බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව 6

පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා ...

සැරසේන්! එල්ලවේන්!! යා!!!

ඔන්න ප්‍රථම වරට පවත්වනු ලබන සිංහල බ්ලොග් මැරතන් ඉස්ව්ව ආරම්භ කරා. දැන් ඉතින් කට්ටියම දිගට හරහට ලියන්නයි තියෙන්නේ. මෙවර බ්ලොග් මැරතන් ඉසව්ව සංවිධානය කරනු ලබන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එකමුතුකමින්, සියළුම සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන් වෙනුවෙන්. ඉතින්, කට්ටිය පෙරලගන්නේ නැතුව, සැහැල්ලුවෙන් දුවන්නයි තියෙන්නේ. එහෙනම් ඉතින් බලාගෙන ඉන්නේ? දුවමු, දුවමු…

එල්ලවෙන්න කලින් සැරසෙන්න!

අද තමා දවස! සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම ඉසව්ව! සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව පැවැත්වෙන්නේ අද දිනයේ බව අමුතුවෙන් කියන්න නම් දෙයක් නෑ. මෙවර සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන බ්ලොග්කරුවන් 30කට ආසන්න පිරිසක් බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වන බව දන්වා තිබීම සතුටට කාරණයක්. එමෙන්ම බ්ලොග් මැරතන් ඉසව්ව බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සියලු ...

ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්! 10

බ්ලොග් මැරතන් වලට තව දින කිහිපයයි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කට්ටිය ගජරාමෙට හිටු කියලා වැඩ. හැම දෙනාම අඩු වැඩි වශයෙන් වැඩ. ඒ අතුරින් අපේ ආනන්දවර්ධන, මලින්ත, කාලිංග, වරුණ කනිෂ්ක නම් අමතක කරන්න බෑ. ඒ වගේම ඔක්කොම දමලා ගහලා ගියපු ටිරෝන්වත් (ටිරොන්ගේ අදහස හරිද වැරදිද කියලා ඔබත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය බලලා තීරණය කරන්න) අමතක කරන්න ...

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය දැන් ක්‍රියාත්මකයි!.

ශ්‍රී ලාංකේය බ්ලොග්කරණය ප්‍රචර්ධනය හා සිංහල බ්ලොග්කරුවන්ගේ උන්නතිය උදෙසා, සිංහල බ්ලොග් ලියන්නන්ගේ එකමුතුවෙන් නිර්මාණය වූ නවතම වෙබ් අඩවිය “සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය“යි මෙම වෙබ් අඩවිය හරහා සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන් වෙනුවෙන් විවිධ ඉසව් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, ඒවායෙහි ප්‍රධාන අරමුණ වන්නේ තරඟකාරීත්වයක් ඇතිකිරීම නොව සිංහල බ්ලොග්කරුවන් අතර සුහදත්වයක් ගොඩනැගීම හා නිර්මාණශීලි බව වර්ධනය කිරීමයි. දැන් ...