සුදාරකගේ අන්තර්ජාල සටහන » කෙටි කතා
හයිඩ්‍රජන් බන්ධනය
පූර්වකථනය | Prologue
මේක මේ one zero zero එකට ලියපු කතාවක්. වචන කොච්චර එහෙට මෙහෙට කරත්, වචන සීයකට කොටු කරගන්න අමාරු නිසයි මෙතන ලියන්නෙ.
“එහෙනං අපි කෙමිස්ට්‍රි පාඩමක් කරමු. හරිද?”
“හරි. ලෑස්තියි.”
“නියමයි. ඒත් ඊට කලින්, ඔයා මට ගෙවන්න ඕනෙ.”
“මොකා? තමුසෙ මාර මිනිහෙක්නෙ ඕයි… කලින් කිව්වෙ කිසි ගාණක් ගෙවන්න ඕනෙ නෑ. සියල්ල නොමිලේ කියල”
“හරි. මම බොරු කිව්වෙ. ඒ වුනාට දැන් ඔයාට මට ගෙවන්න වෙනව. වැඩි ගාණක් නෙවෙයි. පැයට එක කිස් එක ගානෙ. තොල් වලට.”
“නෑ. මම ගෙවන්නෙ නෑ. ඒත් උගන්නන එක නතර කරන්න බෑ. හරිද?”
“අහ්. ඒ කොහොමද?”
“මොකද මම ඔහේට සෑහෙන්න ආදරෙයි. ඒ වගේම මම දන්නව තමුසෙ සෑහෙන්න රෝමැන්ටික් වැඩියි කියලත්. මම ඔහේගෙ ළඟට ඇවිත් ඔය තොල් දෙක කිස් කරොත්, මට මාවම පාලනය කරගන්න බැරිවෙයි. අන්තිමට මට නවතින්න වෙන්නෙ ඔහේ වගේම දඟ, ලස්සන, හැන්ඩ්සම්, කොට, පොඩි එකෙක් බඩට දාගෙන.”
“ඉතින් ඒක නරකද?”
නරකයි නේන්නං. මොකද මම මේ කරුම උසස් පෙළ පාස් වෙලා කැම්පස් එකට ගිහින් හොඳ ජොබ් එකකට සෙට් වෙන්න ඕනෙ. ඊළඟට, ඊට පස්සෙ මට පුලුවනි ගෙවීම කරන්න. එතකොට නං ඔන්න පොඩි එකාට හැදෙන්න හොඳ ලස්සන තැනක් අපි දෙන්නට හදන්න පුළුවනි. හරිද?
හහා! උඹ නං… මගේම ආදරණීය බිරිඳම තමයි.
අයියෙ, වෙන කතා ඇති.
ඔන්න ලියාගන්න…
“හයිඩ්‍රජන් බන්ධන”*
*හයිඩ්‍රජන් බන්ධන: http://en.wikipedia.org/wiki/Hydrogen_bond
කෙටි/නව කතාවකට මූල බීජයක්…
“උඹ ඒකිට ආදරෙයිද බං?”
“ඔව්…”
“උඹ ඒකි වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්තියිද බං?”
“ඔව්…”
“හරි. ම‍ට ඇත්තම කියපං…”
“හරි. කියන්නම්.”
“ඒකි උඹට මැරෙන්න කිව්වොත්, උඹ මැරෙනවාද?”
“හ්ම්…”
“මොකක්ද හ්ම්….?”
“හ්ම්…”
හ්ම් හ්ම් හ්ම්… රෑට බකමූණෝ කෑ ගහන්නේ ඔහොම. බක‍මූණොත් එක්ක එකතු වෙලා කෑ ගහන මගේ හදවත කෑ ගහන්නෙත් ඔහොම. ළඟදී අහවරයක් කරලා දාපු යුද්දේ නිසා මිනිස්සුන්ගේ බලාපොරොත්තු අලුත් වෙලා. ඔව්, අලුත් රටක් ලැබේවි. මිනිස්සුන්ට බයක් හැකක් නැතිව පාරේ බැහැලා යන්න පුලුවන් වෙලා… ඉතින් මම? ඔව් මටත් නිදහසේ ආදරය කරන්න රටක් ලැබිලා. හැබැයි… ආදරේ කරන්න දෙන්නෙක් ඕනලු. ඉතින් තනියම ආදරේ කරොත් නරකද? ආදරය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්‍ය නිසා තනියම වුනත් ආදරේ කරන්න පුලුවන් නේද? මාර ගාල ගෝට්ටියයි…
ගාල කඩාගෙන දුවන හරක් ගාල වගේ පන්ති-පන්ති-පන්තියටම හිරවෙලා රොබෝ‍ලා වගේ ඉන්නකොට නිකන් ඔල්මොරොන්දං වගේ. ඉතින් ඒකට‍ කරන්න තියෙන්නේ හොඳ පොතක් පතක් කියවලා නිවි හැනහිල්ලේ ඉන්න එක. ඒත් ඉතින් පොතක් කියවන්න කෝ දෙයියනේ වෙලාවක්? දුවපං පන්ති! බලාගනිං පොත! ටීවියෙක එහෙම දානවා නෙවෙයි! ෆේස්බුක් පැත්තේ ගියොත් තෝ මකවනවා… ඔ‍හොමයි හිත කෑ ගහන්නේ…
හහ්! හිතට පුලුවන් මාව නවත්තන්න! යකාටවත් බෑ ඕං මාව නවත්තන්න! හැබැයි උණ්ඩයකට පුලුවන් ඕන මිනිහෙක් නවත්තන්න… ෂහ්. උණ්ඩය. ඒක නම් මාර සංකීර්ණ මාතෘකාවක්. මේ උණ්ඩය හොයා ගත්තු එකා මරන්න එපායැ. චහ්! ඒකටත් උණ්ඩයම පාවිච්චි කරන්න වෙන එකයි තියෙන අවුල. දැං කාලේ කැති-පිහි-පොරෝ-මන්න-පෑන-යතුරුපුවරුව වලින් මුකුත් කරන්න බෑ. උණ්ඩයම තමා හොඳ… මං‍ මොනවා කියවනවාද මන්දා… ඇයි උණ්ඩ වලට වඩා සැරට වදින නිර්ණාමික කුණුහරුප කන්දරාව?
ගිහිං නිදාගනිං! තවත් සාම්ප්‍රදායික කෙටි කතාවක්, නවකතාවක් ලියන්නැතුව
(මෙයත් කල්පිතයක්ම පමණී!)
එක එක වැඩ අස්සෙත් නිකන් ඉන්න බැරිවාට ලියැවුනකි.
සිම්පල් ප්ලෑන් එක – කොටම කොට කෙටිකතාවකි
*මෙය ලේඛකයාගේ පුද්ගලික අත්දැකීමක් මත ලියැවුනක් නොවේ!!!
“ටියුෂන්, ටියුෂන් සහ ටියුෂන්! මට දැං මේ ටියුෂන් කෙරුවාව එපා වෙලා! ඇත්තටම ඉගෙනගන්න වෙන සිම්පල් ප්ලෑන් එකක් ඇත්තෙම නැද්ද?”
මගේ හදවත විලාප දෙනවා. ඉගෙනගන්නවා කියලා මෙහෙමත් ඉගෙනගන්නවාද? මගේ තරුණ කාලේ මං හිතුවේ එහෙමයි.
පොඩි කාලෙ මං ඉස්කෝලෙට බාරදෙද්දී අම්මා කිව්වා ඕං පුතේ දොස්තර කෙනෙක් වෙයං කියලා. තාත්තා කිව්වා නෑ පුතේ උඹ ඉංජිනේරුවෙක් වෙයං කියලා. බාප්පා කිව්වා උඹ මං වගේ ලෝයර් කෙනෙක්‍ වෙයං කියලා. එතකොට මට හිතුනා ඔව් ඔව්, එතකොට මට පුළුවං හොඳට දුප්පත් එවුන්ගෙන් ගරාගන්න කියලා.
කොහොමහරි මං ශිෂ්‍යත්වේ පාස් වුනා. නිකම්ම පාස් වුනා නම් මදෑ කියමුකෝ, මං උඩින්ම පාස් වුනා. මගේ කරුමෙට මට ගම දාලා කොළඹ එන්න වුනා සදහටම. මං කොළඹ මහප්ප්‍රාණ තාප්ප අතරේ අතරමං වුනා. උඩ බැලුවාම බිල්ඩිමේ  මුදුන හොයාගන්න බැරිවුනා. කොළඹ පාරකට අඩිය තිව්වේ කොයි වෙලාවක හරි යෝධ වාහනයක් ඇවිල්ලා මාව චප්ප චපිරි කරලා දාවි කියලා හිතාගෙන. කන් බෙරේ පලාගෙන යන හෝන් සද්දෙට මගේ කං දෙක බීරි වුනා. මං පංති ගිහිල්ලා කට ඇරගෙන බීරි වෙච්ච කං වලින් යකඩ කටින් ඇහෙන සද්දෙට අනුව ටයිප් රයිටරයක් වගේ අතට පෑන අරං ඇක්සයිස් පොතේ කොටාගෙන කොටාගෙන ගියා. දවසට දෙකට පෑන් ඉවරවුනා. ඇරිච්ච කට වහගන්න බැරිවුනා. අන්තිමට මට කතාකරගන්න බැරිවුනා. රෑ එළිවෙනකන් මම පාඩම් කරා. ගෑනු පරාණයක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. දවසක් මෙසේ යට තියලා තිබ්බ වතුර බාල්දියට නිදිමතේම පොත අතෑරියා. නිදිමතේම මේසේ උඩට වෙලා නිදාගත්තා. පහුවෙනිදා උදේ බලද්දී පොත දියවෙලා. මං ඉතින් මොකෑ කරේ, මං වගේම තවත් එකෙක් මහන්සියෙන් ලියපු පොතක් ඉස්සුවා.
මම ඊට පස්සේ විශ්ව විද්‍යාලයට රිංගලා ලක්ෂ කෝටි ගාණක් වටින පාඨමාලා නොමිලේ හදාරලා, නමට යටින් ඉංග්‍රීසි හෝඩියේ අකුරු දහ පහළොහක් ගහගෙන කොටට තිබ්බ මගේ නම ඉස්සරහින් තව මහා… කෑල්ලක් ගහගෙන විශ්ව විද්‍යාලයෙන් එළියට බැස්සා. බැහැලා, පත්තරේ දාලා තිබ්බ දැන්වීමක් බලලා ලොකු පවුලක වරදට සමාව ඉල්ලපු ගෑනු කෙනෙක් එයාගේ දෑවැද්ද එක්කම කසාද බැඳලා අවුරුදු පහ හයකට පස්සේ හීං සීරුවේ දික්කසාද කරලා දැම්මා.
දැං මං රජයේ ආයතනයක ලොකු පුටුවක්. මං ඉගෙනගන්න කාලෙදී වැඩි දියුණුකරගත්ත පොට්ටකම, බීරිකම, හොරකම මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා මට මේ තැනට එන්න. මං මගේ දෙමව්පියෝ අමතක කරලා දැම්මා, මට හිත මිතුරෝ නෑ.
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද? අහ්, මගේ කොන්ද පන නෑ වගේ! මං හිතන්නේ මේ මම දේශපාලනයට එන්න ඕනේ කාලේ කියලා…
නිමි
අනාගතයෙන් කතාවක් – කෙටි කතාවකි.
මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ. කිසිදු වර්තමාන දේශපාලන පක්ෂයක් පිළිබඳ විවරණක් මෙහි අන්තර්ගත නොවේ. ඉදිරි අනාගයේ සිදුවිය හැකි යැයි අනුමාන කර හැකි කරුණු කිහිපයක් එකතු කරමින් මෙම පරිකල්පනය ඉදිරිපත් කර ඇත…
ඒ සමස්ත ලෝකයම තියුණු ආර්ථික අවපාතයකට ළඟා වෙමින් පැවති යුගයයි. බල්ලන් මරා‍ හෝ මුදල් සෙවීමට මිනිසා පෙළඹී සිටි ඒ යුගයේ සිදුවූ මේ ආදර අන්දරය ඔබ ඉදිරියේ දිග ඇරීමට ලියන්නා වන මට අවසර.
ඔහුගේ නම ඔවට අවැසි නැතැයි සිතමි. මෙහි ඔබට අවශ්‍ය වන්නේ ඔහු හා ඇය යන සංකේත නාමයන් යුගලය පමණි. හුදෙක් නාමයන් භාවිතා කොට මෙම කතාව තවදුරටත් වියවුල් කර දැමීමට මා හට අවැසි නැත.
ඔවුහු සත්‍ය ප්‍රේමවන්තයෝ වූහ. එකිනෙකාට එකිනෙකා ආදරය කළහ. ඔහු ත්‍රීරෝද රථ රියදුරෙකු විය. ඇය ඒ වන විට උසස් පෙළ ශිෂ්‍යාවක වී සිටියාය…
අහස දෙදරා වර්ෂාව ඇදහැලෙන්නට විය. පාරේ කුණු කාණු අතුරින් රන්වන් මඩ වතුර ගලා යද්දී, මාර්ගයේ කඩතොලු අතර සිරවී තිබූ මඩ වතුර පිටාර ගලමින් තිබූ අතර මහා මාර්ගය දිස්වූයේ තාවකාලික වාරිමාර්ගයක් ලෙසිනි. ත්‍රීරෝද රථ ගාලේ නවතා තිබූ ත්‍රීරෝද රථයට වූ ඔහු දෑස් පියාගෙන නිහඬව කල්පනාවෙහි නිමග්නව සිටියේ තම ජීවිකාව ගෙන යන අයුරුය. තම පියා අන්ත්‍රා වී දැනට අවුරුදු 5ක් ගතවී ගොසිනි. තම නංගී මල්ලි දෙදෙනාගේ අධ්‍යාපනය නගාසිටුවන්නේ කෙසේද යන්න ඔහුගේ හිස මත වූ මහා බරක් විය. මවද රෝගාතුරු වී ලෙඩ ඇඳට වී දැන් මාස ගණනකි.
ආණ්ඩුවෙන් තෙල් මිල අඩුකළත් එයිනුත් මහා සහනයක් නොවීය. සෑම දිනෙකම තම ගාස්තුවට කේවල් කරන තම මගීන්ගෙන් එල්ලවන ගැරහුම් නින්දා මධ්‍යයේ මෙම ජීවිකාව ගෙනයාම දැන් ඔහුට අසීරු වී ඇත. එක්වරම තම ත්‍රීරෝද රථයේ වූ හදිසී ගැස්සීමෙන් නෙත් විවර කරගත් ඔහු දුටුවේ… මිහිබට දෙවඟනකි. ඔහු දුටුවේ ඇය යමක් ඔහුට පැවසීමට යම් උත්සාහයක් ගන්නා බවයි. පියවි ලෝකයට පිවිසීමට ඔහු වැඩිකාලයක් ගන්නා බව පෙනීමට තිබිණ. ඔහුට යමක් ඇසෙන්නට විය…
“අයියේ, මාව ගෙදරට ගිහිල්ලා බස්සවන්න. මේ ළඟ. ඉක්මන් කරන්න. මං එනකන් අම්මා බලාගෙන ඇති.”
“හරි”
ඔහු තම ත්‍රීරෝද රිය පණගැන්වූයේ ය. තමා ඉදිරිපස වූ කණ්ණාඩියෙන් ඔහු තම පාරිභෝගිකයා නිරීක්ෂණය කරන්නට විය. ඇය වර්ෂාවට හසුවී තෙතබරි වී සිටියා ය. ඇගේ දෑස් කියා පෑවේ ඈ තුල වූ අහිංසකත්වයයි. ඇගේ සුන්දර වතින් දිස්වූ‍යේ හදවතේ වූ පිවිතුරු බව යැයි ඔහුට හැඟිණි. තෙත් වී තිබූ ඇගේ ‍සුන්දර කේෂ කලාපය දුටු ඔහුට ඇය‍‍ගේ සුන්දරත්වය වඩාත් ඉස්මතුවී පෙනිණ. කතා කරන්නදෝ, නැත්දෝ යන්න ඔහුගේ හදවතේ රැව් පිළිරැව් දෙමින් පැවතිණ. අවසානයේ ඔහු කතාව ඇරඹීය.
“අද හරියට වැස්ස නේද?”
“හ්ම්…” ඒ ඇගේ පිළිතුර විය.
“නංගී මේ කොහේ ගිහින් එනගමන්ද?”
“පංති”
ඇය තම ‍පොත් මිටිය තුරුල් කරගත්තාය. ඇයගෙන් ලැබුනේ එතරම් උද්යෝගිමත් පිළිතුරක් නොවන බව ඔහුට හැඟී ගොස් තිබිණ.
“ආ… උසස් පෙළ?”
“ඔව්”
ඇයගෙන් සෑම විටම ලැබුනේ කෙටි පිළිතුරකි. ඇය තරමක් ලජ්ජාශීලි බව ඔහුට හැඟිණ.
“මේ අවුරුද්දෙද?”
“ඔව්”
“ආ… එහෙනම් මේ නංගි කෙනෙක් නෙවෙයි නේ”
“ආ… ඇයි? ඔයා ඉස්කෝලේ යන්නේ නැද්ද?”
“නෑ… මම සාමාන්‍ය පෙළ කරාට පස්සේ ගෙදර නැවතුනා”
“අපරාදේ… ඇයි ඒ? ප්‍රතිඵල මදි වුනාද?”
“නෑ. මට ඒ නවයයි. මට තව ඉස්සරහට ඉගෙනගන්න සල්ලි තිබුනේ නෑ.”
“අහ්. අපරාදේ නේ? වෙන රස්සාවක් හොයාගන්න බැලුවේ නැද්ද?”
“මේ කාලේ කාටද රස්සා දෙන්නේ? තියෙන අයටත් පයිං ගහලා එළියට දානකොට?”
“ඒක ඇත්ත තමයි”
කතාවෙන් කතාවෙන් සිය ගමනාන්තය වෙතට ළඟාවෙමින් සිටින බව දත් ඇය, නැතවත් හඬ අවදි කරන්නීය.
‍”ඔය… ඔතනින් නවත්තන්න.”
“ආ. හරි”
“ඇය සිය අත් බෑගය වෙතට අත ගෙනියනු දුටු ඔහු ඇයව නැවැත්වීය.”
“සල්ලි එපා. මම කොහොමත් මේ පාරෙන්මයි යන්නේ”
ඇය සිනාසුනා පමණකි. තම නිවස වෙතර හැරුණු ඕ ඉදිරියට පියමැන්නා ය.
ඔහු පැවසුවේ මුසාවකි. ඔහු දන්නා කිසිවකු ඒ මාවතේ නොවීය. නමුත් දැන්, ඔහු දන්නා හඳුනන තැනැත්තියක සිටී.
රාත්‍රියේ නිවසට පැමිණෙන විට නිවසේ සියල්ලන්ම නින්දට ගොසිනි. අන්ධකාරයේ වෙලී තිබූ නිවසේ කුප්පි ලාම්පුවක් දැල්වූ ඔහු සිය විඩාව නිවාගැනීමට බිත්තියට ‍හේත්තු කර තිබූ පැදුර බිම එළා එහි දිගා වුණි. ඔහුට නොදැනුවත්වම යටි සිතේ යමක් සිදුවෙමින් පවතින මව ඔහුට හැඟිණ. දෑස පියාගත් වහාම අඳුර අතුරින් ඔහුට මැවී පෙනුනේ සන්ධ්‍යා යාමයේ තම ත්‍රීරෝද රියට නැඟි ඒ දෙව්දුවයි. ඇයේ රූපශ්‍රීය, අහිංසකත්වය හා කතා විලාශය ඔහුගේ සිතට තදින් කාවැදී ඇති බවක් ඔහුට දැනෙන්නට විය.
කෙමෙන් කෙමෙන් දින, සති, මාස ගෙවීයන්නට විය ගතවන සෑම දිනයක් පාහේ ඔහුගේ හා ඇයගේ ආදරය මෝරන්නට පටන්ගෙන තිබිණි. ඇය මධ්‍යම පාංතික තරුණියක් විය.  දිනෙන් දින ආදරයේ බැම්ම ශක්තිමත් වනවාත් සමඟම දිනෙන් දින සිය ආර්ථික තත්වයන් පහළට යමින් පවතින බව ඔහුට දැනී ගොස් තිබිණ. ඇයගේ පවුලේ තත්ත්වයද එසේම විය. ඇයගේ මව හා පියා විශ්‍රාමගත වී සිටි අතර උසස් පෙළ විභාගයෙන් ඇය සමත් වූ නමුත් සරසවි වරම් ඇයට හිමි වූයේ නැත. මේ වන විට රජය දැඩි ණය බරින් මිරිකෙමින් ගිරයට අසුවූ පුවක් ලෙල්ලක් මෙන් ලෝකය සහ සිය ඡන්ද දායකයන් ඉදිරියේ අසරණ වී ගොසිනි. ලොව පුරා තෙවැනි ලෝක යුද්ධයක් පිළිබඳ බියක් ඇතිවී ඇති සෙයකි. මෙවන් දැඩි ආර්ථික හා දේශපාලනික තත්ත්වයක් හමුවේ මෙවුන් දෙදෙනාගේ පවුල් වල ආර්ථික තත්ත්වය ගැන කවර කතාද? මේ අතරතුර දිවයින පුරා ඇතිවී ඇති ආර්ථික අර්බුධය හමුවේ, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ලාභදායී ආර්ථික නිෂ්පාදනයක් ලෙසින් වෙළඳපොල ආක්‍රමණය කරමින් පැවතින. ආර්ථික අර්බුධයෙන් පීඩා විඳි ජනයා කාන්තා පිරිමි භේදයකින් තොරව සිය පීඩනය වියැකී යනු පිණිස සිය වින්දනය උදෙසා මත්ද්‍රව්‍ය භාවිතය අරඹා තිබිණ. මේ කාලානුරූපීව අප කතානායකයාගේ චරිතයද වෙනසක් වූයේ නැ. පරම පිවිතුරු කතා නායකයන් මේ යුගයේ සොයාගැනීම කළුණික සොයන්නාක් වැනි විය. ඔහුද මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී සිටියේ ය. කෙසේ නමුත් ඔහු ඇයට ඉමහත් ආදරයක් දැක්වීය. ආදරයට කාල සීමාවක් නැත. එයට හොඳම උදාහරණය මේ යුවලයි. ඇයගේ හා ඔහුගේ මේ සම්බන්ධතාවට බාධා කිරීමට තරම් ශක්තියක් ඇයගේ දෙමාපියන්ට නොවී ය. ඒ තරමටම මධ්‍යම පංතිය හා අන්ත දුප්පත් පංතිය අතර පංති පරතරය බිඳවැටී ගොසිනි. ‍මේ අර්බුධ මධ්‍යයේ නිදහස් වෙලාවක, ඔහු පියවි සිහියෙන් සිටි අවස්ථාවක ඇය හා පෙම් බස් දෙඩවීමට මුහුදු වෙරළේ එක්තරා ස්ථානයක ඉඩ වෙන්කරගත්තේය. මමද ඔවුන්ට හොර රහස් සවන් දුන්නෙමි…
“මේක මහා භයානක කාලයක් නේද?” ඒ ඇයගේ හඬයි.
“හ්ම්…”
“මට ඔයාගැන බය හිතෙනවා අනේ.”
“ඇයි මං ගැන බය හිතන්නේ? මං ‍බොන නිසාද?”
“හ්ම්… මට දැනෙනවා ඔයා මගෙන් දුරස් වෙනවා වගේ.”
“මම? ඔයාගෙන්? දුරස් වෙන්න? ඒක කවමදාකවත් වෙන දෙයක් නෙවෙයි”
“ඊයේ අපේ අල්ලපු ගෙදර මිනිහා බීලා ගෙදරට ඇවිල්ලා ගෑනිට හොඳටම ගහනවා මං අහගෙන”
“ඉතින්? ඔයා හිතනවා මාත් ඔයාට කවදාහරි දවසක මාත් එහෙම ගහයි කියලා… එහෙමද?”
“ම‍ට එහෙම දැනෙනවා”
“අහ්… ඒක කවමදාකවත් වෙන්නේ නෑ. මම පොරොන්දු වෙනවා මගේ මේ අත් දෙකින් එක අතක් හරි ඔයාට ඉස්සුවොත් මම ඒ අත කපාගන්නවා කියලා”
ඇයි දිගු හුස්මක් හෙලුවාය.
“මට ඔයා ගැන බයක් නෑ…” ඇය ඔහුගේ සුරත වටා තම දෑත් යවා පටලවා ඔහු වෙත තවත් ලං වූවා ය.”
“අපි බඳිමුද?”
ඇගේ යෝජනාව ඔහුගේ සිත එක්වරම කම්පනය කිරීමට සමත් විය. නමුත් පසුව තම සිත කිසියම් ආලෝකයක් කරා ඇයි යන බවක් ඔහුට දැනෙන්නට විය.”
“ඔව්. අපි බඳිමු.”
“එහෙනම් මට තව පොරොන්දුවක් වෙන්න…”
“ඒ මොකක්ද?”
“ආයේ බොන්නේ නෑ කියලා…”
“අප්පා… ඒක නම් පොරොන්දු වෙන්න බෑ”
ඔවුන් දෙදෙනාගෙන් ඈතට යමින් සිටි මට ඔවුන් දෙදෙනාගේම මඳ සිනහ හඬ හිමින් සීරුවේ ඇසෙන්නට විය. ගිනියම් වූ සූර්යයා සිය සූර්ය රාජ්‍යය රත් පැහැ කරවමින් හිමින් සීරුවේ මහ සාගරය තුලට කිඳා බසිමින් පැවතිණ.
දින දින ගතවෙමින් තවත් මාස කිහිපයක් ඉදිරියට ගමන් කර තිබිණ. ඔවුන් පොරොන්දු වූ පරිදිම විවාහ දිවියට එළැඹිණ. විවාහ රෙජිස්ටාර්වරයා ගෙන්වා සිය විවාහ සහතිකය ලියවාගත් පසු ඔවුන් දෙදෙනා නීත්‍යානුකූල සැමියා හා බිරිඳ බවට පත්විය…
කඩදාසි කැබැල්ලක බලයක මහිම…
තවත් දින, සති, මාස ඔවුන්ට නොදැනීම ගතවී යන්නට විය. මේ අතරතුර ලෝක දේශපාලනය කැළඹී යමින් පැවතින. ලොව පුරා ලෝක‍ යුද්ධයක පෙර සලකුණු මතු වෙමින් පැවතිණ. ලෝක මහා බලවතුන් එකිනෙකාට විරුද්ධව යද්ධ ප්‍රකාශ කරන ලද අතර, ලොව සුළු ජාතීහු විශාල අර්බුධයකට මුහුනපා සිටියහ. සිංහල, දෙමළ මේ දෙපිරිසටම ලොව මහා බලවත් සුදු අධිරාජ්‍යයකට සහ හින්දු අධිරාජ්‍යයකට යට වෙමින් සිටියහ. ශ්‍රී ලංකාව තුලට කඩාවැදුනු විදෙස් හමුදාවෝ මිසයිල පද්ධතියක් උතුරු ප්‍ර‍දේශයේ පිහිටුවමින් සිටියහ. මේ අතරතුර ශ්‍රී ලංකාව හරහා තම රාජ්‍යයට එල්ල විය හැකි ප්‍රහාරයකින් මිදීමට ඉන්දියාව ශ්‍රී ලංකාව දෙසට ඉලක්ක කරමින් තම ආයුධ ස්ථානගත කරන්නට විය. මේ අතරතුර ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශවල තවත් එක්තරා බලවේගයක් නැගෙමින් පැවතින. මේ සියලු දේශපාලනික අර්බුධ මධ්‍යයේ ශ්‍රී ලංකාව යුධ මර්මස්ථානයක් වී පැවතිණ.
ඒ අතරේ අප කතා නායකයාගේ සහ නායිකාවගේ පුංචි පවුලට සිඟිත්තියක් එක්වී මුළු පවුලම ආලෝකමත් වී තිබිණ. ඇයට රැකියාවක් නොවීමෙන් ඇයට සිදුවූයේ සිහිනෙන්වත් නොසිතූ රැකියාවක් වෙතට යොමුවීමටය. ඇය ලොව පැරණිම වෘත්තියේ වෘත්තිකයක වූවා ය. එයට හරස්වන්නට ඔහුටද ශක්තියක් නොවී ය. ගණිකා වෘත්තිය මෙකළ සාමාන්‍ය වෘත්තියක් වී තිබීම එයට ‍හේතු විය. ආගම ධර්මය පසෙකලා ලොව සියලුම තත්ත්වයේ රටවල් ශ්‍රී ලංකාවට වඩා අන්ත පහත් තුච්ඡ තත්ත්වයකට පත්වී තිබිණ. සාරධර්ම අතින් යම් තාක් දුරකට හෝ සාපේක්ෂව ඉදිරියෙන් සිටි‍යේ ශ්‍රී ලංකාව පමණි. එසේ එසේ නම් අන් රටවල් ගැන කවර කතාද? ඇය තම ජීවිකා වෘත්තියේ නියැලුනේ සිය කැමැත්තකින් නොවන බව ඔබට අමුතුවෙන් පැවසීමට අවැසි නොවනු ඇත. ආර්ථික හා දේශපාලනික අර්බුධ සාමාන්‍ය ජන ජීවිතයට සිදු කරන ලද බලපෑම සෑම කාන්තාවකටම එක‍සේ බලපා තිබිණ. ධනපතියන්ට නම් ආර්ථික බලපෑමක සේයාවක්වත් නොවීය. ධනපති මහතුන්ගේ විඩාව සංහිඳුවීමට අන්ත දුගී පන්තියේ කාන්තාවන්ට සිදුවිය. එයින්ද ඔවුන් ඉපැයූවේ සොච්චම් මුදලක් පමණි. එදා වේල පිරිමහගැනීමටවත් මදිය.
තම සිඟිත්තියගේ අනාගතය ගැන බියෙන් පසුවන ඔහු හා ඇයට සිඟිත්තියගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට තඹ දොයිතුවක් නොවීය. එතෙක් නිහඬව තිබූ සොඳුරු නිවහන මහ දවා‍ලේ ගිනියම් වූයේ දැඩි අව් රශ්මියෙන් පමණක් නොවේ…
“බලනවා… තමුසේ මේ බොන්න කරන නාස්තිය මම මහන්සියෙන් හොයන දේත් තමුසේ නාස්ති කරලා දාන හැටි”
“අනේ මං නොදන්න උඹේ මහන්සිය…රෑට රෑට වෙන මිනිස්සුත් එක්ක ලැගලා එනවා මෙතන මහන්සියක් ගැන කතා කරන්න.”
තත්වය දරුණු වෙමින් පැවතින. එක්වරම ඉදිරියට පැනගත් ඔහු සිය සුරත ඉහළට එසවූයේ ඇයගේ කම්මුල ඉලක්ක කරගනිමිනි. එක්වරම ඉහළට ගත් අත ඔහුට ‍නොදැනීම පණ නැතිවාක්ම මෙන පහළට කඩා වැටිනි. තම අතීත සිදුවීම් සිනමාපටියක විලාසයෙන් තම සිහියට නැගෙමින් පැවතින. එකෙනෙහිම බිම බලාගත් ඔහු එක්වරම අනෙක්පසට හැරී නිහඬවම නිවසේ… සත්‍ය වශයෙන්ම ලෑලි මුඩුක්කු නිවසේ පසු පසට සක්මන් කළේය.
ප්‍රවෘත්තියක්…
අමානුෂික මිනීමැරුමක්!
…. ප්‍රදේශයේ මුඩුක්ක් නිවසක් තුල අමානුෂික මිනී මැරුමක් හා සියදිවි නසාගැනීමකින් යුවල් ජීවිතක්ෂයට පත්වී ඇත. සිය සැමියාගේ දකුණු අත කපා දපා ඔහුගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇන මරා දමා ඉන් අනතුරුව තමාටම ඇනගනිමින් සියදිවි හානිකරගෙන මියගොස් ඇත. මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගැනීමට ඇමතූ ප්‍රදේශයේ පොලිස් නිලධාරියා පැවසූවේ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි. සියදිවි හානි කරගත් කාන්තාව ගණිකා වෘත්තියේ නියැලෙන්නියක බවද, නිවසේ සිටි ඔවුන් දෙදෙනාගේ මාස කිහිපයක් වයසැති බිළිඳිය එම නිවස අවට වෙසෙන වෙනත් කාන්තාවක් විසින් හදාවඩා ගැනීම සඳහා බාරගෙන ඇති බවද වැඩි විස්තර සෙවීමෙදී අපට දැනගැනීමට ලැබිණි.
සත්‍ය වශයෙන්ම සිදු වූයේ එය නොවේ. තම මුළුතැන්ගෙයට ඇතුලු වූ ඔහු පිහියක් ගෙන සිය දකුණත කපාගත්තේය. ඒ වේදනාවෙන් හා බීමත්කමින් පියවි සිහියට එළැඹීටම අපහසුව සිටි ඔහු තම හදවත පසාරු කරගෙන යන්නාවූ අයුරින් පපු ප්‍රදේශය‍ට පිහිය ඇනගත්තේය. නිවසේ පිටුපසින් ඇසුනු තම සැමියාගේ විලාපයෙන් බියට පත්ව මුළුතැන්ගෙයට ඇතුලත් වූ ඇය දුටුවේ ලේ විලක් මැද වැටි සිටි තම ආදරණීය සැමියාගේ මළ සිරුරය. මළ සිරුරෙන් ඉහළට ඇදගත් පිහිය තම හදවත හරහා යවාගත්තේ වියරුවෙන් මෙනි…
ඔහුගේ හා ඇයගේ ආදර කතාව එහින් නිමාවට පත් විය. අසරණ සිඟිත්තිය හදාවඩාගත් කාන්තාවද ලොව පැරණිම වෘත්තියේ නියැලෙන්නියක වූවාය. ඒ සිඟිත්‍තියගේ කතාවට උපමා උපමේයන් අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.
නිමි.
අතීත සිහිනය (කෙටි කතාවකි)
එදින රාත්‍රී ආහාරය නිමකොට නිමල් තම නේවාසිකාගාර සයනාගාරයට පැමිණයේ රාත්‍රී දහයට සියල්ලන්ම නින්දට ගියවිට සියල්ලන්ටම රහසේ ලිපියක් ලිවීමට සිතේ අදිටන් කරගෙනය. තමා එව වසරේදී ලංකාවේ සෑම 5ශ්‍රේණායේ සිටින්නාවූ සියළුම සිසුන්ට මුහුණදීමට සිදුවූ ශිෂ්‍යත්ව විභාගය ගැන කිහිප විටක්ම මෙනෙහි කළේය. රාත්‍රී නින්දට යන සීනුව වැදෙනු ඔහුට හොඳින් ඇසුණි. නිමල් සහ අනෙක් ළමෝ එම හඬට අවනත වී නින්දට යාම සඳහා තම තමන්ගේ ඇඳවල් වෙතට ළං විය.
සියල්ලන්ම තමන්ගේ සයන වල දිගාවී ඔවුනොවුන්ගේ ඕපාදූප කීමට පටන් ගත් අතර එහෙන් මෙහෙන ඇහෙන සිනා හඬවල් වලට කන් නොදුන් නිමල් වෙනදා මෙන් නොව නිහඬව කල්පනාවේ යෙදී සිටියේය.
එක්වරම සියල්ලලෝම නිහඬ විය. එයට හේතුව වූයේ හිටිගමන් සයනාගාරයට කඩා වදිනා ශිෂ්‍ය නායකයා පැමිණීමේ සංඥ්‍යව බව නිමල් සහසුද්දෙන්ම දත්තේය.
“කෝ මේකේ මොනිටර්!”
ඒ ශිෂ්‍ය නායකයාගේ හඬය.
අඩි සද්දයක් නැඟී එක්වරම නැවතිණ.
“ආ තමුසෙද මොනිටර්?”…
“ඇයි යකෝ තාම ලයිට් දාලා? අපි තමුසෙලට කියලා තියෙනවා නේද නමයයි කාලට ලයිට් නිවන්නයි කියලා? ආ? කතා කරපන්! මොකද ගොළු වෙලා?”
ශිෂ්‍ය නායකයා‍ගේ කට හඬ ඉතාමත් දැඩි විය.
චටාස්! පටාස්! හඬට බියවූ නිමල්ගේ දෑස් ඉබේම විවෘත විය. නිමල් දුටුවේ තම සයනාගාර නායකයාව කමිස කොලරයෙන් අල්ලාගෙන සිටින ශිෂ්‍ය නායකයාය.
නැවත වරක් දෑස් වසාගෙන ඔහුට මුනින් අතර හැරී නිදා ගන්නට සිත් වූවත් ඔහුට රාතුයේ කිරීමට වැඩ කිහිපයක් ඉතිරිවී තිබුණි. සයනාගාරයේ තත්ත්වය සන්සුන් වූ අතර සයනාගාර නායකයා ආලෝකය නිවා දැමූ අතර මුළු සයනාගාරයම නිහඬතාවයට පත් විය.
මඳ වේලාවකට පසු තම කොට්ටය යත අතපත ගා විදුලි පන්දම සොයාගෙන දල්වාගත් නිමල්, කොට්ටය යට තිබූ තනිරූලි පොත ගෙන මැද පිටුව ඉරා ගත්තේය.
පෑන අතට ගත් නිමල් මෙසේ පිටුවේ සටහන් කරන්නට විය
“නේවාසිකාගාරයේ සිට ලියමි,
බුදු සරණයි!
ආදරණීය අම්මා සහ තාත්තා වෙත,
අම්මා ඊයේ මාව බලන්න මෙහේ ආවේ නැත්තේ ඇයි? ඊයේ කෝල් එකක්වත් නොදුන්නේ ඇයි අද හරි දෙන්න තිබුනනේ… “
තව මොනවාද ලියන්නේ… නිමල් කල්පනා කරන්නට පටන් ගත්තේය. නොදැනීම ඔහු අතීතයට දිව ගියේය…
ගමේ පාසලෙන් ඉගෙනීමට පියවර තැබූ නිමල් පළවන ශේණියේ සිටම සෑම විෂයකින්ම පන්තියේ පළමු වැනියා වීමට තරම් දක්ෂයෙක් විය. ලංකාවේ සෑම සිසුවෙකුගේම ප්‍රථම කඩඉම වූයේ 5ශේණි ශිෂ්‍යත්වයයි. නිමල් 5වසරේ ශිෂ්‍යත්වය සඳහා පන්ති ගියේද නැත, ඔහුට පන්ති යාමට අවශ්‍ය වූයේද නැත. දෙමව්පියන් කිසිදු බල කිරීමක් කළේද නැත. ඔහුට අවශ්‍ය වූයේ සතිපතා ළමා පුවත්පතත්, අසල්වැසි ළමෝ සමඟ සෙල්ලම් කිරීමටත්, රූපවාහිනිය නැරඹීමටත් පමණි.
පාසලේ වැඩ අකුරටම කළ ඔහුට පාසලේ ලබාදුන් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලට සියයත්, අසූවත් අතර ළකුණු ප්‍රමාණයක් ලැබුණත්, සමහරක් විට ළකුණු හැට හැත්තෑව නොලැබුනා නොවේ. පන්තියේ පිරිමි ළමුන්ගේ නායකයා වූ නිමල්ට කාගේත් පුසාදය හිමිවුන අතර පන්තියේ සෑම ළමයෙක්ම ඔහුට මිතුරන් වූ අතර එයින් එක් විශේෂ මිතුරියක්ද නොසිටියා නොවේ.
ඒ ශිෂ්‍යත්ව දිනය විය. උදේ පාන්දරම නින්දෙන් පිබිදු නිමල් කෙළින්ම ගියේ තමන්ගේ මේසය වෙතය. ඔහු පාසලේදී කළ සියළුම ප්‍රශ්න පත්‍ර පරික්ෂා කර බැලුවේය. මුහුණ සෝදා ගත් නිමල්, උදේ ආහාරය ගෙන උදේ නවයයි තිහ වනවිට විභාග ශාලාවට ඇතුල්විය. ප්‍රශ්ණ පත්‍රය අතට ලැබිණ එය දුටු විට නිමල්ට එය කජු කනවා මෙන් ලෙහෙසි විය. නිමල්ය එය එදානම් සතුටට කාරණයක් විය. ඒත් අද?
ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර ඇති බව දැනගත් නිමල්, පාසල් නොගොස් පියා සමඟ නගරයට ගොස් අන්තර්ජාල පහසුකම් ඇති ස්ථානයකින් ළකුණු දැනගනීමට ගියේය. ළකුණු දැනගත් ඔහුගේ ඉහේ මලක් පිපුනා මෙන් විය. ළකුණු 178ක් නිමල් ලබා තිබුණි. ඔහු පාසලේ අවසන් වාර පරීක්ෂණ විභාගයෙන්ද පළමු තැන ලබාගෙන සිටි‍යේය.
අතීත ආවර්ජනයක යෙදුනු නිමලු යෙදී දිටි කාර්යයට හිත යොමා නැවත ලිපිය ලියන්නට පටන් ගත්තේය
“… අනේ අම්මේ මාව මෙහෙන් එක්ක යන්න. මට නම් අම්මයි තාත්තයි නැතුව මෙහේ ඉන්න බෑ. ඊයේ ටී ටයිම් එකේදී වැඩිපුර බිස්කට් ඉල්ලුවයි කියලා මගේ හොඳම කමිසේ කොලර් එකෙන් අල්ලලා ඉස්සුවානේ, උඩ බොත්තම් දෙකක්ම ගැලවුනා. දවසක් මගේ යාළුවාගේ ඇද හරියට හදලා නැතිව පොඩ්ඩක් රැළි තිබ්බයි කියලා එයාගේ කනෙන් ලේ එන්න ප්‍රෆෙක්ට් අයියා කම්මුලට ගැහුවා. මට නම් මෙහේ ඉන්න බෑ බෑමයි…”
එක්වරම නිමල්ගේ දෑසීන් කඳුලු කැට ගලා එන්නට විය. කදුළු බින්දු ලියුමේ තැනින් තැනට ‍වැටෙන්නට විය. එනිසා ලියුමේ තැනින් තැන බොඳවන්නට විය. වමෙම විද්‍යාලයට පැමිණීමට ලැබුනේ නිමලුගේ පෙර පිනකින් බව කලින් පාසලේ ගුරුතුමා එදා පැවසූ බව මතකයට නැඟුනු නිමල්ට සිතුනේ මේ නේවාසිකාගාරයට පැමිණියේ මහා පවකට බවයි.
නැවතවරක් කල්පනාවට පිවිසි නිමල්ගේ දැහැන බිඳුනේ නේවාසිකාගාර පාලකයාගේ කට හඬිනි…
“කවුද 6වසරේ නිමල් කියන්නේ?”
“සර් මම!” යැයි කියමින් තමා නිදා සිටි සයනයෙන් බැස පාලක තුමා ළඟට ගියේය.
“ආ, ඔයාද? මේ දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා” පාලක තුමාට ඉතිරි ටික කීමට නිමල් ඉඩ දුන්නේ නම් නැත.
“මේ දැන්? මට? කවුද කතාකළේ? අම්මාද? තාත්තාද? මොකක්ද කිව්වේ?”
ප්‍රශ්න වැලෙන් හෙම්බත්වූ පාලක තුමා…
“ඔව්, ඔයාට, පොඩ් ආරංචියක්, ඒත්,”
“ඇයි? ඒත්?” නිමල්ට ඉවසිලි නැති විය.
“ඒ…ත්…. ඔයාගේ තාත්තා… කිව්වා… ඊයේ ඔයාගේ… අම්මා…”
“ඊ…යේ මගේ අම්මා? ඔව්… ඉතින්….?”
“ඊ…යේ ඔයා..‍ගේ… අම්ම… ඔයා…ව බලන්න… එද්දී බස්… එකට… අ… අනතුරක්… වෙලා…..”
“මොනවා…!! වෙන්න බෑ….!” මේ වන විටත් නිමල්ගේ දෑසින් කඳුලු බිඳු එකින් එක වැටෙන්නට පටන්ගෙන තිබුණි.
නිමල්ට ඒ දිනය මහා මූසල දිනයක් විය. වේලාව සෙමෙන් ගෙවී ගියේය තමාගේ මිය ගිය මව ගැන සිතමින් ඔහු නින්දට ගිය අතර ඒ වන විටත් ඔහුගේ සයනය ඔහුගේ කඳුළු වලින් තෙමී තිබිණ. පැය කිහිපයකිව් ඔහු වෙත කෙමෙන් කෙමෙන් නිදි දෙව් දුව ළඟා විය.
“නිමල් මහත්තයා, තව ලෙඩෙක්”
ඒ කටහඬ රෝහල් සේවක සිරිපාලගේය. එම හඬින් අවදිවූ නිමල් දොස්තර මහතා ඒ රෝගියාට බෙහෙත් කිරීම සඳහා තම අසුනෙන් නැඟිට ශල්‍යාගාරය වෙතට පිය මැන්නේය.
නිමි.