උසස් පෙළ කරන්නේ මෙහෙමයි #දීර්ඝසටහනක් 21

පළවෙනි කාරණේ, ජීවිතය විඳින ගමන් උසස් පෙළ කරන්න බෑ. උසස් පෙළ කරන කාලෙ ජීවිතයක් නෑ. තිබිය යුත්තේ උසස් පෙළ විතරයි.

3 IDIOTS | DON’T BE STUPID! BE AN IDIOT! 32

3 IDIOTS | DON'T BE STUPID! BE AN IDIOT!
මේක සෑහෙන්න කලින් ලියන්න හිටපු ලිපියක්. ඒ වුනාට දැන් වුනත් ඒ ලියමනට ප්‍රමාද නැහැ කියලයි හිතුනෙ. මතකයට නැගෙන විශේෂ දවසක් වුන ඒ දවසෙ වි‍ශේෂ සිද්ධියකින් පස්සෙ මමත්, තවත් අපේ ගැන්සියේ කිහිපදෙනෙක් එකට ‍එකතු වුනේ චිත්‍රපටියක් බලන්න යන්න. සාමාන්‍යපෙළ විභාගය ලියපු අන්තිම දවසෙ රබ් නේ බනා ඩි ජෝඩී චිත්‍රපටිය බලන්න එකතුවුන අපේ නේවාසිකාගාරයේ ගැන්සිය තවමත් තැන ...

2010 පෙර… 8

අනේමන්ද… අවුරුද්දක් ඉවරයි… පුදුම තෙහෙට්ටුයි… අලුත් අවුරුද්දක්… අලුත් බලාපොරොත්තු… පරණ දේවල් අමතක කරල… හොඳ දේවල් අරගෙන… අලුත් අවුරුද්දට යන්න… අපි… උත්සාහ කරනව… මේ අවුරුද්ද ඉවරවෙන්න තියෙන්නෙ තව දවස් කිහිපයක් විතරයි. පුදුමයි. කැලැන්ඩරයේ පිටු ගැලවෙන වේගය අදහාගන්නත් බැරි තරම්. ඇදැහුවත්… නැතත්… අපිට කාලය එක්ක ලොකු සටනක්. ලබන අවුරුද්ද කොච්චර අභියෝගාත්මක අවුරුද්දක්ද? තව අවුරුදු එකහමාරකට පස්සෙ උසස් ...

ආයි ආයි ආපි ඔන්න නිවාඩු කාලේ! 7

අද දෙසැම්බර් නව වෙනිදා. හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්. නිකං පියාඹනව වගේ… පිස්සු! හිතේ තියෙන සැහැල්ලුව නැතිවෙලා හුඟක් කල්. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි උසස් පෙළ නිසා. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැමදේම උසස් පෙළට බැර කරන්න බෑ තමයි. ඒ වුනාට ඉතින් ඒකෙන් ගොඩ ගියේ නැතිවුනොත් ඉතින් (ලංකාව ඇතුළෙ) ජීවිතේ විනාසයි!

ජීවි‍තේ… ජීවි‍තේ… ‍ජීවි‍තේ… 11

ජීවිතේ හරි පුදුමයි කියන්නෙ නිකමට නෙවෙයි. අද දෙසැම්බර් පළවෙනිද. උඳුවප් පෝය දවස. කලා උළෙලකුත් කරල හති ඇර ඇර ඉන්න කියාපු දවස. කොහෙද, ගෙදරින් කෑ ගහනව පාඩං කරපං කියල… ගෙදරින් කියන්නෙ, පුතේ කලා උළෙල නං හොඳයි… දැං ඉතින් තමන්ට වැඩක් කරගනිං කියල. මේක මට විතරක් නෙවෙයි. අපේ හැමෝටම අහගන්න ලැබුන දෙයක්. හ්ම්… ඔන්න ඔහොම තමයි ජීවි‍තේ. ...

හිතට වද දෙන දැවෙන ප්‍රශ්නය… 21

බඩු මිල ඉහළයාම ද? ම්හු… කෙල්ලක් ද? නැහ්… ලව් සීන් එකක් ද? නෑ… නෑ… බං! එහෙම එකක් නෙවෙයි… එහෙනං මොන රෙද්දක්ද බං? ඒක මේ වචනයකින් දෙකකින් විස්තර කරන්න පුළුවං කාරණයක් ‍නෙවෙයි බං, මං මේ කල්පනා කලේ මං සාමාන්‍ය පෙළ කරන කාලේ ඉඳලාම හිතට ආපු ප්‍රශ්නයක් ගැන. සාමාන්‍ය පෙළ කරායින් පස්සේ උසස් පෙළට මොන විෂය ධාරාවක් ...

බස් එකේ එන ගමන්… 46

බස් එකේ එන ගමන්...
[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!] අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් ...

කැම්පස් වන්දනාවට සූදානම් වීමේ ගාථාව 42

මෙත් සිතින් ගායනා කරනු මැනවි. අධ්‍යාපනං භයංකාරං සබ්‍බ රෝගෝ නිවාරණං උසස් පෙළං හරි සනීපං විශ්වවිජ්ජාලංච ගච්ඡමං සර්ව ආතල් දූරිංභූතං විසූක දස්සනං නොම බලං චිත්ත සම්පත්තී දූරංගමං නේක විසූක දස්සනං යාන්ත්‍ර විද්‍යා අති තුච්ඡං වන්දේ හෝම්වර්ක් කන්දං සාදු සාදූ අයිසැක් නිව්ටං සාදු සාදු අයින්ස්ටයිං රසායන විද්‍යා මහප්‍රාණං සිලබස් පතරංග ජාතකං විද්‍යාගාරං අති උත්තමං ප්‍රැක්ටිකල් කරපං මචං ...

අද ඉරිදා… හෙට සඳුදා… ඉස්කෝලේ පළවෙනිදා… 32

මේ පරණ ළමා ගීතයක් නෙව. ඔන්න ඒකත් මටම කොහොමහරි හරියටම ගැළපුනා. ඔන්න උසස් පෙළ නීත්‍යනුකූලව පටාන්ගන්නයි මේ හදන්නේ… දැන් ඉතින් දුවපං ඉස්කෝලේ! ළඟදී හරියට මුකුත් ලියන්න බැරිවුනා. ඒකට නම් හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි කවි, කතා ලියන්න උත්ප්‍රේරකයක් වෙච්ච දේත් නැතිවුනා. මට කලින් මට වඩා ලක් කාරයෙක් ඔන්න උරුමකම් කියලාලු… කමක් නෑ ඉතින්… මොනවා ...

නව රසායන විද්‍යා විෂය නිර්දේශය සිසුන්ට විෂ වෙයිද? 25

හපුතලේ කන්ද දැකලා කරත්තකාරයෙක්ට බඩදන විදිහටමයි මට අලුත් රසායන විද්‍යා සිලබස් එක දැකලා බඩ දන්න ගත්තේ. අහල පහළ ඩයජින් එකක්වත් හොයාගන්න තරම් පිනක් නොතිබුන නිසා ෆේස්බුක් එකේ Status Message පාරකට ‍හේත්තු වෙලා ඉන්නකොටයි අපේ තූර්ය අයියා කතාවට එකතු වුනේ. අලුත්ම අලුත් රසායන විද්‍යා විෂය නිර්දේශය ගැනයි මේ කතාබහ ඇතිවුනේ… ඉතින් ඒ කතාබහ. බ්ලොග් සටහනකට පෙරළලා ...