සුදාරකගේ අන්තර්ජාල සටහන » ජනමාධ්‍ය

තවත් සියදිවිනසාගැනීමක්!
වෙනද වගේ සංගම් වැඩවලට පන්තියේ වැඩ අතපසු කරගන්නෙ නැතුව හොඳ ළම‍ය වගේ කලාතුරකින් පන්තියට වෙලා ඉන්නකොට, පන්තියේ යාළුවෝ කතා වෙන දෙයක් එක පාරටම කනට වැටුන. කනට වැ‍ටුනෙ නම් එච්චර සුබ ආරන්චියක් නෙවෙයි. මේක තවත් සිය දිවි නසාගැනීමක්!

සියදිවි නසාගෙන ඇත්තේ පාසල් ශිෂ්‍යයෙක්. නම ගම වයස මම කියන්නෙ නම් දන්නේ නැහැ. නමුත් මරණයට මුල්වූ සිද්ධිය, එහෙමත් නැත්නම් සියදිවි නසාගැනීමට හේතුවක් වුන කාරණය නම් මගේ යාළුවන්ගේ කතාබහෙන් දැනගන්න ලැබුන. ඒ කතාව කෙටියෙන් කිව්වොත්; තමන් ආදරය කරපු තමන්ගේ පෙම්වතිය. තමන්ව අතඇරලා තමන්ගේ හොඳම යාළුවෙකුගේ පෙම්වතිය වීමයි මේ අවාසනාවන්ත සියදිවි නසාගැනීමට හේතුව.

පහුගිය වර්ෂයේ එක්තරා විශේෂ සහගත සියදිවි නසාගැනීමේ සිද්ධියකින් පස්සෙ, ජනමාධ්‍යවලට විකිණීමට සුදුසු මට්ටමෙන් ඉහළ ගියපු ප්‍රවෘත්ති ඉල්ලුම වුනේ සියදිවි නසාගැනීම් පිළිබඳ ඉල්ලුම. සියදිවි නසාගැනීමක් පිටිපස්සෙ බොහෝ සංවේදී කතා රැසක් ‍ගොනු වෙලා තියෙන නිසා තමයි, බොහෝ දෙනා නිරායාසයෙන්ම මේ වගේ ප්‍රවෘත්ති පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නට ඇත්තෙ.‍ කොහොම වුනත්, මනෝවිද්‍යාත්මක සාධක මත සියදිවි නසාගැනීම් පිළිබඳ ප්‍රවෘත්ති දැන් වාර්තා වෙන්නේ නැහැ.

කොහොමහරි තවමත් සියදිවි නසාගැනීම් වෙනව. ඒක තවත් වැඩිවෙන ප්‍රතිශතයක් මිසක්, අඩුවෙන ප්‍රතිශතයක් ගැන නම් හිතාගන්න බැහැ. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය අතින් ඉහළම රට ජපානය. ළඟදි නිකුත් වුන “ත්‍රී ඉඩියට්ස්” චිත්‍රපටිය යටින් යන්නෙත් සියදිවි නසාගැනීම පිළිබඳ කෙරෙන වි‍වේචනයක් හරහා. සියදිවි නසාගැනීම් සියයට සියයකින් නවත්වන්න නම් බැරිවෙයි. ඒත් අවාසනාවන්ත සියදිවි නසාගැනීම් එකක් දෙකක් හෝ නවත්වාගන්න හැකි‍වුනොත්, මේ ලෝකය තවත් ලස්සන වෙන්න පුලුවන්.

මීට කාලයකට පෙර සිසු සිසුවියන් කණ්ඩායමක්ම සියදිවි නසාගත්තේ තම ගුරුවරයා විසින් තමන්ගේ නිවෙස් වලට තමන්ගේ පෙම් සම්බන්ධාව එළිදරව් කියනවා කෙ‍රුනු තර්ජනය උඩ. සියදිවි නසාගැනීම් සඳහා මුල් වෙන ප්‍රධානම සාධකය අද ආදරය කියන මාතෘකාව වෙලා.

ආදරය සුන්දර නම්, ඇයි ආදරය නිසා සියදිවි නසාගන්නෙ?

මේක බරපතළ කාරණයක්. ආදරය තරම් දරුණුවට දැනෙන තවත් දෙයක් නැති බව මමත් පිළිගන්න කාරණයක්. මමත් මේ වෙනකොට පෞද්ගලිකව සමහර දේවල් ගැන ගොඩක් හිතන්න බලන්න පුරුදු වෙලා තියෙන කෙනෙක්. ආදරය සුන්දර නිසා, ආදරය නිසා සියදිවි නසාගැනීමට පෙළබෙන්නෙ, ඒ ආදරයේ සුන්දරත්වය තමන්වෙත අහිමි වීමේ විරහවෙන්ද? තමන්ට තමන් පිළිබඳ අවතක්සේරුවක්, එහෙමත් නැත්නම් තමන්ගේ හිත ඇතුළෙ විශාල රික්තයක් නිර්මාණය වෙලා, ඒ රික්තයේ පුපුරායාමක් විදිහට මේක දකින්නත් පුලුවන්.

තමන් ආදරය කරන්නේ සාපේක්ෂව කියන කාරණය මම බොහෝ විට කියල ඇති. ‍ඉතින් තමන් ආදරය කරන කෙනාගේ සිතැඟි තේරුම්ගෙන ඇයට හෝ ඔහුට කැමති තෝරාගැනීමක් කරගැනීමට ඉඩදීම උපේක්ෂාවෙන් භාරගැනීමට අර මුලින් කියපු කතා නායකයාට හැකියාවක් තිබුනානම්, ඒ අවාසනාවන්ත මරණය නවත්වාගැනීමට හැකියාව තිබුනා වෙන්න පුලුවන්. ඒත් අපි කියන තරම් මේ කාරණය ලෙහෙසි පහසු කාරණය නෙවෙයි. හුදෙක් ආදරය, බොහෝවිට ආත්මාර්ථකාමය වෙන්නත් පුලුවන්. මේ ආත්මාර්ථකාමය මගේ, ඔබේ කාගෙහරි හිතක හොර රහසේ සැඟවිලා ඉන්න පුලුවන්. අපි මොනව කිව්වත්, අපි පෘතග්ජන මිනිස්සු.

තවත් දෙයක්, බොහෝ දෙනෙක් ආදරය කළත්. ආදරයේ සොබාවික නීති පද්ධතිය අඳුනගෙන ඉන්න එක වැදගත්. ඉතින් මේ දේවල් අපේ පාසලේ සිලබස් එකේ නැහැ. තියෙන තරගකාරී සමාජය ඇතුළෙ මේ දේවල් අඳුරගන්න මටත් බැරිවෙලා තියෙනව. මොනදේ වුනත්, ඔබ ආදරය කරන කෙනා එක්ක විවෘතව කතා කරන්න. ආදරය කරන කෙනා අඳුරගන්න. සමහර විට ඔබේ ආදරය අවුරුදු 5ක් 10ක් වෙන්නත් පුලුවන්. ඒත් අපි නොදන්න පැති ගොඩක් තියෙන්න පුලුවන්. ‍බොහෝවිට වර්තමානයේ පෙනෙන දෙයක් තමයි අවුරුදු ගාණක් පෙම් සම්බන්ධතා පවත්වාගෙන ඉඳල, විවාහ වෙලා ටික දවසකින් තමන්ගෙ විවාහ ජීවිතය කටුගාන අය.

ආදරය හා ලිංගිකත්වය කියන්නෙ සෑහෙන සීරියස් දෙයක්. අපේ වැරදි ගොඩක් තියෙනවා වෙන්න පුලුවන්. ඒ වැරදි අවබෝධ කරගෙන ඉදිරියට යන්න. කවදාවත් තමන්ගෙ ගමන සියතින් නසාගන්න උත්සාහකරන්න එපා. පුලුවන්තරම් ඔබේ යහළුවන්, මිතුරු මිතුරියන්, පෙම්වතා හෝ පෙම්වතිය එක්ක ඇතිතරම් කතාකරන්න. ප්‍රශ්න විසඳගන්න. තත්වය දරුණු නම් හෝ පාලනය කරගැනීමට නොහැකි නම් කරුණු අවබෝධයෙන් යුතුව දෙපාර්ශවයම සතුටෙන් වෙන්වෙන්න. හැබැයි, අමතක කරන්න එපා! තමාට තමාවත් විශ්වාස කරගන්න බැරි ලෝකයකයි අපි ඉන්නෙ.

විශ්වාසය ගැන අතුරු කතාවක් මේ මාතෘකාව ඇතුළටම ගේන්නම්. කවදාවත් ජනමාධ්‍ය විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම ලංකාවෙ ජනමාධ්‍ය. කවුද ඇත්ත කියන්නෙ, කවුද බොරු කියන්නෙ කියල තේරුම්ගන්න බැරි ලෝකයක් මේක. එහෙම කවුරුවත් තේරුම්ගන්න බැරිවෙන ලෝකයක ඉන්න අපි, සියදිවිනසාගන්නේ අපිට කවුරුවන්වත් විශ්වාස කරන්න බැරි නිසාද? ලෝකෙ අපිට විශ්වාස කරන්න පුලුවන් කවුරුත්ම නැද්ද?

අපි අසරණයි.

බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව
පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා දර්ශනය අනුව තෝරාගත් බ්ලොග් ලිපියක් පළ වුනා හැර, ලංකාව තුළ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයක බ්ලොග් සඳහා ඉඩක් නොමැති වූ තරම්.

ඒත් අද (2010.01.10) ඉරිදා , ලක්බිම පුවත්පතේ 18වෙනි පිටුවේ සිංහල බ්ලොග් අවකාශයේ පළ වන බ්ලොග් අඩවි තුළින් තෝරාගත් බ්ලොග් ලිපි ප්‍රමාණයක් පළ කරලා!

මේ ආකාරයෙන් තෝරාගෙන ඇත්තේ, (පහත දැක්වෙන) බ්ලොග් ලිපි හයක්. කොහොමවුනත් තවම ලක්බිම පුවත්පතේ වෙබ් අඩවිය නම් සිංහල යුනිකේත භාවිතා කිරීමට යොමු නොවී ඇති හැඩයි.

‍කැටපත් පවුර – එළුවාගේ සවුදම

සිතූගේ සිතුවිලි – නිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා…

මනුසත් උයන – අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් . . . හෆොයි . . .!

අරුණි ශපිරෝ වෙතින් – ගෙම්බාගේ දෘෂ්ටාන්තය

SANKALPANA – ඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු සගවනා රත්තරනේ..

අච්චාරු – මාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි

බ්ලොග් අවකාශයේ ඉන් එහාට බ්ලොග් ලියන්නන් වෙත ප්‍රධාන පෙළේ සම්මත ජනමාධ්‍ය තුළ වේදිකාවක් නිර්මාණය වීම ඉතාමත් වැදගත් කාරණයක්. මෙහි සාධනීය පැති බොහොමයක් තියෙනවා. සිංහලෙන් බ්ලොග් ලියන්නන්ට තමන්ගේ බ්ලොග් අඩවිය තුළම වේදිකාව ඉබේම නිර්මාණය වීමත්, තමන්ගේ ලිපි තුළ ගුණාත්මක බව වැඩි‍වුනොත් බ්ලොග් අවකාශයෙන් එහාට තමන්ගේ ලිපි ප්‍රචාරණය කිරීමටත් අවකාශ ලැබෙන නිසා දැන්, බ්ලොග්කරණ අවකාශය තවත් ඉහළ මට්ටමට ගොඩනැගෙන්න පුළුවන්. පසුගිය අවුරුදු දෙක තුළ අලුතෙන්ම නිර්මාණය වුන සහ ක්‍රියාශීලි බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සිංහල බ්ලොග් සින්ඩිකේටරයේම ප්‍රදර්ශනය කරන ආකාරයෙන් ක්‍රියාශීලී බ්ලොග් අඩවි ප්‍රමාණය 587ක්! (2009.10.10 – 12:00) මාස තුනක් තුළ ක්‍රියාශීලී නොවන බ්ලොග් අඩවි සින්ඩිකේටරයෙන් ඉවත් වීම නිසා සමස්තයක් විදිහට අන්තර්ජාලය තුළ පවතින සිංහල බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! මේ වසර අවසානය වන විට එම බ්ලොග් අඩවි ප්‍රමාණය දෙගුණ තෙගුණ වනු ඇති!

මේ ආකාරයෙන් බ්ලොග් අවකාශය වෙත අවධානය ක්‍රම ක්‍රමයෙන් අවධානය ලබාගැනීමට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළ බ්ලොග් අවකාශය සඳහා ඉඩක් ලැබීම වැදගත්. එවිට පුවත්පත් පාඨකයින් හා, පුවත්පතකට ලිපියක් ඇතුළත් කරගැනීමට වෙහෙස වන පිරිස විකල්ප මාධ්‍යයක් වශයෙන් බ්ලොග් අවකාශය භාවිතා කිරීමට පෙළඹේවි. ඒ ආකාරයෙන් වක්‍රව බ්ලොග් අවකාශය ප්‍රසාරණය වීම අනාගත ජනමාධ්‍යකරණ යුගයට සාමාන්‍ය ජනතාව සූදානම් කරනු ඇති. ශිෂ්‍යයින්, වෘත්තිකයින්, ගුරුවරුන්, නළු නිළියන්, වෘත්තීය ජනමාධ්‍යකරුවන්, දේශපාලකයින් ඉතාමත් පහසුවෙන් බ්ලොග් අවකාශය වෙත විවෘත වීම නිසා ඔවුන්ගෙන් බ්ලොග් අවකාශයටත්, බ්ලොග් අවකාශය නිසා ඔවුන්ටත් අන්‍යෝන්‍ය වශයෙන් වටිනාකම් එකතු කරගැනීමට පුළුවන්. වි‍ශේෂයෙන්ම බ්ලොග් අවකාශයේ සැරීසැරීම සුවිශේෂී අත්දැකීම් රැසක් එකතුකරගැනීමක්!

කොහොම නමුත් බ්ලොග් අවකාශය, බ්ලොග් අවකාශය විදිහටම හඳුනාගැනීම වැදගත්. 90%ක්ම බ්ලොග් අඩවි ලියවෙන්නෙ පෞද්ගලික උවමනාවන් මත. ඒක නිසා ගල්, මුල්, මල්, මඩ, බාල්දි මේ හැම එකක්ම අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අපිට පුද්ගලික සිතුම්පැතුම් වලට වැට බඳින්න බැහැ. ඒක නිසා, කියන්නා කෙසේ කීවත්… අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!

බ්ලොග් අවකාශයට වැඩ බැඳිමේ හැකියාවක් තියෙනවානම්, ඒ ප්‍රාදේශීය මට්ටමෙන් විතරයි. ඒ wordpress, bloggger වැනි සේවාවන් අවහිර කිරීමෙනුයි. ඉදිරි අනාගතය ගැන අපිට දැන්ම කියන්න බැහැ. පුවත්පත් හරහා විවෘත වන අවධානය නරක පැත්තටත් යොමුවෙන්න හැකියාව තියෙනවා කියන දේ ගැන අවධානයෙන් සිටීමයි වැදගත්!

එහෙමනම්,

සිංහල බ්ලොග් අවකාශයට ජයවේවා!

මෙන්න ප්‍රවෘත්ති!
ප්‍රවෘත්ති පිළිබඳ දැඩි ඌණතාවකින් පෙළෙන හුදී ජන පහන් සංවේගය උදෙසා ක්‍රියාත්මක වන අප හිතවත් ජනමාධ්‍ය වර්තමානයේ අන්තර්ජාලය භාවිතාවෙන් සිදුවන අකටයුතුකම් වාර්තා කරමින් සිටියි.

මේ දුටු හද කම්පිත ජනතාවගේ අනාගත නායකත්වය උසුලන පාසල් සිසුන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රවනතාව උච්ඡත්වයට පත් වෙමින් පවතින මේ මොහොතේ ඔවුන්ගේ අභිවෘද්ධිය උදෙසා ඔවුන්ව දැනුවත් කිරීමට ප්‍රථමයෙන් ක්‍රියාත්මක නොවී, ඊටත් වඩා අති සාර්ථක වූ ක්‍රමෝපායන් මඟින් පාසල් සිසුන්ගේ සියදිවි හානි කරගැනීම වලක්වාගනු ලැබේ.

‍මේ සඳහා වූ අති සුවිශේෂී ක්‍රියාමාර්ග මෙසේය…

පාසල් තුළට ප්‍රථමයෙන් ජංගම දුරකථන රැගෙන ඒම තමනම් වන අතර ඒත් සමඟම පාසල් තුළ ප්‍රධාන වශයෙන් ටයි පටි තහනම් කෙරෙනු ලබයි. එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි වැසිකිලි වසා දැමීමට කටයුතු කළ යුතුය. පාසල් තුළ වීදුරු බෝතල් හා විද්‍යාගාර උපකරණ වහාම ඉවත් කළ යුතු අතර. ආපන ශාලා සහ විද්‍යාගාර ලෑලි ගසා වසා දමන්නේ නම් මැනවි. අවසාන වශයෙන් පාසල් ගේට්ටුවද වසා දමා. පාසල් භූමිය බහු ජාතික සමාගමක විකුණා දැමීම ඉතාමත් යෝග්‍ය කරුණකි.

මෙම මරණ ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු සහගත වන ප්‍රේම සම්බන්ධතා ඇතිවීම වලක්වා ගැනීමට බල කෙරෙනු ලබන අතර. ඒ සඳහා පිරිමින්ට කාන්තාවන් නොපෙනෙන, කාන්තාවන්ට පිරිමින් නොපෙනෙන ඇස් කණ්ණාඩි “හැරී ‍‍පොටර් සහ ඔහුගේ පුත්‍රයෝ” සමා‍ගමෙන් මේ වන විටත් ඇනවුම් කර ඇත. එමෙන්ම දැනට විවාහ වී සිටින පවුල් නැවතත් ලියාපදිංචි කෙරෙනු ලබන අතර. ඔවුන් විවාහ වූ ක්‍රමය එහි සටහන් කිරීමට අත්‍යවශ්‍ය වේ. එහි,

ආදර විවාහයක් ලෙසින් සටහන් වී ඇත්නම් ඔවුන්ව වෙනම ලැයිස්තු ගත කොට පසුව දික්කසාද නඩු දමා දික්කසාද කරවනු ලැබේ. එමෙන්ම දික්කසාද කරවනු ලබන පුද්ගලයින් එලෙස දික්කසාද කරවනු ලැබූ වෙනත් පුද්ලයින් සමඟ කසාද බන්දවනු ලැබේ.

සෑම විවාහ සම්බන්ධතාවක්ම යෝජනා විවාහ විය යුතු අතර. මංගල දැන්වීම් පුවත්පත්වල හෝ “අනුමත” කරනු ලැබූ වෙබ් අඩවි වල මුදල් ගෙවා ප්‍රචාරය කර, මඟුලක් සොයා ගත යුතුය. ජනතාව ගමන් කරනු ලබන පදික මාර්ග තුළ සෑම පුවත්පතකම මංගල දැන්වීම් අතිරේකය නොමිලයේ බෙදා හරිනු ලැබේ. පුද්ගලික මංගල කපුකම් ආයතන දිරිගන්වනු පිණිස ඔවුන්ට ණය හා වෙනත් දීමනා ලබාදේ.

අවසාන වශයෙන් ජංගම දුරකථන භාවිතා කරනු ලබන පුද්ගලයින්ට තිර පහසුකම් නැති “ගඩොල් භාග” ලෙසින් හැඳිවෙන දුරකථන භාවිතයට දිරිගන්වනු ලබන අතර. දැනට භාවිත දුරකථන වලට “ග‍ඩොල් භාග” හුවමාරු කරනු ලැබේ. කාන්තාවන්ගේ ආරක්ෂාව පිණිසඳ ගඩොල් භාග වැනි “ගඩොල් භාග” දුරකථන වක්‍රකාරයෙන් ප්‍රයෝජනවත් බැවින් SLS සහතික යට‍තේ විවිධ හැඩයෙන් යුක්ත ගඩොල් භාග සියරට තුළම නිෂ්පාදනය කරනු පිණිස කර්මාන්ත ශාලා බහුජාතික සමාගම් විසින් සිය ප්‍රාග්ධනය යොදවා ඇති කරනු ලැබේ.

මේ සමඟ මිල ඉහළ යන ගඩොල් සෑදීමේ අමුද්‍රව්‍ය මිලට ස්ථාවර මිලක් යෝජනා කරනු ලැබේ.

අද ප්‍රවෘත්ති මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට සියදිවි හානිකරගැනීමකටවත් දිවියක් නොමැති සුභ දිවියකට සුභාසිරි!

ක්ෂණික පුවත් වැඩිදුරටත් – http://micro.sudaraka.com