ආසයි මං කැම්පස් යන්න! (කවි වගේ එව්වා…) 22

වැඩි අටුවාටීකා ලියන්න තරම් වේලාවක් නෑ. මේ තියෙන්නෙ බස් එකේ යද්දි ලියපු කවි වගේ එව්ව දෙකක්. 🙂 අබිසරු ලිය අබිසරු ලිය සුරූපිනිය රෑ මනමාලී… සියුමැළි ලිය කරන එළිය රෑ හැඩකාරී… මන බඳන නිළිය රති කරළිය රඟන කුමාරී… ආදර වෙළඳිය සලෙලුන් මත් කරන නුරාවී… සුර පුරය මවන මන නළවන මායා හැඩ කාරී… නිල්මිනි දිගු දෑසයි සොඳුරු ...

ඉස්කෝලෙදී… 15

මේ දවස්වල කට්ටියම තම තමන්ගෙ උසස් පෙළ ඉතාමත් ඉහළින්ම සමත්වෙන්න පුදුම උත්සාහයක. ඔය එක එක වැඩවලට ගණිත පංති ළඟින් යනකොට ඒවාටත් හොට දාගෙන යන‍කොට සමහර පන්ති වල ගුරුවරු නැති වුනත්, කට්ටිය කිසි සද්දයක් බද්දයක් නෑ. ඔළුව නවාගෙන ගණං හදනවා. ටියුට් බලනවා… එක එක වැඩ. හැබැයි තාම ඔය ලෙ‍ඩේ අපේ පන්තියට නම් බෝ වෙලා නෑ. අපේ ...

කවියැයි සැලකිය හැකි යමක්. 6

මෙව්වත් ලියැවුනේ බස්සෙකේ යද්දි තමයි… 😀 — පෙම දකිමින. මහමඟ යන. මහමඟ යන විටදි දකින වතට වතින මුවට මුවින ඇස් පැටලෙන බස් දොඩවන සරග නෙතින බැලුම් හෙලන යොවුන් වියෙන හිත් නැ‍ටවෙන මන බඳවන ආලය මිණ පහන් දවන තොල්පෙති මන විල කලඹන පෙම්වත් දන මඟදි දකින සතුටු සිතින දුක විඳිමින පෙම දකිමින මහමඟ යන — මුඩුක්කු ...

අද හරි පුදුම දවසක් 17

අද හරි පුදුම දවසක් වුනේ අමුතුම යමක් අහම්බෙන් හමුවූ යමෙක් වෙතට පිදුනයි ‍සොඳුරු ආදරයක් හමුවී බොහෝ කල් ඇතත් අපේ ලංවීම නොදැනුනත් හිතට හොර රහසේ ලංවුනත් කරනට වුනේ සීමා පමණ මිතුදමකටත් ෆේස්බුක් පණිවිඩයක් ස්කයිප් ඇමතුමක් අකුරු ඇමතුමක් වුනේ මා හදගත් ඇති වූ නමුත් අදහසක් නොපැවසී ඇයට කිසිවක් ඇය තුළත් අදහසක් ඇති වී ඇතැයි සිතුවත් කලින් මා ...

බස් එකේ එන ගමන්… 46

බස් එකේ එන ගමන්...
[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!] අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් ...

එකමත් එක පිටරටක – ලියනගේ අමරකීර්ති 22

එකමත් එක පිටරටක - ලියනගේ අමරකීර්ති
හැම ශනිදාවකම පන්ති ඉවරවෙලා සරසවියට ගොඩවදින්න ඇබ්බැහි වෙලා ඉන්නේ සරසවියේ පොත් සුවඳ විඳින්න. වෙනදානං පන්තිය ඉවරවෙලා කාගෙහරි පස්සෙන් ගියා තමයි. ඒත් දැන් එව්වා නෑ. කොහොමහරි ඒ පස්සෙන් යාම වෙනුවට ඊට වඩා වැදගත් දෙයක් ජීවිතේට ආදේශනය වෙලා. කොටින්ම කිව්වොත් ගෑනු ළමයෙක් එක්ක පෙමින් වෙලෙනවාට වඩා හොඳයි සරසවියට ආදරය කරන එක. අනික මේක ආදරය මරණ දඬුවම් ලැබිය ...

හමුවෙමු අපි මතු සසරක – අලුත් උදෑසනක 6

රාත්‍රිය නිසලමුත්, සිත තාම චංචලයි. මිනිස් කය නිසලමුත්, සිත තාම චංචලයි. සුදෝ සුඳු සඳ රිදී රළ පෙළ කවුළුවෙන් ඇස තුළට වැදී තෙරපී හඬා… කළෙත් මා සිත අවදි, සිත කෙළේ කය අවදි. සුරත් ගත් මිතුරු පන්හිඳ, සරත් සුදු පත්ඉරුව මත. සිපගනිමින්… නමුත් සොඳුරිය, වත නුඹේ ඔය, නොලද්දෙමි අවසර සිඹින්නට. නමුත් මා සිත තුළ ‍නුඹේ වත රුව, ...

මදෙස බලා ඉඟිකරන්න, මට පුළුවන් බලා ඉන්න 10

දවසක් මං නුඹව දුටුව උදයේ පිපුන මලක් විලස නුඹට කතා කරන් නැතිව හිටියේ මම ආදරයට නුඹ දිහාම බලා හිටියේ නුඹේ ‍සොඳුරු බව නිසාම එළි වැට නැති ආදර කවියක් ලියැවුනි නුඹේ නමට මා සිතනා පතනා දෙය නුඹටත් එලෙසම දැනෙනවා ද? නොදනිමි නුඹ මා ගැන එක වරකටවත් හිතනවා ද? අද රෑටත් නුඹ මට සිහිනෙන් පෙනෙනවා ද? සින්දු ...

කවි පද තේරීම 4

අපේ නවය වසරේ මල්ලී කෙනෙක් එයාගේ සිංහල පොත (මුද්‍රිත) ගෙනල්ලා මට කවියක් පෙන්නලා කිව්වා තේරුම කියලා දෙන්න කියලා පඬියා වගේ පොත අතට ගත්තාට මොකද තේරුම නම් හිතාගන්න බැරිවුනා. හැබැයි මට පුදුම හිතුනා ඇයි මේ වගේ බැරෑරුම් කවියක් 9ශ්‍රේණිය වගේ සාපේක්ෂව පොඩි පන්තියකට දීලා තියෙන්නේ කියලා. කොහොමහරි මෙන්න මේකයි කවිය, මියගිය කොළ හා දොඩමින් තරුවක් සිටියයි, ...

සිංහල සාහිත්‍යයේ “ඊ”ළඟ යුගය වැඩි ඈතක නොවේ! 1

වර්තමානය වන විට සිංහල භාෂා මාධ්‍යයෙන් නිර්මාණය කරන ලද බ්ලොග් අඩවි හා වෙබ් අඩවි අනෙකුත් භාෂාවන්ට සාපේක්ෂව ඉතාමත් අඩු ප්‍රමාණයකිනුයි පවතින්නේ. නමුත් මෙම බ්ලොග් අඩවි හරහා මේ වන විට සිංහල සාහිත්‍යයේ නව මානයක් විවෘත කරමින් සිටිනවා. මෙය අප හැමදෙනාටම ඉතාමත් අවශ්‍ය කරන්නාවූ දෙයක්. කලින් වැඩිහිටියන්ට පමණක් සීමාවී තිබූ අන්තර්ජාලය මේ වන විශේෂයෙන්ම කොළඹ මධ්‍යගත කරගෙන ...