සුදාරකගේ අන්තර්ජාල සටහන » ආදරය

පෙම් හබයක් නිමා වූ සඳ… | How To Survive a Break-Up
හමුවීම් සහ වෙන්වීම් සාමාන්‍ය ලෝකයේ බොහොම සුලබ සංසිද්ධියක්. ආදරය කරපු දෙදෙනෙක් වෙන්වෙනකොට ඇතිවෙන වේදනාව සාමාන්‍යයි. ඉතින් දිගටම මේ වේදනාව සමඟ ජීවත්වීම අනවශ්‍ය කාරණයක් කියලයි මේ ලියන මටනම් හිතෙන්නෙ. කොහොම නමුත් පිරිමියෙක් වුනාම ඇත්තටම ආදරය කරල විරහ වේදනාව විඳින එක එක්තරා ආකාරයක සුවිශේෂී ජීවන අත්දැකීමක්.

මේ ලිපිය ලියවෙන්නෙ සුදාරකගේ අන්තර්ජාල සටහන කියවන පිරිමි පාඨකයන් වෙනුවෙන්. කොහොමත් මම හිතනවා වෙන්වීමේ දරාගැනීමේ හැකියාව සහ වෙන්වීමේ වේදනා පාලනය කරගැනීමේ ක්‍රමවේදයන් ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ සුළු වශයෙන් හෝ වෙනසක් ඇති බව. ඉතින් ඒක නිසා ගැහැනු ගැන හැඟීමකින් තොරව ලියවෙන පිරිමි ලිපියක් මේ.

වෙන්වීම් දරාගැනීම පිළිබඳ ඕනෑතරම් ලිපි අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවනි. මේවාගේ උපදෙස් බොහොම සමාන වුනත් මේ උපදෙස් යුරෝපයේ සංස්කෘතික වටපිටාවට බොහොම බරයි. අපි තේරුම්ගන්න ඕනෑ දෙදෙනෙක් ආදරය කරනකොට ඒ ආදරය දෙදෙනාගේ තේරුම්ගැනීමම මත පමණක් රඳා නොපවතින බව. ඒකට දෙමව්පිය නෑදෑ මිතුරන්ගේ බලපෑම් සහ සංස්කෘතික රාමුවේ බලපෑම් අනිවාර්යයෙන්ම ඇතිවෙනවා. ඒක අකමැත්තෙන් වුනත් තේරුම්ගත යුතුයි.

ඉතින් යුරෝපයේ සංස්කෘතියට අදාළව ලියවුන බොහෝ ලිපි ගැලපෙන්නෙ ඒ ඒ යුරෝපා රටවල් වල සංස්කෘතික සහ ආර්ථික රටාවට අදාළව. තාමත් වැඩවසම් යුගයේ ජීවත්වෙන අපේ ලංකාවට මේක ගලපාගන්න පුලුවන්වෙන්නේ සියයට පණහක ප්‍රතිශතයෙන්.

අනික මේ අපි යාලුවෝ කතාවුන දෙයක් තමයි, බොහෝ පිටරට මිනිසුන්ට ආදරය කරන්න නිදහස තියෙනවා සංස්කෘතියෙන්. තමාගේ අනෙකුත් සගයාව සොයාගන්න dating ක්‍රමත් භාවිතාවෙනවා වුනාට, තවම ලංකාවේ dating ක්‍රම ජනප්‍රිය නැහැ. ඉතින් ඒක නිසා බොහෝ විට මුලින් රූපයට හෝ කිසියම් කුසලතාවක් නිසා ආකර්ශණය වී ඉන් පසු දෙදෙනා හඳුනාගැනීමත් සමඟ ගොඩනැගෙන ආදරය සම්බන්ධතා තමයි ලංකාවේ වඩාත් සුලභ. වෙනත් රටවල මිනිස්සු ආදර සම්බන්ධතා ගොඩනගාගන්නේ තමන්ගෙ ජීවිතයට අවශ්‍ය මානසික සහනයක් සහ වින්දනය වෙනුවෙන්. නමුත් ලංකාවේ (තරුණ ආදරවන්තයන් අතර) සිදුවන්නේ තමුන්ගේ ආදරය රැකගැනීම වෙනුවෙන් අනෙකුත් සියල්ල කැපකිරීම.

ආදරය කරන දෙදෙනෙක් වෙන්වෙන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.

එකිනෙකාව තේරුම්ගැනීමට නොහැකිව නොගැලපෙන බව නිසා වෙන්වීම.

දෙදෙනාගෙන් කෙනෙක් තුන්වන (හතරවන, පස්වන, සයවන…) පුද්ගලයෙකු සමඟ අනෙකා රැවටීම පදනම් කරගෙන.

මීට අමතරව දෙමව්පියන්ගේ, ඥාතීන්ගේ හෝ මිතුරන්ගේ (ප්‍රමුඛතා පිළිවෙල අනුව වමේ සිට දකුණට) බලපෑම් වලට යටත්ව සහ ආර්ථික අධ්‍යාපනික කරුණු මත ලංකාවේ දෙදෙනෙක් වෙන්වෙනවා දකින්න පුලුවන්.

හොඳයි. මූලික වශයෙන් දෙදෙනෙක් දෙදෙනාගැන තේරුම්ගෙන ආදරය කරනවා නම් අනිවාර්යයෙන්ම කොච්චර ප්‍රශ්න ආවත් දෙදෙනා හැරයන්නේ නැතිබව මූලික වශයෙන් තේරුම්ගන්න ඕනෙ කාරණයක්. සිදුවෙන්නෙ කාලයත් සමඟ ආදරය හෝ සම්බන්ධතාවේ තීව්‍ර ගතිය නැතිවෙලා දෙදෙනාට වෙන්වෙලායන්න සිදුවීම. ඒක නිසා වෙන්වෙන්න තීරණය කළා නම් වටහාගන්න, එතන ආදරය නැතිවෙලා ඇති බව. එකිනෙකා නොමැතිව තමන්ට ජීවත් වීමට හැකිබව අනෙකා තේරුම්ගෙන ඇති බව. මේ කාරණය තේරුම්ගැනීමම ඇති වෙන්වීමේ වේදනාව දරාගැනීමට සහ එම වේදනාව තේරුම්ගැනීමට. ඒ වගේම කෙනෙක්ට තව කෙනෙක් අයිති කරගන්න බෑ. ආදරය කරන කාලෙ ඔයා මගේ – මම ඔයාගෙ කියල කිව්වට ඒක සත්‍ය වෙන්නෙ ආදරය කරන රාමුවේදි රෝමාන්තිකව විතරයි. ඒක හරියට නිව්ටන්ගෙ නියමයක් වගේ.

වැදගත්: කොහොමහරි දෙදෙනා වෙන්වෙලා නැවත සම්බන්ධවෙන්න ඕනෙතරම් අවස්ථා තියෙනවා. බොහොම තාවකාලික වෙන්වීම්. ඒ වුනාට පළමු වෙන්වීමෙන්ම තේරුම්ගැනීම ඉතාමත් වැදගත්. මොකද ආයෙ ආයෙත් කියනවානම් දෙදෙනෙක් ඇත්තටම ආදරය කරනවානම් වෙන්වෙන්න තීරණය කරන්නේ නෑ. මොකද දෙදෙනෙක් තේරුම්ගෙන එකට ආදරයෙන් ජීවත්වෙනවානම් ඒක තමයි වඩාත් ශක්තිමත්ම බැඳීම.

බීබීසි ආයතනය විසින් නිෂ්පාදිත රොබින්හුඩ් ටෙලි නාට්‍ය මාලාවේ එකතැනක මෙහෙම තියෙනවා…

Robin Hood to Marian:

Will you marry me?

- What?

The first time I held my bow, I knew. It felt right, Like it had been made for me, and that’s how I feel about you. I promised your father I would protect and look after you.

But It works both ways. I look after my bow because it protects and looks after me. Together we’re stronger.

So..

Marian, will you marry me?

හරි. ඊළඟට තේරුම්ගන්න ඕනෙ ක්ෂණිකව මේ වේදනාව අඩුවෙන්නෙ නෑ කියන කාරණය. වෙලාවෙන් වෙලාවට වේදනාව අඩු වැඩි වෙන්න පුලුවන්. ඉතින් වෙන්වුනාම කරන්න ඕනෙ ප්‍රධානම දේ තමයි තමන්ට නිදහස් තැනකට ගිහින් අඬන එක. තනියම. කවුරුත් නැති තැනක. (හැමෝම ඉන්න තැනක අඬන එක චාටර්නෙ.) මතක තියාගන්න අඬන එක හොඳට අඬන්න. හිත නිදහස් වෙනකන් අඬන්න. වැඩිපුර අඬන තරමට තමන්ට තේරෙනව අන්තිම මොහොතෙදි හරි. දැන් ඇති. මඟඇරුන දෙයක් වෙනුවෙන් තවදුරටත් අඬන්න අනවශ්‍ය බව. මින් ඉදිරියට තමන්ගෙ බිඳුන බලාපොරොත්තු සහ සැලසුම් අලුත් විදිහට ඉදිරියට ගෙනියන බව.

බොහෝ දෙනෙක් දෙන උපදෙසක් තමයි, මේ වේදනාවෙන් ගැලවෙන්න හොඳම දේ තමුන් කාර්යබහුල වීම කියල. මේක සාපේක්ෂයි. කාර්යබහුල වෙනකොට හැමදේම අමතක වෙනව තමයි. ඒත් හිතන්න ළඟ එන විභාගයක් ගැන. ඇත්තටම පාඩම් කරනවා කියන දේ අපි ගොඩක් දෙනෙක් අකමැති කාරණයක් කියන එක හැමදෙනාම පිලිගතයුතුයි. ඉතින් අකමැති දෙයක් බලෙන් කරන අතරෙ තවත් සිතිවිලි ඔළුවට එනකොට ඒක පාලනය කරගන්න අමාරුයි. ඉතින් බලෙන් පාඩම් කරන්න අවශ්‍ය නෑ. විභාගය තාවකාලිකව අතාරින්න. (ඔව්! අතඅරින්න. හැබැයි ආයෙත් ප්‍රකෘති තත්වයට ආව ගමන් වැඩ පටන්ගන්න! මොකද අමාරු විභාග තමයි ජීවිතේ ඉක්මනින් ගොඩට ගන්න තියෙන ලේසිම ක්‍රමය.)

වැදගත්: කොහොමවුනත් සමහර අය ඉන්නවා මේ වේදනාව මකාගන්න පැය ගණන් එකදිගට පාඩම් කරල විභාගය ගොඩදාන අය. ඉතින් මුලින් උත්සාහ කරල බලන්න එහෙම තමන්ටත් කරන්න පුලුවන්ද කියල. දෙවෙනි, තුන්වෙනි වතාවෙ මේක හරි වගේ දැනෙනවනම්, ඔව්. ඔබට හිතනවානම් මේකයි වේදනාවෙන් අයින්වෙන්න හොඳම මාර්ගය කියල ඒ මාර්ගය තෝරගන්න. ඔබ හිතනවාටත් වඩා හොඳින් උසස් ප්‍රතිඵල සමඟ විභාගය සමත්වෙයි. ඉහත උපදෙස පාඩම් කරන්න අකමැති බහුතරයට.

ඊළඟට බලන්න තමන් කරන්න කැමති මොනවද කියල. එහෙම දෙයක් නැතිනම් අලුත් විනෝදාංශයක් හදාගන්න. කොහොම වුනත් මේ විනෝදාංශය තනියම කරන දේකට වඩා මිතුරන් සමඟ කරන්න පුලුවන් දෙයක්නම් වඩා හොඳයි. සමහර වෙලාවට මුහුද ළඟට ගිහින් යාළුවෝ එක්ක කතාකරන එකෙන් ගොඩක් දේවල් අමතක කරන්න පුලුවන්. ඒ වගේම මුහුද දිහා බලාගෙන ඉන්න එකත් කොහොමටත් කම්මැලි දෙයක් නෙවෙයි. ඉතින් අලුත් දෙයක් අත්හදා බලන්න. ඒක තමන් කැමත්ත දක්වන ‍ක්‍ෂේත්‍රයක ව්‍යාපෘතියක් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් පීනන්න පුරුදුවෙන්න, ජිම් එකට යන්න වගේ දෙයක් වෙන්නත් පුලුවන්. සමහර වෙලාවට එක දිගට පරිගණක කණ්ඩායමක් එක්ක (Multiplayer) පරිගණක ක්‍රීඩා කරන එකෙනුත් කිසියම් මානසික සහනයක්, ශක්තියක් ලැබෙන්න පුලුවන්. (DOTA, Call of Duty Modern Warfare)

මුවහමට තලන්න. ඔබට සමහර දේවල් ඔළුවට දිගින් දිගටම එනවානම්, ඒ ලියන දේවල් කොහේහරි ලියන්න ඕනෑනම්… ෆේස්බුක්, ටිව්ටර් පාවිච්චි කරන්න. ඇත්තම කතාව අපි ගොඩක් දෙනෙක් අනිත් අයගෙ අවධානය දිනාගන්න කැමතියි. ඉතින් හිතෙන හිතෙන දේවල් ෆේස්බුක් එකේ, ට්විටර් එකේ ලිව්වාට අවුලක් නෑ. ඇත්තටම ඒකත් එක්තරා ආකාරයකට (අලුත් පරම්පරාවේ අයට) මානසික සහනයක් ලබාදෙනවා. කොහොමවුනත් ටික දවසක් ගියාට පස්සෙ ඒ ලියපුවා මැකුවට අවුලක් නෑ.

පරණ පරම්පරාවෙ අය කරේ තමන්ගෙ වේදනාව මකාගන්න නවකතා, කෙටි කතා, කවි ලියන්න පටන්ගත්තා. ඇත්තටම දැංකාලෙත් එහෙම ලියන්න පුලුවන්නම් වඩා හොඳයි. ඒත් එහෙම ලියන්න අමාරු අයට, ෆේස්බුක් ට්විටර් කියන්නෙ බොහොම වටිනා තැනක්.

500 Days of Summer චිත්‍රපටයෙන්…

Well, you know, Henry Miller said the best way to get over a woman is to turn her into literature.

පුලුවන්තරම් යාලුවෝ එක්ක ඉන්න එක සෑහෙන්න හොඳ දෙයක්. මොකද යාළුවෝ උදව්වෙනව සිදුවුන සිදුවීම් ටික වෙලාවකට හරි අමතක කරන්න. රස්තියාදුගහන එකත් මේ වගේ වෙලාවක සෑහෙන්න වැදගත්. රස්තියාදු ගහනකොට මිනිස්සු ගැන සෑහෙන්න දේවල් ඉගෙනගන්න ලැබේවි. ඒව රැකියාවක් කරනකොට අමතර සුදුසුකම්වෙයි.

ආදරය කරපු අයට වෛර කරන්න.

මේක ඇත්තටම බොහොම අමාරු දෙයක්. ඒත් වෛර කිරීමෙන් ආදරය සෑහෙන්න දුරකට මකන්න පුලුවන්. මතක තියාගන්න වෛර කරනවා කියන්නෙ ගෑනු ළමයව මරන්න, ඇසිඩ් ගහන්න කියන එක නෙවෙයි. හිතින් බනින්න. යාළුවෝ එක්ක එකතු වෙලා බනින්න. මේක හැබැයි වෙන්වුන ගමන්ම කරන්න අමාරුයි. ටික දවසක් ගියාට පස්සෙ මේදේ කරනකොට අර ඉතිරිවෙලා තියෙන හැඟීම් ටිකත් මිරිකලා යවන්න පුලුවන්. (අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි!!!)

Delhi Belly චිත්‍රපටියෙ ලස්සන සින්දුවක් තියෙනවා. මේක මම අදහස ඉවත්කරගත්තෙ මෙහෙමයි…

මම ඔබට ආදරය කරේ කොපමණක්ද, මම එසේම ඔබට වෛර කරමි.

අතීතයේ සිදුවූ දේට සමාව දෙන්න.

මුලින්ම තමන්ට වරදකාරී හැඟීමක් ඇතිවෙයි මේ සම්බන්ධය නැවතුනේ මගේ වරදකින්නේද කියල. ඒ වගේම අනිත් කෙනත් තමන්ගෙ ඔළුවට දාන්න පුලුවන් ඔයාගෙ වරදින් තමයි මේ සම්බන්ධෙ නැවතුනේ කියල. මුලින්ම තමන් තමන්ට සමාව දෙන්න. තමන් තේරුම්ගන්න තමන් ඒ සම්බන්ධය තියෙන මොහොතේ තමන් සිදුකරේ තමන්ට කරන්න පුලුවන් හොඳම දේ බව. ඒ ගැන ආයෙමත් පසුතැවිල වැඩක් නෑ. ඒ වගේම තමන් යමක් කළා නම් ඒ කලේ ආදරය වෙනුවෙන්. ඉතින් ආදරය වෙනුවෙන් කරන දේවල් වැරදියි කියල තේරුම්ගන්න එපා. ඉතින් වරදකාරී හැඟීමෙන් තමන් මුලින් මිදිලා ඉන්න. එතකොට අනික් කෙනා තමන්ට වරද පටවන්න හදනාවනම්, එයා කියන දේ එක කනකින් අහල අනිත් කනෙන් පිටකරන්න. “ඔව්. මම තමයි වැරදි. ඔයා වැරදි නෑ” කියල එයාවත් වරදකාරී හැඟීමෙන් ගලවගන්න.

මීට අමතරව තවත් අනුමත නොකරන දේවල් දෙකක් තියෙනවා. එයින් එකක් තව ඉක්මනින් කෙල්ලෙක් යාලු කරගන්න එක සහ ගණිකාවක් සමඟ නිදිවදින එක. මේ දෙක එච්චර හොඳ දෙයක් විදිහට කියන්න අමාරුයි. වේදනාවෙන් මිදෙන්න කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්නවාට වඩා, ආදරය කරන්න තමාව තේරුම්ගන්න කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්න එක වඩා හොඳයි.  මම අහල තියෙනවා ගණිකාවක් එක්ක නිදිවැදීමත් එක්තරා ආකාරයක සහනයක් ගෙනදෙනව කියල. ඒක සාපේක්ෂ කාරණයක් නිසා ඒ ගැන නොහිත ඉන්න එක තමන්ගෙ අනාගතයට හොඳයි.

හිඳීවි කොතැනක හෝ … හිමිකාරයා උපන් ඔබේ නමින්…

ඊළඟට අනුමත නොකරන දේ තමයි සෑහෙන්න (සැර ජාති) බොන එක. මේක ඇත්තටම තාවකාලිකව සහනයක් අරගෙන එනව තමයි. ඒත් ඉතින් වෙරිමත හිඳුනම සමහර විට වේදනාව එක දෙක වෙලා එන්න පුලුවන්. ඉතින් මේ දේ කරනවානම් හරි පදමට කරන එක හොඳයි. වරදක් කියන්න අමාරුයි. සාපේක්ෂ කාරණයක්. ඔබ අමද්‍යප කෙනෙක්නම්, තරයේ අවවාද කරනවා මේ සිදුවීම නිසාම බොන්න පුරුදු වෙන එක නම් අපරාදයක්. නොකර ඉන්න එක හොඳයි කියල.

තවත් කාරණා බොහෝමයක් නම් ලියන්න තියේ. ඒව පසුව ප්‍රතිචාර වල කතා කරමු. නැතිනම් දැනටමත් දිග ඇදිල තියෙන සටහන තව දුරටත් දිග ඇදෙන්න පුලුවන්.

මේ වගේ ප්‍රශ්න කාලයට ඉඩදෙන්න. බොහෝ ප්‍රශ්න කාලය විසින් විසඳනවා ඇති. ඒ වගේම වේදනාව මැකිල ගියාම ආදරය කිරීමේ පසු බලපෑම් (After Effects) ඇතිවෙන්න පුලුවන්. ඒක සාමාන්‍යයි. ඉතින් ඒවට එහෙම්මම ඉන්න දීල නොසලකා හරින්න.

මීට අමතරව අසහනය මානසික අවපීඩන තත්වයක් තරමට දුරගියොත් කවුන්සලින් කරන විශ්වාසවන්නකෙනෙක් මුනගැහෙන එක බොහොම ඵලදායී ප්‍රතිඵල අරගෙන එන්න පුලුවන්. හැබැයි මගේ අවවාදය දෙරණෙ සිත් ගිමන්හල වගේ වැඩසහන්වල මාර්කට් කරන තරමට අවුල ඉදිරියට නොගෙන විශ්වාසවන්ත තැනකට, යාළුවෙක්ට සම්බන්ධවෙන එක වඩා හොඳයි. ඒ වගේම It’s Kind of a Funny Story චිත්‍රපටය බලන්නත් අමතක කරන්න එපා!

ඒ වගේම කායිකව දරුණු හදවත් වේදනා වලින් පෙලෙනවානම් ඒ වේදනාව දරාගන්න උත්සාහ කරන්න. අමාරුම තත්වයකට එනවානම් වෛද්‍යවරයෙක් මුනගැහෙන්න බය නැතිව.

ලිපිය අවසන් කිරීමට පෙර තවත් බ්ලොග් ලියන දෙදෙනෙක් කියපු දේවල් උපුටලා දක්වන්නම්.

ආනන්දවර්ධන: කෙනෙක් තමුන්ගේ ලෝකයට ආවම  ඒ කෙනා වෙනුවෙන් නිර්මාණය වෙන ලෝකයක් තියෙනවනේ තමුන් තුළ. ඒක වෙනත් කෙනෙක් විසින් පුරවන එකක් නෙමේ. ඉතින් කොපමණ කලක ගියත් සමහර විට ඒ අවකාශය ඒ කෙනා සම්බන්ධ එකක්. වෙන අය ඇවිත් වෙනත් ලෝක නිර්මාණය කරන්න ඉඩ තියෙනව. ඉතින් ඕකයි වැඩේ. ස්වාභාවික සුවපත් වීමක් තමයි තියෙන්නෙ. ඒත් අර අවකාශය තියෙනව.

නොදරුවා:ප්‍රේමය අත්හදා බැලීමක්, එක්තරා විද්‍යා පරික්ශනයක්, සමහර විට හරි ගිහිල්ල තමන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිපලය ලැබෙන්නත් පුලුවන්. සමහර විට විනාසයක් වෙන්නත් පුලුවන්. නමුත් වැරෙදෙන පරීක්ශන වලින් අලුත් සොයා ගැනීම් වෙන්නත් පුලුවන්.

විශ්වාස කරන්න. හැමදේම හොඳ අතට හැරෙනවා. ඒ වගේම වැඩක් කරනකොට හරියට කරන්න. ආදරය කරනකොට ඒකත් හරියට කරන්න.

ප.ලි:

පාවුලෝ කොයියෝත් වෙන්වීම ගැන ගිවිසුමක් ලියල තියෙනවා. මේ තියෙන්නෙ ඒක: http://paulocoelhoblog.com/2010/08/21/convention-of-those-wounded-in-love-2/

ටෙලි නාට්‍ය ජවනිකා කිහිපයක්.*
ජවනිකා අංක 13 සිට 21 දක්වා තැනින් තැන උපුටා ගත් ජවනිකා කිහිපයක්.

සාරධා: ඇයි?

මහේල: ඇයි?

සාරධා: ඇයි ඔයා කතා නැත්තෙ?

මහේල: මම කතා කරන්න ඕනෙමද?

සාරධා: කතා නොකර ඉන්නකොට හරිම මූසලයි, පාලුයි.

මහේල: මම කතා කරනකොටත් මූලසයි, පාලුයි.

සාරධා: නෑ. එහෙම නෑ.

මහේල: එහෙනම් මම කතා කරන්නද?

සාරධා: ඔව්. කතා කරන්න.

මහේල: මම ගොළුවෙක් වුනානං

සාරධා: ඔයා ගොළුවෙක්ද, නැද්ද කියන එක අපේ කතාවට බාධාවක් නෙවෙයි.

මහේල: ගොළුවෙක් කසාද බැඳල වැඩක් තියේද?

සාරධා: නෑ.

මහේල: එහෙනං කසාද බඳින්නෙ?

සාරධා: ‍ඔයා ගොළුවෙක් නෙවෙයිනෙ.

මහේල: මම ගොළුවෙක් වුනානම් ඔයා මාව කසාද බඳින්නෙ නැද්ද?

සාරධා: මම ඔයාව කසාද බඳින්න ඕනෙමද?

මහේල: නෑ.

සාරධා: ඒකනෙ. ඒ වුනාට මම ඔයාව කසාද බඳිනවා.

මහේල: බොරු.

සාරධා: ඔයා කොහොමද ඒක බොරු කියල ඔප්පු කරන්නෙ?

මහේල: සමහර බොරු, බොරු කියල ඔප්පු කරන්න අමාරුයි.

සාරධා: නෑ. සමහර ඇත්ත, ඇත්ත කියලයි ඔප්පු කරන්න අමාරු.

සාරධා: අපි බල්ලෙක් හදමු?

මහේල: O.o

සාරධා: ෂීඊඊ… නෑ. මම කිව්වෙ අරන් හදාගමු.

මහේල: මේක වෙයිද?

සාරධා: මම හිතන්නෙ මේක වෙයි.

මහේල: ඒ වුනාට අපි කවද මැරෙයි කියල කවුද දන්නෙ?

සාරධා: ඉතින්?

මහේල: ඒකත් ඇත්ත. හැමදේම වෙන්නෙ හොඳට.

සාරධා: ඒකනෙ.

සාරධා: මම එනකන් ඉන්න පුලුවන්ද?

මහේල: ඉන්න සිද්ධ වෙලා තියෙනවා නේද?

සාරධා: එහෙම නෑ.

මහේල: ඒ වුනාට මම ඉන්නං.

සාරධා: මට වඩා හොඳ කෙනෙක් ලැබුනොත්?

මහේල: වැඩක් නෑ. උඹට වඩා හොඳ අය ඔක්කොම මට වඩා උසයි නෙ.

සාරධා: උස වැඩක් නෑ.

මහේල: එහෙනං මොකක්ද වැදගත්?

සාරධා: ආදරේ.

මහේල: ඒ ෆිල්ම් වලටයි, බ්ලොග් වලටයි, කමෙන්ට් වලටයි විතරයි.

සාරධා: ඇයි මට?

මහේල: ඔයාට කිසිම දේක වැදගත්කමක් නෑනෙ. කොළඹ මෙඩිකල් ෆැකල්ටිය ඇරෙන්න.

සාරධා: ඔව්. මම ෆැකල්ටියට ආදරෙයි.

මහේල: එතකොට මට ආදරේ නැද්ද?

සාරධා: ඔයාටත් ආදරෙයි.

මහේල: එකපාර දෙන්නෙක්ට ආදරේ කරන එක චපල නැද්ද?

සාරධා: චපලයි.

මහේල: එහෙනං එහෙම ආදරේ කරන්නෙ?

සාරධා: මම චපල නිසා.

මහේල: කමක් නෑ.

මහේල: ජනතා විමුක්ති පෙරමුණට මොනව වෙලාද?

සාරධා: භාරතටයි, දුමින්දටයි වුන දේමයි.

මහේල: සමාජවාදෙයි, කුඩුයි පටලගන්න හොඳ නෑ.

සාරධා: එයාලාට සමාජවාදෙ නෑ වගේම, මෙයාලට කුඩුත් නෑ.

මහේල: එහෙනං?

සාරධා: හැමෝටම බලය ඕනෙ.

*මෙහි එන චරිත නාම අශෝක හඳගමගේ සින්තටික් සිහින ටෙලි නාට්‍ය පිටපතෙන් උපුටාගන්නා ලද්දකි. චරිත ස්වභාවයන් ඒ පිටපතේ හා මේ පිටපතේදී සමාන නැත. ඒ කෙසේදයත් කෙතරම් සමාන පුද්ගල නාමයන් සමාජයේ මුනගැසුනද චරිත ලක්ෂණ බොහෝ වෙනස්වන නිසාවෙනි.

තවත් උදෑසනක්
මම අවදිවුනෙමි.

“අද ගෙදරද?”

අම්මා තේක රැගෙන මේසයෙන් තබා ඇඳේ තවමත් ගුලි වී සිටින මා දෙස බලාහිඳිමින් මගෙන් විමසුවාය.

ඔව්. අද ගෙදර. හවස පන්සල පැත්තෙ යන්න ඕනෙ.

ඒක හොඳයි. අද උපන්දිනේනෙ. පන්සල් යන්න. ඊයෙ රෑ බීල ආවෙ මොකද?

මම? නෑ. මම බිව්වෙ නෑ.

පුතා හැරෙනකොට මම දන්නව.

පුතා සිගරට් බොනව කියලත් මම දන්නව.

පුතා දැන් පොඩි ළමයෙක් නෙවෙයිනෙ. අවුරුදු 28ක්. ඉතින් මට පුතාව නවත්වන්න බැහැ. කොහොමවුනත් පොඩි කාලෙ ඉඳල අපිට පුතාව නවත්වන්න බැරිවුනානෙ. ඔය හිතුවක්කාරකම් නොකර ජීවිතේ ගෙනිච්චනං, අද පුතා හොඳ තැනක.

ඇයි? මං දැන් ඉන්නෙ හොඳ තැනක නෙවෙයිද? මම IT Consultant කෙනෙක්. Human Resource Manager කෙනෙක්. Event organizing company එකක් තියෙනව. ඒ මදිද?

පුතේ ජීවිතේ කියන්නෙ ඔය විදිහට හිරවෙලාම ඉන්න එක නෙවෙයි. අපිත් කොයි වෙලාවෙද කියන්න බැහැ. නරකද දැන්වත් වෙන දෙයක් ගැන හිතාගත්තොත්? අර පේරාදෙණිය පැත්තෙන් නිස්කාරණේ ඉඩමක් සල්ලි දීල ගත්ත. ඒ ඉඩම නිකන් කැලේ වෙනව. මොකටද එහෙන් ඉඩමක් ගත්තෙ?

මට ඕනෙනැති කසාදයක් නැහැ අම්මෙ. මම තව ටිකක් සල්ලි එකතු කරල පේරාදෙණියෙ ගෙයක් හදල එහෙට පදිංචියට යන්න කියලයි පේරාදෙණියෙන් පර්චස් හතක් ගත්තෙ.

ඉතින් කෝ ගියාද? කවදද යන්නෙ?

මම හරි ආසයි නුවරඑළියට. අපි මැරි කරල එහෙට යමු. මට ඕනෙ මේ හැමදේකින්ම ඈත් වෙලා ඔයා එක්ක ඉන්න.

ඇයි ඔයා කැමති නැද්ද නුවරට?

ආ… එහෙත් හොඳයි. එහෙනං ඔන්න නුවර. මම රට ගිහින් එනකොට ඔයා එහෙනං එහෙං ඉඩමක් අරගෙන තියන්න ඕනෙ. අපි දෙන්නම එකතු වෙලා පොඩි ගෙයක් හදමු. හරිද?

ඈ හුරතල් සිනාවෙන් මා ළඟට තුරුල් විය.

මොකද කතා නැත්තෙ?

නෑ. මුකුත් නෑ.

පුතේ. මිරිඟුවක් පස්සෙ යන්න එපා. ගෑනු කියන්නෙ පුදුම ජාතියක්. මමත් ගෑනියෙක්. ඔයා ඔය හීන මවාගෙන ඉන්න කෙනා ආයෙ එන්නෙ නැහැ. දැන්වත් හිත හදාගෙන, අලුත් දෙයක් ගැන හිතන්න. දැන් එයා අවුරුදු කීයකින් ඔයත් එක්ක කතා කරල නැත්ද?

හ්ම්…

අර ප්‍රපෝසල් එක ගැන මොකද කියන්නෙ?

මොන ප්‍රපෝසල් එකද?

අර තිස්සමහරාමෙ ගෑනු ළමය. ඔයාගෙ යාලුවගෙ නංගි.

අම්මට පිස්සුද? මම කැමති නෑ. මට ටිකක් පාඩුවෙ ඉන්න දෙන්න.

ඔයා හොඳට ඉගෙනගන්න, මම එහෙ ගිහින් එන්නං. අවුරුදු දෙකෙන් මම ඇවිත් ඔයාව මැරි කරල, ආයෙ යන්න වෙනව. ඒත් ඩිග්රි එක ඉවර කරල, මම එනව ඔයා එක්ක ඉන්න.

ඔයාත් හොඳට ඉගෙනගන්න. ඔයාට එහෙ හොඳ කෙනෙක් ලැබුනොත් මට කියන්න…

ආ… මෙන්න… අඬන්න එපා ළමයෝ… මම ඒක නිකමට කිව්වෙ…

මට වෙන කාටවත් ආදරය කරන්න බෑ මාලක, මම ආදරේ ඔයාට විතරමයි… ඔයා මම එනකන් ඉන්නව නේද? ඔයා මගෙ විතරමයි නේද?

ඔව් සඳුනි. ඔව්.

සඳුනි ප්‍රොමිස්?

සඳුනි ප්‍රොමිස්.

ඒ වසර මුලදීම අපි වෙන්වුනෙමු. ඒ අප නැවතත් මුනගැසෙන බලාපොරොත්තුවෙනි. ඈ යලි මුන ගැසෙන බව ඈ පැවසුවාය.

ඉන්පසු මා ඇය මුනගැසෙන්නට. ඈ කතාකරන්නට උත්සාහ කරද්දී ඈ මා ඉදිරියට පැමිණියේ නැත.

කිසිදු පෙර දැනුම්දීමකින් තොරව දුරකථනයෙන් ප්‍රතිචාර නොමැති විය.

සියලු සිහින බිඳ වැටෙද්දි පාසලට කළ සියලු බැලමෙහෙවරකම් සියල්ල පසෙකලා සියයට අසූව ප්‍රතික්ෂේප විය.

සියල්ල අහිමිවෙමින් පවතිද්දී මා නිසා පියා රෝගාතුරුවන්නට විය…

ඈ ගැන බලාපොරොත්තු හිතෙන් ඉවත් නොවීමට හේතු රැසක් විය. ඈ වෙනුවෙන් සහ දෙමාපියන් වෙනුවෙන් උත්සාහය අත නොහැරියෙමි.

අද මා මෙතැන ඇත. ඒත් ඈ තවමත් මෙතැන නැත.

ඇයි ඔච්චර පරක්කු?

අම්මේ… මෙතන තිබ්බ පොත දැක්කද?

මොකක්ද?

කොලරා කාලේ ආලේ..

ඔය ඇඳ යට බලනවා… මම දැක්ක ඒක ඇඳ යට තියෙනව අතුගාද්දි.

සංක්‍රාන්ති සමය – not a love story
අඳුර ගලා ගොස්

දැන්,

යන්තමින් ආලෝකය පැමිණෙමින් පවතී…

සයුරු රළ බිඳෙන හඬ දැන් නෑසේ.

ඇත්තේ මන්ද ආලෝකයක් පමණි.

නමුත් හිස් අවකාශය තවමත් එසේමය. අන්ධකාරයේ ශාපය මා වෙලාගනිමින්, තවමත් බලපවත්වනු දැනේ…

රස්තියාදු ගැසූ සිත ඔත්පලව එක තැන නැවතී ඇත්දැයි බියෙන් මන්දාලෝකයේ උදව්වෙන් සිත අත පත ගා බැලීමි.

සිත ඔත්පලව නැත.

සිත පනගසයි.

සිත තවමත් බලවත්ය.

තැන තැන තුවාල වී ලේ ගලද්දී මම නැගී සිටීමට උත්සාහ කළෙමි.

හදවත පුපුරා යළිත් ඇද වැටුනෙමි. සිටි තැනටම.

නැවතත් ඝන අන්ධකාරය මා වෙලාගත් අතර, කාලය හා අවකාශය පිළිබඳව අනවබෝධයෙන් මම සිරවුනෙමි.

කොතෙක් කාලය ගියේදැයි නොදනිමි.

යහළු යෙහෙලියන් මා අමතනු ඇසේ.

ඔවුන් මා නැවත් ඔවුන් වෙත ඔසවාගෙන යාමට උත්සාහ කරනු දැනින. ඒ වෙනුවෙන් ඔවුන් මා සිත තුළට වීමට උත්සාහ කරයි.

නමුත් මා සිත මගේය.

පනගන්වාගත යුත්තේ මාය.

දෙමසකුත් තවත් භාගයකට පසු…

දෙමසකුත් තවත් භාගයකට පසු…

ප්‍රචණ්ඩ රළ පහරක් වේගයෙන් මා වෙලාගත් බව දැනින.

වැල්ලේ ගොඩනැගූ මාලිගා සියල්ලේ නටඹුන්වත් දැන් පෙනෙන්නට නැත.

මා ඒ චණ්ඩ රළ පහර නම් කිරීමට නමක් සෙව්වෙමි.

කැත්‍රිනා?

ක්‍රිස්ට්‍රිනා?

ජූලියා?

නැත. මා හට ඒ නම් අවැසි නැත. හිතට ළඟ එකම නම යෙදීමටද මට සිත් නොදේ. වැල්ලේ මාලිගා තැනීමට යෙදූ අඩිතාලම ඕස්ට්‍රේලියා පුරය දෙසට ඈත සයුරේ ගසා යනු දුටුවෙමි.

අල්වාගන්නට දෑත දිගු කළ නමුදු දෑත දිග මදිය. අවසානයේ මිත්‍ර පාර්ශව එන්නත් ආධාරයෙන් මා යළි නැගී සිටියෙමි.

යලිදු සිහිනය ගොඩනැගීමට මට අවැසිව ඇත. අවසානයේ කිසිවකුත් නොමැති, ඉමක් කොනක් තොතේරෙන, තැන තැන නටඹුන් පෙනෙන අවු රශ්මියෙන් දැවුන අත්හැර දමා තිබූ මිටියාවතක් වෙත මා ඉබේ පැමිණියෙමි. එසේ නොවේ නම් නම හොඳින් දන්නා කවුරුන් විසින් හෝ මා ගුප්ත ලෙස මෙතැනට කැඳවා අත්හැර දමා ඇත. ඔබනාඳුනන මා පමණක් හොඳින් හඳුනන මළ හදවතක් මේ ගුප්ත මිටියාවතේ ඇවිදිමින් සිටියි…

මිතුරන් පෙනෙන්නට ඇත. නමුදු ඒ බොහෝ දුරිනි…

පෙරදා තෝරාගත් මාර්ගයේ වූ කටු පඳුරු සිදුරු කළ හදවත දෝතට ගෙන කාත් කවුරුත් නොමැති මාගේ, මටම පමණක් අයිති වූ, මේ මිටියාවතේ නිදන් කළෙමි. හදවතින් පිටවන වේගවත් රුධිර දහරා යවා ඒ තුළින් බල ගැන්වෙන රුධිර-විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමට මම සමත්වුනෙමි… එයට බොහෝ කල් ගතවූ බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

ජීවිතයේ කෙටි මං නොමැති බව හඳුනාගතිමි.

අලුත් දවසක්, අලුත් බලාපොරොත්තු සහ පරණ මම.

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…
උපදෙස්: ඉදිරියට කියවාගෙන යන්න කලින්, සින්දුව අනිවාර්යයෙන්ම රසවිඳල ඉන්න. ඊට පස්සෙ සැහැල්ලුවෙන් කියවාගෙන යන්න

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…

මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…

මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…

ලතා මඩුලු අත වනාවි, එපා අහක බලන්න…

මා ගැන මතකය ගුලි කර, මහවැලියට දමන්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…

මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න…

මා නොදකින ඒ, පුර හඳ ඔබට හැකිය දකින්න…

ගායනය: අමරසිරි පීරිස්

පද රචනය: ධම්මික බණ්ඩාර

සංගීතය: විශාරද ඩෙනිස්ටර් පෙරේරා

සාමාන්‍යයෙන් සුදාරක සින්දුවක් ගැන බ්ලොග් සටහනක් නොලියාම ඇති තරම්. සුදාරක කවි/ගීත විචාරයට එතරම් දක්ෂ පුද්ගලයෙකු නොවුනත්, රූප පෙට්ටියේ සුපිරි(/සිහින)තරු පිළිබඳ දැන්වීමක් අතරමඟදි සිහිනතරුව‍ක‍ගේ හඬින් ඇහුන අමරසිරි පීරිස් ගායකයාගේ හඬින් ගායනා වෙන “හන්තානට පායන හද” ගීතයේ මුල් පද පේලි ඇහුන විගසින්ම ගීතයට ආකර්ෂණය වුනා කිව්වොත් හරි. සාමාන්‍යයෙන් ගීතයේ මුල් පදයෙන්ම ගීතයට ආකර්ෂණය වෙනවානම්, ඒ ගීතයේ තමන්ගෙ ජීවිතයට සම්බන්ධ දෙයක් කොහේහරි ඇති කියල මගේ හිත කියනව. එහෙම වෙන එක පැහැදිලි කරගන්න නම් අතුරු කතාවක් කියන්න වෙනව. සාමාන්‍යයෙන් පන්ති ඉවරවෙලා යැවෙන සරසවියේ සිංහල පොත් තියෙන උඩුමහලේ මම දැක්ක එක පොතක්. ඒ පොත එක පාරටම අතට ගත්තාට මම වැඩිය කියෙව්වේත් නැහැ. කොහොම හරි මේ පොත මට ආපහු තිබුන තැනින් තියන්න හිතුනෙම නැහැ. අන්තිමේ පොත අරගෙන කියවලා බලද්දි, මට තේරෙනව මේකෙ සමහර තැන් මගේ ජීවිතයත් එක්ක සසඳන්න පුලුවනි කියල. ඒක හරි පුදුමාකාර කතාවක්! ඒ කියන්නෙ, විශ්වාස කරනවනම් විශ්වාස කරන්න. නැතිනම් නිකන් ඉන්න!

හරි, ආයෙත් මාතෘකාවට එමුකො. මේ ගීතයේ පළමු ‍පේලියෙන්ම ගීතයට ආකර්ෂණය වුනාට පස්සෙ, අන්ත‍ර්ජාල පිහිටෙන් සින්දුව හොයාගත්ත. මුළු සින්දුවම, සින්දුවේ ආකාරයෙන් නොවුනාට සීයට සීයේ ප්‍රතිශතයෙන්ම ජීවිතානුබද්ධයි. ඒකයි සීරියස්ම කතාව.

ගීතයෙන් කි‍යවෙන්නෙ හරිම සරල කාරණයක්. ගීතය ගායනා කරන්නා පෙම්වතා නම්, අපිට ඉතිරි ටික සැහැල්ලුවෙන් ආදේශ කරගන්න පුලුවනි. මේ ගීතය පෙම්වතා කියන්නෙ, උසස් පෙළ හොඳින් සමත්වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න සමත්වුන තමන්ගෙ පෙම්වතියට. හන්තාන තියෙන්නෙ පේරාදෙණිය සරසවිය ආසන්නයේ නෙව. ඉතින් මෙතන හන්තාන කිව්වත්, හන්තාන කියන ‍එකෙන් අදහස් කරන්නෙ පේරාදෙණිය සරසවියමයි.

හන්තානට පායන හ‍‍ඳේ ලස්සන පෙම්වතාට බලන්න බැරිවෙන්නෙ පෙම්වතාට උසස් පෙළ සමත්වෙන්න බැරි ‍වීම හේතුවෙන් පේරාදෙණිය සරසවියට එන්නට නොහැකිවීම හේතුවෙනුයි. සමහරවිට අපිට මෙහෙම හිතන්නත් පුලුවනි උසස් පෙළ කෙසේවෙතත්, ඔහුට පේරාදෙණියට එන්න නම් කිසිම හැකියාවක් නැහැ. පේරාදෙණිය කියන්නෙ, පේරාදෙණිය සරසවියට.

සරසවි ජීවිතය හරිම සුන්දරයි, හරියට සිනිඳුවට කඩාගෙන වැටෙන වැස්සක් වගේ. ඒ වගේම සරසවි ජීවිතයෙ කටුක දේ ‍නැත්තෙම නැහැ. මේ කතාව ගීතයෙ හරි අපූරුවට ව්‍යංගයෙන් කියල තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ.

අඳුරෙන් සරසවියෙ කටුක ජීවිතය නියෝජනය කෙරෙනවා නම්, වැස්සෙන් සුන්දර සරසවි ජීවිතය නියෝජනය කරනවා වෙන්න පුලුවනි.

ඉතින්, මේ ජීවිතයෙදි තමන් ළඟින්ම තමන්ට දුක සැප බෙදාගෙන ඉන්න කෙනෙක් ළඟ ඉන්නව නම්, ඒක ගොඩක් වටිනව. ඉතින් ‍ඒකයි පෙම්වතා කියන්නෙ…

අඳුරු ගලා වහිනා කල, සරසවි බිම තෙමෙන්න…

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

දුරස්ථ ආදරයකදි, දෙන්නට දෙන්න නොපෙනෙන එක අර්බුදකාරී අවස්ථාවක ලොකු ගැටලු මතුකරන තැනක්. කොහොමනමුත් තමන් ආදරය කරන කෙනෙක් දුර හිටියත්… සමහර වෙලාවට දුකෙන් ඉන්න වෙලාවට ආරක්ෂාව රැකවරණය ඒ දුර ඉන්න කෙනාගෙන් ලබාගැනීමට හරි අසීරු දෙයක්. ඒ කියන්නෙ, ප්‍රායෝගික නැති කාරණයක්. ඒකයි පෙම්වතා කියන්නෙ,

කුඩේ යටින් ඔබ යන කල… එපා තනිය දැනෙන්න…

ඒ මුලින් ඇතිවෙන රාගයෙන් තොර ආදරය. ළඟදි හොයාගත්ත වචනයක් වන ප්ලේටොනික ආදරය. එතනින් එහාට යන ඊළඟ තැන… රාගයත් එක්ක එකතු වුන ආදරය. මහවැස්සෙ තනියම ‍නොයා අලුත් පෙම්වතාගෙ ආරක්ෂාව යටතෙ ය‍‍නකොට, දෙන්නටම තනිවෙන්න තැන් ලැබේවි. ඒ අවස්ථාව මඟඅරින්න එපා, මගෙන් නොලැබෙන දේ ලැබෙනවා නම්… මා ගැන මතකය හිතෙන් අමතක කරල දාන්න. අලුත් ජීවිතයක් ආරම්භ කරන්න… දුක්විඳිනවාට වඩා සතුටට, නිවීමට පත්වෙන්න. ඒකයි වැදගත්. කාලය නමැති මහවැලි ගඟ මාවත් ඇදගෙන ගහගෙන යාවි.

ආදරය, රාගය, විවාහය (සහ සංස්කෘතිය)
මේ මාතෘකාව ගැන ලියන්න මම වයස මදිද කියල මම දන්නෙ නැහැ. මම ලියනව. කියවන්නෝ කියවනව. ඉතින් ම‍ගේ වයසේ සුදුසුකම තීරණය කිරීම ඔබේ අතේ.

කෙලින්ම මාතෘකාව යන්න කලින් කතාවට අවශ්‍යකරන පදනම දාලාම කතාව ඉදිරියට අරගෙන යන්නම්. ලංකාව කියන්නෙ විශේෂයෙන්ම සංස්කෘතික රාමුවකින් විශේෂයෙන් කොටුවූ රාජ්‍යයක්. රාජ්‍යයක් ඉදිරියට යාමට, රාජ්‍යයේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමට මේ සංස්කෘතිය කියන රාමුව අවශ්‍යයි. උදාහරණයක් විදිහට ඇමරිකාවටත්, ඇෆ්ගනිස්ථානයටත් ඒ රටටම අනන්‍ය වුන සංස්කෘතික රාමුවක් ගොඩනගාගෙන තියෙනව. ඇමරිකාවෙ නිරුවතින් පෙළපාලි කරොත් හොඳයි, හැබැයි ඇෆ්ගනිස්ථානෙ නිරුවත තියා අඩ නිරුවතවත් බැහැ.

සාමාන්‍යයෙන් ලංකාවෙ පුරවැසියන් විදිහට අපි සමීපවෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ සංස්කෘතියත් එක්ක. ශ්‍රී ලංකාවෙ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විකෘති වුන සංස්කෘතියක් කියල පේන්නෙ අපිට ඒ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම නිසා. අනික ඕනෑම රටක සංස්කෘතිය සම්මත කරන්නෙ ඒ රටේ ආගමික පූජකවරුන්, රදළයන් (දේශපාලකයන්) වුනත්. ඒක පොතක පතක ලියැවෙන දෙයක් නෙවෙයි. සංස්කෘතිය සම්මතවෙන්නේ සමාජයේ පුද්ගලයන්ගේ භාවිතයත් එක්කයි.

එතකොට සංස්කෘතිය මිනිසුන්ගේ නිර්මාණයක්. ඒක කාලයෙන් කාලයට වෙනස්වෙනව. සංස්කෘතිය පේන්න තියෙන භෞතික දෙයක් නෙවෙයි. ඒක තියෙන්නෙ විවිධ මිනිසුන් හිතන පතන විදිහෙන්.

එතකොට රාජ්‍යයක් නිර්මාණය වෙන්නෙ එක විදිහට හිතන පතන මිනිසුන්ගෙන් නිසා, මිනිසුන් හිතන පතන ආකාරයේ සංස්කෘතියේ බහුතරයක් සමාන වෙනකොට එතන රාජ්‍යයක් උපදිනවා.

එතකොට ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ඇතුළෙ සංස්කෘතික බිඳීම් හරිම විකෘති සහගතයි.

සංස්කෘතිය ගැන වැල්වටාරම් කියාගෙන ආවෙ, අදාළ තැනට එන්නයි. මේ මාතෘකාව අදාළ තැන වෙන්නෙ; ආදරය, රාගය හා විවාහය කියන තැනයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ දේවල් ගැන කතාවෙන්නෙ රහසිගතව, පුද්ගලිකව. එහෙමත් නැතිනම් ‍තරුණයන් අතර ‍මේ දේවල් ගැන කතා නොවෙනා තරම්. තරුණ තරුණියන් බොහෝවිට එකතුවුනාම කතාවෙන්නෙ තමන්ගෙ විරුද්ධ පාර්ශවයේ අයගේ හැසිරීම, ලාලිත්‍ය පිළිබඳව මිසක්, ඒ හැසිරීමෙන් ඔබ්බට යන මේ සංකීර්ණ මාතෘකා ගැන කතා කිරීමට නොපෙළෙඹෙන තරම්.

මූලික වශයෙන් අපි මේ කතාකරන ආදරය (අතුරු කතා: මේ ආදරය, දෙමාපිය-දූදරු ආදරය වැනි දේ සමඟ පටලවා ගත යුතු නැහැ. මේ කතා කරන්නෙ ස්ත්‍රී-පුරුෂ රෝමාන්තික ආදරය ගැනයි) ඇතිවෙන්නෙ දෙන්නෙක්ගෙ පෙනුම මත, කතාබහ කරන විලාශය අනුව වගේ සරල දේවල් වලින්. ‍මම ආදරය

ගැන කතාකරන්නෙ මූලික වශයෙන් සමාජයේ බහුලව පෙනෙන ආදර සම්බන්ධතා පදනම් කරගෙන. ආදරයේ තවත් සංකීර්ණතා තියෙන්න පුලුවනි.  ඒ ගැන කතාකිරීමට මම කැමැත්තක් දක්වන්නෙ නැහැ. (උවමනා කෙනෙකුට කතාකරන්න පුලුවනි) මේ ආදරයට තවත් කල්යද්දි බොහෝවිට එකිනෙකාගේ රුචිඅරුචිකම් අනුව රාගය ලිංගික ආශාවන් එකතුවෙන්න පුලුවනි. ඒ වගේම ලංකාවෙ බොහෝ දෙනෙක් මුලින්ම හිතන දේ තමයි, ආදරය සම්බන්ධතාවකට මුලපුරන්නෙ ලිංගිකත්වය, ලිංගික ආශාවන් මත පදනම් වෙලා කියල, ඒක වැරදියි. මෘදු සිපගැනීම්, සැහැල්ලු බදාගැනීම් (Hugging) වලින් එහාට යන දේවල් තියෙන්න පුලුවනි. ඒත් ප්‍රථමයෙන් ආදරයක් ඇතිවෙන්නෙ එහෙම දෙයක් සඳහා නෙවෙයි. ඔබට එහෙම දෙයක් පිළිබඳ සිතිවිල්ලකින්, එය ඔබට ආදරයක් කියලා හැඟුනොතිත්, ප්‍රවේශමෙන්! ආදරය සහ රාගය දෙකක්!

සරලම උදාහරණය:

ආදරය කියන දේ විකුණන්න බැහැ.

රාගය විකුණන්න පුලුවනි

ඉතින් මේ දෙක දෙකක්.

ආදරය හරහා රාගය ඇතිවීම සාමාන්‍ය දෙයක්. ආදරය හරහා අන්‍යේන්‍ය ආකාර්ශනයක් තුළින් රාගික සිතිවිලි ඇතිවීමට පුලුවනි. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. එහි අතුරු කතා පසුවට!

ආයෙත් සංස්කෘතිය සම්බන්ධවෙන්නෙ මෙතනට, ලංකාවෙ සංස්කෘතික රටාව ඇතුළෙ, මේ දේ ගැන තේරුම්ගන්න තරුණයෙකුට, තරුණියකට අවකාශ හිමිවෙන්නෙ නැහැ. ඒ ගැන ලියවුන පොතක් ‍සාමාන්‍යයෙන් පහළ පන්තියේ, පහළ මධ්‍යම පන්තියේ තරුණ තරුණියකට හිමිවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තරුණයන්ට නිසි උපදේශනයක් නැහැ. ඉතින් පුද්ගලිකව මේ අත්දැකීම් වලට එකතුවීමෙන් තමයි, තමන්ට මේ පිළිබඳව‍ තේරුම්ගන්න වෙන්නෙ. ඉතින් එහෙම වෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි. ඒ වගේම, මේ ගැන ඒ අත්දැකීම් ලැබුන අය වුනත් විවෘතව කතාකරන්නෙ නැත්තෙ ඇයි කියන එකවුනත්, සෑහෙන්න ලොකු ගැටලුවක්. ඒ විවෘතභාවය නැතිවෙලා තියෙන්නෙ මේ තියෙන සංස්කෘතික රාමුව නිසාවෙන්.

මනුෂ්‍ය ආදරය ඇතිවෙලා තියෙන්නෙ, තම පරම්පරාව ගෙනියාම කියන ප්‍රාථමික අවශ්‍යතාව ඉදිරියට ගෙනයාමට පදනමක් විදිහෙනුයි. හැබැයි, ආදරය හරහා බැඳීම ඇතිවුනත්, තම පරම්පරාව ගෙනියාමට අවශ්‍ය පාර නිර්මාණය වෙන්නෙ රාගයෙනුයි, ලිංගික ආශාවන් තුළිනුයි. මේක ස්වභාවික දෙයක්.

එතකොට ලංකාවෙ සංස්කෘතියට සාපේක්ෂව ආදරය කරන්න නියමිත වයස වෙන්නෙ පාසළෙන් පිටවුනාම වයසයි. ඒ මොකද, ලංකාවෙ මිනිස්සුන් ආදරය ගැන හිතන්නෙ, ආදරය කරන්නෙ රාගය මූලික කරගෙන කියන මතයත් එක්ක නිසාවෙන්. (ප්‍ර‍යෝගික ලෝකෙදි, 99%ක්ම එහෙමම තමයි) ඒ වුනාට ප්‍රයෝගිකව, ආදර සම්බන්ධකම් පාසල් වයසේම ඇතිවෙනව-නැතිවෙනව. සමහරුන් තමන්ට ආදරයක් නෑ කියා දුකෙන් ඉන්න අතරෙ, සමහරු තමන් ආදරය කියලා, ඇති කරගත්ත බැඳීම නිසා දුක්වෙනව.

ඉතින් විවාහය කියන මාතෘකාවට ඇතුළත්වෙන්නෙ දැන්. විවාහය කියන්නෙ සංස්කෘතිකමය වශයෙන් නීත්‍යානුකූල ඇතිවෙන බැඳීමක්. මේකෙන් ආදරය කරන දෙන්නාගේ එකට ජීවත්වීමේ අයිතින සංස්කෘතිය (aka: සමාජය) විසින් සම්මත කරනව. එතකොට මංගල රාත්‍රිය වැදගත්වෙන්නෙ එතනදි. රාගය හරහා ඇතිවෙන අන්‍යෝන්‍ය ආකර්ෂණය නිසාවෙන් විවාහය ස්ථාවර වෙනව.

ආදරය කරන්න දෙන්නා අතර අන්‍යෝන්‍ය අවබෝධය තිබීම ප්‍රමාණවත්. ඒත්,

(http://kawuluwa.blogspot.com/2010/05/blog-post_04.html ලිපිය සඳහා ප්‍රතිචාරය:)

මෙහෙමයි, ඕකෙ එක එක ‍මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක කාරණා නැතුවා නෙවෙයි. විශේෂයෙන්ම ඔය සම්බන්ධයක් තියෙන්න මූලිකවම දෙන්නාගේ අවබෝධයක් තියෙන්න ඕනෙ කියන කතාව මම පිළිගන්නවා වුනත්,

අවුරුදු 10ක් 15ක් ආශ්‍රය කරපු අය කසාද බැඳල, අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන වෙලාවලුත් තියෙනව.

වයස ගැන මතවාද ගොඩක් හැදිල තියෙන්නෙ ‍මේ ලෝකෙ ආරම්භ‍යේ ඉඳලම එක එක අයගෙ අත්දැකීම්, ආගමික මතවාද සහ එක එක වැඩවසම් වරප්‍රසාද ලත් පැලැන්තියේ (උදා: බමුණන්, රජවරු) අයගෙ උවමනාවට හදාගන්න එක එක මතවාද එක්ක.

ඉතින්,

විවාහය කියන එක සෑහෙන්න සීරියස් දෙයක්. දෙන්නට දෙන්න ජීව විද්‍යාත්මකවත්, මනෝ විද්‍යාත්මකවත් ගැලපෙන්න ඕනෙ.

‍කොච්චර දෙන්නාව තේරුම්අරගෙන තිබුනත් විවාහ‍යේදී ජීව විද්‍යාත්මකව කරුණුත් බලපානව.

උදාහරණයක් විදිහට තමාට වඩා වයසින් වැඩි කාන්තාවක් විවාහයේදී පිරිමියාට වඩා ඉක්මනින් කාන්තාව වයසට පත්වීම නිසා එක එක ගැටලු නිරායාසයෙන්ම ඇතිවෙන්න පුලුවනි. (හැබැයි වයස කොච්චර ගියත්, ඒ ආසාවන්, හැකියාවන් ඒ විදිහට රැක‍ගැනීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව)

ඔය කවුරු බණ දේශනා කරත්, ප්‍රායෝගික ලෝකෙදි නොයෙකුත් ප්‍රශ්න එනව.

ආදරය කියන සංකල්පයත්, විවාහයත් පටලවාගත යුතු නැහැ. විවාහය ගොඩනැගෙන්නෙ ආදරයත් රාගයත් එකතු වෙලා එතනින් තමන්ගෙ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න.

ඒත්, ආදරය කියන්නෙ වෙනම මතවාදයක්.

ඕනෙම කෙනෙකුට ආදරය කරන්න පුලුවනි. ඒත් ආදරයත් රාගයත් එකතුකරගත්තොත්, එතනදි ඒක වෙන්නෙ විවාහවීමේ අපේක්ෂාවත් එකතුකරගෙන නොබිදිය හැකි බැඳීමකුත් එකතුවෙලා.

රාගය අවශ්‍ය වෙන්නෙ විවාහය රැකගන්න.

මේ කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. තමන්ට හොඳයි, ගැලපෙනවා කියල හිතෙනවනම්, ඒ ‍දේ කරන්න ඕනෙම කෙනෙකුට අයිතිය තියෙනව.

සංස්කෘතික රාමුවලින් එළියට යෑමේ අවසරය ඕනෑ කෙනෙකුට තියෙනව. මොකද ලංකාවෙ සංස්කෘතිය නෙවෙයි ඇමරිකාවෙ.

පසු ලිවීම: මේක මාතෘකානුකූල රචනාවක් නෙවෙයි. සිතිවිලි දහරාවක එකතුවක්.

තවත් සියදිවිනසාගැනීමක්!
වෙනද වගේ සංගම් වැඩවලට පන්තියේ වැඩ අතපසු කරගන්නෙ නැතුව හොඳ ළම‍ය වගේ කලාතුරකින් පන්තියට වෙලා ඉන්නකොට, පන්තියේ යාළුවෝ කතා වෙන දෙයක් එක පාරටම කනට වැටුන. කනට වැ‍ටුනෙ නම් එච්චර සුබ ආරන්චියක් නෙවෙයි. මේක තවත් සිය දිවි නසාගැනීමක්!

සියදිවි නසාගෙන ඇත්තේ පාසල් ශිෂ්‍යයෙක්. නම ගම වයස මම කියන්නෙ නම් දන්නේ නැහැ. නමුත් මරණයට මුල්වූ සිද්ධිය, එහෙමත් නැත්නම් සියදිවි නසාගැනීමට හේතුවක් වුන කාරණය නම් මගේ යාළුවන්ගේ කතාබහෙන් දැනගන්න ලැබුන. ඒ කතාව කෙටියෙන් කිව්වොත්; තමන් ආදරය කරපු තමන්ගේ පෙම්වතිය. තමන්ව අතඇරලා තමන්ගේ හොඳම යාළුවෙකුගේ පෙම්වතිය වීමයි මේ අවාසනාවන්ත සියදිවි නසාගැනීමට හේතුව.

පහුගිය වර්ෂයේ එක්තරා විශේෂ සහගත සියදිවි නසාගැනීමේ සිද්ධියකින් පස්සෙ, ජනමාධ්‍යවලට විකිණීමට සුදුසු මට්ටමෙන් ඉහළ ගියපු ප්‍රවෘත්ති ඉල්ලුම වුනේ සියදිවි නසාගැනීම් පිළිබඳ ඉල්ලුම. සියදිවි නසාගැනීමක් පිටිපස්සෙ බොහෝ සංවේදී කතා රැසක් ‍ගොනු වෙලා තියෙන නිසා තමයි, බොහෝ දෙනා නිරායාසයෙන්ම මේ වගේ ප්‍රවෘත්ති පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නට ඇත්තෙ.‍ කොහොම වුනත්, මනෝවිද්‍යාත්මක සාධක මත සියදිවි නසාගැනීම් පිළිබඳ ප්‍රවෘත්ති දැන් වාර්තා වෙන්නේ නැහැ.

කොහොමහරි තවමත් සියදිවි නසාගැනීම් වෙනව. ඒක තවත් වැඩිවෙන ප්‍රතිශතයක් මිසක්, අඩුවෙන ප්‍රතිශතයක් ගැන නම් හිතාගන්න බැහැ. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය අතින් ඉහළම රට ජපානය. ළඟදි නිකුත් වුන “ත්‍රී ඉඩියට්ස්” චිත්‍රපටිය යටින් යන්නෙත් සියදිවි නසාගැනීම පිළිබඳ කෙරෙන වි‍වේචනයක් හරහා. සියදිවි නසාගැනීම් සියයට සියයකින් නවත්වන්න නම් බැරිවෙයි. ඒත් අවාසනාවන්ත සියදිවි නසාගැනීම් එකක් දෙකක් හෝ නවත්වාගන්න හැකි‍වුනොත්, මේ ලෝකය තවත් ලස්සන වෙන්න පුලුවන්.

මීට කාලයකට පෙර සිසු සිසුවියන් කණ්ඩායමක්ම සියදිවි නසාගත්තේ තම ගුරුවරයා විසින් තමන්ගේ නිවෙස් වලට තමන්ගේ පෙම් සම්බන්ධාව එළිදරව් කියනවා කෙ‍රුනු තර්ජනය උඩ. සියදිවි නසාගැනීම් සඳහා මුල් වෙන ප්‍රධානම සාධකය අද ආදරය කියන මාතෘකාව වෙලා.

ආදරය සුන්දර නම්, ඇයි ආදරය නිසා සියදිවි නසාගන්නෙ?

මේක බරපතළ කාරණයක්. ආදරය තරම් දරුණුවට දැනෙන තවත් දෙයක් නැති බව මමත් පිළිගන්න කාරණයක්. මමත් මේ වෙනකොට පෞද්ගලිකව සමහර දේවල් ගැන ගොඩක් හිතන්න බලන්න පුරුදු වෙලා තියෙන කෙනෙක්. ආදරය සුන්දර නිසා, ආදරය නිසා සියදිවි නසාගැනීමට පෙළබෙන්නෙ, ඒ ආදරයේ සුන්දරත්වය තමන්වෙත අහිමි වීමේ විරහවෙන්ද? තමන්ට තමන් පිළිබඳ අවතක්සේරුවක්, එහෙමත් නැත්නම් තමන්ගේ හිත ඇතුළෙ විශාල රික්තයක් නිර්මාණය වෙලා, ඒ රික්තයේ පුපුරායාමක් විදිහට මේක දකින්නත් පුලුවන්.

තමන් ආදරය කරන්නේ සාපේක්ෂව කියන කාරණය මම බොහෝ විට කියල ඇති. ‍ඉතින් තමන් ආදරය කරන කෙනාගේ සිතැඟි තේරුම්ගෙන ඇයට හෝ ඔහුට කැමති තෝරාගැනීමක් කරගැනීමට ඉඩදීම උපේක්ෂාවෙන් භාරගැනීමට අර මුලින් කියපු කතා නායකයාට හැකියාවක් තිබුනානම්, ඒ අවාසනාවන්ත මරණය නවත්වාගැනීමට හැකියාව තිබුනා වෙන්න පුලුවන්. ඒත් අපි කියන තරම් මේ කාරණය ලෙහෙසි පහසු කාරණය නෙවෙයි. හුදෙක් ආදරය, බොහෝවිට ආත්මාර්ථකාමය වෙන්නත් පුලුවන්. මේ ආත්මාර්ථකාමය මගේ, ඔබේ කාගෙහරි හිතක හොර රහසේ සැඟවිලා ඉන්න පුලුවන්. අපි මොනව කිව්වත්, අපි පෘතග්ජන මිනිස්සු.

තවත් දෙයක්, බොහෝ දෙනෙක් ආදරය කළත්. ආදරයේ සොබාවික නීති පද්ධතිය අඳුනගෙන ඉන්න එක වැදගත්. ඉතින් මේ දේවල් අපේ පාසලේ සිලබස් එකේ නැහැ. තියෙන තරගකාරී සමාජය ඇතුළෙ මේ දේවල් අඳුරගන්න මටත් බැරිවෙලා තියෙනව. මොනදේ වුනත්, ඔබ ආදරය කරන කෙනා එක්ක විවෘතව කතා කරන්න. ආදරය කරන කෙනා අඳුරගන්න. සමහර විට ඔබේ ආදරය අවුරුදු 5ක් 10ක් වෙන්නත් පුලුවන්. ඒත් අපි නොදන්න පැති ගොඩක් තියෙන්න පුලුවන්. ‍බොහෝවිට වර්තමානයේ පෙනෙන දෙයක් තමයි අවුරුදු ගාණක් පෙම් සම්බන්ධතා පවත්වාගෙන ඉඳල, විවාහ වෙලා ටික දවසකින් තමන්ගෙ විවාහ ජීවිතය කටුගාන අය.

ආදරය හා ලිංගිකත්වය කියන්නෙ සෑහෙන සීරියස් දෙයක්. අපේ වැරදි ගොඩක් තියෙනවා වෙන්න පුලුවන්. ඒ වැරදි අවබෝධ කරගෙන ඉදිරියට යන්න. කවදාවත් තමන්ගෙ ගමන සියතින් නසාගන්න උත්සාහකරන්න එපා. පුලුවන්තරම් ඔබේ යහළුවන්, මිතුරු මිතුරියන්, පෙම්වතා හෝ පෙම්වතිය එක්ක ඇතිතරම් කතාකරන්න. ප්‍රශ්න විසඳගන්න. තත්වය දරුණු නම් හෝ පාලනය කරගැනීමට නොහැකි නම් කරුණු අවබෝධයෙන් යුතුව දෙපාර්ශවයම සතුටෙන් වෙන්වෙන්න. හැබැයි, අමතක කරන්න එපා! තමාට තමාවත් විශ්වාස කරගන්න බැරි ලෝකයකයි අපි ඉන්නෙ.

විශ්වාසය ගැන අතුරු කතාවක් මේ මාතෘකාව ඇතුළටම ගේන්නම්. කවදාවත් ජනමාධ්‍ය විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම ලංකාවෙ ජනමාධ්‍ය. කවුද ඇත්ත කියන්නෙ, කවුද බොරු කියන්නෙ කියල තේරුම්ගන්න බැරි ලෝකයක් මේක. එහෙම කවුරුවත් තේරුම්ගන්න බැරිවෙන ලෝකයක ඉන්න අපි, සියදිවිනසාගන්නේ අපිට කවුරුවන්වත් විශ්වාස කරන්න බැරි නිසාද? ලෝකෙ අපිට විශ්වාස කරන්න පුලුවන් කවුරුත්ම නැද්ද?

අපි අසරණයි.

3 IDIOTS | DON’T BE STUPID! BE AN IDIOT!
මේක සෑහෙන්න කලින් ලියන්න හිටපු ලිපියක්. ඒ වුනාට දැන් වුනත් ඒ ලියමනට ප්‍රමාද නැහැ කියලයි හිතුනෙ. මතකයට නැගෙන විශේෂ දවසක් වුන ඒ දවසෙ වි‍ශේෂ සිද්ධියකින් පස්සෙ මමත්, තවත් අපේ ගැන්සියේ කිහිපදෙනෙක් එකට ‍එකතු වුනේ චිත්‍රපටියක් බලන්න යන්න. සාමාන්‍යපෙළ විභාගය ලියපු අන්තිම දවසෙ රබ් නේ බනා ඩි ජෝඩී චිත්‍රපටිය බලන්න එකතුවුන අපේ නේවාසිකාගාරයේ ගැන්සිය තවමත් තැන තැන චිත්‍රපටි බලන්න තැන තැන එකතුවෙනව. මේකත් ඒ ‍වගේ අවස්ථාවක්.

චිත්‍රපටිය බලන්න යනකොට මැජෙස්ටික් සිටි ‍සිනෙමා එකට සෑහෙන්න පෝලිමක්. චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කරල සැලකිය යුතු සෑහෙන්න කාලයක් ඒ වෙනකොට ගතවෙලා තිබුනත්, තවම චිත්‍රපටියෙ උණුසුම නොගිහින් තිබීම පිළිබඳව අපට දැනුනෙ පුදුමයක්. සෑහෙන්න වෙලාවක් පෝලිමේ රැඳුන අපි, අන්තිමේ තදබදය අස්සෙ ඇතුළට ගියේ චිත්‍රපටිය බැලීමේ පුදුම ආශාවකින්.

අමීර් ඛාන් නළුවෙක් විදිහට අපේ ජීවිත වලට සෑහෙන්න බලපෑම් කරපු කෙනෙක්. ඒක හරි පුදුමාකාර දෙයක්. චිත්‍රපටි වලට සෑහෙන්න ‍ලොකු බලපෑමක් මිනිස් ජීවිත වලට කරන්න පුලුවන්. සිතිවිලි ආකල්ප වෙනස් කිරීමේ හැකියාවක් අපිට තියේනම්, අපිට සෑහෙන්න වෙනසකට මුල පුරන්න පුළුවනි. වෙනසක් තමයි වැදගත්. අමීර් ඛාන් දිහා ආපස්සට හැරිල බැලුවොත්, අමීර් ඛාන්ගෙ රංගනය ඉදිරිපත් වුන මෑත චිත්‍රපටි පෙළගැස්ම සැලකිල්ලට අරගත්තොත්, පිළිවෙලින් මංගල් පාණ්ඩේ, ‍රංග්දෙ බසන්තී, ෆනා, තාරේ සමීන් පර්, ගජිනි. මේ චිත්‍රපටි අතරින් නැවත නිෂ්පාදනයක් වෙන ගජිනි චිත්‍රපටිය මඳකට අත්ඇරියොත් ඉතිරි හැම චිත්‍රපටියකම කතා තේමාවන් අති‍ශයෙන්ම සුවිශේෂීයි. ඒ අතරෙන් රං‍ග්දේ බසන්තී චිත්‍රපටිය සුවිශේෂයි. ගජිනි චිත්‍රපටිය ගත්තොත් චිත්‍රපටියේ කූටප්‍රාප්ති දර්ශනය එහෙම නැතිනම් climax එක, අමීර් ඛාන්ගේම රචනයක්. ඒක දමිළ චිත්‍රපටියට වඩා වෙනස්.

‍‍අමීර් ඛාන් ගැන අතිරේක විස්තරයක් ගෙනාවෙ චිත්‍රපටියට ඇතුළත්වෙන්න පාර හදාගෙන. කලින් රඟපෑම්වල අපූර්වත්වය දන්න නිසාම. අමීර් ඛාන්ගේ චිත්‍රපටියක් අතඅරිනවා බොරු! ඒකයි ආයෙමත් සැරයක් චිත්‍රපටිය බලන්න ගියෙත්!

වැඩවසම් ක්‍රමයයි, වර්තමාන ක්‍රමයයි අතර වෙනසක් නැහැ කියල තේරුම්ගියෙත් ‍මේ චිත්‍රපටිය බලලම තමයි. ඒක සංකීර්ණ කතාවක්. කෙටියෙන් කිව්වොත්… වැඩවසම් ක්‍රමය ඇතුළෙ කෙනෙක්ගෙ උපතින් කෙනෙකුගේ කුලය තීරණය වුනා. රැකියාව කුලය මත පදනම් වීම නිසා, කෙනෙක් කරන්නෙ තමන්ට කරන්න තියෙන දේ මිස, තමන්ට ඕනෙ දේ නොවෙයි. අලුත් ක්‍රමයත් වැඩවසම් ක්‍රමයට අලුත් ඇඳුම් ඇන්දවීමක් විතරයි. ඒක ටිකක් වැඩවසම් ක්‍රමයට වඩා සංකීර්ණයි. උපතින් මඟපෙන්වන්නෙ ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න විතරයි. ඒක ලංකාවෙ විතරක් නෙවෙයි. තවත් තැන් වල එහෙමමයි. ඒ අතින් බැලුවාම ඒක තමයි හැමදාටම ගැලපෙන ඇත්ත. ඒක ගැනයි අපි මෙච්චර වදවෙන්නෙ. නිව්ටන්ගෙ තියරි වගේ, ලෝකය කැරකෙන්නෙ අපිට තේරෙන්නෙ නැති ක්‍රමයක්, සිස්ටම් එකක් ඇතුළෙ. ඉතින් එහෙව් එකේ ‍ඒක වෙනස් කරන්න වෙරදරන කාලය හිත සතුටින් ජීවත් වීම, ක්‍රමය වෙනස් වීම නිසා සිහින කඩාගෙන බිම ඇදවැටීමෙන් ඇතිවන සමාජ කලකිරීමට වඩා හොඳයි කියලයි එක වෙලාවකට හිතෙන්නෙ.

කතා කරන්න පටන්ගත්තෙ ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටය ගැන. තමන්ගෙ ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරගන්න ඉංජි‍නේරු පීඨයට එන දෙන්නෙකුට. අපූරු කාමර සගයෙක් හම්බවෙනව. ඒ රැන්චෝ. යාලුවෝ දෙන්නාගෙ නම් කිව්වොත්, එක්කෙනෙක් ෆර්හාන් කුරේෂි. අනිත් කෙනා රාජු රස්තෝගි. මේ තුන්දෙනාගෙ චරිත වලට පණ පොවන්නෙ රංග්දේ බසන්ති චිත්‍රපටියෙදි මුනගැහුන යාළුවෝම තමයි. ඒ අමීර් ඛාන්, මාධවන් ‍වගේම ෂර්මන් ජෝෂි. තිරයෙ විවේක කාලයෙන් පස්සෙ ඇඟටයි හිතටයි දැනෙන්නෙ කම්පනයක්! ඒ කම්පනය දැනෙන්න නම් චිත්‍රපටිය බලන්නම ඕනෙ.

චිත්‍රපටය බොලිවුඩ් විලාසිතාවේම චිත්‍රපටයක් වුනත්, ඇතුළෙන් අපට නොදැනී ගලාගෙන යන කතාව විශ්වීයයි. සමහර වෙලාවට අපි හිනාවුනේ අපි අපිටම. අපි හිනාවුනේ නවකවදයට වෙන්න පුලුවන්. අපි හිනාවුනේ මොකක්හරි රඟපෑමකට වෙන්න පුලුවන්. ඒත් ඒ හිනාවුනේ අපි අපිටමයි.

චිත්‍රපටියෙ තියෙන්නෙ හිනාව විතරක් නෙවෙයි. කටේ හිනාව පුරවගෙන ඉදිද්දි එකපාරටම මුළු හිනාවම අපෙන් ඈතට අයින් කරල අපි හිනාවුනේ අපිටම කියල පෙන්නනව. කවදාවත් ප්‍රශ්න වලින් පැනල යන්න එපා. All Is Well කියල  හිතාගන්න. තමන්ගෙ හදවතට ඒක දැනෙන්න දෙන්න. එතකොට හැමදේම හරියාවි.

‍මේ චිත්‍රපටිය අපි විතරක් බලල ‍තේරුමක් නැහැ. අපෙ අම්මල තාත්තලාට මේව පෙන්නන්න ඕනෙ. ඒත් ඒ අයට කෝ මේව බලන්න වෙලාවක්?

මේ තියෙන්නෙ 3 IDIOTS චිත්‍රපටයේ වීඩියෝ කිහිපයක්. වෙබ් පිටුව මත පෙන්වීමේ හැකියාව නම් නැතිකරල. ඒක නිසා ගිහිල්ලම බලන්න වෙනව. බැලුවා කියල පාඩුවක් නම් නෑ!

http://www.youtube.com/watch?v=fwIApTFkoTM

http://www.youtube.com/watch?v=xvszmNXdM4w

http://www.youtube.com/watch?v=l_VTCNj1gCA

http://www.youtube.com/watch?v=W0grklxp0ew

http://www.youtube.com/watch?v=wXxOJpMLekY

http://www.youtube.com/watch?v=29Jtj4w9nvY

http://www.youtube.com/watch?v=lOF7X8o-P_o

http://www.youtube.com/watch?v=7xcsKvChNxw

තවත් වීඩියෝ මෙතැන තියෙනවා – http://www.youtube.com/user/3idiots

ජීවිතය, ආදරය, මිත්‍රත්වය, දෙමව්පිය දූදරු බැඳීම්, වගකීම් ගැන නිදහසේ කතාකරන මේ චිත්‍රපටිය කවදාවත් මඟහරින්න එපා. තියෙන තැනක් ‍හොයාගෙන බලන්න යන්න අද හෙටම.

ජීවිතය තනිකරම රේස් එකක්. දුවන්න, ඒත් හති වැටිලා නතර වෙන්න නම් එපා!

ආදරය
සෑහෙන්න කාලයක ඉඳල ලියන්න කියල හිතාගෙන තිබුන මාතෘකාවක් තමයි මේ ආදරය. සංවේදී මාතෘකාවක්. ‍දේශපාලනයට නෙවෙයි. හදවතට සංවේදී මාතෘකාවක්.

සෑහෙන්න කාලයට ඉඳල මම බස් එකේ යනව. දවසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වෙන්නෙ බස් එක ඇතුළෙ කිව්වොත් ඒක අතිශ‍යෝක්තියක් නෙවෙයි. ඒ අතින් හදවතට සංවේදීම වාහනය බස් එක. ලොකු වෙලා ලොකු රස්සාවක් කරල පුතේ කාර් එකක්, වෑන් එකක් ගනිං කියල අම්මල කිව්වට, මට නං හිතෙන්නෙම බස් එකක් ගන්න!

සිරාවට!

ආදරය මාතෘකාවට බස් එක ඈදල ගත්තෙ වි‍ශේෂ හේතුවක් නිසා. බස් එකේ කොනකට වෙලා කිසිම බරක් පතළක් හෑල්ලුවක් නැතුව කරට අත දාගෙන ආදරය කරන පෙම්වත්තු. සමහර වෙලාවට බස් එක නැවැත්තුව ගමන්ම බස් එකේ පිටිපස්සෙ සීට් එක අයිනට වෙලා කරට අතදාගෙන කතා කරල, ඊට පස්සෙ බස් එක පිටත් වෙන්න මොහොතකට කලින් එන්ජිම ගැහෙන්න පටන්ගත්තාම බස් එකෙන් බැහැල. ඊට ළඟින් ගාල් කරල තියෙන බස් එකට නගින සංචාරක පෙම්වත්තු.

මුලින්ම ප්‍රේම කරන හැටි දැක්කෙ පාරේ. ෆිල්ම් වල ප්‍රේම කරනවා දැකල තියෙනවා කියන එක වෙනම කතාවක්. ඒ වුනාට මේක තමයි රියැලිටිය. අපි දකින ප්‍රේම කරන තාත්වික ආකාරය.

හ්ම්…

ආදරය කියන්නෙ පුදුමාකාර දෙයක්. ආදරය කියන දේ ගැන හොයල බලන්න මොනතරම් උවමනාව තිබ්බත්, විකීපීඩියාවෙ “Love” කියල සර්ච් කරත්. අපි අපිම දකින ආදරය අපිටම සාපේක්ෂව වෙනස්. මම දැකල තියෙනවා සමහර අය තමන්ට ආදරය කෙනෙක් නැතිව හූල්ල හූල්ල ඉන්න හැටි. ඒත් සමහර විට ඒ අයට ආදරය කරන අය ගොඩක් ‍දෙනෙක් ඉන්න පුළුවන්. සමහර විට ‍මේ අත ළඟම! ඒත් ප්‍රශ්නය…

අපිට ඒ ආදරය නොදැනෙන එකයි.

ඇත්ත කතාව,

අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ

අපිට ආදරය කරන අයට අපි ආදරේ නෑ

‍මේක සමහර දෙනෙක්ට ඇත්තක්. සමහර දෙනෙක්ට බොරුවක්. ඒ කියන්නෙ ඇත්ත-බොරුවක්.

තමන් ආදරය කරන ගෑනු ළමය පිරිමි ළමයෙකු ගැන කියද්දි (හෝ පිරිමි ළමය ගෑනු ළමයෙකු ගැන කියද්දී) ඒක අහගෙන ඉන්න කෙනාගෙ හිතට දැනෙන්නෙ මහ විකාර හැඟීමක්. බොරු කියන්න අවශ්‍ය නැහැ. මට ඒක දැනිල තියෙනව. ඒක ඇතිවෙන්නෙ මොකක් නිසාද කියල හිතාගන්න බැරිතරම්. සමහරවිට ඒක ආත්මාර්ථකාමය වෙන්නත් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ තමන්ගෙ ආදරවන්තිය (හෝ ආදරවන්තයා) වෙ‍න කෙනෙක් ගැන වර්ණනා කරන්නෙ ඇයි. මේ “මම” ඉන්නවා කියල හිතෙන ආත්මාර්ථකාමී සිතිවිල්ල. ප්‍රේමවන්තයෝ කියන්නෙ ජීවිත දෙකක්. දෙන්නටම කියල තමන්ගෙ කියල නිදහසක් තියෙනව. ඉතින් එහෙම එකේ… ඇයි, තමන් කැමති කෙනෙක්ව වර්ණනා කරන්න තමන්ට බැරි?

පුදුමයි.

සමහර විට. ආදරය කියන්නෙ පරාර්ථකාමය. අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ හැඟීම්, සිතිවිලි, වචන හිරකරගෙන ඉන්න එක. තමන් දන්නවා තමන් කියන මේ දේ නිසා මෙහෙම හිත් රිදීමක් ඇතිවෙන්න පුලුවන් කියල. ඉතින් ඒක නිසා අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ සිතිවිලි අරපරිස්සමෙන් හිරකරගෙන ඉන්නව. ඒත් ඇයි වෙනකෙනෙක් නිසා තමන්ගෙ හිතේ හැඟීම් හිරකරගෙන ඉන්නෙ?

දැනිල තියෙනවාද නිකන් මුලු සිරුරම හිරිවැටිල මුකුත්ම කරගන්න බැරිගතියක්? සම්පූර්ණයෙන්ම හදවත හිරිවැටිල තද වෙලා වගේ ගතියක්? ලේ ගමනාගමනයක් මුකුත් සිද්ධ වෙන්නෙ නැති ගතියක්? නැතිනම් හුස්ම ගන්න අමතක වෙලා යන ගතියක්? හුස්ම ගැනීම සාමාන්‍ය පරිදි කෙරෙන්නැති, තමන්ගෙම ආයාසයෙන් හුස්ම අරගන්න ඕනේ වගේ ගතියක්?

ඒක ශරීරයේ ඇතිවුන ලෙඩක්ද?

මේ හැම දේටම බලපාන්නෙ හිත. මිනිස්සු ලෙඩ වෙන්නෙ 90%ක්ම හිත නිසා. අඩුම තරමෙ තමන් ලෙඩෙක් කියල හිතන්න ඕනෙ තමන් ලෙඩෙක් වෙන්න. මගේ යාළුවෙක් ඉන්නව. මිනිහ කියන්නෙ මිනිහගෙ ඇඟේ තියෙන ලෙඩ මිනිහවත් දන්නෙ නැහැලු. ඔන්න ඔය එකපාරක් ඉස්කෝලෙ තියපු නොමිලේ වෛද්‍ය පරීක්ෂණයකින් තමයිලු දැනගත්තෙ තමන්ගෙ පපුවෙ මොකක්ද හිලක් තියෙනව කියල. ඉතින් ඒ මනුස්සයට ගානක්වත් නැහැ. හොඳින් ඉන්නව. තමන් ලෙඩෙක් කියල නොහිතන තරමට. තමන් ලෙඩෙක් නොවෙයි!

ඉතින් ආදරය එක්තරා ආකාරයක ලෙඩක්!

ආදරය කියන දේට දුර කියන දේ කොයිතරම් බලපාන්නෙ නෑ කියල හිතාගෙන තිබුනත්. ඒක සෑහෙන්න වැරදි කතාවක්. තමන්ගෙ ගෑනු ළමය (හෝ පිරිමි ළමය) හැබැහින් දකින්නෙ නැතුව ඉන්න පුළුවන් කාටද? Long Distance Relationship එකක් නඩත්තු කරන්නෙ කො‍හොමද? පෙම්වතිය (හෝ පෙම්වතා) තමන්ගෙන් ගව්ගානක් දුර නම්… පිටරටක නම්…? ඒකනිසා තමයි 90%ක්ම පෙම්වතා-පෙම්වතියම කසාද සහතිකයෙ අත්සන් කරල එක ගෙයි කුරුල්ලෝ වෙන්න සමාජයෙන් අවසර ඉල්ලන්න හැමවෙලාවකම උත්සාහ කරන්නෙ. මේ කියන දේ සීමාවෙන්නෙ ලංකාව කියන පරිසරය ඇතුළෙ කියන එකත් මතක තියාගන්න. බොහෝ විට වෙනත්රටවල. තමන් කසාද සහතිකයට අත්සන් නොකරත්, එක ගෙයි අඩුම ගානෙ පුංචි කාමරයකවත් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනව. ඒත් ලංකාව වගේ රටක තියෙන සංස්කෘතික බැඳීම් ඇතුළෙ. ඒ වගේ දෙන්නෙක්ට එල්ල වෙන අපවාද! (?)

සමහර විට තමන්ගෙ ගෑනු ළමය (‍හෝ පිරිමි ළමය) හංගන පුංචීම පෞද්ගලික දෙයක් වුනත්. අනිත් කෙනාට තදින් දැනෙන්න පුළුවන්. ඉතින් ආදරය කරන අයට තමන්ගෙ කියල පෞද්ගලිකත්වයක් ඇත්තෙම නැද්ද?

මේ දකින්නෙ මට පේන පරිසර රාමුව විතරයි. එතනින් එහා ආදරය කියන මාතෘකාව තවත් බොහෝ දේවල් වලට වෙන්වෙලා යනව. සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක් විදිහට මට කතාකරන්න පුළුවන් මේ ගැන විතරයි. තව බොහෝ දෙනෙකුට ආදරය ගැන තියෙන්නෙ තවත් අදහස්…

ආදරය සාපේක්ෂයි!

සමහරු කියන්නෙ එක්කෙනෙක්ට විතරක් ආදරය කරන්න එපා, තවත් දෙතුන් දෙනෙක්ව ආශ්‍රය කරන්න. එතකොට ඔය තියෙන ලෙඩ නැතිවෙලා යාවි කියලයි… ඒක සමහර අයට හරියන්නත් පුලුවන්. සමහර අයට වරදින්නත් පුළුවන්. සමහර අයට හරියන්නත් පුලුවන්. ඉතින් ඒකයි කියන්නෙ,

ආදරය සාපේක්ෂයි!

පසු ලිවීම: තව ගොඩක් දේවල් ලියන්න තියෙනව. ඒත් දැනට මේ ඇති. අවුරුද්දෙ මුලම ටිකක් සංවේදී මාතෘකාවක් (ආයෙමත් මේ කියන්නෙ! දේශපාලනයට සංවේදී නම් නෙවෙයි…) හරහා ආරම්භ කරන්න හිතුන. අලුත් අවුරුද්දෙ, අලුත් ලිවිල්ල.

2010 පෙර…
අනේමන්ද…

අවුරුද්දක් ඉවරයි…

පුදුම තෙහෙට්ටුයි…

අලුත් අවුරුද්දක්…

අලුත් බලාපොරොත්තු…

පරණ දේවල් අමතක කරල…

හොඳ දේවල් අරගෙන…

අලුත් අවුරුද්දට යන්න…

අපි…

උත්සාහ කරනව…

මේ අවුරුද්ද ඉවරවෙන්න තියෙන්නෙ තව දවස් කිහිපයක් විතරයි. පුදුමයි. කැලැන්ඩරයේ පිටු ගැලවෙන වේගය අදහාගන්නත් බැරි තරම්. ඇදැහුවත්… නැතත්… අපිට කාලය එක්ක ලොකු සටනක්. ලබන අවුරුද්ද කොච්චර අභියෝගාත්මක අවුරුද්දක්ද? තව අවුරුදු එකහමාරකට පස්සෙ උසස් පෙළ. ඊට පස්සෙ තව තවත්…

මං හිතන්නෙ ලබන අවුරුද්දත්, එහෙ බලල මෙහෙ බලනකොට ඉවරවෙයි. කොහොමවුනත්, මම මේ අවුරුද්ද දාලා යන්න අකමැති තරම් මේ අවුරුද්දට ආදරෙයි. පස්සෙන් පස්සට මමම මේ බ්ලොග් සටහනේ ලියල තිබුන දේවල් කියවගෙන ගියාම… මේ මමම නේද කියල හිතුනම ඇතිවෙන්නෙ පුදුම සතුටක්. හැමදාම කියනව වගේ ජීවිතේට පුදුමාකාර තරම් වෙනස්කම් එකතු කරගන්න පුලුවන් වුන අවුරුද්දක් තමයි 2009. 2009 වගේම 2010 අවුරුද්දත්… ජීවිතේට වටිනාකම් එකතු කරාවි. හැමෝටම එහෙමයි. ජීවිතයට වටිනාකම් එකතු කරන්නෙ කාලය..

ඉතින්… කාලයේ ජීවත් වෙමු.

මේ අවුරුද්ද ගැන ආපහු හැරිල බැලුවොත් පුදුමාකාරයෙන් සතුටු වෙන්න පුලුවන් අවුරුද්දක්. සමහර කළු පැල්ලම් නැතුවා නෙවෙයි. ඒත් ‍ඒ සේරම මැකිල යන්න පුලුවන් තරම් වටින අත්දැකීම් ගොඩක් එකතු කරගන්න ලැබුන අවුරුද්දක්.

මේ අවුරුද්දෙ මුල ඉඳලාම උසස් පෙළට අනුගත වීම, විෂයන් තෝරාගැනීම, පොත් කියැවීම, ව්‍යාපෘති වලට සම්බන්ධ වීම, ආදරය, මිත්‍රත්වය, සාහිත්‍ය, ආකල්ප…

ඔහොම කියාගෙන ගියොත්… ඉවරයක් නැති තරම් දේවල්…

පුදුමයි!

මේ මම, මමමද කියල…

මේ පහළින් තියෙන්නෙ අපි කරපු කලා උළෙලේ මගේ හිතට අහුවුන වීඩියෝ කිහිපයක්. අන්තිම එක නම් ඉතින් පොඩි ඇඩ් එකක්. පොඩි සෙල්ෆ් ප්‍රමෝෂන් එකක්. ඒ කිව්වෙ මේ පොඩි ඇඩ් එකක්…   කලා උළෙලේ සිදුවීම් ටිකත් මේකත් එක්කම ලියල දාන්න හිතෙනව. කලා උළෙල සංවිධානය වුනේ විභාගයක් අස්සෙ. ඉතින් ඒක විභාගයකට දරුණු විදිහට බලපෑවා කියන්න ලැජ්ජ වෙන්නෙ නැහැ. ඊළඟ විභාගය හොඳින් කරගෙන උසස් පෙළට මුහුනදෙන එක තමයි දැන් බලාපොරොත්තුව. ඇත්තම කිව්වොත් කලා උළෙලේදි අඳින්න වෙන්නෙ සරමක් කියල මතක් වුනේ ඇඳුම දැක්කාට පස්සෙ. ඕක ගැටගහගන්න ඒ වෙලාවෙ ළඟ පාත කිසිම දෙයක් තිබුනෙ නැත්තෙ එදාට කලින් දවසෙ රෑ නයිට ගැහුවෙ ඉස්කෝලෙ ඉඳගෙන නිසා. අන්තිමට ඇත්තම කිව්වොත්, සරම ඉනට තදකරල ගැටගහගෙන හිටියෙ මගේ ෆෝන් එකේ හෙඩ් සෙට් එකෙන්! අපරාදෙ කියන්න බෑ… ඊට පස්සෙ හෙඩ් සෙට් එක දැක්කෙ නෑ ඇහැට… අන්න එහෙමයි හෙඩ් සෙට් එකෙන් ලජ්ජාව වහගත්තෙ. කොච්චර කලා උළෙල ගැන හිත හිත හිටියා කියනවානම්…ඒ වෙලාවෙ කකුලෙ නියපොතු වැවිලා තිබුන දිග දැක්කාම මට සිහිනැතිවෙන තරම්… නියපොතු කාට හරි වැදුනානම් ඔය යන එන අස්සෙ, මෙලකට ඒ වැදුන කෙනා තාම හොස්පිටල්!

සම්පූර්ණ කලා උළෙල මෙතනින් මෙහෙම වීඩියෝ එකින් එක බලන්න පුලුවන්.

මේ තියෙන්නෙ මම කලා උළෙලේ සිත්ගත්ම අංගය. ඒක මට විතරක් නෙවෙයි. ගොඩක් දෙනෙක්ට එහෙමයි… මේකට සම්පූර්ණයෙන්ම ස්තූති කරන්න ඕනෙ අපේ විද්‍යාලයේ සංගීත භාර ආචාර්ය අශෝක පුෂ්පකුමාර ගුරුතුමා ඇතුළු වාද්‍ය වෘන්දයටයි. මේක ඇත්තටම මාරයි!

ඊළඟට අවසාන වශයෙන් ඔක්කොම ඉවර කරල මට තමයි ස්තූති කතාව කරන්න වුනේ. ස්තූති කතාවක් කරන්න ඕනෙ කියල මතක් වුනේ එදා උදේ. ඉතින් කතාවක් ලියල හදාගන්න හැදුව හැදුව හරිගියේ නැහැ. අන්තිමට ඒ වෙලාවට හිතෙන විදිහට ස්තූති කතාව හිතේ ලියාගෙන ගිහිල්ල හිතේ හැටියට කියල නතර කළා… සමහර නම් අමතක වෙන්නත් ඇති. ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිනවා…

ඉතින් අසෙනිය කුසුමත් එක්ක කොහොම කො‍හොමහරි එකතු වුන හැම දෙනාටම ස්තූතියි…

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

අපේ ආකල්ප හොඳ මට්ටමකට අරගෙන එන්න පුලුවන් වුනොත්… ඊළඟ අවුරුද්ද අපිට ජයග්‍රාහී අවුරුද්දක් කරගන්න පුලුවන් වේවි. මොනතරම් සමාජය, දේශපාලනය, ආර්ථිකය පහළටම ඇදගෙන වැටිල තිබුනත්… අපි පුද්ගලික වශයෙන් හරි ආකල්ප වෙනසකින් ඉදිරියට ගියොත් අපිට, අපි හැමෝටම දිනාගන්න බැරි වෙන එකක් නැහැ!

අපොයි!

මට අමතක වීමේ ලොකූ ලෙඩක් තියෙනවා කියලයි හිතන්නෙ. මට අමතක වුන ලොකූ දෙයක් තියෙනව… ඒ තමයි පසුගිය 19වෙනි සෙනසුරාදා පැවැත්වුන සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුව. ඒක ගැන මෙතන විස්තර කරන්න යන එක දැන් ප්‍රමාද වැඩියි. ඒ ගැන දැන් හැමදෙනාම දන්නව. එදා හමුවෙලා මට මගේ ඉදිරිගමන වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් උපදෙස් දුන්න හැමදෙනාටම බොහොම ස්තූතියි. ඒ උපදෙස් බොහොම වැදගත්…

ඉතින් ඔන්න ආයෙමත්,

ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා!