්වා වා‍ගේ, ‍ඉංග්‍රීසි භාෂාව නිකන්ම ප්‍රවර්ධනය වේවි. ඒ කොහොම වුනත්, ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනයටත් යම් කිසි පියවරයන් ගැනීම අවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක රූපවාහිනී නාලිකා ප්‍රමාණය වැඩි කරන එක එක ක්‍රමයක්. ඉංග්‍රීසි චිත්‍රපටි වගේ දේවල් විකාශනය කරන එකත් තව ක්‍රමයක්. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපන පද්ධතිය ක්‍රමවත් කරන එක තමයි වැදගත්. ඉංග්‍රීසි ගුරුවරුන් නගර වලින් බැහැර ප්‍රදේශ වලට යවන්න පියවර ඇරගන්න ඕනේ. හැබැයි හැමෝම කරනකන් බලන්න ඉන්න බෑ. මම මගේ අවුරුදු සුබ පැතුමේ කියලා තියෙන විදිහට… තම තමන්ම නිසි පියවර ගන්න එක වැදගත්. එනිසා මාධ්‍ය හරහා අඩු තරමේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕනේ.

තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය වන ඉංග්‍රීසි දැනුම දියුණු වන අලුත් අවුරුද්දකට ඔන්න ආයෙමත් මගෙන් උණුසුම් සුබ පැතුම්!