සිරිවර්ධන පවුල [SPOILER FREE]

සිරිවර්ධන පවුල [SPOILER FREE]
සිරිවර්ධන කියල මගේ පොඩි කාලෙ යාලුවෙක් හිටිය. මේ එයා ගැන හෝ එයාගේ පවුල ගැන නම් නොවෙයි. වේදිකා නාට්‍යයක් ගැන. ෆේස්බුක් ආරාධනාවකින් දැනගත් “සිරිවර්ධන පවුල” වේදිකා නාට්‍යය රාජිත දිසානායකගේ නිශ්පාදනයක්. වේදිකා නාට්‍යය බලන්න යන්නට සෑහෙන්න උවමනාවක් තිබුනත්, තනියම බලන්න යන්න වෙන නිසාත්, වේලාව පිළිබඳ ප්‍රශ්නය නිසාත් අන්තිම මොහොත දක්වා හිත කරේ අදිමදි කරන එක. සෑහෙන්න ඕනෑකමකින් ...

මකරට සහ තවත් කතා.

දැන් නම් කැම්පස් එකේ නිවාඩුව ඉවරවෙන්න ළඟයි. මේ නිවාඩු කාලයේදී ස්ලිට් එකෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව වැඩමුළු කිහිපයක් සංවිධානය කරන්නට යෙදී තිබුනා. ඒ, ප්‍රතිභා හෙට්ටිආරච්චි මිස්ගේ මූලිකත්වයෙන්. තොරතුරු තාක්ෂණය ඉගෙනගන්න කේතනය වුන හිත් වලට නාට්‍ය හා රංගකලාව වගේ මානව කලාවක් අලුත් රිලැක්සේෂන් එකක් වුනා. හැමෝම බොහොම කැමැත්තෙන් වැඩමුලු වලට සහභාගී වෙත්දී, මම තමයි පළමු ...