2010 පෙර… 8

අනේමන්ද… අවුරුද්දක් ඉවරයි… පුදුම තෙහෙට්ටුයි… අලුත් අවුරුද්දක්… අලුත් බලාපොරොත්තු… පරණ දේවල් අමතක කරල… හොඳ දේවල් අරගෙන… අලුත් අවුරුද්දට යන්න… අපි… උත්සාහ කරනව… මේ අවුරුද්ද ඉවරවෙන්න තියෙන්නෙ තව දවස් කිහිපයක් විතරයි. පුදුමයි. කැලැන්ඩරයේ පිටු ගැලවෙන වේගය අදහාගන්නත් බැරි තරම්. ඇදැහුවත්… නැතත්… අපිට කාලය එක්ක ලොකු සටනක්. ලබන අවුරුද්ද කොච්චර අභියෝගාත්මක අවුරුද්දක්ද? තව අවුරුදු එකහමාරකට පස්සෙ උසස් ...

විවාහය 36

මාතෘකාවයි, බ්ලොග් අඩවියේ නමයි දෙක දැක්ක ගමන්ම මේක කියවන්න ආපු අයගෙ ඔළුවට එන්න ඇත්තෙ ඡන්ද බලය වත් තාම අතේ නැති මේ මනුස්සයට දැන්ම විවාහයක් ඔළුවට ගහල කියල වෙන්න ඕනෙ කියල මට 100%ක් විශ්වාසයි. නෑ. ඒක එහෙම නෙවෙයි. ඕක හරි ලස්සන මාතෘකාවක්. කතා වෙන්න දේවල් නම් එමටයි. මම මේ බැලුවේ ගොඩක් අය කැමතියි තමන්ගෙ විවාහය අමුතු ...

ආයි ආයි ආපි ඔන්න නිවාඩු කාලේ! 7

අද දෙසැම්බර් නව වෙනිදා. හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්. නිකං පියාඹනව වගේ… පිස්සු! හිතේ තියෙන සැහැල්ලුව නැතිවෙලා හුඟක් කල්. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි උසස් පෙළ නිසා. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැමදේම උසස් පෙළට බැර කරන්න බෑ තමයි. ඒ වුනාට ඉතින් ඒකෙන් ගොඩ ගියේ නැතිවුනොත් ඉතින් (ලංකාව ඇතුළෙ) ජීවිතේ විනාසයි!

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්… 9

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්… මේ දවස්වල ජීවිතේ ගැන කතාකරොත් පුදුම… අනේමන්ද වචනයකින් විස්තර කරන්න බැරිම අරුම පුදුම හැඟීම් සමුදායක හිරවෙලා ඉන්න කාලයක්. වාර විභාගයත්, කලා උළෙලත්. සාහිත්‍ය තරග දිනයත් අත ළඟ. එක පැත්තකින් කලාව. අනිත් පැත්තෙන් විද්‍යාව. තවත් පැත්තකින් ආදරය. මේ තුනම ගඩොල් තුනක් වගේ ගත්තොත්, ඒ උඩ ගානට තියපු හට්ටියක හොද්දක් වගේ මම ...

ඉස්කෝලෙදී… 15

මේ දවස්වල කට්ටියම තම තමන්ගෙ උසස් පෙළ ඉතාමත් ඉහළින්ම සමත්වෙන්න පුදුම උත්සාහයක. ඔය එක එක වැඩවලට ගණිත පංති ළඟින් යනකොට ඒවාටත් හොට දාගෙන යන‍කොට සමහර පන්ති වල ගුරුවරු නැති වුනත්, කට්ටිය කිසි සද්දයක් බද්දයක් නෑ. ඔළුව නවාගෙන ගණං හදනවා. ටියුට් බලනවා… එක එක වැඩ. හැබැයි තාම ඔය ලෙ‍ඩේ අපේ පන්තියට නම් බෝ වෙලා නෑ. අපේ ...

අද හරි පුදුම දවසක් 17

අද හරි පුදුම දවසක් වුනේ අමුතුම යමක් අහම්බෙන් හමුවූ යමෙක් වෙතට පිදුනයි ‍සොඳුරු ආදරයක් හමුවී බොහෝ කල් ඇතත් අපේ ලංවීම නොදැනුනත් හිතට හොර රහසේ ලංවුනත් කරනට වුනේ සීමා පමණ මිතුදමකටත් ෆේස්බුක් පණිවිඩයක් ස්කයිප් ඇමතුමක් අකුරු ඇමතුමක් වුනේ මා හදගත් ඇති වූ නමුත් අදහසක් නොපැවසී ඇයට කිසිවක් ඇය තුළත් අදහසක් ඇති වී ඇතැයි සිතුවත් කලින් මා ...

ජීවත් වෙලා මක්කටෙයි? 12

අපිව මේ ලෝකයේ ජීවත් කරවන කරුණු කාරනා කිහිපයක්ම තියෙනවා කියලා මට මතක් වුනේ කෑමෙන් පස්සේ දත් ටික මැද මැද ඉන්නකොට. දත්ටික නැත්තං ජීවත් වෙලා හමාරයි වගේ තේරුමක් දත් ටික මැද මැද ඉන්නකොට හිතට ආවත්. මනුස්සයා කියන සතා දස්සයා නිසා දත්ටික බඩට යන්න පාරක් වැදිලා හිටියත් බටේකින් හරි ආහාර අරගෙන ජීවත් වෙන්න ට්‍රයි කරන නිසා… දත් ...

හමුවෙමු අපි මතු සසරක – අලුත් උදෑසනක 6

රාත්‍රිය නිසලමුත්, සිත තාම චංචලයි. මිනිස් කය නිසලමුත්, සිත තාම චංචලයි. සුදෝ සුඳු සඳ රිදී රළ පෙළ කවුළුවෙන් ඇස තුළට වැදී තෙරපී හඬා… කළෙත් මා සිත අවදි, සිත කෙළේ කය අවදි. සුරත් ගත් මිතුරු පන්හිඳ, සරත් සුදු පත්ඉරුව මත. සිපගනිමින්… නමුත් සොඳුරිය, වත නුඹේ ඔය, නොලද්දෙමි අවසර සිඹින්නට. නමුත් මා සිත තුළ ‍නුඹේ වත රුව, ...

අද ඉරිදා… හෙට සඳුදා… ඉස්කෝලේ පළවෙනිදා… 32

මේ පරණ ළමා ගීතයක් නෙව. ඔන්න ඒකත් මටම කොහොමහරි හරියටම ගැළපුනා. ඔන්න උසස් පෙළ නීත්‍යනුකූලව පටාන්ගන්නයි මේ හදන්නේ… දැන් ඉතින් දුවපං ඉස්කෝලේ! ළඟදී හරියට මුකුත් ලියන්න බැරිවුනා. ඒකට නම් හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි කවි, කතා ලියන්න උත්ප්‍රේරකයක් වෙච්ච දේත් නැතිවුනා. මට කලින් මට වඩා ලක් කාරයෙක් ඔන්න උරුමකම් කියලාලු… කමක් නෑ ඉතින්… මොනවා ...

අටවක පුතාලයි-මායි 27

පහුගිය බදදා දවසක පන්තියට වේලාසනින් ගියේ එක්තරා ආකාරයේ වැඩකට වුනත් කවුරුවත්ම පන්තිය ළඟ හිටපු නැති නිසා කෙලින්ම සරසවියට ගි‍යේ පොතක් දෙකක් ගන්නම හිතා ගෙන නම් නෙවෙයි. හුඟ කාලෙකට කලින් ඉඳලාම “ආනන්දවර්ධන” මාමා විසින් රෙකමදාරු කරලා තිබ්බ “අටවක පුත්තු” පොතයි “මාස්ටර් සහ මාගරීටා” පොතයි දැකලා ඒක ගන්නමයි කියලා හදවත වද දුන්නා. ළඟදී තිස්ස ඉඳලා යාලුවෙකුගෙන් උස්සගෙන ...