සැරසේන්! එල්ලවේන්!! යා!!!

ඔන්න ප්‍රථම වරට පවත්වනු ලබන සිංහල බ්ලොග් මැරතන් ඉස්ව්ව ආරම්භ කරා. දැන් ඉතින් කට්ටියම දිගට හරහට ලියන්නයි තියෙන්නේ. මෙවර බ්ලොග් මැරතන් ඉසව්ව සංවිධානය කරනු ලබන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එකමුතුකමින්, සියළුම සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන් වෙනුවෙන්. ඉතින්, කට්ටිය පෙරලගන්නේ නැතුව, සැහැල්ලුවෙන් දුවන්නයි තියෙන්නේ. එහෙනම් ඉතින් බලාගෙන ඉන්නේ? දුවමු, දුවමු…

යසරුවන් වෙනුවෙන්

එල්ලවෙන්න කලින් සැරසෙන්න!

අද තමා දවස! සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම ඉසව්ව! සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව පැවැත්වෙන්නේ අද දිනයේ බව අමුතුවෙන් කියන්න නම් දෙයක් නෑ. මෙවර සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන බ්ලොග්කරුවන් 30කට ආසන්න පිරිසක් බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වන බව දන්වා තිබීම සතුටට කාරණයක්. එමෙන්ම බ්ලොග් මැරතන් ඉසව්ව බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සියලු ...

සංවේගයෙන් දැනුම්දීමයි – යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය 2

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ...

ඔබේම අන්තර්ජාල නිවහනක්! 6

කවුද අකමැති තමන්ගේම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න.  ලෝකයේ වෙබ් අඩවි අතුරින් තමන්ගේම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරගෙන් අන්තර්ජා‍ලයේ තමන්ගේම අනන්‍යතාවක් නිර්මාණය කරගැනීම තුලින් වාසි රැසක් හිමිවෙනවා. ඒ වගේම, සල්ලි හොයන්නත් පුළුවන් කියලා අමතක කරන්න එපා 😀 . අන්තර්ජාලයට මේ වන විට දිනෙන් දින තොරතුරු රාශියක් එකතුවෙනවා. මේ විනාඩිය තුලදීත් අන්තර්ජාලයට එක්වන දත්ත ප්‍රමාණය ගණනය ...

අලුත් අවුරුදු සුබපැතුම :D 3

මේක මට ලැබුනේ අපේ අයියා කෙනෙක්ගේ ජංගම දුරකථනයක SMS එකක් විදිහට ඇතුළේ තිබිලා! කොහොමද කියලා කියවලාම බලන්නකෝ! 😀 හිසට රන්පත් (Gold Leaf 😀 ) පයට බෙන්සන් තබා, තැබෑරුමක් දෙස බලා. ඕල්ඩ් රිසර්ව් මිශ්‍ර නානු බී කබරයා දැමීම මැනවි. සුභ අලුත් අවුරුද්දක් වේවා! මේක අලුත් තාලේ සුභපැතුමක්! අලුත් අවුරුද්දට රත්වෙන අයට කියාපු සුභ පැතුම. 😀 😀

ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්! 10

බ්ලොග් මැරතන් වලට තව දින කිහිපයයි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කට්ටිය ගජරාමෙට හිටු කියලා වැඩ. හැම දෙනාම අඩු වැඩි වශයෙන් වැඩ. ඒ අතුරින් අපේ ආනන්දවර්ධන, මලින්ත, කාලිංග, වරුණ කනිෂ්ක නම් අමතක කරන්න බෑ. ඒ වගේම ඔක්කොම දමලා ගහලා ගියපු ටිරෝන්වත් (ටිරොන්ගේ අදහස හරිද වැරදිද කියලා ඔබත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය බලලා තීරණය කරන්න) අමතක කරන්න ...

ජබ් වී මෙට් (Jab We Met) 1

ජබ් වී මෙට් (Jab We Met)
ඔන්න මීට කලින් සැලසුම් කරපු විදිහටම ජබ් වී මෙට් (Jab We Met) චිත්‍රපටිය ඊයේ (2008.04.12) රාත්‍රී 9.30ට ස්වර්ණවාහිනියෙන් සිංහල උපසිරැසි සමඟින්ම නැරඹීමට හැකියාව ලැබුනා. ඇත්තෙන්ම මේ චිත්‍රපටිය සරල, එහෙත් ආකර්ෂණීය සිනමා නිර්මානයක් ලෙස සැලකීමට හැකියි. චිත්‍රපටියේ ගීත සියල්ලම ඉතාමත් වින්දනීය ආකාරයෙන් නිර්මාණය කර තිබෙන ඇති අතර එහි සියළුම ගෞරවය හිමිවන්නේ මෙම චිත්‍රපටියට සංගීතයෙන් දායකත්වය දැක්වූ ...

SPEED නියතං BANDWIDTH අනියතං 10

ඔන්න ඉතින් අන්තර්ජාලයේ භාවනා කරපු මට ඔන්න අන්තර්ජාලයේ පාවෙන්න චාන්ස් එක ලැබුනා. ගත්තා මොබිටෙල් Broadband එත් ඉතින් හිතෙන හිතෙන විදිහට පාවෙන්න නම් බෑ. මොකද ඉතින් Bandwidth එකක් තියෙනවානේ. ඒක නිසා මැණිකක් රකිනා නා රජි‍ඳෙකු සේ Bandwidth එක රැකගන්න ඕනේ. නැත්තන් ඉතින් මාසේ අන්තිමට නුගේගොඩ හන්දියට වෙලා හිඟාකන්න තමා වෙන්නේ. කොහොමවුනත් තාම මොඩම් එක ලැබුනේ නෑ. ...

සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! 2

මේ ලබන්නාවූ ශ්‍රී සුභ නව වසර සමස්ත ශ්‍රී ලාංකීය ජනයාට සෞභාග්‍යයෙන් සපිරි, සාමයෙන් සතුටෙන් පිරි සුභ නව වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. මේ නව වසරේ වාද භේද අත්හැර සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන් සේ ජාතිකාභිමානයෙන් එක්වී සාමය උදෙසා කැපවී දේශයට සාමය ළඟ කරවා ගැනීමට කටයුතු කරන්නේද, එය තුලින් අප හට ඉදිරිය යහපත්වූ සාමකාමී දේශයක් ගොඩනැගීමට අනිවාර්යයෙන් ...