මැරතන් දිවීම සහ තවත් අතුරු කතා. 7

කොහොමින් කොහොමින් හරි තුන්වෙනි සිංහල බ්ලොග්මැරතන් ඉසව්වට ලිවිල්ලෙන් සහභාගී වීමට හිටියත් ‍මොකද, හිතේ කිසිම ඒකාග්‍රතාවක් නොමැති වීම සහ මෙවර මැරතන් ඉසව්වට සහභාගි වුනේ මැරතන් මූලස්ථානයේ සිට නිසා වීමත් හේතු කරගෙන මගේ අතින් කිසිම දෙයක් ලියැවුනේ නැහැ. ඒ ගැන බ්ලොග් අඩවියේ කියවන්නන්ගෙන් සමාව ඉල්ලන්නයි මේ ලිපිය විශේෂයෙන් ලියන්නෙ. මැරතන් ලිවිල්ලට මැරතන් මූලස්ථානයට ගිහින් නිදි මැරුවට මොකද, ...