සුදාරකගේ අන්තර්ජාල සටහන » කලාව

2010 පෙර…
අනේමන්ද…

අවුරුද්දක් ඉවරයි…

පුදුම තෙහෙට්ටුයි…

අලුත් අවුරුද්දක්…

අලුත් බලාපොරොත්තු…

පරණ දේවල් අමතක කරල…

හොඳ දේවල් අරගෙන…

අලුත් අවුරුද්දට යන්න…

අපි…

උත්සාහ කරනව…

මේ අවුරුද්ද ඉවරවෙන්න තියෙන්නෙ තව දවස් කිහිපයක් විතරයි. පුදුමයි. කැලැන්ඩරයේ පිටු ගැලවෙන වේගය අදහාගන්නත් බැරි තරම්. ඇදැහුවත්… නැතත්… අපිට කාලය එක්ක ලොකු සටනක්. ලබන අවුරුද්ද කොච්චර අභියෝගාත්මක අවුරුද්දක්ද? තව අවුරුදු එකහමාරකට පස්සෙ උසස් පෙළ. ඊට පස්සෙ තව තවත්…

මං හිතන්නෙ ලබන අවුරුද්දත්, එහෙ බලල මෙහෙ බලනකොට ඉවරවෙයි. කොහොමවුනත්, මම මේ අවුරුද්ද දාලා යන්න අකමැති තරම් මේ අවුරුද්දට ආදරෙයි. පස්සෙන් පස්සට මමම මේ බ්ලොග් සටහනේ ලියල තිබුන දේවල් කියවගෙන ගියාම… මේ මමම නේද කියල හිතුනම ඇතිවෙන්නෙ පුදුම සතුටක්. හැමදාම කියනව වගේ ජීවිතේට පුදුමාකාර තරම් වෙනස්කම් එකතු කරගන්න පුලුවන් වුන අවුරුද්දක් තමයි 2009. 2009 වගේම 2010 අවුරුද්දත්… ජීවිතේට වටිනාකම් එකතු කරාවි. හැමෝටම එහෙමයි. ජීවිතයට වටිනාකම් එකතු කරන්නෙ කාලය..

ඉතින්… කාලයේ ජීවත් වෙමු.

මේ අවුරුද්ද ගැන ආපහු හැරිල බැලුවොත් පුදුමාකාරයෙන් සතුටු වෙන්න පුලුවන් අවුරුද්දක්. සමහර කළු පැල්ලම් නැතුවා නෙවෙයි. ඒත් ‍ඒ සේරම මැකිල යන්න පුලුවන් තරම් වටින අත්දැකීම් ගොඩක් එකතු කරගන්න ලැබුන අවුරුද්දක්.

මේ අවුරුද්දෙ මුල ඉඳලාම උසස් පෙළට අනුගත වීම, විෂයන් තෝරාගැනීම, පොත් කියැවීම, ව්‍යාපෘති වලට සම්බන්ධ වීම, ආදරය, මිත්‍රත්වය, සාහිත්‍ය, ආකල්ප…

ඔහොම කියාගෙන ගියොත්… ඉවරයක් නැති තරම් දේවල්…

පුදුමයි!

මේ මම, මමමද කියල…

මේ පහළින් තියෙන්නෙ අපි කරපු කලා උළෙලේ මගේ හිතට අහුවුන වීඩියෝ කිහිපයක්. අන්තිම එක නම් ඉතින් පොඩි ඇඩ් එකක්. පොඩි සෙල්ෆ් ප්‍රමෝෂන් එකක්. ඒ කිව්වෙ මේ පොඩි ඇඩ් එකක්…   කලා උළෙලේ සිදුවීම් ටිකත් මේකත් එක්කම ලියල දාන්න හිතෙනව. කලා උළෙල සංවිධානය වුනේ විභාගයක් අස්සෙ. ඉතින් ඒක විභාගයකට දරුණු විදිහට බලපෑවා කියන්න ලැජ්ජ වෙන්නෙ නැහැ. ඊළඟ විභාගය හොඳින් කරගෙන උසස් පෙළට මුහුනදෙන එක තමයි දැන් බලාපොරොත්තුව. ඇත්තම කිව්වොත් කලා උළෙලේදි අඳින්න වෙන්නෙ සරමක් කියල මතක් වුනේ ඇඳුම දැක්කාට පස්සෙ. ඕක ගැටගහගන්න ඒ වෙලාවෙ ළඟ පාත කිසිම දෙයක් තිබුනෙ නැත්තෙ එදාට කලින් දවසෙ රෑ නයිට ගැහුවෙ ඉස්කෝලෙ ඉඳගෙන නිසා. අන්තිමට ඇත්තම කිව්වොත්, සරම ඉනට තදකරල ගැටගහගෙන හිටියෙ මගේ ෆෝන් එකේ හෙඩ් සෙට් එකෙන්! අපරාදෙ කියන්න බෑ… ඊට පස්සෙ හෙඩ් සෙට් එක දැක්කෙ නෑ ඇහැට… අන්න එහෙමයි හෙඩ් සෙට් එකෙන් ලජ්ජාව වහගත්තෙ. කොච්චර කලා උළෙල ගැන හිත හිත හිටියා කියනවානම්…ඒ වෙලාවෙ කකුලෙ නියපොතු වැවිලා තිබුන දිග දැක්කාම මට සිහිනැතිවෙන තරම්… නියපොතු කාට හරි වැදුනානම් ඔය යන එන අස්සෙ, මෙලකට ඒ වැදුන කෙනා තාම හොස්පිටල්!

සම්පූර්ණ කලා උළෙල මෙතනින් මෙහෙම වීඩියෝ එකින් එක බලන්න පුලුවන්.

මේ තියෙන්නෙ මම කලා උළෙලේ සිත්ගත්ම අංගය. ඒක මට විතරක් නෙවෙයි. ගොඩක් දෙනෙක්ට එහෙමයි… මේකට සම්පූර්ණයෙන්ම ස්තූති කරන්න ඕනෙ අපේ විද්‍යාලයේ සංගීත භාර ආචාර්ය අශෝක පුෂ්පකුමාර ගුරුතුමා ඇතුළු වාද්‍ය වෘන්දයටයි. මේක ඇත්තටම මාරයි!

ඊළඟට අවසාන වශයෙන් ඔක්කොම ඉවර කරල මට තමයි ස්තූති කතාව කරන්න වුනේ. ස්තූති කතාවක් කරන්න ඕනෙ කියල මතක් වුනේ එදා උදේ. ඉතින් කතාවක් ලියල හදාගන්න හැදුව හැදුව හරිගියේ නැහැ. අන්තිමට ඒ වෙලාවට හිතෙන විදිහට ස්තූති කතාව හිතේ ලියාගෙන ගිහිල්ල හිතේ හැටියට කියල නතර කළා… සමහර නම් අමතක වෙන්නත් ඇති. ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිනවා…

ඉතින් අසෙනිය කුසුමත් එක්ක කොහොම කො‍හොමහරි එකතු වුන හැම දෙනාටම ස්තූතියි…

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

අපේ ආකල්ප හොඳ මට්ටමකට අරගෙන එන්න පුලුවන් වුනොත්… ඊළඟ අවුරුද්ද අපිට ජයග්‍රාහී අවුරුද්දක් කරගන්න පුලුවන් වේවි. මොනතරම් සමාජය, දේශපාලනය, ආර්ථිකය පහළටම ඇදගෙන වැටිල තිබුනත්… අපි පුද්ගලික වශයෙන් හරි ආකල්ප වෙනසකින් ඉදිරියට ගියොත් අපිට, අපි හැමෝටම දිනාගන්න බැරි වෙන එකක් නැහැ!

අපොයි!

මට අමතක වීමේ ලොකූ ලෙඩක් තියෙනවා කියලයි හිතන්නෙ. මට අමතක වුන ලොකූ දෙයක් තියෙනව… ඒ තමයි පසුගිය 19වෙනි සෙනසුරාදා පැවැත්වුන සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව. ඒක ගැන මෙතන විස්තර කරන්න යන එක දැන් ප්‍රමාද වැඩියි. ඒ ගැන දැන් හැමදෙනාම දන්නව. එදා හමුවෙලා මට මගේ ඉදිරිගමන වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් උපදෙස් දුන්න හැමදෙනාටම බොහොම ස්තූතියි. ඒ උපදෙස් බොහොම වැදගත්…

ඉතින් ඔන්න ආයෙමත්,

ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා!

ජීවි‍තේ… ජීවි‍තේ… ‍ජීවි‍තේ…
ජීවිතේ හරි පුදුමයි කියන්නෙ නිකමට නෙවෙයි.

අද දෙසැම්බර් පළවෙනිද. උඳුවප් පෝය දවස.

කලා උළෙලකුත් කරල හති ඇර ඇර ඉන්න කියාපු දවස.

කොහෙද,

ගෙදරින් කෑ ගහනව පාඩං කරපං කියල…

ගෙදරින් කියන්නෙ,

පුතේ කලා උළෙල නං හොඳයි…

දැං ඉතින් තමන්ට වැඩක් කරගනිං කියල.

මේක මට විතරක් නෙවෙයි.

අපේ හැමෝටම අහගන්න ලැබුන දෙයක්.

හ්ම්…

ඔන්න ඔහොම තමයි ජීවි‍තේ. මේ දවස්වල හති අරිනව. ඒත් හති අරින්නෙ බාගෙට. සම්පූර්ණයෙන් හති ඇරල ඉවරකරන්න වෙන්නෙ 2011 අවුරුද්දෙ තමයි. තවත් අවුරුදු එකහමාරක් විතර වගේ තිබුනාට මේ යන වේගෙට එහෙ බලල මෙහෙ බලනකොට ඔය දවස් ටික වාෂ්ප වෙලා තියේවි. කැලැන්ඩරේ පිටු ගැලවෙනකොට දැනෙන්නෙ දුකක්. 2009 අතඇරල යන්න බෑ වගේ. මොනව කරන්නද? අපිට කාලය වෙනස් කරන්න බෑ. කාලයත් එක්ක අපි වෙනස් වෙන එක තමයි වැදගත්. ලියන්න කියන්න ගොඩක් දේවල් තිබුනාට ‍දැන් ලියවෙන්නෙ නෑ. මේ දවස්වල එළියෙ පහළියෙ කතාකරන්න නම් ගොඩක් මාතෘකා. හැබැයි මම දැන් ඒ දේවල් කතා කරන්න කැමති නෑ. ඒ තරමටම ඒ දේවල් එපා වෙලා. මේ ‍මොනව ගැනද කියල ආයෙ අමුතුවෙන් කියන්න අවශ්‍යතාවක් නැහැ. කතා කරන්න එපා වෙලා තියෙන්නෙ මේ රට යන අත ගැන. රට යන අත බලාගෙන ඉන්නෙ නැතුව. අඩුගානෙ තමන් යන අතවත් හරියට හදාගන්න උත්සාහ කරන්න වෙන කාලයක් මේක. හැබැයි ලැබෙන හැම වෙලාවකම එක්කෙනෙක්ගෙ හරි ආකල්ප හොඳ අතකට වෙනස් කරන්න ලැබෙනවානං ඒක නොකර ඉන්නෙ නැහැ.

මේ දවස්වල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලානෙ. මට නම් ප්‍රතිඵල ගැන වැඩිය දෙයක් දැනගන්න ලැබුනෙ නැහැ. මොකද මේ කලා උළෙලකට හිර වෙලානෙ. මොනව වුනත් ඒක නිසා මේ අපේ ගෙදර අයත් කම්පනයට පත් වෙලා වගෙයි පේන්නෙ. කෙනෙක්ට උසස් පෙළ නැතිවුනත්. දියුණුවෙන්න තමන්ගෙම මාර්ග නිර්මාණය කරගන්න පුලුවන් වුනත්, ඕ‍නකෙනෙක් උසස් පෙළ දකින්නෙ තමන්ව දියුණුවට ගෙනයන්න පුලුවන් ‍ෂෝට්කට් එකක් විදිහට. ඒකෙ ඇති වරදක් නැහැ. අපේ අයට තියෙන්නෙ හොඳ තෝරාගැනීම් දෙකයි. එක්කො මෙඩිසින්. නැතිනම් ඉංජිනියරින්. කොහොමහරි මම මේ කලා උළෙල කරද්දි මුනගැහුන අයගෙ සමහර රැකියා දැකල පුදුමයෙන් පුදුමයට පත් වුනා. තමන් තමන්ගෙ රැකියාව ගැන උපරිමයෙන් තෘප්තියෙන් ඉන්නවා වගේම. හරිම නිදහස් සහ උපරිම ඉපැයීම් (මාසයකට ලක්ෂය ඉක්මවා යන) රැකියා. ඒ අය ඒ රැකියාවලට යොමු වෙලා තියෙන්නෙ අපේ සම්මත අධ්‍යාපන විභාග ප්‍රතිඵලත් නැතිවයි! මට ඉතින් ඒවා කරන්න අවශ්‍ය නැහැ. මම බැලුවෙ ඒ රැකියා ගැන…

සාහිත්‍ය ඒකකයේ සභාපතිකම ගන්නත් ඉල්ලීමක් තියෙනව. ඒ අතරෙ කිරුළ සඟරාවටත් පුංචි පහේ දායකත්වයක් දක්වන්නත් හිතෙනව. මේ පාරනම් අධ්‍යාපන කටයුතු බාධා නොකරගන්න දැඩි විශ්වාසයක් තියෙනව. ආයෙමත් අපේ බාසාවෙන් කිව්වොත් වල නම් බහින්නෑ. වෙලාව කළමණාකරණය කරගෙන. කට්ටියත් එක්ක එකතුවෙලා. කලා කටයුතු හිමින් සීරුවෙ දියත් කරනව. එහෙමයි මගේ බලාපොරොත්තුව.

ඔය අතරමඟ පුංචි ආදර කතාවකුත් තියෙනව. ඒවා නං ඉතින් රාජ්‍ය රහස්!

මේ දවස්වල ජීවිතේ…
කලින් ලියාපු බ්ලොග් සටහනත් අයින් කරා නෙව. ඒක මට ටිකක් අප්සට් ගහපු වෙලාවක ලියවුනු එකක්. දැං හරි. සේරම යථා තත්වයට පත් වේගෙන වේගෙන එනව වුනත්. අනිත් පැත්තෙන් අවුරුදු දෙකකට විවෘත සිර කඳවුරක් ඇතුළෙ බරපතල වැඩ සහිතව හිර කරල තියෙනව වගේ අපේම භාෂාවෙන් කිව්වොත් “අම්බානෙකට” වැඩ. එක එක වැඩ. ඉවරයක් නැතුව වැඩ. උදෙන් නැගිටිනවා. ඉස්කෝලෙ යනව. වැඩ කරනවා. සංගමේට යනවා. බැනුම් අහනව. පන්ති යනව. ආයෙත් මහ රෑ වෙ‍නකොට ගෙදර එනව.

දැන් සෑහෙන්න දුරට බ්ලොග් එකෙන්. ෆේස්බුක් එකෙන්. ට්වීට‍රයෙන් අයින් වෙලා. ලියන්න නම් ඕනෑතරම් දේවල් තිබුනත්, ලියන්න හැදුවත් කොච්චර කරත් ලියවෙන්නෙ නැති එක ලොකුම අවුලක් වෙලා. ලියවෙන්නේ නෑ… ලියන්නයි ඕනෙ කියලා කොච්චර හිතේ තිබුනත් බලෙන්ම ලියපු ලියවිල්ල දැක්කම මට මාවම එපා වෙන තරමට අප්සට් ගතියක් තමයි දැනෙන්නෙ. අනේ මන්දා වැඩ වැඩිවෙනකොට මේ ලිවිල්ල කියන දේට ‍පොල්ල තියන්න වෙනවා කියන කතාව ඇත්ත තමයි. මොනව කරන්නද, තව අවුරුදු දෙකයි නෙව තියෙන්නෙ. කට්ට කාගෙන ඉගෙනගැනීමට විතරක් හිත යොමු කරගෙන වැඩ කරනවා කියන දරුණු අධිෂ්‍ඨානෙ ඔළුවෙ තියාගෙන මේ දවස්වල දිගටම වැඩ.

කොම්පියුටරේට දැනට මාස ගාණකට කලියෙන් ඩවුන්ලෝඩ් කරගත්තු ෆිල්ම් ටිකත් එක තැන පල් වෙනවා. Twilight ‍ෆිල්ම් එක බලන්න පුදුම ඕනකමක් තිබුනත් බලන්න හිතෙන්නෙ නෑ. දැන් ෆිල්ම් බලනකොට දැනෙන්නෙ එපා වෙන ගතියක්. ඒක එක්කො හොඳකට. නැත්තං නරකට වෙන්නත් පුලුවන්. කොහොමහරි මේ ගැන කිව්වාම අපේ මාමා කෙනෙක් කිව්වෙ වැඩිපුර පොත් කියවනකොට එහෙම වෙනවා කියලා. ඉතින් ඒක ඇත්ත වෙන්න පුලුවන්. මේ දවස්වල පොත් කියවිල්ලටම තමයි වැඩිපුර අවධානය.

පොත් ප්‍රදර්ශනයට දවස් තුනක් ගියා. පළවෙනි දවසම ගියාට පස්සෙ. ඊළඟ‍ට ගියේ සඳුද දවසෙ. එදා ගැන නම් කතා කරල වැඩක් නෑ. ජීවිතේට අමතක‍ නොවෙන කට‍ු කාපු දවසක් වගේම ජීවිතේට අමතක නොවෙන බ්ලොග් ලියන කෙනෙක් විනාඩි 5කට (හෝ ඊටත් අඩුවෙන් වෙලාවක්) හම්බවෙලා කතා කරලා ආයෙත් හැරිලා පන්ති යන්න පිටත් වුනා. ආයෙමත් ඊළඟට බ්‍රහස්පතින්දා දවසෙත් පොත් ප්‍රදර්ශනය බලන්න ලැබුන එක ලොකු දෙයක්. පොත් තොගයක් අරගන්න ලැබුනා. මේ පාර ටිකක් අධ්‍යාපනේට හිත යොමු කරපු එක තමයි වුනෙ. අපේ අලුත් නිර්දේශයට හරියන්න භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය ඩී. ඩී. එන් බාලෝ දයා විසින් ලියැවුන පොත් තුනක් අර‍ගන්නකොට එතැනම රුපියල් දාහක් වාෂ්ප වුනා. පොත් ගන්නවා කියන එක හෙන කරුම වැඩක් එක අතකට.  කොහොමහරි එදා කැටපත් පවුරෙත් කවි දෙකක් ගහල ටිකක් රෑ වෙලා ගෙදර ඇවිල්ලා හොඳවයින් කන පිරෙන්න අහගත්තා. මම ඉක්මනට එනවා කියලයි කිව්වෙ. ඒත් දන්නෙම නැතිව පොත් තෝරද්දී වෙලාව ගත වුන හැටි නොදැනුන තරම්. ලියනගේ අමරකීර්ති සූරින්ගේ පරිවර්තනයක් වෙන “තරුණ නවකතාකරුවෙකු වෙත” පොතයි, එරික් ඉලයප්ආරච්චිගේ කවි පොත් දෙකක් වෙන “කිසිවෙක් කවියන් නොමරති” පොතයි, “මගෙ කොළඹට හඳ පායයි” කියන පොතත් අරගන්න ලැබුනා. පොත් කොච්චර ගත්තත් හිතේ තියෙන්නෙ සන්තර්පණය කරන්න බැරි ආසාවක් පොත් ගැන. පුලුවන්තරම් ඉක්මනට කොළඹ මහජන පුස්තකාලෙ ලියාපදිංචි වෙන එක කරගන්න ඕනෙ.

ඉන්ටර්නෙට් එකේ විවෘත ආරාධනාවකින් හැමෝටම ආරාධනා කරල තිබුන “අක්ෂර‍ සෙනඟ” ආරාධනාව දැකල ඒක බලන්න ගියේ ඊයෙ. උදේ පන්තිය ඉවරයක් කරලා අක්ෂර සෙනඟ බලන්න මහවැලි කේන්ද්‍රයට යන්න ඕනෙයි කියලා මහලොකුවට ගියාට මොකද ඒ යනකොට මහවැලි කේන්ද්‍රය කියන්නෙ මොකක්ද? ඒක තියෙන්නෙ කොතැනද කියලාවත් නොදැනයි මහවැලි කේන්ද්‍රයට ආවෙ. අන්තිමේ වෙලාවත් එන්න එන්නම ලං වෙලා හොයාගන්න බැරිව තියෙත්දී ත්‍රීවිල් එකකට රුපියල් සීයක් දිලා ත්‍රීවිල් එකෙන්ම මහවැලි කේන්ද්‍රයට එන්න පිටත් වුනා. රුපියල් සීයක් කිව්වාම මම හිතුවෙ මම ඒ වෙලාවෙ හිටපු තැන ඉඳලා හුඟක් දුර ඇති කියලා. මෙන්න ත්‍රීවිල් එකට නැග්ග විතරයි. ත්‍රීවිල් අයිය කිව්‍වනෙ “මේ තියෙන්නෙ මහවැලි කේන්ද්‍රය” කියල!     මට ඉතින් අරූගෙ හොම්බ කට සමතලා කරන්න නොහිතුනා නෙවෙයි. වෙලාවෙ හැටියට ඉතින් මොනව කරන්නද කියල දවල්ට කන්න තිබුන රුපියල් සීය ඒ යකාට දීලා “අක්ෂර සෙනඟ” ඇතුළට ගියා.

අක්ෂර සෙනඟ ගැන කිව්වොත්, වෙලාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන. මේ වෙනකොට නිර්මාණය වෙන්න අවශ්‍ය කරන සංවාදයකුත් නිර්මාණය කරපු එක ලොකු දෙයක්. ඒ වගේම කඩදාසි ගිනි ගණන් යන මේ කාලෙ අන්තර්ජාලය සාහිත්‍යමය උපකරණයක්, මුද්‍රණාලයක් විදිහට පාවිච්චි කිරීමේ අවශ්‍යතාව මතු කරපු එකත් ලොකු දෙයක්. ළඟදීම ඡායාරූප, වීඩියෝ ටික පිටවෙයි මං හිතන්නෙ. ඒ පැය දෙකෙන් පස්සෙ ඉන්ටර්නෙට් හරහා විතරක්ම දකින්න ලැබුන අය හැබැහින් දැකගන්නත්. ඒ අයත් අතරෙ යන කතාබහ වලට හොට දාලා අහගෙන ඉන්න ලැබුන එක ලොකු දෙයක්. සාහිත්‍ය ගැන පොත් ගැන ගොඩක් දේවල් දැන ඉගෙනගන්න ලැබුන එක අක්ෂර සෙන‍ඟෙ වටිනාකම තවත් වැඩිකරා. ඒ කියන්නෙ. යමක් අහවරක් කරල ඉවරවෙලා කට්ටිය පුටු වලින් නැගිටලා විසිරිලා යනවාට වඩා. එතැන ඉඳගෙන ඒ ගැන. වෙන දේවල් ගැන සංවාදයක් තැන් තැන් වල ඇතිකරගන්න ඉඩ සලස්වලා තිබුන එක ලොකු දෙයක්.

ඔන්න ඔහොම තමයි මේ දවස්වල ජීවිතෙ. ගණන් හදනවා. පොත් කියවනවා. උදෙන්ම නැගිටිනවා. ඉස්කෝලෙ යනවා. පන්ති යනවා. වල බහිනවා. බැනුම් අහනවා…

ආ බැනුම් අහනවා කිව්වාම තමයි මේ ෂෝක් කතාවත් මතක් වුනෙ. සංගමේ වැඩ වලට ගිහිල්ලා නොදන්වා ගිහිල්ල අපෙ පන්ති භාර සර්ට මාට්ටු වෙලා එක්කගෙන ගියා සර් කෙනෙක් ගාවට. අපේ පන්ති භාර සර් ඉතින් මාත් එක්ක අවුලක් නෑ එච්චර. මං ඉතින් කලා කාමී කියලා දන්න නිසා වැඩිපුර බනින්නෑ. හැබැයි… අර සර් කිව්වෙ නැතෑ…

“තෝව දානවා කලාව කරගෙනම ඉන්න ආර්ට් ක්ලාස් එකට මෙහෙම ගියොත්.”

එතකොට පන්ති භාර සර් කියනවා…

“සර් මූ මැත්ස් ක්ලාස් එකට ගිහිල්ලා ඊට පස්සෙ ආර්ට් ක්ලාස් එක‍ට මාරු වෙලා, ඊට පස්සෙ ආයෙමත් ආවා මැත්ස් කරන්න”

එතකොට අර සර්… (සර්ට තදවුනා අම්බානකට)

“එහෙමද! මේක හරියන්නෑ… තෝ ආයෙත් පන්තියෙන් එලියට අඩියක් තිව්වොත් දානවා ආර්ට් ක්ලාස් එකට!”

මටත් ඉතින් හිත ඇතුළෙන් හිනා… කොහොමහරි බයටම එදා ඉන්ටර්වල් එකේවත් පන්තියෙන් එළියට අඩිය තිබ්බෙ නෑ.

හැබැයි…

ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කියාපි ලු!

‍කො‍හොමහරි අන්තිමේ ආයෙ මොකටද නෝන්ජල් වෙන්නෙ කියලා. මුන්ට ක්‍රියාවෙන්ම වැඩ පෙන්නනං කියල ගණිතය කරන්න හිත හදාගෙන හිත ගල් කරගත්තා. මේ දවස්වල පොත් පෙරල පෙරල වැඩ. කවුරුහරි මගෙ කාමරේ දැකගත්තොත් හිතන්නෙ මූ මානසික විකෘතිකයෙක් කියල. කොල හැමතැනම. කතා පොත් ඇඳඋඩ. ඒවා බදාගෙන තමයි රෑට නිදාගන‍්නෙ. කතා පොත් ටික කොහෙන් කියවන්න පටන්ගන්නද කියලා හිතාගන්න බෑ. ගණන් හදලා මහන්සි වුනාම කතා පොතක් පෙරල පෙරල බලන එක තමයි කරන්නෙ. එහෙම නැත්තං ෆේස්බුක් පැත්තෙ ගිහිල්ල මොකක්හරි, කාගෙහරි විගඩමක් බලල ආයෙමත් වැඩකරනවා. වැඩිය කාත් එක්කවත් චැට් කරන්නෙත් නැති තරම්.

මාර තෙහෙට්ටුයි, මහන්සියි, අමාරුයි… ඒත් ඉතින් ඒ දේවල් ජීවිතෙත් එක්ක අන්‍යෝන්‍යව (අතුරු කතාවක් – අපොයි ‍මේ වචනෙ ටයිප් කරගන්න හෙන ගේමක් දෙන්න වුනා. මොකක්හරි අවුලක් වෙලා බැක්ස්පේස් කරොත්, ආයෙත් “න්‍යෝ” අකුර මුල ඉඳලා ටයිප් කරන්න වෙනවා. ටයිප් කරල බලන්න වෙලාවක් තියෙනවානම්   ) සම්බන්ධ වෙලා තියෙන නිසා. ජීවිතේ නං මල්. ඔය ගඟක් වුනත් ගලනකොට ලස්සනක් තියෙන්නෙ ඇඹරි ඇඹරි. ගල් වල හැපි හැපි ගලනකොට නෙව. ඉතින් මට නම් තාම සුයිසයිඩ් එකක් කරගන්න හිතුනෙ නෑ.

වෙන බ්ලොග් සටහනකට දාන්න අමාරු නිසා මේකත් ‍මෙහෙම්මම ලියන්නන්. මේ දවස්වල ‍ටීවි එකේ යනව මයිලෝ එකේ මහ කචල් ඇඩ් එකක්. අර කොල්ලෙක් මොකක්ද එකක් අරගෙන පෙන්න පෙන්න ඉන්න එකක්. මිනිහා දිහා කෙල්ලොත් කන්න වගේ බලාගෙන යනවා. ඉතින් ඔය ඒ ව‍ගේ එකක් අරගෙන මාත් අපේ ක්ලාස් එකට ගියානං කවුරුහරි දැලේ දාගන්න තිබුන. පිස්සුනේ… ඔන්න මම මුදල් අරගන්නෙ නැතිවම වෙළඳ භාණ්ඩයට පොඩි මාර්කටින්ග් පාරක් දුන්න.

හිතට වද දෙන දැවෙන ප්‍රශ්නය…
බඩු මිල ඉහළයාම ද?

ම්හු…

කෙල්ලක් ද?

නැහ්…

ලව් සීන් එකක් ද?

නෑ… නෑ… බං! එහෙම එකක් නෙවෙයි…

එහෙනං මොන රෙද්දක්ද බං?

ඒක මේ වචනයකින් දෙකකින් විස්තර කරන්න පුළුවං කාරණයක් ‍නෙවෙයි බං,

මං මේ කල්පනා කලේ මං සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලාම හිතට ආපු ප්‍රශ්නයක් ගැන. සාමාන්‍ය පෙළ කරායින් පස්සේ උසස් පෙළට මොන විෂය ධාරාවක් යටතේ ඉඳගෙනද අධ්‍යාපනේ කරගන්න ඕනේ කියලා හිතාගන්න බැරිවයි මං හි‍ටියේ. වෙලාවකට කලාව කරන්නත්. තව වෙලාවකට ගණිතය කරන්නත් අවශ්‍යයි කියලා ම‍ගේ මොලේ මටම එරෙහිව දෙකට බෙදිලා වාද විවාද කරගත්තු එකෙන් මට වුන සෙතක් නැහැ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල “හොඳ යැයි” පිළිගන්නා මට්ටමක තිබීම නිසා සමාජය විසින් ඇතිකරපු විද්‍යාව හැදෑරවී‍‍මේ බලපෑම සහ මොලේ එක පැත්තක් කරපු බලපෑමත් දෙක එකට එකතු වෙලා මගේම අර්ධයකට එරෙහිවුනා වගේ හැඟීමක් තමයි මට නං දැන් දැනෙන්නේ. ආසාව තියෙන්නේ කලාව කිරීමත්. කලා පංතිය තමයි ගැලපෙනම නිවහන කියලා දැං විතරක් නෙවෙයි විටින් විට හිතට ගෙනාවේ මගේ අනික් අර්ධය. ශිෂ්‍යත්වය සැලකිය යුතු මට්ටමකින් සමත් වීමත්, සාමාන්‍ය පෙළත් කරුමයකට හෝ සමත් වීමත් තමා විද්‍යාව කළ යුතුයැයි හැඟීමක් මගේ අනිත් අර්ධය කරන බලපෑමත් තාමත් එහෙම…

හැබැයි, මේ වෙනකොට ඒ මගේ අනිත් බාගෙ. එහෙමත් නැත්තං ගණිත බාගෙත් තාර්කිකව මට කියනවා කලාව අංශයෙන් ඉගෙනීම හොඳ බවක්. ඒත් දැං කාලය සැලකිය යුතු මට්ටමකින් ප්‍රමාද වී තිබීමත්, පාසලේ ගුරුවරුං මං ගැන මොනවා හිතයිද කියලත්, එහෙම මාරු වෙන්න ආපහු ගියොත් අහගන්න වෙන බැනුම් කන්දරාව ගැනත් ලොකු ගැටලුවක් මගේ ඔලුවේ දැං තියෙනවා.

නවකතාවක් ලියන්නත්, කවිකතාවක් ලියන්නත්, අලුත් දෙයක් ඉගෙනගන්න මට්ටමකට හිත ‍නිදහස් නොවීමත් කියන කාරණා මට දැං බලපෑම් එල්ල කරනවා කලාව කරන්න ඕනෑයි කියලා.

වෙනස් දෙයක් කරන්න අවශ්‍ය කරන වෙලාව ගණිත-විද්‍යා අධ්‍යයනට යොමු කරන්න වීම ගැන ලොකු ප්‍රශ්නයක් දැං තියෙන්නේ.  විද්‍යාව ‍කිරීමෙන් ඇති නොවන සෙතක් කලාව අධ්‍යනයෙන් ලැබේ යැයි මට දැං හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒත්, තියෙන ලොකුම අවුල විෂය ධාරාව මාරු කිරීම.

මං පළවෙනි වාරය පටන්ගත්තාම ගෙදර කැමැත්තත් ඇතිව ඉස්කෝලෙට ගිහිල්ලා කලාව කරන්න ඉල්ලුවාම ලොකු ගැටලු වලට මුහුන දෙන්න සිද්දවුනා. කලා කිරීමට මාරු වෙන්නේ ඇයිදැයි අහපු ගුරුවරයෙක්ට ඇයි කලාව කරන්නේ කියලා, කියලා ඉවරවෙලා අනිත් පැත්ත හැරිලා යද්දී…

“එහෙනං ඉතින් දෙයියන්ගේම පිහිටයි” කියලා තමා ළඟ උන්නු අනිත් ගුරුවරයාට කියලා කියනවාත් මං අහගෙන. ජනමාධ්‍යකරණය හැදෑරිය යුතුයි කියලා අදහසකින් ගියත්, ජනමාධ්‍යකරණය නොමැති වීම කියන ප්‍රශ්නය උඩ ආපහු දවස් දෙකක් ඇතුළත ගණිත අංශයට මාරු වීමට තීරණයක් ගත්තා. ඒකෙදිත් නොසෑහෙන්න අහගත්තා… ඒක ජීවිතයේ ගත්ත ලොකු තීරණයක් කියලා තේරෙන්නේ දැං.

මට කලා කරන්න අවශ්‍ය මේකයි,

නවකතා කෙටිකතා රචනයට වගේම සාහිත්‍යකරණ‍ය පිවිසීමට ඇති අවශ්‍යතාව නිසා

අලුත් දේ ඉගෙනීමට කාලය ලබාගැනීමට තියෙන අවශ්‍යතාව නිසා

ඊට පස්සේ කැළණිය, හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නත්.

අවසාන වශයෙන් ජනමාධ්‍යකරණය හා සම්බන්ධ තෘප්තිමත් වගේම නිදහස් වෘත්තියකට යොමුවීමට අවශ්‍ය නිසා.

එතකොට ඉස්කෝලේ ජනමාධ්‍යකරණය විෂය ‍නැතිවුන නිසා ගණිතය තෝරාගත්තේ…

ගණිතය අංශයෙන් උසස්‍ පෙළ සමත් වෙලා. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පැත්තෙන් හදාරලා ජනමාධ්‍යලට පිවිසෙන්න…

ඒ වුනාට. ගණිතය කරනවාට වඩා කලාව කිරීම මට අවශ්‍ය ශ්‍රාස්ත්‍රීය හැදියාව නිර්මාණය කරන නිසා මෙතන කලාව පැත්තෙන් යාම තමයි වැදගත්…

ඉතින් මාස ගාණක් ගියත්. මේක මට විසඳුමක් නැති දැවෙන ප්‍රශ්නයක්. ඒක දැවෙන ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැටියට ඇලෙව්වොත් ඇලෙව්වාමයි වගේ තෝරගත්තොත් තෝරගත්තාමයි වගේ “නිදහස්” අධ්‍යාපන ක්‍රමයක් තියෙන නිසා. ඉතින් ක්‍රමේට බැන බැන හූල්ල හූල්ල තමයි මටනං ඉන්න වෙලා තියෙන්නේ…

සටහනට තවත් විශේෂ, සුවිශේෂ යාවත්කාලීන කිරීමක් එකතු කරන්න හිතුනා. ඒ, මේ ලිපි‍යේ අන්තිමට. සෝමලතා සුබසිංහ මහත්මියගේ, විකෘති වේදිකා නාට්‍යයෙන් සිත් ඇදගන්නා සුළු, රැඩිකල් සිංදුවක් එකතු කරන්න. මේ තියෙන්නේ ඒ සින්දුව.

විභාගෙ විභාගෙ

එහෙ බැලුවත් විභාගෙ

මෙහෙ බැලුවත් විභාගෙ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභාගෙ විභාගෙ

එහෙ බැලුවත් විභාගෙ

මෙහෙ බැලුවත් විභාගෙ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභා…ගේ තමයි අපේ අභාගේ

විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩක‍ට

විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩක‍ට

නෑ… වෙලා…ව විභා…ගේ…

නෑ… වෙලා…ව විභා…ගේ…

එකේ ඉඳන් දොළහ දක්වා දක්ව

ලොකු පොඩි හැම පන්තියකම

ඇතෙක් බරට විභාගෙ

ඇතෙක් බරට විභාගෙ

ඉරක් හඳක් ගහක් කොලක්

මනුස්සයෙක් පේන්නෙ නෑ

ඔහු සැපදුක අහන්නෙ නෑ

කන්න බොන්නෙ අඳින්නෙ නෑ

විභා…ගේ…

අම්ම තාත්ත අයිය අක්ක නංගි මල්ලි විතරක් යැ

නැන්ද මාමා බාප්ප මහප්ප

යාළුවො යෙහෙලියො අහල-පහල අය

යාළුවො යෙහෙලියො අහල-පහල අය

කොහොමද ළමයෝ… විභාගේ…?

තව සුමානෙකින් ප්‍රතිඵල එයි…

කොහොමද විභාගෙ ප්‍රතිඵල?

ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල

බස්සෙකෙ කොච්චියෙ පාරෙ තොටේ…

යන එන හැමතැන කොහොමද ප්‍රතිඵල…

බස්සෙකෙ කොච්චියෙ පාරෙ තොටේ…

යන එන හැමතැන කොහොමද ප්‍රතිඵල…

විභා…ග ප්‍රතිඵල වසංගතේ…

ඒ විතරක්යැ,

විද්‍යා විෂයද? කලාවද…?

කලා…ව කිව්වොත්…, මලා… වගේ…

චී… චී… චී… ලැජ්ජ නැද්ද?

අපේ එකෙක් කලාව කරන්න?

කවුද උඹ දිහා බලන්නෙ,

විද්‍යාවයි ගණං ගන්නේ…

අඩු ගණනේ වාණිජවත්?

ඉතිං පුතේ නම්බුවක්නේ

ෆේල් වුනත් විද්‍යාවෙන් විභාගෙ කොරලා

විභාගෙ විභාගෙ

එහෙ බැලුවත් විභාගෙ

මෙහෙ බැලුවත් විභාගෙ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභාගෙ විභාගෙ

එහෙ බැලුවත් විභාගෙ

මෙහෙ බැලුවත් විභාගෙ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභා…ගේ තමයි අපේ අභාගේ

සැලකිය යුතුයි: මේක මං ගැන පම්පෝරියක් කියලා හිතන්න එපා. මං මේක ලිව්වේ මං වගේ තවත් අය ඉන්නා නිසා…

බස් එකේ එන ගමන්…
[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!]

අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් හැම දවසම වගේම සුවිශේෂී දවසක් වුන නිසා. උදේ 7ට පටන් ගත්තු ගණිතය අතිරේක ත්‍රිකෝණමිතිය පන්තිය අද කලින්ම ඉවරවුනේ දවල් එකොළහට. හික්! ඔව්, කලින් තමයි! ඕක නතර කරන්න තිබුනේ දොළහට   ඉතින් ඉබ්බා දියේ දැම්මා‍ම ඇන්නෑවේ කියාපි. යාලුවෝ දෙන්නෙකුත් ඇදගෙන ගියා සරසවියට. එකෙක් නං කිව්වේ…

අ‍පෝ… බෑ බං… පොත් කියවන එක නං මට එපා වෙලා… තියෙන්නේ…. යමුකෝ KFC… ගිහිල්ලා ඉන්න එකත් සැපයි බං. උඹ දන්නෑ, එකදවසක් එතනට ආපු ප්‍රසිද්ධ නෝනා කෙනෙක් දුන්නා නෙව ප්‍රසිද්ධියේ කොල්ලාට කිස් එකක්!

(නීති හා රෙගුලාසි මත එම වාක්‍යය සභ්‍ය වන පරිදි සංස්කරණය කර ඇත – ළඟදීම KFC එකටත් ලෑලි ගහලා වහයිද දන්නෑ මේක දැකලා. නෑ නෑ. එක්කෝ එව්වා එක පැලැන්තියකට විතරක් සීමා වෙච්ච ඒවා නිසා. එහෙම වෙන එකකුත් නෑ…)

මෙන්න මෙහෙ වරෙන් බං යන්න. සරසවියත් ඒසී කරලා තමයි තියෙන්නේ. අනික ඒකටත් එනවා හොඳ හොඳ ගෑනු ළමයි…

අර මතකද දන්නෑ පරණ බුද්ධෝත්පාද කාලේ කතාවක් තියෙනවා එක්තරා සිටු පුත්‍රයෙක් තමන්ගේ පුත්‍රයාට බණ අස්සවන්න පුත්‍රයාට බණ අහගෙන එන්න කියලා. ඒ බණ පාඩම් කරගෙන ආවාම පොඩි ගානක් අතට දෙන කතාවක්? (නම් ගම් නං මතක නෑ, දැන් අපි බුද්ධාගම ඉගෙන ගන්නේ නෑ නෙව   )

ඉතින් මේකත් ඒ වගේ තමයි, මුන්ට ඉතින් ගෑනු කිව්වොත් වෙන කවුරුත් ඕන්නෑ. ඕක ඉතින් කාටත් සාධාරණයි. මාත් පඬියා වගේ කිව්වාට මාත් ඉතින් එහෙම තමයි   නැත්තං ඉතින් අපිත් රහත් වෙලා ඉන්න ඕ‍නේ.

හරි. ඇති! බණ දහම් ගැන කතා කරා හොඳටෝම ඇති.

සරසවියේ ඇතුලේදී ෂෝක් ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා උසස් පෙළ අලුත් නාට්‍ය හා රංග කලාව සිලබස් පොත් තියෙනවාද කියලා හොය හොය ඉන්නවා දැක්ක වෙලාවේ මාත් රහසිං අපේ යාලුවොන්ට කිව්වේ, නෑ නෑ මගේ කටින් කියවුනේ…

අඩේ, අපරාදේ! ආර්ට් කරන්න තිබුනේ බං…

හැබටම. උඹ ආර්ට් කරන්න යනවා කිව්වා නේද බං? මොකෝ වුනේ?

හික්. මම ගියා බං ආර්ට් කරන්න. ආර්ට් සෙක්ෂන් එකේ හිටියේ දවස් දෙකයි! මෙන්න කොල්ලා ආපහු මැත්ස් පංතියේ ඊළඟ දවසේ!   Sectional Headගෙන් ඇහුවා බං නැති වෙන්න.

උඹටත් තියෙන්නේ පුදුම පිස්සු තමයි බං.

සරසවි‍ය ඇතුළට වෙලා පැයක් එකහමාරක් හිටපු අපි, ඊළඟට පොඩි කඩේකින් මොනවාහරි කටේ ඔබාගෙන ආපහු පිටත් වුනේ අපේ ආදරණීය පිසික්ස් පංතියට. උදේ පාන්දරම මට කෙලවපු මගේම ආදරණීය භෞතික විද්‍යා පංතිය.

ෂහ්, උදේ පාන්දරින් නැගිට්ට නිසා අම්බානකට නිදි මතක් දැනුනේ පංතිය පටන්ගත්ත ගමන්මයි. ගුරුතුමා උගන්නනවා. මම නිදිකිරා වැටෙනවා. ‍ගෑනු ළමයි බල බල

හොරෙන් හිකි හිකි ගාලා හිනා වෙනවා වගේ හීනෙන් දැක්ක නිසා ඔන්න ආපහු පියවි සිහියට ආවා. කොහොමහරි මම පර්යේෂණාත්මකව අත්හදා බලපු දෙයක් තියෙනවා. ඒ තමයි නිදිමතේ වුනත් ඇහෙන එක පොතේ ලියාගන්න පුලුවන්ද කියන දේ. කොහොමහරි සමහර දවස්වලට නං අවුලක් නැතුව ලියවෙනවා. ඒත් අද නං ටිකක් විතර චාටර් වුනා. ගුරුතුමා පැහැදිලි කර කර ලියන්න දීපු නිසා මම ඇහැ ඇරලා බලනකොට පොතේ ලියලා තියෙන්නේ වෙන මඟුලක්. ගුරා ක්‍රිකට් පිත්තක් ගැන මොකක්දෝ කියනවා වගේ මතකෙත් තිබුනා.

පන්දුව = ආවේගය x කාලය

ආවේගය = ක්‍රිකට් ගම්‍යතා වෙනස

පිසික්ස් පොත නිකං සීගිරි කුරුටු ගී‍ පොතක් ව‍ගේ වෙලා ති‍යෙනවා දැක්කාම මං ගැන මටම හිත ඇතුළෙන් හිනා. වෙන එවුන් දැකගනියි කියලා ලැජ්ජාවට පොතේ අනිත් හිස් පිටුව පෙරලලා තියාගත්තා. මෙන්න මම ආයෙත් නිදි!

ආ ආයෙත් තව එකක්. සාමාන්‍යයෙන් අපි චැට් එකේ දී සිංහල වචන ඉංග්‍රීසියෙන් ගහනවා නෙව. මම පොතේ දඬු කියන වචනේ තැන් කිහිපයකම ලියලා තිබුනේ දණ්ඩු කියලා (මූර්ධජ ණයන්නත් එක්කම තමයි   ) ඒ අර චැට් එකේ සඤ්ඤක පුරුද්දටම වෙන්න ඇති. අපි දඬු කියන එක dandu කියලා ටයිප් කරනවා නෙව. මොනවා වුනත්, යටි හිත හැම‍ වෙලේම වැඩ!

මොනවා වුනත් පො‍තේ නෝට් එක නං පොඩි පොඩි අඩුපාඩුවක් නැතුව වුනත් සම්පූර්ණයෙන් ලියාගෙන. ෂහ්! මේකට තමයි කියන්නේ නියම දක්ෂතාව කියලා!

හරි. හරි. දැන් කට්‍ටිය බලනවා ඇති මොකක්ද මේ මාතෘකාවේ තියෙන්නේ කියලා. බස් එකක් ගැන කියලා මූ රට වටේ අපිව එක්ක යනවා කියලා කට්ටිය හිතනවා කියලා මං දන්නවා. හරි හරි. කලබල වෙන්න එපා… අපි මාතෘකාවට එමු.

පන්ති ඉවරවෙලා බස් එකට නැග්ගේ ගෙදර එන්න. මට එපා කරපුම දේ තමයි බස් එකේ යද්දී රේඩියෝව අහන එක. වි‍ශේෂයෙන්ම රෑට යන කණාමැදිරි රාත්‍රිය අහන්න මං මං මහාම මහා පව්කාරකමක් කරලා තියෙන්න ඕනේ. ගිය ආත්මේ කාගේ හරි කනට ගහලා නිසා වෙන්න ඕනේ මට මේකට මුහුන දෙන්න වෙන්න ඇත්තේ. මොකද එහෙම කියන්නේ, බස් ගාලේ නවත්තලා තිබ්බ අනිත් බස් වල දාලා තියෙනවා ඇහුනේ විස්සයි-විස්ස ත‍රගේ විස්තර විචාරය. මාත් හිතුවේ රේඩියෝව දානවානං ඒකම දායි කියලා…

මොන මඟුලක්ද… බස් එක ඉස්ටාට් කොරා විතරයි කන පලාගෙන කණාමැදිරි රාත්‍රිය!

සාමාන්‍යයෙන් අටවක පුත්තු පොතෙන් ලැබුන උත්ප්‍රේරකය නිසා මම දැං ගමනක් යනකොට පොතක් කියවන එක තමයි වැඩේ. විශේෂයෙන්ම මම එන කොට-කොට බස් ගමන නිසාම මේකට පුරුදුවෙන එක මහලොකු කජ්ජක් වුනේ නෑ. ඉතින් මේ දවස්වල අතේ තියෙන්නේ මහගම සේකරයන්ගේ “ප්‍රබුද්ධ”. ඉතින් අර බස් එක කොටන ජරමරයයි, කණාමැදිරි රාත්‍රියේ විලාප හඬයි දෙක අතරමැද වුනත් ටිකෙන් ටික හිත පොතට එකඟ කරගන්න ලැබුනා.  පොත කියවන අතරතුරේ හිතට ආපු කවි සිතිවිලි ටිකක් ලියාගන්න විදිහස් හොය හොය ඉන්නකොට අත ගියේ සාක්කුවට. සාක්‍කුවේ තිබ්බ ෆෝන් එකට. ෂහ්! දැන් මොකටද කොල කෑලි? නව තාක්ෂණයේ උපරිම ඵල ‍ප්‍රයෝජන නෙලා ගැනීම තමයි අපේ (වි)ජාතික වගකීම!

‍මේකෙන් එක කවියක් (කවි පේලියක්, එහෙමත් නැත්තං නිසඳැසක්) ලියලා ඉවරවෙනකොට හරියටම ග‍මනෙන් බාගයක් ඉවරයි. ඊළඟ කවිය ලියලා ඉවරවෙනකොට බහින තැනටමත් නොදැනීම ඇවිල්ලා. ෂහ්. බස්සෙකේ යන ගමන් කවි ලියන එකෙත් සිරාම ආතල් එකක් තියෙනවා!

අර්ධ්‍යාසත්‍යගත කරන ලද ආදර සංක්ෂිප්තය

ඔන්න එක දවසක්

පාන්දර පන්තියක්

ගියේ මම පාන්දර,

අල්ලගන්නට තැනක්.

හිටියා බලාගෙන,

එනකන් අනිත් එවුනුත්.

පන්ති‍යේ ‍‍ද්වාරයෙන්,

දිටී මම සඳවතක්

අහම්බෙන්,

හදවතද ගොළු විය,

කාලයද ලත් තැනම ලොප් විය.

අනේ මම බැලුවා,

“හඳ කොහොමද මෙතෙන්ට ආවේ?”

වුනා මහ වෙනසක්,

නුදුටුවෙමි අන් කිසිදු වතක් සත්සර හදක්.

අපි දෙන්නා පරස්පරයි,

ඇත්තටම “සාපේක්ෂව වෙනස්!”

පුලුවන්ද මිනිහෙක්ට

කරන්නට ආදරය තවමත් නොහඳුනන ලස්සන ගෑනු ළමයෙක්ට?

කුමරා කුමරි‍යගේ

හඳවත නොහැඳිනී…

ආලයෙන් අඳ වුනී…

මෙය නොදත් කුමරිය,

කීවේ ඇගේ සහපිරිවරට

“මූ නං පොඩි එකෙක් වගේ”

අහෝ එක උදයක්,

ආවේ ෆේස්බුක් හසුනක්,

කුමරියට නොකරනු කරදරයක්.

රජුන්ගෙන් පණිවිඩයක්!

ඇය රාජසන්තකය,

කුමරුන්ට ඇගේ සෙනෙහස නොලද හැක.

කුමරිය රජ සතු විය

කුමරාට කෙල විය

පායයි සැමදාම පංතියට පුන්සඳ,

ඒත් ඇයි අද අමාවක?

හරි අපූරු ‍නුගේගොඩ

එකමත් එක රටක,

එකමත් එක උදයක,

ගොඩබැස්සෙමි මමත්,

එකමත් එක නුගේගොඩකට

අරුම පුදුම නගරයකි නුගේගොඩ

ආධුනික පෙම්වතුන් මුනගැසෙන

අරුම පුදුම හන්දියකි,

හන්දිය නුගේගොඩ

උස මිනිස්සු

කොට මිනිස්සු

අත පය හතර ඇති මිනිස්සු

අත පත නැති මිනිස්සු

අන්ධ මිනිස්සු

අන්ධ වගේ ඉන්න මිනිස්සු

හදවතක් ඇති මිනිස්සු

හදවතක් නැති මිනිස්සු

අත දිගුකර රුපියල් සත ඉල්ලන මිනිස්සු

විරිඳු පද බෙදන හරි අපූරු කලාකාමී මිනිස්සු

ළඟම ඇති කේ ඇෆ් සියෙන් කන්න පෙරුම් පුරන මිනිස්සු

බත් කඩ දැක දැකත්,

කන්න පින නැති අසරණ මිනිස්සු.

මිනිස්සු වෙන්න ඉන්න,

පුංචි පහේ මිනිස්සු.

ලස්සන ප්‍රාණියෝ

දැක්කෙමි තරුණ ජෝඩුවක්,

බත් පැකට් අරගෙන

බෙදන අර මිනිසුන්ට.

අන්න හොඳ ලස්සන මිනිස්සු!

එක එක විදිහේ හරි අපූරු මිනිස්සු.

හරිම ලස්සන නගරයකි නුගේගොඩ

ඇයි වියදම් කරන්නෙ යන්න දෙහිවල?

එන්න මේ නුගේගොඩ…

හරි අපූරු ‍නුගේගොඩ