Categories
විවිධ හිනා

අලුත් අවුරුදු සුබපැතුම :D

මේක මට ලැබුනේ අපේ අයියා කෙනෙක්ගේ ජංගම දුරකථනයක SMS එකක් විදිහට ඇතුළේ තිබිලා! කොහොමද කියලා කියවලාම බලන්නකෝ! 😀

හිසට රන්පත් (Gold Leaf 😀 ) පයට බෙන්සන් තබා, තැබෑරුමක් දෙස බලා. ඕල්ඩ් රිසර්ව් මිශ්‍ර නානු බී කබරයා දැමීම මැනවි. සුභ අලුත් අවුරුද්දක් වේවා!

මේක අලුත් තාලේ සුභපැතුමක්! අලුත් අවුරුද්දට රත්වෙන අයට කියාපු සුභ පැතුම.
😀 😀

Categories
විවිධ

සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

මේ ලබන්නාවූ ශ්‍රී සුභ නව වසර සමස්ත ශ්‍රී ලාංකීය ජනයාට සෞභාග්‍යයෙන් සපිරි, සාමයෙන් සතුටෙන් පිරි සුභ නව වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

මේ නව වසරේ වාද භේද අත්හැර සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන් සේ ජාතිකාභිමානයෙන් එක්වී සාමය උදෙසා කැපවී දේශයට සාමය ළඟ කරවා ගැනීමට කටයුතු කරන්නේද, එය තුලින් අප හට ඉදිරිය යහපත්වූ සාමකාමී දේශයක් ගොඩනැගීමට අනිවාර්යයෙන් හැකිවනු ඇත. අවුවක් වැස්සක් නොතකා දේශයේ සාමය රකින අපේ මහා අරක්ෂක මුර දේවතා පවුර‍ට මේ වසර සුභම සුභ නව වසරක් වේවායි පතනුයේ රටට වින කරන ත්‍රස්තවාදී බල සේනා සුනු විසිනු වී ‍දේශයට සාමය ළඟා වේ යැයි පරම පවිත්‍ර වූ චේතනාවෙනි.

ඔබ සැමට සුභ හෙට දිනයක් දැකීමට හැකිවන, සාමය-සතුට-සෞභාග්‍ය පිරි සුභම සූභ නව වසරක් වේවා!