දුවමුද මැරතන්? 33

ඔන්න ආපහු මැරතන් දුවන්න කාලය ඇවිල්ලා. ‍මේ දුවන්නේ මැරතන්. දුවන්නේ වෙන කොහේවත් නෙවෙයි, දුවන්නේ ලෝකේ වටේ!. (Around The World in 6 hours). සින්ඩිකේටරේටයි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටයි මේ දවස් ටිකේ ටිකක් ඇහැ ගහගෙන හිටියානම් දැනටමත් දන්නවා ඇති මොකක් මේ ‍වැඩේ කියලා. කමක් නෑ මම A-Z වැඩේ කියලා දෙන්නම්, සිංහල බ්ලොග්කරුවන්ගේ වංශ කතාව ඉඳලාම. සියල්ලෝ සාවධානව අසත්වා! ...

මැරතන් දෙවැනි පැය

ඔන්න සිංහල බ්ලොග් මැරතන් දෙවැනි පැයත් පටන් ගත්තා. කට්ටිය දිගට හරහට “අත් දෙකෙන්ම” දුවනවා වගේ. මාර්ගය දෙපස මැරතන් බලන්න කට්ටිය පිරිලා බව මගේ බ්ලොග් අඩවියට පිවිසෙන පිවිසුම් ගණන දිහා බැලුවාම පේනවා. අපි දැන් පිවිසෙන්නේ මැරතන් දෙවැනි පැයට, මේ පැයේදී මා බලාපොරොත්තු වනවා. වෙබ් අඩවි ප්‍රචාරණය පිළිබඳ සටහනක් අළුතෙන්ම නිකුත් වන චිත්‍රපටියක් පිළිබඳ විස්තරයක් ෆිල්ම් ෆෙයාර් ...

වෙබ් අඩවියට ප්‍රචාරය

මා කලින් ඔබට සඳහන් කරන ලද විදිහට වෙබ් අඩවියකින් ඔබට ඇති ප්‍රයෝජන බොහොමයි. ඔබේ අදහස් ලෝකය පුරාම ප්‍රචාරණය කරන්න, ඔබේම රසික පිරිසක් ඇති කරගන්න විතරක් නෙවෙයි තවත් බොහෝ දේ පුළුවන්. ඔබ දන්නවාද? ගූගල් වෙබ් අඩවිය මුලින්ම නිර්මාණය කරන ලද්දේ ගරාජයක් ඇතුලේ ඉඳගෙන කියලා? දැන් ගූගල් කියන්නේ ලෝකයේම ප්‍රචලිත, වැඩිම ආදායම් ලැබෙන වෙබ් අඩවි ජාලයක්. දැන් ...

මැරතන් විස්තර විචාරය

ඔව් මෙන්ම මේ දැන් ටිකකට කලින් බ්ලොග් මැරතන් ඉසව්ව ආරම්භ වුනා. ශෝකජනක ආරම්භයක් වූ නමුත් ඉදිරියේදීවඩා හොඳ තරඟයක් තරඟකරුවන්ගෙන් බලාපොරොත්තු විය හැකියි. හෝව්! හෝව්!! මලින්ත, මේ මල් කඩන වෙලාවක් නෙවෙයි! මැරතන් එක මැරතන් එක… ඔව් වතුර බාල්දියක් ඉදිරියට රැගෙන දුවන සුදාරකගේ ජල පහරක් මේ අවස්ථාවේදී මලින්තට එල්ලවුනා! ඔව් මලින්ත! නාගත්තා!!! මේ අතර ආනන්දවර්ධන හිමින් සීරුවේ ...

සැරසේන්! එල්ලවේන්!! යා!!!

ඔන්න ප්‍රථම වරට පවත්වනු ලබන සිංහල බ්ලොග් මැරතන් ඉස්ව්ව ආරම්භ කරා. දැන් ඉතින් කට්ටියම දිගට හරහට ලියන්නයි තියෙන්නේ. මෙවර බ්ලොග් මැරතන් ඉසව්ව සංවිධානය කරනු ලබන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එකමුතුකමින්, සියළුම සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන් වෙනුවෙන්. ඉතින්, කට්ටිය පෙරලගන්නේ නැතුව, සැහැල්ලුවෙන් දුවන්නයි තියෙන්නේ. එහෙනම් ඉතින් බලාගෙන ඉන්නේ? දුවමු, දුවමු…

එල්ලවෙන්න කලින් සැරසෙන්න!

අද තමා දවස! සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම ඉසව්ව! සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව පැවැත්වෙන්නේ අද දිනයේ බව අමුතුවෙන් කියන්න නම් දෙයක් නෑ. මෙවර සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන බ්ලොග්කරුවන් 30කට ආසන්න පිරිසක් බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වන බව දන්වා තිබීම සතුටට කාරණයක්. එමෙන්ම බ්ලොග් මැරතන් ඉසව්ව බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සියලු ...

සංවේගයෙන් දැනුම්දීමයි – යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය 2

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ...

ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්! 10

බ්ලොග් මැරතන් වලට තව දින කිහිපයයි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කට්ටිය ගජරාමෙට හිටු කියලා වැඩ. හැම දෙනාම අඩු වැඩි වශයෙන් වැඩ. ඒ අතුරින් අපේ ආනන්දවර්ධන, මලින්ත, කාලිංග, වරුණ කනිෂ්ක නම් අමතක කරන්න බෑ. ඒ වගේම ඔක්කොම දමලා ගහලා ගියපු ටිරෝන්වත් (ටිරොන්ගේ අදහස හරිද වැරදිද කියලා ඔබත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය බලලා තීරණය කරන්න) අමතක කරන්න ...