හයිඩ්‍රජන් බන්ධනය 9

පූර්වකථනය | Prologue මේක මේ one zero zero එකට ලියපු කතාවක්. වචන කොච්චර එහෙට මෙහෙට කරත්, වචන සීයකට කොටු කරගන්න අමාරු නිසයි මෙතන ලියන්නෙ. — “එහෙනං අපි කෙමිස්ට්‍රි පාඩමක් කරමු. හරිද?” “හරි. ලෑස්තියි.” “නියමයි. ඒත් ඊට කලින්, ඔයා මට ගෙවන්න ඕනෙ.” “මොකා? තමුසෙ මාර මිනිහෙක්නෙ ඕයි… කලින් කිව්වෙ කිසි ගාණක් ගෙවන්න ඕනෙ නෑ. සියල්ල නොමිලේ ...

ආයි ආයි ආපි ඔන්න නිවාඩු කාලේ! 7

අද දෙසැම්බර් නව වෙනිදා. හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්. නිකං පියාඹනව වගේ… පිස්සු! හිතේ තියෙන සැහැල්ලුව නැතිවෙලා හුඟක් කල්. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි උසස් පෙළ නිසා. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැමදේම උසස් පෙළට බැර කරන්න බෑ තමයි. ඒ වුනාට ඉතින් ඒකෙන් ගොඩ ගියේ නැතිවුනොත් ඉතින් (ලංකාව ඇතුළෙ) ජීවිතේ විනාසයි!

කැම්පස් වන්දනාවට සූදානම් වීමේ ගාථාව 42

මෙත් සිතින් ගායනා කරනු මැනවි. අධ්‍යාපනං භයංකාරං සබ්‍බ රෝගෝ නිවාරණං උසස් පෙළං හරි සනීපං විශ්වවිජ්ජාලංච ගච්ඡමං සර්ව ආතල් දූරිංභූතං විසූක දස්සනං නොම බලං චිත්ත සම්පත්තී දූරංගමං නේක විසූක දස්සනං යාන්ත්‍ර විද්‍යා අති තුච්ඡං වන්දේ හෝම්වර්ක් කන්දං සාදු සාදූ අයිසැක් නිව්ටං සාදු සාදු අයින්ස්ටයිං රසායන විද්‍යා මහප්‍රාණං සිලබස් පතරංග ජාතකං විද්‍යාගාරං අති උත්තමං ප්‍රැක්ටිකල් කරපං මචං ...

නව රසායන විද්‍යා විෂය නිර්දේශය සිසුන්ට විෂ වෙයිද? 25

හපුතලේ කන්ද දැකලා කරත්තකාරයෙක්ට බඩදන විදිහටමයි මට අලුත් රසායන විද්‍යා සිලබස් එක දැකලා බඩ දන්න ගත්තේ. අහල පහළ ඩයජින් එකක්වත් හොයාගන්න තරම් පිනක් නොතිබුන නිසා ෆේස්බුක් එකේ Status Message පාරකට ‍හේත්තු වෙලා ඉන්නකොටයි අපේ තූර්ය අයියා කතාවට එකතු වුනේ. අලුත්ම අලුත් රසායන විද්‍යා විෂය නිර්දේශය ගැනයි මේ කතාබහ ඇතිවුනේ… ඉතින් ඒ කතාබහ. බ්ලොග් සටහනකට පෙරළලා ...