ආයි ආයි ආපි ඔන්න නිවාඩු කාලේ! 7

අද දෙසැම්බර් නව වෙනිදා. හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්. නිකං පියාඹනව වගේ… පිස්සු! හිතේ තියෙන සැහැල්ලුව නැතිවෙලා හුඟක් කල්. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි උසස් පෙළ නිසා. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැමදේම උසස් පෙළට බැර කරන්න බෑ තමයි. ඒ වුනාට ඉතින් ඒකෙන් ගොඩ ගියේ නැතිවුනොත් ඉතින් (ලංකාව ඇතුළෙ) ජීවිතේ විනාසයි!

බස් එකේ එන ගමන්… 46

බස් එකේ එන ගමන්...
[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!] අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් ...

කැම්පස් වන්දනාවට සූදානම් වීමේ ගාථාව 42

මෙත් සිතින් ගායනා කරනු මැනවි. අධ්‍යාපනං භයංකාරං සබ්‍බ රෝගෝ නිවාරණං උසස් පෙළං හරි සනීපං විශ්වවිජ්ජාලංච ගච්ඡමං සර්ව ආතල් දූරිංභූතං විසූක දස්සනං නොම බලං චිත්ත සම්පත්තී දූරංගමං නේක විසූක දස්සනං යාන්ත්‍ර විද්‍යා අති තුච්ඡං වන්දේ හෝම්වර්ක් කන්දං සාදු සාදූ අයිසැක් නිව්ටං සාදු සාදු අයින්ස්ටයිං රසායන විද්‍යා මහප්‍රාණං සිලබස් පතරංග ජාතකං විද්‍යාගාරං අති උත්තමං ප්‍රැක්ටිකල් කරපං මචං ...