කාලය සහ අවකාශයෙන් මිදීම නොහොත් (දෙවෙනි වතාවට) දිව්‍ය ලෝක ගත වීම 11

ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ගොනා හැරෙනකොට වගේ දන්නවා ඇති ‍මොකක් ගැනද මේ ලියන්න යන්නෙ කියලා. දිව්‍ය ලෝකය, සැප්තැම්බර් මාසයත් එක්ක බ්ලොග් එකත් එකතු වුනාම නිර්මාණය වෙන්නේ අමුතුම බ්ලොග් සටහනක් (කලින් එක) කියලයි මටනං හිතෙන්නෙ. ඔව්. ඔන්න මම මේ අවුරුද්දෙත් ගිය අවුරුද්දෙ වගේම (ජාත්‍යන්තර) පොත් ප්‍රදර්ශනය බලන්න ගියා කියමුකෝ. ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ...

අකුරු දිගේ පියමනින්න – එන්න අකුරු මංපෙතට 24

මේකත් කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවරකරගන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද දැනටමත් දෙක තුනක් ලියලා මකලා ආයෙත් ලියලා ඉන්න නිසා වැඩේ අතෑරලා දාලා ඉන්නකොටයි මේ ආනන්දවර්ධන මාමා එක්ක සංවාදගත වෙලා ඉන්නකොට ලියලා ඉවර කරන්න ඕනෙයි කියලා අදහස ආවේ. ඊයේ තිබුන භෞතික විද්‍යා පංතිය අකමැත්තෙන්ම කට් කරලා දාන්න වුනේ (හෝව්! ගෙදර අයට සිංහල යුනිකෝඩ් නැති නිසා ...

එකමත් එක පිටරටක – ලියනගේ අමරකීර්ති 22

එකමත් එක පිටරටක - ලියනගේ අමරකීර්ති
හැම ශනිදාවකම පන්ති ඉවරවෙලා සරසවියට ගොඩවදින්න ඇබ්බැහි වෙලා ඉන්නේ සරසවියේ පොත් සුවඳ විඳින්න. වෙනදානං පන්තිය ඉවරවෙලා කාගෙහරි පස්සෙන් ගියා තමයි. ඒත් දැන් එව්වා නෑ. කොහොමහරි ඒ පස්සෙන් යාම වෙනුවට ඊට වඩා වැදගත් දෙයක් ජීවිතේට ආදේශනය වෙලා. කොටින්ම කිව්වොත් ගෑනු ළමයෙක් එක්ක පෙමින් වෙලෙනවාට වඩා හොඳයි සරසවියට ආදරය කරන එක. අනික මේක ආදරය මරණ දඬුවම් ලැබිය ...

අටවක පුතාලයි-මායි 27

පහුගිය බදදා දවසක පන්තියට වේලාසනින් ගියේ එක්තරා ආකාරයේ වැඩකට වුනත් කවුරුවත්ම පන්තිය ළඟ හිටපු නැති නිසා කෙලින්ම සරසවියට ගි‍යේ පොතක් දෙකක් ගන්නම හිතා ගෙන නම් නෙවෙයි. හුඟ කාලෙකට කලින් ඉඳලාම “ආනන්දවර්ධන” මාමා විසින් රෙකමදාරු කරලා තිබ්බ “අටවක පුත්තු” පොතයි “මාස්ටර් සහ මාගරීටා” පොතයි දැකලා ඒක ගන්නමයි කියලා හදවත වද දුන්නා. ළඟදී තිස්ස ඉඳලා යාලුවෙකුගෙන් උස්සගෙන ...