සුදාරකගේ අන්තර්ජාල සටහන » ජීවිතය

3 IDIOTS | DON’T BE STUPID! BE AN IDIOT!
මේක සෑහෙන්න කලින් ලියන්න හිටපු ලිපියක්. ඒ වුනාට දැන් වුනත් ඒ ලියමනට ප්‍රමාද නැහැ කියලයි හිතුනෙ. මතකයට නැගෙන විශේෂ දවසක් වුන ඒ දවසෙ වි‍ශේෂ සිද්ධියකින් පස්සෙ මමත්, තවත් අපේ ගැන්සියේ කිහිපදෙනෙක් එකට ‍එකතු වුනේ චිත්‍රපටියක් බලන්න යන්න. සාමාන්‍යපෙළ විභාගය ලියපු අන්තිම දවසෙ රබ් නේ බනා ඩි ජෝඩී චිත්‍රපටිය බලන්න එකතුවුන අපේ නේවාසිකාගාරයේ ගැන්සිය තවමත් තැන තැන චිත්‍රපටි බලන්න තැන තැන එකතුවෙනව. මේකත් ඒ ‍වගේ අවස්ථාවක්.

චිත්‍රපටිය බලන්න යනකොට මැජෙස්ටික් සිටි ‍සිනෙමා එකට සෑහෙන්න පෝලිමක්. චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කරල සැලකිය යුතු සෑහෙන්න කාලයක් ඒ වෙනකොට ගතවෙලා තිබුනත්, තවම චිත්‍රපටියෙ උණුසුම නොගිහින් තිබීම පිළිබඳව අපට දැනුනෙ පුදුමයක්. සෑහෙන්න වෙලාවක් පෝලිමේ රැඳුන අපි, අන්තිමේ තදබදය අස්සෙ ඇතුළට ගියේ චිත්‍රපටිය බැලීමේ පුදුම ආශාවකින්.

අමීර් ඛාන් නළුවෙක් විදිහට අපේ ජීවිත වලට සෑහෙන්න බලපෑම් කරපු කෙනෙක්. ඒක හරි පුදුමාකාර දෙයක්. චිත්‍රපටි වලට සෑහෙන්න ‍ලොකු බලපෑමක් මිනිස් ජීවිත වලට කරන්න පුලුවන්. සිතිවිලි ආකල්ප වෙනස් කිරීමේ හැකියාවක් අපිට තියේනම්, අපිට සෑහෙන්න වෙනසකට මුල පුරන්න පුළුවනි. වෙනසක් තමයි වැදගත්. අමීර් ඛාන් දිහා ආපස්සට හැරිල බැලුවොත්, අමීර් ඛාන්ගෙ රංගනය ඉදිරිපත් වුන මෑත චිත්‍රපටි පෙළගැස්ම සැලකිල්ලට අරගත්තොත්, පිළිවෙලින් මංගල් පාණ්ඩේ, ‍රංග්දෙ බසන්තී, ෆනා, තාරේ සමීන් පර්, ගජිනි. මේ චිත්‍රපටි අතරින් නැවත නිෂ්පාදනයක් වෙන ගජිනි චිත්‍රපටිය මඳකට අත්ඇරියොත් ඉතිරි හැම චිත්‍රපටියකම කතා තේමාවන් අති‍ශයෙන්ම සුවිශේෂීයි. ඒ අතරෙන් රං‍ග්දේ බසන්තී චිත්‍රපටිය සුවිශේෂයි. ගජිනි චිත්‍රපටිය ගත්තොත් චිත්‍රපටියේ කූටප්‍රාප්ති දර්ශනය එහෙම නැතිනම් climax එක, අමීර් ඛාන්ගේම රචනයක්. ඒක දමිළ චිත්‍රපටියට වඩා වෙනස්.

‍‍අමීර් ඛාන් ගැන අතිරේක විස්තරයක් ගෙනාවෙ චිත්‍රපටියට ඇතුළත්වෙන්න පාර හදාගෙන. කලින් රඟපෑම්වල අපූර්වත්වය දන්න නිසාම. අමීර් ඛාන්ගේ චිත්‍රපටියක් අතඅරිනවා බොරු! ඒකයි ආයෙමත් සැරයක් චිත්‍රපටිය බලන්න ගියෙත්!

වැඩවසම් ක්‍රමයයි, වර්තමාන ක්‍රමයයි අතර වෙනසක් නැහැ කියල තේරුම්ගියෙත් ‍මේ චිත්‍රපටිය බලලම තමයි. ඒක සංකීර්ණ කතාවක්. කෙටියෙන් කිව්වොත්… වැඩවසම් ක්‍රමය ඇතුළෙ කෙනෙක්ගෙ උපතින් කෙනෙකුගේ කුලය තීරණය වුනා. රැකියාව කුලය මත පදනම් වීම නිසා, කෙනෙක් කරන්නෙ තමන්ට කරන්න තියෙන දේ මිස, තමන්ට ඕනෙ දේ නොවෙයි. අලුත් ක්‍රමයත් වැඩවසම් ක්‍රමයට අලුත් ඇඳුම් ඇන්දවීමක් විතරයි. ඒක ටිකක් වැඩවසම් ක්‍රමයට වඩා සංකීර්ණයි. උපතින් මඟපෙන්වන්නෙ ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න විතරයි. ඒක ලංකාවෙ විතරක් නෙවෙයි. තවත් තැන් වල එහෙමමයි. ඒ අතින් බැලුවාම ඒක තමයි හැමදාටම ගැලපෙන ඇත්ත. ඒක ගැනයි අපි මෙච්චර වදවෙන්නෙ. නිව්ටන්ගෙ තියරි වගේ, ලෝකය කැරකෙන්නෙ අපිට තේරෙන්නෙ නැති ක්‍රමයක්, සිස්ටම් එකක් ඇතුළෙ. ඉතින් එහෙව් එකේ ‍ඒක වෙනස් කරන්න වෙරදරන කාලය හිත සතුටින් ජීවත් වීම, ක්‍රමය වෙනස් වීම නිසා සිහින කඩාගෙන බිම ඇදවැටීමෙන් ඇතිවන සමාජ කලකිරීමට වඩා හොඳයි කියලයි එක වෙලාවකට හිතෙන්නෙ.

කතා කරන්න පටන්ගත්තෙ ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටය ගැන. තමන්ගෙ ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරගන්න ඉංජි‍නේරු පීඨයට එන දෙන්නෙකුට. අපූරු කාමර සගයෙක් හම්බවෙනව. ඒ රැන්චෝ. යාලුවෝ දෙන්නාගෙ නම් කිව්වොත්, එක්කෙනෙක් ෆර්හාන් කුරේෂි. අනිත් කෙනා රාජු රස්තෝගි. මේ තුන්දෙනාගෙ චරිත වලට පණ පොවන්නෙ රංග්දේ බසන්ති චිත්‍රපටියෙදි මුනගැහුන යාළුවෝම තමයි. ඒ අමීර් ඛාන්, මාධවන් ‍වගේම ෂර්මන් ජෝෂි. තිරයෙ විවේක කාලයෙන් පස්සෙ ඇඟටයි හිතටයි දැනෙන්නෙ කම්පනයක්! ඒ කම්පනය දැනෙන්න නම් චිත්‍රපටිය බලන්නම ඕනෙ.

චිත්‍රපටය බොලිවුඩ් විලාසිතාවේම චිත්‍රපටයක් වුනත්, ඇතුළෙන් අපට නොදැනී ගලාගෙන යන කතාව විශ්වීයයි. සමහර වෙලාවට අපි හිනාවුනේ අපි අපිටම. අපි හිනාවුනේ නවකවදයට වෙන්න පුලුවන්. අපි හිනාවුනේ මොකක්හරි රඟපෑමකට වෙන්න පුලුවන්. ඒත් ඒ හිනාවුනේ අපි අපිටමයි.

චිත්‍රපටියෙ තියෙන්නෙ හිනාව විතරක් නෙවෙයි. කටේ හිනාව පුරවගෙන ඉදිද්දි එකපාරටම මුළු හිනාවම අපෙන් ඈතට අයින් කරල අපි හිනාවුනේ අපිටම කියල පෙන්නනව. කවදාවත් ප්‍රශ්න වලින් පැනල යන්න එපා. All Is Well කියල  හිතාගන්න. තමන්ගෙ හදවතට ඒක දැනෙන්න දෙන්න. එතකොට හැමදේම හරියාවි.

‍මේ චිත්‍රපටිය අපි විතරක් බලල ‍තේරුමක් නැහැ. අපෙ අම්මල තාත්තලාට මේව පෙන්නන්න ඕනෙ. ඒත් ඒ අයට කෝ මේව බලන්න වෙලාවක්?

මේ තියෙන්නෙ 3 IDIOTS චිත්‍රපටයේ වීඩියෝ කිහිපයක්. වෙබ් පිටුව මත පෙන්වීමේ හැකියාව නම් නැතිකරල. ඒක නිසා ගිහිල්ලම බලන්න වෙනව. බැලුවා කියල පාඩුවක් නම් නෑ!

http://www.youtube.com/watch?v=fwIApTFkoTM

http://www.youtube.com/watch?v=xvszmNXdM4w

http://www.youtube.com/watch?v=l_VTCNj1gCA

http://www.youtube.com/watch?v=W0grklxp0ew

http://www.youtube.com/watch?v=wXxOJpMLekY

http://www.youtube.com/watch?v=29Jtj4w9nvY

http://www.youtube.com/watch?v=lOF7X8o-P_o

http://www.youtube.com/watch?v=7xcsKvChNxw

තවත් වීඩියෝ මෙතැන තියෙනවා – http://www.youtube.com/user/3idiots

ජීවිතය, ආදරය, මිත්‍රත්වය, දෙමව්පිය දූදරු බැඳීම්, වගකීම් ගැන නිදහසේ කතාකරන මේ චිත්‍රපටිය කවදාවත් මඟහරින්න එපා. තියෙන තැනක් ‍හොයාගෙන බලන්න යන්න අද හෙටම.

ජීවිතය තනිකරම රේස් එකක්. දුවන්න, ඒත් හති වැටිලා නතර වෙන්න නම් එපා!

අවුරුදු දෙකක බ්ලොග් කෙරුවාව
කාලයක්ම බ්ලොග් අවකාශයේ නිහඬව හිටියා නෙව. ඒත් දැන් නිහැඬියාවට තිත තියන්න ඕනෙ කාලෙ ඇවිත් කියලයි හිතෙන්නෙ. මං හිතන්නෙ මාස දෙක තුනකින් හරියට කෙටි කතාවක්වත් ‍ලිව්වේ නැති තරම්. ඉතින් ඔය ඉන්න එකේ ඒවත් ඉඩ තියෙන තියෙන විදිහට ලියන්න ඕනෙ. මාතෘකාවෙන් පිට යාම මගේ සිරිත නිසාම මුලින් කිව්වෙම මාතෘකාවට එච්චර අදාළ නැති දෙයක්.

බ්ලොග් අවකාශයේ නිහඬව ඉන්න තවත් හේතු වුනේ හෙන ගැහුව වගේ අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමත්. ඒත් එක්කම බ්ලොග් අඩවිය බිම ඇදගෙන වැටීමත් හරි. ඔන්න ඒ ප්‍රශ්න ඉවරයක් වුනා කියමු‍කෝ. වර්ඩ්ප්‍රෙස් ඩොට් කොම් උඩ‍ට බ්ලොග් අඩවිය අරගෙන එද්දි, මට නිකමට වගේ හිතුන කවද්ද මුලින්ම බ්ලොග් එක ලියල තියෙන දවස කියල හොයල බලන්න. බැලින්නම් දෙදාස් අට අවුරුද්දෙ ජනවාරි 20. ඒක බ්ලොග් ලිපියක් නෙවෙයි. බ්ලොග් එක හදන මුල් කාලෙ නිකන් ‍විහිළුවට වගේ දාපු පොඩි සටහනක්. ඒ අර්ථයෙන් ගත්තම ඊට පහුවෙනිද ඕම් ශාන්ති ඕම් චිත්‍රපටිය ගැන ලියල තමයි මේ ලියවෙන සුදාරකගේ අන්තර්ජාල සටහන ලියවෙන්න පටන් අරගෙන තියෙන්නෙ.

මීට කලින් බ්ලොග්-ස්‍‍පොට් ඇතුළෙ මුලින්ම බ්ලොග් කෙරුවාව පටන්ගත්තත්. ඒක එතන තියාගෙන හිටියෙ නම් නැහැ. කෙලින්ම වර්ඩ්ප්‍රෙස් වලිනුයි වැඩේ පටන්අරගත්තෙ. ඉතින් එහෙම බලනකොටත්, ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියෙන් ලිවිල්ල ඇරඹුන දිනය 21වීමත්, මේ කියන හැම මාසෙම විසි එක්වෙනි දිනය ජීවිතයත් එක්ක මහ ගුප්ත විදිහට බැඳිල තියෙන නිසාත්. මමම බ්ලොග් අඩවියේ ආරම්භක දිනය විදිහට දෙදාස් අටේ ජනවාරි විසිඑක්වෙනි දිනය තීරණය කළා. ඒක තනිකර ඒකමතික ඒකාධිපති තීරණයක්!

එහෙම ගත්තාම 2010 ජනවාරි 21වෙනි දිනයට මේ බ්ලොග් අඩවියට අවුරුදු 2ක්. “සුදාරකගේ අන්තර්ජාල සටහන” කියන නම මේකට වැටුනෙ හිතාමතා නෙවෙයි. ඒක නිකම්ම ඔළුවට ආපු නමක් වෙන්න ඇති. කොහොමහරි මේ නම මේකට වැටෙන්න හේතුවක් වෙන්න ඇත්තෙ ඒ කාලෙ අන්තර්ජාලයේ තිබුන සීමිත සිංහල බ්ලොග් ප්‍රමාණයක් අතරින් නිතිපතා වගේ යාවත්කාල වුන, හැම වෙලාවෙම වගේ කියවපු “මලින්තගේ සටහන” වෙන්න ඕනෙ. “මලින්තගේ” නම කපල ඒකට “සුදාරක” දාලා, ඒ මැදට “අන්තර්ජාල” ඔබල තමයි බ්ලොග් අඩවියට නම හදාගත්තෙ. මට මතක විදිහට නම් වුනේ එහෙමයි.

ඒ කාලෙ මම පොඩි එකා. දැනුත් මහලොකු වෙනසක් නැහැ ඉතින් බැලුවම. තාමත් ඒ උස ඒ උසමයි, ඒ කොට ඒ කොටමයි!   හැබැයි බ්ලොග් ලියන්න පටන්ගත්ත එකෙන් ජීව විද්‍යාත්මකව වෙන වැඩිවිය පැමිණීම ඉක්මවෙලා ගිහින් නියම විදිහට සිතිවිලි පරිණත කරගන්න ලැබුනෙ ‍මේ අවුරුදු දෙකක් වගේ සුලු කාලයක් ඇතුළත. ඒ කාලයේ බ්ලොග් ලිවීමත්, ඒකට එන ප්‍රතිචාරත්… ඒ වගේම අන්තර්ජාලය හරහා ඇසුරුකරන්න ලැබුන පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා හිතන විදිහ සෑහෙන්න මට්ටමකින් වෙනස් වුනා. ඒක අන්තර්ජාලයට පහසුවෙන් සිංහල එකතුවීම කියන කාරණය වෙන්න පුලුවන්. මම ඒකෙන් අදහස් කරේ, ‍කෙනෙක්ට තමන් හිතන භාෂා‍වෙන් වැඩකරන්න, අන්තර්ජාලයේ සැරිසරන්න වැඩිපුර අවස්ථාව ලැබුනොත් ඒකෙන් ලොකු ආකල්ප වෙනසක් කරන්න පුලුවනි. ඒක කෙලින්ම බලපාන්නෙ රටේ දියුණුවට. ඒකයි මොන මඩ ප්‍රචාර, දේශපාලනික, ‍අදේශපාලනික, වැඩිහිටි අන්තර්ගත අරව මේව තිබුනත් මේව බලෙන් වාරණය සහ පාලනය නොකර ඉන්න ඕනෙ. කුතුහලය තියෙනවානම් ඒවා සොයායෑමේ වරදක් දකින්න නැහැ. මේව වාරණය වුනොත් අපිට ඉතිරිවෙන්නෙ බබාලන්තයක් විතරයි. සමහරවිට මුකුත්ම ඉතිරිවෙන එකක් නැතිවෙන්නත් පුලුවන්!

ආයෙත් මාතෘකාව වෙනත් පැත්තකට හැරෙව්ව නෙව. ඒක මගේ හැටි.

මට කියන්න ඕනෙ වුනේ බ්ලොග් අවකාශය කෙනෙක්ව උපරිම වශයෙන් පරිණත කරනව. ඒ කියන්නෙ අපි හරිහැටි ප්‍රස්ථාරගත කිරීමක් කරොත් කෙනෙක් බ්ලොග් අවකාශයට ඇතුළත් වීමට පෙර හා පසු කියල. අහස උසට කඩාගෙන යන වර්ධන රේඛාවක් දකින්න ලැබෙයි. ඒක තමයි ඇත්ත.

ඉතින්‍ සුදාරකගේ අන්තර්ජාල සටහනට අවුරුදු දෙකයි. ඉස්සරහට පන කෙන්ද රැකුණොත් සහ 2012 ‍‍ලෝක විනාශය සිද්ධ නොවුනොත්, තව ඉස්සරහට ‍මොනවහරි ලියන්න ලැබෙයි. මතක තියාගන්න. මේ බ්ලොග් එකේ තියෙන්නෙ 100%ක්ම වල්-පල්. මුල ඉඳල අගට බැලුවොත් සමහර විට කියවපු දෙයක් ඇත්තෙ නෑ වගේ දැනෙන්නත් පුලුවනි. ඒක තමයි මේ ලිවිල්ලෙ හැටි.

2010 පෙර…
අනේමන්ද…

අවුරුද්දක් ඉවරයි…

පුදුම තෙහෙට්ටුයි…

අලුත් අවුරුද්දක්…

අලුත් බලාපොරොත්තු…

පරණ දේවල් අමතක කරල…

හොඳ දේවල් අරගෙන…

අලුත් අවුරුද්දට යන්න…

අපි…

උත්සාහ කරනව…

මේ අවුරුද්ද ඉවරවෙන්න තියෙන්නෙ තව දවස් කිහිපයක් විතරයි. පුදුමයි. කැලැන්ඩරයේ පිටු ගැලවෙන වේගය අදහාගන්නත් බැරි තරම්. ඇදැහුවත්… නැතත්… අපිට කාලය එක්ක ලොකු සටනක්. ලබන අවුරුද්ද කොච්චර අභියෝගාත්මක අවුරුද්දක්ද? තව අවුරුදු එකහමාරකට පස්සෙ උසස් පෙළ. ඊට පස්සෙ තව තවත්…

මං හිතන්නෙ ලබන අවුරුද්දත්, එහෙ බලල මෙහෙ බලනකොට ඉවරවෙයි. කොහොමවුනත්, මම මේ අවුරුද්ද දාලා යන්න අකමැති තරම් මේ අවුරුද්දට ආදරෙයි. පස්සෙන් පස්සට මමම මේ බ්ලොග් සටහනේ ලියල තිබුන දේවල් කියවගෙන ගියාම… මේ මමම නේද කියල හිතුනම ඇතිවෙන්නෙ පුදුම සතුටක්. හැමදාම කියනව වගේ ජීවිතේට පුදුමාකාර තරම් වෙනස්කම් එකතු කරගන්න පුලුවන් වුන අවුරුද්දක් තමයි 2009. 2009 වගේම 2010 අවුරුද්දත්… ජීවිතේට වටිනාකම් එකතු කරාවි. හැමෝටම එහෙමයි. ජීවිතයට වටිනාකම් එකතු කරන්නෙ කාලය..

ඉතින්… කාලයේ ජීවත් වෙමු.

මේ අවුරුද්ද ගැන ආපහු හැරිල බැලුවොත් පුදුමාකාරයෙන් සතුටු වෙන්න පුලුවන් අවුරුද්දක්. සමහර කළු පැල්ලම් නැතුවා නෙවෙයි. ඒත් ‍ඒ සේරම මැකිල යන්න පුලුවන් තරම් වටින අත්දැකීම් ගොඩක් එකතු කරගන්න ලැබුන අවුරුද්දක්.

මේ අවුරුද්දෙ මුල ඉඳලාම උසස් පෙළට අනුගත වීම, විෂයන් තෝරාගැනීම, පොත් කියැවීම, ව්‍යාපෘති වලට සම්බන්ධ වීම, ආදරය, මිත්‍රත්වය, සාහිත්‍ය, ආකල්ප…

ඔහොම කියාගෙන ගියොත්… ඉවරයක් නැති තරම් දේවල්…

පුදුමයි!

මේ මම, මමමද කියල…

මේ පහළින් තියෙන්නෙ අපි කරපු කලා උළෙලේ මගේ හිතට අහුවුන වීඩියෝ කිහිපයක්. අන්තිම එක නම් ඉතින් පොඩි ඇඩ් එකක්. පොඩි සෙල්ෆ් ප්‍රමෝෂන් එකක්. ඒ කිව්වෙ මේ පොඩි ඇඩ් එකක්…   කලා උළෙලේ සිදුවීම් ටිකත් මේකත් එක්කම ලියල දාන්න හිතෙනව. කලා උළෙල සංවිධානය වුනේ විභාගයක් අස්සෙ. ඉතින් ඒක විභාගයකට දරුණු විදිහට බලපෑවා කියන්න ලැජ්ජ වෙන්නෙ නැහැ. ඊළඟ විභාගය හොඳින් කරගෙන උසස් පෙළට මුහුනදෙන එක තමයි දැන් බලාපොරොත්තුව. ඇත්තම කිව්වොත් කලා උළෙලේදි අඳින්න වෙන්නෙ සරමක් කියල මතක් වුනේ ඇඳුම දැක්කාට පස්සෙ. ඕක ගැටගහගන්න ඒ වෙලාවෙ ළඟ පාත කිසිම දෙයක් තිබුනෙ නැත්තෙ එදාට කලින් දවසෙ රෑ නයිට ගැහුවෙ ඉස්කෝලෙ ඉඳගෙන නිසා. අන්තිමට ඇත්තම කිව්වොත්, සරම ඉනට තදකරල ගැටගහගෙන හිටියෙ මගේ ෆෝන් එකේ හෙඩ් සෙට් එකෙන්! අපරාදෙ කියන්න බෑ… ඊට පස්සෙ හෙඩ් සෙට් එක දැක්කෙ නෑ ඇහැට… අන්න එහෙමයි හෙඩ් සෙට් එකෙන් ලජ්ජාව වහගත්තෙ. කොච්චර කලා උළෙල ගැන හිත හිත හිටියා කියනවානම්…ඒ වෙලාවෙ කකුලෙ නියපොතු වැවිලා තිබුන දිග දැක්කාම මට සිහිනැතිවෙන තරම්… නියපොතු කාට හරි වැදුනානම් ඔය යන එන අස්සෙ, මෙලකට ඒ වැදුන කෙනා තාම හොස්පිටල්!

සම්පූර්ණ කලා උළෙල මෙතනින් මෙහෙම වීඩියෝ එකින් එක බලන්න පුලුවන්.

මේ තියෙන්නෙ මම කලා උළෙලේ සිත්ගත්ම අංගය. ඒක මට විතරක් නෙවෙයි. ගොඩක් දෙනෙක්ට එහෙමයි… මේකට සම්පූර්ණයෙන්ම ස්තූති කරන්න ඕනෙ අපේ විද්‍යාලයේ සංගීත භාර ආචාර්ය අශෝක පුෂ්පකුමාර ගුරුතුමා ඇතුළු වාද්‍ය වෘන්දයටයි. මේක ඇත්තටම මාරයි!

ඊළඟට අවසාන වශයෙන් ඔක්කොම ඉවර කරල මට තමයි ස්තූති කතාව කරන්න වුනේ. ස්තූති කතාවක් කරන්න ඕනෙ කියල මතක් වුනේ එදා උදේ. ඉතින් කතාවක් ලියල හදාගන්න හැදුව හැදුව හරිගියේ නැහැ. අන්තිමට ඒ වෙලාවට හිතෙන විදිහට ස්තූති කතාව හිතේ ලියාගෙන ගිහිල්ල හිතේ හැටියට කියල නතර කළා… සමහර නම් අමතක වෙන්නත් ඇති. ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිනවා…

ඉතින් අසෙනිය කුසුමත් එක්ක කොහොම කො‍හොමහරි එකතු වුන හැම දෙනාටම ස්තූතියි…

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

අපේ ආකල්ප හොඳ මට්ටමකට අරගෙන එන්න පුලුවන් වුනොත්… ඊළඟ අවුරුද්ද අපිට ජයග්‍රාහී අවුරුද්දක් කරගන්න පුලුවන් වේවි. මොනතරම් සමාජය, දේශපාලනය, ආර්ථිකය පහළටම ඇදගෙන වැටිල තිබුනත්… අපි පුද්ගලික වශයෙන් හරි ආකල්ප වෙනසකින් ඉදිරියට ගියොත් අපිට, අපි හැමෝටම දිනාගන්න බැරි වෙන එකක් නැහැ!

අපොයි!

මට අමතක වීමේ ලොකූ ලෙඩක් තියෙනවා කියලයි හිතන්නෙ. මට අමතක වුන ලොකූ දෙයක් තියෙනව… ඒ තමයි පසුගිය 19වෙනි සෙනසුරාදා පැවැත්වුන සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව. ඒක ගැන මෙතන විස්තර කරන්න යන එක දැන් ප්‍රමාද වැඩියි. ඒ ගැන දැන් හැමදෙනාම දන්නව. එදා හමුවෙලා මට මගේ ඉදිරිගමන වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් උපදෙස් දුන්න හැමදෙනාටම බොහොම ස්තූතියි. ඒ උපදෙස් බොහොම වැදගත්…

ඉතින් ඔන්න ආයෙමත්,

ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා!

ආයි ආයි ආපි ඔන්න නිවාඩු කාලේ!
අද දෙසැම්බර් නව වෙනිදා.

හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්.

නිකං පියාඹනව වගේ…

පිස්සු!

හිතේ තියෙන සැහැල්ලුව නැතිවෙලා හුඟක් කල්. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි උසස් පෙළ නිසා. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැමදේම උසස් පෙළට බැර කරන්න බෑ තමයි. ඒ වුනාට ඉතින් ඒකෙන් ගොඩ ගියේ නැතිවුනොත් ඉතින් (ලංකාව ඇතුළෙ) ජීවිතේ විනාසයි!

මේ දවස්වල කට්ටිය උසස් පෙළට පන්ති යන නිසා මටත් ඇතුළුව මේ නිවාඩුවෙන් ඇති කිසිම නිදහසක් නැහැ. පන්තිය පැවැත්වෙන්නෙ සතියකට දවසකට වුනත්, ‍මැත්ස්, කෙමිස්ට්‍රි, පිසික්ස් පන්ති තුන නිසා දවස් තුනක් ඉවරයි සතියෙන්. එතකොට සමහර පන්ති උදේ 8ට පටන්ගත්තාම ඉවරවෙන්නෙ රෑ 7ට 8ට. ඉතින් කොහෙන්ද ජීවිතයක්. ගිහිල්ල වාඩිවෙලා සර්ගේ (ලස්සන) මූන දිහා බලාගෙන භාවනා කරන්නා වගේ ඉඳගෙන වාඩි වෙලා 90%ක් දෙනා ඉගෙනගන්නව. ගණන් හදනව. ඉතින් ආයෙමත් ගෙදර ආපු වෙලාවෙ ඉඳල ආයෙමත් වැ‍ඩ. ටියුට් පොත් මිටි ගණන්! MCQ, ව්‍යුහගත රචනා, ඉරි ගහන්න, ප්‍රස්ථාර අඳින්න…

ෂහ්!

මැත්ස්, කෙමිස්ට්‍රි, පිසික්ස්, සාහිත්‍ය, කිරුළ, ජීවිතය, ආදරය…

මේ හැමදේම බැලන්ස් කරගන්නෙ කොහොමද?

අඩුගානෙ අර ශක්තිජනක පානයවත් බොන්න වෙලාවක් තියෙනවාද?

ඉතින් ‍මේක අපේ ෆේස්බුක් මිතුරු සොහොයුරියක් කිව්වෙ කරන්න ‍තියෙන දේවල් ගැන ප්‍රමුඛතා ලැයිස්තුවක් හදාගන්න කියලයි. ඉතින් මම හදාගත්ත.

මැත්ස්

කෙමිස්ට්‍රි

පිසික්ස්,

සාහිත්‍ය

කිරුළ

ආදරේ

ජීවිතේ

ෂහ්!

මේක නං මරු (ශිෂ්‍ය) ජීවිතයක් ඕයි!

ජීවි‍තේ… ජීවි‍තේ… ‍ජීවි‍තේ…
ජීවිතේ හරි පුදුමයි කියන්නෙ නිකමට නෙවෙයි.

අද දෙසැම්බර් පළවෙනිද. උඳුවප් පෝය දවස.

කලා උළෙලකුත් කරල හති ඇර ඇර ඉන්න කියාපු දවස.

කොහෙද,

ගෙදරින් කෑ ගහනව පාඩං කරපං කියල…

ගෙදරින් කියන්නෙ,

පුතේ කලා උළෙල නං හොඳයි…

දැං ඉතින් තමන්ට වැඩක් කරගනිං කියල.

මේක මට විතරක් නෙවෙයි.

අපේ හැමෝටම අහගන්න ලැබුන දෙයක්.

හ්ම්…

ඔන්න ඔහොම තමයි ජීවි‍තේ. මේ දවස්වල හති අරිනව. ඒත් හති අරින්නෙ බාගෙට. සම්පූර්ණයෙන් හති ඇරල ඉවරකරන්න වෙන්නෙ 2011 අවුරුද්දෙ තමයි. තවත් අවුරුදු එකහමාරක් විතර වගේ තිබුනාට මේ යන වේගෙට එහෙ බලල මෙහෙ බලනකොට ඔය දවස් ටික වාෂ්ප වෙලා තියේවි. කැලැන්ඩරේ පිටු ගැලවෙනකොට දැනෙන්නෙ දුකක්. 2009 අතඇරල යන්න බෑ වගේ. මොනව කරන්නද? අපිට කාලය වෙනස් කරන්න බෑ. කාලයත් එක්ක අපි වෙනස් වෙන එක තමයි වැදගත්. ලියන්න කියන්න ගොඩක් දේවල් තිබුනාට ‍දැන් ලියවෙන්නෙ නෑ. මේ දවස්වල එළියෙ පහළියෙ කතාකරන්න නම් ගොඩක් මාතෘකා. හැබැයි මම දැන් ඒ දේවල් කතා කරන්න කැමති නෑ. ඒ තරමටම ඒ දේවල් එපා වෙලා. මේ ‍මොනව ගැනද කියල ආයෙ අමුතුවෙන් කියන්න අවශ්‍යතාවක් නැහැ. කතා කරන්න එපා වෙලා තියෙන්නෙ මේ රට යන අත ගැන. රට යන අත බලාගෙන ඉන්නෙ නැතුව. අඩුගානෙ තමන් යන අතවත් හරියට හදාගන්න උත්සාහ කරන්න වෙන කාලයක් මේක. හැබැයි ලැබෙන හැම වෙලාවකම එක්කෙනෙක්ගෙ හරි ආකල්ප හොඳ අතකට වෙනස් කරන්න ලැබෙනවානං ඒක නොකර ඉන්නෙ නැහැ.

මේ දවස්වල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලානෙ. මට නම් ප්‍රතිඵල ගැන වැඩිය දෙයක් දැනගන්න ලැබුනෙ නැහැ. මොකද මේ කලා උළෙලකට හිර වෙලානෙ. මොනව වුනත් ඒක නිසා මේ අපේ ගෙදර අයත් කම්පනයට පත් වෙලා වගෙයි පේන්නෙ. කෙනෙක්ට උසස් පෙළ නැතිවුනත්. දියුණුවෙන්න තමන්ගෙම මාර්ග නිර්මාණය කරගන්න පුලුවන් වුනත්, ඕ‍නකෙනෙක් උසස් පෙළ දකින්නෙ තමන්ව දියුණුවට ගෙනයන්න පුලුවන් ‍ෂෝට්කට් එකක් විදිහට. ඒකෙ ඇති වරදක් නැහැ. අපේ අයට තියෙන්නෙ හොඳ තෝරාගැනීම් දෙකයි. එක්කො මෙඩිසින්. නැතිනම් ඉංජිනියරින්. කොහොමහරි මම මේ කලා උළෙල කරද්දි මුනගැහුන අයගෙ සමහර රැකියා දැකල පුදුමයෙන් පුදුමයට පත් වුනා. තමන් තමන්ගෙ රැකියාව ගැන උපරිමයෙන් තෘප්තියෙන් ඉන්නවා වගේම. හරිම නිදහස් සහ උපරිම ඉපැයීම් (මාසයකට ලක්ෂය ඉක්මවා යන) රැකියා. ඒ අය ඒ රැකියාවලට යොමු වෙලා තියෙන්නෙ අපේ සම්මත අධ්‍යාපන විභාග ප්‍රතිඵලත් නැතිවයි! මට ඉතින් ඒවා කරන්න අවශ්‍ය නැහැ. මම බැලුවෙ ඒ රැකියා ගැන…

සාහිත්‍ය ඒකකයේ සභාපතිකම ගන්නත් ඉල්ලීමක් තියෙනව. ඒ අතරෙ කිරුළ සඟරාවටත් පුංචි පහේ දායකත්වයක් දක්වන්නත් හිතෙනව. මේ පාරනම් අධ්‍යාපන කටයුතු බාධා නොකරගන්න දැඩි විශ්වාසයක් තියෙනව. ආයෙමත් අපේ බාසාවෙන් කිව්වොත් වල නම් බහින්නෑ. වෙලාව කළමණාකරණය කරගෙන. කට්ටියත් එක්ක එකතුවෙලා. කලා කටයුතු හිමින් සීරුවෙ දියත් කරනව. එහෙමයි මගේ බලාපොරොත්තුව.

ඔය අතරමඟ පුංචි ආදර කතාවකුත් තියෙනව. ඒවා නං ඉතින් රාජ්‍ය රහස්!

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්…
කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්…

මේ දවස්වල ජීවිතේ ගැන කතාකරොත් පුදුම… අනේමන්ද වචනයකින් විස්තර කරන්න බැරිම අරුම පුදුම හැඟීම් සමුදායක හිරවෙලා ඉන්න කාලයක්. වාර විභාගයත්, කලා උළෙලත්. සාහිත්‍ය තරග දිනයත් අත ළඟ. එක පැත්තකින් කලාව. අනිත් පැත්තෙන් විද්‍යාව. තවත් පැත්තකින් ආදරය. මේ තුනම ගඩොල් තුනක් වගේ ගත්තොත්, ඒ උඩ ගානට තියපු හට්ටියක හොද්දක් වගේ මම තැම්බෙනව. ඒකත් එක්තරා ආකාරයක අතුරේ යෑමක්. හැබැයි විනෝදජනකයි. (ඒ කියන්නෙ පොඩ්ඩක් හරි ලිස්සුවොත් කෙලවෙනවා කියන අර්ථයෙන්)

මේ තියෙන්නෙ බස් එකේ යද්දි ලියපු තවත් කවි කියලා සැක කරන්න පුලුවන් දේවල් දෙකක්. Perfect නැහැ. ටිකෙන් ටික Perfect කවියෙක් කතා කාරයෙක් වෙන්න උත්සාහ කරන නිසා අමු තිත්ත කුණුහරුපෙන් වුනත් විවේචනය කරන එක වැදගත්. අමු තිත්ත කුණුහරුප සංස්කෘතිය, සදාචාරය සහ සභ්‍යත්වයට පටහැනි නිසා වගේම. කුණුහරුප වචන කොටු ‍කොටු කරන්න බැරි නිසාම. මට විද්‍යුත් තැපෑලෙන් පණිවිඩයක් එව්වා නං හරි. කොහොමහරි විවේචනය සහ විචාරයයි වැදගත්.

අදත් වැඩිපුර ලියන්න වෙලාවක් නම් නැහැ. මෙන්න අර කවි කියලා සැක කරන්න පුලුවන් නිර්මාණ දෙක.

හරි නං මේ කවිය මෙතන දාන්න ඒ කවියෙ උරුමකාරියගෙන් අවසර ලැබෙන්න ඕනෙ. ඒත් මං මගේ හිතුමතේට අවසර නැතුවම මෙතන දානව.

ඇහුනා ඇහුනා ඇහුනා…

නුඹ සක්මන් කරනා වග

මසිත මත තාලයට

හැරලා කවුලුවෙන් කවුලුව

විවර කර දුනෙමි

නුඹට සැරි සරන්නට.

දැනුනා දැනුනා දැනුනා…

නුඹ ඇවිත් බව

සුමුදු සුසිනිදු පා කමල තබනා බව

මගේ හද නොරිදෙන්නට.

ලිවුවා ලිවුවා ලිවුවා…

හිතේ පෙම් කවක් නුඹ

හිත මත කුරුටු ගාමින්

සදා නොමැකෙන්නට.

හැඬුනා හැඬුනා හැඬුනා…

නුඹ ලබා ගන්නට

‍බොහෝ කල් ඉවසිය යුතු බව දැන.

හිඳිනු මැන හිඳිනු මැන හිඳිනු මැන…

සදා කල් හදවතේ

තනි නොතනියට සැම විට.

(පුංචි) අපේ නෙලාගැනීම.

අසිපත් කගපත් අරගෙන

අපි යනවා යුද්දයකට

පොලු කැති පිහි මුගුරු රැගෙන

අපි යනවා අපෙ යුද්දෙට.

ආනන්දෙයි

නාලන්දෙයි

රෝයල් අපියි

ඉසිපත‍නෙයි

ගහ ගන්නව

හරි හරියට

ඌ රෝයල්,

මූ තෝමස්.

නෙලපන් බං ඉන්නෙ නැතුව.

අපෙ මහ ලොකු හයි හත්තිය

අපෙ මහ ‍ලොකු ගරු නම්බුව

මුලු ලෝකෙට පෙන්නන්නට

නෙලපන් බං ඉන්නෙ නැතුව.

රෝයල් රොක්ස්

හැමෝම රොක්ස්

බාලිකාවෙ සුදු තාප්ප

බැබලෙනවා හරි එළියට.

හරියට ඒ බාලිකාව.

අපේම බූදලය වගේ…

සහෝදරී බාලිකාව

අපේම මනමාලියො ටික.

පිට එවුන්ට දෙන්නේ නෑ…

“ගමේ වැල ගමේ කපුටන්ට”

අපි හරියට කපුටො වගේ…

තාප්ප වල

අපේ වසුරු.

ඒත් කපුටු පරපුරෙ ඇති

එකමුතුකම අපෙ නම් නෑ…

මනුස්සයෝ අපි නිසානෙ,

ඒක එහෙම වෙන්න ඇත්තෙ.

ලාංකීය ආඩම්බරකම

අපේ ඇඟේ ඇති නිසානෙ,

අපේ එවුන්ටම නෙලන්නෙ.

අනේ අපේ දේශප්‍රේමේ.

ඉතින් අපේ තාත්තිලට

ජී එස් පී ප්ලස් ලැබෙයිද?

මේක ලියපු අනේ මටත්

නෙලලා පලයං දවසක.

ජීවත් වෙලා මක්කටෙයි?
අපිව මේ ලෝකයේ ජීවත් කරවන කරුණු කාරනා කිහිපයක්ම තියෙනවා කියලා මට මතක් වුනේ කෑමෙන් පස්සේ දත් ටික මැද මැද ඉන්නකොට. දත්ටික නැත්තං ජීවත් වෙලා හමාරයි වගේ තේරුමක් දත් ටික මැද මැද ඉන්නකොට හිතට ආවත්. මනුස්සයා කියන සතා දස්සයා නිසා දත්ටික බඩට යන්න පාරක් වැදිලා හිටියත් බටේකින් හරි ආහාර අරගෙන ජීවත් වෙන්න ට්‍රයි කරන නිසා… දත් ටික මිනිසා ජීවත් කිරීම ‍හෝ කරවීම පිළිබඳ ලොකු බලපෑමක් එල්ල කරන්නේ නැහැ කියන කාරණය තමයි එතනින් ගම්‍ය වෙන්නේ. ඒ වුනාට දත් ටික නැතිව ජීවත් වෙලා මොකටද වගේ කතාවක් කතා කෙරුනත්. ඔය ඕනතරම් මිනිස්සු දත් ටික නැතිව ජීවත් වෙන්නේ…

අර සින්දුවකුත් තියෙන්නේ…

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ…

‍ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙක් ඕනෑ වේ…

මංජූ…… හ්ම්… හ්ම්…

ඕක අපේම අය. මේ විදිහට කිව්වා.

ලෝකේ ජීවත් වන්නට බත් ටික ඕනෑ වේ…

ඒ බත් ටික කන්නට දත් ටික ‍ඕනෑ වේ…

ඒ දත් ටික කන්නට පනුවෝ ඕනැ වේ…

…………………………….. ඕනැ වේ…

ඔහොම ඉවරයක් නැති සින්දුවක් කියාගෙන ගියපු එකෙක්ව නවත්තන්න වුනේ කටට ප්ලාස්ටරයක් දාලා…

නෑ. ඒක බොරු. අපිත් හිනාවෙවි අහ අහ හිටියා මිසක් (සමහර කෑලි අපිත් එකතු කළා මිසක්) ප්ලාස්ටර් දාන්න යන්න තරම් වාරණ චේතනාවක් අපට ඇතිවුනේ නැහැ.

හරි. ඒ අතුරු කතා. මං කියාගෙන ගියේ මේ. ජීවත් වෙන්නේ ඇයි කියන කාරණේ ගැන නෙව. හරි. වෙනදා වගේම මාතෘකාවෙන් පිට පැන්නත් ආයෙමත් මාතෘකාවටම එමු.

හරි. දැන් අර කලින් කියපු විදිහට ලෝකේ ජීවත් වෙන්නට බත්ටික ඕනෑ ‍වේ කියන කා‍රනේ වෙනම අරගෙන බැලුවොත් එතන පේනවා ජීවත් වෙන්න නං ආහාර ගන්නම ඕනෑ කියලා. ඒක ගැන කල්පනා කර කර ඉන්නකොට මගේ ඔළුවට ආවේ අපේ හොස්ටල් කන්න පෝලිම් ගැහිලා පැරේඩ් එකේ ඉන්නකොට එතනට ආපු හොස්ටල් එකේ නතර වෙලා හිටපු සිංහල ගුරුවරයෙක් කියපු කතාවක්.

සමහරු ජීවත් වෙන්න කනවා.

සමහරු කන්න ජීවත් වෙනවා.

අපි පොඩි එවුන් නිසා අපිට හිතුනේ‍ මේක ගුරුවරයාම කියපු කතාවක් කියලා. ඒත් ඒක ‍එහෙම නෙවෙයි. පස්සේ තමයි දැනගත්තේ ඒක ප්‍රසිද්ධ කියමනක් කියලා. හරි. එහෙම බැලුවාම ඇයි අපි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයට තවත් උත්තරයක් ලැබෙනවා. ඒ ජීවත්වෙන්නේ… කන්න. ඔය කෑමත් ඉතින් බඩට යන කෑම විතරක් නෙවෙයි නෙව. ගසා කෑම. සූරා කෑම. ඉතින් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ගසා කන්න. සූරා කන්න. ඉතින් ඒ දිහා බලන් ඉන්න අපිට හිතෙනවා තමයි මුං ජීවත් වෙලා ඇති වැඩේ මොකක්ද කියලා. බලාගෙන ගියාම සූරං කන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන්නේ සූරං කන්න. හරිම පුදුම අනුලෝම ප්‍රතිලෝම සම්බන්ධයක්.

කාගෙහරි ඔළුවට අදහසක් ආවාද නිකං ජොලියට හරි මැරිලා බලන්න. ඒත් ඕනම කෙනෙක්ට අවාසනාවට මැරෙන්න පුලුවන් එක පාරයි. ඔය කවුරු කිව්වත් මං මැරිලා ඉපදුනා කියලා… ඒක බොරු. නිකං අහලා බලන්න මැරුනාම කොහොමද දැන්නේ කියලා… මං කියන්නේ මැරෙන එකෙත් ආතල් එකක් තියෙනවා කියන එක. ඒ වුනාට ආතල්ද නැද්ද කියලා මට තාම හරියටම කියන්න බෑ. මොකද මං තාම මැරිලා ‍නෑ නෙව. පහුගිය ආත්ම භව වල මැරිලා තියෙන්න පුළුවන් බව හැබැයි. ඒත් කවුද දන්නේ මට පහුගිය ආත්ම භවයක් තිබුනාද කියලා. සමහර විට මේ මගේ පළවෙනි ආත්ම භවේ වෙන්න ඇති. පහුගිය ආත්ම භාව තිබ්බා නං අනිවාර්යයෙන්ම පව් කරන්න 90%ක සම්භාවිතාවක් තියෙන නිසා මේ ආත්මේ මනුස්ස භාවයක් ලබන්න නං පහුගිය ආත්ම භාවයක් තිබිලා නෑ කියලා තමයි මට නං හිතෙන්නේ. කොහොමත් මට ආගම දහම ගැන වැඩි දැනීමක් නැති නිසා මෙතනින් එයාට යන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ දේසනා කරලා තියෙනවා බුදුදහම සර්පයෙක් වගේ. වලිගයෙන් අල්ල‍ගත්තොත් නං ඉවරයි, ඒක නිසා හරියටම ඔළුවෙන් අල්ලගන්න කියලා. ඉතින් ආගමික දේවල් ගැන විවාද කිරීම ඒ ගැන හරිහැටි දැනීමක් නැතිව වාද කිරීම හරි බැරෑරුම්. ඉතින් වැඩිදුර ඒ ගැන කතාකරන්න යන්නේ නැතිව මාතෘකාවට එමුකෝ…

මාතෘකාවට එන අතරේ මට ලෝවැඩ සඟරාවෙන් කවියක පද දෙකක් මතකයට ආවා…

කලකිනි බුදු කෙනෙකුන්     උපදින්නේ

දුකකිනි මිනිසත් බව ලැබ    ගන්නේ

ඉතින් අපි මේ අපිට ලැබුනු මනුස්සකම අරගෙන ජීවත් වෙනවා. ඇයි ඉතින් අපි ජීවත් වෙන්නේ?

ඕකට හරි කෙටි පිළිතුරක් තියෙනවා ජීව විද්‍යාවේ.

තමන්ගේ වර්ගයා බෝ කරන්න.

ඒත් මට ඒකෙන් සෑහීමට පත් වෙන්න කොහෙත්ම නං බෑ. ඔන්න ඕක ඇමීබාවා වගේ එකෙක්ට කිව්වානං අවුලක් නෑ. ඌට කං ඇහෙන්නෙත් නැති නිසා ඌ ඒක වැඩි ගානකට ගන්න එකකුත් නෑ.

මේක සිරා ප්‍රශ්නයක්. ඇයි අපි ජීවත් වෙන්නේ… හරි. අපි ජීවත් කරවන කරුණු කිහිපයක් තියෙනවා.

එකක්. “අම්මා.”

අනික “ආදරය.”

තව එකක් “මුදල්”

තව එකක් “ආහාර”

තව එකක් “ගින්දර”

ඔය වගේ කරුණු ගොඩක් කිව්වත්. ඕකෙන් පළවෙනි කාරණය විතරයි හරියටම අපිව ජීවත් කරවන්නේ. ආදරය (මං මේ කියන්නේ කෙල්ලෙක් ගැන කොල්ලෙක්ට හිතේ ඇතිවන ආදරය ව‍ගේ දෙයක්. සරලව. ඔයිට වඩා සංකීර්ණතා තියෙනවා ලෝකේ. ඒත් මං කතාකරන්නේ මේ ආදරය ගැන) එතනට ආසන්නව ලං වුනත්. ආදරය නිසා මැරිච්ච අය ලෝකේ ඕනේ තරම් ඉන්නවා. හොඳම උදාහරණය රෝමියෝ අයියයි. ජුලියට් අක්කයි. ඕවා පොතේ තිබුනාට. පොතෙන් මෙහාටත් ඒක එහෙම්මම තමයි. මුදල්, ආහාර, ගින්දර, ජලය වගේ තවත් දේවල් තිබුනාට. ඒවාම අනිත් පැත්තට අපිව මරවන කාරණා. ඉතින් අම්මා තරම් තවත් වස්තුවක් මේ ලෝකේ නෑ කියන්නේ කට කහනවට නෙවෙයි.

ඉතින් අම්මා වුනත් මේ මැරීමට සමහර විට දායක වෙන තැන් අපි දැකලා තියෙනවා නෙව. ඒ අතින් බැලුවාම ගබ්සාව හරිම අමානුෂිකයි තමයි. ඒත් සමාජය විසින් මේ වගේ සමාජ තත්වයන් ඇති කරලා තියෙනවා.

ඉතින් මං තාමත් හොයනවා ජීවත් වෙන්නේ ඇයි කියලා…

හැබැයි මගෙ නං තාම මැරෙන්න අදහසක් නැහැ.

ලෝවැඩ සඟර‍ාවේ කවිය සම්පූර්ණ කරලාම මම එහෙනං නවතින්නම්.

කලකිනි බුදු කෙනෙකුන්         උපදින්නේ

දුකකිනි මිනිසත් බව ලැබ            ගන්නේ

මෙදෙකින් මෙසසර දුක් දුර        ලන්නේ

සුදනෙනි කිම වීරිය නො          කරන්නේ

බස් එකේ එන ගමන්…
[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!]

අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් හැම දවසම වගේම සුවිශේෂී දවසක් වුන නිසා. උදේ 7ට පටන් ගත්තු ගණිතය අතිරේක ත්‍රිකෝණමිතිය පන්තිය අද කලින්ම ඉවරවුනේ දවල් එකොළහට. හික්! ඔව්, කලින් තමයි! ඕක නතර කරන්න තිබුනේ දොළහට   ඉතින් ඉබ්බා දියේ දැම්මා‍ම ඇන්නෑවේ කියාපි. යාලුවෝ දෙන්නෙකුත් ඇදගෙන ගියා සරසවියට. එකෙක් නං කිව්වේ…

අ‍පෝ… බෑ බං… පොත් කියවන එක නං මට එපා වෙලා… තියෙන්නේ…. යමුකෝ KFC… ගිහිල්ලා ඉන්න එකත් සැපයි බං. උඹ දන්නෑ, එකදවසක් එතනට ආපු ප්‍රසිද්ධ නෝනා කෙනෙක් දුන්නා නෙව ප්‍රසිද්ධියේ කොල්ලාට කිස් එකක්!

(නීති හා රෙගුලාසි මත එම වාක්‍යය සභ්‍ය වන පරිදි සංස්කරණය කර ඇත – ළඟදීම KFC එකටත් ලෑලි ගහලා වහයිද දන්නෑ මේක දැකලා. නෑ නෑ. එක්කෝ එව්වා එක පැලැන්තියකට විතරක් සීමා වෙච්ච ඒවා නිසා. එහෙම වෙන එකකුත් නෑ…)

මෙන්න මෙහෙ වරෙන් බං යන්න. සරසවියත් ඒසී කරලා තමයි තියෙන්නේ. අනික ඒකටත් එනවා හොඳ හොඳ ගෑනු ළමයි…

අර මතකද දන්නෑ පරණ බුද්ධෝත්පාද කාලේ කතාවක් තියෙනවා එක්තරා සිටු පුත්‍රයෙක් තමන්ගේ පුත්‍රයාට බණ අස්සවන්න පුත්‍රයාට බණ අහගෙන එන්න කියලා. ඒ බණ පාඩම් කරගෙන ආවාම පොඩි ගානක් අතට දෙන කතාවක්? (නම් ගම් නං මතක නෑ, දැන් අපි බුද්ධාගම ඉගෙන ගන්නේ නෑ නෙව   )

ඉතින් මේකත් ඒ වගේ තමයි, මුන්ට ඉතින් ගෑනු කිව්වොත් වෙන කවුරුත් ඕන්නෑ. ඕක ඉතින් කාටත් සාධාරණයි. මාත් පඬියා වගේ කිව්වාට මාත් ඉතින් එහෙම තමයි   නැත්තං ඉතින් අපිත් රහත් වෙලා ඉන්න ඕ‍නේ.

හරි. ඇති! බණ දහම් ගැන කතා කරා හොඳටෝම ඇති.

සරසවියේ ඇතුලේදී ෂෝක් ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා උසස් පෙළ අලුත් නාට්‍ය හා රංග කලාව සිලබස් පොත් තියෙනවාද කියලා හොය හොය ඉන්නවා දැක්ක වෙලාවේ මාත් රහසිං අපේ යාලුවොන්ට කිව්වේ, නෑ නෑ මගේ කටින් කියවුනේ…

අඩේ, අපරාදේ! ආර්ට් කරන්න තිබුනේ බං…

හැබටම. උඹ ආර්ට් කරන්න යනවා කිව්වා නේද බං? මොකෝ වුනේ?

හික්. මම ගියා බං ආර්ට් කරන්න. ආර්ට් සෙක්ෂන් එකේ හිටියේ දවස් දෙකයි! මෙන්න කොල්ලා ආපහු මැත්ස් පංතියේ ඊළඟ දවසේ!   Sectional Headගෙන් ඇහුවා බං නැති වෙන්න.

උඹටත් තියෙන්නේ පුදුම පිස්සු තමයි බං.

සරසවි‍ය ඇතුළට වෙලා පැයක් එකහමාරක් හිටපු අපි, ඊළඟට පොඩි කඩේකින් මොනවාහරි කටේ ඔබාගෙන ආපහු පිටත් වුනේ අපේ ආදරණීය පිසික්ස් පංතියට. උදේ පාන්දරම මට කෙලවපු මගේම ආදරණීය භෞතික විද්‍යා පංතිය.

ෂහ්, උදේ පාන්දරින් නැගිට්ට නිසා අම්බානකට නිදි මතක් දැනුනේ පංතිය පටන්ගත්ත ගමන්මයි. ගුරුතුමා උගන්නනවා. මම නිදිකිරා වැටෙනවා. ‍ගෑනු ළමයි බල බල

හොරෙන් හිකි හිකි ගාලා හිනා වෙනවා වගේ හීනෙන් දැක්ක නිසා ඔන්න ආපහු පියවි සිහියට ආවා. කොහොමහරි මම පර්යේෂණාත්මකව අත්හදා බලපු දෙයක් තියෙනවා. ඒ තමයි නිදිමතේ වුනත් ඇහෙන එක පොතේ ලියාගන්න පුලුවන්ද කියන දේ. කොහොමහරි සමහර දවස්වලට නං අවුලක් නැතුව ලියවෙනවා. ඒත් අද නං ටිකක් විතර චාටර් වුනා. ගුරුතුමා පැහැදිලි කර කර ලියන්න දීපු නිසා මම ඇහැ ඇරලා බලනකොට පොතේ ලියලා තියෙන්නේ වෙන මඟුලක්. ගුරා ක්‍රිකට් පිත්තක් ගැන මොකක්දෝ කියනවා වගේ මතකෙත් තිබුනා.

පන්දුව = ආවේගය x කාලය

ආවේගය = ක්‍රිකට් ගම්‍යතා වෙනස

පිසික්ස් පොත නිකං සීගිරි කුරුටු ගී‍ පොතක් ව‍ගේ වෙලා ති‍යෙනවා දැක්කාම මං ගැන මටම හිත ඇතුළෙන් හිනා. වෙන එවුන් දැකගනියි කියලා ලැජ්ජාවට පොතේ අනිත් හිස් පිටුව පෙරලලා තියාගත්තා. මෙන්න මම ආයෙත් නිදි!

ආ ආයෙත් තව එකක්. සාමාන්‍යයෙන් අපි චැට් එකේ දී සිංහල වචන ඉංග්‍රීසියෙන් ගහනවා නෙව. මම පොතේ දඬු කියන වචනේ තැන් කිහිපයකම ලියලා තිබුනේ දණ්ඩු කියලා (මූර්ධජ ණයන්නත් එක්කම තමයි   ) ඒ අර චැට් එකේ සඤ්ඤක පුරුද්දටම වෙන්න ඇති. අපි දඬු කියන එක dandu කියලා ටයිප් කරනවා නෙව. මොනවා වුනත්, යටි හිත හැම‍ වෙලේම වැඩ!

මොනවා වුනත් පො‍තේ නෝට් එක නං පොඩි පොඩි අඩුපාඩුවක් නැතුව වුනත් සම්පූර්ණයෙන් ලියාගෙන. ෂහ්! මේකට තමයි කියන්නේ නියම දක්ෂතාව කියලා!

හරි. හරි. දැන් කට්‍ටිය බලනවා ඇති මොකක්ද මේ මාතෘකාවේ තියෙන්නේ කියලා. බස් එකක් ගැන කියලා මූ රට වටේ අපිව එක්ක යනවා කියලා කට්ටිය හිතනවා කියලා මං දන්නවා. හරි හරි. කලබල වෙන්න එපා… අපි මාතෘකාවට එමු.

පන්ති ඉවරවෙලා බස් එකට නැග්ගේ ගෙදර එන්න. මට එපා කරපුම දේ තමයි බස් එකේ යද්දී රේඩියෝව අහන එක. වි‍ශේෂයෙන්ම රෑට යන කණාමැදිරි රාත්‍රිය අහන්න මං මං මහාම මහා පව්කාරකමක් කරලා තියෙන්න ඕනේ. ගිය ආත්මේ කාගේ හරි කනට ගහලා නිසා වෙන්න ඕනේ මට මේකට මුහුන දෙන්න වෙන්න ඇත්තේ. මොකද එහෙම කියන්නේ, බස් ගාලේ නවත්තලා තිබ්බ අනිත් බස් වල දාලා තියෙනවා ඇහුනේ විස්සයි-විස්ස ත‍රගේ විස්තර විචාරය. මාත් හිතුවේ රේඩියෝව දානවානං ඒකම දායි කියලා…

මොන මඟුලක්ද… බස් එක ඉස්ටාට් කොරා විතරයි කන පලාගෙන කණාමැදිරි රාත්‍රිය!

සාමාන්‍යයෙන් අටවක පුත්තු පොතෙන් ලැබුන උත්ප්‍රේරකය නිසා මම දැං ගමනක් යනකොට පොතක් කියවන එක තමයි වැඩේ. විශේෂයෙන්ම මම එන කොට-කොට බස් ගමන නිසාම මේකට පුරුදුවෙන එක මහලොකු කජ්ජක් වුනේ නෑ. ඉතින් මේ දවස්වල අතේ තියෙන්නේ මහගම සේකරයන්ගේ “ප්‍රබුද්ධ”. ඉතින් අර බස් එක කොටන ජරමරයයි, කණාමැදිරි රාත්‍රියේ විලාප හඬයි දෙක අතරමැද වුනත් ටිකෙන් ටික හිත පොතට එකඟ කරගන්න ලැබුනා.  පොත කියවන අතරතුරේ හිතට ආපු කවි සිතිවිලි ටිකක් ලියාගන්න විදිහස් හොය හොය ඉන්නකොට අත ගියේ සාක්කුවට. සාක්‍කුවේ තිබ්බ ෆෝන් එකට. ෂහ්! දැන් මොකටද කොල කෑලි? නව තාක්ෂණයේ උපරිම ඵල ‍ප්‍රයෝජන නෙලා ගැනීම තමයි අපේ (වි)ජාතික වගකීම!

‍මේකෙන් එක කවියක් (කවි පේලියක්, එහෙමත් නැත්තං නිසඳැසක්) ලියලා ඉවරවෙනකොට හරියටම ග‍මනෙන් බාගයක් ඉවරයි. ඊළඟ කවිය ලියලා ඉවරවෙනකොට බහින තැනටමත් නොදැනීම ඇවිල්ලා. ෂහ්. බස්සෙකේ යන ගමන් කවි ලියන එකෙත් සිරාම ආතල් එකක් තියෙනවා!

අර්ධ්‍යාසත්‍යගත කරන ලද ආදර සංක්ෂිප්තය

ඔන්න එක දවසක්

පාන්දර පන්තියක්

ගියේ මම පාන්දර,

අල්ලගන්නට තැනක්.

හිටියා බලාගෙන,

එනකන් අනිත් එවුනුත්.

පන්ති‍යේ ‍‍ද්වාරයෙන්,

දිටී මම සඳවතක්

අහම්බෙන්,

හදවතද ගොළු විය,

කාලයද ලත් තැනම ලොප් විය.

අනේ මම බැලුවා,

“හඳ කොහොමද මෙතෙන්ට ආවේ?”

වුනා මහ වෙනසක්,

නුදුටුවෙමි අන් කිසිදු වතක් සත්සර හදක්.

අපි දෙන්නා පරස්පරයි,

ඇත්තටම “සාපේක්ෂව වෙනස්!”

පුලුවන්ද මිනිහෙක්ට

කරන්නට ආදරය තවමත් නොහඳුනන ලස්සන ගෑනු ළමයෙක්ට?

කුමරා කුමරි‍යගේ

හඳවත නොහැඳිනී…

ආලයෙන් අඳ වුනී…

මෙය නොදත් කුමරිය,

කීවේ ඇගේ සහපිරිවරට

“මූ නං පොඩි එකෙක් වගේ”

අහෝ එක උදයක්,

ආවේ ෆේස්බුක් හසුනක්,

කුමරියට නොකරනු කරදරයක්.

රජුන්ගෙන් පණිවිඩයක්!

ඇය රාජසන්තකය,

කුමරුන්ට ඇගේ සෙනෙහස නොලද හැක.

කුමරිය රජ සතු විය

කුමරාට කෙල විය

පායයි සැමදාම පංතියට පුන්සඳ,

ඒත් ඇයි අද අමාවක?

හරි අපූරු ‍නුගේගොඩ

එකමත් එක රටක,

එකමත් එක උදයක,

ගොඩබැස්සෙමි මමත්,

එකමත් එක නුගේගොඩකට

අරුම පුදුම නගරයකි නුගේගොඩ

ආධුනික පෙම්වතුන් මුනගැසෙන

අරුම පුදුම හන්දියකි,

හන්දිය නුගේගොඩ

උස මිනිස්සු

කොට මිනිස්සු

අත පය හතර ඇති මිනිස්සු

අත පත නැති මිනිස්සු

අන්ධ මිනිස්සු

අන්ධ වගේ ඉන්න මිනිස්සු

හදවතක් ඇති මිනිස්සු

හදවතක් නැති මිනිස්සු

අත දිගුකර රුපියල් සත ඉල්ලන මිනිස්සු

විරිඳු පද බෙදන හරි අපූරු කලාකාමී මිනිස්සු

ළඟම ඇති කේ ඇෆ් සියෙන් කන්න පෙරුම් පුරන මිනිස්සු

බත් කඩ දැක දැකත්,

කන්න පින නැති අසරණ මිනිස්සු.

මිනිස්සු වෙන්න ඉන්න,

පුංචි පහේ මිනිස්සු.

ලස්සන ප්‍රාණියෝ

දැක්කෙමි තරුණ ජෝඩුවක්,

බත් පැකට් අරගෙන

බෙදන අර මිනිසුන්ට.

අන්න හොඳ ලස්සන මිනිස්සු!

එක එක විදිහේ හරි අපූරු මිනිස්සු.

හරිම ලස්සන නගරයකි නුගේගොඩ

ඇයි වියදම් කරන්නෙ යන්න දෙහිවල?

එන්න මේ නුගේගොඩ…

හරි අපූරු ‍නුගේගොඩ

ජීවිතය යනු අත්දැකීම් සමුදායකි.
වැඩමුළු අතර අත්විඳි අත්දැකීම් කිහිපයක්. ජීවිතය හා යා කිරීමකි…

කාලෙකින් බ්ලොග් සටහනක් ලියැවුනේ නැත්තේ ජීවිතයට දැනිලා තියෙන තෙහෙට්ටුව නිසා. සමහර විට ළඟින්ම කියලා තියාගන්න කෙනෙක් නැතිවෙච්ච නිසා වෙන්න ඇති. දැන් ඉතින් කවි කතා ලියන්න තරම් හිතට උත්ප්‍රේරකයක් නෑ. හිතුවාට වඩා ආදරය කියන දේ හරිම සංකීර්ණ ප්ලෑන් එකක්. ඒක හොඳටම තේරුනේ මොනවාහරි වැඩක් කරන්න යද්දී. ආදරය ගැන හිතලා බැලුවො‍ත්. ම‍ම අළුත් විදිහට ලියන්න, කියවන්න, හිතන්න පටන්ගත්තේ එක්කෙනෙක් නිසා. මේක මට විතරක් පොදු කාරණයක් නෙවෙයි. තව බොහෝ දෙනෙකුට. මං හිතන්නේ හැමෝටම මේ සංසිද්ධියම තමයි. ඉතින් අන්න ඒ කාරණේ නිසා තමයි බොහෝ දෙනා උත්සාහ කරන්නේ තමන් උත්සාහ කරන කෙනා තමන්ටම ලබා ගන්න. මං ඒ ගැන ගොඩක් හිතුවාම මටම තේරුනා ඒක නිශ්ඵල දෙයක් කියලා. සාමාන්‍යයෙන් උත්සාහය කියන ‍දේ අතඅරින්න හොඳ දෙයක් නෙවෙයි. ඒත් සමහර වෙලාවට සමහර හේතූන් මත මේ උත්සාහය කියන දේ අතඅරින්න සිද්ධ වෙන එක හරිම ස්වභාවිකයි. ඒ ඉතින් එක දෙයක් ගැන. මේ මේ කරුණු කාරණා ඔළුවේ දරාගෙන ඉන්න නිසාත්, උත්ප්‍රේරකයක් කියලා දෙයක් දැන් නැති නිසාත් මේ බ්ලොග් සටහන ලියන්නේ මීට කලින් ලියාගෙන ගියපු බ්ලොග් සටහන් පහ-හය මකලා දාලා. මේකත් නොමැකේවී කියන බලාපොරොත්තුවෙන් ඉදිරිටම ලියාගෙන යමු.

සුදාරක ළඟදී දකුණු පළාතට ගියා, ගිහිල්ලා ලොකූ වැඩ කන්දරාවක් කරා කියන දේ ඉතින් දැන් හැමෝම නොදන්න කාරණයක් නෙවෙයි. මං විතරක් නෙවෙයි. අපේ සභාපති ලක්පති. මගේ බ්ලොග්කරණ හිතමිත්‍රයා ඉද්දා… මේ හැමදෙනාම එකම කණ්ඩායමක් විදිහට සහෝදර හැඟීමකින් තමන්ගේ වැඩ කටයුතු රාජකාරී ඉටුකරපු සතියක් තමයි ඒ. හරියටම ජුනි 22වෙනිදා ඉඳලා ජුනි 26වෙනකන්. සතියකට ඉතින් දින 7ක් තියෙනවා තමයි. මම ඒකෙන් දින පහක් විතරයි උස්සලා පෙන්නුවේ. ඒත් කාලය කියන දේ එහෙම මනින්න බෑ. පැය වලින්, මිනිත්තු වලින් මැන්නාට කාලය කියන දේ හරිම සාපේක්ෂයි. උදාහරණයක් විදිහට දැනිලා තියෙනවා නේද කොච්චර හිමින් වෙලාව යනවාද කියලා… තමන් තනිවෙච්ච වෙලාවට? කරන්න මුකුත්ම නැතිවෙච්ච වෙලාවට… ඔරලෝසුවක් දිහා බලාගෙන ඉන්නකොට? ඒ වගේම වෙලාව කියන දේ ඇහිපිල්ලමක් ගහන ‍මොහොතකින් ඉවර වුනා වගේ දැනෙන වෙලාවල් තියෙනවා නේද? ඒ අටුවා ටීකා ඕනෑ නෑ. මං කියන්න උත්සාහ කරේ. කාලය කියන දේ ඒ ඒ වෙලාවට ඒ ඒ විදිහට සාපේක්ෂයි කියන කාරණය විතරයි. ඒ සතිය…. හරි. ඒ දවස් පහ මට දැනුනේ තත්පරයක් වගේ. පුදුමයි. ඇත්තටම මට දැන් දැනෙන්නේ තත්පරයෙන් දාහක එකක කාලයෙන් ගෙවිලා ගියා වගේ. කොච්චර නම් දේවල් කරන්න ඇත්ද? ආයෙත් ඒ වගේ ගමනක් යන්න පුළුවන් වෙයිද?

බෑ…

ඒ වගේ ගමනක් ආයෙමත් යන්න බෑ. මොකද ඒ වගේ ගමනකට තියෙන්නේ, ඒ වගේ කාල ප්‍රාන්තරයක්, ඒ ගමනේ ඉන්නකොට තියෙනවා වගේ මානසිකත්වයක් විතරයි. තව අවුරුද්දකින් මෙතන වාඩි වෙලා ඉන්නේ මම නෙවෙයි. ඒ වෙනම “මම”ක් විතරයි. වෙනම භෞතික වශයෙන් ජීවියෙක් විතරයි. හැබැයි හිතුවිලි කන්දරාවක් ඒ වෙනකොට, ඒ දින සති මාස ඇතුලේ එකතු වෙලා තියේවි…

ආහ්… මේ සටහ‍නේ අගක් මුලක් කියලා දෙයක් මට තේරෙන්නේ නෑ වගේ. මේක කියවනවානම් ඒක එහෙම හිතෙනවාද? ගණන් ගන්න එපා. ඒක මේ බ්ලොග් සටහනේ හැටි. තේරුමක් කියලා දෙයක් නෑ. ඔහේ කියවාගෙන යන්න. එපා වගේ නං නිකං ඉන්න… මම ලියනවා… ආයෙත් නම් මකන් නෑ… නෑමයි…

මං මේ කියාගෙන ගියේ හිතිවිලි ගැන. ඒ සතිය ඇතුළත කාලය ඇ‍තුළේ මම හිටියේ වෙනම ලෝකය. අවුරුදු 17යි දින දෙකක් පහුවෙලා පටන්ගත්ත ඒ කාලය ඇතුළේ. ඒ සතියයි, පහුගිය අවුරුදු 17යි දින දෙක ඇතුළේ සිද්ධ වෙච්ච දේවල් කල්පනා කරලා ගත්තාම. හරිනම් මුකුත්ම දෙයක් වෙලා නෑ වගේ. බලන්න… ජීවිතය ගැන මොනවාමහරි අවබෝධයක් ගන්න දවස් පහක් කරපු බලපෑම… අපි ඉන්නේ, අපිව හිරකරලා තියෙන්නේ පංතියක් ඇතුළේ. මම එක පංතියක. මේක කියවන තව කෙනෙක් තව පංතියක. හරි. අපි පංතිය කියන වචනය නැතිව පෙට්ටිය කියන වචනය ආදේශ කරමු. මම ඉන්නේ මගේ පෙට්ටියේ. මට පේන්නේ මගේ පෙට්ටිය ඇතුළේ තියෙන දේවල් විතරයි. අපි කියමු ඒ පෙට්ටිය විනිවිද දකින්න බෑ කියලා… එහෙනම් ඉතින් තමන්ගේ හිතිවිලි සීමා වෙලා තියෙන්නේ ඒ පෙට්ටියටම විතරයි. හරි. ඒ කතාව ටිකක් සංකීර්ණ ප්ලෑන් එකක් වගේ. මෙහෙම කියමු. මං පොඩි කාලේ හිටියේ තිස්ස. මං හිටියේ තිස්ස පෙට්ටියේ. ඒ කාලේ මම දැනගෙන හිටියේ තිස්ස ගැන විතරයි. මං දැනගෙන හිටියේ තිස්ස යාලුවෝ විතරයි. ඒක මට කට්ටිය කියනවා වගේ දුෂ්කර පළාතක් වුනේ නෑ. මම හැමෝගෙන්ම ඇහුවේ නැතිවුනාට මගේ හිතේ හොල්මන් කරපු ප්‍රශ්නයක් තමයි ඇයි තිස්ස දුෂ්කර වෙන්නේ. මේ තියෙන්නේ හොඳට කන්න-අඳින්න. මේ තියෙන්නේ වතුර. ඉස්සරහින් ලස්සන ඇළකුත් ගලනවා. තව පැත්තකින් වෙල් යාය. තව පැත්තකින් තිස්ස පන්සල… තව පැත්තකින් අපේ ඉස්කෝලේ… ඉතින් ඇයි හත්තිලව්වේ මේක දුෂ්කර වෙන්නේ? ඒක මොන කුණුහරුප කතාවක්ද? ඒකට එක ‍හේතුවක් මම හිටියේ මධ්‍යම පංතිය කියලා කියන පංතිය නිසා වෙන්න ඇති. අන්න ඒක නිසා බස් එකේ එල්ලීගෙන මගේ පංතියට එන මගේ වයසේ එවුන් ගැන මම හරිහැටි දැනගෙන හිටියේ නෑ. ශිෂ්‍යත්වය කියන දේ පාස් වෙනවා කියන දේ උන්ට ලොකු බරක් කියන දේ මම දැනගෙන හිටියේ නෑ. මම පංති ‍ගියේ නැතිවුනාට, පංති යන එවුන්ට වඩා හොඳට ශිෂ්‍යත්වේ පාස් වුනේ ගෙදර තිබ්බ වටාපිටාව නිසා, අර මධ්‍යම පාංතික ගතිය නිසා කියලා තමයි මට දැන් හිතු‍නේ. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා  ලකුණු ගාන ඇහුවාම මට තේරුනේ නෑ ඒකේ ඇති මහලොකු වැදගත්කම. මට ඒක නිකං ඉලක්කමක්ම වුනා විතරයි. ඉතින් ඒ වෙලාවේ ශිෂ්‍යත්වේ ලකුණු අඩු වුන. ඒක නිසාම අඬ අඬ හිටපු ගෑනු ළමයෙක්ට මම කිව්වේ…

“ඕක ඉතින් ගණන් ගන්න එපා… ඔහොම තමයි” කියලා.

එතකොට එයා අඬන ගමන්ම මට බැනගෙන බැනගෙන ගියා… “තමුසේ ඉතින් පාස්නේ. පාස් වෙලා ඒකට තමුසෙගේ තියෙන මහන්තත්ත කමනේ ඔය…”

ඒ කතාව මගේ ජීවිතේ වෙනස් කරපු තැනක්. මම හිතුවා. මම ඒක කිව්වේ එයාගේ හිත සනසන්න මිසක්. එහෙම හිතකින් නෙවෙයි. ඉතින් ඇයි මට බැනගෙන බැනගෙන ගියේ… මම කල්පනා කරා…

දැන් මම හේතුව දන්නවා. ඒ වෙලාවේ මම හිරවෙලා හිටපු පෙට්ටියේ නෙවෙයි. මම දැන් ඉන්නේ. ශිෂ්‍යත්වේ පාස් වෙලා උසස් යැයි සැලකෙන පාසලකට ආවානං ඒක ලොකු ජීවිත පිටිවහලක්. අලුත් අත්දැකීම් එක්ක ජීවිතේ වෙනස්කරගන්න පුළුවන් කියන දේ ඒ අය දැනගෙන හිටි‍යා කියලා මං දැං දන්නවා. තමන්ට ඒ පීඩනය තිස්සේදී තිබුනා කියන දේ දැං මං දන්න කාරණයක්. ඒක ජීවිත අත්දැකීමෙන් දන්න කාරණයක්. ජීවිතේ කියන්නේ මහාම මහා අත්දැකීම් කන්දරාවක්. තමන්ට එල්ල වෙලා තියෙන පීඩනයෙන් මිදෙන්න ගන්න උත්සාහයක්. සමහරු ඒ සමාජ පීඩනයෙන් මිදිලා… ආපහු තමන්‍ගේ ඒ සමාජයටම පීඩනය යොමු කරනවා. ඒ වගේම සමහරු ඒ පීඩනයෙන්ම ඉඳලා මැරිලා යනවා. ඔන්න ඕකයි වෙන්නේ. මෙන්න මේ දේවල් ගැන හිතන්න මට අර මුලින් කියපු දවස් පහ ප්‍රමාණවත්. දවස් පහක් කියලා කිව්වේ සම්මත කාලයෙන්. මට ඒක තත්පරයක් වගේ…

ජීවිතේට පරිගණකයක් අතින් අල්ලලා නැති අයත් එක්ක අපි කතා කරා. ඒ අයගෙන් අදහස් ගත්තා. ඒ අය මේ අපි වගේම අය. ඉතින් ඇයි අපිට තියෙන දේවල් ඒ අයට නැත්තේ. මම එක්කෙනෙක් අපිට කියපු දේ අහගෙන හිටි‍යා. මෙතන වෙලා තියෙනවා ලොකු වැරැද්දක්. ඔව්. සමාජ ක්‍රමයේ තියෙන ලොකු වැරැද්දක්. මේක ක්‍රමයේ තියෙන ප්‍රශ්නයක්…  එක්තරා හේතුවක් මත සුදාරකට දකුණු පළාතේ ඉස්පිරිතාලයකට යන්න වුනා. හැම තැනම… “Donated By…” “ආධාර මත…” ඔය වගේ වචන තමයි හැම බිල්ඩිමකම. හැම වාහනයකම.  ඉතින් කොහොම දියුණු වෙයිද රට. තමුන්ට උඩින් ඇවිල්ලා බිල්ඩිම හදාදෙනකන් බලාගෙන ඉන්න කම්මැලි රටක් මේක. ආධාරවලට ලැබෙන දේවල් ගසාකන්න, එකෙන් ජීවත් වෙලා ඉන්න උදවිය ආධාර ගන්න ඕනකම නිසාම තියෙන දේවල් හරියට හදන්නේ නැහැ. මොකද අඩුපාඩු තියෙන තැනටනේ ආධාර දෙන්නේ. ඉතින් අර ආධාර වලින්ම ජීවත් වෙනවා.

ඒක එක ප්‍රශ්නයක් විතරයි. තව මේ වගේ ප්‍රශ්න ගොඩයි. අපිට අදහස් දක්වපු කෙනෙක් කියපු කාරණයක් තමයි. ඒ අය අපේ පාසලේ ප්‍රධානතම ඉසව්වක් ‍වෙච්ච ස-ග වගේ වැඩසටහන් බලනවා. ඒ බලන අතරේ ඒ අය දකිනවා පොඩි අය ඉතාමත්දක්ෂ විදිහට ඒ ඒ වාදන කටයුතු කරනවා කියන කාරනේ. ඉතින් ඒ පළාත් වලත් ඉන්නවා ඒ තරම්ම දක්ෂතාවට ළඟා වෙන්න පුළුවන් අය. ඒත්… පහසුකම් නෑ. සංගීත භාණ්ඩයක් අරගෙන දෙන්න විතරක් නෙවෙයි,  එදා වේල වත් හරියට හොයාගන්න බැරි සමාජ තලයකයි ඒ අය ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න ඔහොමයි. කොළඹින් බැහැර (කොළඹ මේ තත්වය නැතුවා නෙවෙයි) සමාජ ජීවන තලයේ වටපිටාව. මේක අපේ කණ්ඩායමේ හැමෝම අධ්‍යයනය කරා. ඒ ව‍ගේම ඒ ඒ පළාත් වල. ති‍යෙන හොඳම දේවල් එක තැනකට කේන්ද්‍ර වෙලා. ඒ පළාතේ එක තැනකට විතරයි ඒ පහසුකම්. එතනින් එහාට මුකුත් නෑ. අර තියෙන අයටම ලැබෙනවා මිසක්. නැති අයට මුකුත්ම නෑ. ඒ දේ ලබාගන්න තරම් දැනුමකුත් නෑ. දැනුම ලබාගන්න විදිහකුත් නෑ.

මේ වගේ දේවල් තේරුම්ගන්න අවශ්‍යයි. NGO දාගෙන එක එක මඟුල් නැටුවාට. දිය රෙද්ද වෙනුව‍ට ගමේ ගෑනුන්ට බිකිනිය ඇන්දුවාට ප්‍රශ්නය විස‍ඳෙන්නේ නෑ. මේකට කවමදාකහරි විසඳුමක් අවශ්‍යයි.

මෙච්චර වෙලා කතා කරේ. සමාජ-දේශපාලනික වට පි‍ටාවක් ගැන. ඒ පිරිමි ළමයෙක් රාජකීයේ හිටියොත් කොයිතරම් දුරකට යාවිද, ඒ ගෑනු ළමයෙක් විශාකාවේ හිටියොත් කොයිතරම් දුරකට යාවිද. අපි කියන්නේ ඔක්කොම රාජකීයට ගෙනැල්ලා හිරකරන්න නෙවෙයි. මොනවාමහරි යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ ගැන වෙනම කතාකරමු. මේක ලොකු මාතෘකාවක්. ඒක අධ්‍යාපනය-සමාජය-දිළිඳුකම වටේ එතිලා තියෙන ලොකු කතාවක්.

ඇත්තම කතාව ගුරුවරයෙක් නැති තැන එතන පාසල් ශිෂ‍්‍යයෝ ලබාගන්නේ ලොකු නිදහසක්. මෙන්ම මේ නිදහස කියන දේ හරිහැටි පාවිච්චි කරන්න ඒ නිදහස ලබන ශිෂයින් අවදියෙන් ඉන්න අවශ්‍යයි. දැන් කාලෙන නම් ගුරුවරයෙක් නැතිව අරින ගමනක යන පාසල් ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් ආපහු එන‍්නේ කකුල් දෙකෙන් නෙවෙයි. අනිත් අයගේ උරහිස් උඩින්. මේක හැමෝටම සාධාරණ කාරණයක් නෙවෙයි. අපිට අන්න ඒ කියපු නිදහස ලැබුනා. මේ නිදහස ලබාගත්තේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. අපිටම කියලා ලොකු ජීවිත අත්දැකීමක් විඳගන්න. වැඩමුළු වල අසාර්ථක වෙච්ච තැන් මොනවාද? සාර්ථක වෙච්ච තැන් ‍මොනවාද? අපි අපිම කතා ක‍රා. ගුරුවරයෙක් නැති තැන කතාකෙරෙන ගොඩක් දේවල් නිදහසක් ඇතිව අපි කතා වුනා. සමාජය ගැන දේශපාලනය ගැන වගේ දේවලුත් අපි කතා කරා. කවුරුවත් ආ‍‍වේ නෑ අපිට උපදෙස් දෙන්න. අපි අපිම සැලසුම් කරා. අපි අතරේ අඩු පාඩු තියෙන්න ඇති. ඒත් අපි යමක් කරා කියන දේ අපි දන්නවා. අපි අනුන්ගෙන් අදහස් ගන්නැති මහ උද්ධච්ච එවුන් කියලා නෙවෙයි අපිට කියන්න ඕනේ වුනේ. අපිට අවශ්‍ය වුනේ වෙනස් විදිහක උත්සාහයක් කරන්න. විප්ලවයක් කරන්න. ඉතින් ඒකයි අපි අපිම මේක අපේ විදිහට කරේ. බැනුම් අහපු වාර නං අනන්තයි. අත්දැකීම් ලබාගත්ත වාර අනන්තයි. නොසිතූ සිදුවීම් වලට මුහුනදුන්න වාර අනන්තයි. මේ හැමදේම වුනේ දවස් පහකට. නෑ…. එක තත්පරයකට.

ජීවිතේ කියන්නේ මාරම අමුතු දෙයක්. ජීවිතේ මේ කාලේ. ඒ කියන්නේ අවුරුදු 17-18-19 කාලේ. පුදුම දේවල් කරන්න හිතෙන්නේ. ම්… මේ දවස්වල චිත්‍රපටි බලනවා. පොත් කියවනවා කියන දේම තමයි. එතැනින් එහා ලෝකයක් නෑ.

හරි.

ඇති යාන්තං මේක ලියලා ඉවරයක් කරගන්න පුළුවන් වුනා. ඒක ලොකු දෙයක්….   වැඩමුළු අතරතුරේ තව තව දේවල් ගැන… ම්… පුළුවන් වුනොත් කියලා දාන්නම්

මේ තියෙන්නේ අපේ සභාපති, ලක්පති සහෝදරයා අත්විඳපු තවත් අත්දැකීමක් ගැන.

අද ඉරිදා… හෙට සඳුදා… ඉස්කෝලේ පළවෙනිදා…
මේ පරණ ළමා ගීතයක් නෙව. ඔන්න ඒකත් මටම කොහොමහරි හරියටම ගැළපුනා. ඔන්න උසස් පෙළ නීත්‍යනුකූලව පටාන්ගන්නයි මේ හදන්නේ… දැන් ඉතින් දුවපං ඉස්කෝලේ!

ළඟදී හරියට මුකුත් ලියන්න බැරිවුනා. ඒකට නම් හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි කවි, කතා ලියන්න උත්ප්‍රේරකයක් වෙච්ච දේත් නැතිවුනා. මට කලින් මට වඩා ලක් කාරයෙක් ඔන්න උරුමකම් කියලාලු… කමක් නෑ ඉතින්… මොනවා කරන්නද නේද? ඒක පාර්ශ්වික ආදරේත් එක්ක කවි කතා ලියන්න තිබ්බ සිතිවිලිත් ඉතින් එකතැනටම පල් වෙලා ගියා…

අනිත් එව්වානං ඉතින් එච්චර වැදගත් ‍හේතුම නෙවෙයි. මොකද ඉතින් මෙන මල කරදරේ තිබුනත් බ්ලොග් එක ලියන්න නම් අමතක නොකරන නිසා. සිංහල බ්ලොග්කරණ ව්‍යාපෘතියේ වැඩ ගොඩකට හිරවුනා. දැනට එපමණ තරගකාරීත්වයක් පෙනෙන්න නොතිබුනාට අපි මේ දාගෙන යන පදනම හරහා ඉදිරි මාස දෙක තුනේදී සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඉතාමත් ආකර්ෂණීය ඉසව්වක් වේවි කියන එක තමයි මගේනං අදහස.

මේ කාලේ මට එක එක අදහස් පහළවුනා. අනේ මන්දා… අම්මා කියන්නේ නං මගේ ඔළුවේ ඉන්නේ රාහු-ලු. රාහු ලැබුවාම ඉතින් එක එක දේවල් ගැන හිතනවා කියනවානේ‍‍ ජ්‍යොතිෂ්‍යයේ. ඉතින් ඒක ඇත්ත වගේ. මට කලා විෂයන් හදාරනවාද? භෞතිය විද්‍යා (ගණිත) විෂයන් හදාරනවාද කියලා මාරම ගැටළුවක් ඇති වුනේ මෙන්න මේ කාලේදී තමයි. මගේ ෆේස්බුක් යාළුවන්ටනම් මේ කතාව එච්චර අලුත් කතාවක් නම් නෙවෙයි. කොහොමහරි අවසන් තීරණයකට ආවා. ඒ ගණිත විෂයම කරනවා කියලා තමයි. මේ වගේම ප්‍රශ්නයකට සාමාන්‍ය පෙළ ලියලා ඉවරවුනාමත්, ඊට කලිනුත් මම මුහුන දුන්නා. අනේ මන්දා…. මට ගැලපෙන්නේ කලා විෂයන් කියලා හොඳට ‍තේරුනාත්. ගණිත-විද්‍යා විෂයනුත් මට එච්චර අප්සැට් නැති නිසාත් (මං මේ පම්පෝරි ගහනවා කියලානං හිතන්නෙපා හො‍ඳේ…) ඉදිරි අනාගතේ ලංකාව ඇතුලේ කලා කාරයෙක්ට ෂුවර් නෑ කියලා සාමාන්‍ය ජන මතය නිසාත් මම ආපහු ගණිත අංශයටම හිරවෙන්න තීරණය කරා. ඒක එක පැත්තකින් අපරාදයක් වගේ හිතුනත් පෙරලුනු පිට හොඳයි කියන්නා වගේ මම මුලින් හිතපු විදිහට සිංහලයි ජනමාධ්‍යකරණය වගේ විෂයනුයි දෙක වෙනම භාහිරව හදාරන්නයි කල්පනාව.

මේ විෂයන් තෝරාගනිද්දී මගේ ඉලක්කය මොකක්ද කියන එකනේ ඉතින් බලපාන්නේ. ඇත්තම කිව්වොත් මට ඉංජිනේරුවෙක්, විද්‍යාඥයෙක් වගේ මොකෙක්වත් වෙන්න කිසිම අවශ්‍යතාවක් නෑ. මට ඔනේ මේ… නිදහස් ජීවිතයක්. හැබැයි නිදහස් ජීවිතේ වගේ නෙවෙයි සල්ලි කියන කාරණෙත්. කවදා වෙනකං ඉතින් දෙමව්පියන්ගෙන් කියලා යැපෙන්නද? අපිත් ඉතින් පවුලක් පන්සලක් වෙන්න එපැයි! (අපොයි මූ හිතන දුර!) ඉතින් ඉස්සරහට මුහුන‍‍ දෙන්න වෙන – දැනටමත් මුහුණදෙන්න වෙලා තියෙන ලෝක ආර්ථික අර්බුද ගැනත් හිතුවාම අනාගතේ මොනවායින් මොනවා වෙයිද කියලා කවුද දන්නේ… ‍

සාපෙල ඉවරවෙලා ළි‍ඳේ පනින්න තරම් කම්මැලිකමට හිටිය වෙලාවේම ළි‍ඳේ පැනලා ඉවරයක් කරගත්තානං හොඳයි කියලා හිතෙන්නේ මේ බදාගෙන ඉන්න, බදාගන්න ඉන්න වැඩ කන්දරාව දැක්කාම. දැන් ඉතින් ඉස්කෝලෙත් පටන්ගන්න එකේ… නොදැනීම මේ අවුරුදු දෙකත් ගෙවිලා ගිහිල්ලා උසස්‍ පෙළත් ලියලා ඉවරවෙලාම තමයි පස්ස බලන්න වෙන්නේ. දවසෙන් තුන් කාලක්ම ඉතින් ගෙදරින් එළියට හිරවේවි. ඉතින් ඒකත් එක්තරා ආකාරයක විනෝදයක් තමයි. උදෙන් නැගිටිනවා-ඉස්කෝලේ යනවා-ව්‍යාපෘතියේ වැඩකරනවා-පන්ති යනවා-බස් එකේ පැයක් දෙකක් නිදාගන්නවා-ගෙදර එනවා…

ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ! ජීවිතේ නං මල්ල්ල්ල්ල්…….ල්!