ආයි ආයි ආපි ඔන්න නිවාඩු කාලේ! 7

අද දෙසැම්බර් නව වෙනිදා. හිතට දැනෙන්නෙ පුදුම සැහැල්ලුවක්. නිකං පියාඹනව වගේ… පිස්සු! හිතේ තියෙන සැහැල්ලුව නැතිවෙලා හුඟක් කල්. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි උසස් පෙළ නිසා. ඔක්කොම කුණු බේරෙ වැවට වගේ හැමදේම උසස් පෙළට බැර කරන්න බෑ තමයි. ඒ වුනාට ඉතින් ඒකෙන් ගොඩ ගියේ නැතිවුනොත් ඉතින් (ලංකාව ඇතුළෙ) ජීවිතේ විනාසයි!

සිස්ටම් එක සහ තවත් කතා 11

කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් ලිපියක් ලියන්නෙ. කොච්චර ලියන්න හැදුවත් මට මුකුත් ලියවෙන්නෙ නැති තරම්. මේ සිස්ටම් එක ඇතුළෙ වෙලාව යනව කියන දේ තේරෙන්නෙ නැති එක ‍‍සමහර වෙලාවට සහනයක්. සමහර වෙලාවට අසහනයක්. ‍ලංකාවෙ මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් ඉවරවෙනකොට තවත් ට්‍රෙන්ඩ් එකක්. බොහෝ වෙලාවට මේ ට්‍රෙන්ඩ් එක නිර්මාණය කරන්න කෙලින්ම දායකත්වය දෙන්නෙ ජනමාධ්‍ය. ඒ මට හිතෙන විදිහ. ...

ජීවි‍තේ… ජීවි‍තේ… ‍ජීවි‍තේ… 11

ජීවිතේ හරි පුදුමයි කියන්නෙ නිකමට නෙවෙයි. අද දෙසැම්බර් පළවෙනිද. උඳුවප් පෝය දවස. කලා උළෙලකුත් කරල හති ඇර ඇර ඉන්න කියාපු දවස. කොහෙද, ගෙදරින් කෑ ගහනව පාඩං කරපං කියල… ගෙදරින් කියන්නෙ, පුතේ කලා උළෙල නං හොඳයි… දැං ඉතින් තමන්ට වැඩක් කරගනිං කියල. මේක මට විතරක් නෙවෙයි. අපේ හැමෝටම අහගන්න ලැබුන දෙයක්. හ්ම්… ඔන්න ඔහොම තමයි ජීවි‍තේ. ...

ලැජ්ජාව… 25

මේ දවස්වල හිතට කිසිම නිවනක් නැත්තෙ ළඟ ළඟම එන කලා උළෙලේ වැඩ නිසා. උදේ පහට ගෙදරින් පිටත් වුනාම ආයෙත් ගෙදර එනකොට අඩුමගානෙ රෑ හත අටවත් වෙන තරම්. ඉතින් මේ වැඩ ගොඩ අස්සෙ බස් එකේ එහෙට මෙහෙට යද්දි හිතේ කාන්සිය නිවාගන්නෙ සාක්කුවෙ තියෙන ජංගම දුරකථනයෙන්. කාටවත් කරදරයක් නොවෙන්නෙ හෙඩ් සෙට් එකකුත් ගහගෙන ම‍ගේ පාඩුවේ මම මගේ ...

කිරුළට කිරුළක්! 9

කිරුළට කිරුළක්!
“මේ රාජකීය විද්‍යාලයේ මාධ්‍ය  ඒකකයේ නිල ප්‍රකාශනයයි. මෙය අප ඒකකයේ නිරන්තර සාකච්ඡා වලින් මතු වූ අදහස් වලින් පෝෂිත වූවකි. පාසල් මාධ්‍ය ඒකකයක් සතු වගකීම වන්නේ ශිෂ්‍යයින් සැබෑ මාධ්‍ය ක්‍රියාවලියකට යොමු කිරීමයි. බොහෝ සහෝදර පාසල් මාධ්‍ය සංස්කෘතිය නගා සිටුවන්නට කරන උත්සාහයට ගරු කරන නමුත් අප දකින හැටියට එය නිවේදන තරග වලට සීමා වූ වචන පමණි. මාධ්‍ය  ...

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය මෙසේ වේ. ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් ...

මොරටු කැම්පස් යාම සහ තවත් අතුරු කතා… 29

මේ දවස්වල ලියන්න කියන්න බොහෝමයක් දේවල් තිබුනත් වෙලාව සහ හිතේ ලියැවෙන වේගයේ කිසියම් වේගයේ අඩුවීමක් ‍වගේම අත ළඟ තියෙන කන පැලෙන පළවෙනි වාර විභාගයත් නිසා දැන් ලියවෙන්නෙ කියවෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ වගේම වෙනද තනිකම නිසා ලියවුනු බ්ලොග් සටහන් මීට පස්සෙ නොලියවෙන නිසාත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශතයකින් බ්ලොග් ලිපි ලියැවිල්ල අඩුවෙන්නත් පුලුවන්. ඒ වගේම මේ ලියන්නෙ ...

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්… 9

කවිය සහ ජීවිත පරික්ෂාව තවදුරටත්… මේ දවස්වල ජීවිතේ ගැන කතාකරොත් පුදුම… අනේමන්ද වචනයකින් විස්තර කරන්න බැරිම අරුම පුදුම හැඟීම් සමුදායක හිරවෙලා ඉන්න කාලයක්. වාර විභාගයත්, කලා උළෙලත්. සාහිත්‍ය තරග දිනයත් අත ළඟ. එක පැත්තකින් කලාව. අනිත් පැත්තෙන් විද්‍යාව. තවත් පැත්තකින් ආදරය. මේ තුනම ගඩොල් තුනක් වගේ ගත්තොත්, ඒ උඩ ගානට තියපු හට්ටියක හොද්දක් වගේ මම ...

ආසයි මං කැම්පස් යන්න! (කවි වගේ එව්වා…) 22

වැඩි අටුවාටීකා ලියන්න තරම් වේලාවක් නෑ. මේ තියෙන්නෙ බස් එකේ යද්දි ලියපු කවි වගේ එව්ව දෙකක්. 🙂 අබිසරු ලිය අබිසරු ලිය සුරූපිනිය රෑ මනමාලී… සියුමැළි ලිය කරන එළිය රෑ හැඩකාරී… මන බඳන නිළිය රති කරළිය රඟන කුමාරී… ආදර වෙළඳිය සලෙලුන් මත් කරන නුරාවී… සුර පුරය මවන මන නළවන මායා හැඩ කාරී… නිල්මිනි දිගු දෑසයි සොඳුරු ...

කාලෙක‍ට පස්සේ… 18

හප්පා… බ්ලොග් එක දැකපු කල්. මේ දවස්වල ඉවරයක් නැතිව කෙරෙන ‍වැඩ කන්දරාව ව‍ගේම අනපේක්ෂිතව කඩාගෙන වැටුන වයිරස් උණක් නිසා ඇ‍ඟේ පතේ අමාරුව දෙගුණයකින් තුන්ගුණයකින් වැඩිවෙලා. හරිහමං දෙයක් මේ දවස් කීපය ඇතුළත ලියවුනෙත් නැති නිසා හිත ඇතුළෙ තියෙන්නෙ පුදුම බරක්. ඔ‍ය හිත ඇතුළෙ තියෙන දේවල් ඔහේ එළියට ගලාගෙන නොගියාම හිත ඇතුළෙ ඒ ඒ දේවල් ගොඩගැහිලා බරවෙනකො‍ට ...