වෙනද වගේ සංගම් වැඩවලට පන්තියේ වැඩ අතපසු කරගන්නෙ නැතුව හොඳ ළමය වගේ කලාතුරකින් පන්තියට වෙලා ඉන්නකොට, පන්තියේ යාළුවෝ කතා වෙන දෙයක් එක පාරටම කනට වැටුන. කනට වැටුනෙ නම් එච්චර සුබ ආරන්චියක් නෙවෙයි. මේක තවත් සිය දිවි නසාගැනීමක්! සියදිවි නසාගෙන ඇත්තේ පාසල් ශිෂ්‍යයෙක්. නම ගම වයස මම කියන්නෙ නම් දන්නේ නැහැ. නමුත් මරණයට මුල්වූ සිද්ධිය, එහෙමත් ...