මේ දවස්වල ජීවිතේ… 12

කලින් ලියාපු බ්ලොග් සටහනත් අයින් කරා නෙව. ඒක මට ටිකක් අප්සට් ගහපු වෙලාවක ලියවුනු එකක්. දැං හරි. සේරම යථා තත්වයට පත් වේගෙන වේගෙන එනව වුනත්. අනිත් පැත්තෙන් අවුරුදු දෙකකට විවෘත සිර කඳවුරක් ඇතුළෙ බරපතල වැඩ සහිතව හිර කරල තියෙනව වගේ අපේම භාෂාවෙන් කිව්වොත් “අම්බානෙකට” වැඩ. එක එක වැඩ. ඉවරයක් නැතුව වැඩ. උදෙන් නැගිටිනවා. ඉස්කෝලෙ යනව. ...