මැරතන් දිවීම සහ තවත් අතුරු කතා. 7

කොහොමින් කොහොමින් හරි තුන්වෙනි සිංහල බ්ලොග්මැරතන් ඉසව්වට ලිවිල්ලෙන් සහභාගී වීමට හිටියත් ‍මොකද, හිතේ කිසිම ඒකාග්‍රතාවක් නොමැති වීම සහ මෙවර මැරතන් ඉසව්වට සහභාගි වුනේ මැරතන් මූලස්ථානයේ සිට නිසා වීමත් හේතු කරගෙන මගේ අතින් කිසිම දෙයක් ලියැවුනේ නැහැ. ඒ ගැන බ්ලොග් අඩවියේ කියවන්නන්ගෙන් සමාව ඉල්ලන්නයි මේ ලිපිය විශේෂයෙන් ලියන්නෙ. මැරතන් ලිවිල්ලට මැරතන් මූලස්ථානයට ගිහින් නිදි මැරුවට මොකද, ...

පණ්ඩුකාභය කතාව මහාවංශයේ මුසාවක්ද? 7

සුදාරකගේ සටහන කාලෙකට පස්සේ ඉතිහාසය ගවේෂණය කරන්න වෙලාව ඇවිල්ලා. ඒත් මේ දවස්වල විභාග කටයුතු නිසා මොකක්වත් කරන්න වෙලාව නෑ. ඉතින් අවධානය යොමු කරන්න අවශ්‍ය සටහනට කලින් පොඩි ශීර්ෂ සටහනක් යොදලා ඉන්නම්. මහාවංශය කියන්නේ ලංකාවේ දැනට පිළිගැනෙන විශේෂය ඉතිහාසමය මූලාශ්‍රය. ඒ වුනත් මහාවංශය කියනේ සම්පූර්ණ වශයෙන් දේශපාලන ඉතිහාසයක් අන්තර්ගත මධ්‍යස්ත කෘතියක් නොවේ. ඒ වගේම බොහෝ දුරට ...

මැරතන් විස්තර විචාරය

ඔව් මෙන්ම මේ දැන් ටිකකට කලින් බ්ලොග් මැරතන් ඉසව්ව ආරම්භ වුනා. ශෝකජනක ආරම්භයක් වූ නමුත් ඉදිරියේදීවඩා හොඳ තරඟයක් තරඟකරුවන්ගෙන් බලාපොරොත්තු විය හැකියි. හෝව්! හෝව්!! මලින්ත, මේ මල් කඩන වෙලාවක් නෙවෙයි! මැරතන් එක මැරතන් එක… ඔව් වතුර බාල්දියක් ඉදිරියට රැගෙන දුවන සුදාරකගේ ජල පහරක් මේ අවස්ථාවේදී මලින්තට එල්ලවුනා! ඔව් මලින්ත! නාගත්තා!!! මේ අතර ආනන්දවර්ධන හිමින් සීරුවේ ...

ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්! 10

බ්ලොග් මැරතන් වලට තව දින කිහිපයයි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කට්ටිය ගජරාමෙට හිටු කියලා වැඩ. හැම දෙනාම අඩු වැඩි වශයෙන් වැඩ. ඒ අතුරින් අපේ ආනන්දවර්ධන, මලින්ත, කාලිංග, වරුණ කනිෂ්ක නම් අමතක කරන්න බෑ. ඒ වගේම ඔක්කොම දමලා ගහලා ගියපු ටිරෝන්වත් (ටිරොන්ගේ අදහස හරිද වැරදිද කියලා ඔබත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය බලලා තීරණය කරන්න) අමතක කරන්න ...