බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව 6

පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා ...

Google Translate සඳහා සිංහල භාෂාව එක් කිරීමේ වැදගත්කම. 7

අන්තර්ජාල‍ය භාවිතා කරන ඕනම පොඩි එක්කෙනෙක් දන්නවා Google වෙබ් අඩවිය, Google ආයතනය ගැන. ඇත්තටම දැන් Google වලින් තොර ලෝකයක් හිතන්නවත් බැරි තරම්. ඇයි ඒ? GMail, Google Docs, Picasa, Calendar, Blogger, Maps, Reader සහ එකී මෙකී නොකී හැම Google වැඩසටහනක්ම අන්තර්ජාලය භාවිතා කරන හැම දෙනෙක්ටම ඉතාමත් වැදගත් වැඩසටහන් එකතුවක්. නිකමට හිතන්න ගූගල් නැති ලෝකයක් ගැන! ඒක ...

සිංහල බැරි සිංහල නිවේදිකාවෝ හා නිළියෝ (තාම නළුවෙක් දැක්කේ නෑ!) 2

ඔන්න අදින් වාර විභාගේ ඉවරයි. විභාගේ ඉවරවෙනවාත් එක්කම ලැබිච්ච නිවාඩුව නිසා එක පැත්තකින් සතුටක් දැනුනත් අනිත් පැත්තෙන් දුකක් දැනෙන්නේ විභාගේ ප්‍රතිඵල දැනගන්නත් කළින් නිවාඩු ලැබිච්ච එකට. කමක් නෑ. මාතෘකාවට පිවිසෙමුකෝ. මේ දවස්වල බොහෝ දෙනෙක් දන්නා විදිහට ලංකාවේ සිංහල රූපවාහිනී නාලිකාවල බොහෝ විට හවස් යාමේ වෙනකොට අළුත් ප්‍රවණතාවයක් ඇතිවෙලා තියෙනවා කියලා දන්නවා ඇති. ඔව් ඒ තමයි ...

සැබෑ සිංහලයන් යනු කවුරුන්ද? (සංවාදයට අනිවාර්යයෙන්ම විවෘතයි) 20

මා සතුව ඇති ඉතිහාසය පිළිබඳව දැනීම මඳ වූවත් මෑතකදී මවිසින් පරිශීලනය කරන ලද පොත් පත් හරහා මට පෙනී ගියේ දැනට අප විසින් සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලබන මතය වන සිංහලයන් යනු විජය රජුගෙන් පැවත එන්නන් යන විශ්වාසය බිඳ හෙලිය හැකි බව යන්නයි. මාගේ හා තවත් ඉතිහාසඥයින් කිහිප දෙනෙකුගේ මතයන් වනුයේ සිංහලයින් යනු ඊටත් වඩා පුරාණ ඉතිහාසයක් ...