ඉර හඳ යට බඹර වළල්ල සහ අතුරු කතා 5

ඉර හඳ යට බඹර වළල්ල සහ අතුරු කතා
මේ කතාව ළඟදි ආපු අලුත් සිංහල චිත්‍රපටි දෙකක් ගැන. එකක් බෙනට් රත්නායකගේ “ඉර හඳ යට” වෙන අතරෙ, අනිත් චිත්‍රපටිය අතුල ලියනගේගේ “බඹර වළල්ල” චිත්‍රපටි දෙකම නරක නෑ. සමහර විට මේ චිත්‍රපටි දෙකම සිංහල වාණිජ සිනමාව අලුත් පාරකට ගෙන යන චිත්‍රපටි දෙකක් වෙන්න පුලුවන්. හැම දෙයක්ම ක්‍රමිකව විකාශනය වෙන්න ඕනෙ. එහෙම නැතිනම් ඒකෙ අගයක් නෑ. භෞතික ...

අවුරුදු දෙකක බ්ලොග් කෙරුවාව 39

කාලයක්ම බ්ලොග් අවකාශයේ නිහඬව හිටියා නෙව. ඒත් දැන් නිහැඬියාවට තිත තියන්න ඕනෙ කාලෙ ඇවිත් කියලයි හිතෙන්නෙ. මං හිතන්නෙ මාස දෙක තුනකින් හරියට කෙටි කතාවක්වත් ‍ලිව්වේ නැති තරම්. ඉතින් ඔය ඉන්න එකේ ඒවත් ඉඩ තියෙන තියෙන විදිහට ලියන්න ඕනෙ. මාතෘකාවෙන් පිට යාම මගේ සිරිත නිසාම මුලින් කිව්වෙම මාතෘකාවට එච්චර අදාළ නැති දෙයක්. බ්ලොග් අවකාශයේ නිහඬව ඉන්න ...

බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව 6

පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා ...

ආන්ත්‍රාවයි, ෆේස්බුක්! 23

ආන්ත්‍රාවයි, ෆේස්බුක්!
සංගීත වීඩියෝවක් හරහා ජනප්‍රියත්වයට පත්වුන එක්තරා නිරූපණ ශිල්පිනියකගේ පෞද්ගලික ඡායාරූප විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් වෙලා කියල ලොකු සංවාදයක් මීට දින කිහිපයකට කලින් අන්තර්ජාලයේ ඇතිවුනා. ඇය සතුව ඇත්තේ නරක චරිතයක් ආකාරයෙන් ඇයගේ චරිතය පිළිබඳව නොයෙකුත් දෙනා ඒ ගැන කතාබහ අරගෙන ගිහිල්ල තිබුන බවයි පෙනුනේ. පසුව මේ ඡායාරූප නිකුත් වීම පිළිබඳව තොරතුරු සෙවීමෙන් දැනගැනීමට ලැබුණ කාරණයක් වුනේ, ...

ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනය අදයි… 7

ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනය අදයි...
අන්තර්ජාල පරිශීලකයින් වශයෙන් මෙන්ම, දුරකථන, ජංගම දුරකථන භාවිතාකරුවන් ලෙසින් අද අපට සුවිශේෂී දිනයක්. මාතෘකාවේ යොදා ඇති ලෙසින්ම අද (2008 මැයි මස 17 වැනිදා) ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනයයි. කෙසේවෙතත් ලංකාවේ තොරතුරු සන්නිවේද‍නයේ වේගවත් භාවය හා නිති පතා වර්තාවෙන සබඳතා බිඳ වැටීම් නිසාවෙන් බොහෝ පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. නමුත් විදුලි සන්දේශන සේවයේ වැදගත්ම අංශය වන අන්තර්ජාල පහසුකම ...

වෙබ් අඩවියට ප්‍රචාරය

මා කලින් ඔබට සඳහන් කරන ලද විදිහට වෙබ් අඩවියකින් ඔබට ඇති ප්‍රයෝජන බොහොමයි. ඔබේ අදහස් ලෝකය පුරාම ප්‍රචාරණය කරන්න, ඔබේම රසික පිරිසක් ඇති කරගන්න විතරක් නෙවෙයි තවත් බොහෝ දේ පුළුවන්. ඔබ දන්නවාද? ගූගල් වෙබ් අඩවිය මුලින්ම නිර්මාණය කරන ලද්දේ ගරාජයක් ඇතුලේ ඉඳගෙන කියලා? දැන් ගූගල් කියන්නේ ලෝකයේම ප්‍රචලිත, වැඩිම ආදායම් ලැබෙන වෙබ් අඩවි ජාලයක්. දැන් ...

ඔබේම අන්තර්ජාල නිවහනක්! 6

කවුද අකමැති තමන්ගේම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න.  ලෝකයේ වෙබ් අඩවි අතුරින් තමන්ගේම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරගෙන් අන්තර්ජා‍ලයේ තමන්ගේම අනන්‍යතාවක් නිර්මාණය කරගැනීම තුලින් වාසි රැසක් හිමිවෙනවා. ඒ වගේම, සල්ලි හොයන්නත් පුළුවන් කියලා අමතක කරන්න එපා 😀 . අන්තර්ජාලයට මේ වන විට දිනෙන් දින තොරතුරු රාශියක් එකතුවෙනවා. මේ විනාඩිය තුලදීත් අන්තර්ජාලයට එක්වන දත්ත ප්‍රමාණය ගණනය ...