සුදාරකගේ අන්තර්ජාල සටහන » උසස් පෙළ

3 IDIOTS | DON’T BE STUPID! BE AN IDIOT!
මේක සෑහෙන්න කලින් ලියන්න හිටපු ලිපියක්. ඒ වුනාට දැන් වුනත් ඒ ලියමනට ප්‍රමාද නැහැ කියලයි හිතුනෙ. මතකයට නැගෙන විශේෂ දවසක් වුන ඒ දවසෙ වි‍ශේෂ සිද්ධියකින් පස්සෙ මමත්, තවත් අපේ ගැන්සියේ කිහිපදෙනෙක් එකට ‍එකතු වුනේ චිත්‍රපටියක් බලන්න යන්න. සාමාන්‍යපෙළ විභාගය ලියපු අන්තිම දවසෙ රබ් නේ බනා ඩි ජෝඩී චිත්‍රපටිය බලන්න එකතුවුන අපේ නේවාසිකාගාරයේ ගැන්සිය තවමත් තැන තැන චිත්‍රපටි බලන්න තැන තැන එකතුවෙනව. මේකත් ඒ ‍වගේ අවස්ථාවක්.

චිත්‍රපටිය බලන්න යනකොට මැජෙස්ටික් සිටි ‍සිනෙමා එකට සෑහෙන්න පෝලිමක්. චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කරල සැලකිය යුතු සෑහෙන්න කාලයක් ඒ වෙනකොට ගතවෙලා තිබුනත්, තවම චිත්‍රපටියෙ උණුසුම නොගිහින් තිබීම පිළිබඳව අපට දැනුනෙ පුදුමයක්. සෑහෙන්න වෙලාවක් පෝලිමේ රැඳුන අපි, අන්තිමේ තදබදය අස්සෙ ඇතුළට ගියේ චිත්‍රපටිය බැලීමේ පුදුම ආශාවකින්.

අමීර් ඛාන් නළුවෙක් විදිහට අපේ ජීවිත වලට සෑහෙන්න බලපෑම් කරපු කෙනෙක්. ඒක හරි පුදුමාකාර දෙයක්. චිත්‍රපටි වලට සෑහෙන්න ‍ලොකු බලපෑමක් මිනිස් ජීවිත වලට කරන්න පුලුවන්. සිතිවිලි ආකල්ප වෙනස් කිරීමේ හැකියාවක් අපිට තියේනම්, අපිට සෑහෙන්න වෙනසකට මුල පුරන්න පුළුවනි. වෙනසක් තමයි වැදගත්. අමීර් ඛාන් දිහා ආපස්සට හැරිල බැලුවොත්, අමීර් ඛාන්ගෙ රංගනය ඉදිරිපත් වුන මෑත චිත්‍රපටි පෙළගැස්ම සැලකිල්ලට අරගත්තොත්, පිළිවෙලින් මංගල් පාණ්ඩේ, ‍රංග්දෙ බසන්තී, ෆනා, තාරේ සමීන් පර්, ගජිනි. මේ චිත්‍රපටි අතරින් නැවත නිෂ්පාදනයක් වෙන ගජිනි චිත්‍රපටිය මඳකට අත්ඇරියොත් ඉතිරි හැම චිත්‍රපටියකම කතා තේමාවන් අති‍ශයෙන්ම සුවිශේෂීයි. ඒ අතරෙන් රං‍ග්දේ බසන්තී චිත්‍රපටිය සුවිශේෂයි. ගජිනි චිත්‍රපටිය ගත්තොත් චිත්‍රපටියේ කූටප්‍රාප්ති දර්ශනය එහෙම නැතිනම් climax එක, අමීර් ඛාන්ගේම රචනයක්. ඒක දමිළ චිත්‍රපටියට වඩා වෙනස්.

‍‍අමීර් ඛාන් ගැන අතිරේක විස්තරයක් ගෙනාවෙ චිත්‍රපටියට ඇතුළත්වෙන්න පාර හදාගෙන. කලින් රඟපෑම්වල අපූර්වත්වය දන්න නිසාම. අමීර් ඛාන්ගේ චිත්‍රපටියක් අතඅරිනවා බොරු! ඒකයි ආයෙමත් සැරයක් චිත්‍රපටිය බලන්න ගියෙත්!

වැඩවසම් ක්‍රමයයි, වර්තමාන ක්‍රමයයි අතර වෙනසක් නැහැ කියල තේරුම්ගියෙත් ‍මේ චිත්‍රපටිය බලලම තමයි. ඒක සංකීර්ණ කතාවක්. කෙටියෙන් කිව්වොත්… වැඩවසම් ක්‍රමය ඇතුළෙ කෙනෙක්ගෙ උපතින් කෙනෙකුගේ කුලය තීරණය වුනා. රැකියාව කුලය මත පදනම් වීම නිසා, කෙනෙක් කරන්නෙ තමන්ට කරන්න තියෙන දේ මිස, තමන්ට ඕනෙ දේ නොවෙයි. අලුත් ක්‍රමයත් වැඩවසම් ක්‍රමයට අලුත් ඇඳුම් ඇන්දවීමක් විතරයි. ඒක ටිකක් වැඩවසම් ක්‍රමයට වඩා සංකීර්ණයි. උපතින් මඟපෙන්වන්නෙ ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න විතරයි. ඒක ලංකාවෙ විතරක් නෙවෙයි. තවත් තැන් වල එහෙමමයි. ඒ අතින් බැලුවාම ඒක තමයි හැමදාටම ගැලපෙන ඇත්ත. ඒක ගැනයි අපි මෙච්චර වදවෙන්නෙ. නිව්ටන්ගෙ තියරි වගේ, ලෝකය කැරකෙන්නෙ අපිට තේරෙන්නෙ නැති ක්‍රමයක්, සිස්ටම් එකක් ඇතුළෙ. ඉතින් එහෙව් එකේ ‍ඒක වෙනස් කරන්න වෙරදරන කාලය හිත සතුටින් ජීවත් වීම, ක්‍රමය වෙනස් වීම නිසා සිහින කඩාගෙන බිම ඇදවැටීමෙන් ඇතිවන සමාජ කලකිරීමට වඩා හොඳයි කියලයි එක වෙලාවකට හිතෙන්නෙ.

කතා කරන්න පටන්ගත්තෙ ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටය ගැන. තමන්ගෙ ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරගන්න ඉංජි‍නේරු පීඨයට එන දෙන්නෙකුට. අපූරු කාමර සගයෙක් හම්බවෙනව. ඒ රැන්චෝ. යාලුවෝ දෙන්නාගෙ නම් කිව්වොත්, එක්කෙනෙක් ෆර්හාන් කුරේෂි. අනිත් කෙනා රාජු රස්තෝගි. මේ තුන්දෙනාගෙ චරිත වලට පණ පොවන්නෙ රංග්දේ බසන්ති චිත්‍රපටියෙදි මුනගැහුන යාළුවෝම තමයි. ඒ අමීර් ඛාන්, මාධවන් ‍වගේම ෂර්මන් ජෝෂි. තිරයෙ විවේක කාලයෙන් පස්සෙ ඇඟටයි හිතටයි දැනෙන්නෙ කම්පනයක්! ඒ කම්පනය දැනෙන්න නම් චිත්‍රපටිය බලන්නම ඕනෙ.

චිත්‍රපටය බොලිවුඩ් විලාසිතාවේම චිත්‍රපටයක් වුනත්, ඇතුළෙන් අපට නොදැනී ගලාගෙන යන කතාව විශ්වීයයි. සමහර වෙලාවට අපි හිනාවුනේ අපි අපිටම. අපි හිනාවුනේ නවකවදයට වෙන්න පුලුවන්. අපි හිනාවුනේ මොකක්හරි රඟපෑමකට වෙන්න පුලුවන්. ඒත් ඒ හිනාවුනේ අපි අපිටමයි.

චිත්‍රපටියෙ තියෙන්නෙ හිනාව විතරක් නෙවෙයි. කටේ හිනාව පුරවගෙන ඉදිද්දි එකපාරටම මුළු හිනාවම අපෙන් ඈතට අයින් කරල අපි හිනාවුනේ අපිටම කියල පෙන්නනව. කවදාවත් ප්‍රශ්න වලින් පැනල යන්න එපා. All Is Well කියල  හිතාගන්න. තමන්ගෙ හදවතට ඒක දැනෙන්න දෙන්න. එතකොට හැමදේම හරියාවි.

‍මේ චිත්‍රපටිය අපි විතරක් බලල ‍තේරුමක් නැහැ. අපෙ අම්මල තාත්තලාට මේව පෙන්නන්න ඕනෙ. ඒත් ඒ අයට කෝ මේව බලන්න වෙලාවක්?

මේ තියෙන්නෙ 3 IDIOTS චිත්‍රපටයේ වීඩියෝ කිහිපයක්. වෙබ් පිටුව මත පෙන්වීමේ හැකියාව නම් නැතිකරල. ඒක නිසා ගිහිල්ලම බලන්න වෙනව. බැලුවා කියල පාඩුවක් නම් නෑ!

http://www.youtube.com/watch?v=fwIApTFkoTM

http://www.youtube.com/watch?v=xvszmNXdM4w

http://www.youtube.com/watch?v=l_VTCNj1gCA

http://www.youtube.com/watch?v=W0grklxp0ew

http://www.youtube.com/watch?v=wXxOJpMLekY

http://www.youtube.com/watch?v=29Jtj4w9nvY

http://www.youtube.com/watch?v=lOF7X8o-P_o

http://www.youtube.com/watch?v=7xcsKvChNxw

තවත් වීඩියෝ මෙතැන තියෙනවා – http://www.youtube.com/user/3idiots

ජීවිතය, ආදරය, මිත්‍රත්වය, දෙමව්පිය දූදරු බැඳීම්, වගකීම් ගැන නිදහසේ කතාකරන මේ චිත්‍රපටිය කවදාවත් මඟහරින්න එපා. තියෙන තැනක් ‍හොයාගෙන බලන්න යන්න අද හෙටම.

ජීවිතය තනිකරම රේස් එකක්. දුවන්න, ඒත් හති වැටිලා නතර වෙන්න නම් එපා!

2010 පෙර…
අනේමන්ද…

අවුරුද්දක් ඉවරයි…

පුදුම තෙහෙට්ටුයි…

අලුත් අවුරුද්දක්…

අලුත් බලාපොරොත්තු…

පරණ දේවල් අමතක කරල…

හොඳ දේවල් අරගෙන…

අලුත් අවුරුද්දට යන්න…

අපි…

උත්සාහ කරනව…

මේ අවුරුද්ද ඉවරවෙන්න තියෙන්නෙ තව දවස් කිහිපයක් විතරයි. පුදුමයි. කැලැන්ඩරයේ පිටු ගැලවෙන වේගය අදහාගන්නත් බැරි තරම්. ඇදැහුවත්… නැතත්… අපිට කාලය එක්ක ලොකු සටනක්. ලබන අවුරුද්ද කොච්චර අභියෝගාත්මක අවුරුද්දක්ද? තව අවුරුදු එකහමාරකට පස්සෙ උසස් පෙළ. ඊට පස්සෙ තව තවත්…

මං හිතන්නෙ ලබන අවුරුද්දත්, එහෙ බලල මෙහෙ බලනකොට ඉවරවෙයි. කොහොමවුනත්, මම මේ අවුරුද්ද දාලා යන්න අකමැති තරම් මේ අවුරුද්දට ආදරෙයි. පස්සෙන් පස්සට මමම මේ බ්ලොග් සටහනේ ලියල තිබුන දේවල් කියවගෙන ගියාම… මේ මමම නේද කියල හිතුනම ඇතිවෙන්නෙ පුදුම සතුටක්. හැමදාම කියනව වගේ ජීවිතේට පුදුමාකාර තරම් වෙනස්කම් එකතු කරගන්න පුලුවන් වුන අවුරුද්දක් තමයි 2009. 2009 වගේම 2010 අවුරුද්දත්… ජීවිතේට වටිනාකම් එකතු කරාවි. හැමෝටම එහෙමයි. ජීවිතයට වටිනාකම් එකතු කරන්නෙ කාලය..

ඉතින්… කාලයේ ජීවත් වෙමු.

මේ අවුරුද්ද ගැන ආපහු හැරිල බැලුවොත් පුදුමාකාරයෙන් සතුටු වෙන්න පුලුවන් අවුරුද්දක්. සමහර කළු පැල්ලම් නැතුවා නෙවෙයි. ඒත් ‍ඒ සේරම මැකිල යන්න පුලුවන් තරම් වටින අත්දැකීම් ගොඩක් එකතු කරගන්න ලැබුන අවුරුද්දක්.

මේ අවුරුද්දෙ මුල ඉඳලාම උසස් පෙළට අනුගත වීම, විෂයන් තෝරාගැනීම, පොත් කියැවීම, ව්‍යාපෘති වලට සම්බන්ධ වීම, ආදරය, මිත්‍රත්වය, සාහිත්‍ය, ආකල්ප…

ඔහොම කියාගෙන ගියොත්… ඉවරයක් නැති තරම් දේවල්…

පුදුමයි!

මේ මම, මමමද කියල…

මේ පහළින් තියෙන්නෙ අපි කරපු කලා උළෙලේ මගේ හිතට අහුවුන වීඩියෝ කිහිපයක්. අන්තිම එක නම් ඉතින් පොඩි ඇඩ් එකක්. පොඩි සෙල්ෆ් ප්‍රමෝෂන් එකක්. ඒ කිව්වෙ මේ පොඩි ඇඩ් එකක්…   කලා උළෙලේ සිදුවීම් ටිකත් මේකත් එක්කම ලියල දාන්න හිතෙනව. කලා උළෙල සංවිධානය වුනේ විභාගයක් අස්සෙ. ඉතින් ඒක විභාගයකට දරුණු විදිහට බලපෑවා කියන්න ලැජ්ජ වෙන්නෙ නැහැ. ඊළඟ විභාගය හොඳින් කරගෙන උසස් පෙළට මුහුනදෙන එක තමයි දැන් බලාපොරොත්තුව. ඇත්තම කිව්වොත් කලා උළෙලේදි අඳින්න වෙන්නෙ සරමක් කියල මතක් වුනේ ඇඳුම දැක්කාට පස්සෙ. ඕක ගැටගහගන්න ඒ වෙලාවෙ ළඟ පාත කිසිම දෙයක් තිබුනෙ නැත්තෙ එදාට කලින් දවසෙ රෑ නයිට ගැහුවෙ ඉස්කෝලෙ ඉඳගෙන නිසා. අන්තිමට ඇත්තම කිව්වොත්, සරම ඉනට තදකරල ගැටගහගෙන හිටියෙ මගේ ෆෝන් එකේ හෙඩ් සෙට් එකෙන්! අපරාදෙ කියන්න බෑ… ඊට පස්සෙ හෙඩ් සෙට් එක දැක්කෙ නෑ ඇහැට… අන්න එහෙමයි හෙඩ් සෙට් එකෙන් ලජ්ජාව වහගත්තෙ. කොච්චර කලා උළෙල ගැන හිත හිත හිටියා කියනවානම්…ඒ වෙලාවෙ කකුලෙ නියපොතු වැවිලා තිබුන දිග දැක්කාම මට සිහිනැතිවෙන තරම්… නියපොතු කාට හරි වැදුනානම් ඔය යන එන අස්සෙ, මෙලකට ඒ වැදුන කෙනා තාම හොස්පිටල්!

සම්පූර්ණ කලා උළෙල මෙතනින් මෙහෙම වීඩියෝ එකින් එක බලන්න පුලුවන්.

මේ තියෙන්නෙ මම කලා උළෙලේ සිත්ගත්ම අංගය. ඒක මට විතරක් නෙවෙයි. ගොඩක් දෙනෙක්ට එහෙමයි… මේකට සම්පූර්ණයෙන්ම ස්තූති කරන්න ඕනෙ අපේ විද්‍යාලයේ සංගීත භාර ආචාර්ය අශෝක පුෂ්පකුමාර ගුරුතුමා ඇතුළු වාද්‍ය වෘන්දයටයි. මේක ඇත්තටම මාරයි!

ඊළඟට අවසාන වශයෙන් ඔක්කොම ඉවර කරල මට තමයි ස්තූති කතාව කරන්න වුනේ. ස්තූති කතාවක් කරන්න ඕනෙ කියල මතක් වුනේ එදා උදේ. ඉතින් කතාවක් ලියල හදාගන්න හැදුව හැදුව හරිගියේ නැහැ. අන්තිමට ඒ වෙලාවට හිතෙන විදිහට ස්තූති කතාව හිතේ ලියාගෙන ගිහිල්ල හිතේ හැටියට කියල නතර කළා… සමහර නම් අමතක වෙන්නත් ඇති. ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිනවා…

ඉතින් අසෙනිය කුසුමත් එක්ක කොහොම කො‍හොමහරි එකතු වුන හැම දෙනාටම ස්තූතියි…

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

අපේ ආකල්ප හොඳ මට්ටමකට අරගෙන එන්න පුලුවන් වුනොත්… ඊළඟ අවුරුද්ද අපිට ජයග්‍රාහී අවුරුද්දක් කරගන්න පුලුවන් වේවි. මොනතරම් සමාජය, දේශපාලනය, ආර්ථිකය පහළටම ඇදගෙන වැටිල තිබුනත්… අපි පුද්ගලික වශයෙන් හරි ආකල්ප වෙනසකින් ඉදිරියට ගියොත් අපිට, අපි හැමෝටම දිනාගන්න බැරි වෙන එකක් නැහැ!

අපොයි!

මට අමතක වීමේ ලොකූ ලෙඩක් තියෙනවා කියලයි හිතන්නෙ. මට අමතක වුන ලොකූ දෙයක් තියෙනව… ඒ තමයි පසුගිය 19වෙනි සෙනසුරාදා පැවැත්වුන සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව. ඒක ගැන මෙතන විස්තර කරන්න යන එක දැන් ප්‍රමාද වැඩියි. ඒ ගැන දැන් හැමදෙනාම දන්නව. එදා හමුවෙලා මට මගේ ඉදිරිගමන වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් උපදෙස් දුන්න හැමදෙනාටම බොහොම ස්තූතියි. ඒ උපදෙස් බොහොම වැදගත්…

ඉතින් ඔන්න ආයෙමත්,

ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා!

ආයි ආයි ආපි ඔන්න නිවාඩු කාලේ!
අද දෙසැම්බර් නව වෙනිදා.

හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්.

නිකං පියාඹනව වගේ…

පිස්සු!

හිතේ තියෙන සැහැල්ලුව නැතිවෙලා හුඟක් කල්. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි උසස් පෙළ නිසා. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැමදේම උසස් පෙළට බැර කරන්න බෑ තමයි. ඒ වුනාට ඉතින් ඒකෙන් ගොඩ ගියේ නැතිවුනොත් ඉතින් (ලංකාව ඇතුළෙ) ජීවිතේ විනාසයි!

මේ දවස්වල කට්ටිය උසස් පෙළට පන්ති යන නිසා මටත් ඇතුළුව මේ නිවාඩුවෙන් ඇති කිසිම නිදහසක් නැහැ. පන්තිය පැවැත්වෙන්නෙ සතියකට දවසකට වුනත්, ‍මැත්ස්, කෙමිස්ට්‍රි, පිසික්ස් පන්ති තුන නිසා දවස් තුනක් ඉවරයි සතියෙන්. එතකොට සමහර පන්ති උදේ 8ට පටන්ගත්තාම ඉවරවෙන්නෙ රෑ 7ට 8ට. ඉතින් කොහෙන්ද ජීවිතයක්. ගිහිල්ල වාඩිවෙලා සර්ගේ (ලස්සන) මූන දිහා බලාගෙන භාවනා කරන්නා වගේ ඉඳගෙන වාඩි වෙලා 90%ක් දෙනා ඉගෙනගන්නව. ගණන් හදනව. ඉතින් ආයෙමත් ගෙදර ආපු වෙලාවෙ ඉඳල ආයෙමත් වැ‍ඩ. ටියුට් පොත් මිටි ගණන්! MCQ, ව්‍යුහගත රචනා, ඉරි ගහන්න, ප්‍රස්ථාර අඳින්න…

ෂහ්!

මැත්ස්, කෙමිස්ට්‍රි, පිසික්ස්, සාහිත්‍ය, කිරුළ, ජීවිතය, ආදරය…

මේ හැමදේම බැලන්ස් කරගන්නෙ කොහොමද?

අඩුගානෙ අර ශක්තිජනක පානයවත් බොන්න වෙලාවක් තියෙනවාද?

ඉතින් ‍මේක අපේ ෆේස්බුක් මිතුරු සොහොයුරියක් කිව්වෙ කරන්න ‍තියෙන දේවල් ගැන ප්‍රමුඛතා ලැයිස්තුවක් හදාගන්න කියලයි. ඉතින් මම හදාගත්ත.

මැත්ස්

කෙමිස්ට්‍රි

පිසික්ස්,

සාහිත්‍ය

කිරුළ

ආදරේ

ජීවිතේ

ෂහ්!

මේක නං මරු (ශිෂ්‍ය) ජීවිතයක් ඕයි!

ජීවි‍තේ… ජීවි‍තේ… ‍ජීවි‍තේ…
ජීවිතේ හරි පුදුමයි කියන්නෙ නිකමට නෙවෙයි.

අද දෙසැම්බර් පළවෙනිද. උඳුවප් පෝය දවස.

කලා උළෙලකුත් කරල හති ඇර ඇර ඉන්න කියාපු දවස.

කොහෙද,

ගෙදරින් කෑ ගහනව පාඩං කරපං කියල…

ගෙදරින් කියන්නෙ,

පුතේ කලා උළෙල නං හොඳයි…

දැං ඉතින් තමන්ට වැඩක් කරගනිං කියල.

මේක මට විතරක් නෙවෙයි.

අපේ හැමෝටම අහගන්න ලැබුන දෙයක්.

හ්ම්…

ඔන්න ඔහොම තමයි ජීවි‍තේ. මේ දවස්වල හති අරිනව. ඒත් හති අරින්නෙ බාගෙට. සම්පූර්ණයෙන් හති ඇරල ඉවරකරන්න වෙන්නෙ 2011 අවුරුද්දෙ තමයි. තවත් අවුරුදු එකහමාරක් විතර වගේ තිබුනාට මේ යන වේගෙට එහෙ බලල මෙහෙ බලනකොට ඔය දවස් ටික වාෂ්ප වෙලා තියේවි. කැලැන්ඩරේ පිටු ගැලවෙනකොට දැනෙන්නෙ දුකක්. 2009 අතඇරල යන්න බෑ වගේ. මොනව කරන්නද? අපිට කාලය වෙනස් කරන්න බෑ. කාලයත් එක්ක අපි වෙනස් වෙන එක තමයි වැදගත්. ලියන්න කියන්න ගොඩක් දේවල් තිබුනාට ‍දැන් ලියවෙන්නෙ නෑ. මේ දවස්වල එළියෙ පහළියෙ කතාකරන්න නම් ගොඩක් මාතෘකා. හැබැයි මම දැන් ඒ දේවල් කතා කරන්න කැමති නෑ. ඒ තරමටම ඒ දේවල් එපා වෙලා. මේ ‍මොනව ගැනද කියල ආයෙ අමුතුවෙන් කියන්න අවශ්‍යතාවක් නැහැ. කතා කරන්න එපා වෙලා තියෙන්නෙ මේ රට යන අත ගැන. රට යන අත බලාගෙන ඉන්නෙ නැතුව. අඩුගානෙ තමන් යන අතවත් හරියට හදාගන්න උත්සාහ කරන්න වෙන කාලයක් මේක. හැබැයි ලැබෙන හැම වෙලාවකම එක්කෙනෙක්ගෙ හරි ආකල්ප හොඳ අතකට වෙනස් කරන්න ලැබෙනවානං ඒක නොකර ඉන්නෙ නැහැ.

මේ දවස්වල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලානෙ. මට නම් ප්‍රතිඵල ගැන වැඩිය දෙයක් දැනගන්න ලැබුනෙ නැහැ. මොකද මේ කලා උළෙලකට හිර වෙලානෙ. මොනව වුනත් ඒක නිසා මේ අපේ ගෙදර අයත් කම්පනයට පත් වෙලා වගෙයි පේන්නෙ. කෙනෙක්ට උසස් පෙළ නැතිවුනත්. දියුණුවෙන්න තමන්ගෙම මාර්ග නිර්මාණය කරගන්න පුලුවන් වුනත්, ඕ‍නකෙනෙක් උසස් පෙළ දකින්නෙ තමන්ව දියුණුවට ගෙනයන්න පුලුවන් ‍ෂෝට්කට් එකක් විදිහට. ඒකෙ ඇති වරදක් නැහැ. අපේ අයට තියෙන්නෙ හොඳ තෝරාගැනීම් දෙකයි. එක්කො මෙඩිසින්. නැතිනම් ඉංජිනියරින්. කොහොමහරි මම මේ කලා උළෙල කරද්දි මුනගැහුන අයගෙ සමහර රැකියා දැකල පුදුමයෙන් පුදුමයට පත් වුනා. තමන් තමන්ගෙ රැකියාව ගැන උපරිමයෙන් තෘප්තියෙන් ඉන්නවා වගේම. හරිම නිදහස් සහ උපරිම ඉපැයීම් (මාසයකට ලක්ෂය ඉක්මවා යන) රැකියා. ඒ අය ඒ රැකියාවලට යොමු වෙලා තියෙන්නෙ අපේ සම්මත අධ්‍යාපන විභාග ප්‍රතිඵලත් නැතිවයි! මට ඉතින් ඒවා කරන්න අවශ්‍ය නැහැ. මම බැලුවෙ ඒ රැකියා ගැන…

සාහිත්‍ය ඒකකයේ සභාපතිකම ගන්නත් ඉල්ලීමක් තියෙනව. ඒ අතරෙ කිරුළ සඟරාවටත් පුංචි පහේ දායකත්වයක් දක්වන්නත් හිතෙනව. මේ පාරනම් අධ්‍යාපන කටයුතු බාධා නොකරගන්න දැඩි විශ්වාසයක් තියෙනව. ආයෙමත් අපේ බාසාවෙන් කිව්වොත් වල නම් බහින්නෑ. වෙලාව කළමණාකරණය කරගෙන. කට්ටියත් එක්ක එකතුවෙලා. කලා කටයුතු හිමින් සීරුවෙ දියත් කරනව. එහෙමයි මගේ බලාපොරොත්තුව.

ඔය අතරමඟ පුංචි ආදර කතාවකුත් තියෙනව. ඒවා නං ඉතින් රාජ්‍ය රහස්!

හිතට වද දෙන දැවෙන ප්‍රශ්නය…
බඩු මිල ඉහළයාම ද?

ම්හු…

කෙල්ලක් ද?

නැහ්…

ලව් සීන් එකක් ද?

නෑ… නෑ… බං! එහෙම එකක් නෙවෙයි…

එහෙනං මොන රෙද්දක්ද බං?

ඒක මේ වචනයකින් දෙකකින් විස්තර කරන්න පුළුවං කාරණයක් ‍නෙවෙයි බං,

මං මේ කල්පනා කලේ මං සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලාම හිතට ආපු ප්‍රශ්නයක් ගැන. සාමාන්‍ය පෙළ කරායින් පස්සේ උසස් පෙළට මොන විෂය ධාරාවක් යටතේ ඉඳගෙනද අධ්‍යාපනේ කරගන්න ඕනේ කියලා හිතාගන්න බැරිවයි මං හි‍ටියේ. වෙලාවකට කලාව කරන්නත්. තව වෙලාවකට ගණිතය කරන්නත් අවශ්‍යයි කියලා ම‍ගේ මොලේ මටම එරෙහිව දෙකට බෙදිලා වාද විවාද කරගත්තු එකෙන් මට වුන සෙතක් නැහැ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල “හොඳ යැයි” පිළිගන්නා මට්ටමක තිබීම නිසා සමාජය විසින් ඇතිකරපු විද්‍යාව හැදෑරවී‍‍මේ බලපෑම සහ මොලේ එක පැත්තක් කරපු බලපෑමත් දෙක එකට එකතු වෙලා මගේම අර්ධයකට එරෙහිවුනා වගේ හැඟීමක් තමයි මට නං දැන් දැනෙන්නේ. ආසාව තියෙන්නේ කලාව කිරීමත්. කලා පංතිය තමයි ගැලපෙනම නිවහන කියලා දැං විතරක් නෙවෙයි විටින් විට හිතට ගෙනාවේ මගේ අනික් අර්ධය. ශිෂ්‍යත්වය සැලකිය යුතු මට්ටමකින් සමත් වීමත්, සාමාන්‍ය පෙළත් කරුමයකට හෝ සමත් වීමත් තමා විද්‍යාව කළ යුතුයැයි හැඟීමක් මගේ අනිත් අර්ධය කරන බලපෑමත් තාමත් එහෙම…

හැබැයි, මේ වෙනකොට ඒ මගේ අනිත් බාගෙ. එහෙමත් නැත්තං ගණිත බාගෙත් තාර්කිකව මට කියනවා කලාව අංශයෙන් ඉගෙනීම හොඳ බවක්. ඒත් දැං කාලය සැලකිය යුතු මට්ටමකින් ප්‍රමාද වී තිබීමත්, පාසලේ ගුරුවරුං මං ගැන මොනවා හිතයිද කියලත්, එහෙම මාරු වෙන්න ආපහු ගියොත් අහගන්න වෙන බැනුම් කන්දරාව ගැනත් ලොකු ගැටලුවක් මගේ ඔලුවේ දැං තියෙනවා.

නවකතාවක් ලියන්නත්, කවිකතාවක් ලියන්නත්, අලුත් දෙයක් ඉගෙනගන්න මට්ටමකට හිත ‍නිදහස් නොවීමත් කියන කාරණා මට දැං බලපෑම් එල්ල කරනවා කලාව කරන්න ඕනෑයි කියලා.

වෙනස් දෙයක් කරන්න අවශ්‍ය කරන වෙලාව ගණිත-විද්‍යා අධ්‍යයනට යොමු කරන්න වීම ගැන ලොකු ප්‍රශ්නයක් දැං තියෙන්නේ.  විද්‍යාව ‍කිරීමෙන් ඇති නොවන සෙතක් කලාව අධ්‍යනයෙන් ලැබේ යැයි මට දැං හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒත්, තියෙන ලොකුම අවුල විෂය ධාරාව මාරු කිරීම.

මං පළවෙනි වාරය පටන්ගත්තාම ගෙදර කැමැත්තත් ඇතිව ඉස්කෝලෙට ගිහිල්ලා කලාව කරන්න ඉල්ලුවාම ලොකු ගැටලු වලට මුහුන දෙන්න සිද්දවුනා. කලා කිරීමට මාරු වෙන්නේ ඇයිදැයි අහපු ගුරුවරයෙක්ට ඇයි කලාව කරන්නේ කියලා, කියලා ඉවරවෙලා අනිත් පැත්ත හැරිලා යද්දී…

“එහෙනං ඉතින් දෙයියන්ගේම පිහිටයි” කියලා තමා ළඟ උන්නු අනිත් ගුරුවරයාට කියලා කියනවාත් මං අහගෙන. ජනමාධ්‍යකරණය හැදෑරිය යුතුයි කියලා අදහසකින් ගියත්, ජනමාධ්‍යකරණය නොමැති වීම කියන ප්‍රශ්නය උඩ ආපහු දවස් දෙකක් ඇතුළත ගණිත අංශයට මාරු වීමට තීරණයක් ගත්තා. ඒකෙදිත් නොසෑහෙන්න අහගත්තා… ඒක ජීවිතයේ ගත්ත ලොකු තීරණයක් කියලා තේරෙන්නේ දැං.

මට කලා කරන්න අවශ්‍ය මේකයි,

නවකතා කෙටිකතා රචනයට වගේම සාහිත්‍යකරණ‍ය පිවිසීමට ඇති අවශ්‍යතාව නිසා

අලුත් දේ ඉගෙනීමට කාලය ලබාගැනීමට තියෙන අවශ්‍යතාව නිසා

ඊට පස්සේ කැළණිය, හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නත්.

අවසාන වශයෙන් ජනමාධ්‍යකරණය හා සම්බන්ධ තෘප්තිමත් වගේම නිදහස් වෘත්තියකට යොමුවීමට අවශ්‍ය නිසා.

එතකොට ඉස්කෝලේ ජනමාධ්‍යකරණය විෂය ‍නැතිවුන නිසා ගණිතය තෝරාගත්තේ…

ගණිතය අංශයෙන් උසස්‍ පෙළ සමත් වෙලා. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පැත්තෙන් හදාරලා ජනමාධ්‍යලට පිවිසෙන්න…

ඒ වුනාට. ගණිතය කරනවාට වඩා කලාව කිරීම මට අවශ්‍ය ශ්‍රාස්ත්‍රීය හැදියාව නිර්මාණය කරන නිසා මෙතන කලාව පැත්තෙන් යාම තමයි වැදගත්…

ඉතින් මාස ගාණක් ගියත්. මේක මට විසඳුමක් නැති දැවෙන ප්‍රශ්නයක්. ඒක දැවෙන ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැටියට ඇලෙව්වොත් ඇලෙව්වාමයි වගේ තෝරගත්තොත් තෝරගත්තාමයි වගේ “නිදහස්” අධ්‍යාපන ක්‍රමයක් තියෙන නිසා. ඉතින් ක්‍රමේට බැන බැන හූල්ල හූල්ල තමයි මටනං ඉන්න වෙලා තියෙන්නේ…

සටහනට තවත් විශේෂ, සුවිශේෂ යාවත්කාලීන කිරීමක් එකතු කරන්න හිතුනා. ඒ, මේ ලිපි‍යේ අන්තිමට. සෝමලතා සුබසිංහ මහත්මියගේ, විකෘති වේදිකා නාට්‍යයෙන් සිත් ඇදගන්නා සුළු, රැඩිකල් සිංදුවක් එකතු කරන්න. මේ තියෙන්නේ ඒ සින්දුව.

විභාගෙ විභාගෙ

එහෙ බැලුවත් විභාගෙ

මෙහෙ බැලුවත් විභාගෙ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභාගෙ විභාගෙ

එහෙ බැලුවත් විභාගෙ

මෙහෙ බැලුවත් විභාගෙ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභා…ගේ තමයි අපේ අභාගේ

විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩක‍ට

විහිළුවකට හිනාවකට විනෝදෙකට වෙන වැඩක‍ට

නෑ… වෙලා…ව විභා…ගේ…

නෑ… වෙලා…ව විභා…ගේ…

එකේ ඉඳන් දොළහ දක්වා දක්ව

ලොකු පොඩි හැම පන්තියකම

ඇතෙක් බරට විභාගෙ

ඇතෙක් බරට විභාගෙ

ඉරක් හඳක් ගහක් කොලක්

මනුස්සයෙක් පේන්නෙ නෑ

ඔහු සැපදුක අහන්නෙ නෑ

කන්න බොන්නෙ අඳින්නෙ නෑ

විභා…ගේ…

අම්ම තාත්ත අයිය අක්ක නංගි මල්ලි විතරක් යැ

නැන්ද මාමා බාප්ප මහප්ප

යාළුවො යෙහෙලියො අහල-පහල අය

යාළුවො යෙහෙලියො අහල-පහල අය

කොහොමද ළමයෝ… විභාගේ…?

තව සුමානෙකින් ප්‍රතිඵල එයි…

කොහොමද විභාගෙ ප්‍රතිඵල?

ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල

බස්සෙකෙ කොච්චියෙ පාරෙ තොටේ…

යන එන හැමතැන කොහොමද ප්‍රතිඵල…

බස්සෙකෙ කොච්චියෙ පාරෙ තොටේ…

යන එන හැමතැන කොහොමද ප්‍රතිඵල…

විභා…ග ප්‍රතිඵල වසංගතේ…

ඒ විතරක්යැ,

විද්‍යා විෂයද? කලාවද…?

කලා…ව කිව්වොත්…, මලා… වගේ…

චී… චී… චී… ලැජ්ජ නැද්ද?

අපේ එකෙක් කලාව කරන්න?

කවුද උඹ දිහා බලන්නෙ,

විද්‍යාවයි ගණං ගන්නේ…

අඩු ගණනේ වාණිජවත්?

ඉතිං පුතේ නම්බුවක්නේ

ෆේල් වුනත් විද්‍යාවෙන් විභාගෙ කොරලා

විභාගෙ විභාගෙ

එහෙ බැලුවත් විභාගෙ

මෙහෙ බැලුවත් විභාගෙ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභාගෙ විභාගෙ

එහෙ බැලුවත් විභාගෙ

මෙහෙ බැලුවත් විභාගෙ

විභා…ගේ තමයි අපේ අභාගේ

විභා…ගේ තමයි අපේ අභාගේ

සැලකිය යුතුයි: මේක මං ගැන පම්පෝරියක් කියලා හිතන්න එපා. මං මේක ලිව්වේ මං වගේ තවත් අය ඉන්නා නිසා…

බස් එකේ එන ගමන්…
[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!]

අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් හැම දවසම වගේම සුවිශේෂී දවසක් වුන නිසා. උදේ 7ට පටන් ගත්තු ගණිතය අතිරේක ත්‍රිකෝණමිතිය පන්තිය අද කලින්ම ඉවරවුනේ දවල් එකොළහට. හික්! ඔව්, කලින් තමයි! ඕක නතර කරන්න තිබුනේ දොළහට   ඉතින් ඉබ්බා දියේ දැම්මා‍ම ඇන්නෑවේ කියාපි. යාලුවෝ දෙන්නෙකුත් ඇදගෙන ගියා සරසවියට. එකෙක් නං කිව්වේ…

අ‍පෝ… බෑ බං… පොත් කියවන එක නං මට එපා වෙලා… තියෙන්නේ…. යමුකෝ KFC… ගිහිල්ලා ඉන්න එකත් සැපයි බං. උඹ දන්නෑ, එකදවසක් එතනට ආපු ප්‍රසිද්ධ නෝනා කෙනෙක් දුන්නා නෙව ප්‍රසිද්ධියේ කොල්ලාට කිස් එකක්!

(නීති හා රෙගුලාසි මත එම වාක්‍යය සභ්‍ය වන පරිදි සංස්කරණය කර ඇත – ළඟදීම KFC එකටත් ලෑලි ගහලා වහයිද දන්නෑ මේක දැකලා. නෑ නෑ. එක්කෝ එව්වා එක පැලැන්තියකට විතරක් සීමා වෙච්ච ඒවා නිසා. එහෙම වෙන එකකුත් නෑ…)

මෙන්න මෙහෙ වරෙන් බං යන්න. සරසවියත් ඒසී කරලා තමයි තියෙන්නේ. අනික ඒකටත් එනවා හොඳ හොඳ ගෑනු ළමයි…

අර මතකද දන්නෑ පරණ බුද්ධෝත්පාද කාලේ කතාවක් තියෙනවා එක්තරා සිටු පුත්‍රයෙක් තමන්ගේ පුත්‍රයාට බණ අස්සවන්න පුත්‍රයාට බණ අහගෙන එන්න කියලා. ඒ බණ පාඩම් කරගෙන ආවාම පොඩි ගානක් අතට දෙන කතාවක්? (නම් ගම් නං මතක නෑ, දැන් අපි බුද්ධාගම ඉගෙන ගන්නේ නෑ නෙව   )

ඉතින් මේකත් ඒ වගේ තමයි, මුන්ට ඉතින් ගෑනු කිව්වොත් වෙන කවුරුත් ඕන්නෑ. ඕක ඉතින් කාටත් සාධාරණයි. මාත් පඬියා වගේ කිව්වාට මාත් ඉතින් එහෙම තමයි   නැත්තං ඉතින් අපිත් රහත් වෙලා ඉන්න ඕ‍නේ.

හරි. ඇති! බණ දහම් ගැන කතා කරා හොඳටෝම ඇති.

සරසවියේ ඇතුලේදී ෂෝක් ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා උසස් පෙළ අලුත් නාට්‍ය හා රංග කලාව සිලබස් පොත් තියෙනවාද කියලා හොය හොය ඉන්නවා දැක්ක වෙලාවේ මාත් රහසිං අපේ යාලුවොන්ට කිව්වේ, නෑ නෑ මගේ කටින් කියවුනේ…

අඩේ, අපරාදේ! ආර්ට් කරන්න තිබුනේ බං…

හැබටම. උඹ ආර්ට් කරන්න යනවා කිව්වා නේද බං? මොකෝ වුනේ?

හික්. මම ගියා බං ආර්ට් කරන්න. ආර්ට් සෙක්ෂන් එකේ හිටියේ දවස් දෙකයි! මෙන්න කොල්ලා ආපහු මැත්ස් පංතියේ ඊළඟ දවසේ!   Sectional Headගෙන් ඇහුවා බං නැති වෙන්න.

උඹටත් තියෙන්නේ පුදුම පිස්සු තමයි බං.

සරසවි‍ය ඇතුළට වෙලා පැයක් එකහමාරක් හිටපු අපි, ඊළඟට පොඩි කඩේකින් මොනවාහරි කටේ ඔබාගෙන ආපහු පිටත් වුනේ අපේ ආදරණීය පිසික්ස් පංතියට. උදේ පාන්දරම මට කෙලවපු මගේම ආදරණීය භෞතික විද්‍යා පංතිය.

ෂහ්, උදේ පාන්දරින් නැගිට්ට නිසා අම්බානකට නිදි මතක් දැනුනේ පංතිය පටන්ගත්ත ගමන්මයි. ගුරුතුමා උගන්නනවා. මම නිදිකිරා වැටෙනවා. ‍ගෑනු ළමයි බල බල

හොරෙන් හිකි හිකි ගාලා හිනා වෙනවා වගේ හීනෙන් දැක්ක නිසා ඔන්න ආපහු පියවි සිහියට ආවා. කොහොමහරි මම පර්යේෂණාත්මකව අත්හදා බලපු දෙයක් තියෙනවා. ඒ තමයි නිදිමතේ වුනත් ඇහෙන එක පොතේ ලියාගන්න පුලුවන්ද කියන දේ. කොහොමහරි සමහර දවස්වලට නං අවුලක් නැතුව ලියවෙනවා. ඒත් අද නං ටිකක් විතර චාටර් වුනා. ගුරුතුමා පැහැදිලි කර කර ලියන්න දීපු නිසා මම ඇහැ ඇරලා බලනකොට පොතේ ලියලා තියෙන්නේ වෙන මඟුලක්. ගුරා ක්‍රිකට් පිත්තක් ගැන මොකක්දෝ කියනවා වගේ මතකෙත් තිබුනා.

පන්දුව = ආවේගය x කාලය

ආවේගය = ක්‍රිකට් ගම්‍යතා වෙනස

පිසික්ස් පොත නිකං සීගිරි කුරුටු ගී‍ පොතක් ව‍ගේ වෙලා ති‍යෙනවා දැක්කාම මං ගැන මටම හිත ඇතුළෙන් හිනා. වෙන එවුන් දැකගනියි කියලා ලැජ්ජාවට පොතේ අනිත් හිස් පිටුව පෙරලලා තියාගත්තා. මෙන්න මම ආයෙත් නිදි!

ආ ආයෙත් තව එකක්. සාමාන්‍යයෙන් අපි චැට් එකේ දී සිංහල වචන ඉංග්‍රීසියෙන් ගහනවා නෙව. මම පොතේ දඬු කියන වචනේ තැන් කිහිපයකම ලියලා තිබුනේ දණ්ඩු කියලා (මූර්ධජ ණයන්නත් එක්කම තමයි   ) ඒ අර චැට් එකේ සඤ්ඤක පුරුද්දටම වෙන්න ඇති. අපි දඬු කියන එක dandu කියලා ටයිප් කරනවා නෙව. මොනවා වුනත්, යටි හිත හැම‍ වෙලේම වැඩ!

මොනවා වුනත් පො‍තේ නෝට් එක නං පොඩි පොඩි අඩුපාඩුවක් නැතුව වුනත් සම්පූර්ණයෙන් ලියාගෙන. ෂහ්! මේකට තමයි කියන්නේ නියම දක්ෂතාව කියලා!

හරි. හරි. දැන් කට්‍ටිය බලනවා ඇති මොකක්ද මේ මාතෘකාවේ තියෙන්නේ කියලා. බස් එකක් ගැන කියලා මූ රට වටේ අපිව එක්ක යනවා කියලා කට්ටිය හිතනවා කියලා මං දන්නවා. හරි හරි. කලබල වෙන්න එපා… අපි මාතෘකාවට එමු.

පන්ති ඉවරවෙලා බස් එකට නැග්ගේ ගෙදර එන්න. මට එපා කරපුම දේ තමයි බස් එකේ යද්දී රේඩියෝව අහන එක. වි‍ශේෂයෙන්ම රෑට යන කණාමැදිරි රාත්‍රිය අහන්න මං මං මහාම මහා පව්කාරකමක් කරලා තියෙන්න ඕනේ. ගිය ආත්මේ කාගේ හරි කනට ගහලා නිසා වෙන්න ඕනේ මට මේකට මුහුන දෙන්න වෙන්න ඇත්තේ. මොකද එහෙම කියන්නේ, බස් ගාලේ නවත්තලා තිබ්බ අනිත් බස් වල දාලා තියෙනවා ඇහුනේ විස්සයි-විස්ස ත‍රගේ විස්තර විචාරය. මාත් හිතුවේ රේඩියෝව දානවානං ඒකම දායි කියලා…

මොන මඟුලක්ද… බස් එක ඉස්ටාට් කොරා විතරයි කන පලාගෙන කණාමැදිරි රාත්‍රිය!

සාමාන්‍යයෙන් අටවක පුත්තු පොතෙන් ලැබුන උත්ප්‍රේරකය නිසා මම දැං ගමනක් යනකොට පොතක් කියවන එක තමයි වැඩේ. විශේෂයෙන්ම මම එන කොට-කොට බස් ගමන නිසාම මේකට පුරුදුවෙන එක මහලොකු කජ්ජක් වුනේ නෑ. ඉතින් මේ දවස්වල අතේ තියෙන්නේ මහගම සේකරයන්ගේ “ප්‍රබුද්ධ”. ඉතින් අර බස් එක කොටන ජරමරයයි, කණාමැදිරි රාත්‍රියේ විලාප හඬයි දෙක අතරමැද වුනත් ටිකෙන් ටික හිත පොතට එකඟ කරගන්න ලැබුනා.  පොත කියවන අතරතුරේ හිතට ආපු කවි සිතිවිලි ටිකක් ලියාගන්න විදිහස් හොය හොය ඉන්නකොට අත ගියේ සාක්කුවට. සාක්‍කුවේ තිබ්බ ෆෝන් එකට. ෂහ්! දැන් මොකටද කොල කෑලි? නව තාක්ෂණයේ උපරිම ඵල ‍ප්‍රයෝජන නෙලා ගැනීම තමයි අපේ (වි)ජාතික වගකීම!

‍මේකෙන් එක කවියක් (කවි පේලියක්, එහෙමත් නැත්තං නිසඳැසක්) ලියලා ඉවරවෙනකොට හරියටම ග‍මනෙන් බාගයක් ඉවරයි. ඊළඟ කවිය ලියලා ඉවරවෙනකොට බහින තැනටමත් නොදැනීම ඇවිල්ලා. ෂහ්. බස්සෙකේ යන ගමන් කවි ලියන එකෙත් සිරාම ආතල් එකක් තියෙනවා!

අර්ධ්‍යාසත්‍යගත කරන ලද ආදර සංක්ෂිප්තය

ඔන්න එක දවසක්

පාන්දර පන්තියක්

ගියේ මම පාන්දර,

අල්ලගන්නට තැනක්.

හිටියා බලාගෙන,

එනකන් අනිත් එවුනුත්.

පන්ති‍යේ ‍‍ද්වාරයෙන්,

දිටී මම සඳවතක්

අහම්බෙන්,

හදවතද ගොළු විය,

කාලයද ලත් තැනම ලොප් විය.

අනේ මම බැලුවා,

“හඳ කොහොමද මෙතෙන්ට ආවේ?”

වුනා මහ වෙනසක්,

නුදුටුවෙමි අන් කිසිදු වතක් සත්සර හදක්.

අපි දෙන්නා පරස්පරයි,

ඇත්තටම “සාපේක්ෂව වෙනස්!”

පුලුවන්ද මිනිහෙක්ට

කරන්නට ආදරය තවමත් නොහඳුනන ලස්සන ගෑනු ළමයෙක්ට?

කුමරා කුමරි‍යගේ

හඳවත නොහැඳිනී…

ආලයෙන් අඳ වුනී…

මෙය නොදත් කුමරිය,

කීවේ ඇගේ සහපිරිවරට

“මූ නං පොඩි එකෙක් වගේ”

අහෝ එක උදයක්,

ආවේ ෆේස්බුක් හසුනක්,

කුමරියට නොකරනු කරදරයක්.

රජුන්ගෙන් පණිවිඩයක්!

ඇය රාජසන්තකය,

කුමරුන්ට ඇගේ සෙනෙහස නොලද හැක.

කුමරිය රජ සතු විය

කුමරාට කෙල විය

පායයි සැමදාම පංතියට පුන්සඳ,

ඒත් ඇයි අද අමාවක?

හරි අපූරු ‍නුගේගොඩ

එකමත් එක රටක,

එකමත් එක උදයක,

ගොඩබැස්සෙමි මමත්,

එකමත් එක නුගේගොඩකට

අරුම පුදුම නගරයකි නුගේගොඩ

ආධුනික පෙම්වතුන් මුනගැසෙන

අරුම පුදුම හන්දියකි,

හන්දිය නුගේගොඩ

උස මිනිස්සු

කොට මිනිස්සු

අත පය හතර ඇති මිනිස්සු

අත පත නැති මිනිස්සු

අන්ධ මිනිස්සු

අන්ධ වගේ ඉන්න මිනිස්සු

හදවතක් ඇති මිනිස්සු

හදවතක් නැති මිනිස්සු

අත දිගුකර රුපියල් සත ඉල්ලන මිනිස්සු

විරිඳු පද බෙදන හරි අපූරු කලාකාමී මිනිස්සු

ළඟම ඇති කේ ඇෆ් සියෙන් කන්න පෙරුම් පුරන මිනිස්සු

බත් කඩ දැක දැකත්,

කන්න පින නැති අසරණ මිනිස්සු.

මිනිස්සු වෙන්න ඉන්න,

පුංචි පහේ මිනිස්සු.

ලස්සන ප්‍රාණියෝ

දැක්කෙමි තරුණ ජෝඩුවක්,

බත් පැකට් අරගෙන

බෙදන අර මිනිසුන්ට.

අන්න හොඳ ලස්සන මිනිස්සු!

එක එක විදිහේ හරි අපූරු මිනිස්සු.

හරිම ලස්සන නගරයකි නුගේගොඩ

ඇයි වියදම් කරන්නෙ යන්න දෙහිවල?

එන්න මේ නුගේගොඩ…

හරි අපූරු ‍නුගේගොඩ

කැම්පස් වන්දනාවට සූදානම් වීමේ ගාථාව
මෙත් සිතින් ගායනා කරනු මැනවි.

අධ්‍යාපනං භයංකාරං

සබ්‍බ රෝගෝ නිවාරණං

උසස් පෙළං හරි සනීපං

විශ්වවිජ්ජාලංච ගච්ඡමං

සර්ව ආතල් දූරිංභූතං

විසූක දස්සනං නොම බලං

චිත්ත සම්පත්තී දූරංගමං

නේක විසූක දස්සනං

යාන්ත්‍ර විද්‍යා අති තුච්ඡං

වන්දේ හෝම්වර්ක් කන්දං

සාදු සාදූ අයිසැක් නිව්ටං

සාදු සාදු අයින්ස්ටයිං

රසායන විද්‍යා මහප්‍රාණං

සිලබස් පතරංග ජාතකං

විද්‍යාගාරං අති උත්තමං

ප්‍රැක්ටිකල් කරපං මචං

ශුද්ධ ගණිතං නොම ශුද්ධං

ව්‍යවහාරික‍යේ ‍නොම ගණිතං

ත්‍රිකෝණමිතියං සර්වසාම්‍යයං

සයින්, කොස්, ටෑං, හුටං

පාඨශාලා අත්‍යවශ්‍යං

සියට අසූවම ගච්ඡපං

ක්ලාස් ටීචර් ෂේප් න්‍යායං

ප්‍රින්සිපල් මරණං භයං

ඩෝල්ටං හොල්මං කරපං

රදර්ෆඩ් සරණංවරං

නේක වර්ණෝ අලංකාරං

වර්ණාවලී තේජෝබලං

ආවර්තිතාවෝ අලංකාරං

හයිඩ්‍රජං ලිතියොං අයොං

ඔක්සිජන් නං පට්ට අවමං

හුස්ම ඇද ඇද පාඩං කරපං

ජීව විද්‍යා අති සූක්ෂමං

පාඩම් නොකරොත් නං කෙළං

ගෙම්බං ඡේදනං ඔක්කාරං

සර්ව රෝගං නිවාරණං

රොටරි සක්යා සැසිප් පලයං

ටියුෂං පරමං නිර්මලං

ගෲප් ක්ලාස් A/C සුවඳං

මාස් ක්ලාස් දාඩිය ගඳං

වාණිජං නිර්භයං සුක්ඛං

කලා නං අති හිතකරං

සාර්ව ආර්ථික මහා තේජං

සන්දේශ කාව්‍යං සර්වං සුභං

ඉංජිනියරිං මෙඩිකල් සුඛං

කැම්පස් ආතල් පරිකල්පිතං

විද්‍යා පීඨං සර්ව ස්වප්නං

අති අලංකෘත දර්ශනං

අද ඉරිදා… හෙට සඳුදා… ඉස්කෝලේ පළවෙනිදා…
මේ පරණ ළමා ගීතයක් නෙව. ඔන්න ඒකත් මටම කොහොමහරි හරියටම ගැළපුනා. ඔන්න උසස් පෙළ නීත්‍යනුකූලව පටාන්ගන්නයි මේ හදන්නේ… දැන් ඉතින් දුවපං ඉස්කෝලේ!

ළඟදී හරියට මුකුත් ලියන්න බැරිවුනා. ඒකට නම් හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි කවි, කතා ලියන්න උත්ප්‍රේරකයක් වෙච්ච දේත් නැතිවුනා. මට කලින් මට වඩා ලක් කාරයෙක් ඔන්න උරුමකම් කියලාලු… කමක් නෑ ඉතින්… මොනවා කරන්නද නේද? ඒක පාර්ශ්වික ආදරේත් එක්ක කවි කතා ලියන්න තිබ්බ සිතිවිලිත් ඉතින් එකතැනටම පල් වෙලා ගියා…

අනිත් එව්වානං ඉතින් එච්චර වැදගත් ‍හේතුම නෙවෙයි. මොකද ඉතින් මෙන මල කරදරේ තිබුනත් බ්ලොග් එක ලියන්න නම් අමතක නොකරන නිසා. සිංහල බ්ලොග්කරණ ව්‍යාපෘතියේ වැඩ ගොඩකට හිරවුනා. දැනට එපමණ තරගකාරීත්වයක් පෙනෙන්න නොතිබුනාට අපි මේ දාගෙන යන පදනම හරහා ඉදිරි මාස දෙක තුනේදී සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඉතාමත් ආකර්ෂණීය ඉසව්වක් වේවි කියන එක තමයි මගේනං අදහස.

මේ කාලේ මට එක එක අදහස් පහළවුනා. අනේ මන්දා… අම්මා කියන්නේ නං මගේ ඔළුවේ ඉන්නේ රාහු-ලු. රාහු ලැබුවාම ඉතින් එක එක දේවල් ගැන හිතනවා කියනවානේ‍‍ ජ්‍යොතිෂ්‍යයේ. ඉතින් ඒක ඇත්ත වගේ. මට කලා විෂයන් හදාරනවාද? භෞතිය විද්‍යා (ගණිත) විෂයන් හදාරනවාද කියලා මාරම ගැටළුවක් ඇති වුනේ මෙන්න මේ කාලේදී තමයි. මගේ ෆේස්බුක් යාළුවන්ටනම් මේ කතාව එච්චර අලුත් කතාවක් නම් නෙවෙයි. කොහොමහරි අවසන් තීරණයකට ආවා. ඒ ගණිත විෂයම කරනවා කියලා තමයි. මේ වගේම ප්‍රශ්නයකට සාමාන්‍ය පෙළ ලියලා ඉවරවුනාමත්, ඊට කලිනුත් මම මුහුන දුන්නා. අනේ මන්දා…. මට ගැලපෙන්නේ කලා විෂයන් කියලා හොඳට ‍තේරුනාත්. ගණිත-විද්‍යා විෂයනුත් මට එච්චර අප්සැට් නැති නිසාත් (මං මේ පම්පෝරි ගහනවා කියලානං හිතන්නෙපා හො‍ඳේ…) ඉදිරි අනාගතේ ලංකාව ඇතුලේ කලා කාරයෙක්ට ෂුවර් නෑ කියලා සාමාන්‍ය ජන මතය නිසාත් මම ආපහු ගණිත අංශයටම හිරවෙන්න තීරණය කරා. ඒක එක පැත්තකින් අපරාදයක් වගේ හිතුනත් පෙරලුනු පිට හොඳයි කියන්නා වගේ මම මුලින් හිතපු විදිහට සිංහලයි ජනමාධ්‍යකරණය වගේ විෂයනුයි දෙක වෙනම භාහිරව හදාරන්නයි කල්පනාව.

මේ විෂයන් තෝරාගනිද්දී මගේ ඉලක්කය මොකක්ද කියන එකනේ ඉතින් බලපාන්නේ. ඇත්තම කිව්වොත් මට ඉංජිනේරුවෙක්, විද්‍යාඥයෙක් වගේ මොකෙක්වත් වෙන්න කිසිම අවශ්‍යතාවක් නෑ. මට ඔනේ මේ… නිදහස් ජීවිතයක්. හැබැයි නිදහස් ජීවිතේ වගේ නෙවෙයි සල්ලි කියන කාරණෙත්. කවදා වෙනකං ඉතින් දෙමව්පියන්ගෙන් කියලා යැපෙන්නද? අපිත් ඉතින් පවුලක් පන්සලක් වෙන්න එපැයි! (අපොයි මූ හිතන දුර!) ඉතින් ඉස්සරහට මුහුන‍‍ දෙන්න වෙන – දැනටමත් මුහුණදෙන්න වෙලා තියෙන ලෝක ආර්ථික අර්බුද ගැනත් හිතුවාම අනාගතේ මොනවායින් මොනවා වෙයිද කියලා කවුද දන්නේ… ‍

සාපෙල ඉවරවෙලා ළි‍ඳේ පනින්න තරම් කම්මැලිකමට හිටිය වෙලාවේම ළි‍ඳේ පැනලා ඉවරයක් කරගත්තානං හොඳයි කියලා හිතෙන්නේ මේ බදාගෙන ඉන්න, බදාගන්න ඉන්න වැඩ කන්දරාව දැක්කාම. දැන් ඉතින් ඉස්කෝලෙත් පටන්ගන්න එකේ… නොදැනීම මේ අවුරුදු දෙකත් ගෙවිලා ගිහිල්ලා උසස්‍ පෙළත් ලියලා ඉවරවෙලාම තමයි පස්ස බලන්න වෙන්නේ. දවසෙන් තුන් කාලක්ම ඉතින් ගෙදරින් එළියට හිරවේවි. ඉතින් ඒකත් එක්තරා ආකාරයක විනෝදයක් තමයි. උදෙන් නැගිටිනවා-ඉස්කෝලේ යනවා-ව්‍යාපෘතියේ වැඩකරනවා-පන්ති යනවා-බස් එකේ පැයක් දෙකක් නිදාගන්නවා-ගෙදර එනවා…

ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ! ජීවිතේ නං මල්ල්ල්ල්ල්…….ල්!

නව රසායන විද්‍යා විෂය නිර්දේශය සිසුන්ට විෂ වෙයිද?
හපුතලේ කන්ද දැකලා කරත්තකාරයෙක්ට බඩදන විදිහටමයි මට අලුත් රසායන විද්‍යා සිලබස් එක දැකලා බඩ දන්න ගත්තේ. අහල පහළ ඩයජින් එකක්වත් හොයාගන්න තරම් පිනක් නොතිබුන නිසා ෆේස්බුක් එකේ Status Message පාරකට ‍හේත්තු වෙලා ඉන්නකොටයි අපේ තූර්ය අයියා කතාවට එකතු වුනේ. අලුත්ම අලුත් රසායන විද්‍යා විෂය නිර්දේශය ගැනයි මේ කතාබහ ඇතිවුනේ… ඉතින් ඒ කතාබහ. බ්ලොග් සටහනකට පෙරළලා ලියන්න ඔන්න සුදාරක ආරාධනා කරා තූර්ය අයියාට. මෙන්න කාලෙකට පස්සේ සුදාරකගේ බ්ලොග් අඩවියේ ලියැවෙන ආරාධිත බ්ලොග් සටහනක්… වැඩි අටුවා ටිකා මොකටද? මේකත් ඉතින් අපේ ආතල් අධ්‍යාපනේ ගැන තමා.!

මුලින්ම මට මේ සටහන ලියන්න ආරාධනා කල සහ නව රසායන විද්‍යා විෂය නිර්දේශය පිළිබඳ දැනුම් දුන් සුපුන් සුදාරක මල්ලිට මම ස්තුති කරනව. ඇත්ත වශයෙන්ම පැරණි විෂය නිර්දේශය යටතේ එක් වරක් විභාගයට මුහුණ දුන් කෙනෙක් විදිහට මේ ගැන යමක් ලියන එක වැදගත් කියල මට හිතුණ. මක්නිසාදයත් උසස් පෙළ භෞතිය විද්‍යා හා ජීව විද්‍යා යන විෂය මාලා දෙකටම මේ විෂය ඇතුලත් වන නිසාවෙන්. තවත් එක් වැදගත් කරුණක් වන්නේ රසායන විද්‍යාව අමා…..රුයි කියල සිසුන් අතර මුල් බැහැගෙන තියෙන මිත්‍යාව. මේ මිත්‍යාව නිසා සමහර සිසුන්ට උසස් පෙළ පන්තියට ඇතුල් වෙනකොටම රසායනය එපා වෙලා ඉවරයි.

උසස් පෙළ රසායනයට අලුතෙන් එකතු වුනේ මොනව්ද කියල බලන්න කලින් අපි බලමු සාමාන්‍ය පෙළ රසායනයට අලුතෙන් ඇවිල්ල තියෙන්නෙ මොනවද කියල. මටනම් පැරණි සා.පෙළ විද්‍යා විෂය නිර්දේශය හා අලුත් එක අතර මහ වෙනසක් පේන්නෑ. තාප රසායනය, රෙඩොක්ස් ප්‍රතික්‍රියා, යකඩ විඛාදනය වැනි කොටස් අලුතෙන් එකතු කර තිබුනත් ඒවා දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා නෑ. එමනිසා අලුත් උ.පෙළ විෂය නිර්දේශයේද එම කොටස් “අ” යන්නේ සිටම ඉගැන්වීමට උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා, මේ සා. පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශ වෙනස්වීමෙන් ප්‍රායෝගිකව අලුත් දෙයක් සිසුන්ට ලැබුනේද යන්න මට ගැටලුවකි. නමුත් ගණිතය නව නිර්දේශයන්ගෙන් ( සා.පෙළ හා උ.පෙළ ) චන්ද්‍රිකා-තාරා මුග්ධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් ඉවත් කරන ලද වැදගත් කොටස් කිහිපයක් නැවත එකතු කර තිබේ.

දැන් අපි උසස් පෙළ රසායනයට බහිමු. මෙම නව විෂය නිර්දේශය පිලිබඳව අධ්‍යයනය කිරීමේදී පෙනීයන එක් කරුණක් නම් 21වැනි සියවසට ගැලපෙන ආකාරයට විෂය කොටස් එක් කිරීමට දරා තිබීමයි. එම උත්සාහය ගැන පැසසිය යුතුය. අප මේ ඉගෙන ගන්නා රසායන විද්‍යාවේ සමහර කොටස් දියුණු රටවල් අතහැර තිබෙන්නේ 2වන ලෝක යුධ සමයේදීය. එමගින් අප ලොව තුල සිටින්නේ කොපමණ පිටුපසින්දැයි ඔබට සිතාගත හැකිය. නමුත් මෙම එකතු කිරීම නිසා ප්‍රායෝගිකව ගැටළු කිහිපයක් මතුවේ. අලුතෙන් කොටස් එකතු කළද පැරණි කොටස් එලෙසම පවතී. එම නිසා විෂය නිර්දේශය ඉතා දිගුවීම වලැක්විය නොහැක. පැරණි නිර්දේශයේ පවතින ඒකක ගණන 15කි. අලුත් නිර්දේශයේ එය 16කි. ඉලක්කම් වලින් ගණන් කල විට එහි වැඩිවීම එකක් වුවත් සැබෑ වෙනස තේරෙන්නේ එහි අන්තර්ගතය බැලූවිටය. පැරණි නිර්දේශය, සාමාන්‍ය රසායනය (ඒකක 4), භෞතික රසායනය (ඒකක 4), කාබනික රසායනය (ඒකක 4), අකාබනික රසායනය (ඒකක 3) යනුවෙන් ප්‍රධාන කොටස් 4කින් සමන්විත විය. මෙහිදී නව නිර්දේශයේ වැඩි වෙනසක් නොවී පවතින්නේ කාබනිකයේ ඒකක 4 සහ අකාබනිකයේ එක ඒකකයක් පමණි. පැරණි නිර්දේශයේ සාමාන්‍ය රසායනයේ ඒකක 3ක් වූ පරමාණුක ව්‍යුහය, ආවර්තිතාව හා මූලික සංකල්ප (කොටසක්) නව නිර්දේශය යටතේ පළමු ඒකකයේ අනු කොටස් ලෙස එක් ඒකකයට ගෙන තිබේ. මෙහිදී මෙම කොටස් වල පැරණි නිර්දේශයේ අතුලත් වූ සියල්ල අතුලත් වන අතර තවත් අලුතෙන් කොටස් කිහිපයක් ද එකතුවී තිබේ. ඉතින් මෙවැනි අති දීර්ඝ විෂය නිර්දේශයක් අවුරුදු දෙකක් වනි කෙටි කලකින් අවසන් කිරීමටනම් ගුරුවරු “ෆාස්ට්” එකේ ඉගැන්විය යුතුය. නමුත් එය සිසුන්ට “ෆිට්” නොවන බවට මට විශ්වාසය. මක්නිසාදයක් පැරණි නිර්දේශයේ ඒකක 15 නිම කිරීමටද මෙම අවුරුදු 2 ප්‍රමාණවත් වූයේ යන්තමිනි.

භෞතික රසායන කොටසට නව අංග රාශියක් එකතු වී තිබේ. සන්නයනමිතිය, වර්ණාවලීක්ෂය භාවිතය වැනි කොටස් එකතු වීම එක් අතකින් හොඳය. මේවා අද ලෝකයට ගැලපෙන වැදගත් ක්‍රමවේදයන්ය. එහෙත් මෙම විෂය කරුණු ග්‍රහණය කරගැනීමට තරම් මූලික දැනුමක් අප සිසුන්ට ලැබී තිබේද යන්න විමසා බැලිය යුතුය. 2011 උසස් පෙළට මුහුණ දෙන කණ්ඩායමට නම් මෙම නව නිර්දේශය මහත් අභියෝගයකි. ඒ ඔවුනට මෙම නිර්දේශයට අදාල වන ලෙස මූලික අධ්‍යාපනයක් නොලැබ තිබීමයි. නමුත් අද දවසේ 6, 7 පන්තියේ නව අධ්‍යාපන රටාව යටතේ ඉගෙනුම ලබන සිසුන්ට නම් මෙම නිර්දේශය අපහසු නොවනු ඇත.

තවත් එක් ගැටළුවක් නම් කොපමණ විෂය කරුණු අතුලත් කළද රචනා ප්‍රශ්න පත්‍රයට ඇතුලත් වන්නේ ප්‍රශ්න 10කි. එමනිසා හැම ඒකකයකින්ම ප්‍රශ්න අතුලත් කල නොහැක. එසේ කලහොත් සිදුවන්නේ මෙවර සා.පෙළ ගණිතය 2 පත්‍රයට වුණු හදියයි. ප්‍රශ්නයක අඩංගු කොටස් ගණන වැඩීවී වැඩේ අච්චාරු වීමයි (මෙම තත්වය ප්‍රධාන පාසල් වල උ.පෙළ අවසන් වාර විභාග වල පවතී). උ. පෙළ සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රය සලැකීමේදී ඉතා වැදගත් විෂය කොටසක් වන දෛශික වලින් 2000 සිට මේ දක්වා එකඳු ගණනක් දී නොමැත. එනිසා බොහෝ සිසුන් දැන් දෛශික කොටස ඉගෙනුම අත් හරී. මෙම නව රසායන විද්‍යා නිර්දේශයේ දිගු බව නිසා ඉහත අයුරින් සමහර විෂය කොටස් සදහටම විභාගයට නොඒමට ඉඩ තිබෙන ඉඩකඩ වැඩිය. එම නිසා උ.පෙළ විභාග දෙක තුනක් යනවිට සිසුන් විභාගෙට නොආ කොටස් තම හිසේ බර සැහල්ලු කරගැනීමට අත්හරිනු ඇත.

මෙවැනි ගැටළු නිසා රසායන විද්‍යාව පිළිබඳව සිසුන් තුළ දැනට පවතින අනියත බිය සත්‍ය භීතියක් වීමට ඉඩ තිබේ. මා මෙතෙක් ඉදිරිපත් කලේ උසස් පෙළට එක් වරක් මුහුණ දුන් සහ මෙවරත් මුහුණ දීමට සූදනම් වන සිසුවෙක් හැටියට මට වැටහුණු දේ සහ මට පැණ නැගුණු ගැටළුයි. මේ ගැන මට වඩා කරුණු දන්නා අය බොහෝ සිටින බව මම දනිමි. ඔවුන්ගේ අදහස් උදහස් ඉතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. හිතට තව බොහෝ දේ ආවත් ලිපිය තව දිගු වන නිසාත් විභාගෙට තව දින 68 ක් පමණක් තිබෙන නිසා මෙතැනින් නවතිමි.

තූර්ය ඕවිටිපාන

නව රසායන විද්‍යා විෂය නිර්දේශය මෙතැනින් ලබාගන්න…

ඉතින් ඔන්න ඕකයි කතාව. මේ බ්ලොග් සටහනෙන් සුදාරකගේ අන්තර්ජාල සටහනට තවත් අලංකාරයක් එකතු කරපු තූර්ය අයියාටයි මේ ස්තූතියි පුදකරන්නේ… ඉතින් අධ්‍යාපනය ගැන මොකද හිතෙන්නේ?